Showing posts with label ආදරය සහ විරහව. Show all posts
Showing posts with label ආදරය සහ විරහව. Show all posts

Wednesday, November 19, 2014

දෙවොල් කවි.

Picture by Google Search. All rights are on original photographer/website.


පුරා තෙවසර වෙහෙසිලා මා

තැනුවෙමි දෙවොලක්

තනා මලසුන් පුදන්නට එහි

තැබුවෙමි එක පුදසුනක්

තනා එ දෙවොල තබන්නට එහි

වෙහෙසවුවෙමි දෙව් රුවක්

තබා දෙව්රුව පුදන්නට එහි

පැමිණි විට මා එක දිනක්

දෙවිඳු පැනගොස්

දෙවොල පාළුය

මලසුනේ ඇත


මල් ටිකක්...

Wednesday, June 6, 2012

ඔන්න අදට හරියටම අවුරුද්දයි..




වර්ෂයක් පිරෙන දින,
පුරුදු ලෙසම
ගියෙමි
මාලිගාවට,
තේවාව අසන්නට..
බුදුන් වඳින්නට..
බුදු හිමි පා මුල
හිඳ හිඳින්නට..
තෙල් සුගන්ධයෙන් දැල්වෙන
පහනක් සේ
ජීවිතය
නිමක් නැති සුළියකින්
වෙලී ඇත
නිරතුරුව.
එවන් වූ දිවි මගේ
එක්ව පියවර තබන
නුඹට මා කියන්නම්..
තුති නුඹට
වසරක්ම හිටියාට
තුටින්
මා එක්ක
අදට..
අපි බැඳලා අවුරුද්දක්!


 

ප.ලි:
ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මාලිගාවේ ගියේ.. කොමෙන්ට් වලට ඇවිත් උත්තර බඳින්නම්..


පින්තුරය ගත්තේ:
http://www.motooutlet.ee/admin520/single-diwali-diya-images&page=3

Sunday, February 26, 2012

සිතිවිල්ල..



තිහක් දින තියනවා
එන්න මට
දකින්නට
ඔබ....
එදා,
සයවසක් එපිට
පන්තියේ බෙල් එකට
කලින්
හමුවුණ විදිය
මතකද?
මටනම්
අදත්
ඔයා
එදා වගේමයි..

Tuesday, September 6, 2011

සුදු පුසී...


හීනියට..
පොද වැටෙන
සිරිපොදක තනිවන්න..
මීදුමෙන්,...
පටසේල දැමු මාවතේ ඇවිදින්න..
එන්න අසයි මට..
එත්..
ඉන්න වෙනවා..
අමාරුවෙන්
තවත් මාස පහක්....
දැකගන්න ඔය මුහුණ
සිපගන්න ඔය දෙතොල
මං ආදරේ
කරපු
හැමදාම

Saturday, July 30, 2011

ආදරණීය වරදකරු...


එක කලෙක
පෙම් කලෙමි
නුබ මගේමැයි සිතා
නුබට මගෙන් තොර ලොවක්
නැත සිතා
එනමුත්....
මම වැරදිය
ඒ දන්නේ දැන්ය..
නුබට මට වඩා
වටින්නේ
කොහෙවත් නැති
කෙහෙම්මලක් බව
පසක්වන විට......
දැන් 
බොහෝ ප්‍රමාදය...
අනේ
මට
සමාවෙයන්
මම
කරේ
වැරැද්දක්
කරකාර බැදගෙන
නුබව
මම කරේ
වැරැද්දක්....

Tuesday, July 12, 2011

විරහව

පොලව හාරාගෙන යනතරන්
හිතට දැනුන....
හොදටම
වියෝ දුක
එත් ඉතින්
කරන්න දෙයක් නෑ
හැමදාම
මට මෙහෙම ඉන්න බෑ..........
අද
මේ අකුරු කරන්නේ
අන්තිම අකුරු ටික
අදින් පස්සේ
මගේ හිත
ගලක් වේවි
නු
දුන්නු 
ආදරෙන්....