Showing posts with label හිට්ලර්. Show all posts
Showing posts with label හිට්ලර්. Show all posts

Tuesday, September 27, 2016

හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය.



සුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.

ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු අතර මේ සමගින් අපේ නව පාලනය ඇල්බර්ට් බර්ග්මාන් මහතා භාර ගනු ඇත.."

මේ 2014 දී මම ඔබට හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගැන කියන්නට පටන්ගත් මොහොතේ ගෙන ආ ඇරඹුම් වැකි පෙළයි. එදා කිසිදා නොලියු ලියවිලි අතරට එක්වූ ඒ ලියවිල්ල පුරා වසර දෙකකට පසුව සංස්කරණ කීපයක් සමගින් ලඟදි ම ඔබ වෙත තිලිණ කරන්නටයි මේ සුදානම.

එහෙනම් රැඳී ඉන්න, හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගෙන එනතුරු.



Thursday, May 22, 2014

හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය..

" සුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.

ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු අතර මේ සමගින් අපේ නව පාලනය ඇල්බර්ට් බර්ග්මාන් මහතා භාර ගනු ඇත.."

කාලෙකින් පස්සේ ලියන්න හිතුනා. ඒ හිතුන එකේ අලුතෙන්ම දෙයක් ලියන්න ඕනේ කියලත් හිත කිව්ව නිසා නතර කරපු කතාව පස්සේ කියන්න හිතාගෙන මම අලුත් තැනකින් ම පටන් ගන්න හදන්නේ.

හිට්ලර් කියන්නේ මගේ බ්ලොග් එකේ ගොඩක් ජනප්‍රිය වෙලා හිටපු කෙනෙක් නෙව. ඒ හින්දා අද මම එතැනින්ම පටන්ගන්න හිතාගත්තා.

හිට්ලර් බ්‍රිතාන්‍ය අත්පත් කරගන්න සැලසුම් කලේ ප්‍රංශය අල්ලන්න පටන්ගන්නත් ඉස්සර වෙලා කියල ඇතැම් තැන්වල කතා බහ වෙනවා. ඒ කොහොම වෙතත් හිට්ලර් බ්‍රිතාන්‍යය අත්පත් කරගන්න විතරක් නෙවෙයි බ්‍රිතාන්‍යය පාලනය කරන්න පාලන සැලසුම් පවා සකස් කර තිබුණා.

මේ පාලන සැලසුම් අතරේ හිට්ලර් සතුව ඔහුට පක්ෂපාත වීමට කැමතිඒ කියන්නේ ඔහුගේ මතය පිළිගන්නා අයඑසේ පිළිගනීවි යයි විශ්වාස කල අයඔවුන් සතු කාර්යභාරයන් වගේම ඔවුන්ගේ ලිපිනයන් පවා තිබුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔව් ඇත්තෙන්ම ඔහු සතුව මේවා තිබුණා. ඒ වගේම ඔහු සතුව ගිනිතබා විනාශ කල යුතු පොත් පත් පවත්නා පුස්තකාල වල ලයිස්තුත් තිබුණා. සංවිධාන වගේම ඒ සංවිධාන වල සාමාජිකයන් හා ඔවුන්ගේ කාර්යයන් පිළිඹඳ ඔහු මැනවින් දැන සිටියා. ඉනුත් ඔහු මුලින්ම මරාදැමීමට හෝ අඩපන කිරීමට අවශ්‍ය අය වෙන්කර හඳුනාගෙන තිබුණා.

හිට්ලර් තමන්ගේ බ්‍රිතාන්‍ය පාලනය තමන් වෙනුවෙන් පවරන්නත් සිවිල් පරිපාලනය බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරින් ලවා කරවාගැනීමට ඔහුට පක්ෂපාත වන කොටස් පවා වෙන්කරගෙන හිටියා කිව්වොත් ඒක මං හිතන්නේ අලුත්ම ආරංචියක් වේවි.

ඉතින්වැඩ ගොඩක් මැද්දේ හිරවෙලා වසරක් නිහඬ වෙලා ඉඳල මේ පටන්ගන්න දෙවැනි වාරයට හැකි හැමෝම ඇවිත් යාවි කියල හිතනවා. වැඩ රාජකාරි බහුල වෙලා බ්ලොග් ගැන කලකිරිලා ලියන්නත් එපා වෙලා හිටියට මේක අබිං කෑවා වගේ වැඩක් කියල තේරෙන්නේ ලියන්න ගත්තම තමා..

එහෙනම් විස්තර සහිත ලිපි මාලාවක ඇරඹුමක් එක්ක එකතුවෙන්න ක්සැන්ඩරගේ කොළම එක්ක..