Tuesday, December 6, 2011

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය


සමාවෙන්න ඕනේ කට්ටියම ඉතින් මේ ලිපිය ප්‍රමාද උනාට. එත් කාර්යබහුල කාලයක අනන්ත බාදක මැදින් පැනල ඇවිත් ඔන්න මම අද කොහොමහරි මේ ලිපිය ලියාගත්තා. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. 



ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි දන්නා නුතන ඉතිහාසේ නේ. එහෙම බැලුවම ජෙට් යානාවක් අපේ අහසේ ගිහින් තවමත් අවුරුදු සීයක් නෑ. මොකද ජෙට් යානයයක් පළවෙනියටම ගුවන්ගත කරේ 1939 දී වෙන හින්ද. ඒ  හෙන්කල් එච්ඊ 178. මේ ජර්මානු යානය ඇත්තටම ලෝකේ පලවෙනි ජෙට් යානාවද?


  හෙන්කල් එච් ඊ 178 යානාව


ඉතින් දන්නා අතීතේ මේ දේවල් සිද්ධ උනාට 1960 දී ජීව විද්‍යාඥයෙක් උන ඉවාන් සැන්ඩර්සන් නිව්යෝර්ක් එයරොනොටික් ඉන්ස්ටිට්යුට් ආයතනයේ ආචාර්ය ආතර් පොලිසී ගේ මතවාද සමග මතයක් ඉදිරිපත් කරනවා, මේ පහත තියන කොලොම්බියානු රන්මුවා පිළිම ගුවන් යානාවන් කියල. මේ පිළිම ක්‍රිස්තු පූර්ව 500 ත් 800 අතර කාලයක් ගන්න නිර්මාණ. එත් මේවා හොයාගත් දවස් වලදී වර්ගීකරණය කරලා තියෙන්නේ සූමොර්පික් (zoomorphic) කියන ලේබලය යටතේ. ඒ කියන්නේ මේවගෙන් සත්ව රූප නිරූපණය වෙනවා කියන අර්ථයෙන්.




ඇත්තෙන්ම මේවා දිහා හොඳාකාරව බැලුවොත් ගුවන්යානා වල තියන රඩරය, තටු වගේම ෆියුසලාජ් කියන කොටසත් (භාණ්ඩ හා මිනිසුන් රැගන යන කොටස) පැහැදිලිව දැකගන්න පුළුවන්. කිසිම ආකාරයකට ඒවා සත්ව රූප වලට සමාන නොවෙන්නේ ඒ කාරණා හින්ද. ඉතින් මේ යාන දකින්නේ නැතිව මේ තරම් විස්තර ඇතිව අපේ පැරැන්නෝ මේ රූප හැදුවේ කොහොමද? එහෙම උනොත් හෙන්කල් එච්ඊ එස් 3 යානාව ලෝකේ පලවෙනි ජෙට් යානාවමද?

මේ පිළිම හොයාගත්තු තැනට කිලෝමීටර් සියගණනක් දුරින් තියන තවත් අරුම පුදුම ස්ථානයක් තම නස්කා කියන්නේ. පිරු රටේ නස්කා කාන්තාරේ තියන නස්කා චිත්‍ර අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව 300 ත් 500 ත් අතර කාලයකදී නිර්මාණය කරපු ඒවා බව සාමාන්‍ය පිළිගැනීමයි. 1994 දී යුනෙස්කෝ ලෝක උරුමයක් කරපු නස්කා චිත්‍ර ඇත්තෙන්ම බලන්න පුළුවන් වෙන්නේ උඩු ගුවනේ සිට පමණයි. 1930 දශකයේ ගුවන් ගමන් කියන දේ ආරම්භ වීමත් එක්ක මේ නස්කා කාන්තාරය හරහා යන ගුවන් නියමුවන් හා මගීන් තමයි මේ සුවිශාල චිත්‍ර මුල්ම වරට දැකල සොයාගෙන තියෙන්නේ. මේ චිත්‍ර වර්ග කිලෝමීටර් 450ත් 500ත් අතර ප්‍රමාණයක පැතිර තිබෙන යෝධ නිර්මාණ කීපයක් වෙනවා. මෙහි තියන විශාලතම චිත්‍රය අඩුම තරමින් වර්ග මීටර 250ක් ඉක්මවා යනවා. මේ චිත්‍ර අතරේ වඳුරන් මකුළුවන් වගේම කුරුල්ලන්ගේ රූප දකින්න පුළුවන්. ඒ අතර තියන සුවිශේෂීම නිර්මාණ දෙක වන්නේ මිනිස් රූපය සහ අත් වල චිත්‍ර සටහනයි. ඉතින් එතරම් කාලයකදී මේ වගේ විශාල චිත්‍ර ඇන්දේ කාගේ උවමනාවටද? ඒ චිත්‍ර උඩුගුවනට පෙනෙන්න අඳින්න තරම් ඔවුන්ට තිබ්බ උවමනාව මොකක්ද?


නස්කා චිත්‍ර වල වඳුරාගේ චිත්‍රය

චැරියට්ස් ඔෆ් ගෝඩ්ස් පොත ලියන ලද එරිච් වොන් ඩැනිකන් කියන විදියටනම් මේ අහස් යානා ගොඩ බාන්න හදපු නැවතුම් පොලක්. ඒ වගේම ධාවන පථ පේලියක්. නමුත් මේ භුමියේ තියන මටසිලිටු ගතිය ඒවගේ දේකට උචිත නැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා. එත් පුද්ගලිකව මගේ මතය කියනවානම් මම කියන්නේ මේ අහස් යානා බාන්න හදපු ධාවන පථයකට වඩා යානා වලට මග කියන මං සලකුණු බවයි. අත වනන මිනිස් රූපය මගින් එහි ගෙන්වාගන්න යානා වලට ඒ ඒ ගෝත්‍රවල ධාවන පථ ඇති දිශා පෙන්වාදීම මේ මගින් කරන්න ඇති.

ඒ එක්කම මේ ස්ථානයට උතුරින් තවත් කිලෝමීටර් සියගානක් ඇතුලත අරයක පිහිටන මෙක්සිකෝවේ බාක් නගරය එහෙමත් නැත්තම් පුරාණ මායන් වරුන්ගේ පලන්යාකේ නගරයේ තියන ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන් කියන පැරණි දේවාලයේ තියන පකාල් රජතුමාගේ සොහොන්ගේ සොහොන් පියන උඩ කොටා ඇති චිත්‍රය ඉතාම මතභේදයට තුඩු දුන් එකක්. එරිච් වොන් ඩැනිකන් කියන පරිදි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ පකාල් රජතුමා මේ ලෝකය අත්හැර පිට ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීමක්. ඒ උනත් අනිකුත් පර්යේෂකයන් පුරා විද්‍යාඥයන් මේ මතයට එකඟ වෙන්නේ නෑ. ඒ උනත් මේ පහතින් දකින්න තියන ඒ රූපය දිහා ඔබ මදක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ පකාල් රජතුමා ඉන්න ඉරියව්ව නුතන ගගනගාමියෙක් තමුන්ගේ ෂටලයේ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සමාන බව. ඒ දෙයට අමතරව පකාල් රජතුමා තමන්ගේ දෑතින් යම් දෙයක් ක්‍රියා කරවන බව දකින්න පුළුවන්. පකාල් රජතුමාට පිටිපස්සෙන් තියන කොටස නිරීක්ෂණය කලොත් එහි රොකට් එන්ජිමක ඇති ගිනිසිළුවක් වැනි කොටසක් දකින්න පුළුවන්. ඒ එක්කම එහි දෙපසින් නගින දුම් රොටුත් දක්වා තියනවා දකින්න පුළුවන් වෙනවා.

පාකල් රජතුමාගේ සොහොන්ගැබේ ගල් පුවරුව මත කොටන ලද චිත්‍රය



මේ සම්පුර්ණ චිත්‍රය ඇත්තෙන්ම රොකට්ටුවක අකෘතියක් නම් මේ පැරැන්නෝ කොහොමද මේ දේවල් දැක්කේ? ඔවුන් සිය නායකයා වෙන්ව තරු වලට යන බව සිහියේ තබාගෙන සිටියේ ඔවුන් තරුවලින් පැමිණෙන්නන් දෙවි වරුන් ලෙසත් මරනින් මතු රජතුමා දෙව්ලොව යන බව විශ්වාස කල නිසාත්ද? එහෙමනම් මේ දෙවිවරු ඇත්තෙන්ම ආවේ රොකට්ටු වලින්ද?

මේ සාක්ෂි වලින් ඔප්පුවන්නේ මානව ඉතිහාසය සංස්කරණය විය යුතු බවද? නොඑසේනම් මේ මතවාද පිළිගන්න නුතන විද්‍යාවට බැරිද? ප්‍රශ්නය ඔබටයි ..

ප.ලි. : ඉරිදා පබ්ලිෂ් කරනවා කියා තිබුනාට මගේ ජාල සම්බන්ධයට හෙනහුරා පාත්වීම නිසා අද අඟහරුවාදා මෙය ඔබ අතරට පත්කරන්නට වීම සම්බන්ධව කණගාටුව පලකරමි.  


Sunday, November 27, 2011

IT ජීවිතේ



මධුරංග ගේ සටහන් ලියන මධුරංග මලය දමපු මේ පොස්ට් එකට රිප්ලයි විදියට ලියවුන එකක්..

සවර් ම 21 ක්,
ස්විච් නම් ලෝකයක්
ඇයි රවුටර්?
අය්යෝ....
ඒ මදිවට
පාස්වර්ඩ් කෝටියක්
මොනිටරුත් දෙකතුනක්
මැදිකරන්
තව ඉතින්
ගෝලයොත්...
සිස්ටම් ඉශු එද්දී
ඕන් කෝල් ඩියුටි වැටෙද්දී
මීටින්වල හිරවෙද්දී...
අවුල් වෙනවා පවුල්
හරියට,
තේරුම්
නොගත්තොත්
අපි ගෙවන ජීවිතේ
අඟල් 17 තිරෙන් පිට ලෝකයේ.......


ප: ප: ලි: කාල වෙලා මඳකම නිසා ප්‍රමාද වූ පිටසක්වල ජීවය ගැන ලියවුන ලිපි පෙලේ මීළඟ කොටස මේ ඉරිදා බලාපොරොත්තු වන්න. 

Saturday, November 5, 2011

පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද? I

පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.



පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන් වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  


දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?


Saturday, October 29, 2011

සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව

පහත ලිපිය සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පලකොට තිබී කතෘගේ ලිඛිත අවසරය මත මෙහි නැවත පළකර ඇත. මුල් ලිපිය සඳහා සබැඳිය වෙත යොමුවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.


සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව
By DK, on October 28th, 2011

‎”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් මානසිකත්වය දීම) සඳහා කිතුණු පූජක වරුන් විසින් නිමවන ලද ගීයක් බව දන්නෝ දනිති.. එම ගීය තහනමට හේතු වූයේ එය නිසා කළු දරුවන් පාසැල් වලදී අපහසුතාවයට ලක් වන බවට කළු ජනතාවගේ සංවිධානයක් කළ පෙන්වා දීමය..




‎මේ පුවත ඇසූ මට, අපේ රටේ දරුවන් අතර තවමත් කෙරෙන “කං කං බූරු” නම් කවිය වටා ගොණු වූ අමන ක්‍රීඩාව සිහියට නැඟිණි.. ඒ ක්‍රීඩාවද පෘතුගීසින් විසින් සිංහල දරුවන්ට වහල් අවනත භාවය හුරු කරවීම සඳහා නිමවන ලද්දකි.. එහිම පිලිපීන අනුවාදයක්ද, මුරුසි අනුවාදයක්ද, ගෝවේ අනුවාදයක්ද ඇත..

‎”බා බා බ්ලැක් ෂීප්” ගීතයෙන් කළු නීග්‍රෝ දරුවන්ට ක්‍රිස්තියානියට කීකරු වීම මුලින් ඉගැන්වේ.. ක්‍රිස්තියානි බයිබලයේ ජනතා සමූහයන් “බැටළුවන්” ලෙස හැඳින්වෙන අතර ජේසුස් වහන්සේ, පේදුරු තුමන් ප්‍රධාන පූජකයන් සියල්ල “එඬේරුන්” ලෙස හැඳින්වේ.. (උදා: අපේ රටේ අග රදගුරු තුමෙකු පත් වූ විට, එතුමා හඳුන්වනු ලබන්නේ “කොළඹ එඬේරාණෝ” යනුවෙනි.. හලාවත රදගුරු වරයට පත්වුවහොත් “සලාපුර එඬේරාණෝය”.. ජේසුස් වහන්සේ “යහපත් එඬේරා” වෙති..) .. ඒ අනුව අඬ ගසන විට එයට අවනතව එන “බැටළුවන්” මුලින් හුරු කරන ලදී.. අනතුරුව එයට “බ්ලැක්” යන්න යෙදීමෙන්, “සුදු” සම ඇති අයට අවනත වන පණිවිඩය එයට කවන ලදී.. එවිට සුදු ජාතිකයන් යමක් අසන විට “Yes Sir, Yes Sir” කියා කීකරුව පිළිතුරු දීම හුරුවේ.. ඉන් පසුව ඔවුන් කරන්නට අණ කරන සේවාව කීකරුව ඔවුන්ට කර දීමට හුරු කෙරේ.. සුදු ජාතිකයන් “ස්වාමියන් ලෙස සහ ස්වාමි දියණියන්” ලෙස සැළකීමට හුරු කිරීමද මෙයට අන්තර්ගතය.. (“One for my master..” යනාදි වශයෙන්) .. අනතුරුව “One for the little boy who lives down the lane” යන පදයෙන්, “අනාගතයේ වැඩිහිටියන් වන්නට සිටින, වත්මන් සුදු ජාතික දරු පරපුරටද, එලෙසෙම දාස කම් කරන බවට” නීග්‍රෝ දරුවන් ලවා කියවා ගනිති..



‎අපේ සිංහල දරුවන් අතර තාමත් ජනප්‍රිය තකතීරු ක්‍රීඩාවක් වන “කං කං බූරු” ක්‍රීඩාවද එවැනිම සම්භවයක් සහිත ක්‍රීඩාවකි.. (එය ආවේද පල්ලියෙන් වග දන්නෝ දනිති..) .. පෘතුගීසියෙන් “බෝයිර්, බොයා, බූරු” ආදියෙන් හඳුන්වනු ලබන සත්වයාට අප “බූරුවා” කියන්නට පටන් ගත්තේ, ඒ බසෙන් ආ උරුමයක් ලෙසය.. “එන්න, එන්න” කීම, ලතිනාක්ෂර හෝඩිය කර ගත් පෘතුගීසි බසින්ද “කම්, කම්” (Come, Come) යන්නම වෙයි.. (මෙය ඉංග්‍රීසියෙන්ද මෙසේමය..) .. ඒ අනුව පාදිලි තුමා හෝ ඔවුන් පත් කරනු ලබන ගුරුවරයෙකු, සිංහල පැටවුන්ට “කම්, කම් බූරු” (මෙහෙ වරෙං බූරුවෝ) කියා අඬ ගසති.. පෘතුගීසි බසින් (සහ යුරෝපා භාෂා රැසකින්) “Si” යනු “‍ඔව්” (Yes) යන්නය.. එබසින්ම “සිංඥ්ඥෝරු” යන්න “මහත්තයා, උත්තමයා, උතුමා” (Mister, Lord, My Lord, Eminence) යන අරුත් සහිතය.. එවිට “සී, සිංඥ්ඥෝරු” යනු “ඔව් මහත්තයා හෝ ඔව් උත්තමයෝ” යන්න වන්නේය.. සිංහල පැටියාට “වරෙං වරෙං බූරුවෝ” කියන විට, ඒකා “ඔව්, උත්තමයෝ” කියාගෙන දුවගෙන එයි.. එතනින් එහාට “මම කියන දේ අහනවද?..” “ඔව්..” “එහෙනම් දුවලා, දුවලා ගිහින්..” ඒ කොටස් එලෙස සැකසී ඇත්තේ ඇයි දැයි දැනටමත් ඔබට වැටහී ඇතුවාට සැක නැත..

‎“බා බා බ්ලැක් ෂීප්” තුළින් පරම්පරා ගාණක් තිස්සේ ඔළුවට කවන ලද දෙය නීග්‍රෝ සහෝදරවරුන් ඔළුවෙන් බිමට බා ඇතත්, “කං කං බූරු” හරහා ඔළුවට ඔබන ලද දෙය තවමත් බා ගන්නට අසමත් ඇත්තෝ සුදු ජාතිකයන් කියන දෙය “විචාර බුද්ධියෙන්” නොබලා, දණ්ඩ නමස්කාරයෙන් පිළිගනිති..

Friday, October 28, 2011

වීකෙන්ඩ් ස්පෙෂල්

ඔන්න පලවෙනි එක ඊජිප්ෂන් කතාවක්..දවසක් ඊජිප්ෂන් එකෙක් උගේ ගේ ඉස්සරහ පත බෝඩ් එකක් ගහල නෝ බාර්කින් කියල. උගේ ගේ ඉස්සරහ ඒ එකමඩේෂන් එකේ උන් ඔක්කොම වාහන පාක් කරනවලු ටිකක් හෙවන හින්ද. ඕක ගහල දවස් දෙකකින් විතර මෙන්න මු පරල වෙලා වගේ ලංකාවේ එකෙක්ටයි ඉන්දියන් එකෙක්ටයි බනින්න තියාගෙන උන් වාහනේ පාක් කරලා යන්න හදද්දිම වගේ. 

හියර් නෝ බාර්කින් වයි යු බාර්ක්?  ඊජිප්ෂන් එකා අහනවා..  නෝ බාර්කින්?  ඕකේ.. නව් හූ බාර්ක්ඩ් ? යු ආර් ද වන් හූ බාර්ක් ඇට් අස්... ඉන්දියන් එකයි අපේ එකයි ගේම අතාරින්න ලෑස්ති නෑ

අයි නෝ බාර්ක්. සී අයි රයිට් නෝ බාර්ක්. යු බාර්ක් කාර් හියර්.. හියර් නෝ බාර්ක්... නෝ... බාර්ක් ඌ කෑගහනවා.. අපේ එකාට එක පාරම මීටර් වෙලා මු මේ කියන්නේ කාර් එක පාර්ක් කරන්න එපා කියල නේද කියල. ඌ අහල යු ඩෝන්ට් වෝන්ට් අස් ටු පාර්ක් හියර් ? යස් යස් නෝ බාර්ක් හියර්.. ඒ පාර ඊජිප්ෂන් කාරය කියනවලු..

මොකද දන්නවද සීන් එක.. අරාබි බාෂාවේ පී අකුර නෑ, තියෙන්නේ බී.. ඌ ඉතින් දන්නා අරාබි විදියටම නොදන්නා කඩ්ඩෙන් නෝ පාර්කින් කියල ලියල.

ඔන්න මේක පිලිපින් කතාවක්...මට මේ ලඟදි උන දෙයක් මේක. අපේ ඔෆිස් එකේ එකියක් කෑමක් හදාගෙන ඇවිත් ඒ මොකද්ද කියල ඇහුවාම කියනවා දිස් ඉස් ඉන්කාන්.. ඉන්කාන්.. දිස් ඉස් බ්‍රසිල් ෆූඩ් කියල. . මං හිතුවෙම මේ කෑමේ නම ඉන්කාන් කියල,.. කොයිකටත් මං තව ටිකක් විස්තර අහන්න ගත්ත..... එකී කියල තියෙන්නේ ඉන් කෑන්, ඉන් කෑන්.. කියල.. බැලින්නං මේ කෑන් කරපු කෑම ජාතියක් නේ.

තවත් කතා එමටය.. මතක් වන පිළිවෙලට දාන්නං  

Thursday, October 27, 2011

ඔෆිස් එකේ රස කතා..


අද පොස්ට් එක වෙන් වෙන්නේ ලේබනානියෙක් ගැන කියන්න. මං මේ පොස්ට් එකේදී උගේ ඇත්තම නම පාවිච්චි කරන්නේ ඌ කවදාවත් බ්ලොග් කියවන්නෙත් නැති ඒ වගේම කියෙව්වත් මේකට මේක මලාට තේරෙන්නෙත් නැති හින්ද..

අපේ කතා නායකයා තමා බෂීර්. මිනිහ අපේ බේකරියේ පේස්ට්‍රි චෙෆ්. පොර ලෙබනන් වල හෙන ලොකු හෝටල් වල වැඩ කරලාලු  ඇවිත් තියෙන්නේ. ඒ උනාට කඩ්ඩ නම් සුපිරිම කඩ්ඩක්...  ඔන්න දවසක් මුට කවුදෝ කස්ටමර් කෙනෙක් කේක් එකක් හදන්න ඕඩර් එක දීල ගිහින් ළමයාගේ උපන්දිනේට. කොල්ල ඉල්ලලා තියෙන්නේ තද රතු ෆෙරාරි කාර් එකක් කේක් එක හැටියට. ඔන්න ඉතින් අපේ මෑනුත් වැඩේ පටන්ගෙන දැන් කේක් එක එහෙම හදල ගානට කපල කොටලා වටේ අයිසින් කරන්න සෙට් වෙනවලු.. ඔය අස්සේ බේකරියේ ඇසිස්ටන්ට් පේස්ට්‍රි චෙෆ් ඔතනට සෙට් වෙලා. ඌ ජේම්ස් කියල මීගමුවේ කොල්ලෙක්.. ඌ අහල චෙෆ් ඩු යු නීඩ් එනි හෙල්ප් කියල?

අපේ චෙෆා දැන් ජේම්ස්ට කියනවලු..       යු.. යු.. පුට් රෙඩ්,. නොට් රෙඩ්.. රෙඩ් රෙඩ් රෙඩ් කියල.. 

ජෙමා ඇඩ්රස් නැතුව කල්පනා කරනවලු මොනවාද මුට මේ ඕනේ කියල ...මොනාද දන්නවද මු කියල තියෙන්නේ?

මේ කාර් එකට තද රතු පාට දාපන් කියල..  (යු -මේ | යු - කාර් එක | පුට් රෙඩ් - රතු පාට දාපන් | නොට් රෙඩ් - රතු නෙවේ | රෙඩ් රෙඩ් රෙඩ් - තද රතු..)

ඔන්න තවත් දවසක් අපේ චෙෆා කේක් පෙට්ටි ඕඩර් කරන්න වෙයර්හවුස් එකට කතා කරලා. මෙහෙ කේක් පෙට්ටි ස්මෝල් මීඩියම් ලාජ් කියල සයිස් තුනකින් තියෙන්නේ. ඉතින් ඌට ඔය සයිස් ඔක්කොමත් දැන් ඕනෙලු . ඉතින් මු දැන් වෙයර්හ්ව්ස් එකට කෝල් කරලා කියනවලු..

නලින්, යු සෙන්ඩ් ස්මෝල්, බිග් ,බිග් බිග් බිග්, ටුඩේ මෝල්

හරිනේ.. අපේ නලියා ෆුල් මෝල් වෙලා පැයබාගයක් විතර කල්පනා කරනවලු මොකද්ද කරන්නේ.. මොනවාද දැන් ඌ යවන්න ඕනේ කියල. අනිතිමට පොර හැම සයිස් එකක්ම යවල වැඩිනම් යේ එවයි නේ කියල..

මොකද දන්නවද සීන් එක?
මු මීඩියම් එකට කියන්නේ බිග්.. ඉතින් ආයේ එතනින් එහාටත් සයිස් තියනකොට කියාගන්නත් එපායේ.. ඒ හරියට මූ කියල තියෙන්නේ බිග්  බිග්  බිග්  කියල..

Tuesday, October 25, 2011

බයිසිකල් හදිය...

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්......අනික හෙන දිග ගමනක් ....

ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහා පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු.....කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු. පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඉතින් පාර අයිනෙන් ඇන බාගෙන ඉන්නවලු..

ඔහොම පැයක් විතර ඉන්නකොට ඔන්න බොලේ පිඹගෙන එනවලු රතු පාට Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ. වෙන වාහනෙකුත් නැතිව කරන්න දේකුත් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස්.. සස් .. ගාල බ්‍රේක් පාරක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"
"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෑක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....

මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ..... ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද?? යමන් මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල රේස් කරන් ඇද්දුවේ නැතෑ.....


ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."වේගේ වැඩී .වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල එක සීරුවට... අත කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ... ඌ BMW එක පස්සේ ඔරේ තියල  පාගනවලු.
 
ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු


" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...." 

(මේක මං ඊයකින් උපුටාගෙන සුළු සාරාංශයක් කරන ලදී. සියලු හිමිකම් මේක ඔරිජිනල් ලියපු එකාගේය)

Friday, October 21, 2011

අලුත් කොල්ලා...

මේ කතාව මතක් උනේ දුමියගේ කට කහන කතාවල මෙන්න මේ පොස්ට් එක කියවන්න ගිහිල්ල.
ඉස්සර මං එක්තරා ඉන්ස්ටිටියුට් එකක ඉගනගත්ත කිව්වනේ. ඉතින් එහෙ මං ඉගනගන්න කාලේ මට ස්ට්‍රක්ට්ච්ර්ඩ් ප්‍රෝග්‍රෑම් මෙතර්ඩ්ස් කියන සබ්ජෙක්ට් එක ඉගැන්නුවේ ඒකට ඉන්න හොඳම ගුරුවරයා.. ඒ තමා අපේ විකුම් සර්. විකුම් සර් කියන්නේ ඇවිදින ඩේටාබේස් එකක් වගේ. එස්කිව්එල් වගේ එව්වා යද්දී එද්දී සාක්කු වලිනුත් වැක්කෙරෙනවා. හරි එකෙන් මේකෙන් කතාව පිට පනිනවා.

මම එතකොට ඔය  ඉන්ස්ටිටියුට් ඒකට ගිහින් මාස 5 වත් නැතුව ඇති එත් ඒ වෙනකම්ම ඔය මහප්‍රාණ ජීවියා මගේ ඇහැට දැකල තිබ්බේ නෑ. මං ඉතින් කොල්ලෝ කියන එව්වයින් හිතන් හිටියේ හෙන මහත බඩක් තියන කන්නාඩි දාන මැදි වයසේ පොරක් වෙන්න ඇති කියල. අයි ඉතින් එහෙම සයිස් එකේ දැනුමක් තියන එකෙක්ට කෙට්ටු බඩක් පිහිටන්නේ කොහොමද දවස තිස්සෙම කොම්පියුටරේ ලගිද්දී? ඒ මදිවට විකුම් සර් මාස්ටර්සුත් කරලා ලු. එහෙනම් ඇස් දෙකට සැහෙන්න මහන්සි වෙන්න එපැයි. අනික වයස කිව්වෙත් 30 වගේ. ඔන්න ඔහොමයි මං ඉතින් මගේ ෂර්ලොක් හෝම්ස් තියරිය හදාගත්තේ.

දැන් අපේ බැච් එකේ උන්ගේ වාරේ ස්ට්‍රක්ට්ච්ර්ඩ් ප්‍රෝග්‍රෑම් මෙතර්ඩ්ස් ඉගනගන්න. ඉතින් කට්ටියම ඔන්න අදාළ දවසේ ලෙක්චර් රූම් එකේ වාඩිවෙලා එහෙම ඉන්නවා. මමත් ඉතින් ෆුල් ආතල් පිට කදේකුත් දමාන ඉන්නවා මගේ අති ජාත මිත්‍රයෝ එක්ක. අපේ බැච් එක එක්ක එදාම අලුත් ජුනියර් බැච් එකක් එකතු කරලා තිබ්බා. ඉන්ස්ටිටියුට් එකේ උන්ගේ මුල්ම වාරේ ඒක. ඒ හින්ද අපි උන්ව ඒ තරම් අඳුරන්නෙත් නෑ. ඔය අස්සේ මට පෙනුන තව අලුත් කොල්ලෙක් එනවා. ඩෙනිමක් ගහල, ජර්සියක් වගේ ස්පෝර්ට්ස් ටී එකක ඇඳලා, පොත් තුන හතරක් අතකින් එල්ලගෙන මු දැන් කඩාගෙන එනවා. ඒ වෙද්දී  පන්තිය පටන්ගන්න විනාඩි කීපයයි තිබ්බේ. මගේ එක්ක මු දුර තියාම හිනාවක් එහෙමත් දාගෙන දොර ඇරගෙන පන්තිය ඇතුලට අවා.ඒ ක්ෂණිකව ඉතින් මමත් වටපිට බලල මුට ඉන්න තැනක් තියේද කියල බැලුවේ අර ඌ පොඩ්ඩක් මනුස්සකමක් පෙන්නුව හින්ද.

ම්හ්... මුළු පන්තියේම ඉඳගන්න තැනක් කියල තිබ්බේ මට එහාපැත්තෙ තිබ්බ පුටුව විතරයි.. අනේ මං ඉතින් මේ අලුත් කොල්ලට ඔලුවෙන් එතන පෙන්නුව. මු දැක්කේ නෑ වගේ මොනවාද හොයනවා. මං අයෙත් අතින් මුට පුටුව පෙන්නුව. ඒ පාර ඌ හිනාවෙලා වයිට් බෝඩ් එක මකන්න තියාගත්තා. ඒ කරලා මගෙන් නම ඇහුව. මුගේ ආච්චිට.. බලපියකෝ මේක ගියා උඩ කියල හිතෙන් හිතන ගමන් මං මුට නම කිව්වා. ඒ එක්කම මං කල්පනා කරේ මේ ඒපාර මොන නැටුමකට නටන්නද මු හදන්නේ කියල. මෙන්න බොලේ මේක එකපාරම කියපි

ගුඩ් ඊවිනින්ග්, මං තමයි විකුම්, ඔයාලගේ එස්.පි.එම් ලෙක්චරර්..

හුටා........ මට එවෙලේ හිතුන පොලව පලාගෙන පලාගෙන යන්න.. කෙල්ලෝ ඔක්කොම දැක්ක බොලව් මං මේකට ඉඳගන්න පෙන්නනවා.. අප්පුච්චේ........

ඒ විතරක් නම් මදැයි.. එදා ඉඳල හැම දවසකම මු පන්තියට ආව ගමන් කරන්නේ මාව හොයන එක. මං දැක්කම අඃ ඕකේ. සීම්ස් යු ආර් දෙයාර්. වෙල්.. ලෙට්ස් ස්ටාර්ට් ටුඩේස් ලෙසන්. කියල පාඩම පටන්ගන්නවා. එකත් හරි කියමුකෝ.. මගේ නම පොරට මාරුවට කටපාඩම්. එක හින්ද අහන තරමක් ප්‍රශ්න නම කියලම මගෙන්ම තමා අහන්නේ... අය්යෝ..................... කොල්ලෙක්ට ඉඩ හොයල දෙන්න ගිහින් මං කරගත්ත විනාසයක්...

Wednesday, October 19, 2011

ආඃ.. ඔය මහත්තයා ලෝයර් ද?

දවසක් මමයි මගේ යාලුවෝ දෙතුන් දෙනෙකුයි සෙට් වෙලා ඉතින් 8 රෑ විතර ගෙදර යනවා. දෙන්නෙක් බයික් එකක ගියා මමයි තව ගම්පහ එකෙකුයි උගේ කාර් එකේ ගියා. මං ඉතින් කොටුවට යන එක නේ. ඕනේ එකක එල්ලුනා මං ගියා. බිව්වට එහෙමට බිව්වෙත් නෑ. නැත්තෙත් නෑ. මගේ යාලුවාගේ කාර් එකේ උගේ අයියගේ ලෝයර් පාස් එකක්ද මොකද්ද මගුලක් ගහල තිබ්බා.

අපි දෙන්න ඉතින් කතාවකුත් දාගෙන ඔහේ යනවා. ගෝල් රෝඩ් එක දිගේ කොල්ලුපිටිය දිහාට. එතනින් ගිහින් ගෝල්ෆේස් දානවද නැද්ද කියල හිත හිත ගිහින් අන්තිමේ අනිත් පාරේ යමන් බන් කියල මු වාහනේ ගංගාරාම පන්සල දිහාට හරෝගත්ත. අපි ලිබර්ටිය පාස් කරනකොටම වගේ මම දැක්ක ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා. එත් ට්‍රැෆික් උන් නෙවේ.

මචෝ පොලිසියෙන් ඉන්නවා එත් බාප්පල නෙවේ. අවුලක් නෑ බං යමන්කෝ.. ඌ කණ පාත්කරන ගමන් කියනවා.

එකපාරම මෙන්න එකෙක් පැන්නගමන් දැම්ම අත.. අපේ එකත් චුට්ටක් ඉස්සරහට ඇදිල ගිහින් වාහනේ නවත්තගත්තා.

පොඩි පෙනුමක් තියන කොට පොලිස් පොඩ්ඩෙක් රේන්කෝට් එකකුත් දාගෙන වාහනේට කිට්ටු කරා.. මම වාහනේ මගේ පැත්තේ ජනේලේ පාත් කරලා කතා කරන්න පටන් ගත්ත.. 

මහත්තෙලා කොහේ ඉඳලද එන්නේ?  මේ ළඟ ඉඳල රාලහාමි. අර අහවල් තැන. එතන.
හා හා.. මහත්තයල බීලද? ඔව් රාලහාමි මං නම් බීල ඉන්නේ.
එතකොට අර මහත්තය? එයා බීල නෑ ඒකනේ එළවන්නේ.
හ්ම්ම්.. හරි ඔය එලවන මහත්තය ගමු බලන්න ලයිසන් ඉන්සුරන්ස් එහෙම ( අනේ අම්මෝ.. මේක ඒ පැත්තටනම් යවන්න එපා.. මගේ හිත කියවනවා. අපේ එකත් කට වහගෙන ලයිසන් ඉන්සුරන්ස් දුන්න බලපන් කියල මගේ ජනේලෙන්. අප්පේ ඇති යන්තං)
මහත්තය මේකේ ආදායම් බලපත්‍ර දින ඉවර වෙලා නේද? ඒ පාර මගේ යාලුවා කියනවා. අද අයිය ගියා ඕක ගන්න රාලහාමි. හෙට වෙද්දී හරි.
දැන් මහත්තයද ලෝයර්? රාලහාමි ස්ටිකර් එකයි මගේ දිහයි බලනගමන් අහනවා. ආඃ ඔව් ඔව් රාලහාමි.. 
දැන් මේකේ වැරදි දෙකයි.. ම්ම් .. මහත්තය ලෝයර් කෙනෙක් හින්ද ලියන්නත් බෑ.. එත් මෙව්වා නොලියත් බෑ..
මොනවාද රාලහාමි වැරදි දෙක? හරි අදායම් බලපත්‍ර දවස නම් වැරදි. ඊට අමතරව තව මොනවාද? නෑ අර මහත්තයත් බීල නේද ඉන්නේ? (මේකාගේ නහය සෙන්සරයක්ද මන්ද) ආඃ නෑ නෑ සමහර විට රාලහාමිට ඔය මගේ ලඟින් දැනෙන්න ඇති අරක්කු සුවඳ..
හ්ම්ම්.. හරි හරි.. මහත්තය ලෝයර් කෙනෙක් කිව්වනේ නේද? (යකෝ මේ හදන්නේ ලයිසන් එක ඉල්ලන්නද? පිස්සුනම් කෙලින්න එපා..) එහෙම එකේ මට මෙව්වා ලියන්නත් බෑ.. හ්ම්ම්.. කමක් නෑ.. කමක් නෑ.. එහෙනම් පරිස්සමට ගිහින් එන්නකෝ මහත්තය..

කිව්වා පරක්කුව විතරයි.. අපි පිටත් උනා.

අම්මෝ.. මේ පිස්සා ආයේ බොන්න වැඩක් නේ කරේ.. ශික්.. වෙරි සේරම හිඳුනා බං.. එහෙමනං මචං යනගමන් බියර් එකක්වත් කෙළිමු බං.. 

Monday, October 17, 2011

කොටුවේ ක්‍රිකට් මැච් සහ ඔෆිස් එකේ බිග් මැච්.. II


මේ කතාවේ දෙවැනි කොටස,. සමාවෙන්න කතාවේ මේ කොටස දාන්න පරක්කු වීම සම්බන්ධයෙන්. ඉතින් කවුරුහරි මුල් කොටස බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න.

ඔන්න ඉතින් අපේ කට්ටිය නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ ඇවිද්ද ගමන වගේ ඇවිදිනවා කොල්ලුපිටිය හන්දිය දිහාවට.. යනගමන් කවි සින්දු කරන්නත් සින්දු කවි කරන්නත් එක එකාට මඩ ගහන්න එහෙමත් අපේ උන් සැදී පැහැදී හිටිය.. කොල්ලුපිටිය හන්දිය කිට්ටුවෙදීම ඔන්න අපේ එකෙක් අදෝනාව ගහන්න පටන් ගත්ත.. 

අනේ මචං පොඩිකාලේ ගියායින් පස්සේ ගෝල්ෆේස් ගිහින්ම නෑ බං අපේ ගෙවල් කොළඹ උනාට.. අනේ යං බං ගෝල්ෆේස්... යමල්ලකෝ.. මේකට බීල වැඩිවෙලාද මන්ද.
සත්තු වත්ත දැකලත් නැද්ද උඹ තාම? වරෙන් වඩාන ගිහින් පෙන්නන්න.. මෙන්න මෙහෙ යමන් බං. කොහොමත් එහෙන් නේ යන්නේ.. ඔහොම කොහොමහරි අපි ගෝල්ෆේස් හොටෙල් එකේ අන්තිම කෙළවර නැත්තන් ගෝල්ෆේස් පිට්ටනිය පාමුලටම වගේ කිසිම බාදාවකින් තොරව ඇවිදන් (වගේ ) ගියා. එතන ඉන්නවා කොස්සෙක්..

ඕයි කොහෙද තමුසෙලා මේ කෑගහගහ යන්න හදන්නේ? දන්නේ නැද්ද මේ හරියේ යන්න බෑ කියල? කොහොමද ඕයි මෙතනට ආවේ? ආවේනම් පයින් රාලහාමි. ඇයි පයින් යන්නත් ලයිසන් ඕනෙද? අප්පොච්චියේ මුං ඒපාර පොලිස්කාරයාගෙන් ගේම ඉල්ලනවා. 
අනේ රාලහාමි අපිට ගෝල්ෆේස් එක මැදින් කොටුවට යන්න දෙන්නකෝ.. ගියේම නෑ මතක ඇති කාලෙක.. ආයේ ඉතින් අපි මේක මැදින් ගියාම මොකද වෙන්නේ?

 අපේ එකා උගේ අදෝනාව පටන්ගත්තා.

මේ මේ සෙට් එකම දානවා අල්ලලා වෙරි බහිනකම් ඇතුලට...

ඔය අස්සේ අපි දැක්ක කොහෙන්ද ආමි කාරයෙක් එනවා. 
මොකද කට්ටිය? මචං අපි මේ පාටියක් ඉවරවෙලා එන ගමන්,. අපිට ගෝල්ෆේස් එක මැද්දෙන් යන්න ඕනේ කොටුවට.. මම ශේප් එකේ කිව්වා. මොකද ඒක මැදින්ම? දැන් 12 පැනල. ඒ පාර වහල. මෙහෙන් යන්න පුළුවන්. හ්ම්.. කට්ටියම සද්ද නවත්තල මේ පාරේ යනවල.. අපි පුස් පැටව් වගේ හීන් සීරුවේ එතනින් ලිස්සල ගියා.. අයෙත් ඉතින් කතා බස් එකට ගොඩවෙලා අපි ලෑල්ලට පාගල විනාඩි 20න් විතර කොම්පඥ්ඥ වීදියට ලග උනා.

ඔය අතරේ අපේ එකෙක්ගේ ඇහැක් බෝලෙක වැදිලා.. පාරේ බිම නිදාගන්න තරමට නැවිලා පෙරලිලා කොහොමහරි ඕක ඉතින් අපි ගත්ත... දැන් ගත්ත වෙලේ ඉඳල කට්ටියටම ක්‍රිකට් ගහන්න ඕනෙලු.. මේ මහා රෑ හොයපන්කෝ ක්‍රිකට් ගහන්න තැනක්. කතා බස් එකේම දැන් කොටුවේ ටෙලිකොම් පහුකරන් අපි යනවා. මං එතනින් යන්න ඕනේ තරුණ බෞද්ධ සංගමේ බිල්ඩිමට. එකෙත් හතරවෙනි තට්ටුවේ මගේ බෝඩිම.

මොකද බං දැන් කරන්නේ? මං එහෙනම් මෙතනින් මාරු වෙනවා..
යමං ස්ටේෂමට.. එතන පට්ට පිච් එක මචං.. ගහමු ක්‍රිකට්..  අරි අහ් .. ඒක පට්ට...  තව කොහෙන්ද එකෙක් කියවනවා.. ඕන දේකට පොල් අරක්කු කිව්වලු..  අපේ උන් කොහෙන්ද කඩ බක්කියක් අස්සෙන් ලෑලි කෑලි දෙකක් උස්සන් එනවා.. මං ලාවට දැක්ක.. මොන කෙහෙම්මලක්ද කියල ඔන්න ඉතින් කට්ටියම කොටුව ස්ටේෂන් චාරිකාව පටන්ගත්ත.. ඇවිදලා දැන් ටිකක් වෙරිත් හිඳිලා තිබ්බේ ඒ වෙද්දී. කොටුවේ ස්ටේෂන් එකේ බල්ලෙක්වත් නෑ. ආමි එකේ කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටිය. ඒ ඇරුනම එකෙක්වත් නෑ. ඒ වෙලාවේ.

අපිත් ඉතින් ලෑලි කෑලි ටික තියල විකට් එක හදල දෙකේ දෙකේ ජොයිස් පොල්ලක් බැට් එකට අරන් ඔන්න ක්‍රිකට් ගහන්නයි මේ සුදානම .. ආමි එකේ හිටියෙත් අපේ වයසේ වගේ කොල්ලෝ.. උනුත් ආබාධයක් නෑ..
ඔන්න පලවෙනි බොලේ දැම්ම..

කොටුව හරහා වේගවත් හතරේ පහරක් සමග කඩුල්ල මතට ක්‍රීඩකයා ඇද වැටුනා.. දැවියාමක් සටහන් වෙනවා.. මීළඟ ක්‍රීඩකයා.. පිටියට පිවිසුණා.. ඔව් පන්දු යවන අන්තයෙන් දැවැන්ත පන්දුවක්.. පහර දී දිවයනවා.. යනවා. යනවා.. යකෝ.. ඔතනින් එහා පේමන්ට් එක.. ඇදවැටුනා...ඔව් දෙවන ක්‍රීඩකයා පේමන්ට් එකේ හැපී ඇදවැටුනා.. ප්‍රථමාධාර කණ්ඩායම හමුදා ආධාර මැද දිවයනවා.. දැන් පීටියට පිවිසෙන්නේ අපේ ලාබාලම ක්‍රීඩකයා.. පසුගිය වාරයේ ලකුණු ලැබීම කෙසේ වෙතත් කණ්ඩායමේ තේ බෙදා ඉතා පළපුරුදු මේ ක්‍රීඩකයා.. බඩුම තමා.. අති දැවැන්ත හයේ පහරක්.. පන්දුව නෝ බෝල් ලෙස සටහන් වෙනවා.. කෝ බං මේ බොලේ? දැන් ඉතින් මේ කළුවරේ හොයපන්කෝ..

ආමි එකේ කොල්ලොන්ගේ ටෝච් පාරවල් කොටුවේ ඒ මේ අත ගැහුවත් අයෙත් අපිට ඒ බොලේ දකින්න හම්බුනේ නෑ.. එකත් හොඳට ගියා.. පාන්දර 2 ට කිට්ටුයි වෙලාව. කොහොමින්හරි එතනින් අව 190 කට්ටියගෙන් බාගයක් ගොඩ කරලා ඉතුරු උන්ව එයාර්පෝර්ට් බස් එකකට දාල මං තුමා තනියෙන් අපහු බෝඩිමට පිටත් උනා.. 

පහුවදා උදේ අපි අයෙත් වැඩ. උදේ 10 විතර අපි කීප දෙනෙක්ට අපේ ජි. එම් ඔෆිස් එකට එන්න කියල පණිවිඩයක් ලැබුණ.. මමත් ඇතුළුව.. පණිවිඩේ විදියට මමත් ගියා.. යද්දී අපේ උන් 3 දෙනෙක් විතර ඇතුලේ ඉන්නවා. තට්ට HR මැනේජර් කාරයත් ඉන්නවා. මමත් ගියා. ජිඑම්ට ග්රීට් කරලා එහෙම පැත්තක ඉඳගත්ත.

ජිඑම් කතාව පටන්ගත්ත. අපිට පැමිණිල්ලක් තියනවා. තමුන්ලා ඊයේ රෑ බීල අපේ මිස්ට සමරවික්‍රමගේ වාහනේ හුළං ඇරියාය එකේ සීරුම් ඇතිකරාය කියල.. ඇත්තද? අපේ එකෙක්වත් කතා නෑ. මට එකපාර මීටර් උනා දැන් කතා නොකරොත් වරද ඔළුවට වැටෙනවා ඒක හින්ද කියන දෙයක් කියන්නම වෙනවා කොහොම උනත් දෙකෙන් එකනේ. එක්කෝ පරිප්පු.. එක්කෝ සෙරෙප්පු.. සර්, අපි ඊයේ බිව්වා. ඒක ඇත්ත. එත් ඔහොම කියන දෙයක් උනේ නෑ. කවුද දැක්කේ අපි හුළං අරිනවා?

දැක්කේ මම. මිස්ට සමරවික්‍රම විතරද දැක්කේ? මිස්ට සමරවික්‍රමට ඔප්පු කරන්න පුලුවන්ද අපි තමා ඒක කරේ කියල? සර්, මිස්ට සමරවික්‍රම අපේ එක්ක පුද්ගලික තරහක් තියනවද දන්නේ නෑ. එත් අපිට බෑ එයා කිව්වා පලියට මෙහෙම බොරුවක් පිළිගන්න. කැමරා සාක්ෂියක් හරි, බෑන්ක් සෙකියුරිටි හරි කියනවනම් අපි වරද පිළිගන්නම්. මොකද අපි බීල නිකමටවත් මෙහෙට ආවේ නෑ. අනික අපි යද්දී රෑ 12 පහුවෙලා. ඉතින් ඒ වෙලාවේ මිස්ට සමරවික්‍රම නෑ නේ බැංකුව අහලක? මිස්ට සමරවික්‍රමට කවුරුහරි බොරුවක් කියල. අනික සර් සීරුම් තිබ්බනම් පෙන්නන්න කියන්න එකක් හරි.

හ්ම්.. සමරවික්‍රම මොකද කියන්නේ? සර් මං විතරයි මේක දැක්කේ. කාර් ඒක තිබ්බේ පාරේ එහා පැත්තේ. මම අහවල් හෝටලේ පාටියක් ඉවරවෙලා එද්දී මේ කට්ටිය තමයි හුළං ඇරලා දිව්වේ. වෙන සාක්ෂි තියනවද සමරවික්‍රම ළඟ? නෑ සර්. 

හරි. මේක ඔප්පු කරන්න බෑ. මේ අය කරා කියල. නමුත් ඒ අය පිලිගන්නවා මත්පැන් බිව්වා කියල. සමහර විට සමරවික්‍රම දකින්න ඇත්තේ මේ ගොල්ල මෙතන පහු කරන යනවා වෙන්න ඇති. හ්ම්ම්.. කොහොම උනත් අදට මම මේක අතහරිනවා. දැන් මේ සිද්ධිය අරගෙන පුද්ගලික තරහ තියාගන්නේ නැතුව අතට අත දීල සමාදාන වෙලා අපහු රාජකාරිය පටන්ගන්න.. 

අපි ඉතින් අතට අත දීල සොරි ෆෝ ද මිස් අන්ඩස්ටැන්ඩින් කියල අපහු ගියා..  සමරේට හුළනුත් නෑ. හික්..

දැන්නම් මතක් වෙද්දී ඒක සුන්දර මතකයක් විතරයි.. එත් එදා බලන්න තිබ්බා.. වෙලාවට එදා හිටිය ග්‍රහය හොඳයි..

Monday, October 10, 2011

කොටුවේ ක්‍රිකට් මැච් සහ ඔෆිස් එකේ බිග් මැච්.. I


ඔයගොල්ල කවදාහරි පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ ක්‍රිකට් ගහල තියනවද? මහා රෑ 12 විතර? 2009 අවුරුද්දේ එක දවසක තමා මේ සිද්දිය උනේ. හරී හරි ..කතාවෙන් කතාවෙන් මේපාර කියන්නේ නම් ඉතින් එච්චර හොඳ කතාවක් නෙවෙයි.. ඔන්න ඉතින් මේ කියන්නේ බීල ගත්තු ආතල් ගැන.

මම කියල තිබුනනේ මම බැංකුවක වැඩ කර කියල. ඔය කාලේ සැහෙන්න බීමවල් වලට සෙට් උනා. මගේ බොස් එක්ක අපේ ඩිපාට්මන්ට් එකේ උන් පස් හය දෙනාම මාසෙකට හමාරකට සැරයක් සෙට් වීමට අමතරව මගේ මිත්‍ර සංගමේ එක්ක සතියට සැරයක් විතර එහෙන් මෙහෙන් වෙන හදිසි සෙට්වීමවල් එහෙමත් සිද්ද උනා. හදිසි සෙට්වීම් වලටම අපිට කියපු පොට් එකක් තිබ්බ. කොල්ලුපිටියේ මූද අයිනේ තිබ්බ මේ ස්පොට් ඒක අපේ එවුන් ගොඩක් දෙනෙක් දන්න තැනක්. ඉතින් ඔතන අපි නිතර වගේ සෙට් වෙන හින්ද හරියට අපි හිටියේ අයිතිකාරයාගේ යාලුවෝ වගේ. වැඩ කරන කොල්ලෝ ටිකත් අපිව හොඳට දන්නවා. මෙම්බර්ෂිප් අරන් වගේ තමා ඉතින් ඒ කාලේ. කොහොමින් හරි දවසක් අපේ එකෙක්ගේ මොකද්ද පාටියක් තිබ්බා. පාටියක් කිව්වට එකේ ඉවෙන්ට් එක මොකක්ද කියල නම් අපි දන්නේ නෑ. ඌ කිව්වා අපි ගියා.. ඔන්න ඉතින් එදා හවස 3 විතර මටත් කෝල් එකක් අවා

මචන් ක්සැන්ඩර් අන්න අද හදිසි සෙට්වීමක් සෙට් කරා.. උඹ එනවනේ? හ්ම්ම්.. ඉඳපන් බලන්න.. හරි මචන් එල කිරි කීයටද? පහට වරෙන් අපේ සෙට් එකම යනවා.. පරක්කු උනොත් පල්ලෙහට බැහැපන් හරි.. දන්නවනේ අපේ ස්පොට් එකේ තමා තියෙන්නේ.. ඔන්න එහෙනම් උඹ එන්න ඕනේ..

හා හා. එල එල.. මම එන්නම්..

අපිට බොන්න චාන්ස් ආවාට එහෙමට බොන්න බෑ. ඩේ එන්ඩ් එකක් එහෙම තිබ්බොත් බීල හමාරයි. එහෙම දාට කරන්නේ වෙන එකෙක්ව අල්ලලා තියල එන්න ට්‍රයි එකෙක් දෙන එක. හදිස්සියට අපි හිටපු ගමන් ඉතින් ඩේ එන්ඩ් එහෙම වෙනස් කරගන්නවා කතා කරලා. බීල කරන්නත් බැරි කමනම් නෑ මට නම්.  හැබැයි ඉතින් ඕකට නියමෙට දස්සය කියල ප්‍රසිද්ධ වෙලා හිටියෙනම් අපේ අතුල අය්යා.. පොරට ඉතින් නාලාගිරිට වගේ ඕකත් කජ්ජක්ද කිව්වලු. මටත් ඉතින් ඒක කජ්ජක් නුනට ප්‍රසිද්ධ කරන්න ගියේ නෑ අද වෙනකම්. මොකද මම ඒ කාලේ ඕව කිව්වනම් රස්සාව නැතිවෙන්නත් ඕක එක හේතුවක් එහෙනම්. ඉතින් ඔන්න කියපු වෙලාවටම වගේ මමත් ඔෆිස් එකේ කාඩ් එකත් ගහගෙන ඔෆිස් එකේ පඩිපෙළ දිගේ පල්ලෙහට බහිද්දීම වගේ ඔතන අපේ උන් ටික දුමකුත් පත්තු කරගෙන ඉන්නවා. 

මේ උඹ යන්නේ නැද්ද?
උඹත් යනවද? එහෙනම් ඉතින් යමල්ලා බං..  මේ... මොකද්ද බන් සීන් ඒක?
දන්නේ නෑ බන් ඌ අද උදේම කතා කරේ. මගේ හිතේ උට හොඳ කොමිෂන් එකක් වත් වැඩ කරන්න ඇති..
එහෙමද?..

ඔන්න ඉතින් අපි කට්ටිය දැන් හෙමින් හෙමින් පාර දිගේ අදාළ ස්පොට් එකට සේන්දු උනා.

අද එහෙනම් බ්ලැක් ලේබල්..? කියපල්ලකෝ?
ඔන්න ඔහේ ගනින් බන්.. බ්ලැක් හොඳයි..

අපි ඉතින් ඔන්න එක එකා මේ මධු විතෙන් සප්පායම් වෙනවා. නිකම්ම නෙවේ. ස්පොට් එකේ කොල්ලෝ දෙන්න හදපු කඩල එකෙයි චිකන් ඩෙවල් එකෙයි රස බලන ගමන්.. විතක් මධු පෙරා ගෙනල්ලා.. සින්දුවෙන් පටන්ගෙන නැගල යන සාජ්ජයක් වෙන්න වැඩි වෙලා ගතවෙන්නේ නෑ. ඔන්න ඉතින් බෝතල් එකා දෙක හිස්වෙද්දී අපිත් දැන් පදමකට ඇවිල්ල.. දැන් ගෙවල් වලට යන්න වෙලාව. අමාරුවෙන් ගහගත්තු ෆෝන් එකේ කණාමැදිරි එළියෙන් දැක්ක හැටියට දැන් නම් 12 පහුවෙලා විනාඩි 2ක් විතර වගේ.. 

මචන්ලා.. හරි එහෙනම්.. දැන් යමල්ල.. බාර් එකත් වහල බං.. එහෙනම්.. කොහොමද උඹ යන්නේ.. කැබ් එකක් කතා කරමුද? ඔන්න ඔය වෙලාවේ අපේ ගිහාන් කෑගහනවා..

අඩෝ.. එකෙක්වත් කැබ් වල යන්න ඕනේ නෑ. අපි ඔක්කොමල්ල කොටුවට ගිහින් යං. හැබැයි කොටුවට යනකම් පයින් යන්න ඕනේ.. ලෑස්තිද?

ආයේ මොනවාද කට්ටියම පවනට සැලෙනා ගානට වැදිලා හිටියට එක පයින් යන්න රෙඩි. යමල්ලා.. ඔන්න ඉතින් දැන් ගමනේ යා.. දැන් නම් බැංකුව ලගින් යන්නේ.. ඔය යන අතරේ අපේ එකෙක් දැක්ක අපේ HR මැනේජර්ගේ චුට්ටන් බට්ටිත්තන් කාර් කට්ට...

අඩෝ..... මචන් මේ.. අද අරුට ගේමක් දෙමු... අරිමු ඕකගේ රෝද පහේම හුලන්...
කොහෙද බං රෝද පහක්? එකේ හතරයි බං තියෙන්නේ.. ඒ අස්සේ එකෙක් කියනවා
ආ එකත් ෂුවර් නෑ බං, ඕකා කුණා, සමහරවිට රෝද තුනෙන් දුවනවා ඇති... තව එකෙක්.. 

මේ මචන්ලා.. ස්පෙයාර්  වීල් එකෙත් හුලන් අරිමු.... උට හෙට කාර් එක උස්සන් දුවන්න,.. කියල ඔන්න අපේ උන් පාර පැනල අනිත් පැත්තට ගිහින් කාර් එකේ හුලන් අරින්න දැන් ෆුල් සෙට් වෙලා.. මෙන්න සුපුරුදු කළුවරේ අඩ අඳුරේ හඬ පායනවා ඈතින්... අපේ මැනේජර් බුවා එනවා..පොරගේ තට්ටේට රෑ තරු වල එලිය වැටිලා දිලිසෙනවා.. මොන *** කරනවද බං මු.. මේ මහා රෑ? දුවපල්ලා... දුවපල්ලා... ඕකා දැක්කොත් සොරි තමා.. ඌත් කොහෙහරි සැටමෝල් වෙන්න ඇති බං..  කස්ටිය දුවන්න ඉගිල්ලුන. ඉගිල්ලුනට දුවන්න කකුල් වලට බෑ බෑ වගේ.. අපිට නිකම් පාවෙලා වගේ යනවා දැනුන.. ඒ අස්සේ එකෙක් පාර තදද බලන්න පාරට පත බැවිල.. ඌ මගේ හිතේ හඳේ ගුරුත්වාකර්ශනයට අහුවෙන්න ඇති. කොහොමින් හරි ඌවත් වත්තම් කරගෙන අපි අපහු කොල්ලුපිටියේ හන්දිය දිහාට පාගනවා.. 

අනේ ඉතින් දැන් නම් පොස්ට් එක මාගලක් වගේ දිග වෙන්නයි යන්නේ.. ඉතුරු ටික ඊළඟ පොස්ට් එකේ දාන්නම්.. කොහොමද අපි අධිඅරක්ෂක කලාප මැද්දෙන් කොටුවට ගිහින් ක්‍රිකට් ගැහුව හැටි සහ පසු දා උදේ පාටිය ගැන.

Tuesday, September 27, 2011

ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - II


මේ පොස්ට් එක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් කියවල එන්න. ඉතින් කලින් පොස්ට් එකේ කිව්වනේ කොහොමද අපි පන්තියෙන් පැනල කොරිඩෝර් දිගේ ගිය හැටි කියල. ඔන්න ඉතින් වැඩිය අතුරු අන්තරා නැතිව අපි 8 සෙක්ෂන් එකෙන් එලියට යන දොරට කිට්ටු උනා. දොරක් කිව්වට මේකේ තියෙන්නේ අර ස්ටේෂන් වල තියන දැල් දැල් යකඩ දොරක්.. මේ දොරෙන් එළියේ දකුණු පැත්තට වෙන්න ප්‍රයිමරි සෙක්ෂන් එක. ඉස්සරහ නැටුම් කාමරේ. ඒ අතරේ  එලියට පැනල දකුණු අත පැත්තට දුවගෙන ගිහින් කන්ද නගින්න තියෙන්නේ. මේ දොරෙන් එලියට යන්න තියෙන්නේ අර කිව්ව මහා කානුව උඩින් තියන පාලමකින් එගොඩ වෙලා.

හරි.. එකෙක්වත් නෑ කියල සිග්නල් එක අවා. කට්ටියම ඉස්සරහ තිබ්බ දොරෙන් පැනල එතන තිබ්බ පොඩි පිට්ටනිය හරහා දුවගෙන ගිහින් උඩට යන පාරේ දුවන්න ගත්ත.. ඒ එක්කම පිටිපස්සෙන් සද්දයක් අවා දුවපන් දුවපන්.. ඔන්න පොලිසියෙන් එලවනවා කියල. ශිෂ්‍ය නායකයෝ සෙට් එක අපිව දැකල ටීම් එකක් ඩිප්ලෝයි කරලා අපිව අල්ලන් එන්න. උන් ටික ඒ හරියට එද්දී අපි කන්දේ බාගයක් නැගල. අපි ඒ ආව ගැම්මෙන්ම වැටෙන් රිංගලා කැලේට පැනගත්ත. වැට කිව්වට කටු කම්බි වැටක් තම තිබුනේ. එකේ එක තැනක කම්බි ටික කපල ගිනිසීරියා කණුවක ගැටගහල පොඩි ගේට්ටුවක් හදල තිබ්බේ. ඔන්න හිතාගන්න එක කොච්චර ප්‍රසිද්ධ පාරක්ද කියල. ඉතින් එතන කලේ වැවෙන්න දෙන එක අපි නිතරම කරපු දෙයක්. මොකා කිව්වත් සුද්ද කරන්නේ නෑ එතන නම්. ඔන්න ඉතින් එතනින් පැනල මාන කැලේ මැදට රින්ගගත්ත. මාන පඳුරු අඩි 4 ක් විතර උසයි ඔය හරියේ. අපි ඉතින් ඕක මැදින් යනවා.. අයෙමත් අර මිෂන් එකක ආමි එකේ සෙට් එකක් යනවා වගේ.. ඔලුව හරිය විතරයි පෙන්නේ.ඔතනින් ගියාම හරි විදියට වැටෙන්න ඕනේ අඩවි වන එක ලගට. 

යනවා යනවා අඩවි වන ඔෆිස් එක පෙන්න නෑ. එත් දැන් දකුණු අත පැත්තේ ගෙයක් පේනවා පල්ලමට වෙන්න.  දැන් ඉතින් පාරට යන්න නේ ඕනේ. ඉතින් ඔන්න ඔහේ ඕනේ එකක් කියල ගියා ඒ පැත්තට. ඒ වෙද්දී මාන කැලේ ඉවරයි. දැන් තියෙන්නේ තණකොළ නැති පයිනස් ගස් කැලේ. අප්පට සිරි.. පොලිසියේ දෙන්නෙක් පේනවා.. ටිකක් දුරට වෙන්න. ලස්සනම වැඩේ කියන්නේ උන්ටත් අපිව පේනවා. එත් ගස් අස්සෙන් දුවන හින්ද හිතාගන්න බැරිවෙන්න ඇති මොකද්ද වෙන්නේ කියල. ඉතින් අපි සෙට් එකේ උන් ගස් වලට මුවා වේවි කොහොම හරි එතනින් මාරු උනා. යනගමන් අර ගෙදර දිහත් බලන්න අමතක කරේ නෑ. අප්පා.. එකේ ගහල තියනවා දිස්ත්‍රික් මහාධිකරණ නිල නිවස කියල,.. මදැයි කොලා.. පොඩ්ඩෙන් නම් කේස් එක උසාවි..

ඔයින් මෙයින් අපි ඉතින් පාරට අවා. හරියටම කඳුරට සේවේ ඉස්සරහට කට්ටිය කඩන් වැටුනේ.. දැන් ඉතින් කලිසම් වල තිබ්බ මඩ වල් කොළ, ආදී නොයෙකුත් එව්වා ගසා බසා දාල ඉතින් පල්ලහට බහින්නයි සුදානම. කොහොමද මචන් බේරුනා බේරිල්ල නේද? කියා කියා කස්ටිය පුරසාරම කියව කියව දැන් එනවා, ලඟම කෙල්ලන්ගේ ඉස්කෝලේ පුෂ්පදානේ.. කොල්ලනේ කලිසම් වල මඩ එහෙම සුද්ද කරගනිල්ල.. ඔන්න එකෙක් කෑගහනවා.. ඉතින් අපි පුෂ්පදනේ ඉස්සරහින් ජයග්‍රාහීව යනවා ගේට්ටු කණු ඇතුලේ ඉඳන් හුල්ලන කෙල්ලන්ගේ ඉරිෂියාවට ගොදුරු වේවි.. 


එතනින් පල්ලහට එද්දිම වගේ මම දැක්ක තව සෙට් එකක් එනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක පැත්තේ පාරෙන්. උන් එන විදියටනම් පැන්න වෙන්න බෑ. එහෙන් පැන්නොත් අනිවා යන්නේ රේල් පාරේ.. රේල් පාර තරං අධි ආරක්ෂක කලාපයක් මුළු නුවරම නැතුව ඇති පනින එවුන්ට.. කෙලින්ම කාටත් නොපෙනී ගුඩ්ෂෙඩ් හරි ටවර් එකට හරි යන්න පුළුවන් ඊසිම පාර ඒක. ඉතින් මම ඇහුව මල්ලි කොහෙද ඔයගොල්ලෝ මෙහෙ කරන්නේ? 


ඇයි අය්යා දන්නේ නැද්ද? ඉස්කෝලේ ඇරියනේ කලින්? අපි ගෙදර යනවා... අය්යෝ........ මට එතන ඉඳගෙන වහ කන්න හිතුනා........ අපි පැය එක හමාරක් විතර කට්ට කාල පැන්නේ මේකටද බොලවූ?


Sunday, September 25, 2011

ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - I

මගේ පරණ අතීතේ අයෙමත් අවුස්සපු කතාවක් පිණිබිඳු මෙන්න මේ පොස්ට් එකේ දාල තිබ්බා. ඉතින් ඔය කතාව කියෙවනකොට මට මතක් උනේ මගේ පරණ ඉස්කෝලෙන් පනින කතා වස්තුව.

මේ මම 10 පන්තියේ ඉන්න දවස්වල. අපේ ඉස්කෝලේ තියෙන්නේ නුවර ටවුමේ තියන උසම තැනක. සුමංගල කිව්වම දන්නා අය දන්නවා ඇති නේ? අපේ ඉස්කෝලේ පිටිපස්සේ තියෙන්නේ බහිරව කන්ද. එක පැත්තකට වෙන්න ඉස්සරහ වට ගාව ඉඳල වගේ තියෙන්නේ පොලිස් නිල සුනඛ අංශය. අනිත් පැත්තෙන් බුදු පිළිමය එක්ක අඩවි වන කාර්යාලය. හැබැයි මේක තියෙන්නේ ඉස්කෝලේ පැත්තකින් පිටිපස්සට වෙන්න. පොලිස් නිල සුනඛ අංශේ ඉවර වෙනවත් එක්කම ලොකු උස කන්ද. හරියටම ඉස්සරහින් සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රථමික අංශයේ පිට්ටනිය. ඔන්න ඔහොමයි පිහිටීම තිබ්බේ.

දන්නවනේ 10 වසරේ ඉන්නකොට ඉතින් ආයේ ඔය වගේ වැඩක් කියන්නේ එක මාරම පොර සීන් එකක්. පනින්න දන්නා එවුනුයි නොදන්නා එවුනුයි කියන්නේ නිකම් අර හඳට ගිහින් ඇවිත් ඉන්න උන් එක්ක නිකම් උන් ඉන්නවා වගේ ආතල් වීර ක්‍රියාවක් කරපු උන් අවා වගේ, නැත්තන් අද වගේ සුපර් ස්ටාර්ල අවා වගේ තමා. ඉතින් අපිත් ඔන්න ඉස්සරලාම පනින්න සෙට් උනා. දැන් ඉතින් අර පොත් බෑග් එක අරන් යන්නත් ඕනේ. පනින්නත් ඕනේ. මාට්ටු නොවී ගෙදර යන්නත් ඕනේ. ඔන්න තත්වේ. අපි ඉතින් නිකම් ඉන්නගමන් පනින්න පුළුවන් තැන් ගැන පොඩ්ඩක් ඇහැ ගහල බලන එක පුරුද්දක් කරගත්තේ පනින්න තියන ඕනේ කමට වඩා පොර වෙන්න තියන ඕනේ කමට. ඉතින් එදා අපි තෝරාගත්තේ බහිරව කන්දෙන් පනින මහා මෙහෙයුම.

ඉතින් දැන් තැන් තෝරලා කට්ටිය 3 දෙනෙක් ලැස්ති උනා මේ මහා වීර ක්‍රියාව කරන්න. අපේ හෝල් එක තිබ්බේ ඉස්කෝලේ දකුණු පැත්තට වෙන්න. එහෙට කිට්ටුව පනින්න තැන් දෙකයි තිබ්බේ, එකක් සිල්වෙස්ටර් එකේ පිට්ටනිය මැදින්. අනික බහිරව කන්දේ කැලේ මැදින්. අපිට වැඩිම කිට්ටු බෝඩර් එක උනේ බුදුපිලිමේ පැත්ත. ඒකට යන්නත් නැටුම් හෝල් එක ඒ අතර තියන හිස් බිම් තීරුව පනින්න ඕනේ. ඒ පැන්නත් කන්ද දිගේ නගින එක හෙනම අමාරුයි, වෙන මොනවත් නෙවෙයි පාර තිබ්බට උඩට යනකම් යන්නේ මොකාද කියල අපේ බිල්ඩින් එකේ තුන් වෙනි තට්ටුවට යනකම් පේනවා. ඉතින් එකත් පන්නන්න ඕනේ. එතන 6 පන්තියේ හෝල් එක. ඊට පල්ලෙහා 7 අන්තිමට 8. 8 උන්ට නම් පෙන්නේ හිස් ඉඩ ටික පනින එක විතරයි. එත් ඉතින් සර් කෙනෙක් දැක්කොත් ජල ගුටි සමග පරිප්පු නේ..

කොහොම හරි මේ සීන් එක අමි එකේ මිෂන් එකක් තරමටම අමාරුයි. ඉතින් ඔන්න අපි ඇහැ දාගෙන ඉන්නවා පනින්න දවසක් එනකම්. අනේ එක දවසක ඔන්න ඉස්කෝලේ ගුරු රැස්වීමක්. එදාට ඉතින් 12.30 ඔක්කොම සර්ල ටීචල යනවා ඒකට. ආයේ ඉවර වෙන්නේ 1.30 ට ඒ කියන්නේ ඉස්කෝලේ අරිනකොට. ඉතින් ශිෂ්‍ය නායකයෝ තමා පන්ති බලාගන්නේ. අප්පා එදාට උන්ගේ ගණන්..

එදා හවස 11 වෙද්දීම අපි නිව්ස් එක දන්නවා අද රැස්වීම කියල. ඉතින් බඩුම තමා..කට්ටිය සෙට් වෙලා යන්න. මල කෙලියයි.. කොල්ලෝ 10 පනින්න සෙට් වෙලා. කට්ටියක් සිල්වෙස්ටර් එකේ පිට්ටනියට යන ලොකු කානුවෙන් පනින්න යනවා. කානුව කිව්වට හිතන්න එපා මේක මහා ජරා කුණු කානුවක් කියල. හොඳට සුද්ද කරලා තියන අඩි 6 විතර ගැඹුර අඩි 3 විතර පළල කොන්ක්‍රීට් කරලා බිත්ති මැදපු අගලක් එක. එකේ තමයි ඉස්කෝලේ ඔක්කොම වැහි වතුර ගලාගන යන්නේ. ඒකට පනින එකත් වෙනමම ගේමක් තමයි. අපි සෙට් වෙලා හිටියේ බහිරව කන්දෙන් පනින්න. අපේ පාරේ තියෙන්නේ කැලේ මැදින් ගිහින් කඳුරට සේවේ අයිනෙන් ඇවිත් පාරට එන්න. එන පාරේම බාලිකා පාසල තියන හින්ද එක තව ආතල්. ඉතින් දැන් ඔන්න අපි සෙට් දෙකම සෙට් වෙනවා හරියට හඳට යන උන් වැඩේට සෙට් වෙනවා වගේ. පොත් වැඩි උන් ඒවා පන්තියේ හංගනවා. සමහරු යාලුවන්ගේ මලු වල ඔබනවා. සමහරු කබඩ් ඩෙස්ක් අස්සේ දානවා. එක විකාරයයි. ඔක්කොම සෙල්ලම් ඉන්ටර්වල් එකේ කරන්නත් වෙනවනේ. නැත්තන් පනින්න වෙන්නේ නා. මොකද ශිෂ්‍ය නායකයෝ 12.10 විතර වෙද්දී එනවා. උන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි.

ඔන්න වෙලාව අවා, 12.20 එනවුන්ස්මන්ට් එක දුන්න ඔක්කොම ගුරුවරුන්ට. අපේ හිටිය සරුත් පැවරුමක් එහෙම දීල යන්න ගියා. ගීය ගමන්ම අපේ ඔත්තු බලන එකාගේ හස්ත සන්යාවෙන් අපි සෙට් එක බිල්ඩිමේ කොරිඩෝර් එකට පැනගත්ත..දැන් ඉතින් පොත් මලු අතේ අරගෙන පොඩි කොට බිත්ති වලට මුවා වෙවී අපි දැන් ඉදිරියටම යනවා.. හරියට අර කිලිනොච්චි අල්ලන්න හමුදාවෙන් යනවා වගේ. එකම දේ අපි වෙපන් අරන් යන්නේ නෑ .. නමුත් ගමන එකයි. හැංගි හැංගි. සෙට් එක දෙකට කැඩිලා එක සෙට් එකක් පස්සෙන් එන තර්ජන බලන ගමන් ඉස්සරහින් යන උන්ගේ හස්ත සන්යා වලට ඉස්සරහට යනවා. අනිත් උන් ඉස්සරහ තත්වේ අනුව පාරවල් හදාගෙන ඉස්සරහට යනවා.

කතාව තව දුර යනවා.. හිතුවට වඩා පොස්ට් එක දිග වෙන්න යන්නේ.. එක හින්ද ඉතුරු ටික ඊලග පොස්ට් එකේ දාන්නම්.

Wednesday, September 14, 2011

ඇත්තද?



රියාලේ කොළ
කොට්ටම්බා කොළ ගානට
ඉතිරිච්ච..
සල්ලි පිරිච්ච ජීවිත..
මහපාරේ
දැක්ක
මහා පත බෙන්ස් එකක්
පුරාම යනවා..
අපේ උන් ඒ බලන්
හීල්ලුව ..
දුකට වෙන්න ඇති..
එත්,
උන්ට නැති සන්තෝසේ..
අපිට තියනවා බං..
ඇහුන මට
එකෙක් කියනවා..
එත්..
ඇත්ත
ඒකමද?
අනේ මන්ද....

Monday, September 12, 2011

අතීත මතකයක්,..


මේ ඇවිත් 2006 අවුරුද්දේදී වෙච්ච කතාවක්. මම ලංකාවේ නම් දරාපු එක පරිගණක ආයතනයක උගන්නනවා මේ කියන කාලේ වෙනකොට. 2005 ඉඳල 2006 අන්තිම ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ වෙනකම් මම මේ ආයතනයේ ඉගැන්නුවා. මෙතන මට කවදාවත් අමතක නොවෙන තැනක්. ඒ වගේම කතා ගොඩක්...

ඔන්න ඔය කියන දවස්වල මට වයස 21 විතර ඇති. මම එහෙ පන්ති කීපයක්ම කරා.. පොඩිම පොඩ්ඩන්ට උගන්නන එක ඉඳලම ඉහ නිකට පැහිච්ච මගේ ගුරුවරුන්ගේ වයසේම තවත් ගුරුවරුන්ට මම උගැන්නුව එහෙදි. ඔයාල ගුරුවරු නම් දන්නවා ඇති පරිගණක ආශ්‍රිත ඉගෙනුම (CAL) කියල එකක් අධ්‍යාපන අමත්‍යන්සයෙන් කරා. ද්විතික අධ්‍යාපනය නව්‍යකරණ ව්‍යාපෘතිය (සෙම්ප්) කියල එකක් යටතේ. ඕකෙදි දිස්ත්‍රික්කයේ තියන ඉස්කෝල වල ඉන්න ගුරුවරු ලගම තියන පුහුණු මධ්‍යස්ථාන වලට යවනවා දවස් 18 ක් පුහුණුවෙන්න. මේකේ විෂයන්ට තියෙන්නේ වර්ඩ්, එක්සෙල්, පවර් පොයින්ට්, ඇක්සෙස්, හාඩ්වෙයාර් සොෆ්ට්වෙයා, නෙට්ව්ර්කින්ග් ඉන්ටෙර්නෙට් ඊමේල් එක්ක තව පොඩි පොඩි දේවල් ටිකක්. පොත්ම 7 ක් තියනවා උගන්නන්න. දවස්  18 න්  උගන්නන්න හම්බවෙන්නේ දවස් 16. ඉතුරු දෙකේදී එයාල තමන් ඉගනගත්ත දෙයින් මොනාහරි විෂයානුබද්ධ ක්‍රියාකාරකමක් කරලා පෙන්නන්න ඕනේ. ඕක ඉතින් පවර් පොයින්ට් තමා..
ඔන්න ඉතින් කතාවේ පසුබිම විස්තර කරානේ.. ඉතින් අපි කතාවට බහිමුකො.. ඔන්න ඉතින් 2006 අවුරුද්දේ මම මගේ දෙවැනි කැල් බැච් එකත් ඔන්න අවා. බොහොම වයසක් තියන ගුරුවරු වගේම තරුණ ගුරුවරු ගුරුවරියොත් ඒ අතරේ හිටියා. ඕනෙම පන්තියක් මට එකයි. එකට අපේ ආයතනේ ලොක්ක ආවත් ඒ මට එක ස්ටුඩන්ට් කෙනෙක් විතරයි. මම ඉතින් පලවෙනි දවසෙම කිව්වා කට්ටියටම ඔයාල අපේ ආයතනයට සාදරයෙන් පිලිගන්නවා. ඒවගේම මගේ පන්තියට. මෙතන ඉඳන් දවස් 18 අපිට එකට වැඩ කරන්න වෙනවා. මම දන්නා දේ උපරිමෙන්ම ඔයාලට කියල දෙන්නත්,  එකේදී ඔයාලට තියන ඕනෙම විෂය ප්‍රශ්නයක් මම විසදන්න උදව් කරන්නත් බැඳිලා ඉන්නවා. ඒවගේම මතක ඇතුව ඔයාලගේ ඔය ජංගම දුරකථන එක්කෝ ඔෆ් කරන්න නැතිනම් සයිලන්ස් දාන්න ඊට පස්සේ අවශ්‍යමනම් පන්තියෙන් එලියට ගිහින් එක පාවිච්චි කරන්න, මොකද මේ පන්තියේ මොබයිල් පාවිච්චි කරන්න බෑ." ඔන්න මගේ ආරම්භක කතාව. සරලයි නේද?
ඉතින් මම පන්තිය පටන්ගන්නවා. කිසිම දවසක මම ඒ ගුරුවරුන්ට මට සර් කියන්න නම් දෙන්නේ නෑ. යි දෙය්යනේ මොන හිතකින් එහෙම කියන්නද? එයාල සමහරු මගේ ගුරුවරු වයසේ. සමහරු අපේ අම්මලාගේ අප්පච්චිලගේ වයසේ. ඒ නැතත් එයාල ගුරුවරු නේද? ඉතින් පන්තිය කරගෙන යන අතර වාරේ මම කවදාවත් බනින්නේ නෑ එයාලට. හිත රිද්දන්නේ නෑ. කොහොමත් වයසක ගුරුවරුන්ට මේක මහාම අමුතු ගැජට් එකක්නේ. මව්ස් එක අල්ලන්න පොඩි ෂෝර්ට් කට් කියන්න එහෙම ඉතින් මුල දවස් දෙක වියදම් වෙනවා එයාල එක්ක.
දෙවැනි දවසේ ඉඳල ඉතින් අර කියපු සබ්ජෙක්ට් තම උගන්නන්නේ. එකේදී ඉතින් ගොඩක් ගුරුවරු පොඩි ළමයි වගේ වෙනවා. ඇත්තනේ. එයාලගෙන් සමහරු (මම වැඩකරපු දිස්ත්‍රික්කේ හා ඒ අව ගුරුවරු ඉන්න පළාත් වල) පරිගණක කියන එක දැකල දන්නවා උනාට වඩා කරලා නෑ කවදාවත්ම. සමහරු මේ මැෂිමට අස කරලා එක උනන්දුවෙන් ඉගෙනගන්නවා. සමහරු ඔන්න ඔහේ ඕනේ එකක් කියල නිකම් ඉන්නවා. සමහර අයට පුදුම අදහස් එන්නේ. දවසක් එක විදුහල්පති කෙනෙක් එයාගේ මුළු ඉස්කෝලෙම දත්ත ඇක්සෙස් ඩේටබේස් එකකට දාගන්න ප්ලෑන් හැදුව. තව දවසක් ඉතින් මමයි මගේ සහයට හිටිය ක්‍රිෂාන්ත් (ඔව් ක්‍රිෂාන්ත් ටැමිල්) එකතුවෙලා පන්තිය කොහොම හරි ඇදගෙන යනවා. කිසි කෙනෙක් මිස් කරන්නේ නැතුව. එකේදී අපි කවදාවත් එකම දේ සියපාරක් ඇහුවත් ළඟටම ගිහින් කියල දුන්න.

ඔන්න ඉතින් අන්තිම දවස උදා උනා පන්තියේ, එදා ඉතින් අර ගුරුවරු කරපු වඩා බලන්න අධ්‍යාපනේ අධ්‍යක්ෂක කෙනෙක් එනවා. ඉතින් එයටයි අපේ ආයතනේ අයටයි ගුරුවරු පොඩි සංග්‍රහයක් සූදානං කරනවා අන්තිමට පෙන්නන එකේ අඩු පාඩු හදනවා.. දාහක් වැඩ. ඉතින් අපිත් සැහෙන්න උදව් කරනවා එයාලට ඒවා හදාගන්න. ඉන්ටෙර්නෙට් එකෙන් ඩේට ගන්නවා ඒවා හදල ස්ලයිඩ් හදනවා.. එයාල කරපු වැඩ ඔක්කොම සීඩී කරනවා.. වැඩනං කොතෙකුත්.

ඔහොම ගිහින් ඉතින් එදා හවස එක එක ගුරුවරුන්ගේ ප්‍රසන්ටේෂන් දෙන වෙලාවත් ආවා. එක එක්කනා තමන්ට පුළුවන් උපරිම වැඩ ටික දාල අපි කියල දුන්න ඒවත් එකතු කරගෙන එක කරනවා දකින එකනම් ඇත්තටම හිතට හරි සන්තෝසයක් එන වෙලාවක්. එක ඉවර උනාම ඔන්න තේ පැන් සංග්‍රහය පටන් ගත්ත. එකේදී ඔන්න ඉතින් ආයතනයටයි උගන්නපු මටයි එයාල ස්තුති කර. එකේදී මම අර කියපු එක ගුරුවරයෙක් කියනවා "අපිට නම් ළමයෙක් කියල දුන්න එක අහන්නේ නැතිව පිස්සු නටනකොට ඌට දෙකක් දෙන්නම තමයි හිතෙන්නේ. නැතිනම් බනින්නම හිතෙන්නේ. එත් අපිටත් පුදුමයි අපි කරපු වැඩ වලදී මෙච්චර ආවේගශීලී තරුණ වයසේ ඉන්න මේ අපේ ගුරුතුමා අපිට කවදාවත් බැන්නේ නෑ හැමදාම හිනාවෙලා ඇවිත් අපි එකපාරට සියපාරක් ඇහුවත් අපිට ඒක කියල දුන්නේ කිසිම කහටක් නැතුව.. අද ඉඳල මමත් මම උගන්නන ඉතුරු කාලේදී ඒ දේ ඒ විදියට කරන්න හිතාගත්ත. මොකද මම අද දකිනවා එකේ ප්‍රයෝගික සත්‍යතාව මේ ගුරුවරුන්ගේ දියුණුව දැක්කම" කියල. ඊටපස්සේ එයාල යනවේලාව අවා. ඉතින් ඒවෙලාවේ එයාල කරපු ආශිර්වාද මට හිතෙන්නේ අදටත් මගේ එක්ක තියනවා.

මට මගේ ජීවිතේ එකත් හොඳ අත්දැකීමක්. පුංචි උංගේ ඉඳල උපාධියට යන අයට උගන්නන්න වගේම තවත් විවිධාකාර දේවල් කරන්න මට එතන තෝතැන්නක් උනා. අදනම් එතන ඒ ආයතනය නෑ. නමුත් අපි හිටපු ඒ කාලේ අපේ ස්ටාෆ් හිටිය ඔක්කොමලගේම ජීවිතවල ලස්සන කාලයක් උනා..

  මේ කතාව මතක් උනේ මට සංජුගේ සයිබර් සමාගමට ගොඩ වැදුනට පස්සේ තිබ්බ මෙන්න මේ පොස්ට් එක දැකල. http://sanjuishere.blogspot.com/2011/08/blog-post.html  

Sunday, September 11, 2011

ලංකාව හා බංකොලොත් ටෙලි නාට්‍ය කලාව සහ සබැඳි අතුරු කතා..


ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ටෙලිවලින් බාගයක් රබර් නැත්තන් ඉලාස්ටික් කතා... දැන් ඒවාට කියන්නේ මෙගා. පිස්සු හැදෙනවා. ඉතින් මෙව්වා ඉලාස්ටික් රබර් වෙන්න කතාව ඇතුලට අර කියන එව්වා දානවා ප්‍රධාන චරිතේ උස්සන්න කප්පම් ඉල්ලන්න වගේ සීන් එක්ක..

සමහර ටෙලිනාට්‍ය උපරිම ඉන්දියානු කොපි කියන එක බැලු බැල්මටම පෙන්න තියන කාරණයක්. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ කියනවා වගේ කාලකන්නි ගෑනු හත්දෙනෙක් සතියට ඉන්නවා.. ඒ කතාව නම් සහතිකයි. ඇයි ඉතින් හැමදාම යන්නේ ජීවිතේ තියන හැම කරදරයක්ම විඳින ගෑනියක්ගේ කතාවක් නේ. මෙව්වගේ පෙන්නන දේවල් අපේ දරුවෝ ග්‍රහණය කරනවා ඉතාමත් ඉක්මනට. ඒවගේම තමයි සමහර ගෙවල්වල ඔන්න කට්ටිය දුවනවා ප්‍රවීණ බලන්න, ඊටපස්සේ තව කෙහෙම්මලක් ඊටත් පස්සේ තව එකක් විදියට.. මේකේ ලීඩ් එක ගන්නේ ගෙදර අම්මා. මම දන්නා ගෙදරක් තියනව, එයාලට ඔය ටෙලිනාට්‍ය යන වෙලාවට ට්ව් එකයි සලේ ඉඳන් ඉන්න පුටුයි තියල මුළු ගෙදරම අරන්ගියත් ගානක් නෑ.

ට්ව් එකේ තව සීන් එකක් තමයි ඔය වැඩියෙන් හිට්ස් තියන ටෙලියක් යන වෙලාවට ඔන්න ඇඩ් දානවා හිටු කියල මැදට. අනේ දෙය්යනේ කතාව බලන්න වෙන්නේ කොලේකුත් තියාගෙන. ඇයි අර මගින් නවත්තල ඇඩ් එහෙම දාල අයෙ පටන්ගත්තාම නවත්තපු තැන මතක්වෙන්න සීන් එක ලියල තියාගන්න.

මේකේ තියන කනගාටුම දේ එක නෙවෙයි. දැන් රූපවහිනි වල යන්නේ මෙගා ස්ටාර් සිඟින් ස්ටාර් වගේ රියලිටි. අර ඉස්සර වගේ කාලෙයි අරන්ගම් පොන්මාලෙයි පොලොන්දු, මනෝහාරී චාර්ට් ෂෝ වගේ ඒවා අද නෑ. ඒවගේම රූපවාහිනියෙ කාලයක් විකාශය උන ඩිස්කවරි චැනල් එක වගේ දේවල් වලින් වෙච්ච මෙහෙය ඉතාම අපුරුයි. ඒවගේ දේවල් අද සිද්ද වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටනම් මහා ම මහා ප්‍රහේලිකාවක්. ඔයාලට මතකනම් ආර්ථික විද්‍යාව ලස්සනට කාටුන් වලින් උගන්නපු ගණු දෙනු කියන වැඩසටහන කොයිතරම් ලස්සනට ආකර්ශනීය විදියට ඒ දේ කරාද? අටපට්ටම විතරයි අද දරුවන්ට බලන්න තියන එකම දේ. ඉස්සර පොඩ්ඩන්ට රසාර, දොස්තර හොඳ හිත, පිස්සු පුසා වගේ කාටුන් ගියා. ඒවා රසාස්වාදනය මොට කරන දේවල් නෙවෙයි. පුංචි ඇත්පැටවා වගේ සිනමා, සුරඟන කතා කරලිය වගේ වැඩසටහන් දරුවන්ට තිබ්බ දේවල්.  අද දරුවන්ට රූපවාහිනිය කියන්නේ බාල කඩචෝරු විකුණන පිස්සන් කොටුවක් වෙලා හමාරයි.. ඉගනගන්න දරුවන්ට දෙයක් දෙන්න සල්ලි වියදම් කරනවට වඩා මිනිස්සුන්ව විකුනන්න මාර්කට් හදන තැනක් බවට මේ නාලිකා අද පත්වෙලා. දේශපාලන වට්ටෝරුවේ තවත් එක උපාංගයක් බවට පත්වෙලා.

මට අන්තිමට හිතෙන්නේ මෙහෙමයි. මමනම් මගේ එකෙක්ව ට්ව් එකට හුරු කරන්නේ නැතුව ඊටවඩා අන්තර්ජාලයට යන්න යොමු කරනවා. ඒක දාහෙන් සම්පතයි. දැන් ඔයාල හිතාවි මේ  මොන පිස්සු කතාවක්ද කියල... නෑ...... ටෙලි නිලියෝ ගණිකාවෝ වෙච්ච රටක ළමය ඉන්ටර්නෙට් එකට යද්දී එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ඕනේ කරන එකම දේ කොම්පියුටරේ සාලෙන් හරි නිතර පේන තැනකින් හරි තියන ඒක විතරයි. අනික මම ඇත්තම කිව්වොත් කව්රු කොහොම වැට බැන්දත් නියම වයසට ආවම ළමයි කුතුහලේට කොහොමත් ඔය නිල් දේවල් බලන එක කාටවත් නවත්තන්න වෙන්නේ නෑ. 

Thursday, September 8, 2011

සිංහල බ්ලොග් වල අලුත්ම පිස්සෝ



මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න කුණුහරප ලියපු කොමෙන්ට් එකක් දාල. ඇනො කෙනෙක්. අනේ මන් දන්නේ නෑ මේ පිස්සන්ට මොනවාද කරන්න ඕනේ කියන එක. මගේ බ්ලොග් එක බලන්නේ ටික දෙනෙක් උනාට ඒකට සහෝදරියන් කීපදෙනෙක් එනවා. බොහෝ වැදගත් මහත්වරු එනවා. තව ෆලෝ නොකර බලන අය ගැන මම දන්නේ නෑ. ඒ අයගේ වයස තරාතිරම මම දන්නෙත් නෑ. ඉතින් මේ පාක ප්‍රජාව වෙනුවෙන් මගේ බ්ලොග් ඒක පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඒක මගේ වගකීමක්.

කොහෙවත් යන පිස්සෙක් අද මගේ බ්ලොග් එකට රිංගල මගේ පොස්ට් එකක් කියවල මට බැනල ගිහින්. මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට හිතෙන දේවල්. ඒක හරි නැතිනම් සභ්‍ය විදියට කියන්න තිබ්බ නේද? සිංහල බ්ලොග් වලට මම අලුත් උනාට මම බ්ලොග් ලියන්නේ 2009 විතර ඉඳල. ඒ කාලේ ඉඳල අද වෙනකම් මට ආව පලවෙනි කුණුහරුප කොමෙන්ට් එක තම අද මේ ආවේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්න මම දන්නේ නා එත් මම ඔහොම ඒවාට සැලෙන්නේත් නා. අනෝ ඔයාට මම කියන්නේ ප්‍රවේසම් වෙන්න, මොකද කොට්ටෝරුව කොටුවෙන්නේ කෙහෙල්ගහට කොටපු දාට..



Tuesday, September 6, 2011

සුදු පුසී...


හීනියට..
පොද වැටෙන
සිරිපොදක තනිවන්න..
මීදුමෙන්,...
පටසේල දැමු මාවතේ ඇවිදින්න..
එන්න අසයි මට..
එත්..
ඉන්න වෙනවා..
අමාරුවෙන්
තවත් මාස පහක්....
දැකගන්න ඔය මුහුණ
සිපගන්න ඔය දෙතොල
මං ආදරේ
කරපු
හැමදාම

Friday, September 2, 2011

බෝම්බ කතාවක්..


මම මේ කියන්නේ 2008 අවුරුද්දේ එක සඳුදා දවසක් ගැන. එදා මම උදේ 5.30 නුවර ඉදල එන ඔෆිස් කෝච්චියේ කොළඹ එනවා වැඩට යන්න. ඔන්න ඉතින් එදත් මම සුපුරුදු පෙට්ටියේ මගේ සුපුරුදු ආසනේට ගියා. අපේ පෙට්ටියේ හිටිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරක් දරන අය්ය කෙනෙක්. අපි මෙයාට ජගත් කියමුකෝ. මෙයා ටිකක් සද්දේ දාගන ඇහැ ගහගන ඉන්න කෙනෙක් වටපිටාවට. ඔය නුපුරුදු අය නුපුරුදු මලු එහෙම දැක්කම ටිකක් සද්දේ උස් කරලා අපේ කොම්පාර්ට්මන්ට් එකෙන් අහන්න මේ අය්ය පසුබට වෙන්නේ නෑ. කොහොමත් කෝච්චියේ යද්දී කට්ටිය ටික දවසකින් අඳුරගන්න හින්ද ඒක එච්චර දෙයක් නෙවෙයි.

ඉතින් ඔය කියන දවසේ සඳුදා කෝච්චිය රඹුක්කන පහු කරලා ටිකක් දුර ගියා විතරයි ඔන්න මහා සද්දයක් අවා කාගෙද මේ බෑග් එක.. කෝ අයිතිකාරයා ඉන්නවද?.. කියල ජගත් අය්යාගෙන්. ඔන්න එකපාරම සෙනග අස්සෙන් මීයෙක් වගේ පොරක් කෑගහන්න ගත්ත මගේ මගේ කියල.. හා හා හරි හරි කියල ජගත් අය්ය පොරව නෝට් කරගත්ත. ඔන්න ඉතින් දැන් කෝච්චිය වේයන්ගොඩ එහෙම පහු කරගෙන යනවා.. දෙපැත්තේ තියෙන්නේ වෙල් යායවල් ගුරු පාරවල් එහෙම. ඔය අස්සේ ජගත් අය්ය හොයනවා අර මල්ලේ අය්තිකාරයව. "කෝ දැන් මේ මල්ල ගේනවා මනුස්සයා?".. "ඉන්නවනම් පොඩ්ඩක් කියන්න." "දන්නවනේ අද රට?"... " කෝ දැන්?".." සිරිල් මල්ලි ඔයපැත්තේ ඉන්නවද බලන්න මේ මනුස්සයා?" "සුරංග. කොහේද බන් මේ යකා ගියේ?" ජගත් අය්ය දැන් මේ මනුස්සයව හොයන්නේ හරියට මු වැටිච්ච ඉදිකට්ටක් කියල හිතාගෙන වගේ. සාක්කු වල විතරයි බලන්නේ නැත්තේ. 

කොහොමින් හරි විනාඩි 10 විතර ඔය ජවනිකාව යනවා. දැන් මේක ගෙනාව මනුස්සයා නෑ. රිදී පාට බ්‍රීෆ් කේස් එකක් මේක. කට්ටිය දැන් බයවෙලා මේක බෝම්බයක්ද දන්නේ නෑ. මොකද කොටි එන්නේ ලේබල් ගහගෙන යෑ කියා කියා වැඩේ නියමෙට බවලත් අය අතර නැඟල යනවා. පිරිමි සෙට් එකම අරුට දෙකක් දෙන හැටියි බෑග් එක විසි කරන හැටියි කතා වෙනවා. අපේ ජගත් අය්යට ඔය අස්සේ අම්බ මල. "මේ පරය අපිව වල කජ්ජ ගස්සන්න මෙතන මේ මගුලක් ගෙනත්" කියල පොර මෙන්න එකපාරම බ්‍රීෆ් කේස් එක ජනෙලෙකින් එලියට විසි කරා.  හරි දැන් බඩුම තම කට්ටිය කතා නෑ සද්ද වහල කටවල් අරන් ජගත් අය්ය දිහා බලාගෙන ඉන්නවා. හරියට පොර මේ දැන් පුපුරන්න හදන බෝම්බයක් දතින් අල්ලලා විසිකරා වගේ.

ඔය මගුල් ඔක්කොම අස්සේ කෝච්චිය ඇවිත් ගම්පහ හරියෙන් නවත්තව්වා. මෙන්න අර මීය වගේ එකා කොහෙන්ද ඇවිත් අහනවා "මගේ බෑග් එක කෝ?".. "කෝ මෙතන තිබ්බ සිල්ව බ්‍රීෆ් කේස් එක?" කියකියා. කට්ටිය මුනෙන් මුණ බලාගන්නවා මිසක් උත්තර නෑ. ඔන්න ජගත් අය්ය නැගිට්ට.. "දන්නේ නැද්ද කාලේ හැටි?..කොහේද ඔලුවක් නැති වැඩ කරනවා. තැන් තැන් වල බෑග් දාල යන කාලයක්ද මේ? මේ තමුන්නාන්සේ ඔය මල්ල යනතැනක අරන්ගියනම් නේද හොඳ ? කව්ද දන්නේ ඕක මොකද්ද කියල? 
මී පුරවැසියා : මොකද්ද කියන්නේ? ඒක මගේ ඔෆිස් බෑග් එක. දැන් කොහේද මෙතන තිබ්බ ඒක?
ජගත් අය්ය: කොහේද කාටවත් නොකිය ගියේ? මම ඒක විසි කරා මොකද අහල අහල එකෙක්වත් එන්නේ නැතුවම කව්ද දන්නේ ඔහේ කොටියෙක්ද මේක බෝම්බයක්ද කියල? අපිට කියන්නේ ඔහේලවගේ මිනිස්සු මලු දාල ගියාම ඒවා පරිස්සම් කරගෙන ඉන්න කියලද ඒවා බෝම්බ උනත්?
මී පුරවැසියා : විසිකරා? තමුසේ මොන හයියකටද ඕක විසිකරේ? පිස්සු හරකෙක්. මගේ ඔක්කොම ඔෆිස් ඩොකියුමන්ට් ඒක ඇතුලේ. අනික මගේ ලැප්ටොප් ඒක?? බූරුව.. 
ජගත් අය්යට උපරිම මල දැන්.. බූරුව? මමද ඕයි බූරුව? පිස්සෙක් වගේ තැන්තැන්වල බෑග් දාල යනවා මදිවට කියවන්නත් එනවා. ඕක තමුසේ කොටියෙක් වෙලා මේක බෝම්බයක් උනා නම්? මොකද එතකොට කියන්නේ? මහත්තය ඕකේ ඔච්චර වටින දේවල් තිබ්බනම් ඔහේ දැනගන්න ඕනේ නේද ඕක පරිස්සමට තියාගන්න?
මී පුරවැසියා : කෙහෙම්මලක් කියවනවා. මම වතුර එකක් ගන්න කලින් ස්ටේෂමෙන් බැස්සම කෝච්චිය අද්දන්න ගත්ත. පස්සේ පෙට්ටියක යන්තම් එල්ලිලා එන්න හදනකොට මැද දොරක් වහල. එන්න බැරුව මම දැන් මේ එනගමන්. අපිත් මේ ආසාවට යනවා නෙවෙයි. මනුස්සයෙක්ට හදිස්සියක් උනාමවත් බලන්න දන්නේ නෑ.
ඔය කතාව අහගෙන හිටිය අපේ සෙට් එකට හොදට තදවෙලා අපේ උන්ටික අර මිනිහව කන්න පටන්ගත්තේ බවලත් සෙට් එකේ පුර්ණ අනුග්‍රහය යටතේ. පිස්සෙක් වගේ බෑග් තැන්තැන් වල තියල එනව මෙතන නීති කතා කරන්න. එක්ක එනවා තමුසෙගෙ ලෝයර්. අපිත් හොද ලොයර්ල තමයි හරිද? වගේ කතා කියකියා..

අන්තිමේ කොහොමහරි අර මනුස්සයා ඉස්සරහ ස්ටේෂන් එකෙන් බැහැල ගියා බෑග් එක හොයන්න. අපි ගියා වැඩට. හැබැයි එදත් එදයි ආයේ නෙවෙයි මම අර මීයා වගේ මනුස්සයා දැක්කේ කෝච්චියේ. දෙපැත්තම සාධාරණයි. නමුත් මට හිතෙන්නෙම අපේ ජගත් අය්ය හරි කියල. මොකද කව්ද දන්නේ එක බෝම්බයක් උනා නම්?

Tuesday, August 23, 2011

ගෙවතු වගාව

මේක මට අද ආව ඊයක්. කතාවේ තියන රසවත්කමටම මම ඒක ඔයාලටත් කියවන්න දාන්න හිතුනා. ඔන්න ඒක එහෙම්මම.
හිරේ හිටපු රොබොටික් පොරකට ගෙදරින් තාත්තා එවපු ලියුමක් ආවා.
"පුතේ අපි දැන් ඉන්නේ හෙන අමාරු අඩියක.... අක්කරයක ඉඩමක් තිබ්බත් දැන් කොටලා අල ටිකක්වත් වාවගන්න අපිට හය්යහත්තිය නෑ. උඹලගේ අම්මයි මමයි ඒතරමටම අබලන්. උඹවත් හිටියනං... කොච්චර හොදද ඒ කලේ මේ වත්ත කොටලා ඉවර කරන්න එක දවසක්වත් ගත උනේ නෑ...."
පොරට මේක දැකල හරිම හරිම අප්සෙට්. ඔන්න ඉතින් හැරෙන තැපෑලෙන්ම ගෙදරට අව ලියුමක්.
"තාත්තේ දෙය්යන්ගේ නාමෙන් වත්තට නං අත තියන්න එපා. ඕක පුරාම ඩප්පි ග්‍රෙනේඩ් බෝම්බ තුවක්කු එහෙම වලදාළ තියෙන්නේ මම අවාම ගේම් වලට ගන්න...."
මේක දැක්ක තාත්තට නිකම්ම හපොයි ගාගෙන නළලේ අත තියවුණා. ඔන්න ඉතින් එදා රෑ, "ඇරපියව් දොරවල්. අපි සි.අයි.ඩි එකෙන්, හෙල්ලෙනේ නෑ එකෙක්වත්...බාවනවා තොපි ඔක්කොම.." කියාගෙන මහා ලොකු හමුදාවක් ගෙදරට කඩාගෙන වැදිලා මුළු වත්තම හාරන්නයි කොටන්නයි පටන්ගත්තා. අනේ මුළු රෑ ම හාරලා හාරලා සි.අයි.ඩි. හමුදාවට තුවක්කුවක් තිය එක පතරොම් කොපුවක් හම්බුනේ නෑ. මල පැනල උන් ඉතින් වටේටම බැණ බැණ පහුවදා උදේම යන්න ගියා.
පහුවදා අයෙත් පොරට තාත්ත ලියුමක් එවල.
"අනේ පුතේ අපේ වත්තට ඊයේ රෑ සි.අයි.ඩි එකෙන් පැනල මුළු වත්තම කොටලා හාරලා කණපිට හරවලා ගියා. අපි මොකද පුතේ කරන්නේ?"
ඔන්න පොරගෙන් පිළිතුරු ලැබුණා
"ඔන්න තාත්තේ මම මට කරන්න පුළුවන් ටික කරා . දැන් ඉතින් අර එදා කිව්වා වගේ තාත්තගේ අල ටික වවාගන්න." මීට පුතා.  

Thursday, August 18, 2011

තවත් එක බුත කතාවක්..


මේ දවස් වල බුත කතා ගොඩයි. මේක තමා මට සිද්ද උන බුත කතාව. මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල මට වෙච්ච දෙයක් මේක.

ඔන්න දවසක් මම නයිට් එකක් කරනවා, ඩේ එන්ඩ් ප්‍රෝසෙසින්. ඕකෙදි ඉතින් කරන්නේ සිස්ටම් එකේ වර්කින්ග් ඩේ එක එන්ඩ් එක කරලා දවසේ පොලිය එහෙම ගිණුම් වලට දාන එක. ඕක සමහර දවසට මහා රෑ වෙනකම් කරන්න වෙනවා. ඉතින් දැන් රෑ 11 විතර ඇති වෙලාව. මම ඉන්න සර්වර් රූම් එකේම තමා සිසිටිවී මොනිටර් එකත් තියෙන්නේ. ඔන්න ඉතින් මම ඊ.ඕ.ඩී එක දාල නිකමට වගේ අර මොනිටර් එක දිහා බැලුව. මෙන්න කව්දෝ එකෙක් ලිසින් සෙක්ෂන් එක හරහා යනවා. ලයිට්සුත් දාල. සාමාන්යෙන් ඔය වෙලාවට ලයිට් දාන්නේ මම ඉන්න හරියේ විතරයි. අනිත් ඔක්කොම නිවල.

අප්පටසිරි! හොරෙක්වත් රිංගගෙනද කියල මමත් ඔන්න හෙමින්ම එලියට ඇවිත් ලීසිං එක දිහාට ගියා. ලයිටුත් නිවල! මොකෙක්වත් නෑ! මේ මොකද හොල්මන්ද? කියල මම අයෙත් ලීසිං එකේ වටක් කැරකිලා සර්වර් රූම් එක දිහාට අවා. එපාර අයෙ අර  සිසිටිවී මොනිටර් එකේ මොකක්වත් නෑ. හ්ම්ම්.. ඔහොම හිටිය අයෙ පය බාගයක් විතර. ඉදල ඔන්න අයෙ ප්‍රෝසෙසින් දන්න යද්දීම නිකම් බැලුව මේ  සිසිටිවී මොනිටර් එක දිහා. අන්න අයෙම ලයිට් දාල? මල පැනල මම ඕනේ කෙහෙම්මලක් කියල ගියා අයෙත් ලීසිං එකට. අනේ ලයිට් නිවල. හොල්මන්ද පොල් කොළ කිව්වලු?? ලීසිං එකේ ඉදන්ම ගත්ත සෙකුරිටි එකට කෝල් එකක්. අරන් ඇහුව මේ ලීසිං එකේ මොනාහරි එකකට කව්රුහරි ආවද කියල? මොකද එයාල හිටි අඩියේ තැන් තැන් වලට යනවා චෙක් කරන්න. එහෙම ආවේ නෑ සර්. ඇයි මොකද ප්‍රශ්නේ? කියල මගෙන් එයාල අහනවා. මම කිව්වා නෑ මම  සිසිටිවී එකේ දැන් දැක්ක එකයි. ඒ උනාට මෙතනට අවම කව්රුවත් හිටියේ නෑ කියල. හරි සර්  අපි එන්නම් කියල එයාල ෆෝන් එක තිබ්බ.

ඔන්න දැන් සෙකුරිටි කට්ටියත් ඇවිත් බලනවා මමත් ටිකක් බැලුව.. කිසි දෙයක් නෑ. කෝකටත් මට සිසිටිවී මොනිටර් එක ගැන සැකයක් තිබ්බ නිසා මම හෙමින්ම එහාට ගියා. ටිකක්  සිසිටිවී මොනිටර් එක දිහා බලන් ඉද්දි ඔන්න අයෙම කට්ටිය යනවා එනවා පේනවා. ඒපාර කස්ටමර්ස්ලත් ඉන්නවා. හ්ම්ම්ම්.. මෙන්න එතකොටම එක අයෙ නොර්මල් යන්න ගත්ත. දැන් සෙකුරිටි අයව පේනවා. මේ මොකද? මේකට මොන යක වැහිලද කියල මම බැලුව. කොහොමින් හරි මම තේරුම්ගත්ත අපේ  සිසිටිවී මැෂින් එකේ ප්‍රශ්නයක් තියනවා කියල. ඔන්න ඉතින් ඒක සෙකුරිටි එකටත් කියල වැඩේ එතනින් ක්ලෝස් කරගත්ත.

පහුවදා අවා සිසිටිවී එක බලන කොම්පැනියෙන් කිව්වා, අපේ  සිසිටිවී සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙලා දවල් වෙච්ච දේවල් සැරින් සැරේ ප්ලේ බැක් එකක් විදියට මොනිටර් එකට වැටිලා. ඔන්න ඕකයි අපේ බුත කතාව. ඉතින් කට්ටිය ඔය බුතයෝන්ට බයවෙද්දී පොඩ්ඩක් වටපිට බලලම බය උනොත් නේද හොද?