පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.
සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන්ඨ වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක් ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?
බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?
ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ..
ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?
එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...
මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය
පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?
දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?
යාලුවා ඔබගේ ලිපියේ මහාසම්ය සූත්‍රය ගැන සඳහන් කරල තිබුන විදිය නිවැරදි නෑ. මහා සමය සූත්‍රයේ සඳහන් වෙන්නෙ. දස දහසක් ලෝක ධාතුන් වලින් දෙවියන් බුදුරජාණන් වහන්සේ දැකගැනීමට පැමිණියා කියලයි.
ReplyDelete7. මහාසමයසුත්තං
331. එවං මෙ සුතං – එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි; දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. අථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවතානං [දෙවානං (සී. ස්‍යා. පී.)] එතදහොසි
1. මාගේ ඇසීම මෙසේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කිඹුල්වත් පුරය සමීපයෙහි වූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්ෂුන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංයා සමග වාසය කරන සේක. දස දහසක් ලෝක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂු සංයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.
2. ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. භික්ෂුූන් දස දහසක් ලෝක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂුූ සංයාද දැකීමට ඛොහෝසෙයින් රුස්වූවෝ වෙත්. අපිත් එතැනට පැමිණ බුදුන් හමුයෙහි එක් එක් ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි´´ කියායි.
http://tipitaka.org/sinh/cscd/s0102m.mul6.xml
@ Kanishka Dilshan :
ReplyDeleteස්තුති සහෝදරයා ඔබේ කොමෙන්ටුවට. නමුත් මෙතැනදී මං භාවිතයට අරගත්තේ මහා මංගල සුත්‍රය, එහි ඇති මුල් කොටස තමා මෙහිදී මං අරගත්තේ. ඒ හැම කොටසකම ඒවං මෙසුතන් ඒකන් සමයං භගවා කියල අරම්භවීම වෙන්න ඕනේ ඔබ මං වැරදි භාවිතයක යනවා කියන්න හේතුව වෙන්න ඇත්තේ. එකනම් හේතුව ඒ ආනන්ද හිමියන් තමන්ගේ මතකයෙන් ඒ හැම සුත්රයක්ම භාග්‍යවතුන් වහන්සේගේ සමයේ සිදුවුව යයි කීම නිසා එසේ වී තිබෙන්නේ. එත් ඔබේ කොමෙන්ටුව මට තවත් මගේ කාරණාව ඔප්පු කරන්න සාධක සපයනවා. සක්වල ජීවීන් දසදහසක් ස්ථාන වලින් පැමිණි බව ඔබේ කොමෙන්ටුව කියනවා. ස්තුති ඔබට.
watch Ancient Astronauts on History Channel. you will find all answers
ReplyDelete@ Chandana Bandara Kulatunge :
ReplyDeleteThanks, I have watched all of them. Season one and two with Enrich Von Danikan's Videos. For some he's a liar. But up to a certain extend, his theories has proven the case. Thanks for the comment..
ඉතාම වටිනා අදහස් ගොන්නක් ඔබ ලියා ඇත. මගේ ප්‍රණාමය.
ReplyDeleteහ්ම්! මගෙත් ප්‍රියතම මාතාකාවක් තමයි! අාචාර්ය චන්දන ජයරත්නලගෙ පොතකුත් තියනව නේද මේ ගැන........
ReplyDelete@ක්සැන්ඩර්,
ReplyDeleteමම අදහස් කලේ මෙන්න මේ කොටස නිවැරදි විය යුතුයි කියල.
/*සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. */
එය පහත පහත පරිදි නිවැරදි විය යුතුයි.
දස දහසක් ලෝකධාතු වලින් දෙවියන් භාග්‍යවතුන් වහන්සේ දැකගැනීමට පැමිණියා යනුවෙන්.
ස්තුතියි.
ගොඩක් වටින ලිපියක්. ඔය රුම්මස්සල කන්ද හිමාලයේ කොටසක් කියලා කියනවනේ.
ReplyDelete@ වෙද ගෙදර මහ වෙදනා :
ReplyDeleteස්තුතියි වෙදදුරාණනි..
@ තනි අලියා :
ස්තුති තනියෝ.. ඔව් ඔව්.. ආචාර්ය ජයරත්න මේ ගැන ගොඩක් උනන්දු උනා.. එත් දැන් ගොඩක් නිහඬ වෙලා..
@ Kanishka Dilshan :
ඒ කොටසින් මම කිව්වේ වෙනත් මට නම මතකයට එන්නේ නැති සුත්‍ර පිටකයක් ගැන. නමුත් මං ඔබගේ තර්කය හා එකඟයි. පළකර සැහෙන වෙලාවක් ගතවී ඇති නිසා ලිපියේ සංශෝධන සිදු නොකරමි. ස්තුති කොමෙන්ටුවටත් පැහැදිලි කිරිමටත්.
@ මධුරංග:
ඔව්.. රූමස්සල තියන සමහර ගස් තියෙන්නේ හිමාලයේ විතරක් කියල හොයාගෙන තියනවා.
නියමයි හොද මාතෘකාවක්. දිගටම ලියන්න. අපෙන් සුබ පැතුම් !
ReplyDeleteසුභ පතමි
ReplyDelete@ ක්සැන්ඩර්
ReplyDeletethere was Ancient astronauts season 3 that finished last week. you better watch it.
I do believe the ancient astronauts theory. and also homo-sapiens are hybrids. there is much to discuss.
(I'm expecting to write a sinhala blog that explaining the ancient astronauts theory, historical event that alien involved etc.. but it postponed every day due to work.)
මමත් මේ ලගදි ඩිස්කවරි චැනල් එකේ පුරාතන පිටසක්වල ජීවින් කියන වැඩසටහන බැලුවා.. ඒකෙත් මේ සම්බන්ද ගොඩක් කරුණු තිබුනා..
ReplyDeleteමේක කියෝල මොලේ චුට්ටක් විතර කොලොප්පන් වුනා
ReplyDelete@ හූනා
ReplyDeleteස්තුතියි.. අනිවාර්යෙන්ම මං මේ ගැන දිගටම ලියන්නම්..
@ ඇනෝ
ස්තුතියි අනෝ ඔයාගේ වචන ටිකට.. ඒක අපිට ලියන්න තව තල්ලුවක්.
@ Chandana Bandara Kulatunge
I have watched up to season 2 only. But I have to believe this theory specially as I personally has seen alien space craft flown above my head as I was so very young, at a age of 10 or 12 most. Since of then I was enthusiast of these kind of things like extra terrestrial activities and now ended up here, gathering clues and hints of a past full of alien activities. Although I don't get much time in writing, I want to throw my knowledge and belief to the fellow world.
@ දිනේෂ්
ස්තුති කොමෙන්ට් එකට සහෝ.. එත් ඒ ඩිස්කවරි වැඩසටහනේ ලංකාව ගැන තිබ්බේ නෑ නේද? එත් ලංකාවෙත් මේ ගැන ගොඩක් දේවල් අපේ ඇහැට පෙනී පෙනී තියනවා..
@ Observer
සමාවෙන්න ඕනේ ඔබා අයියගේ ඔලුව කොලොප්පන් කරාට.. පොඩ්ඩක් නිරීක්ෂණ පාරක් දාන්නකෝ මේ කියන දේ වලටත්..
මං දැනුවත්ව ලංකාවෙ තියෙන මේවගේ තැන් ගැන කවුරැවත් පිලිවෙළකට පරීක්ෂණයක් කරල නෑ. මගේ මතය අනුව සීගිරිය,යෝධ ඇල වගේ ස්ථාන පිටසක්වල තාක්ෂණය මත කරපු නිර්මාණ.
ReplyDeleteසීගිරිය විතරක්ම නෙවෙයි, පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය අද වෙනකම් කිසිම කෙනෙක්ට පැහැදිලි කරන්න බැරි උන දෙයක්. ඒ එක්කම ටොන් ගානක් බර ගල් වලින් හදපු මෙගලිතික ගොඩනැගිලි? මේ දේවල් වලට යොදාගත්ත තාක්ෂණය වගේ දේවල් මම මේ මාතෘකාව හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteපිස්සු නං කෙලින්න කතා කොරන්න එපා
ReplyDeleteමගේ ලුවෙ මෙ දවස් වල ෆුල් ඔෆ් ස්ටාර් ගේට්. ඒකට අනුව නම් ඔය ඊජිප්ට් ගෝඩ්ල.. සෙට් එකම පිටසක්වල එව්වො... එතකොට ග්‍රීක දෙවිවරුත් එහෙමයි.
ReplyDeleteමේ ගැන දිගට ලියපන්.. ඒ වගේම හොඳ ඩොකුමෙන්ටරි එහෙම අහු උනොත් ලින්ක් දාපන් මචන්
@ Observer
ReplyDeleteඔබා අය්යේ... කොමෙන්ට් එක දැක්කම මට ඔෆිස් එක මැද්දෙම බකස් ගාල හිනා ගියා.. සොරි වෙන්න ඕනේ.. දන්නේ නැද්ද ඉතින් ලාවට වගේ පිස්සුත් ටිකක් තියනවනේ..
@ පිස්සා පළාමල්ල
ටොරන්ට්ස් තමා මචන් තියෙන්නේ ගොඩක්ම. මේල්ලුවක් දාපන් xandercage384 @gmail .com එකට මං ලින්ක් ටික එවන්නම්.. නැත්තන් කොපිරයිට් කාරයෝ දුවගෙන එයි..හික්..
මෙන්න හිතුමතේත් කැමතිම දෙයක ලිපි පෙලක්.... ජය වේවා.. හිතුමතේ ෆලෝ කරන තුන් වෙනි බ්ලොග් එක..... ඉක්මනට ඉතිරි ඒවාත් ලියන්නකෝ.... ජය වේවා..
ReplyDeleteඅගේ ඇති ලිපියක්...
ReplyDeleteමමත් මේ ඊයේ පෙරේද ඉඳල ඔය සම්බන්ධ වීඩියෝ වගයක් බලනවා,
ඒකෙ නම Ancient Aliens-Season 1
මේකෙත් කතා කරන්නේ ඔය මාතෘකාව තමයි
ඒ වීඩියෝ එකේ ඔය ඉහල පෙන්නලා තියෙන ඔක්කොම ස්ථාන වලට ගිහින් ඒ ගැන පැහැදිලි කිරීම් කරනවා
අර පුංචි ගුවන්යානා ආකෘතිය අනුව ගුවන් යානයක් හදල උඩ යවන එකත් ඒකෙ තියෙනවා
මට තාම ඒක බලල ඉවර කරන්න බැරි උනා...
මට මතක විදිහට අද තමයි මම මුලින්ම මෙහෙට ආවේ
දිගටම මේවා ගැන ලියන්න
මම එනවා බලන්න
@ හිතුමතේ..
ReplyDeleteස්තුති.. මම ලියනවා.. අනිවාර්යෙන්ම.. එත් මේ ලියන ලිපියේ තියන කරුණු කාරණා එක්ක වගකීමෙන් ලියන්න ඕනේ නිසා තමා පොඩ්ඩක් වෙලාව යන්නේ කරුණු නිරවද්‍ය කරන්න.
@ ලොකු පුතා.
ස්තුති සහෝ.. ඔව් මේ ඒ වීඩියෝ වල පෙන්නන දේවල් තමයි එත් ඒ හැම එකක්ම 100% ගෙඩි පිටින් ලියන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලල ලියන්නේ. මොකද ඒ වීඩියෝ වල බුදුදහම ගැන මේ වගේ තර්ක කරන්නේ නැති නිසා කාරණා විශ්ලේෂණය කරන්න වෙනවා. ඉතින් මේ එහෙම විශ්ලේෂණ නිරීක්ෂණ වලට පස්සේ කරුණු ඒකාබද්ධ කරලා ලියන ලිපි පෙළක්.
an interesting topic bro...way to go...some say first living cell was introduced to this world by aliens..
ReplyDelete@ Mayya
ReplyDeleteThanks a lot. I will add some essence to this comment, by telling that most likely we are inheriting from the Aliens... by the facts align, it may possible.
මාත් හුඟක් ආස විෂයක් තමයි මේ.......
ReplyDeleteඒක ගැන මුලින්ම ස්තූති කරන්න ඕන..
පුළු පුළුවන් වෙලාවට ඇවිල්ල කියවල ප්‍රතිචාර දීල යන්නම්...
දිගටම කරන් යන්න......!!
ස්තුති පිසා.. දිගටම ලියන්නම් රස්සාවේ වැඩත් එක්ක පහුවෙනවට සමාවෙන්න.
ReplyDeleteඅර x-files සීරීස් එක බලලා මමත් කාලයක් පිටසක්වල ජීවය ගැන කියෙව්වා..
ReplyDelete@ වෙනි,
ReplyDeleteසමාවෙන්න රිප්ලයි කරන්න බැරිවීම ගැන. මටත් ඔය එක්ස් ෆයිල්ස් බලල පිස්සුවක් හැදුන ඒ කාලේ. දැන් ආයේ ඒ පිස්සුව අලුත් උනේ තව වීඩියෝ සීරියස් එකක් බලල.
neyamaii degatama liyanna ..........
ReplyDeletejaya wewa...........
අමතක වීමක් සිද්ධ වෙලා.. පිළිතුරු දෙන්න පමා වුනාට සමාව. බොහොම ස්තුතියි පැමිණීම ගැන.
Deleteවටින පෝස්ටු සෙට් එකත්... ඉතුරු ටිකත් ඉක්මනටම දායි කියල හිතනව...
ReplyDeleteපුළුවන් නම් අකුරු ටිකක් ලොකු කරන්න.. කළු බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරු කියවන්න අමාරුයි... මේකත් කීප පාරක් නවත්ත නවත්ත බැලුවෙ (මගේ ඇස් දෙකේ ප්‍රශ්නයක් තියෙනව)
@ සාතන්
ReplyDeleteඔන්න ඉල්ලීම ඉටු කරලා තියෙන්නේ. ස්තුති ගොඩ වැදුනට...
සහෝදරය මගේ ධර්මයේ විදියට උබට ගොඩාක් පින්.. සිංහල ටයිපින් අමාරුයි කියන්නත් ලැජ්ජයි නේ.. හරි මම කියන්න ආවෙ ඔබතුමා කියපු කාරනාවල මගේ මතයන් ටිකක්...
ReplyDelete1.රූමස්සල කන්දෙ පස් වල පරීක්ශනය කින් එව ලන්කවෙ කියල කිව්ව. ඒ කියන්නෙ ගස් ලංකාවෙ නෙමෙයි කියලනෙ. එහෙනම් රාම ට් හරි ලක්ශ්මන හරි තුවාල උන වෙලාවෙ බෙහෙත් පැලෑටි හිමාලෙන් ගෙන්න ඇති. හනුමානෙ කඩේ යන්න ඇත්තෙ එයා බෙහෙත් අදුරන්නෙ නැති නිසා පැල ජාති ගොඩාක් ගේන්න ඇති. අනික කොමද කන්දක් උස්සන් එන්නෙ සරල තර්කයක් නේ. කියන්නෙ හිමාල කන්දෙ කෑල්ලක් ලුඔය එකෙනම සංජීවනී කන්ද ලූ.but එහෙම නමක් ඉන්ඩියාවෙත් නෑ.
2. රාම ලග ගුවනින් යන ක්‍රමයක් තිබ්බ කියල කොහෙවත් සදහන් වෙලා නෑ. සමහර විට රාවන පිටසක්වල එක්ක කන්ටැක්ස් තිබුනද කියන්න බෑ.. දසිස් රාවන කියන්නෙ ඔලු 10 නෙමෙ 10දෙනෙකුගෙ මොලේ නිසා. අනික රාවනාට 'ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති' කිය ල කිව්වෙ එකයි. 'යගු කෞරාණ මන්ඨක' කියන්නෙ සියල්ල කල හැකි යකා කියන එක..
3. ලංකාවෙ එක පන්සලකින් හම්බවුනා දඩුමොනරේ ආකෘතියක් අනේ අපෙ හාමුදුරුවො සාදු කියල එක විකුනුව එක බලන්න ආපු 4දෙනෙකුට උන් නාසා එකේ පොරවල් උන් එක අරන් ගිහින් එහෙ එකක් හැදුව එත් උඩ ගියෙ නෑ. කරනා තුනක් නිසා. 1එක ට පාවිච්චි කරේ ඉන්ඩන රසඩිය 2. එක උඩ ගියෙ පරිසර තත්වෙ බලල තාරකා සාස්තරෙන් නැකත් බලල. 3.ඒ රසදිය නැටෙවෙ ජලනන්දන පිරිතෙන්.
අනේ ඒ හාමුඩුරුවන්ට කතව කිව්වම තමටම ඩෙස්ඩෙවොල් තිය ගත්ත...
වෛමානික ශාස්ත්‍ර කියන එකෙ අපේ ගුවන් යනා දඩු මොනර සහ විමාන ගැන කිය වෙනව..
මොකක් උනත් ඔයගෙ ලිපිය හුගාක් වටිනව. තවත් එව හොයන්න තර්ක කරන්න අපිටත් කියන්න අපි ඉන්නෙත් දැනුම පිපාසවෙන්.. ඒත් මිතුරේ ඔවා හොයන්නෙ පරිස්සමින්.. නාස එක වගෙ පොරවල් අපෙ ලන්කාව පස්සෙන් මම මේ අද්ඩැකිමෙන් කියන්නෙ. උබට දැනුම සෙවිමට ශක්තිය ධයෛර්ය ලැබේවා.. මගෙන් වැරදි යමක් කියවුනානම් සමා වෙයන්ල
@ යගු කෞව්රාණ මන්ඨක
Deleteසහෝදරයා.. ඔබව බොහොම සාදරයෙන් පිලිගන්නවා. සිංහල ටයිපින් නියමාකාරව ලියන්න පුළුවන් http://www.google.com/transliterate/sinhalese භාවිතා කරලා. අත්හදා බලන්න. මම බ්ලොග් එක ලියන්නෙත් එකෙන්.
1. රූමස්සල කන්ද ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කරපු බවත් ඒ ගැන මේ ආකාරයේ මතවාද ප්‍රකාශ කරපු බවත් මම දැනගත්තේ ඉතා පරණ පුවත්පත් ලිපියකින්. එක හොයාගන්න වෙන්නේ මම ලංකාවට ගියදාට. ඉතින් සහෝ කන්දක් වගේ විශාල දෙයක් අරගෙන කඩේ ගිහින් ආව හනුමාන්ට විශාල කැටපිලර් යන්ත්‍රයක් එක්ක පාහපු හෙලිකොප්ටරයක් තිබ්බනම් ඔය කාරිය කරන්න පුළුවන් නේද? මම දන්නවා මේක එක පිස්සු උපකල්පනයක් විතරක් කියල. එත් ඒ පරිමානෙන් ගත්තාම කරන්න බැරි දෙයක් නෑ නේද?
2. රාම ළඟ කිසිම ගුවන් තාක්ෂණයක් තිබුන කියල නැති උනත් රාමායනයේ සඳහන් වෙන අවි වර්ග 42 ගත්තාම රාම ළඟ තිබිල තියන රාම සරය හීට් සීකින් මිසයිලයක කාර්යය කරලා තියනවා. එකේ විස්තර එක්ක වර්තමාන හීට් සීකර් එකක් එකට එක ගැලපෙනවා. ඒ වගේම ඔබේ දසිස් රාවන කතාවට මම හිස නමා එකඟ වෙනවා.
3. දඬු මොනර යන්ත්‍රය ගැන මම කියවල අහල තිබුනට ඔය පන්සලේ කතාව මම අද ඇහුවේ ඔබතුමාගෙන්. ඇත්ත. මේ සම්බන්දව ලියවෙච්ච ලෝකේ පලවෙනි ඒ වගේම හොඳම ග්‍රන්ථය තම විමානවාත්තු කියන්නේ. දැන් මම දන්නා තරමින් නාසා හා ඇමරිකානු මිලිටරිය මේ ගැන පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.
කියවන්න කතා ඔක්කොම. මේ දැනුම දැනටත් බටහිරින්ම නැගෙන හඬවල් වලින් කියවෙනවා. එත් උන් ලංකාව ගැන ඒ තරම් කතා නොකරන්නේ මොකක් නිසාද කියල මම දන්නේ නෑ.
ඉතාමත් වැදගත් ලිපියක්...........පෘතුවියේ ජීවයක් පවතින්නා සේම විශ්වයේ ඇති වෙනත් ලෝක වලත් ජීවයක් පැවතිය හැක.....:)
ReplyDeleteඔව්, ඒ බවට සාධක තියනවා, අතීතයේත් වර්තමානයේත්. ස්තුතියි පැමිණියාට.
Deleteමේ ලිපිය ලිවීම ගැන මම මගේ ස්තූතියි පුද කරනවා... මේක මම ඉතාමත් ආසා මාතෘකාවක් මම ආසයි තව මේ වගේ ලිපි පලවෙනවනම්.විජය පුවත්පතේ ඇන්ටිකතියිරා කියන එක පරිගණකයකට සමානයි කියලා කියලා තිබුනා.මේක ප්‍රතිනිර්මාණය කරපු පින්තූරයකුත් දාලා තිබුනා.මට මතක විදියට ඒක හොයාගෙන තිබුනේ ගිලුනු නැවකින්....
ReplyDeleteමට මතක් වෙනවා ඊජිප්තුවේ තිබුනු ඵලකයකද කොහේදෝ ලියලා තිබුනලු "අහසින් ආ සිංහ මිනිස්සු" කියලා.... මම තරයේ විශ්වාස කරන දෙයක් තමා සිංහල ජාතිය පැවත එන්නේ විජය කියන එකාගෙන් නෙමේ කියලා.බොහෝම වටින මාතෘකාවක්.
ගැමියාටත් ස්තුතියි මේ පැත්තට ඇවිත් කොමෙන්ට් කලාට. තව ලියවුනු ලිපි කීපයක් නම් තියනවා. සංස්කරණ කටයුතු ඉවරවෙලා බ්ලොගර් එකට අප්ලෝඩ් කරන්නම්. ඔබ හරි. ඇන්ටිකතියරා මැෂින් එක පරිගණකයක් තමයි. නමුත් මේ අපි දකින කියන විදියේ පරිගණකයක් නම් නෙවෙයි. මේ යන්ත්‍රයේ දැතිරෝද අඩංගු සංකීර්ණ පද්ධතියක් තියනවා. ඒක ස්විස් ඔරලෝසුවකටත් වඩා සංකීර්ණ පද්ධතියක්. මේ තුලින් ඔලිම්පික් ඇතුළු ක්‍රීඩා සඳහා වන කාලයත් සුර්යග්‍රහණ ගැන දත්තත් ලබා දීල තියනවා. මේ උපකරණය ක්‍රිස්තු පූර්ව 100 - 50 ත් අතර කාලයේ නිමවුවක්.
Deleteඅහසින් ආ සිංහ මිනිසුන් ගැන තියෙන්නේ බැබිලෝනියාවේ තිබුණු මැටි පලකයක කියල තමයි මට මතක.
මං ආස මාතෘකාවක්.. අපේ රටේ තියන සාධක නම් බොහෝ විට නොසලකා හැරීමක්, නැත්නම් හාස්‍යයට ලක් කිරීමක් නෙ වෙන්නෙ.. ස්තුතියි මේක ලිව්වට.
ReplyDeleteබොහොම ස්තුතියි චන්දන. වසර දෙකකින් පිළිතුරු ලිවීම සම්බන්ධව සමාව භජනය කරන්න.
Deletegodak wadagath mathrukawak me thorathuru godak watinawa mage project ekatath thanks thawath me pilimbandawa thorathuru liyanna suba pathum
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට ඉසුරි. ඔබේ අධ්‍යාපන මාතෘකාවට කරුණු ලබාගැනීමට ඉඩක් විවර කරදීමට හැකිවීම ප්‍රීතියක්.
Delete