අද පොස්ට් එක වෙන් වෙන්නේ ලේබනානියෙක් ගැන කියන්න. මං මේ පොස්ට් එකේදී උගේ ඇත්තම නම පාවිච්චි කරන්නේ ඌ කවදාවත් බ්ලොග් කියවන්නෙත් නැති ඒ වගේම කියෙව්වත් මේකට මේක මලාට තේරෙන්නෙත් නැති හින්ද..
අපේ කතා නායකයා තමා බෂීර්. මිනිහ අපේ බේකරියේ පේස්ට්‍රි චෙෆ්. පොර ලෙබනන් වල හෙන ලොකු හෝටල් වල වැඩ කරලාලු ඇවිත් තියෙන්නේ. ඒ උනාට කඩ්ඩ නම් සුපිරිම කඩ්ඩක්... ඔන්න දවසක් මුට කවුදෝ කස්ටමර් කෙනෙක් කේක් එකක් හදන්න ඕඩර් එක දීල ගිහින් ළමයාගේ උපන්දිනේට. කොල්ල ඉල්ලලා තියෙන්නේ තද රතු ෆෙරාරි කාර් එකක් කේක් එක හැටියට. ඔන්න ඉතින් අපේ මෑනුත් වැඩේ පටන්ගෙන දැන් කේක් එක එහෙම හදල ගානට කපල කොටලා වටේ අයිසින් කරන්න සෙට් වෙනවලු.. ඔය අස්සේ බේකරියේ ඇසිස්ටන්ට් පේස්ට්‍රි චෙෆ් ඔතනට සෙට් වෙලා. ඌ ජේම්ස් කියල මීගමුවේ කොල්ලෙක්.. ඌ අහල චෙෆ් ඩු යු නීඩ් එනි හෙල්ප් කියල?
අපේ චෙෆා දැන් ජේම්ස්ට කියනවලු.. යු.. යු.. පුට් රෙඩ්,. නොට් රෙඩ්.. රෙඩ් රෙඩ් රෙඩ් කියල..
ජෙමා ඇඩ්රස් නැතුව කල්පනා කරනවලු මොනවාද මුට මේ ඕනේ කියල ...මොනාද දන්නවද මු කියල තියෙන්නේ?
මේ කාර් එකට තද රතු පාට දාපන් කියල.. (යු -මේ | යු - කාර් එක | පුට් රෙඩ් - රතු පාට දාපන් | නොට් රෙඩ් - රතු නෙවේ | රෙඩ් රෙඩ් රෙඩ් - තද රතු..)
ඔන්න තවත් දවසක් අපේ චෙෆා කේක් පෙට්ටි ඕඩර් කරන්න වෙයර්හවුස් එකට කතා කරලා. මෙහෙ කේක් පෙට්ටි ස්මෝල් මීඩියම් ලාජ් කියල සයිස් තුනකින් තියෙන්නේ. ඉතින් ඌට ඔය සයිස් ඔක්කොමත් දැන් ඕනෙලු . ඉතින් මු දැන් වෙයර්හ්ව්ස් එකට කෝල් කරලා කියනවලු..
නලින්, යු සෙන්ඩ් ස්මෝල්, බිග් ,බිග් බිග් බිග්, ටුඩේ මෝල්
හරිනේ.. අපේ නලියා ෆුල් මෝල් වෙලා පැයබාගයක් විතර කල්පනා කරනවලු මොකද්ද කරන්නේ.. මොනවාද දැන් ඌ යවන්න ඕනේ කියල. අනිතිමට පොර හැම සයිස් එකක්ම යවල වැඩිනම් ආයේ එවයි නේ කියල..
මොකද දන්නවද සීන් එක?
මු මීඩියම් එකට කියන්නේ බිග්.. ඉතින් ආයේ එතනින් එහාටත් සයිස් තියනකොට කියාගන්නත් එපායේ.. ඒ හරියට මූ කියල තියෙන්නේ බිග් බිග් බිග් කියල..
ෂඃ ! නියම කඩ්ඩක්නෙ! :D
ReplyDeleteමං දන්න ගම්පහ ඔය වගේ එකෙක් ගෙන් ටුවරිස්ට් කාර් එකක් නවත්තල, අස්ගිරියේ මල් වත්තට යන පාර අහල. මු පාර කියල තියෙන්නෙ මෙහෙම ” යු ගෝ, ෆස්ට් බෙන්ඩ් නෝ බෙන්ඩ්, සෙකන්ඩ් බෙන්ඩ් නෝ බෙන්ඩ්, තර්ඩ් බෙන්ඩ් යු බෙන්ඩ්, යු ගෝ, ගෝ, ගෝ, රේල් ගේට්, යු ගෝ, රයිට් බෙන්ඩ් යු ගෝ, ඉදල්ලවල බ්‍රිජ් යු ගෝ, මල්වත්ත බෙන්ඩ්, ලෙෆ්ට් බෙන්ඩ්, ගෝ, ගෝ, ගෝ, දඩ…දඩ…දඩ….දඩ යු ගෝ”
ReplyDeleteමෙතනදී මු දන්න ඉංග්‍රීසියෙන්, බෙන්ඩ් කියන්නේ හංදි වලට, ඉස්සර මල්වත්තට ඇතුල් වෙන තැන ලෑලි පාලමක් තිබුන, ඒක උඩින් කාර් එක යන්න ඕනෙ කියන එක තමා දඩ…දඩ…දඩ….දඩ කියන්නෙ.
දවසක් පොර හදිසියෙන් කොහෙද යනව, කොහෙද මචං යන්නෙ ඇහුවම, ” මගේ චික් එකෙක් ඩෙත් එකට ෆේස් කරල මචං ඩොක්ටර් හම්බ වෙන්න යනව” කිව්ව. බලන කොට මුගේ කුකුල් කොටුවේ කුකුලෙක් අසනීපෙන්, මූ යන්නෙ වෙට් ගෙන් උපදෙසක් ගන්න.
මේ සම්පුර්ණ සත්‍ය කතා.
කඩ්ඩ ගැන කියනකොට අපේ ඉන්න සමහර ඉන්දියන් එවුනුත් මාරු කඩු තමා දaන්නේ,ඔය සමහර වචන උන් දන්නෙම නැහැ,calibration , corrosion ,වගේ එව්වා ....,
ReplyDeleteදවසක් ඔහොම ගෙයින් ගෙට ගිහින් පොඩි පොඩි වැඩ කරලා දීල කීයක් හරි හොයා ගන්න පොරකට ගෙදර මිනිහා තීන්ත බල්දියක් දීල ඇහුවලු"
ReplyDeleteCan you Paint my Porch? කියලා. පොරත් බොහොම සන්තෝසෙන් "Of Course! කියලා වැඩේට බැස්සලු. පැයකින් විතර පොර දොරට ගහලා. "Finished".
කිව්වම ගෙයි අයිති කාරයා ඇවිත් බැලුවලු. බලනකොට මූ පාටකරල තියෙන්නෙ පොර්ච් එක යට නතර කරල තිබ්බ PORSCHE කාර් එකලු.
henryblogwalker the Dude
:) මරු කථාටික...
ReplyDeleteඅපේ බොසුත් ඉන්දියාවෙ තාක්ෂනික සම්මන්ත්‍රනයකට ගිහිල්ල අහගෙන ඉන්නකොට එහාපැත්තෙ ලංකාවෙ මනුස්සයා අහනවලු මොනවද මචං මේ විෂයට අරලිය එක්ක සම්බන්දෙ කියලා..ටිකක් වෙලා අහගෙන ඉද්දි තමයි මේ අරලිය අරලිය කියලා කියන්නේ “Earlier“ කියන එකටයි කියලා මීටර් වෙලා තියෙන්නේ..
මුගේ කඩ්ඩ නම් සුපිරි කඩ්ඩක්. අර එක්සෙල් කියනවා වගේ
ReplyDeleteලොකු එකකට XL
ඊටත් වඩා ලොකු එකකට XXL
ඊටත් වඩා ලොකු එහෙකට XXXL
තව තවත් ලොකු එකකට XXXX....L
ඇයි අපේ හාදයෙක් දවසක් පාරක් කිව්වා ඔහොම.."යු ගෝ දිස් වේ ඇන්ඩ් ටර්න් ටු දැට් වේ..ඇන්ඩ් අගේන් ගෝ සේම් වේ......."
ReplyDelete@ තනි අලියා.
ReplyDeleteනියම කියන්නේ අලියෝ මුගේ කඩ්ඩ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න ඕනේ.
@ ඔබ අයියා.
හික්..ඔක්කොමත් හරි කියමුකෝ.. දිස් බෙන්ඩ් නෝ බෙන්ඩ්.. ඕක අහල සුද්දා අම්මෝ කිව්වා කිව්වේ නැද්ද? සුද්දා ෂුවර් එකටම සිංහල කතාකරන්න ඇති අර දඩ.. දඩ.. දඩ.. සීන් එක ඇහුවමනම්.
@Tharinduhw122
ඇයි මචන් පිල්ලෝ? උන්ගේ කඩ්ඩ? උන්ට මේල් ෆීමේල් නෑ. එන්නකෝ ඊළඟ පොස්ට් එකට.. තව කියන්න කතා තියනවා..
@ Dude
හික්... මිනිහට සෑහෙන සනීපයක් දැනෙන්න ඇති නේද කාර් එක පේන්ට් කරලා තියනවා දැක්කම?
@ රූ
ස්තුති කොමෙන්ටුවක් කොටන්න මෙහෙට ගොඩවැදුනට. මෙහෙ අපිටනම් ඔය ඉන්දියන් කාරයෝ හොඳයි. ඊජිප්ෂන් උන් ඊට හපන්,.කියවන්නකෝ ඊළඟ පොස්ට් එක..
@ මදුරංග :
මල්ලි ඌට ඔව්වා කිව්වොත් ඌ තව ලෝක අමාරුවක වැටෙයි.. හික්..
@ ChammA .
ඉතින් පාර අහගත්ත එකා අපහු ආවේ නැද්ද? හික්.. මරු කතාව..
ඌට ඉංග්‍රීසි බැරි උනාට උන්ගේ කෑම හරි රසයි.. දවසක් ඌව අන්දගෙන හදව ගන්න ලේබනීස් කෑම. හරිම රසයි අමුතුයි.. මම ලෙබනන් වලදී කෑවා බඩ පැලෙනකල්..
ReplyDeleteඔව් ඔව්.., මු නම් ඉතින් ඔහේ හිටිගමන් හදල දෙනවා අපිටත්.. මමත් ලෙබනන් ගියාම උන්ගේ කෑම කන්නේ..අර රෝමෙට ගියාම රෝමන් කාරය වගේලුනේ ලංකාප්‍රිය අය්යේ ඉන්න ඕනේ...
ReplyDelete