පහත ලිපිය සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පලකොට තිබී කතෘගේ ලිඛිත අවසරය මත මෙහි නැවත පළකර ඇත. මුල් ලිපිය සඳහා සබැඳිය වෙත යොමුවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව
By DK, on October 28th, 2011
”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් මානසිකත්වය දීම) සඳහා කිතුණු පූජක වරුන් විසින් නිමවන ලද ගීයක් බව දන්නෝ දනිති.. එම ගීය තහනමට හේතු වූයේ එය නිසා කළු දරුවන් පාසැල් වලදී අපහසුතාවයට ලක් වන බවට කළු ජනතාවගේ සංවිධානයක් කළ පෙන්වා දීමය..
මේ පුවත ඇසූ මට, අපේ රටේ දරුවන් අතර තවමත් කෙරෙන “කං කං බූරු” නම් කවිය වටා ගොණු වූ අමන ක්‍රීඩාව සිහියට නැඟිණි.. ඒ ක්‍රීඩාවද පෘතුගීසින් විසින් සිංහල දරුවන්ට වහල් අවනත භාවය හුරු කරවීම සඳහා නිමවන ලද්දකි.. එහිම පිලිපීන අනුවාදයක්ද, මුරුසි අනුවාදයක්ද, ගෝවේ අනුවාදයක්ද ඇත..
”බා බා බ්ලැක් ෂීප්” ගීතයෙන් කළු නීග්‍රෝ දරුවන්ට ක්රිස්තියානියට කීකරු වීම මුලින් ඉගැන්වේ.. ක්‍රිස්තියානි බයිබලයේ ජනතා සමූහයන් “බැටළුවන්” ලෙස හැඳින්වෙන අතර ජේසුස් වහන්සේ, පේදුරු තුමන් ප්‍රධාන පූජකයන් සියල්ල “එඬේරුන්” ලෙස හැඳින්වේ.. (උදා: අපේ රටේ අග රදගුරු තුමෙකු පත් වූ විට, එතුමා හඳුන්වනු ලබන්නේ “කොළඹ එඬේරාණෝ” යනුවෙනි.. හලාවත රදගුරු වරයට පත්වුවහොත් “සලාපුර එඬේරාණෝය”.. ජේසුස් වහන්සේ “යහපත් එඬේරා” වෙති..) .. ඒ අනුව අඬ ගසන විට එයට අවනතව එන “බැටළුවන්” මුලින් හුරු කරන ලදී.. අනතුරුව එයට “බ්ලැක්” යන්න යෙදීමෙන්, “සුදු” සම ඇති අයට අවනත වන පණිවිඩය එයට කවන ලදී.. එවිට සුදු ජාතිකයන් යමක් අසන විට “Yes Sir, Yes Sir” කියා කීකරුව පිළිතුරු දීම හුරුවේ.. ඉන් පසුව ඔවුන් කරන්නට අණ කරන සේවාව කීකරුව ඔවුන්ට කර දීමට හුරු කෙරේ.. සුදු ජාතිකයන් “ස්වාමියන් ලෙස සහ ස්වාමි දියණියන්” ලෙස සැළකීමට හුරු කිරීමද මෙයට අන්තර්ගතය.. (“One for my master..” යනාදි වශයෙන්) .. අනතුරුව “One for the little boy who lives down the lane” යන පදයෙන්, “අනාගතයේ වැඩිහිටියන් වන්නට සිටින, වත්මන් සුදු ජාතික දරු පරපුරටද, එලෙසෙම දාස කම් කරන බවට” නීග්‍රෝ දරුවන් ලවා කියවා ගනිති..
අපේ සිංහල දරුවන් අතර තාමත් ජනප්‍රිය තකතීරු ක්‍රීඩාවක් වන “කං කං බූරු” ක්‍රීඩාවද එවැනිම සම්භවයක් සහිත ක්‍රීඩාවකි.. (එය ආවේද පල්ලියෙන් වග දන්නෝ දනිති..) .. පෘතුගීසියෙන් “බෝයිර්, බොයා, බූරු” ආදියෙන් හඳුන්වනු ලබන සත්වයාට අප “බූරුවා” කියන්නට පටන් ගත්තේ, ඒ බසෙන් ආ උරුමයක් ලෙසය.. “එන්න, එන්න” කීම, ලතිනාක්ෂර හෝඩිය කර ගත් පෘතුගීසි බසින්ද “කම්, කම්” (Come, Come) යන්නම වෙයි.. (මෙය ඉංග්‍රීසියෙන්ද මෙසේමය..) .. ඒ අනුව පාදිලි තුමා හෝ ඔවුන් පත් කරනු ලබන ගුරුවරයෙකු, සිංහල පැටවුන්ට “කම්, කම් බූරු” (මෙහෙ වරෙං බූරුවෝ) කියා අඬ ගසති.. පෘතුගීසි බසින් (සහ යුරෝපා භාෂා රැසකින්) “Si” යනු “ඔව්” (Yes) යන්නය.. එබසින්ම “සිංඥ්ඥෝරු” යන්න “මහත්තයා, උත්තමයා, උතුමා” (Mister, Lord, My Lord, Eminence) යන අරුත් සහිතය.. එවිට “සී, සිංඥ්ඥෝරු” යනු “ඔව් මහත්තයා හෝ ඔව් උත්තමයෝ” යන්න වන්නේය.. සිංහල පැටියාට “වරෙං වරෙං බූරුවෝ” කියන විට, ඒකා “ඔව්, උත්තමයෝ” කියාගෙන දුවගෙන එයි.. එතනින් එහාට “මම කියන දේ අහනවද?..” “ඔව්..” “එහෙනම් දුවලා, දුවලා ගිහින්..” ඒ කොටස් එලෙස සැකසී ඇත්තේ ඇයි දැයි දැනටමත් ඔබට වැටහී ඇතුවාට සැක නැත..
“බා බා බ්ලැක් ෂීප්” තුළින් පරම්පරා ගාණක් තිස්සේ ඔළුවට කවන ලද දෙය නීග්‍රෝ සහෝදරවරුන් ඔළුවෙන් බිමට බා ඇතත්, “කං කං බූරු” හරහා ඔළුවට ඔබන ලද දෙය තවමත් බා ගන්නට අසමත් ඇත්තෝ සුදු ජාතිකයන් කියන දෙය “විචාර බුද්ධියෙන්” නොබලා, දණ්ඩ නමස්කාරයෙන් පිළිගනිති..
අයියා කියනකන් මම මේ ගැන දැනන් හිටියේ නෑ. අර බා බා බ්ලැක් ෂිප් කියන සිංදුවෙනුයි කන් කන් බූරුවෝ කියන සෙල්ලමෙනුයි කරලා තියෙන්නේ යම්කිසි ජාතියකට නිග්‍රහයක් කරන එක.
ReplyDeleteනොදැන හිටිය කාරණාවක් ,හැබැයි නොදැන උනත් මම පොඩි කාලේ දේශප්‍රේමියෙක් බලාගෙන ගියාම . ඔය සෙල්ලම මට පේන්නම බැරි එකක් . දැන් තමා ටික ටික දේශද්‍රෝහී ලක්ෂන ඇවිත් තියෙන්නෙ :D
ReplyDelete@ මධුරංග :
ReplyDeleteමං දැනන් හිටියෙත් නෑ මල්ලි. මම දැනගත්ත වෙලාවෙම ඊයක් යවල අවසර ගත්තේ ඔය දේ නොදන්නා ගොඩක් අයට මේ පණිවිඩේ ගෙනියන්න.. මං එවලේ හිතාගත්ත මම අපහු කවදාවත් ඔය සින්දු කිසිම පොඩි එකෙක්ට කියන්න දෙන්නේවත් කියල දෙන්නේවත් නෑ කියල.
@ බුවාගේ සිතුවිලි
ReplyDeleteහික්.. දැනුත් ඔය තියෙන්නේ දේශප්‍රේමේ.. ස්තුති සහෝ..
වටිනා ලිපියක් බෙදා හදා ගන්න එක කොච්චර වටිනවද ?
ReplyDeleteබ්ලැක්ෂිප් කතාවනං මම දැනගෙන හිටියෙ නෑ!
ReplyDeleteනමුත් කංකං බූරු කියන එක නං ඔය පැහැදිලි කිරීමත් සහිතවම දොරමඩලාව වැඩසටහනේදි ඉදිරිපත් කලා කථිකාචාර්ය අත්තනායක M හේරත් මහතා,
හම සුදු උනාට වැඩක් නෑ හිත කැතනං!
@ Weni
ReplyDeleteබොහොම ස්තුතියි. මේ ලිපියෙන් මං තේරුම් ගත්ත වගේ තව කෙනෙකුත් දකිනවනම් කොච්චර දෙයක්ද?
@ තනි අලියා..
බොහොමත් ස්තුති මට තව වැදගත් වැඩසටහනකට පාර කිව්වට. මතකනම් මට ඒ වැඩසටහනේ දිනේ කියනවද?
කන් කන් බුරු සෙල්ලම අපේ දේශපාලකයෝ ලස්සනට කරගෙන යනව
ReplyDeleteජැක් ඇන්ඩ් ජිල්, ත්‍රී බ්ලයින්ඩ් මවුස් සිංදු වල ඇත්තම අදහස දන්නවද? අපි පොඩි කාලෙ රස වින්ද ගොඩක් නර්සරි රයිම්ස් වල අදහස ඇතුලේ ලිංගිකත්වය, ප්රචණ්ඩත්වය තියෙනවා
ReplyDeleteකම් කම් බූරු ගැන නම් අහලා තිබුනා. ඒත් බා බා බ්ලැක් ශිප් ගැන ඇහුවේ අද. වටින ලිපියක්.....
ReplyDelete@ Observer :
ReplyDeleteඇත්ත ඔබා අයියේ .. උන් අද සෙල්ලම ලෙසටම කරනවා විතරක් නෙවේ.. තමුන් බූරුවො කියල දැනදැනත් මිනිස්සු උන්ට රැවටෙනවනේ..
@ විසිතුරු | visituru
ඇත්තටම මං දැනන් හිටියේ නෑ මේ ගැනවත්..
@ ගොඩයා
ගොඩයා මල්ලි.. කාලෙකින්.. ස්තුති කොමෙන්ටුවට..
එ්කනං ගිහිල්ල ගොඩක් කල්! :( මම ඔ්ලෙවල් කරන කාලෙද මන්ද! සමාවෙන්න!
ReplyDeleteමූනු පොතෙන් දැක්ක... වටින කතාවක්.. ඒත් ඔය කං කං බූරු නම් අදටත් ඔබිනවා
ReplyDelete@ තනි අලියා
ReplyDeleteස්තුති සහෝ.. මං ඉතින් නෙට් එකෙන්ම බලන්න එපායේ..
@ පිස්සා පළාමල්ල
මොනවා කියනවද? චන්ද කාලෙට කම් කම් බූරුම නේ සෙල්ලම් කරන්නේ..
ඇත්තෙන්ම මේක නම මට අලුත් කතාවක්.. මෙච්චර කල් මන් දැනගෙන හිටියේ නැහැ මේ තරම් ගැඹුරක්.
ReplyDelete@ ලංකාප්‍රිය අයියා
ReplyDeleteසත්තකින්ම මං දැනන් හිටියේ නෑ මේ කතාව.. දැන් ආයේ කවදාවත් මං දන්න කියන එකෙක්ටවත් ඕක කියන්න දෙන්නෙත් නෑ.
good one..thanks for share...both stories are new to me...
ReplyDelete@ mayya:
ReplyDeleteWelcome mate, although I publish this, I did not knew this story, both of them up-to the point I read this at the sinhalabuddhist site..
වටිනා ලිපියක්,
ReplyDeleteහැබැයි අපේ ලමයි ඕක කරන්නේ තේරුම නොදැන නිසා, ඔවුන්ගේ මානසිකත්වයට නම් ඕකෙන් ගැටළුවක් ඇතිවෙන්නට හැටියක් නැහැ.
තවඑකක්, අර "අතුරු මිතුරු දඹදිවතුරු" සෙල්ලමෙන් කියවෙන්නේ පලවෙනි රාජසිංහ රජුගේ පාලණයට කරපු විවේචනයක් කියලයි මම අහලා තියෙන්නේ. දන්නවනම් ඒ ගැනත් විස්තරයක් දමන්න.
ඔබ කියන කතාව ඇත්ත. අපේ ළමයි නම් ඒ තේරුමක් දන්නේ නෑ තමයි එත් මේවගේ අපිට අපහාස කරන්නට හදාපු දෙයක් මමනම් මගේ දරුවට කියල දෙන්නේ නෑ. අතුරු මිතුරු දඹදිවතුරු කතාව මම දැන් තමයි ඇහුවේ එහෙම එකකට සම්බන්ධද කියල. මම හොයල බලන්නම්. හමුවුනොත් අනිවාර්යෙන්ම ඒ දැනුමත් බෙදාගන්නම්.
ReplyDelete