Showing posts with label හිතට වදින යමක්... Show all posts
Showing posts with label හිතට වදින යමක්... Show all posts

Tuesday, August 30, 2016

තාර බර ඇරලා කෙට්ටු වෙන්න ඕනෙද? මෙන්න ක්‍රමේ..

මේ ලඟදි අපේ විචාරකතුමා ගේ බ්ලොගර් එකේ මගේ තුන් මාසේ  බර අඩුවීම ගැන කියල සටහනක් දැම්මම බ්ලොග් ලියන ගස් ලබ්බා සහ ඩුඩ් මගෙන් ඉල්ලීමක් කළා ඒ ගැන කියන්න කියල. සටහන පොඩි නැති නිසා පෝස්ට් එකක් ම දැම්ම. ඉතින් මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ ..

( අඃ.. ලංකාවේ ඉද්දි නම් මේ කියන විදියට කන්න අමාරු වේවි. මොකද මෙහෙ ඉතිං හැම එකම හරි අඩුයි නේ. මම මේ ක්‍රමය කලේ මැදපෙරදිග දී.ඒ නිසා මට මේ පෝස්ට් එක කියවලා මේ කොටස නොකියවා ඉන්න අයට නෝ ඩිස්ක්ලේමර් ඈ..)


සම්පුර්ණ මාස තුනක් ඇතුලේ,

තෙල් සහිත ඕනෑම කෑමක් නතර කරන්න. පිටි සහිත කෑම සහ බත්. නතර කරන්න. විශේෂයෙන් රාත්‍රී ආහාරය සඳහා බත් අනුභව කරන්නේ නම් නවත්වන්න. පැණිබීම ජාති නම් කටේ තියන්න හිතන්නත් එපා. අරක්කු? එපා.

මේ ටික පුරා තුන් මාසයක් හෙවත් දින සියයක් (අනුවක් වගේ තමා, ඒත් තව දින දහයක් දාගන්න වෙනවා ) කරන්න බැරි නම්, මේ පෝස්ට් එක ඔබට නොවේ. මෙතැනින් එහාට යාමට දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය වේ.

ඔබ මේ ටිකත් කියවන්නේ නම් ඉතිරි කොටස වෙත සාදරයෙන් පිලිගන්නවා.

තරබාරු වෙන්නේ ඇයි?

ශරීරයේ අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි පරිබෝජනය කිරීම තමා ප්‍රධාන හේතුව. අතිරික්ත කැලරි මේදය විදියට ශරීරය සකසා අපේ ඉන වටා, උදරය වටා අතුරා ටිකෙන් ටික අපේ ශරීරය පුරාම අතුරනවා. සීණි, පිටි වගේම තෙල් යන සියල්ල ගෙනියන්නේ කැලරි සංචිත. ඉතින් මේවා කෑමට ගන්න ප්‍රමාණ වැඩි වුණාම නොදැනීම තරබාරු වෙනවා.

හරි. මුලින්ම කියන්නේ කන්න ඕනේ දේවල්. වේල් වල පිළිවලින්.

උදේ කෑම.

මේ වෙලාවට ඔබට කන්න පුළුවන් කෝන් ෆ්ලෙක්ස් එකක්, කිරි ටිකක් එක්ක යම්තම් සීනි දාල ඔබට කන්න පුළුවන්. එහෙමත් නැතිනම් එළවලු. පලතුරු දාල හදන සැලඩ් එකක් නම් තවත් හොඳයි. මතක ඇතුව සැලඩ් එකට ගාලික් පේස්ට් යහමින් රස පමණින් එකතු කරන්න. ලුණු එහෙම දාන්න එපා. ඕට්ස් වගේ කන්නත් පුළුවන්

උදේ කන්නේ කොන්ෆ්ලෙක්ස් හරි ඕට්ස් වගේ නම් ග්‍රෑම් 200ක් (කිරි සමග මුළු බර) වෙන්න කන්න හැකියාව තියෙනවා. සැලඩ් නම් ඉතින් ග්‍රෑම් 250 - 300 ක් කෑවා කියල අවුලක් නෑ. තව ඔබේ රුචිකත්වය මත ඇපල් ගෙඩියක් විතරක් වගේ කන්නත් පුළුවන්. ඔව්, උදේ තේ එක නම් නෑ.

ඊට අමතරව කිසිවක් කන්න කියා මා ඔබට කියන්නේ නෑ. බීම වෙනුවට වතුර පානය කරන්න. බිමක් අවශ්‍යම නම් කැලරි 60කට වඩා අඩුවෙන් ඇති බිමක් තෝරා පානය කරන්න. (ලේසියෙන් හම්බවෙයි කියල නං හිතන්න එපා ඔන්න.)

මේ කික් ස්ටාටර් එක.

දවල් කෑම.

ඔන්න දැන් වැඩ කරලා බඩගිනි වෙන වෙලාව. ස්ටීම් කරපු චිකන් බ්‍රෙස්ට් ග්රෑම් 300ක් වගේ එකක් එක්ක අර උදේ හදපු සැලඩ් එක නම් මරු.

සැලඩ් එක හදන විදිය කියන්න වෙනවා. තක්කාලි අත්‍යාවශ්‍යයි, ගෙඩියක් හැමදාම කෑවත් පාඩු නෑ. ගාලික් පේස්ට් එක අවශ්‍යයි. එළවලු විදියට නම් කොළ වර්ගයක්, බේබි කෝන්, කැරට්, බ්‍රොකොලි එහෙම හොඳයි. වට්ටක්කා, රතු අල එහෙම නම් ගන්න එපා. පිටි ගතිය වැඩියි. අර්තාපල් පොඩ්ඩක් අවුලක් නෑ නමුත් හැමදාම නම් හරියන්නේ නැතිවෙයි. පොඩි වෙනසක් වෙන්න පාට පාට බෙල් පෙපර් ටිකක් දාගන්න. ඔලිව් (කැලරි අඩු වෝට බේස්ඩ් ඔලිව්) ෆෙටා චීස් ටිකක් එහෙමත් මේකට අවශ්‍යයි. උදේ කෑමට හදනවා නම් ටුනා (වයිට් ෆින් - වෝටර් බේස්ඩ්) ටිකක් දාගන්න. බේබි කෝන්, කැරට් සහ බ්රෝකොලි ස්ටීම් කරගන්න.

රාත්‍රී කෑම.

මේකට මම ගොඩක් වෙලාවට කන්නේ කොන්ෆ්ලෙකස් ග්‍රෑම් 200ක් වගේ.


මෙතුවක් දුර කියවූ ඔබට ස්තුතියි. මම පෝෂණවේදියෙක් නම් නෙවෙයි එත් මේ වැඩේ කලේ ගොඩක් කාලයක් මට වද දුන් මගේ තරබාරුව නැති කරන්න ගොඩක් දුර කියවලා ගත්තු දැනුම එකතු කරගෙන. කිලෝ 98ක් ව හිටි මම කිලෝ 80ක් දක්වා බර අඩු කරගත්තේ මේ කෑම වේල් වලින් විතරක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?

මේ කෑම වේල් සියල්ලේම කැලරි එකතුව කැලරි 2500ක් කිට්ටු කරන්නේ නෑ. ඒ නිසා ශරීරය තමන්ට ශක්තිය සැපයීමට මදි වන කැලරි ප්‍රමාණය සපයා ගන්නේ ශරීරයේ ඇති සංචිත වලින්. මුලින්ම ඔබේ මුහුණ කෙට්ටුවී යනු ඇති. ක්‍රමානුකුලව මාස තුන ඇතුලත ඔබට හිතාගැනීමට අපහසු ලෙස ඔබව කෙට්ටු වේවි.

මුලිකවම පළමු සති දෙක ඔබට යම්තම් බඩගින්නක් දැනේවි. සමහර විටක එය දින කීපයක් වෙන්න පුළුවන්. ඔබට අනිකුත් සාමාන්‍ය කෑම ඉතා සුවඳින් දැනේවි. ඒවා මදකට යටපත් කරගන්න. මාස තුනකින් ඔබ කෙට්ටු වූ පසු ඔබට ඒ කෑම කෑමට හැකිවේවි. එහෙත් ඒ කෑම කන විට ඔබට මහා ගොඩක් කෑමේ අවශ්‍යතාව මතු නොවේවි. ඒ එක්කම ඔබට අපුරු සැහැල්ලුවක් එක්ක මනා සෞඛ්‍ය සම්පන්න බවක් දැනේවි.

ඔන්න ඉන්ස්පයරේෂන් එකක් විදියට මං තුමා ගේ ෆොටෝ තුනක්. පළමු එක 2014 ජුනි මාසේ වගේ ඊට පස්සේ එක ඒ අවුරුද්දෙම සැප්තැම්බර් වල. තුන්වෙනි එක 2015 ජනවාරි මාසේ දී. මාස හතරකින් පොඩ්ඩක් ව්‍යායාම එහෙම කරල අවශ්‍ය පමණට ඉන්නකොට ගත්ත එකක් ඒ.

1


2
3





Sunday, March 18, 2012

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු..

සතිගණන් 
මාස ලෙස
දිනගණන්
වසර ලෙස
ගතවුනා.....
පරතෙරක් නැති 
කාන්තාරේ තනියෙන්ම
එපාවෙලා මට
දැන් නම්..
පොදි බඳිනවා මං
මගේ බඩු සියල්ලම
එන්න..
මගේ ලක්දෙරණ වෙත..
ඔබේ රුව දකින්නට..


ලංකාවට එන්න බඩු පැක් කරන වැඩයි රැකියාවේ වැඩයි අතරේ කියවන්න මිස ලියන්න තරම් විවේකයක් නොලද නිසා අලුත් පොස්ට් මොනවත් දමන්නට විදියක් තිබුනේ නෑ..

Thursday, January 26, 2012

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ඕ ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

Sunday, November 27, 2011

IT ජීවිතේ



මධුරංග ගේ සටහන් ලියන මධුරංග මලය දමපු මේ පොස්ට් එකට රිප්ලයි විදියට ලියවුන එකක්..

සවර් ම 21 ක්,
ස්විච් නම් ලෝකයක්
ඇයි රවුටර්?
අය්යෝ....
ඒ මදිවට
පාස්වර්ඩ් කෝටියක්
මොනිටරුත් දෙකතුනක්
මැදිකරන්
තව ඉතින්
ගෝලයොත්...
සිස්ටම් ඉශු එද්දී
ඕන් කෝල් ඩියුටි වැටෙද්දී
මීටින්වල හිරවෙද්දී...
අවුල් වෙනවා පවුල්
හරියට,
තේරුම්
නොගත්තොත්
අපි ගෙවන ජීවිතේ
අඟල් 17 තිරෙන් පිට ලෝකයේ.......


ප: ප: ලි: කාල වෙලා මඳකම නිසා ප්‍රමාද වූ පිටසක්වල ජීවය ගැන ලියවුන ලිපි පෙලේ මීළඟ කොටස මේ ඉරිදා බලාපොරොත්තු වන්න. 

Saturday, October 29, 2011

සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව

පහත ලිපිය සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පලකොට තිබී කතෘගේ ලිඛිත අවසරය මත මෙහි නැවත පළකර ඇත. මුල් ලිපිය සඳහා සබැඳිය වෙත යොමුවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.


සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව
By DK, on October 28th, 2011

‎”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් මානසිකත්වය දීම) සඳහා කිතුණු පූජක වරුන් විසින් නිමවන ලද ගීයක් බව දන්නෝ දනිති.. එම ගීය තහනමට හේතු වූයේ එය නිසා කළු දරුවන් පාසැල් වලදී අපහසුතාවයට ලක් වන බවට කළු ජනතාවගේ සංවිධානයක් කළ පෙන්වා දීමය..




‎මේ පුවත ඇසූ මට, අපේ රටේ දරුවන් අතර තවමත් කෙරෙන “කං කං බූරු” නම් කවිය වටා ගොණු වූ අමන ක්‍රීඩාව සිහියට නැඟිණි.. ඒ ක්‍රීඩාවද පෘතුගීසින් විසින් සිංහල දරුවන්ට වහල් අවනත භාවය හුරු කරවීම සඳහා නිමවන ලද්දකි.. එහිම පිලිපීන අනුවාදයක්ද, මුරුසි අනුවාදයක්ද, ගෝවේ අනුවාදයක්ද ඇත..

‎”බා බා බ්ලැක් ෂීප්” ගීතයෙන් කළු නීග්‍රෝ දරුවන්ට ක්‍රිස්තියානියට කීකරු වීම මුලින් ඉගැන්වේ.. ක්‍රිස්තියානි බයිබලයේ ජනතා සමූහයන් “බැටළුවන්” ලෙස හැඳින්වෙන අතර ජේසුස් වහන්සේ, පේදුරු තුමන් ප්‍රධාන පූජකයන් සියල්ල “එඬේරුන්” ලෙස හැඳින්වේ.. (උදා: අපේ රටේ අග රදගුරු තුමෙකු පත් වූ විට, එතුමා හඳුන්වනු ලබන්නේ “කොළඹ එඬේරාණෝ” යනුවෙනි.. හලාවත රදගුරු වරයට පත්වුවහොත් “සලාපුර එඬේරාණෝය”.. ජේසුස් වහන්සේ “යහපත් එඬේරා” වෙති..) .. ඒ අනුව අඬ ගසන විට එයට අවනතව එන “බැටළුවන්” මුලින් හුරු කරන ලදී.. අනතුරුව එයට “බ්ලැක්” යන්න යෙදීමෙන්, “සුදු” සම ඇති අයට අවනත වන පණිවිඩය එයට කවන ලදී.. එවිට සුදු ජාතිකයන් යමක් අසන විට “Yes Sir, Yes Sir” කියා කීකරුව පිළිතුරු දීම හුරුවේ.. ඉන් පසුව ඔවුන් කරන්නට අණ කරන සේවාව කීකරුව ඔවුන්ට කර දීමට හුරු කෙරේ.. සුදු ජාතිකයන් “ස්වාමියන් ලෙස සහ ස්වාමි දියණියන්” ලෙස සැළකීමට හුරු කිරීමද මෙයට අන්තර්ගතය.. (“One for my master..” යනාදි වශයෙන්) .. අනතුරුව “One for the little boy who lives down the lane” යන පදයෙන්, “අනාගතයේ වැඩිහිටියන් වන්නට සිටින, වත්මන් සුදු ජාතික දරු පරපුරටද, එලෙසෙම දාස කම් කරන බවට” නීග්‍රෝ දරුවන් ලවා කියවා ගනිති..



‎අපේ සිංහල දරුවන් අතර තාමත් ජනප්‍රිය තකතීරු ක්‍රීඩාවක් වන “කං කං බූරු” ක්‍රීඩාවද එවැනිම සම්භවයක් සහිත ක්‍රීඩාවකි.. (එය ආවේද පල්ලියෙන් වග දන්නෝ දනිති..) .. පෘතුගීසියෙන් “බෝයිර්, බොයා, බූරු” ආදියෙන් හඳුන්වනු ලබන සත්වයාට අප “බූරුවා” කියන්නට පටන් ගත්තේ, ඒ බසෙන් ආ උරුමයක් ලෙසය.. “එන්න, එන්න” කීම, ලතිනාක්ෂර හෝඩිය කර ගත් පෘතුගීසි බසින්ද “කම්, කම්” (Come, Come) යන්නම වෙයි.. (මෙය ඉංග්‍රීසියෙන්ද මෙසේමය..) .. ඒ අනුව පාදිලි තුමා හෝ ඔවුන් පත් කරනු ලබන ගුරුවරයෙකු, සිංහල පැටවුන්ට “කම්, කම් බූරු” (මෙහෙ වරෙං බූරුවෝ) කියා අඬ ගසති.. පෘතුගීසි බසින් (සහ යුරෝපා භාෂා රැසකින්) “Si” යනු “‍ඔව්” (Yes) යන්නය.. එබසින්ම “සිංඥ්ඥෝරු” යන්න “මහත්තයා, උත්තමයා, උතුමා” (Mister, Lord, My Lord, Eminence) යන අරුත් සහිතය.. එවිට “සී, සිංඥ්ඥෝරු” යනු “ඔව් මහත්තයා හෝ ඔව් උත්තමයෝ” යන්න වන්නේය.. සිංහල පැටියාට “වරෙං වරෙං බූරුවෝ” කියන විට, ඒකා “ඔව්, උත්තමයෝ” කියාගෙන දුවගෙන එයි.. එතනින් එහාට “මම කියන දේ අහනවද?..” “ඔව්..” “එහෙනම් දුවලා, දුවලා ගිහින්..” ඒ කොටස් එලෙස සැකසී ඇත්තේ ඇයි දැයි දැනටමත් ඔබට වැටහී ඇතුවාට සැක නැත..

‎“බා බා බ්ලැක් ෂීප්” තුළින් පරම්පරා ගාණක් තිස්සේ ඔළුවට කවන ලද දෙය නීග්‍රෝ සහෝදරවරුන් ඔළුවෙන් බිමට බා ඇතත්, “කං කං බූරු” හරහා ඔළුවට ඔබන ලද දෙය තවමත් බා ගන්නට අසමත් ඇත්තෝ සුදු ජාතිකයන් කියන දෙය “විචාර බුද්ධියෙන්” නොබලා, දණ්ඩ නමස්කාරයෙන් පිළිගනිති..

Tuesday, July 12, 2011

මනු සතා....

මනුස්ස සතාට වඩා තිරිසන් සත කොච්චර හිත හොදද කියල මත හිතුනේ මේ ලිපිය අයෙමත් දැක්කට පස්සේ. වදුරෙක් තමන්ට කන්න දීපු රියදුරු මහත්තයෙක් හොයාගෙන ලංකාව වටේම ඇවිද්ද කතාව මම මුලටම කියෙව්වේ මම හිතන්නේ රිවිර පත්තරෙන් කියල. අද ලංකාදීප පත්තරේ තිබුන ඒ කතාවම. මේ පාර මේ වදුරු ලොක්ක මහියංගනේ ගිහින්. කලින් සැරේ කල්මුනේ ඉදල අම්පාරට අවෙත් මෙයාම තමා.
මේ වදුරු ලොක්ක උදේම කල්මුනේ ඉදල අම්පාරට එන බස් එකක එල්ලිලා අම්පාරට එනවලු. ඒ එන අතර මගදී රියදුරු මහත්තයාගේ මුණ බලන්නත් අමතක කරන්නේ නෑ  ලු. මොකද මෙයා තමන්ගේ යාළු රියදුරු මහත්තය හොයනවලු. මගින් එන වෙන බස් දැක්කම පාරේ තියන අත්තකට පැනල ඒ බස් එකට ගොඩවෙනවලු. එකෙත් අර විදියටම රියදුරු ආසනේ ලගට ගිහින් එබිලා බලන්න මෙයා අමතක කරන්නේ නෑ.

කල්මුනේ හිටපු එක මුස්ලිම් රියදුරු මහත්තයෙක් මේ වදුරු ලොක්ක පුංචි දවස් වල ඉදල කන්න බොන්න දීල තමන් එක්ක වාහනේ එක්ක යන්න පුරුදු කරගෙන තියනවා. මේ රියදුරු මහත්තය දවසක් හදවත් රෝගය හැදිලා මගදීම අන්තරා වෙලා කියල තමා  ආරංචිය. ඉතින් වදුරු ලොක්ක මේක දන්නා එකක් ය? එය ඉතින් තාමත් තමන්ගේ යාළුවා කොහෙහරි බස් එක්ක ඇති කියල රට වටේ හොයනවා.

පුදුමය නේද වෙලාවකට? සමහර මිනිස් යාලුවන්ට වඩා මේ සතා ලග තියන උතුම් ගති වලට?
මෙන්න කියවන්නකෝ කතාව
http://www.lankadeepa.lk/2011/07/10/front_news/04.htm