( අඃ.. ලංකාවේ ඉද්දි නම් මේ කියන විදියට කන්න අමාරු වේවි. මොකද මෙහෙ ඉතිං හැම එකම හරි අඩුයි නේ. මම මේ ක්‍රමය කලේ මැදපෙරදිග දී.ඒ නිසා මට මේ පෝස්ට් එක කියවලා මේ කොටස නොකියවා ඉන්න අයට නෝ ඩිස්ක්ලේමර් ඈ..)
සම්පුර්ණ මාස තුනක් ඇතුලේ,
තෙල් සහිත ඕනෑම කෑමක් නතර කරන්න. පිටි සහිත කෑම සහ බත්. නතර කරන්න. විශේෂයෙන් රාත්‍රී ආහාරය සඳහා බත් අනුභව කරන්නේ නම් නවත්වන්න. පැණිබීම ජාති නම් කටේ තියන්න හිතන්නත් එපා. අරක්කු? එපා.
මේ ටික පුරා තුන් මාසයක් හෙවත් දින සියයක් (අනුවක් වගේ තමා, ඒත් තව දින දහයක් දාගන්න වෙනවා ) කරන්න බැරි නම්, මේ පෝස්ට් එක ඔබට නොවේ. මෙතැනින් එහාට යාමට දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය වේ.
ඔබ මේ ටිකත් කියවන්නේ නම් ඉතිරි කොටස වෙත සාදරයෙන් පිලිගන්නවා.
තරබාරු වෙන්නේ ඇයි?
ශරීරයේ අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි පරිබෝජනය කිරීම තමා ප්‍රධාන හේතුව. අතිරික්ත කැලරි මේදය විදියට ශරීරය සකසා අපේ ඉන වටා, උදරය වටා අතුරා ටිකෙන් ටික අපේ ශරීරය පුරාම අතුරනවා. සීණි, පිටි වගේම තෙල් යන සියල්ල ගෙනියන්නේ කැලරි සංචිත. ඉතින් මේවා කෑමට ගන්න ප්‍රමාණ වැඩි වුණාම නොදැනීම තරබාරු වෙනවා.
හරි. මුලින්ම කියන්නේ කන්න ඕනේ දේවල්. වේල් වල පිළිවලින්.
උදේ කෑම.
මේ වෙලාවට ඔබට කන්න පුළුවන් කෝන් ෆ්ලෙක්ස් එකක්, කිරි ටිකක් එක්ක යම්තම් සීනි දාල ඔබට කන්න පුළුවන්. එහෙමත් නැතිනම් එළවලු. පලතුරු දාල හදන සැලඩ් එකක් නම් තවත් හොඳයි. මතක ඇතුව සැලඩ් එකට ගාලික් පේස්ට් යහමින් රස පමණින් එකතු කරන්න. ලුණු එහෙම දාන්න එපා. ඕට්ස් වගේ කන්නත් පුළුවන්
උදේ කන්නේ කොන්ෆ්ලෙක්ස් හරි ඕට්ස් වගේ නම් ග්‍රෑම් 200ක් (කිරි සමග මුළු බර) වෙන්න කන්න හැකියාව තියෙනවා. සැලඩ් නම් ඉතින් ග්‍රෑම් 250 - 300 ක් කෑවා කියල අවුලක් නෑ. තව ඔබේ රුචිකත්වය මත ඇපල් ගෙඩියක් විතරක් වගේ කන්නත් පුළුවන්. ඔව්, උදේ තේ එක නම් නෑ.
ඊට අමතරව කිසිවක් කන්න කියා මා ඔබට කියන්නේ නෑ. බීම වෙනුවට වතුර පානය කරන්න. බිමක් අවශ්‍යම නම් කැලරි 60කට වඩා අඩුවෙන් ඇති බිමක් තෝරා පානය කරන්න. (ලේසියෙන් හම්බවෙයි කියල නං හිතන්න එපා ඔන්න.)
මේ කික් ස්ටාටර් එක.
දවල් කෑම.
ඔන්න දැන් වැඩ කරලා බඩගිනි වෙන වෙලාව. ස්ටීම් කරපු චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 300ක් වගේ එකක් එක්ක අර උදේ හදපු සැලඩ් එක නම් මරු.
සැලඩ් එක හදන විදිය කියන්න වෙනවා. තක්කාලි අත්‍යාවශ්‍යයි, ගෙඩියක් හැමදාම කෑවත් පාඩු නෑ. ගාලික් පේස්ට් එක අවශ්‍යයි. එළවලු විදියට නම් කොළ වර්ගයක්, බේබි කෝන්, කැරට්, බ්රොකොලි එහෙම හොඳයි. වට්ටක්කා, රතු අල එහෙම නම් ගන්න එපා. පිටි ගතිය වැඩියි. අර්තාපල් පොඩ්ඩක් අවුලක් නෑ නමුත් හැමදාම නම් හරියන්නේ නැතිවෙයි. පොඩි වෙනසක් වෙන්න පාට පාට බෙල් පෙපර් ටිකක් දාගන්න. ඔලිව් (කැලරි අඩු වෝට බේස්ඩ් ඔලිව්) ෆෙටා චීස් ටිකක් එහෙමත් මේකට අවශ්‍යයි. උදේ කෑමට හදනවා නම් ටුනා (වයිට් ෆින් - වෝටර් බේස්ඩ්) ටිකක් දාගන්න. බේබි කෝන්, කැරට් සහ බ්රෝකොලි ස්ටීම් කරගන්න.
රාත්‍රී කෑම.
මේකට මම ගොඩක් වෙලාවට කන්නේ කොන්ෆ්ලෙකස් ග්‍රෑම් 200ක් වගේ.
මෙතුවක් දුර කියවූ ඔබට ස්තුතියි. මම පෝෂණවේදියෙක් නම් නෙවෙයි එත් මේ වැඩේ කලේ ගොඩක් කාලයක් මට වද දුන් මගේ තරබාරුව නැති කරන්න ගොඩක් දුර කියවලා ගත්තු දැනුම එකතු කරගෙන. කිලෝ 98ක් ව හිටි මම කිලෝ 80ක් දක්වා බර අඩු කරගත්තේ මේ කෑම වේල් වලින් විතරක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?
මේ කෑම වේල් සියල්ලේම කැලරි එකතුව කැලරි 2500ක් කිට්ටු කරන්නේ නෑ. ඒ නිසා ශරීරය තමන්ට ශක්තිය සැපයීමට මදි වන කැලරි ප්‍රමාණය සපයා ගන්නේ ශරීරයේ ඇති සංචිත වලින්. මුලින්ම ඔබේ මුහුණ කෙට්ටුවී යනු ඇති. ක්‍රමානුකුලව මාස තුන ඇතුලත ඔබට හිතාගැනීමට අපහසු ලෙස ඔබව කෙට්ටු වේවි.
මුලිකවම පළමු සති දෙක ඔබට යම්තම් බඩගින්නක් දැනේවි. සමහර විටක එය දින කීපයක් වෙන්න පුළුවන්. ඔබට අනිකුත් සාමාන්‍ය කෑම ඉතා සුවඳින් දැනේවි. ඒවා මදකට යටපත් කරගන්න. මාස තුනකින් ඔබ කෙට්ටු වූ පසු ඔබට ඒ කෑම කෑමට හැකිවේවි. එහෙත් ඒ කෑම කන විට ඔබට මහා ගොඩක් කෑමේ අවශ්‍යතාව මතු නොවේවි. ඒ එක්කම ඔබට අපුරු සැහැල්ලුවක් එක්ක මනා සෞඛ්‍ය සම්පන්න බවක් දැනේවි.
ඔන්න ඉන්ස්පයරේෂන් එකක් විදියට මං තුමා ගේ ෆොටෝ තුනක්. පළමු එක 2014 ජුනි මාසේ වගේ ඊට පස්සේ එක ඒ අවුරුද්දෙම සැප්තැම්බර් වල. තුන්වෙනි එක 2015 ජනවාරි මාසේ දී. මාස හතරකින් පොඩ්ඩක් ව්‍යායාම එහෙම කරල අවශ්‍ය පමණට ඉන්නකොට ගත්ත එකක් ඒ.
![]() |
1 |
![]() |
2 |
![]() |
3 |
මම කන හැටි.
ReplyDeleteඋදේට:- කඩල, කව්පී, මුංඇට, මුංඇට කිරිබත්, මොචා යනුවෙන් හඳුන්වන බෝංචි ඇට වැනි ඇට වර්ගය, රතු කැකුළු බත් කිරිහොදි, පොල් සම්බෝල, කරවල බැදුම් සමග.
දවල්ට:- එළවලු, මැල්ලුම් ගොඩක්, මාළු කෑල්ලක් හෝ හුරුල්ලන් වැනි මාලු සමග රතු නාඩු හාලේ බත්.
රෑට:- එළවලු සුප්, කුරක්කන් පාන් පෙති තුනක් මාජරින් යන්තමින් ගාලා, ඇඹුල් කෙසෙල් ගෙඩියක්.
ඔය සියල්ල හැමදාම ඔය විදිහටම කන්නේ නැහැ. මාසයකට දවස් පහක් හයක් වෙනත් කෑම කනවා.
මාජරින් කන්න එපා ලොකු සර්, ඕවා මැෂින් වලට ග්‍රීස් වෙනුවට දාපුවා.. කන්න බටර්.. අප්පේ ඕවා කාලා එන්ජිම හිරවෙවී. ලංකාවේ ඉන්නකොට නම් ඔය ලිස්ට් එක කන්න බෑ. අනික මේ ලිස්ට් එක මාස තුනයි. එතනින් එහාට එන්ජිම ෆුල් ක්ලීන්..
Deleteම්..අ..අ.... උන්නු හැටියට දැන් උඹගෙ නළු ලුක් එක දැක්කම ඊරිසියත් හිතෙනව තමයි, ඒත් ඉතින් අ.. .අ... මාස තුනක් බඩගින්නෙ ඉන්නවට වැඩිය මේ ඉන්න හැටි හොඳා කියලත් හිතෙනව අෆ්ෆා.
ReplyDeleteඅපි ඉතින් කන්න ගියාම ආයෙ මොනවද, ඇදල අරිනව බුරි උල් වෙන්න. හුස්ම ගන්න බැරි වෙනකන් කන එක තමයි මගේ නම් සාමාන්‍ය තියරිය, නැත්නම් රෑට නින්ද යන්නෙත් නෑ බං. ඒ වගේම ඉතිං පුදුම දුකක් විඳින්නෙ-නැවෙන්න බෑ, පහත් වෙන්න බෑ, බිම වාඩිවෙන්න බෑ, එක හැටියකට වාඩි වෙල ඉන්න බෑ- අඩි දහයක් ඇවිදින්න බෑ - කැස්බා වගේ හති දානව. ඒත් ඉතිං ඒ දුක වගේද දීල අදින කොට තියෙන සතුට. හෙහ් හෙහ් හෙහ්...
Deleteඑළු ලුක් එක වගේ ද පරණ කලිසන් එල්ලෙන්න ගත්තාම, සලීම් ෆිට් බස්සනකොට? උඹ මේ ටික හරියට කන්න ගත්තොත් බඩගිනි වෙන්නේ නෑ. ඒ මදිවට පස්සේ පරිස්සමෙන් කෑවොත් (දකින දකින ඔක්කොම නොකා) බර එහෙමට ආපහු ආරන්නෙත් නෑ. ගෙදර ආවාම අම්ම එක්ක ඕවා කරන්න බෑ, කන්නම වෙනවා...
මන්නං හොඳට කාල බීල ඉඳල ඩො: ගාල යන්නයි හිතං ඉන්නෙ.
ReplyDeleteඑහෙම කියන්න හොඳ නෑ නේද රාජ්? අපේ ඉස්සරහ අපිට පේන්නේ නෑ නොවැ?
Deleteඔය විදියට මහත් වෙන්න විදියක් නැතිද ?
ReplyDeleteමහත් වෙන්න නම් මෙහෙම කරන්න, චීස්, පාන් සහ පිටි කෑම සැහෙන්න කෑම වේලට එකතු කරගන්න, වැඩිපුර නින්දක් ලබාගන්න. කොටින්ම ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ ගන්න. හයි කැලරි පිටි එකක් මාසයක් දෙකක් භාවිතා කලත් ප්‍රථිපල තියේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. (ස්වභාවිකව ඇඟේ බ්‍රවුන් ෆැට් නැතිනම් වොරන්ටිය ඇප්ලයි වේ )
Deleteප. ලි.
මහත වෙන අපි කෙට්ටුවෙන්න දෙන ගේම දැකලවත් හිත හැදෙන්නේ නැද්ද අම්මප?
උඹ මා වෙනුවෙන්ම පෝස්ට් එකක් දාලා කියලා දැන ගත්තාම මට ඇඬුන බං. බොක්කෙන්ම ස්තුතියි.
ReplyDeleteමම එක පාරක් අර ගිමන් නිවන්නගෙ පෝස්ට් එකේ තියෙන දවස් හතේ ජී එම් ඩයටිං එක කලා. නමුත් කිලෝ එකක් දෙකක් වගෙ තමයි අඩු වුනේ මට මතක විදියට.
උඹ කියන සමහර දේවල් අපි කරනවා දැනටත්. බොන්නෙ නෑ. කැත ගෑනිගෙ පතිවත වගෙ මෙහෙ බීම නෑ ඕනෙ වුනත්.
ඉන් පස්සෙ මම එක්සසයිස් ඇඩික්ට් කෙනෙක්. ඒ හන්දා කොහොමත් ඒක කරනවා. නැතිනම් අමාරුයි හිතටත්.
ඕං අහපං උදේ කෑම. සතියෙ දවස් පහේ උදේට ඕට්ස් කන්නෙ එක දවසක් පළතුරු අනිත් දවසේ නට්ස් (කජු, ආමන්ඩ්, ෆිග්ස් මුද්දරප්පලම් වගේ) කිරි තේ එක කෙලලා අරිනව.
ඉස්සර බ්‍රන්ච් එකකට පාන් පෙති දෙකක් කාලා කෝපි ඇදලා අරිනවා දැන් මාස දෙකකින් ඒකත් නැවැත්තුවා. කෝපි එක විතරයි.
දවල්ට ඇවිත් මහා ලොකු නොවන මධ්‍යම ප්‍රමාණයේ බත් එකක් කනවා කරීස් තුනක් එක්ක. (මස් මාලුවක්, කොළ එළවලුවක් හෝ සලාදයක්, කහපාට වගෙ එළවලුවක් එක්ක)
පළතුරක් කනවා
හවසට වෙන මොකුත් නොකා කිරි තේ එකක් බොනවා
රෑට විශ්වාස කරහං, අර ලංකාවෙ ඉස්කෝලෙ ලමයින්ට නිර්දේශ කරලා තියෙන විදියට තම්බපු ඇට වර්ගයක් ( කඩල, මුං ඇට, කව්පී, ග්‍රීන් පීස් වගෙ) කනවා.
ඩී කැෆ් කෝපි එකක් බොනවා
සති අන්තයට උදේට දවල්ට ඔය ඇට සහ ඕට්ස් සීන් එක වෙනුවට පීට්සා, ස්පගෙටි, මැකරෝනි, රොටි වගේ දේවල් කනවා
දැන් මම ඔය කියන තරම්ම මහතක් නෑ. ඇත්තෙන්ම වැඩිම යන්නෙ කිලෝ 69යි. නමුත් මට ඕක 63 කරගන්න ඕනෙ. ඒ වගේම බඩ වටේට තියෙන ස්තිර තැන්පතුව අඩු කරගන්න ඕනෙ.
ඉතිං බං මීට වැඩිය මොනවද? මීට වැඩිය දෙයක් කරන්න බෑ බං.
ඕවාට ඉස්තූති අනවශ්‍යයි අප්පා,..
Deleteජී එම් ඩයට් එක නිකම් බඩගින්නේ මැරෙන සීන් එකක් වගේ තේරුණා. ඒ නිසා මම කලේ නෑ. මට බඩගින්නේ ඉන්න බැරි නිසා මම මේක ඔය ඔක්කොම කවලම් කරලා හදාගත්ත.
නට්ස් වල කැලරි ගොඩක් තියනවා කියල හිතෙන්නේ නැද්ද ඩුඩ්? කජු ආමන්ඩ් කියන්නේ කැලරි උල්පත්. අර දවස් තුන හතරක මහන්සිය එතනින් හබක්. ඉතින් රිසල්ට්ස් ලේට්. එතනයි අවුල මට නං පේන විදියට. එකදවසක් චීට් මීල් එකක් ගත්තට අවුලක් නෑ. හෙමින් හෙමින් ගියාට මොකෝ කිලෝ 69 නේ?
අම්මාපා මට නං තඩි වෙලා එපා ම වුණා. කකුලේ ලේස් එක ගැටගහන්න බෑ, හදිස්සියට දුවන්න බෑ. මල වදේ. කිලෝ 98ක් එක්ක දුවන්න එපයි :D
අපි කැලරි පුච්චනවා බං. අපි වහින්නෙ නැතිනම් වැඩට යන්නෙ පයි. විනාඩි පහලොවක් එක පැත්තකට. මම කොහොමත් සැම්සුං ගැලැක්සිට අනුව පියවර 14000ක් විතර ඇවිදිනවා. නට්ස් වල කැලරි ගැන හිතන්න හොඳ නෑ. ඒවායින් ලැබෙන විටමින් සහ ඛණිජ ළවන වෙනම කෘතිමව ගන්න බැරි තරම් වටිනවා.
Deleteඒක නං ඇත්ත. කැලරි විතරක් නෙවෙයි නට්ස් වල තියන අනිත් ඒවා එක්ක බැලුවාම නොකා ඉන්නේ අපරාදේ...
Deleteහප්පොච්චියේ දැන්නේ දැක්කෙ. පයිං කියන එකේ බින්දුව වැදිල නැති බව.LOL.
Deleteමං අර තිත එක්ක කියවලා මාරු වුණා.. ලොල්
Deleteලිපිය මරු. පහුගිය මාස තුනට මගේ බර කිලෝ දහයකින් වැඩි වුනා. ඩයට් කරන්න, ජිම් යන්න හිතාගෙන හිටියත් බාලගිරි දෝෂෙ වගේ යැවෙන්නෙම නැහැ.. හැමදාම හෙටම තමා. කොහොම හරි උත්සාහ කරල කිලෝ පහක්වත් අඩු කරගන්න ඕනි
ReplyDeleteජිම් ගියාට බර අඩුවෙන්නේ නෑ මචං. මම එකත් කලා. බර වැඩි වෙනව. විශේෂයෙන් ලිෆිට්න්ග් කරද්දී. අනික, BMI කියන ඉන්ඩෙක්ස් එක නම් විශ්වාස කරන්න එපා. ෆැට් කැල්කියුලේෂන් එකක් කරන්න.
Deleteමේ වගේ තුප්පහි පෝස්ට් දාන්න එපා බං...
ReplyDeleteඉරිසියයි...
කිලෝ 18 ක් කියන්නේ සුළුපටු දෙයක්ද...
හෙහ් හෙහ්... ඒ වගේද චෙකින් වෙන වාරයක් වාරයක් ගානේ ගේට් එකේ එකා එබිලත් බලනකොට?
Deleteයකෝ අපේ කිලෝ 18 ක් බැස්සොත් එහෙම ගන්න දෙයක් නැතිවෙයි. හැක්..
ReplyDeleteමොක උනත් මාවනං කොච්චර කෑවත් මහත්වෙන්නෙ නැති ඩෑල් එකක්ද කොහෙද.
අප්පේ ප්‍රසන්න මහත්තයා ඇවිත්.. අර බ්‍රවුන් ෆැට් එක උපතින් තියන සීන් එකක් වගේ ඔබතුමාගේ කේස් එක.. වාසනාවන් අප්පා..
Deleteබ්ලොග් ලෝකයේ මහා පොන්නයා වන ඇටතලන් හෙවත් මාතලන් නැමති සූකරයාට පොරෝ පහර දෙපැත්තේ ඇට දෙකක් ඇති මුත් බිජ්ජක් නැති නිසා...බිජ්ජක් කෘතිමව සවි කිරීමේ අරමුදල් සෙවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන නිසා ඇටතලන්ගේ බිරිද පිට යෑම මාතලන් නැමති පොන්සියාගේ මෑත කාලීන අසහනය වැඩි කොට ඇත. බිරිද පිටයෑම ආරම්භ වූ කාලයේම එංගලන්ත සුද්දන්ට පුක දී හොද පලපුරුද්දක් ඇති නෙළුම් අජිත් නැමති පොන්සියා සමග මාරු ගැසීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කල ඇටතලන් ඒ නිසාම දැන් සමාජ රෝගියෙකු වී ඉස්ම ගලන බිබිලි වලට පිඹිමින් අසරණ වී සිටියි. පින් කැමති ඔබ සැම පොන්න මාතලන් පොන්න කමෙන් මුදවන මේ ව්‍යාපෘතිය සමග අත්වැල් බැදගනිත්වා.
ReplyDeleteඅප්පුච්චේ මචං.. වැරදි බ්ලොග් එකක නේ ඇඩ් එක කොටලා තියෙන්නේ.. මගේ එකට මිනිස්සු එන්නේ නෑ.. මං දැන් වැඩිය ලියන එකෙක් නෙවෙයි. අපරාදේ යුනිකෝඩ් ටික..
Deleteකසැන්ඩර් තුමා ඉතින් කොහොමද. කාලෙකට පස්සේ ඔන්න කොමෙන්ටුවක් දාන්න ආව. මම නම් ඉතින් උදේට හොදට බඩ පිරෙන්න බත් කාල තමා යන්නෙ. දවල්ටත් එහෙමම තමා. රෑට නම් green tea එකක් ගහල බුදියගන්නවා. :)
ReplyDeleteලාබයි ඇපල් කිව්වම මම හිතුවෙම ඇපල් කන්නේ කියලා.. ස්තුතියි මෙහෙට ඇවිත් ගියාට.
Deleteමගෙත් බඩ වැඩියි දැන්..ව්‍යායාම කිරිල්ල හැමදාම හීනෙන් තමයි...දැන් කල්පනා කලේ බයිසිකලයක් වත් අරගෙන උදේ පාන්දරට පදින්න කියලා.
ReplyDeleteඔය තියෙන්නේ සිරෝ වැඩ, හැබැයි බයිසිකලේට නං බඩ බහිනවා. හොඳ කඳු දෙකක් එක්ක තියන පාරක දවසට දෙපාරක් ගියා නං හරි.
Deleteඋදේට නොකා ඉන්න එකෙන් වෙන ලෙඩ හැදෙන්නේ නැද්ද? උදා ගැස්ට්‍රයිටිස් වගේ..? මම කෑම නම් සාමාන්‍ය ගානකට ගන්නවා.. බිම ජාති නම් කටේ තියන්නේ නෑ.. ඕනනම් මාසෙකට එකක් වගේ ඔය පැණි බිම උගුරක් දෙකක් බොනවා..
ReplyDeleteදවසකට පැයක් ඇවිදින්න හරි දුවන්න හරි පුළුවන් නම් නෝමල් විදියට කාල බීලා ඒ කියන්නේ බත්, පිටි, සීනි අඩුවෙන් කාල හිටියොත් බර අඩු කරගන්න පුළුවන් නේද? මම එහෙම මාස 2ට කිලෝ 5ක් විතර අඩු කර ගත්තා.. සතියට දවස් 4ක් විතර පැයක් ඇවිද්දා. 6 km වගේ..