Saturday, June 23, 2012

ජංගම උපාංග වලින් සිංහල බ්ලොග් කියවමු - ලියමු.


ඕනෙම දෙයක් එක දිගටම යද්දී එපා වෙනවා. ඉතින් හිට්ලරුයි එයාගේ ලෝක යුද්ධෙයි ගැන ලියන ලිපි පෙළ මැද්දෙන් ඔන්න පොඩි වෙනසකටත් එක්ක මම වෙනස් කතාවක් කියන්න අද හදන්නේ. (එහෙම කිව්වට ලිපි පෙළ නවත්තලා නෑ ඕන්..) 

බ්ලොගේටත් අලුත් පෙනුමක් එහෙම දීල මේ ලැහැස්ති වෙන්නේ එහෙම කරන්නට මාව පෙලඹවූ හේතුව කියන්න තමයි. ඔව්, ටිකක් අලුත් වැඩක් තමයි.


මගේ බ්ලොග් එකේ ස්ටැට්ස් බලද්දී මම දැක්ක විශේෂ දේවල් දෙකක් තිබ්බ. ඒ තමයි දැන් ගොඩක් දෙනෙක් තමන්ගේ ජංගම දුරකථන සහ උපාංග මගින් බ්ලොග් කියවන්න වගේම කමෙන්ට් කරන්නත් පෙළඹෙන බව. අයි ෆෝන් අයි පෑඩ්  වලින් සහ ඇන්ඩ්රොයිඩ් උපාංග මගින් බ්ලොග් වලට ගොඩක් අය ඇවිත් තියනවා කියලා මට පෙනුන නිසා මේ ටිකේ මමත් පොඩි පරීක්ෂණ කීපයක් කළා.

මමත් ඉතින් ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන හින්දා මම ඒකෙන් HSDPA ආධාරයෙන් මගේ බ්ලොග් එක වගේම තව අපේ බ්ලොග් ලියන ගොඩක් දෙනාගේ බ්ලොග් කියවලා බැලුවා. ඇන්ඩ්රොයිඩ් 2.3 ජින්ජබ්‍රෙඩ් තියෙද්දී නම් සිංහල පෙනුනේ නිකං යුද පිටියක වැටුණ බුලට් ෂෙල් වගේ. හැමතැනම.. ඒත් මම පසුගිය අප්‍රේල් මාසේ ඉඳලා SETT බ්‍රවුසරේ දාගෙන බැලුවා ඇන්ඩ්රොයිඩ් 2.3 වලට. මෙන්න.. බ්ලොග් ලස්සනට කියවන්න පුළුවන්...

ඊට පස්සේ මම මගේ ඇන්ඩ්රොයිඩ් ගැජට් එක අලුත් ඇන්ඩ්රොයිඩ්වලට (අයිස්ක්‍රීම් සැන්ඩ්විච්) අප්ඩේට් කරා නේ. එහෙම කරපු ගමන්ම වගේ මොනවත්ම ඉන්ස්ටෝල් කරන්න කලින් මම බැලුවේ බ්ලොග් ටික. අනේ යස අගේට සිංහල පේනවා. හොඳට කියවන්න පුළුවන්.

මේ ඇන්ඩ්රොයිඩ් 4.3 වලදී  (ගිනි නරියා බ්‍රවුසරෙන්)





මේ ලොකු කලාම අකුරු පෙනෙන විදිය

කියෙව්වට පස්සේ කමෙන්ට් කරන්න ගියාම තමයි ඊළඟ ප්‍රශ්නේ මතුවුනේ. කොහොමද සිංහල කොටන්නේ? ඉතින් ඒ සඳහා මම විවිධ මෘදුකාංග භාවිතා කලත් අන්තිමේ පිහිටට ආවේ භාෂා ලංකා ආයතනයේ නිර්මාතෘ, බ්ලොග් රචක,  ධනික සහෝදරගේ සමාගම හදපු හෙළකුරු කියන මෘදුකාංගය. සිංහල ගුගල් ට්‍රාන්ස්ලිටරේට් වල ටයිප් කරනවා වගේම ලේසියට මේ මෘදුකාංගයෙන් අකුරු ගහන්නත් ඒවගේම අවශ්‍ය විටක නොදන්නා අකුරු ටයිප් කරන හැටි හොයාගන්නත් මේ මෘදුකාංගය සහය සලසනවා.


මෙන්න මේ දේවල් ටික දැනගත්තට පස්සේ මම තීරණය කළා මගේ බ්ලොග් එක තවත් ජංගම උපාංග වලට පහසුවෙන් කියවන්න වගේම ඒ දේවල් වලට ඕනේ කරන උපාංග ටිකත් මගේ බ්ලොග් එක හරහා සම්බන්ධ කර දෙන්න. හරි. ඉතින් දැන් කියන්න යන්නේ මේ විදියට ඔබේ සිංහල බ්ලොග් අඩවියත් ජංගම උපාංග මගින් කියවන්න දෙන්න කැමති නම් ඒ දේ කරන්නේ කොහොමද කියන එක.

මේ හෙළකුරු මගින් කමෙන්ට් එකක් කොටන ගමන්

මගේ බ්ලොග් එකේ වගේම ඔයාල ගොඩක් දෙනෙකුගේ බ්ලොග් වලත්  ධනික සහෝදරයා හදපු SETT deco විකේතකය විජට්ටුවක් විදියට දාගෙන ඇති. පරිගණකයේ දී  සිංහල යුනිකේත අකුරු නැතුවත් බ්ලොග් කියවන්න පුළුවන් වෙන්න උදවු කරන අන්න ඒ විජට්ටුව තමයි මේ හපන්කම ජංගම උපාංග වලත් කරන්නේ. බ්ලොග් එක ජංගම උපාංග වලදී ලෝඩ් වෙනකොට අකුරු විවිධ සංකේත විදියට දිස් වුනත් ලෝඩ් වූ වහාම ඒවා අපිට කියවිය හැකි සිංහල අකුරු බවට මේ විජට්ටුව හරහා පත් වෙනවා. මේ විජට්ටුව නැති බ්ලොග් නම් කියවන්න අමාරුයි. අකුරු එහෙ මෙහෙ වෙලයි තියෙන්නේ..

ගොඩාක් බ්ලොග් මේ හරහා පහසුවෙන් කියවන්න පුළුවන්. ඒ වගේම මේ හෙළකුරු මෘදුකාංගය හරහා පහසුවෙන්ම කමෙන්ට් කරන්නත් පුළුවන්. පරිගණකයෙන් ටයිප් කළා වගේමයි කිසිම වෙනසක් නම් නෑ. නමුත් ඇතැම් බ්ලොග් වල ඇති HTML/Javascripts flash plugins මගින් ලෝඩ් වෙන වේගය නම් ඉතා අඩු කරලා ඇති බව කියන්න ඕනේ. 

අන්තිමටම, ඇන්ඩ්රොයිඩ් වලින් බ්ලොග් කියවන අයට තව එක ගැජට් එකක් ගැන කියන්න ඕනේ. ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය. මේ බ්‍රවුසරය ගොඩක් වේගවත් වගේම pdf වලින් අවශ්‍ය බ්ලොග් පිටු සේව් කරන්නත් ඔප්ෂන් දීලා තියනවා. කැමති අය මෙතනින් බාගෙන පාවිච්චි කරලම බලන්නකෝ. 

ප.ලි. : SETTdeco විකේතකය වර්ඩ් ප්‍රෙස් බ්ලොග් සඳහා ක්‍රියා කරන්නේ ඒ බ්ලොග් ඔබගේම සර්වරයක පවත්වාගෙන යන්නේ නම් පමණි.




-- මෙහි වන අයිකන සහ නිෂ්පාදන සන්නාම අදාළ ආයතනයේ පුර්ණ අවසරය මත පලකොට ඇත. ඒ අයිකන, සන්නාම සතු පුර්ණ අයිතිය භාෂා ලංකා ආයතනය සතු වේ. --

87 comments:

  1. හරිම වැදගත්. මට කියනවද අයි පෑඩ් වලින් කොහොමද සිංහල කියවන්නේ හා අකුරු කොටන්නේ. එතකොට ෆ්ම් අභය වගේ ෆොන්ට් කොහොමද අයි පෑඩ් වලට දාගන්නේ. තව සිංහල යුනිකෙත වලින් කොටන ඉස්කෝලෙ පොත ෆොන්ට් එක ෆ්ම් අභය වලට කන්වර්ට් කරන්න පුලුවන්ද අයි පෑඩ් එකකින්. මේ ටිකට උත්තර මම දැන් කාලෙක ඉදන් හොයනවා. ලැපේදි නම් මේ ඕනෙම දෙයක් කර ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මුලින්ම මම ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා මොකද මේ ප්‍රශ්නෙට මට පිලිතුරක් එක එල්ලේ ලබා දිය නොහැකි නිසා. මගේ ඇපල් උපාංග ගැන තියන දැනුම නම් අල්පයි. ඒ වුනත් ඔබතුමාට පිළිතුරක් ගන්න පුළුවන් තැනකට මම ඔත්තුවක් දෙන්නම්.

      මෙන්න මේ කාලිංග ඇතුලත්මුදලි විසින් ලියන බ්ලොග් එක ඇපල් වල සිංහල ඉන්ස්ටෝල් කරන විදිය ගැන කියලා තියනවා. එතනින් පුළුවන් දැනගන්න.

      Delete
    2. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..වෙනසක් කල එක හොදයි... හැමදාම දකින කුකුලගේ කරමලෙත් සුදුයි කියනවනේ....
      එල ලිපියක්....

      Delete
    3. ස්තුතියි. පැමිණීමට වගේම කමෙන්ට් එකටත්. අර කියන්නා වගේ එකම විදියට තියන්න හොද නෑ නේ හැමදාම.

      Delete
    4. ස්තූතියි.වටින කියන දෙයක් දැනගත්තා..අර කාලිංගගෙ බ්ලොග් එකට යන ලින්ක් එක වැඩ කරන්නෙ නැහැනෙ. කොපි පේස්ට් කර ගන්න පුලුවන් විදියට ඒ පොස්ට් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් නං ලොකු උදව්වක්

      Delete
    5. සමාවෙන්න. මෙන්න ලින්ක් එක.
      http://sinhala.kalingasblog.com/2010/01/17/installing-sinhala-on-a-iphone-3g-jailbrake/

      ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
    6. ස්තූති කරන්න ඕන මමනෙ :)

      Delete
    7. ලකී අය්යා ඕක කියවලා ලින්ක් එක ගැනත් කිව්වනේ. ඒ හැමදේටම මගෙත් ස්තුතිය.. :-) ඒකයි

      Delete
    8. ක්සැන්ඩර්..

      ඒ පෝස්ට් එක ටිකක් පරන එකක්...මම හිතුවෙ සිංහල කී බෝඩ් එකක් ඉන්ස්ටෝල් කරන එකක් ගැන...අයිපෝන් එකෙන් සිංහල කියවන එක නම් ප්‍රශ්නයක් නෙවෙයි.

      මම දැනට සංහිද කියන ඇප්ලිකේෂන් එක තමයි ටයිප් කරන්න පාවිච්චි කරන්නෙ..එතන ටයිප් කරලා කොපි කරලා බ්ලොග් එකේ පේස්ට් කරල තමයි කමෙන්ට් කරන්නෙ..

      ඒත් සමහර බ්ලොග් වල එහෙම පේස්ට් කරන්න බැහැ,..දැනට මට එහෙම පේස්ට් කරන්න පුලුවන් එක බ්ලොග් එකක් දුකාගෙ එක..මම දන්නෙ නැහැ අනික් එවයෙ එහෙම කරන්න බැරි ඇයි කියලා...

      Delete
    9. මේ ගැන මම හොයලා කියන්නම්. මොකද වෙදමහත්තයාට කිව්වා වගේ මගේ ඇපල් දැනුම ටිකක් මදි.

      Delete
  2. බ්ලොග් එකට අන්දලා තියන ඇඳුම අපූරුයි.+නමුත් තව ටිකක් හදාගන්න වෙයි මගෙ හිතේ.template settings වල Adjust widths එකේ Entire අඩු කලොත් හොඳයි නේද.

    Symbian phone වලට මේ app එක දාගන්න බැරිවෙයිද?

    //ඇතැම් බ්ලොග් වල ඇති HTML/Javascripts flash plugins මගින් ලෝඩ් වෙන වේගය නම් ඉතා අඩු කරලා ඇති බව කියන්න ඕනේ. //

    මේ කාරනේනම් ඇත්ත තමයි.බ්ලොග් එක කියවන්න එන අයට මේක වදයක්.එක එක ගැජට් දාගත්තහම ලස්සනයි තමයි.නමුත් ඒකෙන් වෙන්නෙ කියවන්නාට අපහසුවක්.වෙබ් පිටුව ලෝඩ් වෙනකොට HTML/Javascripts flash plugins අරගන්න තැන්වලට වක්‍රව හරි ටැෆික් වෙනවා.ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය පාවිච්චි කරන අයට ඒක හොදට බලන්න පුළුවන්.වෙබ් පිටුව ලොඩ් වෙද්දි පහලින් පෙන්නනවා වෙබ් පිටුව සම්භන්ධ වෙලා තියන ලින්ක් එහෙම නැත්නම් ගැජට් අරගත්තු තැන් වල වෙබ් ලිපින.

    ඉතින් අර අහිංසක බ්‍රව්සරය දුක් විදගෙන ඒවා ලොඩ් වෙනකන් ඉන්න ඕනනෙ.මේක ගොඩක්ම බලපාන්නේ අපි වගේ ඩොන්ගල් වලින් අන්තර් ජාලයට පිවිසෙන අයට. :(

    ගොඩක් වැදගත් ලිපියක් අයියේ..
    ආ...SETT deco විකේතකය phone වලින් බ්ලොග් එකට එන අයට වෙනමම දාන්නත් ඕනෙද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි ඔයාගේ කමෙන්ට් එකට. width එක වැඩියි වගේද?

      symbian වලට නම් බෑ මල්ලියෝ. මේක ඇන්ඩ්රොයිඩ් වලට විතරයි.

      පැහැදිලි කිරීමට ස්තුතියි මල්ලි. SETTdeco එක වෙනමම දාන්න ඕනේ නෑ. බ්ලොග් එකේ තියනවානම් වැඩ කරනවා ෆෝන් වලදීත්. ඔයාගේ බ්ලොග් එකත් ෆෝන් එකෙන් අපුරුවට කියවන්න පුළුවනි. මම ඔයාගේ පරිවර්තනේ 5 වෙනි කොටස කියවලා කමෙන්ට් කලේ ෆෝන් එකෙන්.

      Delete
  3. අයියෝ මට නම් පෝන් ගැන එපා..මට දැන් පෝන් පිස්සුව ඉවර වෙලා තියෙන්නෙ..ආයෙ හදා ගන්න බැහැ....හිට්ලර් ගැන ලියන්නෝ......
    මාත් නාසියෙක් තමා මට ජර්මන් අය ගැන හරිම උනන්දුවක් තියනව..දෙපාරක් ගියා එහෙ..මම වෙන මොනම රටක වත් මිනිස්සුන්ට වඩා ජර්මන් අයට හිතවත්...!! :D:D

    ReplyDelete
    Replies
    1. එක දිගට කියන්න ගියොත් එපා වෙයි කියලා හිතුවේ. එකයි මේ ෆෝන් ගැන ඩිවයිස් ගැන ලිව්වේ.හිට්ලර් ගැන තව ලිපියක් ඩ්රාෆ්ට් එකේ තියනවා. ඒ කොටස ළඟදීම දාන්නං. :-)

      අනේ මන්දා මටත් එහෙමයි. ජර්මනිය ගැන පුදුම ආශාවක් තියෙන්නේ. ඒත් යන්න නම් පිනක් තවම පල දුන්නේ නෑ. මේ පල දීල තියන පිනේ හැටියට එහෙම පිනක් පල දෙන එකකුත් නෑ.

      Delete
    2. ට්‍රයි එකක් දෙන්න..බැරි වෙන එකක් නැහැ..එහෙ ඉන්න කෙනෙකුට පුලුවන් ඔයාට විසිටින් වීසා එකක් එවන්න..ඒක ගන්න හරිම ලේසියි.....අපිට නම් ඉතින් අල්ලපු වැටේ..ඕන උනාම ට්‍රේන් එකෙන් ගිහින් එන්න පුලුවන්...

      Delete
    3. හ්ම්ම්.. බලමුකෝ.. :)ඒවට වාසනාවත් ලැබීමත් තියෙන්න ඕනේ නේ.

      Delete
  4. මම මේ ලිපිය කියවනකොට ඔය දෙකම ඉන්ස්ටෝල් කරලා ඉවරයි මටත් කාලෙකට කලින් තිබ්බ ප්‍රශ්නයක්
    දන්නේ නැති අයට හොඳ පිළිතුරක් වේවි මේ ලිපිය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මම නම් දඟලලා දඟලලා මේ දැන් සතියක් විතර මේ හෙළකුරු හොයාගෙන නම්. අනිත් එක නම් පාවිච්චි කළා අප්‍රේල් වලට කලින්.

      Delete
  5. පට්ට පට පටටටටටටටටටටටටට...........

    මමත් හොය හොය හිටියේ......... :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් හොයන්නාට හම්බවුනා.. ජයවේවා..

      Delete
  6. ස්තුතියි සහෝ මේ දැනුවත් කිරීම් වලට. මම මේ දෙක ගැනම දැනගෙන හිටියත්, ඇන්ඩ්‍රොයිඩ් භාවිතයක් නොකලත් ඔබට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ... මොකද, අන්තර්ජාලය තුල සිංහල භාවිතයේ අනාගතය වෙන්නේ මොබයිල් නිසා මේ දැනුවත් කිරීමත් එක්කම කීප දෙනෙක්ට හරි සිංහලෙන් වැඩ කරන්න පහසුවක් වේවි...

    ගොඩක් ස්තුතියි !!! ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සහෝ. අපේ භාෂාවෙන් ලියන්න කියවන්න පුළුවන් කියන්නේ තවත් ජංගම උපාංග වලට මිනිස්සු පුරුදු වීම සහ ඒ ඔස්සේ සිංහලෙන් වැඩ කිරීමට පටන් ගැනීමයි. ඔබ කිව්වාක් මෙන් අනාගතේ ඇත්තේ ඒ තුලයි.

      ස්තුතියි දිරිමත් කිරීමට.

      Delete
  7. ගොඩක් ස්තූතියි! :)
    මටත් ඔහොම උපකරණ නෑ. නමුත් එහෙම තියන අයට මසුරං වටින බව මම දන්නවා! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සටහනට. කොහොමද පෙනුම එහෙම දැන්? මොකවත් හිතෙනවද ඒ ගැන?

      Delete
  8. ෂෝක් ෂෝක් වැඩේ හොඳයි. නිස්කලන්කේ ආයි පාරක් කියවලා බලලා අපිටත් කරන්න puluvan දෙයක් තියෙනවා නම් කරන්න ඕනේ :)

    ReplyDelete
  9. නියම ලිපියක් ඒත් අපිට කොයින්ද ඇන්ද්‍රෝයිඩ්.

    ReplyDelete
    Replies
    1. ඒත් ඔයාගේ පාඨකයෝ ඇන්ඩ්රොයිඩ් වලින් කියවනවා වෙන්න ඇති, මේ ලිපිය ලියන කියවන දෙගොල්ලන්ටමයි..

      Delete
  10. මම බ්ලොග් ඇන්ඩ්‍රොයිඩයෙන් කියවනව. ඒත් කමෙන්ට් කරන්න බැහැනේ. මාර සීන් එක

    මට තියෙන්නේ හුවාවේ යූ8180 එකක්. ඒකේ සිංහල ටයිපිං හිටන් තිබේ. හෙලකුරුත් තිබේ.

    උදව් ඕනැ මචං..

    ජය !

    ReplyDelete
    Replies
    1. මොකද වෙන්නේ කියලා විස්තර ඇතුව කිව්වොත් සතුටින් උදව් කරන්නම්.

      Delete
    2. senna - මට කීයක් හරි දියන් මේ ෆෝන් එක යූස් කරනවට :)

      ක්සැලා - හොයාගත්ත මචං.. කමෙන්ට් බොක්ස් එක ලෝඩ් වෙන්න වෙලා යන සීන් එකක් තියෙන්නේ.

      තුති බුවා.

      මොකෝ පෝස්ට් නැත්තේ ?

      Delete
    3. එල එල..

      විදුලිබල මණ්ඩලේ එවුන් එක්ක බෑ බං. දැන් දවස් 3කම ඉඳලා එකම දේ ලියනවා. අදවත් දාන්න ඕනේ.

      Delete
  11. SETT deco විකේතකය මගේ බ්ලොග් කටුවෙ වැඩ කලේ නෑනේ.. ආයේ දාලා බලන්ඩ ඕනා.. උඹ මේ කියලා තියන ඒවනම් මට වැඩිය තේරෙන්නෑ බන්.. ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොකක්ද කියලා මම මේ කල්පනා කරන්නෙ ?

    හෙලකුරු යතුරු පුවරුව, කම්පියුටර වලටත් ගැලපෙනවද ? නැත්නම් ෆෝන් වලට විතරද ?

    එතකොට අයිස්ක්‍රීම් සැන්ඩ්විච් කියන්නෙ මොනවද බන් ? මේවා ෆෝන්ද නැත්නම් කෑම ජාතියක්ද ? පිස්සු හැදෙනවනෙ බන්.. මම සෑහෙන අවුට් ඩේටඩ් වගේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔහොම කියන්න එපා බං.. ඇඩෙනවා තනි ඇහැට... :-)

      ඇන්ඩ්රොයිඩ් කියන්නේ දැන් ගොඩක් ජංගම දුරකථන වගේ උපාංග වල එන ඕඑස් එකක්. ෆෝන් වගේම පෑඩ් විදියට වැටෙන ඩිවයිස් මේ ඇන්ඩ්රොයිඩ් වලින් වැඩ කරනවා.

      හෙළකුරු යතුරු පුවරුව නම් ගැලපෙන්නේ ඇන්ඩ්රොයිඩ් වලින් වැඩ කරන ඩිවයිස් වලට විතරමයි.

      ඇන්ඩ්රොයිඩ් කියන ඕඑස් ඒකෙ අලුත්ම වර්ෂන් එක තමයි අයිස්ක්‍රීම් සැන්ඩ්විච් කිව්වේ.

      Delete
  12. මා ළඟ තියෙන්නේ නොකියා 6680 ෆෝන් එකක්. ඒකෙන් බ්ලොග් කියවන්න සකස් කරගන්නේ කොහොමද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට පුළුවන් ඔපෙරා බ්‍රවුසරය මේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා බලන්න. මේ ෆෝන් එක ටිකක් පරණ වුනාට ඉතාම හොඳ ෆෝන් එකක්.

      Delete
  13. ආ.... අළුත් ඇඳුමක් ඇඳල තියෙන්නෙ. කෝල් එකක් ගන්නව ඇරෙන්න වෙන කිසිම දේකට මම නම් ෆෝන් පාවිච්චි කරන්නෑ. ඒ වුණාට අද තියන කාර්යබහුලත්වයත් එක්ක කම්පියුටරයක් ඉස්සරහ වාඩිවෙල බ්ලොග් කියව කියව ඉන්න හැමෝටම බැහැනේ. ඒ අයට මේ ලිපිය හොඳ මඟපෙන්වීමක් වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. ඔව් අද කෙසේ වෙතත් ජංගම උපාංග කියන්නේ අන්තර්ජාලයේ අනාගතයයි. ඉතින් ඒ වගේ දේවල් එක්ක තමයි මේ පොස්ට් එක ලියන්න පෙළඹුනේ.

      Delete
  14. නියමයි නියමයි වැදගත් තොරතුරු ටිකක්.. බ්ලොග් එකත් වෙනස් වෙලා තියෙනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් මල්ලි. අපි ලියන්නේ කියවන්න එන අයටනේ. තනියම කියවගන්න ඕනේ නම් ඉතින් පොතක ලියාගන්න පුළුවන් නේ. :-) ඉතින් කියවන්න එන එයාල වෙනුවෙන් ලියපු දෙයක් මේ.
      ඒ වුනත් ලියන අයටත් මේ ලිපිය ඉලක්ක කළා.

      Delete
  15. ඔයාගේ මේ ලිපිය හින්දා වැඩ දෙකක් වුනා. එකක් මගේ ඩුප්ලිකේට් ඇන්ඩ්‍රොයිඩ් අයිපෑඩ් එකට සිංහල දා ගන්න විදියක් ගැන දැන ගත්තා. අනිත් එක දනික කියන්නේ කවුද කියලා දැන ගත්තා. ඔයාගේ බ්ලොග් එකට ආව පළවෙනි පාර. අනිත් ලිපි හිමිහිට කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබට සේවයක් වුනානම් අවංකවම සතුටක්. අපි ගොඩක් දෙනෙක් ධනික ගේ විජට් එක භාවිතා කලත් ධනික ගැන දන්නවා අඩුයි නේ.
      ඔයා කලිනුත් මෙහෙ ඇවිත් මට සුභ පතලා තියනවානේ මගේ විවාහ සන්වත්සරේදී. මේ බලන්න
      නැවත පැමිණීමට ස්තුතියි ඔබට.

      Delete
  16. හරිම වැදගත් ලිපියක්....

    ReplyDelete
  17. බොහොම ස්තූතියි මේ වගේ දේ ගැන දැනුවත් කලාට...

    ReplyDelete
  18. සිම්බියන් අපට ඔය පින නෑ නෙව !!!

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ්රොයිඩ් වලට ඉතින් මහා දුරකුත් නෑ නෙව?? දැන් ඉතින් ඉංජිනේරු මහත්තයෙක් නේ!! :-)

      Delete
    2. මේ කමෙන්ට් එක මගෙ පුතාට පෙන්නන්න ඕනෙ. එයාත් මුලදි සිම්බියන් තියෙන Nokia N8 එකකට ආසාවෙන් ඉඳලා පස්සෙ Android තියෙන Xperia එකකට කැමති වුනේ හුඟක් අමාරුවෙන්.
      henryblogwalker the Dude

      Delete
    3. එයාට මෙන්න මේ ගෘප් එකට ගියොත් තවත් විස්තර දැනගන්න පුළුවන් ඇන්ඩ්රොයිඩ් ගැන.
      http://www.facebook.com/groups/wereandroids/

      Delete
  19. නියමයි..
    මාත් හොය හොය හිටියේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් සැහෙන්න සතුටුයි.
      බොහොම ස්තුතියි.

      Delete
  20. අපිට කොහෙද බූල් බල්ලෝ කිව්වලු. අපි ඉතින් තවම ඉස්සර ආපු sony ericsson ඒවා තමා පාවිච්චි කොරන්නේ. ඔපෙරා මිනි දාගෙන බ්ලොග් බලන්න නම් පුළුවන් හරි අමාරුවෙන්. එත් සිංහල නම් කොටන්න බැරියෝ.... :'(

    ReplyDelete
    Replies
    1. මගෙත් පරණ සෝනි එරික්සන් දෙකක්ම තියේ.. මම කරන්නෙත් ඔපෙරා වලින් බ්ලොග් එහෙම කියවන එක. ඒත් හරියට රෙන්ඩර් වෙන්නේ නෑ නේ. අර කියන්නා වගේ සිංහල කොටන්න තමයි බැරි.

      මේකෙන් ඉතින් ලියන අයටත් වැඩක් තියේ,ට්‍රැෆික් වැඩි කරගන්න පුළුවන් බ්ලොගේ මේ වගේ ඩිවයිස් සපෝට් එකක් දුන්නොත්. :-)

      ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
  21. ස්තුතියි ක්සැන්ඩර්, මගෙත් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් අහවල් එකක් තමයි. ඒක නම් ගන්නකොටම SETT Browser එක දාලා තිබ්බා. සිංහලකියවන්න නම් අප්සෙට් එකක් තිබ්බෙ නෑ. සිංහල කොටන්න අර ගැජට් එක මම කීප වතවක් ඩවුලෝඩ් කලා නමුත් හැම වතාවෙම මොකක් හරි එරර් එකක් ආවා. ආයෙ බලන්න ඕනෙ. අර විජට් එක බ්ලොග් එකේ එල්ල ගත්තනම් හරි නේ. බලන්න ඕනෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ්. ගැජට් එකේ අවුලක් තියේ නම් උදව් කරන්න පුළුවනි. මොකක්ද දෙන දෝෂ පණිවිඩේ කියලා කිව්වානම්.

      Delete
    2. ක්සැන්ඩර්, ඔන්න මම ආයෙම SETT Deco එක එල්ලුවා මගෙ wordpress බ්ලොගේ. ඔන්න ගිහින් බලන්නකො තියෙන අවුල. කේතය ඇලෙව්වට පේන්නෙ ඔය විදියටයි. දකුණු පැත්තෙ කොලම් එකේ යටන බලන්න.

      Delete
  22. මම ස්ට්‍රයික්.. මගේ බ්ලොග් එක අනිත් අයගේ අප්ඩේට් නොවෙන එකට උත්තරයක් කවුරුහරි දෙනකල් මන් ඉස්ටැයික් ..

    ReplyDelete
    Replies
    1. ඈ..ඒ මොකෝ අයියේ ඒ? මගේ රෝලෙත් අප්ඩේට් වුනේ නැතුවට කියවන්න නම් එනවා. RSS එකතු කරලා බලමුද? ඒකෙන්වත් එන්න පුළුවන් නේ? ඉට්ටයික් එක ඉවර කරමු?

      Delete
    2. බලන්න අයියේ මෙතනින් උදව්වක් වෙයිද කියලා. මේක අලුත්ම ත්‍රෙඩ් එකක් නිසා රිප්ලයි තවම නෑ. ඒත් ගොඩක් වෙලාවට මෙතනින් සාර්ථකම උත්තරේ ලැබෙන්න පුළුවන්.

      මෙන්න තැන ===>

      Delete
  23. ඇන්ඩ්‍රොයිඩ් මෙව්ව එක නැති අයට?

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ්රොයිඩ් මෙව්වා එකෙන් කියවන අයට පහසුකම් සලස්සලා දෙන්න පුළුවන්. :-)

      Delete
    2. අපි දුප්පත්නෙ මචං..නෝ ඇන්ඩොයිඩ් :(

      Delete
    3. ඒවා හිතන්න එපා.:-) එන උන්ට පාර හදමු.

      Delete
  24. ගොඩාක් වැදගත්. සමහර වෙලාවට ෆෝන් එකෙන් ලොග් උනාම කියවන්න අමාරුයි.

    ReplyDelete
  25. තොරතුරැ වලට ස්තූතිය.... ක්සැන්ඩර් කාමරේ පැත්තෙ එන්නෙ නැත්තෙ අපි පොඩි හින්දද ?

    ReplyDelete
    Replies
    1. මම පහුගිය ටිකේ එහෙ ආවා ෆෝන් එකෙන් මේ පොස්ට් එකට කරුණු ගන්නත්, ඔන්න ඉතින් අද සාමාජිකත්වෙත් ගත්තා.

      Delete
    2. මම ඊට කලින් ඔබේ සාමාජිකත්වය අරන් තිබුනා.... හමුවීම පිලිබද සතුටුයි !

      Delete
    3. :-) මටත්. හමුවීම සතුටක්. :-)

      Delete
    4. මේ අඩවියටත් ඔබගේ පිටුවක් ඇතුලත් කරන්න.
      http://www.walkwalls.com

      Delete
  26. හ්ම්ම් වැදගත් ලිපියක් යාළු....... ඔයාල දන්න දේවල් අපිටත් කියන එක ඇත්තටම ඔයාටත් පිනක්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පිං කොහොම වෙතත් තව කෙනෙක්ට උදව්වක් වුනොත් ඒකම දෙයක් නේ නේද?

      Delete
    2. හ්ම්ම් හ්ම්ම් ..:)

      Delete
  27. මන් සැහෙන්න දවසකින්ද මන්දා මේ පැත්තේ ආවේ...සමාවෙන්න ඕනේ මේ දවස් වල බ්ලොග් ලියන එක කෙසේ වෙතත් බලන එකත් සැහෙන්න අඩු වෙලා...:(
    මුලින්ම ගිහින් අර හිට්ලර්ගේ ලිපි ටික කියවලා එන්නම් හොදේ... එක කියවන්න සැහෙන්න ආසාවක් තියනවා..
    මගෙනුත් යාළුවො දෙතුන් දෙනෙක් මේ සිංහල ටයිප් කරන විදිය ගැන ඇහුවා මේ පොස්ට් එක පෙන්න ඕනේ..
    හුගක් ස්තුතියි යාලු මේවාගේ වැදගත් දෙයක් ලියලා අපිව දැනුවත් කරනවට.
    පෙනුම අලුත් වෙලා නේ? අලුත් ඇදුම හැඩයි..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අර මම නිතර කියන්නේ, පරක්කු වුනාට කිසි ප්‍රශ්නයක් නෑ. ආව එක තමයි වැදගත්. :-) එහෙ ගියත් කමෙන්ට් කරන්න බෑ ෆෝන් එකෙන්. ඉතින් කියවලා දුවනවා මේ ටිකේ.

      Delete
  28. යන්තම් කොම්පීතරයක් අටවගෙන බොග් කියෝන අපි වගෙ ගොඩයන්ට මොන ඇන රොයිඩ්ද

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං.. ඩුබායි වල ඔව්වා ලාබයි.. :)

      Delete
  29. එල එල.. මාත් මේ ෆයර් ෆොක්ස් බානෝ!!

    ReplyDelete
    Replies
    1. කොහොමද ෆොක්ස්? එල නේ? ඔන්න අලුත් සංස්කරණය ආවා. පරණ එකේ ගොඩක් අවුල් හරි මේ අලුත් එකෙන්

      Delete
  30. ක්සැන්ඩරයෝ, අලුතෙන් මොනවහරි ලියපියකෝ, හැමදාම ඇවිත් බලනවා අලුත් දෙයක් ඇති කියලා. මොනවත් නැති නිසා තද වෙලා යන්ඩ යනවා. ඔහේගේ කී බෝඩ් එක නැති වෙලෑයි.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අනේ සමාව භජනය කොරන්න. හේතු දෙකක් එක්ක මේ ඉන්නේ. එකක් මේ විදුලි බල මණ්ඩලේ ඉන්න පිස්සෝ ටික. ලියන ලියන ටික විනාඩි 20-20 පවර් කට් එක්ක අහෝසි වෙනවා. දෙක,ඔබතුමාගේ ලිපියේ දෙවැනි කොටස එනකම් හිටියේ. ඔන්න අද රෑ ලියනෝ.

      Delete
  31. Ics වලට Root කරලා සිංහල දාන්නේ නැතුව සිංහල පේනවදෝ . අපි ඉතින් හෙලකුරු පාවිච්චි කලේ අදක ඊයෙකවැයි :P මේකත් කොටන්නේ හෙලකුරු වලින් තමා
    ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. රූට් කරන්නම ඕනේ නැතෝ.. රාවණා කාලේ ඉඳන් හෙලකුරු නේ ලිව්වේ නැද්ද චුටි පුතා? :)

      ජයවේවා!!!

      Delete
  32. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete