Sunday, March 18, 2012

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු..

සතිගණන් 
මාස ලෙස
දිනගණන්
වසර ලෙස
ගතවුනා.....
පරතෙරක් නැති 
කාන්තාරේ තනියෙන්ම
එපාවෙලා මට
දැන් නම්..
පොදි බඳිනවා මං
මගේ බඩු සියල්ලම
එන්න..
මගේ ලක්දෙරණ වෙත..
ඔබේ රුව දකින්නට..


ලංකාවට එන්න බඩු පැක් කරන වැඩයි රැකියාවේ වැඩයි අතරේ කියවන්න මිස ලියන්න තරම් විවේකයක් නොලද නිසා අලුත් පොස්ට් මොනවත් දමන්නට විදියක් තිබුනේ නෑ..

37 comments:

  1. Wish you a Happy Safe Journey Dude!
    henryblogwalker the Dude

    ReplyDelete
  2. ෂා අයියේ මරු නේ..එහෙනම් මෙදා පාර අවුරුදු උත්සවේටත් එන්න පුළුවන් වෙයි නේ.. :)

    ReplyDelete
    Replies
    1. එනවා එනවා.. 22 සෙට් වෙමු..

      Delete
  3. ඔය එන්නේ වැකේෂන්ද ? කැන්සල්ද ?

    මොනවා උනත් ලංකාවට යනකොට හිතට දැනෙන ෆිට් එක විස්තර කරන්ඩ වචන නැහැ..

    සුබ ගමන් !!

    ReplyDelete
    Replies
    1. කැන්සල් යන්නේ.. ආයේ මෙහෙ එන්න හිතක් නෑ තවම

      Delete
  4. නියමයි නේ සුභ ගමන් එහෙනම්... නිවාඩුවකටද යන්නේ නැත්නම් නවතින්නමද??

    ReplyDelete
  5. එළ එළ කවද්ද එන්නේ...මමත් මේ එන්න ලෑස්තිවෙන්නේ...තව සති 2යි.....අප්‍රියෙල් 22 එහෙනං හම්බෙමු....

    ReplyDelete
    Replies
    1. අනිවා 22 හම්බවෙමු. මම අප්‍රේල් පළවෙනිදට එන්නේ.

      Delete
  6. පරිස්සමින් එන්ඩ අයියෝ...
    බුදු සරණයි......!
    සුභ ගමන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. දවස් ලං වෙනකොට දුවන්න හිතනවා.. :-)

      Delete
  7. සිරිලක තරම් ඉන්නට හොද තැනක් නැතෙ
    හනිකට ඒන්න මෙහි නවතින ලෙසට සිතෙ

    ReplyDelete
    Replies
    1. ලංකාවට ඇවිත් පාරක් අයිනේ ඉඳන් තැඹිලි ගෙඩියක් බොනතරම් ආතල් එකක් මෙහෙ කොහොම ගන්නද?

      Delete
  8. සුබ ගමන්.. අරෙහෙ බලන් ඉන්නවනේ එක්කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා ගණන් හදනවා දවස්..

      Delete
  9. අහ්! රුවක් දකින්න නං එන්නම එපැයි. සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්.. අවුරුදු උත්සවේට එනවද?

      Delete
  10. බුදු සරණයි අයියෙ, පරිස්සමෙන් එන්න....

    ReplyDelete
  11. පරිස්සමිං එන්නකො! :)

    ReplyDelete
    Replies
    1. එල එල.. ඇවිත් හම්බවෙමු..

      Delete
  12. April 22 හමු වෙයිද එහෙනං...?

    ReplyDelete
  13. ආ නියමයි අප්‍රේල් 22 වෙනකන් ඉවසිල්ලක් නෑ.. මාර සෙට් එකක්ම හම්බ වෙනවානෙ...

    ReplyDelete
    Replies
    1. එකනේ.. අපේ ඔබා මාමා නම් ෂුවර් ඔතන වී.අයි.පී ගෙස්ට් කෙනෙක් වගේ ඉඳීවි ඒක බලන්නම මම එනවා.

      Delete
  14. මම මේ පැත්තේ මේ ආවාමයි ආපු ගමන්ම සුභ ආරංචියක්..... නියමයි නියමයි අයියේ.... මේ නම මොකක්ද අප්පා ඇත්තටම ඔයාගේ නමද?? ඕං මාත් සුභ පතනවා අයියට පරිස්සමින් ලංකාවට ගොඩ බහින්න කියලා.... ඒක නෙමෙයි අයියේ ලාබෙට තෙල් ටිකක් අරන් එන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගැමියා මල්ලි. මේ නම? ඇලෙක්සැන්ඩර් කියන එක කොට කරහම එන්නේ ක්සැන්ඩර් කියලනේ. පුළුවන් නම් ඇත්තටම ගෙන්න වටින දෙයක් තමයි නේද? මෙහෙ පෙට්රෝල් ලීටරයක් රියාල් .99 වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 29ක් විතර.

      Delete
  15. එළ එළ මචෝ මටත් තව සතියයි තියෙන්නේ...දවස් යන්නෙත් හෙන හිමීට අප්පා....

    ReplyDelete
    Replies
    1. මං නම් ආවෝ.. 22 හම්බවෙමු මචෝ..

      Delete
  16. පරිස්සමට ලංකාවට සැපත් වුණා නේද අයියණ්ඩී... :D

    ReplyDelete
    Replies
    1. එසේය නැගණිය.. කොහා එක්කම අවා.. :)

      Delete
  17. ක්සැන්ඩර් උඹත් ලංකාවේ නෙවෙයිද හිටියේ.මේ කවිය මට කියන්න තව කාලයක් ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම හිටියෙ වැලි කතරේ බං. මේ ලංකාවට ආවේ කාලෙකට පස්සේ. දැන්මම හදිස්සි වෙන්න එපා මචෝ රට දැක්කාම බය හිතෙනවා

      Delete
  18. දැන් නම් ආයෙමත් ඔය රටට ගිහිනුත් ඇති. මම් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්ඩ පමා උනා නෙව.

    ReplyDelete