Tuesday, May 22, 2012

හොල්මනක් දැක්කෙමි.

ඉස්සරවෙලාම මේ මම කියන්නේ මගේ ම අත්දැකීමක්. කුරුන්ද ලියන සෙන්නා ලියපු මෙන්න මේ පොස්ට් එක හින්ද තමයි මම මේ සිද්ධිය මතක් කරගත්තේ.


පින්තුරය ගුගල් දෙවියන්ගෙනි.




මේ සිද්ධිය සිද්ධ උනේ 1997 හරි 1998 දී හරි. එතකොට ගම්පොල නුවර පාර විශාල කරන ව්‍යාපෘතිය පටන්ගෙන ඉබි ගමනින් ඇදෙමින් තිබුණු කාලේ. ඉතින් ඔය වෙද්දී පාර දෙපැත්තේ තිබුණු ඉඩම් වල කොටස් අත්පත් කර ගැනීම් වගේම අත්පත් කරගත්තු කුඹුරු ඉඩම් ගොඩකිරීම් එහෙමත් හෙමින් හෙමින් වෙමින් තමයි තිබුනේ. මේ කියන දවස් වල ගම්පොල නුවර පාරේ ගමන් කරපු අයට සමහර විට මතක ඇති පාරේ ගම්පොළට යනකොට වම් අත පැත්තේ තිබුණු සමහර කුඹුරු පාර මට්ටමට නැතුව ටිකක් පහතට හිටින්න අඩි තුනක විතර තීරුවක් ගොඩ කරලා තිබ්බ බව. ගුරු පාට පස් වලින් අඩි තුන හතරක් පළලට ගොඩ කරපු ඒ කොටස, ඒ දවස් වල පොඩි කොල්ලෝ වෙච්ච අපිට ක්‍රිකට් ගහන්න බයිසිකල් පදින්න කියාපු තැනක් වෙලා තිබ්බේ.

අපිත් ඉතින් හවස් වෙද්දී ඉස්කෝලේ ඇරිලා ඇවිත් ගමේ කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහන්නේ ඔය කෑල්ලේ. වන් බම්ප් වලින් පටන්ගෙන වාහන අඩු වෙන ගොම්මන වෙද්දී (ඒ කාලේ ගම්පොල පාරේ වාහන හවස 5 -6 වෙද්දී පුදුම විදියට අඩුයි අද එක්ක බලද්දී) අත දිගෑරල ගහන තත්වෙට ඔය කාලේ අපි සෙල්ලම් කළා. ගෙදර තියෙන්නේ පාරෙන් එහා පැත්තේ හින්දා මම නම් ඉතින් කොහොමත් හවස හත විතර වෙනකම් ඔය කෑල්ලේ තමයි රාජකාරි කලේ. ඉතින් ක්‍රිකට් ගහල කලින් ඉවර උන දාට මම කරන්නේ ඉස්සරහ මඩුවේ තිබුණු බයිසිකලේ ඉල්ලගෙන ඔය අලුත් පාරේ පදින එක. කොහොමහරි කිලෝමීටරයක් විතර ඔය කෑල්ලේ එක දිගට බයිසිකල් පදින්න ඒ දවස් වල පුළුවන්.

ඔන්න ඉතින් මේ කියන දවසෙත් මොකක්හරි හේතුවකට අපිට ක්‍රිකට් ගහන්න බැරි උනා. ඉතින් මම කරපු දේ හවස 5 ට විතර ඉස්සරහ මඩුවට ගිහින් ඒ බයිසිකලේ අරගෙන මගේ සෙල්ලම පටන්ගත්තු එකයි. කිසිම වෙනසක් නැතුව මම බයිසිකලේ එහාට මෙහාට හවස 6-7 වෙනකම් පදින්න ඇති. ඔය පස් පුරවපු කෑල්ලේ එක කෙළවරක් ඉවර වෙන්නේ අපේ අත්තා කෙනෙක්ගේ ගෙදර ලඟින්. අනිත් කොන අපේ ගේ හරිය. ඒ වෙද්දී ඒ ගෙදර කවුරුත් හිටියේ නෑ. 1900 ගණන් වල හදපු ඒ ගෙදර විශාල තට්ටු දෙකේ ගෙදරක්. සොල්දරේ ඒ වෙද්දී ගරා වැටිලා. ගෙදරට යන්න තිබුනේ පඩි පේලියක්. ගෙදර මිනිස්සු හිටපු කාලේ ගාම්භීරව තිබබ පඩිපෙළ ඒ වෙද්දීත් තිබුනේ ජරාවාස වෙලා. අත්වැල් වගේ සිමෙන්තියෙන් බැඳපු පඩිපෙළ දෙපැත්තේ එක කොනක් රූස්ස ගස් ගොම්මනකුත් එක්ක අනිත් කෙලවරේ විශාල ගස් දෙකක් විතරත් තිබ්බා.. ඒ මැදින් තට්ටු තට්ටු හිටින්න අශෝක මල් ගස් පඳුරු හිටවලා තිබ්බා. ඒත් නිසි සාත්තුවක් නැතුව ඒවා අයාලේ වැවිලා මහා අඳුරක් ගෙට වගේම පඩිපෙළටත් එකතු කරලයි තිබ්බේ. ගේ පඩිපෙළ ඉස්සරහින් තමයි ඔය පස් පුරවපු පාර ඉවර වෙන්නේ. අත්වල පටන්ගන්න තැන සිමෙන්තියෙන් බැඳපු දිරා ගිහින් තිබබ අඩි තුනක් විතර උස කණු දෙකක් තිබබ. ඒ හරියේ අද වාගේ නෙවෙයි පට්ට පාළුයි. ගේ ඉස්සරහ ආණ්ඩුවේ ලයිට් එකක් පාරට දාල තිබ්බත් ඒකත් කඩා වැටිලා කෑලි එල්ලෙමින් තමයි තිබ්බේ.

බයිසිකලේ හරවාගත්තු මම අන්තිම රවුමත් පිටත් උනා. බයිසිකලේ කිව්වට
කේ තිබ්බේ සැකිල්ල විතරයි. කට්ට ගෙවිච්ච් රෝද දෙක යාන්තමට මල අල්ලපු රීම් එකට හයි වෙලා තිබ්බා. අවුරුදු ගානකින් තෙල් ටිකක් දාපු චේන් කෑල්ල එක්ක කිරි කිරි ගාන පැඩල් මිටවල් දෙකයි ප්ලාස්ටික් සීට් පතුරයි ඒ සැකිල්ල බයිසිකලයක් කරලා තිබ්බා. ඉතින් මම ඔය බයිසිකලේ පැදගෙන හෙමින් හෙමින් පාරේ අනිත් කෙලවරට ගියා. එතනින් බයිසිකලේ හරවගනිද්දී නිකමට වගේ පඩි පෙළ දිහා බලද්දී මම දැක්ක අර පඩිපෙළේ දකුණු පැත්තේ සිමෙන්ති කණුව උඩ කවුදෝ කෙනෙක් කලුපාට ටයි කෝට් දාල සුදු කමිසෙකුත් ඇඳන් වාඩිවෙලා, පොඩ්ඩක් ඉස්සරහට කුදු වෙලා කකුල් පද්ද පද්දා මගේ දිහා බලාන ඉන්නවා. මට ක ඒ තරම් ගානක් උනේ නෑ. මම බයිසිකලේ හරවන් ටිකක් දුර පැද්දාම තමයි මටත් ඒ කවුද කියල මතක් උනේ. ඒ 1992-1993 විතර කාලේ නැතිවුන අපේ අත්තා කෙනෙක්.!!!

මම එකපාර බයිසිකලේ නතර කරලා හැරිලා ආපහු බැලුව කණුව දිහා....

කවුරුත් නෑ. කණුව එහෙම්ම තිබුන විදියටම තිබ්බා, ඒත් මට 100% විශ්වාසයි එතන දැන් කවුරුහරි හිටියා කියල. ඒත් මට ඒ වෙලාවේ
යේ එතනට යන්නත් පොඩි බයක් දැනුන හින්දා මම ආපහු පාගල ගෙදර දිහාට එන කන්ද නැගගත්තා. ඒ අත්තගේ මළගෙදර මට මතක තිබ්බා හොඳටම. ඒත් එදා සුට් එක අන්දලා තිබ්බෙත් කළු නෙවෙයි. දුඹුරු පාට .. නමුත් මම දකිනකොට සුට් එක නිකම් නීතිඥයෙක් වගේ, තනි කළු. ටයි එකකුත් තිබුනා තනි කළු. සපත්තු නම් තිබුනේ නෑ. පොඩ්ඩක් ඉස්සරහට කුදු වෙලා කකුල් පද්ද පද්දා තමයි හිටියේ. පහුවදා මම සයිකලේ ඒ හරියට ගියත් මට මහා අමුත්තක් දැනුනා. ඒ හින්දා එක ආයේ හොයන්නේ නැතුව මම අපහු හරවාගෙන ගෙදර ආවා.

ඉතින් එදා ඉඳන් මම හොල්මන් ගැන විශ්වාස කරනවා. ඒත් මටම පුදුමයි මම ඇයි බය උනේ නැත්තේ කියලා. එයින් පස්සේ අද වෙනකම්ම මම හොල්මනක් නම් තවම දැකලා නෑ, ඒත් ඒ වගේ දේවල් නෑ කියන්න මම ඉක්මන් වෙන්නෙත් නෑ.


ප.ලි. යන්තම් පනහක් ලියුවා,

57 comments:

  1. ඔය කියන කාලේ මම ගම්පල පාරේ අනන්තවත් ගිහින් තියෙනවා. මට මතකයි ඔය තීරුව. පාර හදන්න කල්පයක් ගත්තා. අවතාරේට බය නොවෙන්න ඇත්තේ එකපාරට හිතට එක අවතාරයක් කියල හිතුනේ නැති හින්ද වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබතුමා නම් දන්නවත් ඇති මේ සිද්ධියේ කියන ගෙදර. ඒත් දැන් ඒ කිසිම දෙයක් නෑ. අඩුමගානේ මටවත් අපේ ගේ හොයාගන්න වෙන්න නෑ තනියෙන් ආවනම්, ඒ තරම් වෙනස් දැන්.

      Delete
  2. හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මූ.......................

    ReplyDelete
    Replies
    1. මොකද?? මේ දරුවා ඒපාර කියවල බය උනාද?

      Delete
  3. හොල්මන් දක්කා නේද?
    මගේ බ්ලොග් එකටත් ඇවිත් බලන්න හොල්මන් කතා තමයි මේ ටිකේම ලිව්වේ ..

    ReplyDelete
    Replies
    1. ගියා ගියා.. සීරිස් එකක්ම ලියල තියෙන්නේ... ස්තුතියි ආවට. මම ඒ පැත්තේ ඔන්න රෙජිස්ටර් උනා.

      Delete
  4. Replies
    1. හපොයි කියවුනේ බයිසිකලේ නවත්තලා හැරිලා බැලුවාම..

      Delete
  5. මටත් උනේ ඔය වගේම දෙයක් තමයි . http://atampahura.blogspot.com/2012/04/blog-post_21.html බලන්ඩකො මෙන්න ලින්ක් එක

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මම ඉතින් ඒ අහ යන්න පටන් ගත්තේ මුල ඉඳන්මයි. මරු බ්ලොග් එක.. දිගටම ලියන්න..

      Delete
  6. හොල්මන් පේන එක ඉපදිච්ච "ගණය' අනුව වෙනස් වෙනවලුනේ

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම අහල තියනවා. මේ ලඟදි කාගේ හරි බ්ලොග් එකක කියෙව්වත් මතකයි.

      Delete
    2. එක එක ගන වල ඉපදිලා ඉන්න අයට හොල්මන් පේන නොපෙනෙන එක..බයවෙන නොවෙන එක වෙනස්...සෙන්නගෙ බ්ලොග් එකේ මමයි ඒ කොමෙන්ට් එක දැම්මෙ...
      මමත් හොල්මනක් දැක්ක ලංකාවෙදි..ඒක හොල්මනක් කියල දන්නෙත් පස්සෙ:):) ..ඒක ලියන්නම් දවසක මගෙ බ්ලොග් එකේ......

      Delete
    3. ලියන්න ලියන්න.. රකුසාගේ කතාව ඉවරද? අලුතෙන් මොකවත් නෑ නේ එහෙ?

      Delete
  7. හොල්මන් හැමෝටම පේන්නේ නෑනේ.. මමනම් තාම එහෙම දෙයක් දැකලා නෑ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ දකින්න නම් හිතන්නත් එපා. ඒ වුනත් එහෙම දේවල් නම් තියනවා කියල මම පිලිගන්නවා. අත්දකීමෙන්මයි මම ඒ කතා පිළිගන්නේ.

      Delete
  8. මමත් හිතන්නෙ හොල්මන් අවතාර තියනවා. ඔයා එතනදි පොඩි සර්ච් පාරක් දැම්මනම් විස්තර හොයා ගන්ඩ පුලුවන් වෙන්ඩත් තිබුනා..

    හැබැයි හුඟක් වෙලාවට වෙන්නෙ මොනවද දන්නවද ? පරිසරයේ මැවෙන එක එක රූප අපි හොල්මන් කියලා බයවෙලා එතන ඉඳන් ප්‍රචාරය යන එක තමා. හුඟක් වෙලාවට ආපහු ගිහින් හොයලා බැලුවොත් මොකක් හරි වෙන දෙයක්.

    මදෑ අතක් පයක් නොකැඩී ඔයින් බේරුනා.. :-)

    මමත් තාම හොල්මන් දැකලානම් නෑ..

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. මුලින්ම සෙන්නට ස්තුතියි කතාව මතක් කලාට. එදාට පහුවදා මට බැරි උනත් මම ඊට පස්සේ ඔය ගැන හෙව්වා. ඇත්තටම එහෙ හොල්මන් තියන බව මට තේරුනා වගේම අහපු කතන්දර වලිනුත් තේරුනා. මිනිස් වාසෙකින් තොරව ඔය ගෙදර අවුරුදු 9-10 ම වහල දාල තිබිල දැන් කඩලා දාල පොළවත් හාරලා ගේ තිබුණු තැන කඩ මන්ඩියක් හදල.

      Delete
  9. අෆොයි බ්ලොග් වල හොල්මං මයි තියෙන්නේ.. මටත් හොල්මං සීරියස් එකක්ම තියනවා ලියන්න කම්මැලියි

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියහන්කෝ අර කියුබාව වගේ, හිනා කාල මැරෙන්න ලියහන් බං..

      Delete
    2. හොල්මං කතාවලට හිනායනවද බං... උබ කැස්පර් බලනවා නේද???

      Delete
    3. ඔව් වොව්.. බලනවා බලනවා... මං ආසම කාටුන් එකක් ඔය.. (සිංහල හඬකැවීම් නැතුව) ඔය තියෙන්නේ හිනා යන හොල්මන් කතා.

      Delete
  10. හපොයි ඔයින් ගියා මදැයි.. තව ඊලග දවසෙ පශ්චාත් පරීක්ශණ කරන්නත් ගිහින්.... මං එහෙමනම් !!

    ReplyDelete
    Replies
    1. නැතුව... හිකිස්.. කුතුහලේ ලොකුයි නේ මොකාටත් වඩා..

      Delete
  11. ඔය කියන තීරුව මට මතකයි. මම ඒ කාලේ නැවතිලා හිටියේ ගම්පළ නගරය ආසන්නයේ කොටින්ම ගම්පළ මහ රෝහලට අයිති ගේක. උදේ සවස නුවර කොළඹ ගියා. මට මතකයි හොඳින්ම හැබැයි ඔය කියන ගේ නම් මතක නැහැ. පාරට පෙන්නෙ නැතුවා වෙන්න ඇති.
    කොහොමින් හරි මමත් හොල්මන් විශ්වාස නොකලට මෙවැනි දේ විය හැකියි කියනවා. දෘෂ්ඨි මායවල් වැනි දේ සිදු විය හැකියි. මට මේවැනි දේ පෙනිල තියෙනවා. හැබැයි පරීක්ෂාවෙන් බලනකොට ඒ වෙන යමක්. මිනිස් සිතේ යටි ස්වභාවය. අපට අමතක නමුත් යටි සිතේ ඇති දේකට කෙලින්ම පෙනෙනා යමක් ආදේශ වෙනවා. ඒ වැනි දෘෂ්ඨි මායාවන් හොදිසියෙන් බැලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අප්පෝ ඔබතුමා එහෙනම් සැහෙන කට්ටක් කන්න ඇති උදේ හවා කොළඹ යන්න ගම්පොල ඉඳන්. ගේ නම් පාරට පෙනුනා. පාර අද්දරම ගෙදර තිබුනේ. ඔබතුමාගේ අදහස නම් වටින එකක්. ඒ ගැන හොයල බලන්න ඕනේ.

      Delete
  12. අනේ මන්ද මේ හැමෝම හොල්මන්,යක්කු ගැනම ලියන්නේ ඇයි කියල...:(
    ඉස්සර නම් මන් හොල්මන් වලට බය නැ..මොකද මන් දැකල නැති නිසා...:) එත මේ ලගදි ඉදන් දැකලා නැතත් හොල්මන්,යක්කු ගැන කියවන්න බයයි....:(

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් රැල්ලට ලිව්වේ නෑ. සෙන්නගේ බ්ලොග් එක බැලුවම තමයි මටබය වෙන්න දෙයක් නෑ. මේ කතාව මතක් උනේ. අන්න පස්සේ chami4u කිව්වා එයත් ලියනවා කියල. බය වෙන්න දෙයක් නෑ.

      Delete
    2. අනේ මන් කිව්වේ රැල්ලට ලියනවා කියලා නෙවෙයි..මම මේ දවස වල පොඩ්ඩක් වෙන දෙකට බය වෙලා ඉන්න නිසයි එහෙම කිව්වේ..ආපහු මාසෙකින් විතර ඇවිත් හොල්මන් කතා ටික කියවන්න ඕන..

      Delete
    3. හික්.. හික්.. අවුලක් නෑ. මොන දේකටවත් බය වෙන්න එපා. බය උනත් බය පෙන්නනත් එපා. අපිටමයි අවාසි. :)එන්න එන්න.. මම තව ලියන්නම්කො මගේම අත්දැකීම්..

      Delete
    4. අපෝ මන් බය නැ එහෙම..මන් කියවන්න එනවෝ...ඔය බුත කතා වල තියන රසය දැනෙන්න ඕනනේ එකට ආපහු මාසෙකින් කියවනවා..යක්කු,බුතයෝ එක්ක හිටියත් මිනිස්සුන්ටනේ අපි බය වෙන්න ඕන...:D

      Delete
    5. බූතම බූත කතා බලන්න යන්න මෙන්න තැන.. http://chami4u.blogspot.com
      (මුත් බූතයෙක්ද කියල බය හිතෙන තරමට බූත කතා පිරිලා..)

      Delete
  13. ඔයා ඔය පාර ගැන කියන කාලේදී මම හමුදා නිලධාරියකු වශයෙන් ඔය පාරේ ගමන් කර තිබෙනවා බොහෝ වාර ගණනක්. මහා රෑ. මටනම් එපාම වෙන ගමනක් ඒක.

    හොල්මන් තියනවා හොල්මන් නෑ කියන තර්කය ලෝකයේම තියෙන්නේ පනහට පනහ තත්වයේ කියලයි මටත් හිතෙන්නේ. මම බය වුන අවස්ථා තියනවා පොඩි කාලේදී. හැබැයි කිසිම දෙයක් දැකලා නැහැ. මම අවුරුදු 10 දී විතර බයවුනා, අපේ අම්මා සාරියට අඳින සුදුපාට දිග යට සාය හෝදලා, වැලක වනලා තියෙද්දී හුළඟට වැනෙනවා හඳ එළියෙන් දැකලා. උනත් ගැනුනා. ශිෂ්‍ය භටයකු වශයෙන් 1960 දශකයේ දියතලාව කඳවුරට ගිය අවස්ථා කීපයකදීම, දවසේ කාර්ය භාර කෝප්‍රල් / දවසේ කාර්ය භාර සැරයන් රාජකාරි සඳහා, තනියම, රෑ 10 න් පස්සේ කඳවුරේ ඇවිදිද්දී, ඒ කාලයේ සුප්‍රසිද්ධ, බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලයේ ඇත්ත කතාවක් පදනම් කරගත්, ඔලුව නැතුව ලේ වැගිරෙන කඳකින් යුත්, සුදු අස්සයා පිටේ එන සුද්දගේ අවතාරය මතක් වෙලා, තැතිගැනීමක් ඇති වුනත්, කවදාවත් එවැන්නක් දැකලාවත් බය වෙලාවත් නැහැ.

    මා කියවා ඇති, හොල්මන් පිලිබඳ මනෝවිද්‍යාත්මක ලිපි අනුව කියන්නට තිබෙන්නේ මේකයි. අපි අතීතයේ දන්නා තැනකට නැවත ගියවිට, උපවීඥ්ඥානයේ තැන්පත්වී ඇති සමහරදේ රූප වශයෙන් මනසේ මැවෙනවා. නමුත් ඒවා භෞතික දේවල් නොවේ. දුර්වල සිත් ඇති අය එවැනි අවස්ථා වලදී බය වෙනවා.
    http://jangun.wordpress.com/

    ReplyDelete
    Replies
    1. හමුදා නිලධාරියෙක් කියන දේ අහන්න ඕනේ. මොකද ඔබතුමාලා යුධබිමේ ඉන්නකොට කී දෙනෙක් නම් මැරෙනවද? එහෙනම් ඒ තැන් හොල්මන් ගහන වෙන්න එපායේ.

      Delete
  14. හැම තැනම හොල්මන් මේ දවස් වල.. එක මරු... :)

    ReplyDelete
    Replies
    1. පින්තුරේ මාරු කරන්. මොකද මේ? මරු නේන්නම්. සාතන් දන්නා කට්ටිය වෙන්න ඇති නේ නේද?

      Delete
  15. I like friendly ghost Casper..:)

    ReplyDelete
    Replies
    1. Mine too. It was one of my favorite cartoons (without Sinhala dubbing)

      Delete
  16. අපි දිහා බලන්නෙ ඉන්නෙ හොල්මන් තමා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ. කොහෙද ඉතින් හොල්මනක් දැක්කත් ඒකවත් හොඳ එකක් නෙවෙයි නේ.. :D

      Delete
  17. බලන බලන තැන හොල්මන්..මරු ඈ....
    අදමයි ආවෙ..දැන් ඉතින් දිගටම එන්න වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න... සාදරයෙන් පිලිගන්නවා. ඒකනේ මමත් බැලුවේ.. ගොඩක් තැන් වල හොල්මන් කතා.

      Delete
  18. එක අතකට හොල්මනක් දැකගන්න ලැබෙන එකත් වාසනාවක් මචං... මටනම් පෙනෙන්නේ නැහැලු.
    උබ මනුෂ්‍ය හරි දේව හරි ගණ වෙන්න ඇති.. මම රාක්‍ෂ.

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නෑ බං ඔව්ව නම්. අහන්න ඕනේ වින්චැට් කිරිල්ලි ගෙන්. මම දැක්ක එයා දාපු කොමෙන්ට් එකක් සෙන්න ගේ බ්ලොග් එකේ. පොඩි ඇඩ් එකක් දැම්ම අන්න උඩ කොමෙන්ට් එකක.

      Delete
  19. මාත් තාම ආසාවට එක හොල්මනක් දැකලා නැහැ ඒත් මැරිච්ච මිනිස්සුන්ට බය වෙලා වැඩක් නැහැ මොකද පන පිටින් ඉන්න මිනිස්සු ඊට වඩා භයානකයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් හරියටම හරි. පන පිටින් ඉන්න උන් ගොඩක් දෙනෙක් මැරිච්ච උන්ට වඩා භයානකයි.

      Delete
  20. මමත් කවදාවත් හොල්මන් දැකලා නොතිබුනාට, අත්දැකීම් තියෙන මිනිස්සුන්ගෙ ඔය වගේ කතා අහන්න හරි ආසයි...

    ReplyDelete
    Replies
    1. මෙවුවා ඇත්ත කතා. අහපු කතා නෙවෙයි. :)

      Delete
  21. මම දැකල නැහැ එත් ඒ වගේ දෙයක් මට මතකයි අපේ ලොකු අම්මලාගේ ගෙදර කාලයක් ඇති කරපු බල්ලා මැරිලා. එත් මම ඌ මැරිලා කියල දන්නේ නැහැ.මාස 3 කට පස්සේ මම එහෙ ගියපු දවසක මම දැක්ක ඌ කුඩුවේ ඉන්නවා ටිකකින් ඇවිත් බලද්දී ඌ නැහැ. සාමාන්යෙන් ඌ ගේට්ටුව ඇරලා තිබ්බාම එලියට යනවා මම හිතුවේ එදත් ඌ ගිහිල්ල කියල. එත් හවස ගේදර හැමෝම ආවම තමා දැනගත්තේ ඒ බල්ලා ඊට මාස ගානකට කලින් මැරිලා කියල. එතුව දන්නේ නැහැ මම කොහොමද ඒ දේ දැක්කේ කියන එක.

    ReplyDelete
    Replies
    1. හොල්මන් ගැන කරලා තියන පර්යේෂණ වල බල්ලොන්ගේ හොල්මන් ගැනත් ලියල තියනවා මමත් කියවලා තියනවා. බල්ලෙක් ගැන ඉතින් සාමන්යෙන් අපි විශේෂයෙන් (මනුස්සයෙක් තරම්) හිතන්නෙත් නෑ නේ. අනික කොහොමත් හොල්මනක් කියල බල්ලෙක්ව?? එත් නෑ නේ .

      Delete
  22. අම්මෝ බය හිතුනො :(((

    ReplyDelete
  23. ඒ.... මාව මෙව්වා වෙලා ගියා අප්පා....
    නියමයි ඈ... අදමනේ ආවේ.. :-)

    සුභ වෙවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි රජතුමනි.. දිගටම එන්න එහෙනම්. (අර රාජ සම්පත් කිව්වේ අන්තඃපුරේටද? ):-)

      Delete
  24. ආසාවට තාම හොම්මනක් දැකලා නෑනේ...
    නියමයි..
    එල..

    ReplyDelete
    Replies
    1. මම දැක්කනේ. මේ ඊයේ පෙරේදා වෙනකම් ඔය පඩිපෙළ ලඟින් යද්දී මට ඔය සීන් එක මතක් වෙනවා නේ. (දැන් නම් ඔය තැන ගෙදර වත් පඩිපෙළ වත් නෑ. ඒවා කඩලා කඩ කාමර හදලා තියෙන්නේ.)

      Delete
  25. මට හොල්මන් පෙනෙන්නේ නැත්තේ මාව දැක්කම හොල්මන් බයවෙන නිසයි

    ReplyDelete