අද රටේ තෙල් මිල වැඩි කරලා ඒ මදිවට බස් ගාස්තු විදුලිය එහෙමත් සැහෙන්න වැඩියි. මමත් මේ රට යන විදියට කැමති නෑ. රටේ සුළු අදායම් ලබන ජනතාවට උන්හිටිතැන් අහිමි වෙන විදියක් තමයි මතුපිටින් නම් පෙනෙන්නේ.ඒ අස්සේ හයිවේ හදනවා... මත්තල ගුවන්තොටුපලක් අලුතෙන් හදනවා. තව නෙලුම් විලක් ලඟදි විවෘත කළා. නෙලුම් කුලුන කියල දකුණු ආසියාවේ විශාලතම කුලුන ඉදිකරගෙන යනවා ඒ එක්කම ගෝල්ෆේස් එක අයිනෙන් මුහුද ගොඩ කරලා නගරයක් හදන්න සැලසුම් කරලා. ඔක්කොටමත් වඩා පානදුර පැත්තෙන්ද කොහෙද ඩිස්නිලන්තෙකුත් හදන්න සැලසුම් කරලා තියනවලු. මේවා යෝධ සංවර්ධන සැලසුම්. ඒත් එකක් කියන්නම ඕනේ. මේ සියලු දේවල් මේ ඉන්න එකදු කෙනෙක්වත් ගෙනියන්න බලාගෙන කරන දේවල් නෙවෙයි. ගෝල්ෆේස් එකේ නගරය ලංකාවට ලැබෙන්න අවුරුදු 99 යනවලු. හයිවේ එකෙත් මුල් අවුරුදු 5 ඇතුලේ ආදායම තනිකරම හදපු සමාගමටලු. ඔන්න ඉතින් මේ දවස්වල විපක්ෂයේ ප්‍රතිචාර.
![]() |
පින්තුරය විකිපීඩියා හරහා.. http://en.wikipedia.org/wiki/File:Peliyagoda_Tower_Art.jpg |
විපක්ෂයන් උනාම විරුද්ධ වෙන්න ඕනේ, ඒ වුනාට හැම දේටම නෙවෙයි.එකපාරම දේශපාලන වාසි බලාගෙන අපි මේ දේවල් වලට විරුද්ධව කෑගහන්න ගත්තම ඒ දේවල් වලින් ජනතාවට දෙන්නේ වැරදි චිත්‍රයක්. ඉතින් උද්ඝෝෂණ පිකටින් එන්නේ රැල්ලට. රටේ ජනතාවගේ පැත්තෙන් බැලුවාම එකේ ඇති වරදකුත් නෑ. මොකද ජීවත් වෙන්න, වියදම් කරන්න සල්ලි මදි, බඩු මිල අහස උසට. යුද්ධෙන් පස්සේ ජීවන වියදම අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් හිටි ජනතාවට මේ වෙන දේ ප්‍රශ්නයක්. ඉතින් බුදු හාමුදුරුවොත් කිව්වනේ කුසගින්නේ ඉන්න කෙනෙකුට බණ කියල වැඩක් නෑ කියල. ඒ වගේ රටේ ජනතාව පීඩා වෙලා ඉන්න මේ වෙලාවේ මේ දේ කියල ඒ අයට එක තේරුම් කරන්න අමාරුයි. ඒ හින්ද එයාලත් දැන් ඔයවගේ කතා වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා.
දැන් රටේ ජනතාව හිතන්නේ යුද්දෙත් ඉවර වෙච්ච එකේ ඒ සල්ලි වලින් ඇයි බඩු මිල අඩු කරන්න බැරි කියල. ඒ අයට දොස් කියන්න බෑ, යුද්දේ වෙනුවෙන් මිනිස්සු සැහෙන කැපකිරීම් කළා. එයාලට එකෙන් ලැබුන එකම සහනය හිත නිදහසේ බෝම්බෙකට බය නොවී යන්න එන්න පුළුවන්කම විතරයි. ඊට අමතරින් හමුදාවේ ඉන්න අපේ විරුවන්ගේ පවුල් වලට රෑ සැනසිල්ලේ නිදාගන්න ලැබුන එක විතරයි. එත් අපේ ජනතාවගේ කුසට දැනෙන යමක් ලැබුනේ නෑ. ඒ විදියටත් දැනෙන යමක් උනානම් උනේ තවත් කුස පොත්ත පිටේ ඇලුන එක විතරයි.
එත් මේ සංවර්ධනේ කරන්නේ අදට නෙවෙයි හෙටටයි. මේ සංවර්ධනෙන් අද අපිට පේනවට වඩා යමක් හෙටට සිදුවන්න නියමිතයි. මේ නගර වලට එන විදේශිකයින් වියදම් කරන සල්ලි යන්නේ අපේ රටේ ජනතාව අතට මොකද අලුතෙන් හදන නගරේ අයිතිය 99 අවුරුද්දක් කාට තිබුනත් ඒ අයිතීන් කරන්නේ කුලිය ගන්න එක විතරයි. ඒ නගරයේ ඇරෙන ව්‍යාපාර වලට සේවකයෝ ඉම්පෝර්ට් කරන්නේ නෑ. ඒ සේවකයෝ අපේ අය. ඉතින් ඔය නගරේදී වියදම් කරන සල්ලි වලින් පඩි ගෙවන සමාගම් වල වැඩ කරන්නේ අපේ මිනිස්සු. අලුතෙන් හැදෙන ඩිස්නිලන්තේ උනත් එහෙමයි. එතනින් එන රැකියා උත්පාදනය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ රැකියා අපිටමයි. අධි වේගී මාර්ගයේ ගමන්කරන අය එහෙම යන්නේ තැනකට ඉක්මනින් යන්න. එකෙන් ඉතුරු වෙන්නේ රටේ කාලය. ඒ එහෙම යන කෙනාට හෙමින් යන කෙනෙකුට සාපේක්ෂව කාලයක් ඉතුරු කරගෙන වැඩි වැඩ කොටසක් කරන්න හැකියාවක් ලැබෙනවා. ඒවගේම රටේ නිෂ්පාදන ඇලවිය වෙත ගෙනියන්න රටක මාර්ග පද්ධතිය හා නාවික / ගුවන් තොටුපොළවල් වල සංවර්ධනය අවශ්‍ය වෙනවා. යටිතල පහසුකම් වල විශාල වැඩි දියුණුවකින් මේ දේවල් වලට ආයෝජකයෝ ගෙන්නගන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සේ ලැබෙන රැකියා හා ආශ්රිත රැකියා වලින් දහස් ගණනක් දෙනා තමන්ගේ ජීවිත ගැටගහගන්න පටන්ගන්නවා.
අනිත් දේ තමයි දැන් ගොඩක් රටවල් මේ සංචාරක ප්‍රවර්ධනය කියන දේ තුලින් ලාබ ලබනවා. ඒ කියන්නේ සංචාරකයින් තමන්ගේ රටට ආකර්ෂණය කරගෙන එයාලට පහසුකම් සලස්වල ඒ මගින් විදේශ විනිමය රටට ගෙන්වාගන්න එක. ඒ හින්ද තමයි අද රටේ සී ප්ලේන් ව්‍යපෘති හරහා, ඒ වගේම බැලුන් සංචාර, ඩිස්නිලන්ත, ආසියාවේ උසම කුලුන වගේ ලෑන්ඩ් මාර්ක් හරහා කරන්න යන්නේ. කොහොමත් යමක් ගන්න නම් යමක් දෙන්න වෙනවා. නිකම් කිසිවක් ලැබෙන්නේ නෑ.
එත් ජනතාවට කෙටිකාලින ව්‍යපෘති හරහා සහන දෙන්න ඕනේ. එහෙම නැතුව දීර්ඝ කාලින ව්‍යපෘති වලින් සහන සලසන්න ගියොත් සහන දෙන්න තියා ගන්න කෙනෙක් ඉඳීවිද කියන සැකය නිරායාසයෙන්ම මතුවෙන්න පුළුවන් හින්ද. ජනතාවගේ පැත්තෙන් ඒ අයට පටි තද කරගන්න කියන්න පෙර රජය පැත්තෙන් ඒ කාර්ය්ය ඉටු කරලා පෙන්වන්න ඕනේ. අනවශ්‍ය වියදම් රජය අඩු කරා කියල පෙන්නන්න ඕනේ. ඇමතිලා දුසිම් ගණන් ඉන්න කැබිනට් තියන රටක ආණ්ඩුවට විවේචන එල්ල වෙන එක අරුමයක් නෙවෙයි. ඇමති මැතිවරුන්ටත් පටි තදකරගන්න වෙනවා. තමන්ගේ වියදම 50% වත් කපා හරින්න වෙනවා. ඒ එක්කම ඇමති මැති වරුන්ට වාහන පාවිච්චිය ගැනත් හිතල බලන්න වෙනවා. මොකද එයාල අපේ චන්දෙන් පත්වෙලා අපේ වියදමින් අපට සේවය කරන්න බැදී ඉන්න කොටසක් හින්ද. එහෙම වුනාම ඒ ඉන්දන බිල් ජනතාවට තවත් බරක්. ඒ කොහොම උනත් සමහර ඇමතිලා කරන නාට්ටි දිහා බැලුවම මෙහෙමත් හිතෙනවා...මේ වගේ විලි සන්ගේ නැති එවුන් පාර්ලිමේන්තු යවපු අපිට මෙහෙම වෙන එකත් හොඳ පාඩම්...
ගොඩක් පැති ගැන කතා කරලා තියෙනවා..
ReplyDeleteස්තුතියි සහෝ.. පාට කන්නාඩි දාගෙන මෙව්වා කතා කරන්න බෑ නේ,
Deleteඅයියෝ...මේව ගැනනම් කතා කරලම දැන් හති... :( අවුරුද්දක් රටෙන් පිට ඉඳලා ලංකාවට ගියාම බස් ගාස්තු වැඩිවෙලා තියෙන හැටි දැකලම පිස්සු හැදුනා.. :O
ReplyDeleteලංකාව එහාට මෙහාට හැරෙන හැටි ගොඩක් වෙලාවට තේරෙන්නේ පිට රට ඉන්න අපිට. ලංකාව ඇතුලෙදි මේ දේවල් දැනෙනවා අඩුයි.
Deleteහරි යන්නෑ ක්සැන්ඩර් චන්දෙ ඉල්ලන්ඩ ක්සැන්ඩර් වගේ කට්ටිය ඉදිරිපත් වෙන්න ඕනෙ. කොහෙද දේසපාලනේට බැහැල ඉන්නෙ [හැම පැත්තෙන්ම] හොරුනෙ
ReplyDeleteඅර ඔක්කොම හොරු කතාවට මමත් එකඟයි. මේකනේ ඔබා අය්යේ.. චන්දෙකදී කරන්නේ අපි හොඳම හොරා තෝරනවා.. ඒ කරලා ඒ හොරාට චන්දෙ දෙනවා.. අම්මේ.. මේ හොඳට ඉන්න මම නම් ඔය චන්ද ඉල්ලන වැඩට යන්නේ නෑ. නිකම් ඉඳල පඩි අරන් පුරුදු නෑ අප්පා මට...
Deleteමාත් එකගයි... ජන්දේ ඉල්ලනේ නම් නැතිව 'වැඩ' කරනවා නම් ඒක හොදා..
Deleteකෝ මේ අපේ බුවා...
වත්මන් නායකත්වය තවදුරටත් මේ රටට නුසුදුයි යන්න දැන් බොහොම පැහැදිලි කාරණයක්. විපක්ෂයේ ඉන්න කාට හරි බලය දීල දැන් ඉන්න කට්ටියව අයින් කරන එක තමයි දැනට තියෙන හොඳම විකල්පය.
ReplyDeleteවිපක්ෂයේ කවුද හොඳ කියමු බලන්න? ඒ අයට පක්ෂේ මැනේජ් කරගන්න බැරුව ඉන්දැද්දී රටක් කොහොමද මැනේජ් කරන්නේ? අනික බලන්න ඔබ්සර්වර් ට දීපු උත්තරේ.. ඔක්කොම හොරු..
DeleteObserver සමග එකග වෙමි :D :D :D
ReplyDeleteඅය්යෝ.. මෙන්න තව එකෙක්.. අනේ සහෝ ඇයි කැමති නැද්ද මං මෙහෙම ආතල් එකේ මොකක් හරි ලියාන ඉන්නවට?........... :-D :-D
Deleteමේ රටේ තියෙන අර්බුදයට ලේසි පහසු විසඳුම් නෑ යාලුව.
ReplyDeleteඒ කතාව ඇත්ත.. ලේසි පහසු විසඳුම් නම් නෑ.. නමුත් කෙටි කාලීනව අසීරු වුනත් කල හැකි විසඳුම් තියනවා.. ඒ වුනත් ඒ විසඳුම් හරියට ක්‍රියාත්මක කරන එකයි, ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කරණ එකයි කරන ඇමතිවරු නිදාගත්තම ඉතින් කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අවනඩුව කියලයි..
Deleteදේසපාලනේ නම් අජූවයි, හිරිකිතයි, ගන්ධබ්බයි.
ReplyDeleteසහතික ඇත්ත.. ඒ වුනත් තියන තත්වේ හැටියට අපිටත් ඒ හිරිකිත වැඩේට චුට්ට චුට්ට හරි සම්බන්ධ වෙන්න වෙනවා..
Deleteමුලික හේතුව නාස්තිය,පොඩි උදාහරන කීපයක් දෙන්නම්,හෙජින් ගිවිසුම පාඩුව කෝටි 1610,මිහින් ලංකා වලින් පාඩුව කෝටි 93,බාල තෙල් වලින් පාඩුව කෝට් 20,පොදුරාජ මන්ඩලීය ක්‍රිඩා උලෙල පාඩුව කෝටි80...මේ අති විශාල නාස්තිය තමයි අහිංසක මිනිස්සුන්ගේ කර පිටින් යන්නේ
ReplyDeleteසම්පුර්ණයෙන්ම එකඟයි සහෝ....ඇයි කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරු සෙට් එක?? ඒ අයගේ වියදම්?
Deleteදේසපාලනේ ගැන කථා කරන්නත් අප්පිරියයි.....අපි වෙන දෙයක් කථා කරමු...
ReplyDeleteඒක නම් ඇත්ත සහෝ.. ඒ වුනත් දැනෙන දේ කියල දැම්ම ඕන්...
Deleteඔය සේරම ඉදිකිරීම් එක්ක දරන්න බැරි ජීවන වියදමකුත් මිනිස්සුන්ගේ කර මතට වැටෙන එක තමයි වැඩේ !!!
ReplyDeleteජීවන තත්ත්වය වැඩිවෙනවා වගේම ජීවන වියදම අඩු උනා නම්.....
එහෙම වෙන්නේ ආණ්ඩුව වියදම් කළමනාකරණය කිරීම හරියට නොකරන හින්ද. ඒ බර ජනතාවට දරාගන්න වෙලා...
Deleteඇත්තම කියනවා නම් අපිට දැන් අඩු වෙලා තිබ්බ දේවල් ඔක්කොම තියෙනවනේ... අපේ අයට නාට්ටි පෙන්නන්න තැනක් නැතිව හිටිය...දැන් බලන්න ඒකට තැනක තියෙනවා...
ReplyDeleteඅපේ රට ඉස්සරහට ගොඩ නැගෙන හැටි බලන්න බැරුව හිටියා..බලන්න අපි ප්‍රදර්ශන තියලා ඒකත පෙන්නුවා...
අපේ කියලා කොච්චර ප්‍රශ්න තියාගෙන්ද අපි මේවා කැරෙන්නේ ;) ;)
එකනේ මල්ලි.. මේවා වෙන්න ඕනේ දේවල් තමයි. ඒ වුනාට ඒ දේවල් කරන ගමන් මහජනතාව උඩට ආණ්ඩුවෙයි කැබිනට් එකෙයි බර අතාරින එක සාධාරණ නෑ.
Deleteලිපිය පට්ටයි.. අන්තිම ජේදේට තමයි මම නම් ගොඩක් එකඟ
ReplyDeleteස්තුතියි රවින්.. මේ පැත්තට ගොඩවැදිලා මේ දුන්න ඇගයීමට .
Deleteඅගනා ලිපියක්...
ReplyDeleteආණ්ඩු කරන්නෙත් අපේ රටේ අපි වගේම මිනිස්සු
අපි හැමෝටම තියෙන්නේ ගොඩක් වෙලාවට එකම සිතුවිලි
මිනිස්සු ආණ්ඩු වලට බැන බැන ගියාට තමන්ගේ මට්ටමේ පාලනයේදී මිනිස්සුත් ගොඩක් අසාර්ථකයි කියල මට හිතෙනවා
ගන්න පඩියෙන් 50% ට 60% ට වැඩිය ගෙවන්න ලීසිං දාල වාහන ගන්නවා(සමහර විට ඊටත් වැඩියි) පෙට්‍රල් ගහන්න සල්ලි නැති නිසා වාහනේ නිකන් ගෙදර තියනවා.
එහෙමත් නැත්නම් ගන්නේ තමන්ට නඩත්තු කරන්න ලේසි පහසු වාහන නෙමෙයි, බරපතල ඒවා
උවමනාවටත් වඩා විශාල ගෙවල් දොරවල් හදන්න සල්ලි මහා ගොඩක් යට කරනවා
ඒ සල්ලි මොනවට හරි ආයෝජනය කරලා අදායමක් ලබන දෙයක් ගැන හිතන්නේ නැහැ
එහෙම කරලා ආණ්ඩුවේ අයට බනිනවා උන් කරන දේ වැරදියි කියලා
උන්ගේ වැරදි තියෙනවා තමයි, නමුත් අපි නිවැරදිත් නැහැ.
එතනත් ලොකු ප්‍රශ්නයක් මමනම් දකිනවා
මගේ එක ගතියක් තියෙනවා, මම වැරද්දක් කරන ගමන් ඒ වැරැද්දම කරන අනිත් කෙනෙක්ව හදන්න යන්නේ නැහැ :))
සහෝ... මේ කතාවට අලුත් පැත්තක් එකතු කිරීම ගැන මුලින්ම ස්තුතියි. ඇත්ත අපි වගේම හිතන පතන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යන්නෙත්. ඒ වුනත් නීතියේ මකුළු දැලට මැස්සෝ මිසක් අලි අහුවෙන්නේ නෑ නේ. අන්න ඒ තියරිය හින්ද මොන මරි වැඩේ කරලත් හරි මේ අපි වගේ හිතන මිනිස්සු අපිට බේරෙන්න බැරි තැන් වලින් බේරෙනවා. අන්න එතන වෙනසක් තියනවා. අනිත් කොටස ගැන නම් මම ඔබත් එක්ක සීයට සීයක් එකඟ වෙනවා.
Delete:)
Delete:-) ස්තුතියි
Deleteහැම ප්‍රශ්ණෙකටම දෙපැත්තක් තියෙනවනෙ. නමුත් අපි හුඟ දෙනෙක් දකින්නෙ එක පැත්තයි. එක්කො කැපුවත් නිල්, නැත්නම් කොල, නැත්නම් රතු.
ReplyDeleteඅපිත් එක්ක වැඩ කරන බ්‍රිතාන්‍ය ජාතික කෙල්ලෙක්ගෙන් මම ඇහුවා වාහන ගැන කතා කරමින් ඉන්න ගමන්.
"ඔයාගෙ කාර් එක මොන ජාතියෙද?"
"ෆෝඩ් ෆියෙස්ටා එකක්."
පෙට්‍රල් ලීටරයක් කීයද එංගලන්තෙ?" ඒ මම
"ආහ් මම එනකොට නම් පවුම් 1.30"
"@#%"
පරක්කු වෙලා රිප්ල්ය් කරන එකට මුලින්ම සමාවෙන්න ඕනේ. මෙහෙමනේ, සමහර රටවල බඩු ගණන් ගියත් ඒ ගාණ දරාගන්න පුළුවන් වැටුපක් හම්බවෙනවා. ඉතින් මිනිස්සුන්ට වැඩිය දැනෙන්නේ නෑ. අපේ වගේ රටවල?
Delete