Saturday, July 30, 2011

ආදරණීය වරදකරු...


එක කලෙක
පෙම් කලෙමි
නුබ මගේමැයි සිතා
නුබට මගෙන් තොර ලොවක්
නැත සිතා
එනමුත්....
මම වැරදිය
ඒ දන්නේ දැන්ය..
නුබට මට වඩා
වටින්නේ
කොහෙවත් නැති
කෙහෙම්මලක් බව
පසක්වන විට......
දැන් 
බොහෝ ප්‍රමාදය...
අනේ
මට
සමාවෙයන්
මම
කරේ
වැරැද්දක්
කරකාර බැදගෙන
නුබව
මම කරේ
වැරැද්දක්....

Friday, July 22, 2011

ලගදි ගත්ත පින්තුර ටිකක්...

  පහුගිය දවස් ටිකේ ගත්ත පින්තුර ටිකක් අද නිදහස් කරන්න හිතුවා.. ඔන්න එහෙනම් බලන්නකෝ.









  මේ අපේ විලා එකේ පුසී පැටිය. 

  ලංකාවට ගියපු වෙලේ අතන මෙතන ටිකක්.
  පර්ල් කටාර් එක ඇතුලේ තැනක්
  සෙන්ට් ඇන්ද්රු ගේ ස්කොටිෂ් ක්‍රීක් පල්ලිය.
පොලොන්නරුව හා ගිරිතලේ 

කොහොමද? මොකද හිතන්නේ කට්ටියට?  

Wednesday, July 20, 2011

අනේ අපි කොයිතරම් වාසනාවන්තද නේද?

ඉස්සර ඔයාලට මතකද යනවා පොල් අතු කරත්ත? පාරේ දිගටම දිග කරත්ත වල පොල් අතු පටවන් කරත්ත දෙකක් තුනක් පෙලට යනවා? ලන්තෑරුමක් එහෙමත් එකේ තියනවා. කොහේහරි වෙලක හරි කරත්ත මඩුවක හරි ගොන් දෙන්න ගැට ගහල උන්ට පුන්නකු තණකොළ දීල, පාරේ අය්නෙන් කරත්තේ නවත්තල කරත්ත කාරයෝ දෙන්න නාගෙන එහෙම ඔන්න ඇවිත් කරත්ත බක්කියෙන් ගත්ත අඩුම කුඩුම ලිප තියල රැට කන්න මොනවා හරි හදාගෙන සප්පායම් වෙනවා. පස්සේ ලන්තෑරුම් එලිය අඩු කරගෙන අර කරත්ත බක්කියට වෙලා නිදාගන්නවා. දැකල තියනවද ඔයාල?

තව ඉස්සර ගියා භුමි තෙල් කරත්තේ කියල එකක්. ලංකා කියල ලොකුවට පැත්තේ ගහල පිටිපස්සෙන් සිපෙට්කෝ ලකුණ ගහල රතුපාට ටැංකියක් එක්ක යන කරත්තේ? ඒක නම් දැකල ඇති මොකද කොල තිබ්බ ඒවා මෑතක් වෙනකම්ම. දැන් නම් මම මේ කියන එව්වා බලන්න වෙන්නේ කටුගේක තමා. මට එතකොට තමා හිතෙන්නේ මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි කියල. මේ මගේ ජීවිතේ පලවෙනි හෙවත් මුල් කොටසේ දේවල්. තව ඔයාල අහල තියනවද හානකොට කියන හීයේ කවි? ඉස්සර අපේ ගෙදර ඉස්සරහ තිබ්බේ වෙල් යාය. පාරෙන් එහාපැත්තෙ වෙල්. අපේ ගෙදරට අල්ලපු වැටේ හිටියේ උක්කුන් අප්පච්චි ලොකුඅත්තා. මනුස්සය අද අපි අතරේ නෑ. හීපද කියන්න එය තරම් දක්ෂයෙක් හිටියේ නෑ  ඒ පළාතටම. වෙලට අමුඩ ලේන්සුව ගහගෙන හරක් බාන දක්කාගෙන බහින උක්කුන් අප්පච්චි ලොකුඅත්තා අඩහැරේ පාන්නේ අහල ගම හතටම ඇහෙන්න. ඉස්සර නුවර එලිය පාරේ යන සුද්දෝ මේ අඩහැරේට කොච්චර වශී උනාද කිව්වොත් පාරේ නවත්තල බලාගෙන ඉන්නවා. අපේ ගෙදර ඉස්සරහත් තිබ්බ කමතක්. දැකල තියනවද කමතේ කොළ පාගනවා? කමතේ බිම යන්තරයක් ඇදල මැද වළක් හාරලා එකේ හක් ගෙඩියි දෑකැත්ත වගේ ඒවා තියල පුද පූජා කරලා ගොයම් මඩවනවා? කමතේ හරක් හිටියේ නෑ අම්බරුවෝ හිටියේ වී තිබ්බේ නෑ බැත තිබ්බේ. කමත තිබ්බ තැනට අද ගෙදරක් ඇවිල්ල.

තව මතකද සමනල්ලු සිරිපාදේ යනවා? සුදු සමනල්ලු කහ සමනල්ලු පාට පාට සමනල්ලු රෑන් පිටින් හැම වත්තකම පිරිලා. මට මතකයි අම්මල අත්තම්මල කියනවා "ඔන්න සමනල්ලු සිරිපාදේ යනවා. ඔය පුතේ උන් යන්නේ බුදුහාමුදුරුවෝ වදින්න" කියල. "ඉතින් ඇයි අත්තම්මේ උන් මැරෙන්නේ නැද්ද?" "නෑ පුතේ උන් සිරිපාදේ වැදලා තමයි මැරෙන්නේ." මට මතක් වෙද්දීත් කදුළු එනවා. අපිත් අර සමනල්ලු අල්ලන්නෙවත් නැතුව බලන ඉන්නවා උන් බුදුන් වදින්න යන හැටි. 

අද කෝ මේ කිසිදෙයක්? ගමක ඉන්න පොඩි එකෙක් සමනලයෙක් දැන් දකින්නේ පින්තුරෙකින් හරි ටීවී එකෙන් හරි එහෙමත් නැත්තන් ඉන්ටෙර්නෙට් එකෙන් විතරයි. කරත්ත ගැන නං කතා කරන්න ඕනේ නෑ. අද කව්ද පොල් අතු වහලෙට හෙවිල්ලන්නේ? ඊටත් මොකටද කරත්ත? ලොරියක් බැරිනම් ලොරි බාග කාල් එහෙමත් තියන එකේ? ඉස්සර නං ගෙයක් හදනකොට ගහන පැළලි වලට හරි පොල් අතු ගත්ත. දැන් එකත් ඉටි කොළ. ඉස්සර අපි පරිසරේ එක්ක කොච්චර හිටියද නේද? හැමදේම අපි කරන්න ගියේ පරිසරයට හානියක් නොවෙන්න පරිසරය එක්ක බද්ධව. මතකද ඉස්සර අපේ අම්මල ඉදුල් වතුර කොරහ ගහකට හැලුව? මොකද එකේ තියන හැමදෙයක්ම පොහොර වෙනවා ගහට. මේවා කරේ දැනගෙන නෙවෙයි. ඒත් දැන්?

පොලිතින් ප්ලාස්ටික් කදු වලට කවද හරි අපි යටවෙන සයිස් එකක් තියෙන්නේ දැන් මේ යනවිදියට.ගොවිතැන් කරන්න දාන පොහොර වලට වස විස දානවා. ඒ වස විස කාලා අපි ලෙඩ වෙනවා. ඒ විතරක් නං මදැයි සතා සීපාවා ගහ කොළ ඔක්කොම. අද සමනල්ලු දකින්න නැත්තේ එකයි ඒවගේම මතකද ගේ කුරුල්ලෝ? කොහෙද උන් අද? ගොයම් පාන්නේ යන්තරෙන් අද. කමත් නෑ. අපේ පොඩි උන්ට නටන්න අද වෙල් යායක් ඉතුරු වෙලා නෑ. කිරිවදින ගොයම් ගහක් උදුරන් වී ඇටේක රහ බලන්න අද පොඩි උන්ට වරම් නෑ. කාටද මේ දේවල් කියන්නේ? අපේ පොඩි උන් දකින්නේ යන්තර පිරුන ලෝකයක්. අන්තිමට උන්ට නොදැනී උන් යන්තර වෙනවා. හිතල දෙයක් ලියන්න කියන්න වගේම චිත්‍රයක් අදින්න තියන හැකියාව මොට්ට වෙන්න මේවා හේතුවක් වෙනවා.

අනේ අපි කොයිතරම් වාසනාවන්තද නේද?

Monday, July 18, 2011

පොඩි වැඩක්.......

මේ දවස් වල අපේ ආයතනේ ලොක්කෝ ටිකට නැවිෂන් ට්‍රේනින්. ඉතින් මට හෙල්ලිල්ලක් න.  මට වෙච්ච පොඩි සීන් එකක් කියන්න හිතුනා පොඩ්ඩක් වෙනසකට එක්ක.

ඔන්න අපි දවසක් මීගමුවේ යාලුවෙක් ගේ ගෙදර යනවා ත්‍රීවීල් එකක. ඔන්න ඉතින් දැන් අපි රෑ නවයට දහයට විතර වගේ මේ යන්නෙත්. දන්නවනේ කොලු කාලේ ඕව අවේලාවල් නෙවේ නේ. ඉතින් දැන් හැටට දෙකක් විතර අඩු ස්පීඩ් එකක යනකොට හන්දියේ ඉන්නවා පොලිස් ඩබලක්. දකින්නත් කලින් මුන් දෙන්න දැම්ම අත.

හෝව් හෝව්... බ්රේක් එක ගැහුවත් ටිකක් එහින් තමා වීල් එක නතර උනේ. කොහෙද ඕය් යන්නේ? මහා රෑ මොකද මෙච්චර තදියම අහ්? කියල අහගෙනම පොලිස් මාමල කඩාගෙන පැන්න එතනට. පිස්සු හැදෙනවා අපි 6 ත්‍රීවීල් එක ඇතුලේ. ඕය් තමුසෙලා බස් එකක් අරන් යන්න ඕනේ සෙනගක් නේ මේ පටවන් යන්නේ? ගන්නවා ගන්නවා ලයිසන් එක කෝ මේකේ ඉන්ෂුරන්ස්? කොහෙද මේ යන්නේ? කියනවා බලන්න? තමුසෙලට චෝදනා කීයකට ලියන්න පුලුවන්ද දන්නවද? අහ්?  අප්පේ ප්‍රශ්න ගොඩ... ඒ අස්සේ එකෙක් කියනවා මචන් 500 දීපන් කියන්න වගේ හදන්නේ කියල. 

එලියට පැන්න ගමන් වගේ (බහින්න ඉඩ තිබ්බේ නෑ කකුල් දගර නයි වගේ තිබ්බේ) එක හුස්මට මම කිව්වා "අනේ සොරි සාජන් මහත්තයෝ (හිටියේ කොස්සෝ දෙන්නෙක්. දන්නවනේ සාජන් කිව්ව ගමන් කට්ටිය යන උඩ) අපි මේ ලග මළගෙදරක යනගමන් මේ අපේ ලොකුඅප්පච්චි නැතිවෙලා ඒකයි. කට්ටිය ආවේ මගේ උදව්වට" කියල. "කව්ද අර හන්දියේ ඉන්න අහවල් මහත්තයාගේ මළගෙදරද  යන්නේ?" ඔන්න අර රාලහාමි ටිකක් සැර බාල කරලා ඇහුව. "අහ් මේ ඔව් ඔව් ... අනේ සාජන් මහත්තයත් අදුරනවද? ඒ තමා අපේ ලොකුඅප්පච්චි.. අනේ බලන්නකෝ වෙච්ච දේ" කියල මම කියාගෙන ගියා. (දෙය්යෝ දෙනකොට දෙන්නේ බෝනස් එක්කමලු. මගේ හිත කියනවා)  "හ්ම්ම්.. ඒ මහත්තය ඩිපෝවේ ඉන්න දවස්වල අපිට සැහෙන උදව්කරා.. ෂා.. ඇයි තමුසෙලා මට කලින් කිව්වේ නැත්තේ? හා හා යනවල යනවල.. අපිත් මේ එහෙ එන්න ඉන්නේ තව ටිකකින්" කියල "උපාලි ඔන්න ඔය කට්ටියට යන්න දෙනවා මේ මම දන්නා කට්ටියක් අර මළගෙදර යන්නේ" කියල කියපි..

ආයේ ඉතින් නයි කියන්නේ මුචලින්ද කෙනෙක්ම කෑවම කොහේ ගොඩ ඊමක් ද? මම ඒ හරිය ගැන දන්නා ඉටිගෙඩියක් තිබ්බේ නෑ. මගේ වෙලාවට කව්දෝ ඒ ඉස්සරහ හන්දිය ලග පරලෝ ගිහින්. අනේ ඉතින් ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න අපිටික යාන්තන් ගොඩ ගියා. එහෙමනම් අපි යන්නම් සාජන් මහත්තය. කියල අපි ආයේ අමාරුවෙන් වීල් එකට රින්ගගත්ත. මේ මේ.. සුදු මහත්තයට කියන්න අහවල් රාලහාමි එනවා කිව්ව කියල හරිද? හරි හරි රාලහාමි..

Thursday, July 14, 2011

සත් දිනක වරුණ..

නිකම් ඉන්න වෙලාවට බ්ලොග් එක ලියන්න ගත්තට පස්සේ මට සැහෙන්න සතුටක් දැනුන අද වෙනකොට. මොකද කියනවනම් ගොඩක් දෙනෙක් මේ වෙනකොට මගේ බ්ලොග් එක පැත්තේ කරක් ගහල තියනවා කියන සීතල ආරංචියෙන් මාව කූල් වෙලා ගිය නිසා. ලියන්න පටන්ගෙන දවස් 7 යන අද දවස වෙද්දී මගේ බ්ලොග් එක 10 දෙනෙක් කියවන තැනක් වෙලා. තව ගොඩ දෙනෙක් ආව ගියපු පිය සටහන් තියනව මගේ බ්ලොග් එකේ. ඉතින් අර මම කිව්ව වගේ තුන්වෙනි ලෝකේ රටක ඉදල පොත් ගහන එක කොහොම වෙතත් එකපාර හිතට එන අදහස අරන් තමන් වගේම අදහස් තියන ගොඩක් දෙනෙක් ගාවට යන්න තියන මේ ක්‍රමේට මම ගොඩක් කැමති.

බ්ලොග් එක ලියල පලවෙනි පොස්ට් එක දැම්මේ නිකම් ඉන්න එකේ කම්මැලි කමට වගේ. නමුත් ඔයාලගේ මේ පිය සටහන් මව තව තවත් ලියන්න පෙලබුව කිව්වොත් එක බොරුවක් නෙවෙයි. ඒවගේම තමා  දුර රටකට වෙලා ඉදගෙන සිංහලෙන් කතා කරන liyana එක ගොඩක් හිතට vadina deyak. 

එහෙමනම් තමන්ගේ බ්ලොග් එකට ගොඩවැදුන ඒවගේම එක කියවල කොමෙන්ට් කරපු අයට වගේම ෆලොවර්ස්ල විදියට තමන්ගේ නම එකතු කරපු හැමෝටම බොහොම ස්තුති කියල කට පුර කියන්න ක්සැන්ඩරයා කැමතියි. බොහොම ස්තුති ඔය කට්ටිය හැමෝටම.   

Wednesday, July 13, 2011

කටාරා ...

ගල් තොප්පියේ සුදට
බූට් වල කළු පාට
පේන්නෑ
දුවිල්ල....
ගන සැරේ එකපාර
පායනා ගිනි අව්ව
පාට ගිය
නිල් පාට
සුදු කරලා.......  
වැලි කතර
ගිනියම්ය
එත් නුබ හදනවා
පාරවල්.......
ද බින්දු වගුරමින්
උන්ට
සැප වාහනෙන්
යන්න...
හෙට දවස හීනයෙන්
පුතුගේ රුව
හිත දරන් ගෙදර
යන්න එන දවස
ඇගිලි
මදි
ගනින්නට.........

Tuesday, July 12, 2011

මනු සතා....

මනුස්ස සතාට වඩා තිරිසන් සත කොච්චර හිත හොදද කියල මත හිතුනේ මේ ලිපිය අයෙමත් දැක්කට පස්සේ. වදුරෙක් තමන්ට කන්න දීපු රියදුරු මහත්තයෙක් හොයාගෙන ලංකාව වටේම ඇවිද්ද කතාව මම මුලටම කියෙව්වේ මම හිතන්නේ රිවිර පත්තරෙන් කියල. අද ලංකාදීප පත්තරේ තිබුන ඒ කතාවම. මේ පාර මේ වදුරු ලොක්ක මහියංගනේ ගිහින්. කලින් සැරේ කල්මුනේ ඉදල අම්පාරට අවෙත් මෙයාම තමා.
මේ වදුරු ලොක්ක උදේම කල්මුනේ ඉදල අම්පාරට එන බස් එකක එල්ලිලා අම්පාරට එනවලු. ඒ එන අතර මගදී රියදුරු මහත්තයාගේ මුණ බලන්නත් අමතක කරන්නේ නෑ  ලු. මොකද මෙයා තමන්ගේ යාළු රියදුරු මහත්තය හොයනවලු. මගින් එන වෙන බස් දැක්කම පාරේ තියන අත්තකට පැනල ඒ බස් එකට ගොඩවෙනවලු. එකෙත් අර විදියටම රියදුරු ආසනේ ලගට ගිහින් එබිලා බලන්න මෙයා අමතක කරන්නේ නෑ.

කල්මුනේ හිටපු එක මුස්ලිම් රියදුරු මහත්තයෙක් මේ වදුරු ලොක්ක පුංචි දවස් වල ඉදල කන්න බොන්න දීල තමන් එක්ක වාහනේ එක්ක යන්න පුරුදු කරගෙන තියනවා. මේ රියදුරු මහත්තය දවසක් හදවත් රෝගය හැදිලා මගදීම අන්තරා වෙලා කියල තමා  ආරංචිය. ඉතින් වදුරු ලොක්ක මේක දන්නා එකක් ය? එය ඉතින් තාමත් තමන්ගේ යාළුවා කොහෙහරි බස් එක්ක ඇති කියල රට වටේ හොයනවා.

පුදුමය නේද වෙලාවකට? සමහර මිනිස් යාලුවන්ට වඩා මේ සතා ලග තියන උතුම් ගති වලට?
මෙන්න කියවන්නකෝ කතාව
http://www.lankadeepa.lk/2011/07/10/front_news/04.htm

විරහව

පොලව හාරාගෙන යනතරන්
හිතට දැනුන....
හොදටම
වියෝ දුක
එත් ඉතින්
කරන්න දෙයක් නෑ
හැමදාම
මට මෙහෙම ඉන්න බෑ..........
අද
මේ අකුරු කරන්නේ
අන්තිම අකුරු ටික
අදින් පස්සේ
මගේ හිත
ගලක් වේවි
නු
දුන්නු 
ආදරෙන්....

Monday, July 11, 2011

පිස්සු හිත

උදේ පින්නෙන් තෙමිච්ච
පිට්ටනියක ඇවිදින්න
ගහක් මුල වාඩි වෙලා
හීනියට නිදියන්න
ගගක
දොලක
නිදහසේ පනින්න
මහා කැලෑවල
ගස් අතරේ
හෙමින්සැරේ ඇවිදින්න
සමනලයෙක් පස්සේ කැමරාව මානං
රිංගන්න  
හ්ම්ම්ම්....
හීනෙන් තමා
මේක කාන්තරේ
මොන පින්නද?.. 

පාස්පෝර්ට් එක.....

මොලේ කුරුවල් ය
මේ වෙන දේ වලට
සිතේ වහ කන්ට...
කරන මේ වැඩ වලට

අනේ මට
පැන යන්න
තිබුනානම් රටක් වත්?
ඒත් කොහෙද?
රටේ උන්ගේ කරුමෙට
රට මොනවා කරන්නද?
අපේ පාස්පෝර්ට් එකට
වීසා නැතුව
යන්න
රටවල් කීයක් දෙනවද?

ඔන්න අපේ තැන..
මෙහෙට එනකොට අපි
සුදු හමට එලන්නේ 
පාවඩ..... 
අපේ කළු හමෙන්
මහපු.....

චන්දයක්......

ගොඩ දවසකින් අද මට ලියන්න වෙලාවක් සෙට් උනේ. මේ දවස් වල මෙහෙ බලදියා ( ඒ කියන්නේ කුණු එහෙමත් නැත්තන් නගර සභාව) එකේ චන්දයක් තිබ්බ. කටවුට් ගහල එහෙම තිබ්බ. හැබැයි එකම තැනකවත් පෝස්ටර් ගහල හිනාවෙලා හිටිය කට්ටිය නම් හිටියේ නෑ. කටවුට් ටිකත් බොහොම පිලිවටලට පර දෙපැත්තේ හිටවල තිබ්බා තමන්ගේ ප්‍රතිපත්ති ටික ලියල. හැබයි මම දැක්ක එක විශේෂයක් තිබ්බා. ගොඩක් අය තමන්ගේ මුණු පොතේ ඇඩ්‍රෙස් එක දාල තිබ්බා. ඊට අමතරින් තිබ්බේ එක ෆොටෝ එකයි . එකත් තනියම සාමාන්‍ය විදියට ඉන්න එකක්. 

චන්දෙ ඉවර උන ගමන්ම මේ කටවුට් ඔක්කොම එකපාරම අතුරුදහන් උනා. චන්දෙ ගෙන කිසිම දෙයක් නැති ගානට අයෙත් ඔක්කොම දේවල් සාමාන්‍ය උනා. කොඩි වැල් නෑ. රැස්වීම් නෑ. ආධාර කාරයෝ කෑ ගහගහ යන්නේ නෑ. මේ රටේ මිනිස්සුන්ට එහෙම දේවල් වලට වියදම් කරනවානම් ඕනේ හැටියට මිනිස්සු ගන්න තිබ්බා. කොඩි වැල් ඇදල රැස්වීම් තියල කෑගහන්න ඕනේ හැටියට තිබ්බා. නමුත් චන්දෙ දෙන අය ඕවට චන්දෙ නොදෙන නිසාත්, හොර චන්ද මේ රටවල නැති නිසාත්, කියන දේවල් වලට වඩා කරන දෙයට තැන දෙන නිසාත් ඒවා තිබ්බේ නෑ.

ලංකාවේ චන්දයක් තියනකොට අම්මේ බස් නැතිවෙන හැටි ..... ඒ ඔක්කොම බස් චන්දෙ රැස්වීමට මිනිස්සු අදින්න දේසපලු උත්තමය අඩගහගෙන ගිහිල්ල. ඒවාට ඩිපෝවෙන් බස් ගන්නවා. සල්ලි වලට බස් ගන්නවා නැත්තන් තමන්ගේ බලේ පෙන්නලා හරි ගන්න එක ගන්නවාමයි. එක පැත්තකින් චන්දෙ දෙන මිනිස්සු මග තියල රස්තියාදු කරනවට අමතරව උන්දෙලා අපේ පොකට් එකට ගහන්නේ රජයේ ඩීසල් නිකම් පුච්චලා. හැම තාප්පෙකම දත් තිස් හතරම පෙන්න හිනාවෙලා අපිට මොනවාද මේ උත්තමයෝ කරන්නේ? ( රටට හිතවත් අවංක දේශපාලකයෝ අතලොස්ස මට සමාවෙත්වා)

ගහන්න පුළුවන් තරම් කොමිස් පගාව ගහල අපිට බාල බඩු දෙන්නත්, අපිට හෙනගැහුවත් එකෙනුත් වාසියක් ගන්නත් සැදී පැහැදී ඉන්න තමා නේද මේ උත්තමයෝ දන්නේ? මුළු පරිසරයම නාස්ති වෙන්න හැමතැනම කොඩිවැල් ඇදපු නැති එක හරි උත්තමයෙක් ඉන්නවද? චඃ ... පාර පුරාම ලොකු අකුරෙන් තමන්ගේ නම ලියන්න, කැලෑ  කුට්ටියක් කපල දාන්න , හෙන ගාඩ් එකක් දාගෙන පාරේ මහා හය්යෙන් යන්න, ඩිපෝවේ ලොකුම එකට සද්දයක් දාල බස් ටිකක් ගන්න, තමුන්ව හම්බ වෙන්න එන චන්දෙ දීපු උන්ගෙන් හැංගෙන්න, මීටිමක් තියල සද්දේ දාල අනිත් පක්ෂේ එකාව පලු යනකන් බනින්න.... හ්ම්ම්.. එකත් මාරම ආතල් එකක් තියන වැඩක් නෙවෙද? ඉතින් ඒ උත්තමයෝ එහෙම ආතල් එකේ ඉන්නකොට කාටද ආඩම්බර? චන්දෙ දීපු අපිටම නේද?

මේවා ටිකක් හිතල බැලුවොත් අම්මප චන්දෙ දෙන්න හිතෙන්නේ මුන්ට පැන පැන.

Thursday, July 7, 2011

රටේ විස්තරේ


අපේ ඉන්න උන් රටකට අවම ඒ රටේ තියන දේවල් බලන්නවත් දකින්නවත් හදන්නේ නැතිව ඉන්නේ නෑ. එහෙම යනකොට අපේ අය පුදුම විදියට සංවරව ඉන්නේ. මෙහෙ කටාර් වල තියන නීති රීති වල හැටියට කොලයක් වත් බිම දන්නා බෑ. අන්න ඒ වෙලාවට තමා මට මතක් වෙන්නේ අපේ රටේ තැන වලට යන මේ මිනිස්සුම ප්ලස්ටික් පොලිතින් එහෙම වපුරලා එන විදිය. පුදුම තරහක් හිතට එනවා අනේ මටනම් ඒවෙලාවට. මොකද උන්ට බැරි අපේ රටට ආවම ඒ වගේ ඉන්න? තමන්ගේ රට නේද?

තව දවසක් මම දෑක්ක නුවර ටවු මැ තියන පොලව යටින් යන උමන් මාර්ගේ නොයා ඊට උඩින් පාර පනින කට්ටියක්. මොකද මේ තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන අනුන්ගේ ජීවිතත් අනතුරේ දාන්නේ? හොද නිදහසේ පාර පනින්න තිබ්බ එක නේද? මම නම් කියන්නේ එකෙක්ව අල්ලලා කනට දෙකක් දීල පාරේ මැද වටරවුමේ තිබ්බනම් දන ගස්සල විනාඩි 10ක් ඊට පස්සේ කවුරුත් ආයේ එක කරන්නේ නෑ. 

රටට ජාතියට ආදරයක් නැති ඒවගේ උන්ව හමගහන්න අනේ දෙවියනේ අපේ රටෙත් හොද නීති පද්තියකුයි එක රකින්න නීති ගරුක නිලධාරිනුයි ලබා දෙන්න. ජරාව කන අල්ලසට යට වෙච්ච රටක මේක කරන එක ලේසි නෑ. රටේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න වල හැටියට පුංචි ම පුංචි මිනිස්සු අල්ලස් ගන්න එකත් එක අතකට සාධාරනයි. සල්ලි හම්බවෙන්නේ ටිකක් වෙනකොට බඩු වල ගාන ගොඩක් වෙනකොට පොඩි මිනිහගේ අත නිකම්ම ජරාවට යන්නේ ලොකු උන් කරන වැරදී වලින්. ඒ උනාට මම එක අනුමත කරන්නේ නෑ. මොකද කතාවට කියන්නේ ලද විදියට පුද කියලනේ.

කොහොමින් හරි කමක් නෑ අපේ රටෙත් මිනිස්සුන්ව හරි විදියට හදාගන්න පුළුවන් නම්.

කටාරයේ සිට කොළ කැද බීවෙමි


 ලංකාවේ ඉදන් අවට පස්සේ මේ අව්වේ කර වෙද්දී කොළ කැද ටිකක් කටට වැටෙනවා කියන්නෙත් අර අමා වතුරද මොකද්ද ටිකක් කටේ තොලේ ගැඋනා වාගේ තමා. ඉතින් අද ඒ වාසනාව උදා උනා අපේ එක සහෝදරියකට පින් සිද්ද වෙන්න. හ්ම්ම්.. මගේ කෙල්ලත් දැන් ඉතින් මට කොළ කැද හදල දෙනවා නම්... කොහෙද ඉතින් එහෙම දෙයක් වෙන්න නම් ලංකාවේ ඉන්න එපායෑ...

රුපියල් සත එකතු කරන ලෝකෙක ඉගෙන මේ වගේ දේවල් කල්පනා කරන එකත් ඇත්තට විහිළුවක් වෙලාවකට. මුචා ගේ බ්ලොග් එකේ කිව්වා වගේ හෙම දේවල්ම වෙන්නේ සල්ලි මත. ගෙදර ගියාම බත ඉදෙන තැන  ඉදලම ගෙදර ගෑනි එක්ක රෑ නිදි වදින්නත් මේ සල්ලි කියන දේ ඕන වෙනවා. මුචාගේ බසවෙන්ම කිව්වොත් ගෑනි බර බරයක් නැතුව ඉන්න සල්ලි හේතුවක්ම වෙනවා.

සමාවෙන්න මගේ බසව ගැන නමුත් සිංහල බසව කතා කරනකොට මේවගේ දේවල් කියන්නේ සාමාන්‍ය දේවල්. අද දවසේ ඉන්න සිංහල උගත්තු මේකට මොනවා කිව්වත් මේ තමා අපේ බාසාව. හරි ඉතින් සල්ලි කියන්නේ අද අපේ අගේ ලේ නහර වල දුවන දෙයක් බවට පත්වෙලා තියන එකක්. සල්ලි නිසා නෙවේ නම් අද මම මේ කාන්තාරෙක ඉදගෙන කොළ කැද ගෙන කතාවක් කියයි යෑ... සල්ලි අද දෙය්යන්ගේ මල්ලි වෙලා. එක නැති එකට දෙය්යන්ගේම පිහිට තමා ලැබෙන්නේ. ලංකාවට ගියපු වෙලාවේ සල්ලි වල තියන බලේ මට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් උනේ මගේ pocket එක හිස් වේගන යන හැටි දැනිල. අපිටනම් ඇත්තට අඩුම ගානේ ටිකක් හරි පුළුවන් ඔරොත්තු දෙන්න නමුත් මට දුක ලංකාවේ ඉන්න අහිංසක එවුන් ගැන. එදා වෙලා කන්න නැතුව දුක් විදින හැටි බලන්න දුක හිතෙනවා.

රට යුද්දෙට පස්සේ නම් ගොඩක් ලස්සනට හැදිලා තියනවා. කොලඹ ලස්සන කියල වැඩක් නෑ. ඒ අතරේ හැබැයි පොඩි අඩුවකුත් තිබ්බ චෙච්ක් පොඉන්ට් වල නම් හෙ හෙ හෙහ්... ඒ උනාට රටේ අර්ථිකේ නම් අනිත් පැත්තට යන බවක් තමා පේන්න තියෙන්නේ. අනේ ඉතින් එකත් හරි යනවනම් අපිටත් කොළ කැද ටිකක් බොන්න ලංකාවට යන්න තිබ්බා නේද?