Thursday, May 22, 2014

හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය..

" සුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.

ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු අතර මේ සමගින් අපේ නව පාලනය ඇල්බර්ට් බර්ග්මාන් මහතා භාර ගනු ඇත.."

කාලෙකින් පස්සේ ලියන්න හිතුනා. ඒ හිතුන එකේ අලුතෙන්ම දෙයක් ලියන්න ඕනේ කියලත් හිත කිව්ව නිසා නතර කරපු කතාව පස්සේ කියන්න හිතාගෙන මම අලුත් තැනකින් ම පටන් ගන්න හදන්නේ.

හිට්ලර් කියන්නේ මගේ බ්ලොග් එකේ ගොඩක් ජනප්‍රිය වෙලා හිටපු කෙනෙක් නෙව. ඒ හින්දා අද මම එතැනින්ම පටන්ගන්න හිතාගත්තා.

හිට්ලර් බ්‍රිතාන්‍ය අත්පත් කරගන්න සැලසුම් කලේ ප්‍රංශය අල්ලන්න පටන්ගන්නත් ඉස්සර වෙලා කියල ඇතැම් තැන්වල කතා බහ වෙනවා. ඒ කොහොම වෙතත් හිට්ලර් බ්‍රිතාන්‍යය අත්පත් කරගන්න විතරක් නෙවෙයි බ්‍රිතාන්‍යය පාලනය කරන්න පාලන සැලසුම් පවා සකස් කර තිබුණා.

මේ පාලන සැලසුම් අතරේ හිට්ලර් සතුව ඔහුට පක්ෂපාත වීමට කැමතිඒ කියන්නේ ඔහුගේ මතය පිළිගන්නා අයඑසේ පිළිගනීවි යයි විශ්වාස කල අයඔවුන් සතු කාර්යභාරයන් වගේම ඔවුන්ගේ ලිපිනයන් පවා තිබුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔව් ඇත්තෙන්ම ඔහු සතුව මේවා තිබුණා. ඒ වගේම ඔහු සතුව ගිනිතබා විනාශ කල යුතු පොත් පත් පවත්නා පුස්තකාල වල ලයිස්තුත් තිබුණා. සංවිධාන වගේම ඒ සංවිධාන වල සාමාජිකයන් හා ඔවුන්ගේ කාර්යයන් පිළිඹඳ ඔහු මැනවින් දැන සිටියා. ඉනුත් ඔහු මුලින්ම මරාදැමීමට හෝ අඩපන කිරීමට අවශ්‍ය අය වෙන්කර හඳුනාගෙන තිබුණා.

හිට්ලර් තමන්ගේ බ්‍රිතාන්‍ය පාලනය තමන් වෙනුවෙන් පවරන්නත් සිවිල් පරිපාලනය බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරින් ලවා කරවාගැනීමට ඔහුට පක්ෂපාත වන කොටස් පවා වෙන්කරගෙන හිටියා කිව්වොත් ඒක මං හිතන්නේ අලුත්ම ආරංචියක් වේවි.

ඉතින්වැඩ ගොඩක් මැද්දේ හිරවෙලා වසරක් නිහඬ වෙලා ඉඳල මේ පටන්ගන්න දෙවැනි වාරයට හැකි හැමෝම ඇවිත් යාවි කියල හිතනවා. වැඩ රාජකාරි බහුල වෙලා බ්ලොග් ගැන කලකිරිලා ලියන්නත් එපා වෙලා හිටියට මේක අබිං කෑවා වගේ වැඩක් කියල තේරෙන්නේ ලියන්න ගත්තම තමා..

එහෙනම් විස්තර සහිත ලිපි මාලාවක ඇරඹුමක් එක්ක එකතුවෙන්න ක්සැන්ඩරගේ කොළම එක්ක..

57 comments:

  1. හෆ්ෆේ අයියව දැක්ක කල්.. ලියමු ලියමු ආයෙම..

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් විතර වෙනවා මයේ හිතේ.. දැන් ආයෙම ලියන්න කියල කල්පනාව.

      Delete
    2. දිනේස් මල්ලී උඹල කාල තියනවද මන්දා මට නං මු පේන්නේ අර ඉස්සර අපිට ඉස්කෝලේ දුන්න විස්කෝතු පෙට්ටිය වාගේ

      Delete
    3. මොකෝ බං එහෙම කිව්වේ?

      Delete
  2. //දෙවැනි වාරයට හැකි හැමෝම ඇවිත් යාවි කියල හිතනවා
    ඔවු ඔවු ඔවු ඔවු ඔවු

    ReplyDelete
    Replies
    1. අලියා අවා කියන්නේ ඉතිං තව මොනවාද.. :D.. එහෙනං ඉතිං මේ පැත්තේ ආපහූ කට්ටිය ගැවසේවි නේද?

      Delete
    2. නැතුව අපි එනව , මේ දැනුත් විසි තිස් ගානක් ඇවිත් තියන්නේ

      Delete
  3. සද්දෙ දානව උදේම දැක්ක නිසා දුවන් ආවේ..

    කොයිද බං ඉටියේ ??

    ReplyDelete
    Replies
    1. රස්සාව කරගන්නත් එපැයි මචං. ඉතිං එතනට ටිකක් නෙවෙයි ගොඩක්ම කැපවුණා. මේ ටිකේ තමයි ඇත්තටම බැලුවොත් වැඩ වැඩිම. ඒ හින්දම මේක ආපහු ලියන්න ගත්තා.මොකද මේක විතරයි තිබ්බේ වැඩ අධික වුණාම හිත සැහැල්ලු කරගන්න.

      Delete
    2. ඉස්සර වගේ මුද්දර එකතු කරන්න, කාසි එකතු කරන්න, විනෝදාංශ නැති අපිට...
      බ්ලොග තමා මචං සැනසීම.

      ජය වේවා ...

      Delete
    3. මුද්දර දකින්න බං දැන් ලියුම් යවන්න එපැයි.. එහෙමත් එකෙක් නැත්තං බැංකුවකින් වගේ එකකින් නෙව දැන් ලියුම් එන්නේ. වැඩි හරියක් ඉතිං ඊමේල් නෙව. ඉතිං කොහෙන්ද මුද්දර?

      අර කිව්වත් වගේ මේක තමා ගොඩක්ම හිතට තියන සැනසීම. ලිව්වේ නැති ටිකේ කියෙව්වා. එත් කමෙන්ට් කරන්න ගියේ නෑ. මොකද කියවන්නේ දෙකට තුනට කඩල නෙව.

      Delete
    4. ආයේ යන්ඩ නං හිතන්ඩ එපා , අම්මප තියන දෙයක් විකුනල හරි ටිකැට් එකක් හදගන ඇවිත් බස්සනව තට්ටමට පිහි පාරක්

      Delete
    5. නෑ බං අටමෝ. මේ ගමන දිගටම ලියන්න ඉන්නේ, අඩුමගානේ සතියට එකක් හරි..

      Delete
  4. මේ උඹ කියන ඒවා පස්සේ අහන්නං.. දැං උඹ මුණූපොතට සමුදුන්න කිව්වට ඒකටත් ගොඩ වෙලාම නෙව ඇවිත් කියෙන්නේ.. හැක්. කෝම උනත් සැන්ඩර් මලයා දැක්කම අප්‍රමාණ සන්තෝසයි.. පස්සේ බැරියා මේවා කියවන්න. උඹ ටික දවසක් හරි ඉන්නවද නැද්ද කියහං..

    ReplyDelete
    Replies
    1. සමුදුන්නා කිව්වට ඒකට ගොඩ නොවී කොහොමද මේ ගැන කියන්නේ කිව්වනං? දැනටමත් මයේ හිතේ සින්ඩි ටික මාව පන්නලා ඇති බං..ටිකක් නෙවෙයි කාලයක් ඉන්නම කියල මෙහෙ ආවේ.

      Delete
    2. Excellent macho.. Lets have party 2gether

      Delete
    3. සින්ඩි මොකටද බං උඹට , අප්ඩේට් වෙන බොකු හැට හැත්තැවකුයි , පපු දහයක් පහලවකුයි තියනකොට

      Delete
    4. ඒක ඇත්ත බං. මේ ටික දැක්කම ඒ බව තේරෙනවා.හෙමින් හෙමින් කට්ටිය එයි. මෙහෙමවත් මං හිතුවේ නෑ කට්ටිය එයි කියල..

      Delete
  5. අපි හිතුවේ සම්පූර්ණයෙන්ම වැඩේ අත ඇරලා දැම්මා කියලා. මොනවා වුනත් ආපහු ආව එක සන්තෝසයි. මේ කාලය තුලදී කියවන්න ඇතැයි කියා සිතනවා. එහෙනම් දිගටම ලිව්වොත් දිගටම එනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා සුදීක මමත් කල්පනා කරගන හිටියේ. නමුත් අබිං කෑවා වගේ. බ්ලොග් වල කුරුටු ගෑවේ නැතුවට මම ඇවිත් කියවල යනවා. ඉතිං ඔන්න ආයෙම ලියන්න ගත්තා. දිගටම ලියන්න ඉන්නේ. ඒත් පොඩි පොඩි වෙනස්කම් තියේවි මගේ සටහන් වල.

      Delete
    2. අන්න වැරදියි ඔයාට අ කැඩිලා තිබ්බද කමෙන්ට් එකක් කොටල යන්ඩ

      Delete
    3. නෑ බං අටමෝ. ඔෆිස් එකේ හැම කොම්පීතරේම සිංහලත් නෑ, මට ගූගල් ලොග් වෙන්නත් බෑ නේ. ඒ හින්ද තමා.

      Delete
  6. Replies
    1. මොකෝ මධුරංග මලේ මේ?

      Delete
    2. මගෙත් කට ඇරුනා බං .ඊට පස්සේ හිනාවක් ගියා , තොල් වලින් නෙමෙයි , බොක්කෙං ,

      Delete
    3. උඹ මට ලියන්නේ නැති එකට බැනපු එකා නෙව අටමෝ..:D

      Delete
  7. කාලෙකට පස්සේ , ආයෙත් දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ඔව් චමී.. සෑහෙන කාලෙකින්. දිගටම මේ ගමන ලියනවා. පොඩි වෙනස්කම් එක්ක..

      Delete
    2. චමියත් දැන් නැ බං , හොරෙන්ම බැන්දා , දැන් දකින්ඩත් නැ , අනාගත අබිවුර්දියට මුදලු රැස් කරනවා , මොකු අපි දෙනව කියල යැ.

      Delete
  8. හම්මෝ ලියමු ලියමු අපි එනවා කියවන්න....... කලකිරීම් ගණන් ගන්න එපා මචං ලියමු දිගටම..

    ReplyDelete
    Replies
    1. සමහර බලුපොර දැක්කම කොහොමද කලකිරෙන්නේ නැතුව ඉන්නේ. මිනිස්සුන්ට මෙතනට ඇවිල්ලත් බෙදාගන්න දේවල් තියනවා කිව්වම එපා වෙනවා.. ඒ කොහොම වෙතත් ලියනවා මේ ගමන දිගටම. මාතෘකා ටිකක් වෙනස් වේවි ඉස්සරහට එත් ලියවිල්ල තියේවි.

      Delete
    2. මචං තව සතුටු දායක ආරංචියක් තියනව , නලින් අයියයි මායි දෙන්නම බීම නැවැත්තුවා

      Delete
    3. ඒ.. එල නේ... මං බොන්නෙත් නෑ, ස්වාධීනව නතර කළා පෙබරවාරියේ ඉඳල..

      Delete
  9. නැවතත් ඔබ ලියන්න පටන්ගත්ත එක කොයි තරම් ලොකු දෙයක්ද. අර ඉස්සර වගේ හරවත් ලිපි නැවතත් කියවන්න ලැබෙන එකත් වාසනාවක්. ඉක්මනින්ම ලියන්න. මගෙන් ඔබට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරකතුමා.. නැවත ලියනවා ටිකක් වෙනස්ම කෝණයක් එක්ක. අලුතෙන් පටන්ගත්තු වැඩ කීපයක් එක්කම එලි බහින්න බැලුවේ. එත් ටිකක් දවස් යන නිසා මෙතනින් පටන්ගත්තා.

      Delete
    2. අනේ ඔව් එක්සැන්ඩරයෝ මෙයත් දැං පරන විදිහට හර බර එව්වා ලියන්නැ , අටසිය ගණන්වල වැලයි , පරණ රෝද හතරේ දරහැවවල් විතරයි

      Delete
    3. රෝද හතරේ දර හැවවල් :D මාර කතාවක්නේ අටමෝ..

      Delete
  10. Replies
    1. යේ යේ... ආයෙම ආවා.. :D ස්තුතියි සුදු මහත්තයා..

      Delete
    2. සුද්දෝ ආනමාලුවක් දැක්කා වාගේ සන්තෝසයි නේද

      Delete
    3. ඇ බං දැං පොතක් පතක් බලාගන ගොඩ පලයං , නැත්තං බොටත් මං වාගේ බාසෙක් වෙන්ඩ වෙයි

      Delete
    4. ඈ බං අටමෝ.. උඹ වගේ බාසෙක් වුනොත් නරක් වෙලා තියෙයි, බං උඹ කරන්නේ රස්සාවක්. ඒකෙ බාස් ද මකබාස් ද කියල වෙනසක් නෑ.

      Delete
  11. ආ ඔය ඇවිත් ඉන්නෙ. උබ අපෙ අවුරුදු උත්සවෙට එනව කිවට ආවෙත් නෑ නෙ බොල.

    ReplyDelete
    Replies
    1. ලංකාවට එන්න එපැයි බං මොකක් කොරන්නත්.. :D දන්නවනේ ඉතිං මේවගේ වැඩ කරන්න ආවාම ආතල් එක..

      Delete
    2. අපේ කියුවේ ලංකාවේ එකද රටපිට එකක්ද බං

      Delete
  12. බ්ලොග් ලියන අය එක එක්කෙනා හැලෙන කාලෙක ඔබේ පැමිණීම මහත් ආශ්වාදයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ දක්වපු ප්‍රතිචාරයට

      Delete
    2. අයියා දන්ැ අයියා , අයියා චුටි කාලේ , මේ අයියා අපි එක්ක ජිල් ගහන්ඩත් ආවා.

      Delete
    3. :P.. අටමෝ.. ෆේස්බුක් එකේ ඉන්නවා නේද? හිටු මම ඒකට රික්වෙස්ට් එකක් දාන්න..

      Delete
  13. අනේ උඹ ආයේ ආපු එක කොච්චර දෙයක්ද බං . සමහර වෙලාවට සමහරුන් ගැන කලකිරෙනවා තමයි බං . සමහරක් වෙලාවට අපිට වරදිනවා සමහරක් විට උන්ට වරදිනව . අනිත් උන්ගේ වැරදි ගැන හිතන්ඩ එපා , අපි හිතමු අපි ගැන , ඒ කොහොම උනත් අපිව දාල යන්ඩ එපා . අපි උඹට ආදරෙයි .

    ReplyDelete
    Replies
    1. උඹල ඉතිං මේක වහල තියෙද්දිත් ඇවිත් බැනල හරි ගිය මිනිස්සු වෙච්චි. මං මේ ගමන ටිකක් ලියන්න බලාගෙන ආවේ අටමෝ.. පොඩි වැඩක් පටන්ගත්තා. ඒකත් බලමුකෝ,.

      Delete
  14. පරක්කු වුනේ මේ දවස්වල රාජකාරියට යට වෙලා ඉන්න හන්දා. මගේ බ්ලොගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

    හිට්ලර් කියන්නේ ජරා පොරක් වුනාට මම දෙවන ලෝක යුද්ද සාහිත්‍යයට හරිම කෑමතියි. මම මේ දවස්වල කියවන්නෙත් අර්වින් වොලස් ලියපු හිට්ලර් සහ බිරිඳ ඇත්තෙන්ම අර බංකරේදි මැරුණේ නෑ කියලා කියවෙන ප්‍රබන්ධයක්. හිට්ලර් ගැන ඒ පොතේ තියෙන කරුණු ඔක්කොම ප්‍රබන්ධ නෙවෙයි. පොර චිත්‍ර ශිල්පියෙක්. විශේෂයෙන්ම හිට්ලර් ගොඩනැගිලි වල චිත්‍ර අඳින්න කැමැත්තෙන් ඉඳලා තියෙනවා. හැබැයි මිනිස් රූප නම් පිටි මුට්ට වගේලු. ඒ වගේම හිට්ලර්ගේ වෙනම නාට්සි ගෘහනිර්මාණශිල්පයකුත් තිබිලා තියෙනවා. හදපු සහ හදන්න හිටපු බීල්ඩිං සෑහෙන ප්‍රමාණයක් දළ සටහන් තිබ්ලා. ඒවායේ මුඛ්‍ය අරමුණ ගොඩ නැගිල්ලට ඇතුල් වෙන පුද්ගලයව එහි විශාලත්වයෙන් බිය වැද්දීම.

    දන් උඹ ආපහු අතුරුදහන් වෙන්න හෙම එපා.

    ReplyDelete
    Replies
    1. වැඩ රාජකාරි ගැන ඉතිං කවර කතාද ඩුඩ්..

      හිට්ලර් ගැන මමත් ලිව්වා ඒ මරණය විශ්වාසදායක එකක් නෙවෙයි කියල. ඔය කියන්නා වගේ බොහොමයක් දේවල් ප්‍රබන්ධ ම නෙවෙයි..

      නැද්ද මේ ඇන්ඩ් ගැන මොකක්වත් විස්තරයක්?

      ආයේ ලියනවා ටිකක් අලුත් මාතෘකාවල් ටිකක් එක්ක.. බලන්නකෝ අලුත් වැඩේ කොහොමද කියල.

      Delete
  15. ආයුබෝවන්.. කම්මැලිකම අතෑරලා ලියන්න ගත්ත එක ලොකු දෙයක්.. ඔයා වගෙ අය කම්මැලි උනාම අපි වගෙ වයසක උදවිය නින්දට යනවා !

    ReplyDelete
    Replies
    1. ආයිබෝවන් සරත් අයියේ. කම්මැලි වෙලා නෑ. ලොක්ක කම්මැලි වෙන්න එපා කියල වැඩ දෙනවා ඉතිං ඒවාට යටවෙලා. ගෙදර ලැප් එකේ කොටන්න සිංහල නෑ නේ ඔන්න ඔතනයි වැරැද්ද..

      Delete