මගේ පරණ අතීතේ අයෙමත් අවුස්සපු කතාවක් පිණිබිඳු මෙන්න මේ පොස්ට් එකේ දාල තිබ්බා. ඉතින් ඔය කතාව කියෙවනකොට මට මතක් උනේ මගේ පරණ ඉස්කෝලෙන් පනින කතා වස්තුව.
මේ මම 10 පන්තියේ ඉන්න දවස්වල. අපේ ඉස්කෝලේ තියෙන්නේ නුවර ටවුමේ තියන උසම තැනක. සුමංගල කිව්වම දන්නා අය දන්නවා ඇති නේ? අපේ ඉස්කෝලේ පිටිපස්සේ තියෙන්නේ බහිරව කන්ද. එක පැත්තකට වෙන්න ඉස්සරහ වට ගාව ඉඳල වගේ තියෙන්නේ පොලිස් නිල සුනඛ අංශය. අනිත් පැත්තෙන් බුදු පිළිමය එක්ක අඩවි වන කාර්යාලය. හැබැයි මේක තියෙන්නේ ඉස්කෝලේ පැත්තකින් පිටිපස්සට වෙන්න. පොලිස් නිල සුනඛ අංශේ ඉවර වෙනවත් එක්කම ලොකු උස කන්ද. හරියටම ඉස්සරහින් සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රථමික අංශයේ පිට්ටනිය. ඔන්න ඔහොමයි පිහිටීම තිබ්බේ.
දන්නවනේ 10 වසරේ ඉන්නකොට ඉතින් ආයේ ඔය වගේ වැඩක් කියන්නේ එක මාරම පොර සීන් එකක්. පනින්න දන්නා එවුනුයි නොදන්නා එවුනුයි කියන්නේ නිකම් අර හඳට ගිහින් ඇවිත් ඉන්න උන් එක්ක නිකම් උන් ඉන්නවා වගේ ආතල් වීර ක්‍රියාවක් කරපු උන් අවා වගේ, නැත්තන් අද වගේ සුපර් ස්ටාර්ල අවා වගේ තමා. ඉතින් අපිත් ඔන්න ඉස්සරලාම පනින්න සෙට් උනා. දැන් ඉතින් අර පොත් බෑග් එක අරන් යන්නත් ඕනේ. පනින්නත් ඕනේ. මාට්ටු නොවී ගෙදර යන්නත් ඕනේ. ඔන්න තත්වේ. අපි ඉතින් නිකම් ඉන්නගමන් පනින්න පුළුවන් තැන් ගැන පොඩ්ඩක් ඇහැ ගහල බලන එක පුරුද්දක් කරගත්තේ පනින්න තියන ඕනේ කමට වඩා පොර වෙන්න තියන ඕනේ කමට. ඉතින් එදා අපි තෝරාගත්තේ බහිරව කන්දෙන් පනින මහා මෙහෙයුම.
ඉතින් දැන් තැන් තෝරලා කට්ටිය 3 දෙනෙක් ලැස්ති උනා මේ මහා වීර ක්‍රියාව කරන්න. අපේ හෝල් එක තිබ්බේ ඉස්කෝලේ දකුණු පැත්තට වෙන්න. එහෙට කිට්ටුව පනින්න තැන් දෙකයි තිබ්බේ, එකක් සිල්වෙස්ටර් එකේ පිට්ටනිය මැදින්. අනික බහිරව කන්දේ කැලේ මැදින්. අපිට වැඩිම කිට්ටු බෝඩර් එක උනේ බුදුපිලිමේ පැත්ත. ඒකට යන්නත් නැටුම් හෝල් එක ඒ අතර තියන හිස් බිම් තීරුව පනින්න ඕනේ. ඒ පැන්නත් කන්ද දිගේ නගින එක හෙනම අමාරුයි, වෙන මොනවත් නෙවෙයි පාර තිබ්බට උඩට යනකම් යන්නේ මොකාද කියල අපේ බිල්ඩින් එකේ තුන් වෙනි තට්ටුවට යනකම් පේනවා. ඉතින් එකත් පන්නන්න ඕනේ. එතන 6 පන්තියේ හෝල් එක. ඊට පල්ලෙහා 7 අන්තිමට 8. 8 උන්ට නම් පෙන්නේ හිස් ඉඩ ටික පනින එක විතරයි. එත් ඉතින් සර් කෙනෙක් දැක්කොත් ජල ගුටි සමග පරිප්පු නේ..
කොහොම හරි මේ සීන් එක අමි එකේ මිෂන් එකක් තරමටම අමාරුයි. ඉතින් ඔන්න අපි ඇහැ දාගෙන ඉන්නවා පනින්න දවසක් එනකම්. අනේ එක දවසක ඔන්න ඉස්කෝලේ ගුරු රැස්වීමක්. එදාට ඉතින් 12.30 ඔක්කොම සර්ල ටීචල යනවා ඒකට. ආයේ ඉවර වෙන්නේ 1.30 ට ඒ කියන්නේ ඉස්කෝලේ අරිනකොට. ඉතින් ශිෂ්‍ය නායකයෝ තමා පන්ති බලාගන්නේ. අප්පා එදාට උන්ගේ ගණන්..
එදා හවස 11 වෙද්දීම අපි නිව්ස් එක දන්නවා අද රැස්වීම කියල. ඉතින් බඩුම තමා..කට්ටිය සෙට් වෙලා යන්න. මල කෙලියයි.. කොල්ලෝ 10 පනින්න සෙට් වෙලා. කට්ටියක් සිල්වෙස්ටර් එකේ පිට්ටනියට යන ලොකු කානුවෙන් පනින්න යනවා. කානුව කිව්වට හිතන්න එපා මේක මහා ජරා කුණු කානුවක් කියල. හොඳට සුද්ද කරලා තියන අඩි 6 විතර ගැඹුර අඩි 3 විතර පළල කොන්ක්‍රීට් කරලා බිත්ති මැදපු අගලක් එක. එකේ තමයි ඉස්කෝලේ ඔක්කොම වැහි වතුර ගලාගන යන්නේ. ඒකට පනින එකත් වෙනමම ගේමක් තමයි. අපි සෙට් වෙලා හිටියේ බහිරව කන්දෙන් පනින්න. අපේ පාරේ තියෙන්නේ කැලේ මැදින් ගිහින් කඳුරට සේවේ අයිනෙන් ඇවිත් පාරට එන්න. එන පාරේම බාලිකා පාසල තියන හින්ද එක තව ආතල්. ඉතින් දැන් ඔන්න අපි සෙට් දෙකම සෙට් වෙනවා හරියට හඳට යන උන් වැඩේට සෙට් වෙනවා වගේ. පොත් වැඩි උන් ඒවා පන්තියේ හංගනවා. සමහරු යාලුවන්ගේ මලු වල ඔබනවා. සමහරු කබඩ් ඩෙස්ක් අස්සේ දානවා. එක විකාරයයි. ඔක්කොම සෙල්ලම් ඉන්ටර්වල් එකේ කරන්නත් වෙනවනේ. නැත්තන් පනින්න වෙන්නේ නා. මොකද ශිෂ්‍ය නායකයෝ 12.10 විතර වෙද්දී එනවා. උන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි.
ඔන්න වෙලාව අවා, 12.20 එනවුන්ස්මන්ට් එක දුන්න ඔක්කොම ගුරුවරුන්ට. අපේ හිටිය සරුත් පැවරුමක් එහෙම දීල යන්න ගියා. ගීය ගමන්ම අපේ ඔත්තු බලන එකාගේ හස්ත සන්යාවෙන් අපි සෙට් එක බිල්ඩිමේ කොරිඩෝර් එකට පැනගත්ත..දැන් ඉතින් පොත් මලු අතේ අරගෙන පොඩි කොට බිත්ති වලට මුවා වෙවී අපි දැන් ඉදිරියටම යනවා.. හරියට අර කිලිනොච්චි අල්ලන්න හමුදාවෙන් යනවා වගේ. එකම දේ අපි වෙපන් අරන් යන්නේ නෑ .. නමුත් ගමන එකයි. හැංගි හැංගි. සෙට් එක දෙකට කැඩිලා එක සෙට් එකක් පස්සෙන් එන තර්ජන බලන ගමන් ඉස්සරහින් යන උන්ගේ හස්ත සන්යා වලට ඉස්සරහට යනවා. අනිත් උන් ඉස්සරහ තත්වේ අනුව පාරවල් හදාගෙන ඉස්සරහට යනවා.
කතාව තව දුර යනවා.. හිතුවට වඩා පොස්ට් එක දිග වෙන්න යන්නේ.. එක හින්ද ඉතුරු ටික ඊලග පොස්ට් එකේ දාන්නම්.
ඉස්කෝලෙන් පනින එකත් මරු වඩේ. මාත් හරිම ආසයි ඉස්කෝලේ තාප්පෙන් පැනලා ගෙදර යන්න. දවසක් මාත් ඉස්කෝලෙන් පැනලා ගෙදර ගියා. එදා නම් ඉස්කෝලේ තාප්පෙන් පැන්නේ.
ReplyDeleteපස්සේ පස්සේ ඉස්කෝලේ හිටපු ශිෂ්‍ය නායකයෝ සෙට් කරගෙන ඔෆීශියල් විදිහට ගේට්ටුවෙන්ම පැන්නා. එහෙම පැන්නේ නැත්නම් ගම්පහට යන කෝච්චිය අල්ලනවා බොරු. මොකද කෝච්චිය ඉස්ටේශන් එකට එන්නේ 2.10ට ඉස්කෝලේ ඉවර වෙන්නේ 2.00ට ඉතින් විනාඩි දහයට ඉස්ටේශමට එන එක හිතන්නවත් බෑ.
මම නම් ස්කෝලෙ තාප්පෙන් පැනලා තියෙන්නෙ 2,3 පාරයි. අනිත් හැම පාරම බෑග් එක තාප්පෙට උඩින් පාරට දාලා මේන් ගේට් එකෙන්ම කිසිම දෙයක් දන්නෙ නෑ වගේ එළියට යනවා. බෑග් එකක් නැති නිසා සැක හිතන්නෙත් නෑ!
ReplyDeleteඅඩේ මම නම් තාප්පෙන් පැනලම නැහැනේ.. :/
ReplyDeleteමදුරංග මල්ලි..
ReplyDeleteඅනිවා, බලන්නකෝ අපිට වෙච්ච සීන් ටික,..
විසිතුරු | visituru
පනින එකේ අතල් එක පැනලම බලන්න ඕනේ. මුලදී මුලදී ඔය විදියට පැන්නට පස්සේ පස්සේ ෆුල් ඩීසන්ට් කතා සෙට් එකක් තියනවා. කියවන්න එන්නකෝ..
චම්මා.
අෆ්ෆා පැනලම බලන්න ඕනේ එකේ ආතල් එක.
පිණිබිඳුගේ පෝස්ට් එකත් කියෙව්වා සෑහෙන දවසකට කලින් කොමෙන්ට් එකක් දාන්න කියලා හිටියට මොකෝ ඒක මඟ ඇරුනා. අම්මෝ ස්කෝලේ කාලේ කොරපු වැඩ. මතක් කර කර තනියම හිනා වෙන්න පුලුවන්. ඉක්මනට ලියමුකො ඉතුරු පාර්ට් එක. ලස්සනම හරිය ඒ කෑල්ලේ වගේ....
ReplyDeleteගොඩයා මල්ලි.. සාදරයෙන් පිලිගන්නවා ඔයාව මගේ පුංචි කොලමට.. අපි ඔක්කොම එක බෝට්ටුවේ තමා මම දැක්කනේ ඔයාගේ බ්ලොග් එකත් කොනක ඉඳලම හිකිස්...
ReplyDeleteහප්පා ඉතුරු ටිකත් ඉක්මනට ලිව්ව නම්.... අපිත් ඉස්සර ඔය නිල සුනඛ අංශයට උඩින් තියන පොඩි පිට්ටනියට එනවා පිට්ටනියක් හොයා ගන්න බැරිම උන දාට
ReplyDeleteඉස්කෝලෙ කාලෙ නම් හරිම සුන්දරයි. ඒ කාලෙ කරපු පිස්සු වැඩ නම් කියල වැඩක් නෑ. පන්තියම ගුටි කෑවත් දුකක් නෑ.
ReplyDelete@ සංජු.. හ්ම්ම්.. පොඩි පුස්තකාලේ එක්ක තියන පිට්ටනිය නේද ඔය කියන්නේ? ඒ කියන්නේ සැහෙන්න ලඟපාත කෙනෙක් වගේ..
ReplyDelete@ පිනිබිඳු : අපොයි ඔය වගේ දේවල් නම් ඕනේ තරම් උන.. කතා සෙට් එකම ලියන්න හිතන් ඉන්නේ. එන්නකෝ මේ පැත්තේ.. මේ ටික ඉවර උනාම කියන්නම් පන්ති පිටින් කරපු මගෝඩි වැඩ ටික. ඔයාගේ පොස්ට් එකට ස්තුති.. මගේ මතකය සේහෙන ඈතට ගෙනිච්චට
චී චී.. කැතයි වැඩේ.. මං නම් මෙවුව කියවන්නේ නැහැ. මාත් නරක් වෙනවා.
ReplyDeleteලංකාප්‍රිය අය්යා. කොහොමද දැන් ? අසනීපෙන් වග තේරුණා කොමෙන්ට් වගයක් දැකල,.. කොමෙන්ට් එක මොකද පරක්කු කියල මන් මේ බලන් හිටියේ..
ReplyDeleteඊළඟ කොටසත් බලමුකො
ReplyDelete