Wednesday, August 17, 2011

පරණ සිද්දියක්


මේක මට උන සීන් එකක්. මදුරංග මල්ලිගේ  සයන්ස් පන්තියේ පොස්ට් එක කියවද්දී තාම මට මේක  මතක් උනේ. කොමෙන්ට් එකක දාන්න දිග වැඩි නිසා මම කතාව කියන්නම්. මම ඒ ලෙවල් කරනකොට තමා මේක උනේ. මම සෙකන්ඩ් ෂයි කරන්න යාලුවෝ එක්ක බිස්නස් ස්ටඩිස් වලට ගියේ මගේ පුරුදු ගුරුතුමා ගාවට නෙවෙයි. ටවුමට අලුතෙන් ආව ගුරෙක් ගාවට. සමාවෙන්න ගුරා කිව්වට මොකද මෙතුමාට උයිට වඩා හොදට කතාකරන්න මම දන්නා සිංහලේ වචන නෑ. ඔන්න ඉතින් ඒ පන්තිය නුවර ටවුමේ හා පුරාවට පටන්ගෙන ටිකක් දවස් වෙන දවසක්. අපේ උන්ටත් අර හොදට උගන්නන මනුස්සය නැතුව වෙන තැන්වලින් කන්න සෙට් වෙන්න උනා. මොකද මගේ ගුරුතුමා උගන්නන ස්ටයිල් එක උන්ට දිරවන්නේ නැති නිසා.

දැන් ඉතින් ඔයාලට හිතෙනවා ඇතිනේ මොකද්ද අප්පා ඒ අමුතු ස්ටයිල් එක කියල? මෙන්න මේකයි. ආනන්ද ජයතිලක ගුරුතුමා දන්නා අය මම කියන මේ කතාව දන්නවා ඇති. එතුමා උගන්නද්දී විෂය කරුණුම විතරක් නෙවෙයි ජීවිතේ ගැනත් කියල දෙනවා අතරින් පතරේ. කොහොමත් පැය දෙකේ පන්තියක අඩුම ගානේ විනාඩි 30 වත් පැයකට විනාඩි 10 - 5 විතර වෙන වෙන දේවල් කියන එක එතුමාගේ සිරිත. ඕක ඉතින් අපේ සමහර  අයට අල්ලන දෙයක් නෙවෙයි නේ.

ඉතින් මමයි අපේ සෙට් එකයි ඔන්න නමෝ විත්තියෙන් උදේ පාන්දරම අලුත් පන්තියට ගියා. පලවෙනි දවස නොමිලේ කිව්වට මෙන්න බොලේ සල්ලි ගන්නවා මාසෙටම ඇතුලට යද්දී. දැන් ඉතින් ගෙවපන්කෝ. හ්ම්ම් 150 දඩ එතන. කොහොමින් කොහොමින් හරි එකත් ගෙවාගෙන ඔන්න අපි ඇතුලට ආව. පන්තිය හරියට කුකුල් කොටුවක් වගේ. ඔක්කොම උන් එතන... අප්පා.. කොල්ලො කෙල්ලෝ එකටම ඉන්නවා එකේ. දැන් ඉතින් අපි ඉඩක් හොයාගෙන ඉදගත්තා. මම ඉන්න තැනට ටිකක් එහා අපේ අනිත් උන් ඉදගත්තේ. තව බංකු දෙකක් එහා තව සෙට් එකක්. මම විතරක් තනියම.

පන්තියත් දැන් පටන්ගත්ත කියමුකෝ. මටනම් ඇල්ලුවෙම නෑ ගුරාගේ සද්ද පුජාව. එයාගේ කතාව හරියට එය විතරක් තමයි මේ මුළු ලෝකෙන්ම බිස්නස් ස්ටඩිස් දන්නේ වගේ. පුරාජේරුව මට අහං ඉන්නම බෑ. දැන් ඉතින් මම කාගෙන ඉන්නවා. මොකක් කරන්නද? කොහොම හරි පලවෙනි පාඩම පටන්ගත්ත. ඔය අස්සෙම ඔන්න එකෙක් මට හෙන බරබරේ එහාට වෙයන් මෙහාට වෙයන් කියකියා ඉඩ මදි වෙලා. මමත් ඉතින් ඌ එක්ක කතා කරනවා නැවි නැවි ඉඩ හදාගන්න.

ඔහොම කොහොම හරි ඉන්නකොට මට ඇහෙනවා එයි බුරු පැටියෝ ඔය රතු ෂර්ට් එක ඇදන් ඉන්න බුරු පුතාට තමා මම මේ කතා කරන්නේ කියා කියා කියනවා. මමත් බැලුව කාටද මේ බුරු කතා කියන්නේ කියල, බලද්දී ස්ටේජ් එකේ ඉදන් මගේ දිහාවේ බල බල තමයි මේ කියවන්නේ.අප්පට සිරි දැනුයි මට මීටර් උනේ මම රතු නේද ඇදල ඉන්නේ කියල. නිකම්ම මම මටද අහන්න වගේ මගේ පැත්තට අත පෙන්නලා ඇහුව. ඔව් ඔව් උඹට තමයි පොල් බූරුවෝ මේ කතා කරන්නේ මොකද අයෙත් පාරක් සබ්ජෙක්ට් ෆේල් වෙන්න ඕනෙද? කියකිය මෙන්න බොලේ මට බනින්න ගත්ත? බුරුව එකපාරක් අනාගත්තෙත් ඔහොම වෙන්න ඇති කොහෙද? ඔන්න ඔතනදි ඔය ගුරාට කට කොන්ට්‍රෝල් නැතිවද කොහෙද අම්මල තාත්තල ගැනත් කියවන්න පටන්ගත්ත.

මගෙත් මල උපරිම. මට බාන්නට මට දුක නෑ,එත් අර දෙමාපියන්ට මොකටද බනින්නේ? ගත්ත පොත් ටික අතට. නැගිට්ටා. කාර්ඩ් එක අරන් ගැහුවා බංකුවට ඇනේකින්. ගහල මහා හයියෙන් මෙන්න 150. තියාගන්නවා ඕක මාව මතක්වෙන්න. තමුසේ වගේ පිස්සෙක්ගෙන් ඉගෙනගන්නවට වඩා මම ඒ ලෙවල් නොකර ඉන්නවා. මට බැන්නට මගේ අම්මට බනින්න තමුසේ තාම මෝරලා මදි කියල දැනගන්නවා කියල ආව කඩාගෙන එලියට. ටික්කො දෙන්නෙක් තුන්දෙනෙක් අවා හරියට පොලිසියෙන් වගේ. මට උපරිම මල නේ ඇහුව මොකද පොලිසියෙන් කියලද හිතන් ඉන්නේ? මට මොනවා කරන්නද? අහ්? පව් නොදී යනව! කියල. ඔන්න උන්ටිකත් පසුබහිනවා. අපු වේගෙට මම නතර උනේ ක්ලොක් ටවර් එක ලගටම ඇවිත්. හැරිලා නිකම් වටපිට බලද්දී මෙන්න අපේ සෙට් එකේ ඔක්කොම වගේ උන් ඇවිත් මගේ එක්කම. කොල්ලෝ 30 විතර එතන. උඹ හරි මචන්. අම්මට බැනපු එක අපිට අල්ලන්නෙත් නෑ. අද උඹටනම් හෙට අපිටනේ. අපිත් ආව උඹ එක්කම. හොදි නැතිවෙන්න කිව්වා නේද උඹ? කියා කියා සෙට් එක මගේ වටේ කියනවා.

දැන් ඉතින් ආයේ පන්තියකුත් නැති එකේ අපි සෙට් එකම සිංහල ජාතික හෝටලේට ඇදල කොත්තු පාරක් කාල ගෙදර අවා. එදත් එදයි ආයේ මම ඒ ලෙවල් කරන්න ගියේ නෑ.   

4 comments:

  1. එල එල !!!!!
    තමන්ගේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ගෙදර ඉන්න අම්මලා අප්පච්චිලා පලි යෑ. අයියා හරි තැන හරියටම ප්‍රතිචාර දක්වලා තියෙනවා. අන්න එහෙම තමයි ඉන්න ඕනේ.

    මට හිතෙන විදිහට සර් කාරයාට ඔච්චරම බනින්න තරම් හේතුවක් නෑ. මොකද්ද අර ඩෙස්ක් එකේ ඉඩ දුන්න එකනේ සර් දකින විදිහට අයියා කරපු වැඩේ !!!!

    ReplyDelete
  2. අප්පා නුවර පැත්තෙත් ඔය වගේ "සර්" ලා හිටියද අයියේ..අපි හිතුවේ කොලඹ විතරයි ඉන්නේ කියලා..කතාකරලා වැඩක් නැහැ , ඔය සමහර "සර්" ලා කතාකරන විදිය නම්..

    කොල්ලෝ සෙට් එක නම් පට්ටම සෙට් එකක්..තමන්ගේ එකෙක්ට නේ වැඩේ උනේ කියලා උන් ටිකත් ආපු එකනම් නියමයි..අන්න නියම කොල්ලෝ.

    ReplyDelete
  3. මනුස්සයෙකුට කතාකරන බාසාව නොදන්නා බුරුව කොහොමද ගුරෙක් වෙන්නේ ? අතගාන්නයි තිබුනේ උගේ කම්මුල් දෙක.. මටත් බැන්නට කමක් නැහැ අම්මට තාත්තට බැන්නොත් මන් උගේ හොක්ක තලනවා.. අපි අටේ පන්තියේ ඉන්නකොට හිටිය උස මහත මැරයෙක් අපේ පන්තියේ .. ඌ හිටිය හැමෝම බය කරගෙනයි. මන් සාමයට කැමති එකා. බයටත් එක්ක තමයි.. එදා ඌ මට මොකකට හරි බැනල අම්මට ..කියල කිවුව.. මම ඩෙස්ක් එක උඩින් පැන්න උගේ ඇඟට ..ඌත් පෙරලගෙන ඩෙස්ක් එකත් පෙරලගෙන බිමට. ඌ කොච්චර පුදුම උනාද කිවුවොත් වැටිලා හිටිය උඩ බලන්.. මම ඌට ඇති වෙනකම් තඩි බෑවා . කොල්ලෝ මාව උස්සන ගියේ ඌව බේරන්න. පස්සේ ඌ මගේ හොඳම යාලුවා උනා..

    ReplyDelete
  4. මදුරංග මල්ලි. : මල්ලිට කියන්න මට එදා තරම් තරහ ආවේ නෑ කවදාවත්, අම්මා කෙනෙක් නැද්ද මන්ද මිනිහට.

    චම්මා : කොළඹ විතරක් නෙවේ නුවරත් ඔහොම අය එකෙක් දෙන්නෙක් හිටිය. ඔය මගේ කතාවට පාදක උන මනුස්සය ගම්පහ පැත්තේ කෙනෙක්. දැන් නම් පන්ති කරන්නේ නෑ මම හිතන්නේ. කෙල්ලෝ ඇඹරෙනවා මිනිහ කතා කරද්දී. අනේ මන්ද කොච්චර හොද උනත් ඇයි එහෙම උන් ලගට ඉගෙන ගන්න යන්නේ කියල. මට නම් බෑ. දැන් ඉතින් ඔක්කොම තරගයක් වෙලානේ එක හින්ද මිනිස්සුන්ට ඒවා බලන කරන වෙලා නෑ.

    ලංකාප්‍රිය අය්යා : කණ අතගාන්න මගේ අත කහනවා. මොකක් උනත් ගුරෙක්නේ කියල මම එකත් කොන්ට්‍රෝල් කරගෙන එලියට ආවේ. බැරි වෙලා හරි මම ගැහුවනම් එතන මහා වලියක් ෂුවර් එකටම යයි අපේ කොල්ලොත් මැදට පැනල, කියල මට අද හිතෙනවා. කෝකත් වෙන්නේ හොදටනේ අය්යේ. එයා කපාගත්තා ඉනි එයා අරන් හිටවන්නේ නැති කවදා හරි,

    ReplyDelete