මේක මට අද ආව ඊයක්. කතාවේ තියන රසවත්කමටම මම ඒක ඔයාලටත් කියවන්න දාන්න හිතුනා. ඔන්න ඒක එහෙම්මම.
හිරේ හිටපු රොබොටික් පොරකට ගෙදරින් තාත්තා එවපු ලියුමක් ආවා.
"පුතේ අපි දැන් ඉන්නේ හෙන අමාරු අඩියක.... අක්කරයක ඉඩමක් තිබ්බත් දැන් කොටලා අල ටිකක්වත් වාවගන්න අපිට හය්යහත්තිය නෑ. උඹලගේ අම්මයි මමයි ඒතරමටම අබලන්. උඹවත් හිටියනං... කොච්චර හොදද ඒ කලේ මේ වත්ත කොටලා ඉවර කරන්න එක දවසක්වත් ගත උනේ නෑ...."
පොරට මේක දැකල හරිම හරිම අප්සෙට්. ඔන්න ඉතින් හැරෙන තැපෑලෙන්ම ගෙදරට අව ලියුමක්.
"තාත්තේ දෙය්යන්ගේ නාමෙන් වත්තට නං අත තියන්න එපා. ඕක පුරාම ඩප්පි ග්‍රෙනේඩ් බෝම්බ තුවක්කු එහෙම වලදාළ තියෙන්නේ මම අවාම ගේම් වලට ගන්න...."
මේක දැක්ක තාත්තට නිකම්ම හපොයි ගාගෙන නළලේ අත තියවුණා. ඔන්න ඉතින් එදා රෑ, "ඇරපියව් දොරවල්. අපි සි.අයි.ඩි එකෙන්, හෙල්ලෙනේ නෑ එකෙක්වත්...බාවනවා තොපි ඔක්කොම.." කියාගෙන මහා ලොකු හමුදාවක් ගෙදරට කඩාගෙන වැදිලා මුළු වත්තම හාරන්නයි කොටන්නයි පටන්ගත්තා. අනේ මුළු රෑ ම හාරලා හාරලා සි.අයි.ඩි. හමුදාවට තුවක්කුවක් තිය එක පතරොම් කොපුවක් හම්බුනේ නෑ. මල පැනල උන් ඉතින් වටේටම බැණ බැණ පහුවදා උදේම යන්න ගියා.
පහුවදා අයෙත් පොරට තාත්ත ලියුමක් එවල.
"අනේ පුතේ අපේ වත්තට ඊයේ රෑ සි.අයි.ඩි එකෙන් පැනල මුළු වත්තම කොටලා හාරලා කණපිට හරවලා ගියා. අපි මොකද පුතේ කරන්නේ?"
ඔන්න පොරගෙන් පිළිතුරු ලැබුණා
"ඔන්න තාත්තේ මම මට කරන්න පුළුවන් ටික කරා . දැන් ඉතින් අර එදා කිව්වා වගේ තාත්තගේ අල ටික වවාගන්න." මීට පුතා.