සතිගණන්
මාස ලෙස
දිනගණන්
වසර ලෙස
ගතවුනා.....
පරතෙරක් නැති
කාන්තාරේ තනියෙන්ම
එපාවෙලා මට
දැන් නම්..
පොදි බඳිනවා මං
මගේ බඩු සියල්ලම
එන්න..
මගේ ලක්දෙරණ වෙත..
ඔබේ රුව දකින්නට..
ලංකාවට එන්න බඩු පැක් කරන වැඩයි රැකියාවේ වැඩයි අතරේ කියවන්න මිස ලියන්න තරම් විවේකයක් නොලද නිසා අලුත් පොස්ට් මොනවත් දමන්නට විදියක් තිබුනේ නෑ..
සුභ ගමන්..සුභ ගමන්....!!
ReplyDeleteස්තුතියි කිරිල්ලි..
DeleteWish you a Happy Safe Journey Dude!
ReplyDeletehenryblogwalker the Dude
thanks a lot dude.
Deleteෂා අයියේ මරු නේ..එහෙනම් මෙදා පාර අවුරුදු උත්සවේටත් එන්න පුළුවන් වෙයි නේ.. :)
ReplyDeleteඑනවා එනවා.. 22 සෙට් වෙමු..
Deleteඔය එන්නේ වැකේෂන්ද ? කැන්සල්ද ?
ReplyDeleteමොනවා උනත් ලංකාවට යනකොට හිතට දැනෙන ෆිට් එක විස්තර කරන්ඩ වචන නැහැ..
සුබ ගමන් !!
කැන්සල් යන්නේ.. ආයේ මෙහෙ එන්න හිතක් නෑ තවම
Deleteනියමයි නේ සුභ ගමන් එහෙනම්... නිවාඩුවකටද යන්නේ නැත්නම් නවතින්නමද??
ReplyDeleteනවතින්නම යන්නේ..
Deleteඑළ එළ කවද්ද එන්නේ...මමත් මේ එන්න ලෑස්තිවෙන්නේ...තව සති 2යි.....අප්‍රියෙල් 22 එහෙනං හම්බෙමු....
ReplyDeleteඅනිවා 22 හම්බවෙමු. මම අප්‍රේල් පළවෙනිදට එන්නේ.
Deleteපරිස්සමින් එන්ඩ අයියෝ...
ReplyDeleteබුදු සරණයි......!
සුභ ගමන්...
ස්තුතියි.. දවස් ලං වෙනකොට දුවන්න හිතනවා.. :-)
Deleteසිරිලක තරම් ඉන්නට හොද තැනක් නැතෙ
ReplyDeleteහනිකට ඒන්න මෙහි නවතින ලෙසට සිතෙ
ලංකාවට ඇවිත් පාරක් අයිනේ ඉඳන් තැඹිලි ගෙඩියක් බොනතරම් ආතල් එකක් මෙහෙ කොහොම ගන්නද?
Deleteසුබ ගමන්.. අරෙහෙ බලන් ඉන්නවනේ එක්කෙනෙක්..
ReplyDeleteඔව් ඔව් එයා ගණන් හදනවා දවස්..
Deleteඅහ්! රුවක් දකින්න නං එන්නම එපැයි. සුභ ගමන්.
ReplyDeleteස්තුතියි රාජ්.. අවුරුදු උත්සවේට එනවද?
Deleteබුදු සරණයි අයියෙ, පරිස්සමෙන් එන්න....
ReplyDeleteස්තුතියි මල්ලි..
Deleteපරිස්සමිං එන්නකො! :)
ReplyDeleteඑල එල.. ඇවිත් හම්බවෙමු..
DeleteApril 22 හමු වෙයිද එහෙනං...?
ReplyDeleteඔව් ඔව්... අනිවා එනවා..
Deleteආ නියමයි අප්‍රේල් 22 වෙනකන් ඉවසිල්ලක් නෑ.. මාර සෙට් එකක්ම හම්බ වෙනවානෙ...
ReplyDeleteඑකනේ.. අපේ ඔබා මාමා නම් ෂුවර් ඔතන වී.අයි.පී ගෙස්ට් කෙනෙක් වගේ ඉඳීවි ඒක බලන්නම මම එනවා.
Deleteමම මේ පැත්තේ මේ ආවාමයි ආපු ගමන්ම සුභ ආරංචියක්..... නියමයි නියමයි අයියේ.... මේ නම මොකක්ද අප්පා ඇත්තටම ඔයාගේ නමද?? ඕං මාත් සුභ පතනවා අයියට පරිස්සමින් ලංකාවට ගොඩ බහින්න කියලා.... ඒක නෙමෙයි අයියේ ලාබෙට තෙල් ටිකක් අරන් එන්න බැරිද
ReplyDeleteස්තුතියි ගැමියා මල්ලි. මේ නම? ඇලෙක්සැන්ඩර් කියන එක කොට කරහම එන්නේ ක්සැන්ඩර් කියලනේ. පුළුවන් නම් ඇත්තටම ගෙන්න වටින දෙයක් තමයි නේද? මෙහෙ පෙට්රෝල් ලීටරයක් රියාල් .99 වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 29ක් විතර.
Deleteඑළ එළ මචෝ මටත් තව සතියයි තියෙන්නේ...දවස් යන්නෙත් හෙන හිමීට අප්පා....
ReplyDeleteමං නම් ආවෝ.. 22 හම්බවෙමු මචෝ..
Deleteපරිස්සමට ලංකාවට සැපත් වුණා නේද අයියණ්ඩී... :D
ReplyDeleteඑසේය නැගණිය.. කොහා එක්කම අවා.. :)
Deleteක්සැන්ඩර් උඹත් ලංකාවේ නෙවෙයිද හිටියේ.මේ කවිය මට කියන්න තව කාලයක් ඉන්න වෙනවා.
ReplyDeleteමම හිටියෙ වැලි කතරේ බං. මේ ලංකාවට ආවේ කාලෙකට පස්සේ. දැන්මම හදිස්සි වෙන්න එපා මචෝ රට දැක්කාම බය හිතෙනවා
Deleteදැන් නම් ආයෙමත් ඔය රටට ගිහිනුත් ඇති. මම් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්ඩ පමා උනා නෙව.
ReplyDelete