Wednesday, September 14, 2011

ඇත්තද?



රියාලේ කොළ
කොට්ටම්බා කොළ ගානට
ඉතිරිච්ච..
සල්ලි පිරිච්ච ජීවිත..
මහපාරේ
දැක්ක
මහා පත බෙන්ස් එකක්
පුරාම යනවා..
අපේ උන් ඒ බලන්
හීල්ලුව ..
දුකට වෙන්න ඇති..
එත්,
උන්ට නැති සන්තෝසේ..
අපිට තියනවා බං..
ඇහුන මට
එකෙක් කියනවා..
එත්..
ඇත්ත
ඒකමද?
අනේ මන්ද....

6 comments:

  1. සල්ලි තියෙන තැන සතුටක් නෑ අයියා. සතුට තියෙන තැන සල්ලි මහ ගොඩක් නෑ. සල්ලි උනත් ගානකට තියෙන්න ඕනා. එතකොට සතුටයි සල්ලියි දෙකම තියෙනවා.

    ReplyDelete
  2. අනිව අනිව.....
    සල්ලි ගොඩගහගෙන හොරුන්ට බයේ නිදාගන් නැති මිනිස්සුත් එක්ක බැලුවාම..ගානකට සල්ලි තියෙන එක දාහෙන් සැපක්....

    ReplyDelete
  3. @ මදුරංග: ඔව් මල්ලි ඔය කියන කතාව හරි. සල්ලි උනත් ගානකට තිබ්බම වියදනුත් කරගෙන සන්තෝසෙන් ඉන්නත් පුළුවන්..

    @ පිසා : අනිවා.. අර කෑගල්ලේ මුදලාලි කෙනෙක් සල්ලි ගෙදර ගොඩගහන් ඉඳල උන්දට උන වැඩේ දන්නවා ඇති නේද?

    ReplyDelete
  4. ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  5. නැතුවත් බැරි දෙයක්, ඒ වුනාට වැඩි වුනොත් ඒකත් ප්‍රශ්න ගොඩක් කියල හිතෙන සල්ලි.....අනේ මන්ද මට නං තාම වැඩි වෙලා නං නැහැ...

    ReplyDelete
  6. ඔබා අය්යා.. මරු කතාව.. මටත් තාම වැඩි වෙලා නෑ නේ.. හඃ.. හඃ...

    ReplyDelete