Tuesday, September 6, 2011

සුදු පුසී...


හීනියට..
පොද වැටෙන
සිරිපොදක තනිවන්න..
මීදුමෙන්,...
පටසේල දැමු මාවතේ ඇවිදින්න..
එන්න අසයි මට..
එත්..
ඉන්න වෙනවා..
අමාරුවෙන්
තවත් මාස පහක්....
දැකගන්න ඔය මුහුණ
සිපගන්න ඔය දෙතොල
මං ආදරේ
කරපු
හැමදාම

11 comments:

  1. ඒකනේ....
    ලංකාවට එනකන් ඉන්න වෙනවා.
    අච්චරම කාලයක් හිටපු එකේ මේ ටිකත් ඉවසලා ඉමු. හික්ස් :)

    ReplyDelete
  2. මොනවා කරන්නද මලයා.. අවුරුදු ගානක් ඉන්න පුළුවන් එත් අන්තිම ටිකනේ ඉන්නම බැරි,

    ReplyDelete
  3. ආ ඔය එන්නේ!! විරහ ගීත ටික ටික එලියට !!

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. ලංකාප්‍රිය අය්යා: ඔව් ඔව් .... හීනියට විතර හි හි හි......
    @ ඇනෝ..: මම ඔයාගේ කොමෙන්ට් එක මැකුව.. මොකද මේ බ්ලොග් එක තියෙන්නේ සභ්‍ය භාෂාවෙන් කතාකරන්නන්ට විතරක් වන නිසා.

    ReplyDelete
  6. එබී මගෙ නෙත් දෙකට
    ආදරෙන් කවි කියන...
    ඔය දෙනෙත දකගන්න
    අනේ බිඳුවක් මෙමට..
    පියාපත් ලැබිණි නම්
    කියා වැලපෙයි ම'සිත...
    කොහොම ඉවසා ගම්ද...
    තවත් වසරක් පමණ..

    සිතෙන කල දිව එන්ට
    මගේ මව් බිම වෙතට..
    ඔය ලයට තුරුලු වී
    ආදරෙන් සැනහෙන්න..
    පියාගෙන නෙත් මවමි
    වුවන සෙනෙහස පිරුන..
    මොහොතකට දැනේ මට
    මගේ ලඟින් වගේ නුඹ....

    ReplyDelete
  7. මංචි.. මාරයි.. මේ සීතලේ ඔයා ඔය විදියට කිව්වේ හරියටම මේකේ ඉතුරුටික.. මගේ ආචාරය පිළිගන්න.

    ReplyDelete