දෙවැනි ලෝක
යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක
දෙවැන්නයි මේ. මුලින්ම මම
ලියුවේ හිට්ලර්
මියගියාද නැත්නම් පලාගියාද
කියන ලිපිය. ඒ
ලිපිය කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
මෙතැන් සිට අපි
කතා කරන්නේ හිට්ලර් යුද්ධය පැරදුනේ ඇයි කියන කරුණ සම්බන්ධව.
කවුද මේ ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ?
ඇඩොල්ෆ් හිට්ලර්.
දෙවැනි ලෝක
යුද්ධයේ ප්‍රධාන චරිතය. 1939 සැප්තැම්බර්
පළවෙනිදා පෝලන්ත ආක්‍රමණයට පසු
හිට්ලර් තමන්ගේ ආක්‍රමණ හා සන්ධාන ඔස්සේ ලෝකයම යුද්ධයකට ඇදගෙන යනවා. ආර්ය ජනතා සංකල්පයෙන්
පෙළුණු හිට්ලර් යුදෙව්වන් සමූල ඝාතනය කරන අතරේ ජර්මානු හමුදා පුර්ණ ආර්යන්ගෙන්
සමන්විත කරනව.
![]() |
හිට්ලර්ගේ පියාගේ දුලබ සේයාරුවක් |
1889 අප්‍රේල්
විසිවැනිදා රාන්ස්හොෆාන් හි තානායමක උපන් හිට්ලර් හට පියා වුයේ අලොයිස්
හිට්ලර්. මව ක්ලාරා පොල්සී. සහෝදර සහෝදරියන් 8 දෙනෙකුගේ පවුලක උපන්නෙක්. එයින් දෙදෙනෙක් ඔහුගේ පියාගේ පළමු
විවාහයේ දරුවන්.
![]() |
කුඩා හිට්ලර්ගේ දුලබ සේයාරුවක් |
![]() |
හිට්ලර් විසින් අඳිනු ලැබූ සිතුවමක්. |
හිට්ලර් කුඩා කල බොහෝ උනන්දු සහගත එමෙන්ම දීප්තිමත් සිසුවෙක්.
ඔහු පල්ලියේ ගීතිකා කණ්ඩායම නියෝජනය කළා පමණක් නොව පුජකවරය ලැබීමටද සිහින මැව්වා. එමෙන්ම
ඔහු ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. සුරාවෙන් සුදුවෙන් මෙන්ම මස් මාංශ අනුභවයෙන් පවා හිට්ලර්
තොරවූ බව කීවොත් එය සැබවින්ම
ඔබව මවිත කරාවි.පියා සහ මවගේ මරණින් පසු 19 වැනි වියේදී චිත්‍ර ශිල්පියෙක් ලෙසට කටුක ලෙස ජීවිතය
ආරම්භ කරන හිට්ලර් 1914 දී බවේරියානු හමුදාවට
බැඳෙන්නේ පළමු ලෝක යුද්ධයේ ආරම්භයේදීමයි.
![]() |
තවත් හිට්ලර්ගේ සිතුවමක්. |
හිට්ලර් ලෝක
යුද්ධයෙන් පසුව ජර්මන් හමුදාව ලක්ෂයකට අඩු කරද්දීත් තමන්ගේ සම්බන්ධතා මගින්
හමුදාවේ රැඳෙනවා. පසුව 1919 සැප්තැම්බර් 12 වැනිදා දී ඔහු නාසි පක්ෂයේ ( එවකට
ජර්මන් කම්කරු පක්ෂයේ ) 55 වැනි සාමාජිකයා
වෙමින් නාසි පක්ෂයේ ධජය (රතු පසුබිම තුල වන සුදු රවුමක් මැදින් නිර්මිත
ස්වස්තිකය) නිර්මාණය කරනවා. සහජයෙන්ම ඔහු තුල වූ දක්ෂ සිසුවා මෙහිදී ඉස්මතු
වෙමින් කථිකත්වයෙන් ඔහු ජර්මන් කම්කරු පක්ෂය වසඟයට ගන්නා අතරම එහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්ද
වෙනවා. මෙසේ පක්ෂයේ ස්ථාවර වූ ඔහු 1921 දී පක්ෂයේ අභ්‍යන්තර මතගැටුමකට පසු තම ඉල්ලා අස්වීම ප්‍රකාශ
කරන අතර එහිදී පක්ෂය වටහා
ගන්නේ හිට්ලර් යනු පක්ෂයේ ප්‍රධාන බල කණුවක් බවයි. නැවත පක්ෂයට බැඳීමට නම්
හිට්ලර් පක්ෂයේ සභාපති ධුරය ඉල්ලන අතර ඔහුට එය හිමි වෙනවා.
![]() |
හිට්ලර් නාසි රැලියකදී |
මෙලෙස නාසි
පක්ෂයේ ස්ථාවර වන හිට්ලර්, යුද්ධයෙන් පසුව
ජර්මනිය අන්‍ය ජාතීනට වහලුන්
වී ඇති බව තරයේ අදහන අතර 1922 මුසෝලිනි සහ කළු කමිසකාරයින් රඟ
දැක්වූ පාගමන ගුරු කොට 1923 ඔක්තෝබර් 8 සහ 9 දින බියර් හෝල් පුච් (Beer Hall Putsch) ලෙස හඳුන්වන අසාර්ථක විපල්වය මියුනිච්
නගරයේදී අවසාන කරන්නේ
ජීවිත 16 විනාශ කරමින්.
එයින් පසු අත්අඩංගුවට පත්වන හිට්ලර් මාස නවයක් සිරබත් කනවා.
හිට්ලර් පිටුපසින් අදිසි හස්තයක්?
මේ සිපිරි ගෙයි
ජීවිතය විප්ලවයේ තවත් සාමාජිකයන් වූ රුඩොල්ෆ් හෙස් (Rudolf Hess) හර්මන් ගොරින්ග් (Herman Göring) වැනි පසු කාලීනව ජර්මන් රජයේ
දැවැන්තයන් බවට පත්වන පුද්ගලයින් සමගින් හිට්ලර් ගෙවනවා. මේ කාලයේ ඔහු මයින් කාම්ෆ් (Mein Kampf) හෙවත් මගේ සටන කෘතිය රචනා කරන අතර හිට්ලර්ගේ
ලේකම් ලෙස කටයුතු කරන්නේ රුඩොල්ෆ් හෙස්. මේ රුඩොල්ෆ් හෙස් පසුකාලීනව ජර්මනියේ හිට්ලර්ගේ
දෙවනියා (Deputy
Führer) බවට පත් වෙනවා.
රුඩොල්ෆ් හෙස් හිරගෙදර සිටියදී ඔහුව බැලීමට
නිතර පැමිණියෙක් තමයි මහාචාර්ය කාල් හවුස්හොෆර් (Karl Haushofer)
![]() |
මහාචාර්ය මේජර් ජෙනරාල් කාල් හවුස්හොෆර් |
රුඩොල්ෆ් හෙස්, මහාචාර්ය කාල් හවුස්හොෆර් ගේ ශිෂ්‍යයෙක්.
භූ විද්‍යා විශාරදයෙක්, ලෝක දේශපාලනික ප්රවණතා සම්බන්ධ
විශාරදයෙක් වූ මහාචාර්ය කාල් හවුස්හොෆර් ජර්මන් හමුදාවේ සේවය කල කෙනෙක්. 1909 දී ජර්මන් හමුදාව මගින් ඔහුව ජපානය වෙත
යවන්නේ කාලතුවක්කු උපදේශකයෙක් ලෙසින් හා ජපාන හමුදාව අධ්‍යයනය කිරීමේ කටයුතු සඳහායි. එහිදී
ජපන් අධිරාජ්‍යයා හා ජපන් රජයේ බොහෝ ප්‍රභලයින් සමගින් ඔහුට ඉතා කිට්ටු ඇසුරක් කිරීමේ
හැකියාවක් ලැබෙනවා. ඒ එක්කම ඔහු ජපන්
බස හා සිරිත් විරිත් ගැනත් ඉතාම විශිෂ්ඨ දැණුමක් අත් කරගන්නවා. එමෙන්ම ඔහු රුසියානු
භාෂාවේද නිපුනතා දක්වන්නෙක් මෙන්ම සෝවියට් රුසියාව සම්බන්ධව සංචාර හරහාද දැණුමක්
ඔහු සතු වෙනවා.
පළමු ලෝක
යුද්ධයේදී බටහිර පෙරමුණේ සේනා ජෙනරාල් වරයෙකු ලෙසින් මෙහෙයවූ හවුස්හොෆර්, යුධ පරාජයත් සමගින් දැඩි කනස්සලට
පත්වූවෙක්. එමෙනම් ඔහු
විශ්වාස කරන්නේ භූ විෂමතා හා සබැඳි කරුණු යුද්ධයට ඉතා වැදගත් බවයි. එමෙන්ම ලෝක
දේශපාලනික ප්රවණතා පිළිබද ජර්මන් අධිරාජ්‍ය සතුවූ අල්ප දැනුම පළමු ලෝක
යුද්ධයේ පරිහානිය සනිටුහන් කල බව ඔහුගේ පිළිගැනීම වුනා. 1919 දී ජර්මන් හමුදාවෙන් මේජර් ජෙනරාල්
වරයෙක් ලෙසින් විශ්‍රාම යන හවුස්හොෆර් තම පර්යේෂණ සඳහා පැමිණි සහයකයින් අතුරින්
රුඩොල්ෆ් හෙස් සමගින් දැඩි මිතුදමක් ආරම්භ කරනවා.
බොහෝ අය විශ්වාස
කරන්නේ ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ බොහෝ අදහස් සහ ක්‍රියා සඳහා මේ මහාචාර්ය කාල්
හවුස්හොෆර් වක්‍රාකාරව හෝ ඇතැම් විට කෙලින්ම බලපෑ බවයි. ඒ සඳහා ඇති උදාහරණද
බොහොමයි. 1933 හිට්ලර් බලයට
පත්වූ පසු සිදුවූ ජපානය
හා ජර්මනියේ වූ සන්ධානය සහ රුසියාව සමගින් වූ සන්ධානය මෙයින් ඉතා ප්‍රබල
උදාහරණ දෙකක්. තව දුරටත් කිවහොත්, කාල්
හවුස්හොෆර් තමන්ගේ පුත්‍ර
ඇල්බට් හවුස්හොෆර් ද හවුල් කරගෙන තම මතයන් ගෙන යන්නේ ඔහුව තානාපති සේවයට යොමු කරමින්. 1935 නිව්රම්බර්ග් නීතින්
තුලින් අර්ධ
යුදෙව්වන් ලෙස හැඳින්වූ හවුස්හොෆර් පවුල රුඩොල්ෆ් හෙස් ගේ උපකාර සහිතව ජර්මානු රුධිර සහතිකයක්
ලබාගන්නවා. මේ කාලයේ එවැන්නක් හිට්ලගේ අනු දැනුම මත හැරුණු විට ලබා දෙන්නේ නෑ.
![]() |
හවුස්හොෆර් පවුලේ දුලබ ජායාරූපයක් |
යුද්ධයෙන් පසු
මිත්‍ර පාර්ශවයේ අත්අඩංගුවට පත්වුවත් මහාචාර්ය කාල් හවුසන්හොෆර් පුන පුනා කියන්නේ හිට්ලර්
හා තමන්ගේ කිසිඳු සම්බන්ධතාවක් නැති බවයි. එනමුත් 1946 මැයි මාසේ 10 හෝ 11 දින මියගොස්
සිටින කාල් හවුසන්හොෆර් සහ ඔහුගේ බිරියගේ මල සිරුරු හමු වන්නේ මේ අතරයි. ඔවුන්
ආසනික් විෂ ශරීරගතවීම නිසා
මියගොස් තිබුනා.
අද ලිපිය ටිකක්
දිග වැඩිදෝ මගේ හිත අහනවා.. එහෙමනම් අපි නැවත හමුවෙමු හිට්ලර්ගේ විශ්මිත ආයුධ (Wonder Weapons of Hitler : Wunder Waffe des Hitler) සමගින්.
සියලු ජායාරුප ගූගල් වෙතිනි. හිමිකම් අදාළ ජායාරුප ශිල්පීන් සතුය.
සියලු ජායාරුප ගූගල් වෙතිනි. හිමිකම් අදාළ ජායාරුප ශිල්පීන් සතුය.
හිට්ලර් මියයන තෙක්ම නිර්මාංශිකව සිටි ඒ වගේම සතුන්ට දැඩිව ආදරය කරපු කෙනෙක් බවයි මම අහලා තියෙන්නේ. ඒ වගේමයි හිම කුමාරි කතාවේ කුරුමිට්ටන්ගේ රූපය මුලින්ම සිතුවමට නැඟුවෙත් හිට්ලර් කියලා මම අහලා තියෙනවා.
ReplyDeleteනියම කතා පෙළක් ඉස්සරහට අපිට කියවන්න ලැබෙයි කියලා හිතනවා අයියා
ආහ් පළමු ලෝක යුද්ධයෙදී තුවාළ ලබලා හිට්ලර් හමුදා සේවයෙන් ඉවත් වෙනවා. ඔහුගේ සේවය අගය කිරීමක් විදිහට හම්බෙන යකඩ කුරුසය හිට්ලර් ප්රවේසම්ව තබාගත්තලු
Deleteඇත්තෙන්ම හසිත මල්ලි, හිට්ලර් ඔය කුරුමිට්ටගේ චිත්‍ර ඇන්දා කියන කතාව මම අහලා නෑ. ඒත් හිට්ලර්ට 1914 දී හා 1918 දී නිර්භීතකම වෙනුවෙන් යකඩ කුරුසිය පදක්කම (iron cross) දෙවරක් ලැබෙනවා. ඒත් හිට්ලර් කියන්නේ පණිවිඩ කරුවෙක් විදියට සේවය කල සාමාන්‍ය සෙබලෙක් වගේම අන් අය හා ගත්විට යුධබිමේ සාමාන්‍ය ක්‍රියාවන් වල යෙදුනු කෙනෙක්. ඉතින් ඔය හිට්ලර්ගේ පදක්කම් ලැබෙන්නේ ඔහු ඉහල නිලයන් හා දැක්වූ සමීප සම්බන්ධය නිසා. හිට්ලර් හමුදාවෙන් ඉවත් කරන්නේ 1920 දී. ඔහු තුවාල ලැබුවාට පසුව ලෝක යුද්ධය නිමා වෙනවා.
DeleteHasitha@..හසිතත් හිට්ලර් ගැන ගොඩාක් දේවල් දන්නව වගේ...එහෙනම් ඔයා දන්නව ඇති අර ලස්සන ෆිල්ම් එක ගැන..
Deleteහිට්ලර්ගෙ හමුදාවෙන් මරන්න අල්ලගෙන යන සෙනග අතරෙ ඉන්න ඇමෙරිකන් අම්මා..තාත්ත සබ්මැරීන් එකක නේවි එකේ..එකම බබා(පුතා.) අතුරුදන් වෙනව..පස්සෙ අම්ම බේරෙනව ඒත් මානසික රෝහලක..තාත්ත බේරිලා ඇවිත් ලෝකෙ පුරාම අනාත නිවාස වල පුතාව හොයනව..පුතාව දැක්කට පස්සෙයි අම්මට සනීප වෙන්නෙ...මම මේ ෆිල්ම් එක හොයනව..මට මතක විදියට ඒකෙ නම wings of the war ඒත් ශුවර්ම නැහැ..ඔයාල දෙන්නගෙන් කවුරු හරි දන්නවද මේක ගැන..???
@ වින්චැට් කිරිල්ලි.
Deleteඑහෙම ෆිල්ම් එකක් නම් බලලා නැහැ.... එහෙම එකක් ගැන දැනගත්තොත් අනිවා කියන්නම්
@ ක්සැන්ඩර් | Xander
Deleteහිට්ලර්ගේ ලැබුණු යකඩ කුරුසයේ කතාව මම හොයා ගත්තා අයියේ.
1914 දී පළමු වරට හිට්ලර් යකඩ කුරුසයේ දෙවෙනි පන්තිය දිනාගන්නවා. ඒ වෙද්දී හමුදා පණිවුඩකාරයෙක් විදිහට එයා සේවය කළා වගේම දෙපාරක් තුවාලත් වෙලා තියෙනවා. ඒ වගේම විෂ වායු ප්රහාරයකටත් ලක්වෙලා තියෙනවා.
1918 හිට්ලර් යකඩ කුරුසයේ පළමු පන්තිය දිනාගන්නවා. ඒක හේතුව වෙන්නේ හිට්ලර් සතුරු නිලධාරියෙක් සහ මිනිසුන් 15 ක් අත් අඩංගුවට ගත්තු නිසා
ඒත් මල්ලි ඔය පදක්කම් කතාව ගොඩක් විවේචනාත්මක සිද්ධියක් නේද? එක එක කතා ඒ ගැන තියනවා.
Deleteඑකක් තමයි හිට්ලර්ට පදක්කම දුන්නු නිලධාරියා යුදෙව්වෙක් බවත් ඔහු හිට්ලර් පදක්කමේ පොරොන්දුව මත සටනේ බිහිසුණු අවස්ථාවකදී පණිවුඩ යැවීමට භාවිතා කළා යයි කියන කතාව. අනිත් කතාව වන්නේ හිට්ලර්ට පදක්කම ලබා දුන් නිලධාරියා එසේ කලේ ඔහු හිට්ලර් සමගින් වූ පුද්ගලික හිතවත්කම මතයි කියන දේ.
තව දෙයක් හිට්ලර් උන්නු සාමාන්‍ය සොල්දාදු කාණ්ඩය ඔය පදක්කම ලබන අවස්ථා විරලයි කියන එක එයින් එකක් ඒ වගේම පදක්කම පැළඳීම සඳහා වන හේතුපාඨ හිට්ලර්ගේ වීර ක්‍රියාවන් වලදී වලංගුයි එන පැනය දෙවැනි එක.
යකඩ කුරුසයේ පළමු පන්තිය හිට්ලර් දිනාගැනීම ගැන කියන්නේ ඔහු ප්‍රංශ සොල්දාදුවන් කීප දෙනෙක් 1918 අගෝස්තු 4 වැනිදා හෝ ඒ ආසන්නයේදී සහෝදර සෙබළුන් පිරිසක් කැටුව යටත් කරගත් නිසා බවයි. පසුව නාසි ප්රචාරක ව්‍යපෘති තුලින් මේ සංඛ්‍යාව සහ නිලධාරියෙක් ඇතුලත්ව වැඩි වී තියනවා.
යකඩ කුරුසයේ දෙවන ශ්‍රේණියේ පදක්කම හිට්ලර් විසින් දිනාගත්තා කියන්නේ 1914 දෙසැම්බර් මාසයේ පළමු යෙප්ස් (Yepres) සටනේදී තුවාල ලැබූ ඉහල ජර්මානු නිලධාරියෙකු දැඩි සතුරු ප්‍රහාර මැද බේරාගත් නිසා යයි කියවෙනවා.
කොහොම වුනත් නිසි කරුණු දැක්වීමක් මේ එකදු පාර්ශවයක්වත් කරලා තියනවා මටනම් හොයාගන්න ලැබුනේ නෑ.
@ ක්සැන්ඩර් | Xander
Deleteමේ තියෙන්නේ විස්තරනේ :)
ඔව්. ඒත් කිසිම කෙනෙක් තහවුරු කරලා නැති නිසා ඒ විස්තර ලිපියේ පල කරන එක අසීරුයි නේද?
Deleteඒකත් හැබෑව. ඒත් කමක් නැහැ අයියා. post එකේ නොකියවුණු දේවල් හුඟක් සංසන්දනාත්මක comments වලින් කතා කරලා තියෙනවානේ. ඒකත් මදැයි :)
Deleteමම කිව්ව කතාව හමු උනා..ඒක ෆිල්ම් එකක් නෙවේ කොටස් වශයෙන් ගිය කතාවක්...පුලුවන්නම් හොයන් බලන්න මේක ලෝක යුද්ධෙ සම්බන්ධ මම අහපු හොඳම.. අපූරු කතාවක්..!
Deletehttp://en.wikipedia.org/wiki/War_and_Remembrance_(TV_miniseries)
ස්තුතියි කිරිල්ලි. ඒ ලින්ක් එකෙන් මම කතා දෙකක් අල්ලගත්තා.
Deleteපොඩි එකතු කිරීමක්... Ypres ප්‍රදේශයට ඒ රටේ (බෙල්ජියමේ) උච්චාරණයෙන් කියන්නේ යිප්‍රී කියලා.
Deleteබොහොම ස්තුතියි චාමර. ඔබ නම් නියම රසවතෙක් බව පේනවා. මගින් එකතු වෙලා ලිපි ඔක්කොම වගේ කියවන එකට මුලින්ම මගේ ප්‍රණාමය පිළිගන්න. මම ගත්තේ ඉංග්‍රීසි උච්චාරණය ඔය වචනේ. ඇත්තෙන්ම නුහුරු වචන නේ මේවා. :) දිව උලුක් වෙනවා හරියට කිව්වේ නැතුවාම.
Deleteඇත්ත... ඒක ලියන්නේ Ypres කියලා. මම ඒ උච්චාරණය අහගත්තෙ බෙල්ජියන්කාරයෙක්ගෙන්මයි... ඒකයි බය නැතුව පොර වගේ ඒ කතාව දැම්මේ. මිනිහා මට ලණුවක් දුන්නා නම් එහෙම අපි දෙන්නම ගස්!!! :-D
Deleteමම පුදුම ආශාවක් තියෙන්නෙ හිට්ලර් සහ ලෝක යුද්ධය සම්බන්ධ ෆිල්ම්ස් බලන්න..මේ කතා පේලියත් ඒ වගේම අශාවෙන් කියවනව...ස්තූතියි..
ReplyDeleteමටත් ඒ වගේම තමයි. මමනම් හිටපු නාසියෙක්ද කොහෙද. ඒත් මම තවම එක ටීවී සීරිස් එකක් හරි ෆිල්ම් එකක් හරි (මොකද්ද කියන්න මතක නෑ) හොයනවා. හම්බ උනේ නෑ. රතුපාට පසුබිමක පිස්තෝලයක් සහ තුවක්කුවක පින්තුර තියන බැනර් එකක් ඒකෙ පටන්ගන්නකොටම පෙන්නුවා මතකයි. ඉස්සර මම පොඩි දවස් වල ටීවී එකේ ඕක ගියා. දැන් හෙව්වා හෙව්වා හම්බ වුනේ නෑ. දන්නවානම් නම කමෙන්ට් එකක කොටනවාද?
Deleteඒ වගේම ස්තුතියි ආවට. දිගටම ඉන්නකෝ ගොඩක් කතා මග එනවා.
@ ක්සැන්ඩර් | Xander
Delete"මමනම් හිටපු නාසියෙක්ද කොහෙද"
+++++
@ වින්චැට් කිරිල්ලී
Delete//මම පුදුම ආශාවක් තියෙන්නෙ හිට්ලර් සහ ලෝක යුද්ධය සම්බන්ධ ෆිල්ම්ස් බලන්න..//
මමත් ඒ වගේමයි මගේ ළඟ ලොකු collection එකක් තියෙනවා.
The piyanist, The Boy in the Striped Pajamas බලලා තියෙනවද?
The Boy in the Striped Pajamas කියන්නේ ජර්මානු යුදෙව් කඳවුරක ඉන්න පොඩි එකෙක් ගැන නේද?
Deleteජර්මානු යුදෙව් කඳවුරක ඉන්න පොඩි එකෙක් ඒ කඳවුර පාලනය කරන ලොක්කගේ පොඩි එකා එක්ක යාලු වෙලා ඉන්න කතාව අවසානයේදී නොදැනුවත්ව ඒ ලොක්කගේ පොඩි එකාවත් ගෑස් ගහලා මරන්නේ. අන්න එක.
Deleteහොද සිත්තරෙක් වෙන්න හිටි කෙනෙක් ඒ වෙනුවෙන් නිසි තැනක් නොලැබුන නිසා තමන්ගේ නම් ලෝකයේ රන්දපු හැටි තමයි මේ පස්සේ කාලෙක.. හොද සටහනක් අයියේ..
ReplyDeleteඔව්. ඔයා හරියටම හරි දිනේෂ්. හිට්ලර්ගේ පියා ඔහුව චිත්‍රකර්ම පාඨමාලාව හදාරන්න යවන්නේ නැතිව ඔහු රැකියාව කල රේගුවේ රැකියාවට හිට්ලර්ව ගන්න ඔහුව ලිනස් වල උසස් පාසලට යවනවා. ඒ හිට්ලර් පියාගේ තීරණයට විරෝධය දක්වද්දීමයි. හිට්ලර් පසුකාලීනව වියානාවේ කලා ඇකඩමියට දෙවරක් අයදුම් කලත් ඇතුලත් කරගන්නේ නෑ. මේ වෙද්දී හිට්ලර් වයස 19 ක තරුණයෙක්. ඔහුට මුදල් අතින් බංකොලොත් වීමට සහ නගරයේ දුගියන් රැඳෙන ස්ථාන වල සිටීමට වෙනවා. මේ කාලයේ තමයි හිට්ලර් දකින්නේ පොහොසත් යුදෙව්වෝ බොහෝ යුදෙව්වන් ජර්මනියේ ව්‍යාපාර හිමිකරුවන්. කර්මාන්ත කරුවන්. ඔවුන්ගේ දරුවන් ඉතාම පහසුවෙන් කලා ඇකඩමියට එනවාත් තමන් හිඟන්නෙක් නොවී හිඟාකනවාත්. මේ තරුණ වයිරය තමයි හිට්ලර් පසුකාලීනව යුදෙව් ප්රශ්නය ලෙසින් විසඳන්න උත්සාහ කලේ.
Deleteතවත් එක කතාවක් තියනවා. හිට්ලර් තමන්ගේ කලාකෘති අරං වියානාවේ කලා ඇකඩමියට ගියත් ඔවුන් හිට්ලර්ව අවඥ්යාසහගතව බැහැර කරන ගමන් පොහොසත් යුදෙව්වෙක්ගේ දරුවෙක් මුදල් වල බලයට සුදුසුකම් කිසිවක් නැතිව තිබියදීත් ඇතුළුකරගත්තා කියන සිද්ධිය හිට්ලර්ට තදින්ම බලපෑ බව. ඒත් මට ඒ කතාවනම් තහවුරු කරගන්න හැකි වුනේ නෑ.
හිට්ලර් හොඳ සිත්තරෙක් වෙන්න තිබුනා කියන කතාව නාසිවාදීන්ගේ නිර්මාණයක් වෙන්න ඕනේ. එයාගේ චිත්‍ර කිසිදු චිත්‍ර විචාරකයෙක්ගේ ප්‍රශංසාවට ලක් වෙන එව්වා නෙවෙයි.. ඒ විචාරකයා නාසිවාදියෙක් නෙවෙයි නම්.
Deleteම්ම්ම්.. මෙහෙම ගමු කෝ.. හිට්ලර් ගේ චිත්‍ර කවුරුත් ප්‍රශංසා කරලා නැති වෙන්න ඇති. ඒ ගැන මම ඒ තරම් හෙව්වේ නෑ. නමුත් එහෙම කියලා ඔහුගේ චිත්‍ර වල දොසක් දකින්නත් බෑ නේද? බොහෝ දෙනෙක්ට නොහැකි කුසලතාවක් නේ ඔය චිත්‍ර කලාව.
Deleteඔහ් හෝ.. හිට්ලර් එතකොට අවජාතකයෙක්ගෙ පුත්‍රයෙක්. ඒ හීනමානය වහගන්ඩද දන්නෑ මහ ලොකු ආර්ය මිත්‍යාවක් වැපුරුවෙ.
ReplyDeleteමේ ලිපි පෙලනම් හරි වැදගත්. අර දුලබ ඡායාරූප ටිකනම් හරි වටිනවා. මම හිතන්නෙ මම මීට කලින් ඒවා දැකලා නෑ.
ඔබේ උත්සහයට මගෙන් මල් මිටක්. ඉතිරි ටිකත් වෙලා තියන හැටියට දාන්ඩ.
ඔව් සෙන්නා. එහෙමත් එකක් තියනවා. අහල තියනවද The protocols of the Elders of Zion නැත්නම් The Protocols කියලා විතරක් හඳුන්වන පොත ගැන? මේ පොත හිට්ලර් නිල වශයෙන් ප්‍රකාශ කලා විතරක් නෙවෙයි 1933 පස්සේ පන්ති කාමර වල උගන්නනත් පටන් ගත්තා.
Deleteපින්තුර ටිකනම් ගුගල් කරලා හොයාගත්තේ. ඉතුරු ටික මේ දවස් වල ලියනවා. ළඟදීම දෙන්නම්
@ Senna
Delete"ඔහ් හෝ.. හිට්ලර් එතකොට අවජාතකයෙක්ගෙ පුත්‍රයෙක්"
එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම වෙන්නේ.
හිට්ලර්ගේ සීයා වුණු යොහාන් ජෝර්ජ් හිඩ්ලර් සහ හිට්ලර්ගේ ආච්චි වුණු ඇනා මාරි ශිකල්ගෲබර් අතරේ සමබන්ධෙන් 1837 දී හිට්ලර්ගේ තාත්තා වුණු ඇලොයිස් උපදිනවා. ඊට අවුරුදු 5 කට පස්සේ තමා යොහාන් සහ ඇනා විවාහ වෙන්නේ.
ඒත් ඇලොයිස් තමන්ගේ දරුවෙක් විදිහට ලියාපදිංචි කරන්න යොහාන් කටයුතු කරන්නේ නැහැ. කොහොම නමුත් 1877 දී තමා යොහාන් ඇලොයිස්ව තමන්ගේ දරුවෙක් විදිහට ලියාපදිංචි කරන්නේ.
එතකම් ඇලොයිස් පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම වුණු ශිකල්ගෲබර් කියන එක
ඒත් ඉන්පසුච ඔහු ඇයි හිඩ්ලර් නම වෙනස් කරගන්නේ? මටනම් හිතෙන්නේ වෙනත් දෙයක්.
Delete@ ක්සැන්ඩර් | Xander
Deleteඔයාට හිතෙන දේත් කියමු අයියා
තමන්ගේ නිසි උපත පිළිබඳව දැනගෙන, පියාගේ නමත් නොගෙන ඔහු ස්වාධින වෙන්න උත්සාහ ගන්නවා වෙන්න පුළුවන්. මොකද අලෝයිස්ගේ අම්මට තිබුනා ඔහුගේ තෝම්බුවට යොහාන්ගේ නම ඇතුලත් කරන්න. ඒත් එහෙම වුනේ නෑ. ඒ ඇයි? ඒ කියන්නේ මවට ඕනේ උනේ යමක්/යමෙක් වසන් කරන්න.
Deleteහොඳ point එකක් අයියා
Deleteඔය හිට්ලර්ට යුදෙවු සම්භවයක් තියෙනවා කියන ඒක හිට්ලර්ගේ මනසට තදින් කා වැදෙන්න ඇති ...එහෙම කුකුසක් තියෙනකොට මිනිස්සුන්ගේ හිත්වල; එකට හොඳම ප්‍රහාරය වෙන්නේ යුදෙවු විරෝධියෙක් වීමයි ප්‍රසිද්දියේ. ඔන්න ඔහොම හිට්ලර්ගේ මනස වැඩකරන්න ඇතිය කියල මට හිතෙනවා. මේ රටේ තියෙන කතාවක හැටියට මහතීර් මොහොමඩ් ඉන්දියානු සම්භවයක් ඇති පියෙකුගේ පුතෙක්ලු.. ඔහු බලයේ ඉන්නවිට මැලේ ජාතිය මුදුනින් තියලා ඔවුන් භූමිපුත්‍ර කියල අභිෂේක කළා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට රජයේ සේවය තනිකර වෙන් කළා පාසල් විශ්වවිද්‍යාල වල අදත් කොට ක්‍රමයටයි අවස්ථා ලැබෙන්නේ අනිත් ජාති දෙකට කුඩම්මාගේ සැලකිලි.. පුද්ගලික අංශයෙන් හදන ගෙවල් පවා මැලේ ජාතිකයින්ට අඩු මිලට දිය යුතුයි බැංකු නය පොලිය ඔවුනට අඩුයි.. ! ඔය පිටිපස්සෙන් තියෙන්නේ සම්භවය පිලිබඳ ප්රශ්නය නිෂ්ප්රභා කිරීමේ වායාම කියලයි අනිත් ජාතිවල අය කියන්නේ!
ReplyDeleteබොහෝවිටම එහෙම වෙන්න ඇති, ඒ එක්කම තමන්ට නොලැබෙන සම්පත් ජර්මානුවෙක් විදියට පිටස්තරයෙක් ලබාගන්නවා දැකීමත් (දිනේෂ්ට දුන්න පිළිතුරේ සඳහන්) හිට්ලර් පිස්සෙක් වගේ යුදෙව්වන්ගෙන් පලිගන්න හිතන්න ඇති. කොහොම වුනත් හිට්ලර්ගේ හමුදාවේ යුදෙව්වන් සේවය කලා. ඊට හොඳම උදාහරණය ෆීල්ඩ් මාෂල් එහාර්ඩ් මිල්ච්. (Erhard Milch)
Deleteඑක හුස්මට කියවිය හැකි ලෙස ලියා තිබෙනවා. මට තිබෙන ප්‍රධානම ප්‍රශ්න කීපෙකට පිළිතුරු ලැබුනා.
ReplyDelete1. ඇයි හිට්ලර් මෙතරම් යුදෙව්වන්ට වෛරකලේ?
මට මේ ලිපියෙන් හිතෙන්නේ තම පියා හා මව අතර ඇතිවන ඔබ කියූ ප්රශ්නය නිසා හිට්ලර්ට වන අවජාතක භාවය නිසා වෙන්න පුළුවන් නේද?
ස්තුතියි ඔබට. ඔව්, වෙන්න පුළුවන්. හිට්ලර් ගැන කියන ඔහු ලඟින්ම දැනගෙන උන්නු හැමෝම කියන්නේ ඔහු ඉතාම වෙනස්වෙන සුළු පුද්ගලයෙක් කියලා. ඇතැම්විට මේ යුදෙව් වයිරය තම සම්භවය ගැන ඇතිවුණු නොපහන් හැගීමට කවලම් වූ තමන්ට වූවායයි ඇදහු අසාධාරණය පිලිබඳ කටුක මතකයන් එක්ක දුප්පත්කමේ ගැලී හිටි අවධියේ පොහොසත් යුදෙව්වන් වෙත දැක්වූ වයිරය හෝ ඊරිසියාව මේ ගැටුමට මුල් වෙන්න ඇති කියා මට හිතෙනවා.
Delete@ වෙද ගෙදර මහ වෙදනා
Delete"ඇයි හිට්ලර් මෙතරම් යුදෙව්වන්ට වෛරකලේ?"
මෙන්න මේ හේතුත් ඒකට බලපෑවා
මම දන්න විදිහට හිට්ලර්ගේ යුදෙව් විරෝධයට හේතු ගණනාවක් තිබුණා. එකක් තමා පළවෙනි ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත ලෙස පරාජ වෙන්න එක හේතුවක් වුණේ යුදෙව්වන්ගේ උදව් [විශේෂයෙන්ම ජර්මන් යුදෙව්වන්ගේ] ජර්මනියට නොලැබීම කියලා හිට්ලර් විශ්වාස කරපු එක. ඒක නිසා ශ්‍රේෂ්ඨ ජර්මනිය පාවා දුන්නේ යුදෙව්වන් කියලයි නාසීන් විශ්වාස කලේ.
ඒ වගේම යුදෙව් සංහාරයේ තවත් පැතිකඩක් තමා 1940 පමණ වෙද්දී ජර්මන් ආර්ථිකයේ ප්‍රබල තැනක් යුදෙව්වන් සිටීම. ඒක නිසා යුදෙව් මර්දනයෙන් යුදෙව්වන්ගේ ධනය ලබාගෙන තමන්ගේ යුද කටයුතු සාර්ථක කරගන්න හිට්ලර් කටයුතු කරලා තියෙනවා.
ඒ වගේමයි තමන්ගේ යුද අවි නිෂ්පාදනය වගේම අනෙක් කාර්යයන් නොමිලේ කරගන්න ශ්‍රමිකයන් විදිහටත් යුදෙව්වන්ව මර්දනය හරහා ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් වුණා
අනෙක් අප්‍රකට කතාවක් තමා හිට්ලර්ගේ යුදෙව් විරෝධය ඇතිවෙන්නේ හිට්ලර්ගේ මිත්තණිය ධනවත් යුදෙව් තරුණයෙක් අතින් දූෂණයට ලක්වුණා කියන කතාව
පලවෙනි හේතුව නම් නාසි ප්රචාරක ව්‍යාපෘතියේ කෙප්පයක්. ජර්මන් හමුදාවේ සැලකිය යුතු යුදෙව්වන් පිරිසක් සේවය කලත් ඔවුන් මේ කරුණ හිතා මතාම වෙනස් කරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති රැකගැනීමටයි. මේ කතාව කියන ඔවුන් අනිත් පසින් කියන්නේ හිට්ලර්ට යකඩ කුරුසය පිරිනැමූ නිලධාරියා යුදෙව්වෙක් බවයි. එතකොට?
Delete@ ක්සැන්ඩර් | Xander
Delete"මේ කතාව කියන ඔවුන් අනිත් පසින් කියන්නේ හිට්ලර්ට යකඩ කුරුසය පිරිනැමූ නිලධාරියා යුදෙව්වෙක් බවයි"
මේ කාලේ හිට්ලර් බලය අල්ලාගෙන නෙමෙයිනේ හිටියේ
ඔව්. ඔන්න ඔය කතාව කියන්නේ නාසීන්. එනම් හිට්ලර් බලය තහවුරු කරගත්තයින් පසු. ඔවුන්ගේ යුදෙව් භීෂණ ප්‍රතිපත්ති ගැන කියද්දී ඔවුන් නිතර කියන්නේ යුදෙව්වන් පළමු ලෝක යුද්ධයේ කිසිඳු කැපී පෙනෙන නායකත්වයක් දුන්නේ නෑ කියල. ඔවුන් තමයි යුද්ධය කණපිට පෙරළුවේ කියා නාසීන් කියනවා. ඒ කියන අයම හිට්ලර් ගැන කියද්දී කියන්නේ ඔහුට පදක්කම් පැළඳවූ නිලධාරියා යුදෙව්වෙක් බවත් ඔහු ආර්ය රුධිරය අවධානමේ හෙලු බවත්.
Delete(හිට්ලර්ට පදක්කම් දුන් නිලධාරියා ලෙස සඳහන් වන්නේ වන්නේ ලුතිනන් හියුගෝ ගැට්මාන් නම් යුදෙව් නිලධාරියායි.)
හොඳ ලිපියක්. දිගටම දාන්න. කෙටිකරන්න එපා.
ReplyDeleteස්තුතියි රාජ්, තව කොටස් මග එනවා.
Deleteහිට්ලර් බිංගෙයක් ඇතුලෙ මිය ගිය කතාවකුත් තියෙනවා නේද.
ReplyDeleteකාලයක් පත්තරේක ගියා ලිපි පෙලක්. මොහු ගැන වගේම චේගුවේරා ගැන. ආසාවෙන් කියෙව්වා.
//දෙවැනි ලෝක යුද්ධය - ඉතිහාසයේ සැඟවුණු තැන් I//
මට එකපාරට කියවුනේ මෙහෙම..
**දෙවැනි ලෝක යුද්ධයේ දි සැඟවුණු තැන්** :ඩී
ඔව් සෑම්. ඒ ගැන තමයි මම කලින් පොස්ට් එක, හිට්ලර් මියගියාද නැත්නම් පලා ගියාද එකේදී කතා කලේ. මම හිතන්නේ නම් හිට්ලර් පැන්න.
Delete//දෙවැනි ලෝක යුද්ධය - ඉතිහාසයේ සැඟවුණු තැන් I//
මට එකපාරට කියවුනේ මෙහෙම..
**දෙවැනි ලෝක යුද්ධයේ දි සැඟවුණු තැන්** :ඩී
මටත් මේක කියවලා බඩ අල්ලං හිනා....... :D :D :D
ඔහු යුද්ධයට නොගියා නම් ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙක් වන්නත් තිබුණා.
ReplyDeleteඔව්. බලන්නකෝ කිසිම විශේෂ අධ්‍යාපනයක් නැතුව ඇඳලා තියන චිත්‍ර.
Deleteහිට්ලර්ට යුදෙව් සම්භවයක් තියෙනව.ඒක වහගන්න ඔහු නොගත්තු උත්සාහයක් නෑලු.ලංකාවෙ ප්‍රබාකරන්ට අදහස් ඔක්කොම දුන්නෙ එයාගෙ පියා කියල මම කියෙව්ව.හිට්ලර්ටත් ඒ පියාගෙ ප්‍රශ්නෙ තදින්ම බලපාන්න ඇති.නිර්මාංශික වෙන්නෙ ඇයිද කියල ටිකක් හිතුවම ඒකත් නිකම් ආගමික යුද්දයක් වාගෙ තැනකට යනව වගේ පේන්නෙ..
ReplyDeleteහරියට තමන් පාරිශුද්ධයි.යුදෙව්වො ඔක්කොම පාපකාරීන් වගේ අදහසක් පෙන්නන්න ඕන වුනාද දන්නෙ නෑ,මට හිතුන දෙයක් ඒකනම්.
අනික මහාචාර්ය හවුස්හොෆර් ලොකු බලපෑමක් කරල තියෙනව අනිවාර්යෙන්ම!
දිගටම ලියපන් මචන් ඈ
ස්තුතියි චුටි බටපොලයෝ. කාල් හවුස්හොෆර්ගේ දේශපාලන න්‍යායන් හිට්ලර් ක්‍රියාත්මක කල අවධියේදී ඔහු ඉතා සාර්ථක වුවා. පස්සේ රුඩොල්ෆ් හෙස් ගේ චාරිකාවෙන් පසු හිට්ලර් ඒ අදහස් එතරම් තැකුවේ නෑ. උදාහරණයකට රුසියානු ආක්‍රමණය හා එහි සැලසුම් කිරීම පෙන්වන්න පුළුවන්.
Deleteරැඳිලා ඉන්න. තව මග එනවා.
@ චූටි බටපොලයා
Deleteහිට්ලර් වගේම හිට්ලර්ගේ කට්ටියගෙන් ඉහළ පෙළේ අය කීප දෙනෙක්ම නිර්මාංශික වගේම සතුන්ට දැඩිව ආදරය කරපු අය. ඒ වගේමයි යුදෙව් දරුවන් දහස් ගණන් මරපු සමහර නාසි නායකයන් හවසට ගෙදර ගිහින් තමන්ගේ දරුවන් එක්ක විනෝද වුණු දරුවන්ට දැඩිව ආදරය කරපු අය
මේ film එක බලන්න. The Boy in the Striped Pajamas.
Deleteමිනිහෙක් වෙනස් වුන විදිහ
ReplyDeleteහැබැයි එයා වෙනස් වුන නිසා තමා ඉතිහාසගත වුනෙත්.
දිගටම ලියන්න මේක රසවත් ලිපි පෙළක්.
ඇත්තටම පුදුමයි නේද? කොහොමද වෙනස් වෙච්ච තරම. ස්තුතියි නිශාන් තව කොටසක් මග එනවෝ..
Delete@ මඩිස්සලේ නිශාන්
Deleteමේ විදිහේම මනුස්සයෙක් තමා සෝවියට් දේශයේ සමාජවාදය නාමයෙන් මිනිස් ඝාතන රැසක් කරපු ජෝශප් ස්ටාලින්. එයාත් කුඩා කළේ පූජකවරයෙක් වෙන්න පූජකාරාමයක ඉගෙනුම ලබපු කෙනෙක්
@ හසිත.
Deleteමම ඉතින් නාසියෙක් වෙච්චකොට ස්ටාලින් ගැන දන්නේ සීමිතව. :D (ජෝශප් ස්ටාලින් කියන නම නම් බොරුවක්.)
@ ක්සැන්ඩර් | Xander
Delete(ජෝශප් ස්ටාලින් කියන නම නම් බොරුවක්.)???
ඔව්. ස්ටාලින් කියන්නේ යකඩින් සැදුනු මිනිසා කියන රුසියන් තේරුම දෙන වචනයක්. මෙතනින් ගිහින් බලන්න නියම නම.
Deleteඒ කාලෙත් එහෙම තමා එහෙනම් :)
Deleteගොඩාක් වැදගත් ලිපියක්....ආසාවෙන් බැලුව අයියෝ....ඊළඟ කොටස එනකම් මඟ බලන් ඉන්නවා....
ReplyDeleteඊළඟ ටික ඉක්මනින්ම දෙන්නම්. ස්තුතියි අග්නි..
Deleteමම නං ඕවා වැඩිය දන්නෙ නැති හින්දා කට ඇරන් බලනවා.. :-))
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
සී..සී.. රජෙක් වුනාම දැනගෙන ඉන්නම ඕනේ මෙව්වා. හදිස්සියේ මොකෙක්හරි රාජ අඩවියට ගැහුවොත්? (අඩුමගානේ අන්තඃපුරේවත් බේරාගන්න!!)
Deleteලිපිය දිගයි කියලා කිසිම වෙලාවක දැනුනේ නෑ පින්තූර එක්ක මාර ආසාවෙන් කියෙව්වේ.හිට්ලර් චිත්‍ර ශිල්පයේ දක්ෂ බව අහලා තිබුනට මේ තරම් දක්ෂයි කියලා මම දැනගෙන හිටියේ නෑ අර බල්ලගෙ චිත්රයයි ඊට යට එකයි පුදුම ලස්සනයි.කලාකාමි හදවතක් තියෙද්දි කොහොම මෙහෙම දරුණු වුනාද කියලා හෙනම ප්‍රශ්නයකින් හිටියේ...
ReplyDeleteහසිතටත් විශේෂ ප්‍රණාමය ක්සැන්ඩර් අයියා පෝස්ට් එකට නොදැම්ම කරුණු එයාටම කියලා කතා කෙරෙව්වටයි ඔයාගේ කොමෙන්ට් වලටයි.පෝස්ට් එක වගේම කොමෙන්ට් ටිකත් මාර වටිනවා...
මාර ලස්සන ලිපියක් අයියේ.... දිගටම ලියමු ජය වේවා
බල්ලාගේ චිත්‍රෙ යට අත්සනින් තමයි ඒක මම හිට්ලර්ගේ කියලා හොයාගත්තේ. ඇත්තටම දැක්ක ගමන්ම මමවත් හිතුවේ නෑ. ඒ තරම් ලස්සනයි.
Deleteස්තුතියි මල්ලි. මම ලියන්නේ ටිකක් විතර කමෙන්ට් වලින් එන සංවාද වලදී කියන්න අතෙත් තියාගෙන. පොඩ්ඩක් කියවන කෙනාටත් හිතන්න දෙන්න ඕනේ නේ. අද හසිත මාව අල්ලගත්ත.
තව කොටසක් ඉක්මනින් එනවා.
මරු පොස්ට් එක.එක හුස්මට කියෝල දැම්මා..දන්නේ නැති දැනගන්න ආසා ගොඩක් දේවල් ඉගන ගත්තා..
ReplyDeleteහේල් හිට්ලර්...අහ් සොරි ක්සැන්ඩර්.. මම අර වචනෙ කිව්ව හරිද මංදා...
බෝරිං වෙන්නේ නැතිවෙන්න ලියන්නත් එපැයි. ඒ හින්දයි ඔහොම නතර කලේ. හේල් තරු..
Deleteජර්මනියේ වත්මන් නීති වල හැටියට හේල් කියලා ජර්මන් ආචාරය (හිට්ලර් අත ඉදිරියට දිගු කරගෙන ඉන්නේ) කලොත් හරි ස්වස්තිකය ඇති ජර්මානු ධජ ප්‍රදර්ශනය කලොත් හරි ඒ දේවල් නීති විරෝධී වෙනවා. මේක ඕනෑම තැනකට වලංගුයි. මේ ලඟදි කම්පියුටර් ගේම් එකක ප්රකාශනය අත්හිටෙව්වා එහි ජර්මන් සංකේත තිබුනා කියලා.
වැදගත් ලිපියක්!ස්තුතියි මිතුර.:)මේ වගේ ලිපි තමයි ඇත්තටම ලියවෙන්න ඕන!
ReplyDeleteස්තුතියි ඔබටත්. තව කොටස් මග එනවා.
Deleteහිට්ලර්ව ජාතිවාදී ඒකාධිපතියෙක් කලෙත් සමාජ අසාධාරනයක් විසින් බලාගෙන යනකොට. මම හිට්ලර් හරියි කියනවා හෙම නෙවෙයි ඔන්න.
ReplyDeleteමමත් දෙවන ලෝක යුද්දය පසුබිම් වෙච්ච පොත් සිය ගානක් කියවලා තියෙනවා වගේම චිත්‍රපට බර ගානක්. අනික මිත්‍ර හමුදාවෙ දෘශ්ඨි කෝනයෙන් හැරුනම ජර්මන් සොල්දාදුවගෙ දෘශ්ඨි කෝනයෙනුත්. කියවලා තියෙනවද All Quiet On The Western Front" සහ "Panzer Platoon" සීරීස් එක?
henryblogwalker the Dude
අර කතාවක් තියනවා නේද ඉංග්‍රීසියේ the brightest thunder comes from the darkest cloud කියලා? සාමාන්‍ය තේරුමේදී අපි කියන්නේ වෙනත් දෙයක් වුනත් මෙතනටත් ඒක අදාළ කරගන්න පුළුවන් නේද?
Deleteගොඩක් ස්තුතියි ඩුඩ් අලුත් පොත් ටිකක් ගැන කිව්වට. මට මේ ටික තවම හම්බවෙලා නෑ. විවේක තියන වෙලාවට හොයලා කියවන්න ඕනේ.
හිට්ලර් නිර්මාංශිකයි කියලා Hasitha ලියලා තියනවනෙ උඩ.මාත් මුලින් හිතාගෙන හිටියෙ එහෙ වෙන්න ඇති කියලා තමයි.ඒත් හිට්ලර් නිර්මාංශික නෑ කියලා දැන් හොයාගෙනලු.විදුසර පත්තරේ තමයි මේ විස්තර තිබුනෙ.
ReplyDeleteමේක හොයාගෙන තියෙන්නේ ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව. වාර්තාවෙ හැටියට හිට්ලර් කොකේන් මත්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරලා තියනවා කියලාත් හොයාගෙන.හිටිලර්ගෙ පෞද්ගලික වෛද්‍යවරයා වන තියොඩර් මොරෙල්ගෙ වෛද්‍ය වාර්තා වලින් තමයි මේවා ගොඩක්ම හොයාගෙන තියෙන්නෙ.
මේ වාර්තා වලින් හෙලිවන තව වැදගත් දෙයක් තමයි හිටිලර් මානසික රොගයකින් පෙලුනු බව.තමන් දෙවියෙක් කියන එක මේ රෝගය නිසා හිතෙනවලු.මෙසියා සංකීර්ණය කියලා තමයි මේ ලෙඩේට කියන්නේ.
ප්රාධිමානය(flatulence) කියන ලෙඩේත් හැදිලා තියෙනවලු.කොකේන් අරගෙන තියෙන්නේ මේ රෝගය නිසාදෝ සැකයකුත් තියනවලු.
හිට්ලර් තමන් මස් නොකන එළවළු විතරක් කන,මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනෙක් කියලා ලෝකයට පෙන්නන්න උත්සහ කරලා තියෙන්නේ එයාගෙ මේ තිබුනු මානසික රෝගය නිසා කියලත් මේ වාර්තාවෙ තියනවා.
ඇත්තටම අයියගේ කතා විලාශය නිසා කියවන්න ආසා හිතෙනවා.ඊළඟ පෝස්ට් එක ඉක්මනට දාන්නෝ.
ගොඩක් වටිනවා මල්ලි ඔයාගේ කමෙන්ට් එක. ඔයා ගොඩක් වටින කරුණු ටිකක් එකතු කළා. ස්තුතියි.
Deleteමම දැනගෙන හිටි විදියට හිට්ලර් මාංශ ආහාර අරගෙන නැත්තේ ඔහුගේ උදරයේ ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නිසා. මටත් මුලින්ම මේ ප්රශ්නය ටිකක් කුතුහලය අවුස්සන දෙයක් වුනේ යුරෝපා රටක, ඒ වන විට කිසිම වෙජිටේරියන් සංකල්පයක් ඇතිවී නැති හෝ හිතා වත් නැති කාලෙක, මේ මනුස්සයා මොකද මේ මස් නොකන්නේ කියලා. (යුරෝපයේ කෑම වට්ටෝරු වල මස් කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක් මම දන්නා විදියට.)
මට මේ විදියට කරුණු පෙළගස්වන්න පුළුවන්. හිට්ලර්ගේ ආමාශයේ ප්රශ්නය තිබු නිසා ඔහු
1. මස් කෑවේ නෑ.
2. මද්‍යසාර භාවිතා කලේ නෑ.
(අදටත් සමහර අයට මේ වගේ රෝග තියනවා)
හරි, දැන් මට මෙහෙම හිතෙනවා. හිට්ලර්ට තිබුණු ලෙඩේට ඔහු කොකේන් ගත්තා වෙන්න බැරිද? වේදනා නාශකයක් විදියට?
මානසික රෝගය ගැන කියනවානම් මට හිතෙන්නේ මෙහෙම. ඔව් වෙන්න පුළුවන්. තමුන්ට අනුන්ගේ අවධානය ගන්න වගේ. නමුත් මට ඒ සම්බන්ධව ගොඩක් විස්තර සතුව නැතිවාක් වගේම මානසික රෝගියෙක් ගේ හැසිරීම ගැන දැනුමත් ටිකක් මදි නිසි ගැලපීමක් කරන්න. බලමු මානසික රෝග ගැන දන්නා කෙනෙක් අපිට කියයිද කියලා ඒ ගැන.
කුරිරු පාලකයෙක් තුලත් සුන්දර සිත්තරෙක් හැංගිලා හිටියා කියන එක අහන්ඩත් සතුටුයි !!!
ReplyDeleteඇත්තටම. ඒ ගැන නම් හිතන්නත් ටිකක් අසීරුයි.
Deleteකවදාවත් නොදැකපු දුර්ලභ ගනේයේ පින්තුර ටිකක්. අපි දන්නෙ හිටර්ගේ පාලන සමය ගැන විතරයි ඊට පස්සේ සිදු වුන දේවල් ලමාකාලේ ගැන අද දැනගත්තේ. හසිතත් ලොකු විස්තරයක් කරලා තියෙනවා. දෙන්නටම ස්තුතියි.
ReplyDeleteඉතුරු ටික ඉක්මනින් දානවා නේ.
මම කිව්වේ, මම නම් නාසියෙක්ද කොහෙද.. මගේ උපන්දිනෙත් හිට්ලර්ගේ උපන්දිනේමයි. ඉතින් මට මේ උණ හැමදාම තිබ්බා. හික් හික්..
Deleteහසිත මල්ලි අද මාව අල්ලගත්තා.. ඒ ගැන මම සන්තෝස වෙනවා. ඒ වැඩෙන් ගොඩක් දේ ලියන්න මාව පෙළඹුවා වගේම ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. ඒ වගේමයි අපි වගේ ලියන මල්ලිගේ කමෙන්ට් එකත්.
ස්තුතියි හැමදේටම.
බලන්නකෝ මට මේ ලිපිය මග ඇරිලානේ අපරාදේ මුලින් එන්න බැරි උනේ .
ReplyDeleteහිට්ලර් කියන්නේ මානසික රෝගියෙක් තමා එය මා දන්නා අන්දමට වෛද්‍ය විද්‍යාවෙදී හදුන්වනුලබන්නේ "හිතොන්මාදය" නමින් ..
පරක්කු වුනා කියල අවුලක් නෑ. තැන නෙවෙයි වැදගත් පැමිණීම.
Deleteඔය කියන්නේ දන්නා කට්ටිය. රොබින්ට පුළුවන් නම් අර අපි වගේ මල්ලිගේ කමෙන්ට් එකත් ටිකක් විග්රහ කරන්නකෝ.
නොදැන සිටි කරුණු ගොඩක්... පළවෙනි ලිපියත් කියවන්නම්...
ReplyDeleteස්තුතියි හරි.. තව ටිකක් මග එනවා.
Deleteවටිනා ලිපියක් බ්ලොග් අවකාසයේ මෙවැන්නක් හමු වීමත් සතුටක් .......
ReplyDeleteස්තුතියි සචිත්. තවත් මේකේ කොටස් ටිකක් මග එනවා.
Deleteස්තුතියි පැමිණීමටත්.
හිට්ලර් කියන්නේ පුදුමාකාර දස්කම් තිබු කෙනෙක්. ඔහු වැරදි මග නොගියා නම්? තවත් දෙයක්, හිට්ලර් නොසිටින්න අද ජර්මනිය මෙතරම් දියුණු වේවිද?
ReplyDeleteඔව් අලියාස්. හිට්ලර් නැති ජර්මනිය කොහෙන් නතරවෙයිද?
Deleteකිහිපවිටක් මේ පැත්තෙ ආව. මේ ලිපි පෙළ ප්‍රශංශනීයයි.
ReplyDeleteබොහොම ස්තුතියි සාගර.
Deleteඅනේ මොනවාහරි ලියහංකෝ බං
ReplyDeleteඅද හෙටම මොනාහරි කොටන්නං බං. අර ඩොන්ගල් එකට දාපු පෝස්ට් එක මල් හතයි ඈ...
Deleteකෝ ඉතින් නැනේ
ReplyDeleteලොකු හේතු ගොඩක් එක්ක ආයේ ලියන්නේ නෑ කියල හිතුවා මචං. ඒ පැත්තේ යන්නත් ඕනේ.
Deleteඒක මහ අපරාදයක්
ReplyDeleteමොනවා කරන්නද අටම්. හැමදේකම ඉවරයකුත් තියෙන්න එපැයි.
Deleteඅපරාදේ මම මේ කියවන්න පටන් ගත්තා විතරයි.
ReplyDeleteමටත් වෙලාවකට ඔයාල වගේ අය දාන කමෙන්ට් එකක් දෙකක් දැක්කම අපරාදේ නතර කලේ කියල හිතෙනවා. බලමු ටිකක්. මං ආපහු ලියන්නත් ඉඩ තියෙයි එහෙම වුනොත්. කියවන ඔයාල වගේ අයට කියවන්න.
Deleteගොඩ කාලෙකින් ආවේ මොකද මේ බ්ලොග් එක නවත්තලා මමත් ගොඩ කාලෙකින් තමයි බ්ලොග් එක ලිව්වේ ආයේ ලියමු නේද අපිව දැන් මතකද දන්නෙත් නෑ
ReplyDeleteකොහොම අමතක වෙන්නද නිපුන්. ඒරියා 51 එක ගැන අපි දෙන්නගේ සංවාදේ මට තවම මතකයි. ලියන්න නම් ආසයි ඒ වුනත් වෙලාව තමා නැත්තේ..
ReplyDelete