දවසක් මමයි මගේ යාලුවෝ දෙතුන් දෙනෙකුයි සෙට් වෙලා ඉතින් 8 රෑ විතර ගෙදර යනවා. දෙන්නෙක් බයික් එකක ගියා මමයි තව ගම්පහ එකෙකුයි උගේ කාර් එකේ ගියා. මං ඉතින් කොටුවට යන එක නේ. ඕනේ එකක එල්ලුනා මං ගියා. බිව්වට එහෙමට බිව්වෙත් නෑ. නැත්තෙත් නෑ. මගේ යාලුවාගේ කාර් එකේ උගේ අයියගේ ලෝයර් පාස් එකක්ද මොකද්ද මගුලක් ගහල තිබ්බා.
අපි දෙන්න ඉතින් කතාවකුත් දාගෙන ඔහේ යනවා. ගෝල් රෝඩ් එක දිගේ කොල්ලුපිටිය දිහාට. එතනින් ගිහින් ගෝල්ෆේස් දානවද නැද්ද කියල හිත හිත ගිහින් අන්තිමේ අනිත් පාරේ යමන් බන් කියල මු වාහනේ ගංගාරාම පන්සල දිහාට හරෝගත්ත. අපි ලිබර්ටිය පාස් කරනකොටම වගේ මම දැක්ක ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා. එත් ට්‍රැෆික් උන් නෙවේ.
මචෝ පොලිසියෙන් ඉන්නවා එත් බාප්පල නෙවේ. අවුලක් නෑ බං යමන්කෝ.. ඌ කණ පාත්කරන ගමන් කියනවා.
එකපාරම මෙන්න එකෙක් පැන්නගමන් දැම්ම අත.. අපේ එකත් චුට්ටක් ඉස්සරහට ඇදිල ගිහින් වාහනේ නවත්තගත්තා.
පොඩි පෙනුමක් තියන කොට පොලිස් පොඩ්ඩෙක් රේන්කෝට් එකකුත් දාගෙන වාහනේට කිට්ටු කරා.. මම වාහනේ මගේ පැත්තේ ජනේලේ පාත් කරලා කතා කරන්න පටන් ගත්ත..
මහත්තෙලා කොහේ ඉඳලද එන්නේ? මේ ළඟ ඉඳල රාලහාමි. අර අහවල් තැන. එතන.
හා හා.. මහත්තයල බීලද? ඔව් රාලහාමි මං නම් බීල ඉන්නේ.
එතකොට අර මහත්තය? එයා බීල නෑ ඒකනේ එළවන්නේ.
හ්ම්ම්.. හරි ඔය එලවන මහත්තය ගමු බලන්න ලයිසන් ඉන්සුරන්ස් එහෙම ( අනේ අම්මෝ.. මේක ඒ පැත්තටනම් යවන්න එපා.. මගේ හිත කියවනවා. අපේ එකත් කට වහගෙන ලයිසන් ඉන්සුරන්ස් දුන්න බලපන් කියල මගේ ජනේලෙන්. අප්පේ ඇති යන්තං)
මහත්තය මේකේ ආදායම් බලපත්‍ර දින ඉවර වෙලා නේද? ඒ පාර මගේ යාලුවා කියනවා. අද අයිය ගියා ඕක ගන්න රාලහාමි. හෙට වෙද්දී හරි.
දැන් මහත්තයද ලෝයර්? රාලහාමි ස්ටිකර් එකයි මගේ දිහයි බලනගමන් අහනවා. ආඃ ඔව් ඔව් රාලහාමි..
දැන් මේකේ වැරදි දෙකයි.. ම්ම් .. මහත්තය ලෝයර් කෙනෙක් හින්ද ලියන්නත් බෑ.. එත් මෙව්වා නොලියත් බෑ..
මොනවාද රාලහාමි වැරදි දෙක? හරි අදායම් බලපත්‍ර දවස නම් වැරදි. ඊට අමතරව තව මොනවාද? නෑ අර මහත්තයත් බීල නේද ඉන්නේ? (මේකාගේ නහය සෙන්සරයක්ද මන්ද) ආඃ නෑ නෑ සමහර විට රාලහාමිට ඔය මගේ ලඟින් දැනෙන්න ඇති අරක්කු සුවඳ..
හ්ම්ම්.. හරි හරි.. මහත්තය ලෝයර් කෙනෙක් කිව්වනේ නේද? (යකෝ මේ හදන්නේ ලයිසන් එක ඉල්ලන්නද? පිස්සුනම් කෙලින්න එපා..) එහෙම එකේ මට මෙව්වා ලියන්නත් බෑ.. හ්ම්ම්.. කමක් නෑ.. කමක් නෑ.. එහෙනම් පරිස්සමට ගිහින් එන්නකෝ මහත්තය..
කිව්වා පරක්කුව විතරයි.. අපි පිටත් උනා.
අම්මෝ.. මේ පිස්සා ආයේ බොන්න වැඩක් නේ කරේ.. ශික්.. වෙරි සේරම හිඳුනා බං.. එහෙමනං මචං යනගමන් බියර් එකක්වත් කෙළිමු බං..
:))...police karayanta 'ralahami' kiwwama tada wenawa...muu nam hoda ekek wage...
ReplyDeleteමය්යගේ කොමෙන්ට් එකෙන් දැක්කේ පොලිස් මහත්තුරුන්ට රාලාමි කිව්වම තද වෙනවා කියල. ලංකාවට ආවාම පරිස්සන් වෙනද ඕනේ.
ReplyDeleteමොකද ක්සන්ඩර් දිගටම ඩෝප් කතා. නිකං ඊරිසියාවක් වගේ එකක් දැනෙනව...හික්z
පොඩ්ඩක් හරි බීලා වාහනෙ එලවනකොටම තමයි කොහේ හරි නැති පොලිස් කාරයෙක් අත දමන්නෙ !
ReplyDeleteඒකෙන් මේකෙන් උනේ ආයෙම බොන්න සෙට් වෙච්ච එක. බලන්න ඒකෙත් හැටි !!! දඩ කොලයක් නොලියා පොලිසි ගානේ නොගිහින් ඕක ගොඩින් බේරගන්න ලැබුන එක නම් නියමයි. නැත්නම් ඉතින් දවසක් පාඩු කරගෙන ඒකටම පලයල්ලලෝ !!!
ReplyDeleteඔය සමහර වෙලාවල් වලට පොලිසියේ අයට තේ බොන්න අවශ්‍ය උනාමත් වාහන නවත්තනවා. හොද වෙලාවට එහෙම වෙලාවකුත් නෙමේ. හික්ස් :)
@ මය්යා..
ReplyDeleteවෙල්කම් කියල පිලිගන්නවා මය්යව. මු හිතාන උන්නේ මං ලෝයර් කියලනේ,. එකයි සැර බැස්සේ.. කොහොමත් ඌට ඕනේ උනේ ගානක් කඩාගන්න. ඌට ඒක කරගන්න විදියක් තිබ්බේ නෑ අර ලොයර්ස්ලගේ පාස් එක තිබ්බ එකෙන්. හික්..
@ ඔබ අය්යා..
මොනාහරි කේස් එකක් නම් සාජන් මහත්තය කියන්නකෝ.. අම්මේ.. ඕනේ කොස්සෙක්.. ඕනේ දෙයක් කිව්වලු..
හික්.. මං ඉතින් මගේ කතා පෙට්ටිය දිග අරින්න තියාගත්තා.. එකේ බාගයක්ම බෝතල් නේ ආයිබෝං.. ඉරිසියා මොකෑ?
@වෙනි
අනේ මන්ද මේ පොලිසියේ උන්ට ඉවද කියල. උන්ට පාරේ යන හොරෙක් අල්ලන්න බෑ. මේ අහිංසකව බීල යන අපිවමයි අල්ලන්නේ. හරියට උන් බීල අපි බයිට් වගේ.. බාර් එකටත් ගෙවල තව පොලිස්කාරයටත් ගෙවපන්කෝ..
@ මදුරංග:
ඔය අපේ පොට් එකේ බීල බීලම එතනින් අඳුරගත්තු යාලුවෙක් හිටිය. ඌ ට්‍රැෆික් එකේ තදයෙක්. සමහර දාට බීල යද්දී ඌම අපිව ගිහින් දාල එන්නේ. ඒ තරමට ෆිට් පොරක්. ට්රැෆිකෙක් නතර කරානම් අනිවා උට කතා කරාද වැඩේ ගොඩ. හික්..
අපි නම් කලින් බීල 7 වෙනකොට ගෙදර. නැත්තන් රෝද තුනේ යනවා.
ReplyDeleteමාර බිවිල්ලක්නෙ බොන්නෙ! :O
ReplyDelete@ මාතලන්
ReplyDeleteඉස්සල්ලම ඕන් වෙල්කම් කිව්වා.
බීල ඉන්න වෙලාව කියල ඌ ඉතින් වාහනේ දාල යන්න යෑ? මෑන්ගේ බලවත් ඉල්ලීම මත මමත් ඉතින් ගියා. හික්.. නැත්තං ඉතින් 688688 තමා.. ඕකේ ගිහින්ම සමහර ඩ්‍රයිවර්ලා මාව හොඳට දන්නවා.
@ තනි අලියා
අය්යෝ.. තනියෝ.. ලජ්ජා හිතෙන කතා කියන්න එපා බං.
එලවනවා නම් බොන්නේ නැහැ බොනවා නම් එලවන්නේ නැහැ.ඔන්න මගේ ප්‍රතිපත්තිය. ඕක දාගත්තේ 1995 හෝර්ටන් ප්ලේස් හතරමන් හන්දියේ රෑ දොළහට අනිත් පැත්තෙන් ආපු ලොරියක් මගේ කාර් එක ලවුව නතර කලාට පස්සේ උදේ වෙනකන් කුරුඳුවත්ත පොලිසියේ ඉඳලයි..
ReplyDelete@ ලංකාප්‍රිය අයිය :
ReplyDeleteමම නම් බීල වාහන අතට ගන්නේ නෑ. එකක් මට ලයිසන් නෑ.. අනික බීල.. නොබී ඉන්නකොට නම් ලයිසන් නැතුව අනන්ත එලවනවා.. එටත් දන්න නම් බීම සෑහෙන්න අඩුයි.. උපරිම කොන්ට්‍රෝල් එකේ ඉන්නේ. නැත්තන් ඉතින් ගෙදර යන්න විදියක් නෑ නේ.
හුග දවසකට පස්සෙයි මලයගේ පෝස්ට් එකක් කියවන්න හම්බඋනේ. හොදයි හොදයි අයෙත් හැබැයි බියර් එකක් ගහලනම් මදිවෙයි.
ReplyDelete@ Networkදිසා
ReplyDeleteඔව් මචං.. බියර් එකක්නම් මදි උනා.. හික්..