![]() |
පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp |
අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.
අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක් පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න නෑ. ඇයි ඉතින් රතිඥ්ඥා පත්තු කරන්න එහෙම ඔව්ව ඕනේ වෙනවනේ නේද? ඔන්න ඉස්සර අපේ අවුරුද්ද. ඕකටම සෙට් වෙලා හිටිය තව මගේ නෑ වෙන මල්ලිලා නංගිලා සෙට් එකක්. කෙල්ලන්ට නිලා පෙට්ටි දීල අපි කොල්ලෝ ටික පුපුරණද්‍රව්‍ය ගබඩා හදාගන්නවා. තුන්හුලස් චීන පටස් රතිඥ්ඥා අහස්කුරු එහෙම අපි ළඟ මදි නැතුව තියනවා.
ඔය වෙඩි බෙහෙත් ගාලේ ඉන්න අපි ඕවයෙන් ඉතින් නොයෙක් දේවල් හදනවා. අහස්කුරු වලට කාඩ්බෝඩ් තටු හයි කරපු පොඩි මිසයිල් එතකොට රතිඥ්ඥාවලින් හදන තුවක්කු ඉලෙක්ට්‍රික් රතිඥ්ඥා එහෙම අපේ නිෂ්පාදන.
ඒ කාලේ ගේන රතිඥ්ඥා එහෙම අපි සමහර විට දෙසැම්බර් වෙනකම්ම පත්තු කරනවා. දෙසැම්බර් වල අපි පාවිචිචි කරන්නේ අහස්කුරු සරුංගල් වලට අගේන්ස්ට්. අපේ ගෙවල් කඳු වල හින්ද සමහර සරුංගල් යන්නේ අපේ ගේ තියන කන්ද කිට්ටුව අහසේ. ඔන්න එව්වට අපි එස්ලෝන් බට වල දාපු අහස්කුරු අරිනවා ගුවන් සීමා ආක්‍රමණය කිරීමේ වරදට. එක සරුංගලයක් නම් ගිනිගත්තා.
රතිඥ්ඥා ගැන කිව්වා ඔය මදෑ. ඒ දවස් වල කෑම නම් හතර අතේ. කොයි ගෙදරට ගියත් කැවුමක් කොකිසක් වරදින්නේ නෑ. ඒ වුනත් අපි නම් ඉතින් ගස් වලම තමයි. අඹගස් අලිපේර ගස් ඉතින් කොළ විතරයි අපි පොඩි කාලේ. කුරුම්බා තැඹිලි කඩාගෙන බීල ගලක තියල තලාපු අඹ ගැට ලුනු මිරිස් එක්ක කද්දී තියන ආතල් එක තාම දැනෙනවා. එක කාලෙක අපේ ගෙට පල්ලෙහා අඹ ගහ තමයි අපේ ස්පොට් එක වුනේ. ගහේ අට්ටාල ගෙයක් අටෝගෙන අපි රෑ දවල් නැතුව ඒකේ හිටියා. ලන්තෑරුම් පත්තු කරලා රෑට ගහ උඩ ඉන්න එක අපිට අපුරු අත්දැකීමක් උනා. පොඩිම කාලේ නම් සෙල්ලම් ගෙවල් හදනවා කෝටු කපාගෙන, කණු හිටවලා, ඉටිරෙදි වහල ගහල, ඒ උඩ පිදුරු අතුරලා එහෙම. පස්සේ කාලේ ඒවා මොඩ් වෙලා තමයි මේ ට්‍රී හවුස් එහෙම හැදෙන්නේ.
මේවා ඔක්කොමත් හරි ඉස්සෝ අල්ලන එක තමයි අපේ ඊළඟ වැඩේ උනේ. අපේ ගේ ඉස්සරහින් ගලාගෙන ගිය ඇළ පාරේ කුනිස්සෝ රංචුවක් හිටියා. උන්ව අල්ලා ආපහු අපි ඇලටම අතාරිනවා. සාරි ගප්පි අහුවුනොත් උන්ව අල්ලන ගිහින් බෝතලේකට දාල උන්ට ඉසතරං මාළු කෑම කව කවා තියාන උන්නේ හරිම ආසාවෙන්. ඊට අමතරෙන් ඉතින් ගොයම් කපාපු වෙලක ක්‍රිකට් ගහන්නත් අපි අමතක කලේ නෑ. තව ඉතින් සයිකල් පදින්න බැරි එවුන්ව පුරුදු කරන්න ඔය කාලේ කියාපු එකක්.
ඉතින් අපිටනම් ඔහොමවත් අවුරුදු කාලයක් තිබුනා. තවත් කාලෙකින් එන අපේ ළමයින්ට??? නටන්න කාලයක් තිබ්බොත් ඇති...
ඒ කාලේ වින්ද අවුරුදු අසිරිය නම් ඉස්සරහට වෙනස් වේවි මේ යන විදිහට..
ReplyDeleteසරුංගල් වලට කරපු වැඩේනම් මරු..
හික් හික්.. ඔව්ව කළා වගේ නෙවෙයි පස්සේ කන්ද පල්ලෙහාට යන්න එපැයි,.. එතකොට තමයි ඉතිං සොරි වෙන්නේ.
Deleteඅයියගෙ ළමා කාලෙ බොහොම සුන්දරයි වගේ.....
ReplyDeleteඇත්ත.. තවම පරණ ගස් එහෙම දකිද්දී මට ඒ කාලේ මතක්වෙනවා. ඒ වුණාට ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ.
Deleteඅද කාලෙ ළමයින්ට නං ඔය දේවල් නෑ.
ReplyDeleteසත්තකින්ම. මගේ මාමාගේ පොඩි එවුන් අවුරුද්දට කරන්නේ කොම්පියුටර් ගේම් ගහන එක. උන් සතෙක් සර්පයෙක්වත් අඳුරන්නේ නෑ. ඒත් ගිගාබයිට් වලින් තමයි වැඩ.
Deleteහයියූ.....පොඩිකාලෙ ගම මතක්වෙනකොට බඩ පපුව දාල යනව අප්ප....:(
ReplyDeleteඒකනම් ඇත්ත.. ඒ කාලේ මතක්වෙද්දී අද මොනවාද තියෙන්නේ?
Deleteඅපේ ළමා පරපුර ගැන ඇත්තටම දුකයි.. ඒගොල්ලන්ට ඔය අසිරිය විදින්ඩ වෙන්නෙ ඉතින් රූප පෙට්ටියෙන් විතරයි.
ReplyDeleteමට හිතෙන්නේ ඒක ඊට භයානකයි වගේ, රුප පෙට්ටියේ පෙන්නන කෝලං දුසිම් අට දැක්කම ඇති පොඩි එවුන් මඥ්ඥං වෙන්න. අප්පෝ දැන්නම් එකේ ගන්නම දෙයක් නෑ.
Deleteඇත්තමයි බං ඒ කාලෙයි දැං කාලෙයි බලද්දි දැං ඉන්න උන් ගැන හරි දුකයි
ReplyDeleteහිතේ දුකටම මාත් ඔය ගැන පොස්ටුවක් දැම්මා
එහෙනං... දැන් ඉන්න එවුන් දන්නවද ගහෙන් කඩපු කජු පුහුලමක රහ? කොහොමද පුහුලන් පුච්චන් කද්දී එන සුවඳ? රස? පුහුලන් කහට දත් වල... ඉතිං අම්මලා කෑ ගහනවා.. හ්ම්ම්.. එව්වා කොහෙද දැන්? එහෙමත් තැනක තමයි ඉතිං. ඒ පැත්තේ එන්නං බලන්න. ඒ එක්කම සාදරයෙන් පිලිගන්නවා කොළමට.
Deleteගාලු පාරේ යන ලොරි පස්සේ ආකාස ගුණ්ඩු යවල
ReplyDeleteගුටි කැපුවත් මතක් වෙනවා මට දුක මගේ පුතාල ඕව නොදැකපු එක
එත් ඔබ මගේ මතකය අලුත් කලාට ස්තුති
සමන්
අතීතේ ඇත්තටම හරිම ලස්සන හීනයක් වගේ. මමත් පාරේ අහස්කූරු ඇරලා ගුටි කන්න ගිහින් තියනවා. ස්තුතියි ගොඩ වැදුනට.
Deleteඅම්මගෙ ගමේ යන්න සෙට් උනාමනං ඉතිං අවුරුද්ද හරියටම කෙරෙනව! එහෙ තියන පරිසරය අනුව අවුරුද්දෙ අාතල් එකකුත් තියනව! මොකද සෑහෙන දුරට නිස්කලංක පරිසරයක්!
ReplyDeleteමේ කියන්නේ එහෙනම් වරකාපොල පැත්තේ වෙන්න ඇති??
Deleteඕකට සමහරු කියන්නේ සංස්කෘතික අවශෝෂණය ලු.. එක තැන පල් නොවී අපි ඉදිරියට යන්න ඕන ලු!අනේ මන්දා.. ඕකට අපි නම් කියන්නේ පරිහානිය කියලා!
ReplyDeleteසහතික ඇත්ත නජිත්.. ඕකට මම කියන්නෙත් පරිහානිය
Deleteක්සැන්ඩරයාගේ කොලමට ආපු මංගල ගමන....අවුරුදු සතිය පහුවෙලා තිබුනත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතනවා....පුංච් කාලේ අවුරුදු මතක කොච්චර නම් සුන්දරයිද....මට තාමත් මතකයි පුන්චිම කාලේ ආච්චිත් එක්ක වෙල අයිනේ කජු ගහේ කජු ඇහිදපු හැටි...
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. ඒ එක්කම සුභ අලුත් අවුරුද්දක් වේවා. මටත් මතකයි පුංචිකාලේ කජු පුහුලම් කනවා. කහට රහට... හ්ම්ම් දැන් නම් කජු ගහක් දැක්ක කාලයක් මතක නෑ
Deleteමට මගේ පොඩි උන් ගැන වෙලාවකට දුකයි අපි විඳපු දේවල් කවදාවත් විඳින්න ලැබෙන්නේ නැහැනේ.. ලෝකේ කෘතීම වෙලා
ReplyDeleteඇත්ත අය්යේ. ලෝකේ එන්න එන්නම කෘතීම වෙනවා. මට බය අපේ පොඩි එව්වෝ කොම්පියුටර් ගේම් ගහයි කියලා අවුරුදු ක්‍රීඩා කියලත්.. අනේ කාලේ..
Deleteඔය වගේම අපේ ලමයින්ගෙ ලමයි ගැන අපේ ලමයි මොනවා කියයිද කියලා හිතෙන්නෙ නැත්ද?
ReplyDeletehenryblogwalker the Dude
ඒකත් ඇත්ත. උන් එදාට සමහර විට කියයි අපේ අප්පච්චිලා දාඩිය පෙරාන අවුවේ නටනවා වගේද මේ ගේම්ස් කියල.. එහෙම කිව්වොත් තමයි වැඩේ වෙන්නේ..
Deleteඉස්සර සමහරක් දවස්වල මම උදේට දවල්ට බත් නෙමෙයි කන්නේ ගඩාගෙඩි.අපි කොච්චර රස පළතූරැ කැවද. මම මගේ කෙල්ලට හොයලා හොයලා රටඅඹ වගයක් ගෙනාවා.මෙලො රහක් නැ.උදේට ගහෙන් වැටිලා තැලිච්ච අඹ කොච්චර රසද.
ReplyDeleteමටනම් අදටත් ඒ දේ විඳින්න පුළුවන්, දෙවියනේ කියල මම ඉන්න ගේ වටේම ගස්.. අඹ ගස් දෙකකුත් ඒ එක්කම තියේ.. ස්තුතියි ආවට. එත් ප්‍රොෆයිල් එක හරහා බ්ලොග් එකට යන්න ආවට යන්න බෑ බ්ලොක් කරලා.
Deleteතව ටික කාලයක් යනකොට මේ දැන් තියෙන නිදහසවත් ළමයින්ට නැතුව යයි.
ReplyDeleteතනිකරම තොරතුරු තාක්ෂණයත් එක්කම කොම්පීතරේට හුරු වෙච්ච ළමා කාළයක් ඒවි !!!
සහතිකෙන්ම.. ඩිජිටල් තෝරන් ඩිජිටල් කුඩු.. හය්යෝ.. ඩිජිටල් අවුරුදු..
Deleteඒ ලස්සන දේවල් විඳපු අවසාන පරම්පරාව අපි වෙන්න ඇති.
ReplyDelete