Monday, January 4, 2016

රැල්ල, තරුණ පරපුර සහ මතවාද? රට යන්නේ කොයිබටද?

ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මතවාදී වෙනසකි.අද පවතින්නේ බොහොම පරිහානියට පත්වූ සමාජ ක්‍රමයක් බව රටේ තරුණ රැල්ල දෙස බැලීමෙන් තේරුම් ගත හැක. පලදාවක් නැති දෑ ගැන බොහෝ ප්‍රබෝධමත්ව කතා බහ කරන ඔවුහු සාහිත්‍ය,කලාව,රසාස්වාදය ගැන මෙලෝ හසරක් නොදනිති. තර්කයට ඔබින දෑ වටිනා දෑ සමග දැනුම ඔවුහු ළඟ නැත්තේමය. හුදෙක් හර සුන් අරුත් විරහිත දෑ පසුපස පන්නන සමාජය තුල විචාර බුද්ධිය යනු හුදෙක් කට වචනයටම සීමා වුවක් බව පසක් කරයි.

බොහෝ තරුණ කොටස් අද දින අලවි වන්නේ වෙළඳපල අලවි වන භාණ්ඩ හා සේවා පරදවා ය. ඔවුන් අලවි වන්නේ දේශපාලන කණ්ඩායම් මත අතකොලු ලෙසය. තරුණ ජවය අවිය කොටගෙන සියලු දේශපාලකයින් අද ආගම්, ජාතින් භේද කරවමින් සිය දේශපාලන අභිමතාර්ථ සපුරාගැනීමට අහිංසක තරුණ පරපුර බිලිගනිමින් සිටීම ඉතා ඛේදනීය වන අතර එයින් මිදීමට තරුණ පරපුර ශක්තිමත් නොවීම දුර්භායකි.

ඒ සඳහා හේතු ලෙස, අධ්‍යාපනය පිරිහීම සහ අඩපන කිරීම කාලයක සිට දේශපාලන උවමනා මත සිදුකිරීම නිසා වූ අතුරුපලයක් ලෙස මට හැඟෙයි. ඉතිහාසය නොදත් සාහිත්‍යය කලාව සහ රසය නොදන්නා තැනකට පත්කළ පරපුරකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද යන්න ද ගැටළුවකි.

පන්සල / පල්ලිය හුදෙක් දේශනා වලට මිස ආධ්‍යාත්මය දියුණු කිරීමට උදව් වන ස්ථාන නොවීම මගින් තව දුරටත් මේ පරිහානිය සීග්‍ර කිරීමක් සිද්ධ වේ. ආගමික නායකයින් සියලුම දෙනා තමන්ගේ ආගම දේශනා මගින් කියාදීම පමණක් නොව ආගම තුල වන හරය ඉතා සරලව කියන්නේ නම් මේ විනාශය මීට වඩා යම්තාක් දුරකට හෝ අඩු කරගත හැකිව තිබුණු අතර තවමත් ඒ සඳහා ප්‍රමාදයක් මම නම් දකින්නේ නැත.


කැමැත්තෝ සිතත්වා.. දකිත්වා..