Thursday, July 7, 2011

රටේ විස්තරේ


අපේ ඉන්න උන් රටකට අවම ඒ රටේ තියන දේවල් බලන්නවත් දකින්නවත් හදන්නේ නැතිව ඉන්නේ නෑ. එහෙම යනකොට අපේ අය පුදුම විදියට සංවරව ඉන්නේ. මෙහෙ කටාර් වල තියන නීති රීති වල හැටියට කොලයක් වත් බිම දන්නා බෑ. අන්න ඒ වෙලාවට තමා මට මතක් වෙන්නේ අපේ රටේ තැන වලට යන මේ මිනිස්සුම ප්ලස්ටික් පොලිතින් එහෙම වපුරලා එන විදිය. පුදුම තරහක් හිතට එනවා අනේ මටනම් ඒවෙලාවට. මොකද උන්ට බැරි අපේ රටට ආවම ඒ වගේ ඉන්න? තමන්ගේ රට නේද?

තව දවසක් මම දෑක්ක නුවර ටවු මැ තියන පොලව යටින් යන උමන් මාර්ගේ නොයා ඊට උඩින් පාර පනින කට්ටියක්. මොකද මේ තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන අනුන්ගේ ජීවිතත් අනතුරේ දාන්නේ? හොද නිදහසේ පාර පනින්න තිබ්බ එක නේද? මම නම් කියන්නේ එකෙක්ව අල්ලලා කනට දෙකක් දීල පාරේ මැද වටරවුමේ තිබ්බනම් දන ගස්සල විනාඩි 10ක් ඊට පස්සේ කවුරුත් ආයේ එක කරන්නේ නෑ. 

රටට ජාතියට ආදරයක් නැති ඒවගේ උන්ව හමගහන්න අනේ දෙවියනේ අපේ රටෙත් හොද නීති පද්තියකුයි එක රකින්න නීති ගරුක නිලධාරිනුයි ලබා දෙන්න. ජරාව කන අල්ලසට යට වෙච්ච රටක මේක කරන එක ලේසි නෑ. රටේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න වල හැටියට පුංචි ම පුංචි මිනිස්සු අල්ලස් ගන්න එකත් එක අතකට සාධාරනයි. සල්ලි හම්බවෙන්නේ ටිකක් වෙනකොට බඩු වල ගාන ගොඩක් වෙනකොට පොඩි මිනිහගේ අත නිකම්ම ජරාවට යන්නේ ලොකු උන් කරන වැරදී වලින්. ඒ උනාට මම එක අනුමත කරන්නේ නෑ. මොකද කතාවට කියන්නේ ලද විදියට පුද කියලනේ.

කොහොමින් හරි කමක් නෑ අපේ රටෙත් මිනිස්සුන්ව හරි විදියට හදාගන්න පුළුවන් නම්.

4 comments:

  1. උද ඉඳල පහළටයි අපේ රට හදන්න ඕන.. එකට ඉතින් හරි හමන් කවුරුහරි අඔපි මැරෙන්න කලින් එයි කියල බලන් ඉම්මු.. මිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහැ. ජීවත් වෙන්න කරන සටනේදී අනිත් දේවල් ගන්නේ පස්ස සීට් එකනේ..

    ReplyDelete
  2. වෙලාවකට මට හිතෙනවා අය අපේ මිනිස්සුන්ට මෙහෙම උනේ කියල.. කොහොමට හිටිය ජාතියක්ද?

    ReplyDelete
  3. එහෙම හදන්න බෑ අයියා අපේ රටේ උන්දැලාව. ඕක වැඩිම උනොත් දවස් 14ක් මතක තියේවි. ඊට පස්සේ ආයෙම උමගෙන් නොයා පාරෙන් යාවි.

    මුන්ට දවස් 14න් දාහරට කනේ පාරවල් ගහන්න දනගස්සවලා තියන්න කියලා යෑ. :)

    ReplyDelete
  4. හඃ හඃ හහ්.... එක නම් මාරු කතාව මදුරංග මල්ලි. අර මහා කොටිය කිව්වා වගේ අපේ උන්ට දවස් 14 නේ ඕනේ එකක් මතක. අනිවාර්යෙන් ගහන්නම වෙනවා 14න් ආයේ ඉන්ජෙක්ෂන් එක.

    ReplyDelete