Tuesday, September 27, 2011

ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - II


මේ පොස්ට් එක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් කියවල එන්න. ඉතින් කලින් පොස්ට් එකේ කිව්වනේ කොහොමද අපි පන්තියෙන් පැනල කොරිඩෝර් දිගේ ගිය හැටි කියල. ඔන්න ඉතින් වැඩිය අතුරු අන්තරා නැතිව අපි 8 සෙක්ෂන් එකෙන් එලියට යන දොරට කිට්ටු උනා. දොරක් කිව්වට මේකේ තියෙන්නේ අර ස්ටේෂන් වල තියන දැල් දැල් යකඩ දොරක්.. මේ දොරෙන් එළියේ දකුණු පැත්තට වෙන්න ප්‍රයිමරි සෙක්ෂන් එක. ඉස්සරහ නැටුම් කාමරේ. ඒ අතරේ  එලියට පැනල දකුණු අත පැත්තට දුවගෙන ගිහින් කන්ද නගින්න තියෙන්නේ. මේ දොරෙන් එලියට යන්න තියෙන්නේ අර කිව්ව මහා කානුව උඩින් තියන පාලමකින් එගොඩ වෙලා.

හරි.. එකෙක්වත් නෑ කියල සිග්නල් එක අවා. කට්ටියම ඉස්සරහ තිබ්බ දොරෙන් පැනල එතන තිබ්බ පොඩි පිට්ටනිය හරහා දුවගෙන ගිහින් උඩට යන පාරේ දුවන්න ගත්ත.. ඒ එක්කම පිටිපස්සෙන් සද්දයක් අවා දුවපන් දුවපන්.. ඔන්න පොලිසියෙන් එලවනවා කියල. ශිෂ්‍ය නායකයෝ සෙට් එක අපිව දැකල ටීම් එකක් ඩිප්ලෝයි කරලා අපිව අල්ලන් එන්න. උන් ටික ඒ හරියට එද්දී අපි කන්දේ බාගයක් නැගල. අපි ඒ ආව ගැම්මෙන්ම වැටෙන් රිංගලා කැලේට පැනගත්ත. වැට කිව්වට කටු කම්බි වැටක් තම තිබුනේ. එකේ එක තැනක කම්බි ටික කපල ගිනිසීරියා කණුවක ගැටගහල පොඩි ගේට්ටුවක් හදල තිබ්බේ. ඔන්න හිතාගන්න එක කොච්චර ප්‍රසිද්ධ පාරක්ද කියල. ඉතින් එතන කලේ වැවෙන්න දෙන එක අපි නිතරම කරපු දෙයක්. මොකා කිව්වත් සුද්ද කරන්නේ නෑ එතන නම්. ඔන්න ඉතින් එතනින් පැනල මාන කැලේ මැදට රින්ගගත්ත. මාන පඳුරු අඩි 4 ක් විතර උසයි ඔය හරියේ. අපි ඉතින් ඕක මැදින් යනවා.. අයෙමත් අර මිෂන් එකක ආමි එකේ සෙට් එකක් යනවා වගේ.. ඔලුව හරිය විතරයි පෙන්නේ.ඔතනින් ගියාම හරි විදියට වැටෙන්න ඕනේ අඩවි වන එක ලගට. 

යනවා යනවා අඩවි වන ඔෆිස් එක පෙන්න නෑ. එත් දැන් දකුණු අත පැත්තේ ගෙයක් පේනවා පල්ලමට වෙන්න.  දැන් ඉතින් පාරට යන්න නේ ඕනේ. ඉතින් ඔන්න ඔහේ ඕනේ එකක් කියල ගියා ඒ පැත්තට. ඒ වෙද්දී මාන කැලේ ඉවරයි. දැන් තියෙන්නේ තණකොළ නැති පයිනස් ගස් කැලේ. අප්පට සිරි.. පොලිසියේ දෙන්නෙක් පේනවා.. ටිකක් දුරට වෙන්න. ලස්සනම වැඩේ කියන්නේ උන්ටත් අපිව පේනවා. එත් ගස් අස්සෙන් දුවන හින්ද හිතාගන්න බැරිවෙන්න ඇති මොකද්ද වෙන්නේ කියල. ඉතින් අපි සෙට් එකේ උන් ගස් වලට මුවා වේවි කොහොම හරි එතනින් මාරු උනා. යනගමන් අර ගෙදර දිහත් බලන්න අමතක කරේ නෑ. අප්පා.. එකේ ගහල තියනවා දිස්ත්‍රික් මහාධිකරණ නිල නිවස කියල,.. මදැයි කොලා.. පොඩ්ඩෙන් නම් කේස් එක උසාවි..

ඔයින් මෙයින් අපි ඉතින් පාරට අවා. හරියටම කඳුරට සේවේ ඉස්සරහට කට්ටිය කඩන් වැටුනේ.. දැන් ඉතින් කලිසම් වල තිබ්බ මඩ වල් කොළ, ආදී නොයෙකුත් එව්වා ගසා බසා දාල ඉතින් පල්ලහට බහින්නයි සුදානම. කොහොමද මචන් බේරුනා බේරිල්ල නේද? කියා කියා කස්ටිය පුරසාරම කියව කියව දැන් එනවා, ලඟම කෙල්ලන්ගේ ඉස්කෝලේ පුෂ්පදානේ.. කොල්ලනේ කලිසම් වල මඩ එහෙම සුද්ද කරගනිල්ල.. ඔන්න එකෙක් කෑගහනවා.. ඉතින් අපි පුෂ්පදනේ ඉස්සරහින් ජයග්‍රාහීව යනවා ගේට්ටු කණු ඇතුලේ ඉඳන් හුල්ලන කෙල්ලන්ගේ ඉරිෂියාවට ගොදුරු වේවි.. 


එතනින් පල්ලහට එද්දිම වගේ මම දැක්ක තව සෙට් එකක් එනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක පැත්තේ පාරෙන්. උන් එන විදියටනම් පැන්න වෙන්න බෑ. එහෙන් පැන්නොත් අනිවා යන්නේ රේල් පාරේ.. රේල් පාර තරං අධි ආරක්ෂක කලාපයක් මුළු නුවරම නැතුව ඇති පනින එවුන්ට.. කෙලින්ම කාටත් නොපෙනී ගුඩ්ෂෙඩ් හරි ටවර් එකට හරි යන්න පුළුවන් ඊසිම පාර ඒක. ඉතින් මම ඇහුව මල්ලි කොහෙද ඔයගොල්ලෝ මෙහෙ කරන්නේ? 


ඇයි අය්යා දන්නේ නැද්ද? ඉස්කෝලේ ඇරියනේ කලින්? අපි ගෙදර යනවා... අය්යෝ........ මට එතන ඉඳගෙන වහ කන්න හිතුනා........ අපි පැය එක හමාරක් විතර කට්ට කාල පැන්නේ මේකටද බොලවූ?


12 comments:

  1. අප්පා අයියේ කියන්න තියෙන්නෙ ඉතින් අයියෝ සල්ලි කියලා තමයි.......
    මම ඒකනේ කිවේ කලින් පොස්ට් එකෙත් අග තමයි රස කියලා. බලාහිටියේ මේ කෑල්ල දානකම්....
    කිචවෙලා මැරෙනවා කීවලු මොකෙක්ද එකෙක්.......

    ReplyDelete
  2. @ පිණිබිඳු : අය්යෝ.. එකනේ පිණිබිඳු.. වස කන වැඩක්නේ උනේ..

    @ ගොඩය මල්ලි..: කියල වැඩක් නෑ.. කිච වෙලා මැරෙන්න තමා වෙන්නේ උන් දැනගත්තනම් අපි මේ පැනල එන ගමන් කියල, ඇයි දෙය්යනේ පට්ට පරිප්පුවක් කාල පල්ලෙහට අවම මෙන්න බොලේ ඉස්කෝලේ ඇරලා...

    ReplyDelete
  3. යකෝ දැන් බැලුවම මේ ජංජාලේ ඉන්නෙම ඉස්කෝලේ කට් කරපු හොරෙන් පැනපු අයමනේ.. අපොයි.. මුන් ටික කොහොමද මන්දා විභාග පාස් කරලා තියෙන්නේ.. මං හිතන්නේ අකුරු කියවන්න බැරි හින්ද ඔහේ පාස් කරලා දාන්න ඇති..

    ReplyDelete
  4. ඉස්කෝලේ ඇරෙන වෙලාවටම මහන්සියෙන් පැනලා. අපරාදේ මහන්සිය. ඔය නුවර මාතලේ කෝච්චිපාර නම් මරු. කාටවත් පේන්නේ නෑ.

    ReplyDelete
  5. @ ලංකාප්‍රිය අය්යා. ඒකනේ කියන්නේ.. එකපාරක් මම ඩිග්‍රී ක්ලාස් යනකොට මගේ නෙට්වර්කින්ග් සර් ඇහුව ආර් යු නිව්? කියල සෙමෙස්ටර් එක මැද්දෙදි... ඒ අහලත් පන්තියේ ගොඩ වෙලාවට මම නෑ. අන්තිමට නෙට්වර්කින්ග් ඩී ප්ලස්.. එතකොට සර් අහනවා වට් හැව් යු ඩන්? කියල..

    @ මදුරංග මල්ලි : ඔය පාරෙන් පනින්නේ අපි මේන් ගේට් එකෙන් ඩීසන්ට් එකේ ආවාම ඉක්මනට බස් එකට යන්න. කෙලින් පාරනේ. එත් ගඳ තමා ඉවසන්න බැරි..

    ReplyDelete
  6. ගොඩවුනා විතරය්, කොටස් දෙකක් කියල දැක්කම කියෙව්වෙ නැහැ කියෝලම අදහස් කියන්නන්

    ReplyDelete
  7. එකනේ, මම ඒත් බැලුවා ඔබා අය්යා මොකද පරක්කු කියල.. අමතක වෙලාද දන්නේ නෑ නේ.

    ReplyDelete
  8. පික්ෂුද උඹව අමතක වෙනවද එහෙම, ඒත් කොමෙන්ට් මිසක් තාම අන්තිම පොස්ට් කියෙව්වෙ නැහැ, අනිත් එවුංට සෙන/ඉරිදා නිමාඩු, ඔබී මාව වහල් සේවෙට අල්ලගන්නෙ මේ දවස් දෙකේ, කියෝපු ගමන් කොමෙන්ට් කොරන්නං, එතකන් සමාව භාජනෙකට දාහන්

    ReplyDelete
  9. ගෙදර හිටියනං මටත් බ්ලොගේ කරනවා බොරුය..

    ReplyDelete
  10. ඕන් දැන් තමය කියෙව්වෙ, හපෝය් බොලාට වෙලා තියෙන වැඩේ. ඕව ඔහොම තමා, ෆුල් කට්ට කාල ගොඩ දාගන්න ගේම්, වෙන එවුන් නිකම්ම ශේප් කරගෙන. හික්ස්.

    ReplyDelete
  11. ඒක නම් ඇත්ත ඔබා අය්යේ.. ෆුල්ම කට්ටක් කාල කෙල්ලොන්ට වැඩ දාගෙන පැන්නට අම්මෝ.. උන් දන්නවනම් මෙතන උන දේ සියදිවි දෙපාරක් හානි කරගන්න වෙන්නේ..

    ReplyDelete