Showing posts with label මතකයන් බිදක්. Show all posts
Showing posts with label මතකයන් බිදක්. Show all posts

Tuesday, August 30, 2016

තාර බර ඇරලා කෙට්ටු වෙන්න ඕනෙද? මෙන්න ක්‍රමේ..

මේ ලඟදි අපේ විචාරකතුමා ගේ බ්ලොගර් එකේ මගේ තුන් මාසේ  බර අඩුවීම ගැන කියල සටහනක් දැම්මම බ්ලොග් ලියන ගස් ලබ්බා සහ ඩුඩ් මගෙන් ඉල්ලීමක් කළා ඒ ගැන කියන්න කියල. සටහන පොඩි නැති නිසා පෝස්ට් එකක් ම දැම්ම. ඉතින් මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ ..

( අඃ.. ලංකාවේ ඉද්දි නම් මේ කියන විදියට කන්න අමාරු වේවි. මොකද මෙහෙ ඉතිං හැම එකම හරි අඩුයි නේ. මම මේ ක්‍රමය කලේ මැදපෙරදිග දී.ඒ නිසා මට මේ පෝස්ට් එක කියවලා මේ කොටස නොකියවා ඉන්න අයට නෝ ඩිස්ක්ලේමර් ඈ..)


සම්පුර්ණ මාස තුනක් ඇතුලේ,

තෙල් සහිත ඕනෑම කෑමක් නතර කරන්න. පිටි සහිත කෑම සහ බත්. නතර කරන්න. විශේෂයෙන් රාත්‍රී ආහාරය සඳහා බත් අනුභව කරන්නේ නම් නවත්වන්න. පැණිබීම ජාති නම් කටේ තියන්න හිතන්නත් එපා. අරක්කු? එපා.

මේ ටික පුරා තුන් මාසයක් හෙවත් දින සියයක් (අනුවක් වගේ තමා, ඒත් තව දින දහයක් දාගන්න වෙනවා ) කරන්න බැරි නම්, මේ පෝස්ට් එක ඔබට නොවේ. මෙතැනින් එහාට යාමට දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය වේ.

ඔබ මේ ටිකත් කියවන්නේ නම් ඉතිරි කොටස වෙත සාදරයෙන් පිලිගන්නවා.

තරබාරු වෙන්නේ ඇයි?

ශරීරයේ අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි පරිබෝජනය කිරීම තමා ප්‍රධාන හේතුව. අතිරික්ත කැලරි මේදය විදියට ශරීරය සකසා අපේ ඉන වටා, උදරය වටා අතුරා ටිකෙන් ටික අපේ ශරීරය පුරාම අතුරනවා. සීණි, පිටි වගේම තෙල් යන සියල්ල ගෙනියන්නේ කැලරි සංචිත. ඉතින් මේවා කෑමට ගන්න ප්‍රමාණ වැඩි වුණාම නොදැනීම තරබාරු වෙනවා.

හරි. මුලින්ම කියන්නේ කන්න ඕනේ දේවල්. වේල් වල පිළිවලින්.

උදේ කෑම.

මේ වෙලාවට ඔබට කන්න පුළුවන් කෝන් ෆ්ලෙක්ස් එකක්, කිරි ටිකක් එක්ක යම්තම් සීනි දාල ඔබට කන්න පුළුවන්. එහෙමත් නැතිනම් එළවලු. පලතුරු දාල හදන සැලඩ් එකක් නම් තවත් හොඳයි. මතක ඇතුව සැලඩ් එකට ගාලික් පේස්ට් යහමින් රස පමණින් එකතු කරන්න. ලුණු එහෙම දාන්න එපා. ඕට්ස් වගේ කන්නත් පුළුවන්

උදේ කන්නේ කොන්ෆ්ලෙක්ස් හරි ඕට්ස් වගේ නම් ග්‍රෑම් 200ක් (කිරි සමග මුළු බර) වෙන්න කන්න හැකියාව තියෙනවා. සැලඩ් නම් ඉතින් ග්‍රෑම් 250 - 300 ක් කෑවා කියල අවුලක් නෑ. තව ඔබේ රුචිකත්වය මත ඇපල් ගෙඩියක් විතරක් වගේ කන්නත් පුළුවන්. ඔව්, උදේ තේ එක නම් නෑ.

ඊට අමතරව කිසිවක් කන්න කියා මා ඔබට කියන්නේ නෑ. බීම වෙනුවට වතුර පානය කරන්න. බිමක් අවශ්‍යම නම් කැලරි 60කට වඩා අඩුවෙන් ඇති බිමක් තෝරා පානය කරන්න. (ලේසියෙන් හම්බවෙයි කියල නං හිතන්න එපා ඔන්න.)

මේ කික් ස්ටාටර් එක.

දවල් කෑම.

ඔන්න දැන් වැඩ කරලා බඩගිනි වෙන වෙලාව. ස්ටීම් කරපු චිකන් බ්‍රෙස්ට් ග්රෑම් 300ක් වගේ එකක් එක්ක අර උදේ හදපු සැලඩ් එක නම් මරු.

සැලඩ් එක හදන විදිය කියන්න වෙනවා. තක්කාලි අත්‍යාවශ්‍යයි, ගෙඩියක් හැමදාම කෑවත් පාඩු නෑ. ගාලික් පේස්ට් එක අවශ්‍යයි. එළවලු විදියට නම් කොළ වර්ගයක්, බේබි කෝන්, කැරට්, බ්‍රොකොලි එහෙම හොඳයි. වට්ටක්කා, රතු අල එහෙම නම් ගන්න එපා. පිටි ගතිය වැඩියි. අර්තාපල් පොඩ්ඩක් අවුලක් නෑ නමුත් හැමදාම නම් හරියන්නේ නැතිවෙයි. පොඩි වෙනසක් වෙන්න පාට පාට බෙල් පෙපර් ටිකක් දාගන්න. ඔලිව් (කැලරි අඩු වෝට බේස්ඩ් ඔලිව්) ෆෙටා චීස් ටිකක් එහෙමත් මේකට අවශ්‍යයි. උදේ කෑමට හදනවා නම් ටුනා (වයිට් ෆින් - වෝටර් බේස්ඩ්) ටිකක් දාගන්න. බේබි කෝන්, කැරට් සහ බ්රෝකොලි ස්ටීම් කරගන්න.

රාත්‍රී කෑම.

මේකට මම ගොඩක් වෙලාවට කන්නේ කොන්ෆ්ලෙකස් ග්‍රෑම් 200ක් වගේ.


මෙතුවක් දුර කියවූ ඔබට ස්තුතියි. මම පෝෂණවේදියෙක් නම් නෙවෙයි එත් මේ වැඩේ කලේ ගොඩක් කාලයක් මට වද දුන් මගේ තරබාරුව නැති කරන්න ගොඩක් දුර කියවලා ගත්තු දැනුම එකතු කරගෙන. කිලෝ 98ක් ව හිටි මම කිලෝ 80ක් දක්වා බර අඩු කරගත්තේ මේ කෑම වේල් වලින් විතරක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?

මේ කෑම වේල් සියල්ලේම කැලරි එකතුව කැලරි 2500ක් කිට්ටු කරන්නේ නෑ. ඒ නිසා ශරීරය තමන්ට ශක්තිය සැපයීමට මදි වන කැලරි ප්‍රමාණය සපයා ගන්නේ ශරීරයේ ඇති සංචිත වලින්. මුලින්ම ඔබේ මුහුණ කෙට්ටුවී යනු ඇති. ක්‍රමානුකුලව මාස තුන ඇතුලත ඔබට හිතාගැනීමට අපහසු ලෙස ඔබව කෙට්ටු වේවි.

මුලිකවම පළමු සති දෙක ඔබට යම්තම් බඩගින්නක් දැනේවි. සමහර විටක එය දින කීපයක් වෙන්න පුළුවන්. ඔබට අනිකුත් සාමාන්‍ය කෑම ඉතා සුවඳින් දැනේවි. ඒවා මදකට යටපත් කරගන්න. මාස තුනකින් ඔබ කෙට්ටු වූ පසු ඔබට ඒ කෑම කෑමට හැකිවේවි. එහෙත් ඒ කෑම කන විට ඔබට මහා ගොඩක් කෑමේ අවශ්‍යතාව මතු නොවේවි. ඒ එක්කම ඔබට අපුරු සැහැල්ලුවක් එක්ක මනා සෞඛ්‍ය සම්පන්න බවක් දැනේවි.

ඔන්න ඉන්ස්පයරේෂන් එකක් විදියට මං තුමා ගේ ෆොටෝ තුනක්. පළමු එක 2014 ජුනි මාසේ වගේ ඊට පස්සේ එක ඒ අවුරුද්දෙම සැප්තැම්බර් වල. තුන්වෙනි එක 2015 ජනවාරි මාසේ දී. මාස හතරකින් පොඩ්ඩක් ව්‍යායාම එහෙම කරල අවශ්‍ය පමණට ඉන්නකොට ගත්ත එකක් ඒ.

1


2
3





Wednesday, April 18, 2012

පුංචි කාලේ අපේ අවුරුදු.

පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp




අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.
අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක්‌ පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න නෑ. ඇයි ඉතින් රතිඥ්ඥා පත්තු කරන්න එහෙම ඔව්ව ඕනේ වෙනවනේ නේද? ඔන්න ඉස්සර අපේ අවුරුද්ද. ඕකටම සෙට් වෙලා හිටිය තව මගේ නෑ වෙන මල්ලිලා නංගිලා සෙට් එකක්. කෙල්ලන්ට නිලා පෙට්ටි දීල අපි කොල්ලෝ ටික පුපුරණද්‍රව්‍ය ගබඩා හදාගන්නවා. තුන්හුලස් චීන පටස් රතිඥ්ඥා අහස්කුරු එහෙම අපි ළඟ මදි නැතුව තියනවා.

ඔය වෙඩි බෙහෙත් ගාලේ ඉන්න අපි ඕවයෙන් ඉතින් නොයෙක් දේවල් හදනවා. අහස්කුරු වලට කාඩ්බෝඩ් තටු හයි කරපු පොඩි මිසයිල් එතකොට රතිඥ්ඥාවලින් හදන තුවක්කු ඉලෙක්ට්‍රික් රතිඥ්ඥා එහෙම අපේ නිෂ්පාදන.

ඒ කාලේ ගේන රතිඥ්ඥා එහෙම අපි සමහර විට දෙසැම්බර් වෙනකම්ම පත්තු කරනවා. දෙසැම්බර් වල අපි පාවිචිචි කරන්නේ අහස්කුරු සරුංගල් වලට අගේන්ස්ට්. අපේ ගෙවල් කඳු වල හින්ද සමහර සරුංගල් යන්නේ අපේ ගේ තියන කන්ද කිට්ටුව අහසේ. ඔන්න එව්වට අපි එස්ලෝන් බට වල දාපු අහස්කුරු අරිනවා ගුවන් සීමා ආක්‍රමණය කිරීමේ වරදට. එක සරුංගලයක් නම් ගිනිගත්තා.

රතිඥ්ඥා ගැන කිව්වා ඔය මදෑ. ඒ දවස් වල කෑම නම් හතර අතේ. කොයි ගෙදරට ගියත් කැවුමක් කොකිසක්‌ වරදින්නේ නෑ. ඒ වුනත් අපි නම් ඉතින් ගස් වලම තමයි. අඹගස් අලිපේර ගස් ඉතින් කොළ විතරයි අපි පොඩි කාලේ. කුරුම්බා තැඹිලි කඩාගෙන බීල ගලක තියල තලාපු අඹ ගැට ලුනු මිරිස් එක්ක කද්දී තියන ආතල් එක තාම දැනෙනවා. එක කාලෙක අපේ ගෙට පල්ලෙහා අඹ ගහ තමයි අපේ ස්පොට් එක වුනේ. ගහේ අට්ටාල ගෙයක් අටෝගෙන අපි රෑ දවල් නැතුව ඒකේ හිටියා. ලන්තෑරුම් පත්තු කරලා රෑට ගහ උඩ ඉන්න එක අපිට අපුරු අත්දැකීමක් උනා. පොඩිම කාලේ නම් සෙල්ලම් ගෙවල් හදනවා කෝටු කපාගෙන, කණු හිටවලා, ඉටිරෙදි වහල ගහල, ඒ උඩ පිදුරු අතුරලා එහෙම. පස්සේ කාලේ ඒවා මොඩ් වෙලා තමයි මේ ට්‍රී හවුස් එහෙම හැදෙන්නේ.

මේවා ඔක්කොමත් හරි ඉස්සෝ අල්ලන එක තමයි අපේ ඊළඟ වැඩේ උනේ. අපේ ගේ ඉස්සරහින් ගලාගෙන ගිය ඇළ පාරේ කුනිස්සෝ රංචුවක් හිටියා. උන්ව අල්ලා ආපහු අපි ඇලටම අතාරිනවා. සාරි ගප්පි අහුවුනොත් උන්ව අල්ලන ගිහින් බෝතලේකට දාල උන්ට ඉසතරං මාළු කෑම කව කවා තියාන උන්නේ හරිම ආසාවෙන්. ඊට අමතරෙන් ඉතින් ගොයම් කපාපු වෙලක ක්‍රිකට් ගහන්නත් අපි අමතක කලේ නෑ. තව ඉතින් සයිකල් පදින්න බැරි එවුන්ව පුරුදු කරන්න ඔය කාලේ කියාපු එකක්.

ඉතින් අපිටනම් ඔහොමවත් අවුරුදු කාලයක් තිබුනා. තවත් කාලෙකින් එන අපේ ළමයින්ට??? නටන්න කාලයක් තිබ්බොත් ඇති...

Thursday, February 9, 2012

දන්නවද අපි කවුද කියල?

මේ දවස් වල තියන කාර්ය බහුලකම හින්දම වැඩිය බ්ලොග් එක ලියන්න වෙන්නෙත් නෑ. එත් එහෙම උනත් කියවන එක අතාරින්නෙත් නෑ. ඔහොමින් යන ගමන් ඔන්න අද ඉඩක් ආව කතාවක් ලියාගන්න පුළුවන් වෙන සයිස් එකේ.



ඉතින් මේ කියන කතාව සිද්ද උනේ 2004 අවුරුද්දේ දවසක. එදා අපේ කොල්ලෝ කට්ටිය එක්ක මමත් ගියා අපේ පරිඝනක ආයතනයේ මහා ක්‍රිකට් තරගයට. මැච් එක තිබ්බේ ගැටඹේ ග්‍රවුන්ඩ් එකේ. පැත්තක හට් ගහල තව පැත්තක් මැච් ගහනවා. සෙල්ලම් කිරිල්ල කොහොම වෙතත් එදා කට්ටිය සමහරු මල් කඩන මෙහෙයුම් වල එහෙම යෙදිලා මදි නොකියන්න මහන්සි වුන දවසක්. එදා අපිට තිබ්බේ ස්ටාෆ් එකයි අපියි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එක. කොහොමින් හරි ඉතින් හවස 2- 3 වෙද්දී අපේ බැච් එකයි ස්ටාෆ් එකයි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එකෙන් අපි දිනුවා. දිනුවා කිව්වට දිනුවම නෙවෙයි ස්ටාෆ් එක හින්ද හොර ලකුණු ගානකින් පැරදුණා..

" ෂී... බං.. මෙහෙම ගහල හරි යන්නේ නෑ. යමන් තෙල් ටිකක් දාගෙන එන්න. දෙන්නම් එතකොට ඇට්ටි හැලෙන්න." ඔන්න එතනට අපේ හර්ෂයා කඩං පාත් උනා. "කොහෙන්ද බං තෙල්? ඒ මදිවට ඊළඟ මැච් එකත් අපි. මචං හතර විතර වෙද්දී එන්නත් ඕනේ." පුබුදුවා බරේ දානවා.  කොහේදෝ හිටපු ඇබා ඒ අස්සේ දුවගෙන ආවා.. " කවුද මේ තෙල් ගහන්න යන්නේ? අඩෝ මේ මමත් එනවා.." "හරි බං, දැන් කොහෙද යන්නේ?" අතුරු පැණය මගෙන්. " මචං මෙතන ඉඳල හරියන්නේ නෑ. ඩොකා ගේ කාර් එක අරන් මෙහෙමම යමු පේරාදෙණියට. ගිහින් වයිට් එකක් අරන් යමල්ල කට්ටියම මල් වත්තට." "එල.." 

ඩොකා කියන්නේ අපේ බැච් එකේ හිටිය එකෙක්. පොරගේ අම්මා ඩොකෙක්. ඒ කිව්වේ දොස්තර නෝනා කෙනෙක්. අම්මා ඩොක්ටර් හින්ද මූට අපි කියන්නේ ඩොකා. ඉතින් ඌ එන්නේ කාර් එකක. ඒ දවස්වල අපිට තිබ්බ එක නිල රථයක් තමයි ඩොකාගේ කාර් එක. ඉතින් ඩොකා චැනල් කරලා ඌගේ කාර් එකේ හයදෙනෙක්ට කිට්ටුවෙන්න පටවල ඔන්න කට්ටිය ඇද්ද පේරාදෙණියට.

" හරි එහෙනම් දාමු කලෙක්ෂන් එක." ඇබා කලෙක්ෂන් එක බාරගත්තා. කට්ටිය සීය පනහ එහෙම දමල දැන් ඉතින් බෝතල් දෙකකුත් ගත්තා. ඔන්න එකපාර මට මීටර් උනා මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේද කියල. "මචංලා.... මේ.... මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේ බං." 
"මගුලක් කතා කරනවා. එහෙනම් උඹ කියන්නේ මේක කටේ හලන්නේ කොහේ ඉඳන් කියලද?" ඩොකා මල පැනල ඇහුව විදියට මං හිතන්නේ ගණ දෙය්යොත් නැගිට්ට වෙන්න ඇති.
"හරි  බං ඕක ස්ප්‍රයිට් බෝතලේකට කවලම් කරන් අරන් යං," මම ආයෙම කියල දැම්මේ ගණ දෙය්යෝ දුන්න ටොකු පාරක් වැදිලා වෙන්න ඇති.
"අන්න අයිඩියා එක..." " පොඩි මෑන්, මචං ගෙනෙන් මෙගා බෝතලයක්." පොඩි මෑන් කිව්වට ඌ තම සෙට් එකේම දැවැන්තයා. ඌව ඔබල ඒ කාර් එකට නැග්ගට පොඩ්ඩෙන් අපිට ගිනස් රෙකෝඩ් එකකුත් සෙට් වෙනවා.

කට්ටියම මෙගා ස්ප්‍රයිට් බෝතලයක් අරන් ඒකන් බාගයකට ටිකක් වැඩියෙන් හලලා අර සැර තෙල් ටික ඇබින්දක් අහක යන්නේ නැතුව පිරෙව්වේ ඒ එක බින්දුවක් උනත් සෑහෙන වටින බව අද්දකීමෙන්ම දන්නා හින්ද.
ඔහොම සෑහෙන්න මහන්සි වෙලා පුරවපු මැජික් අරිෂ්ඨ බෝතල් දෙකකුත් තව එතන බේකරියෙන් ගත්ත කට්ලට් ඇතුළු අඩුම කුඩුම මල්ලයි අරගෙන අපි සෙට් එක ආයේ ඇවිත් කෙලින්ම නැවතුනේ මල්වත්තේ ගේට්ටුව අයිනේ.

"හරි මං ටිකට් ගන්නම්." හර්ෂයා දිව්වා.

ඌ ටිකක් වෙලාවකින් ටිකට් ටිකත් අරන් එද්දී අපි ගේට්ටුව ගාවට ඇවිත් ඉවරයි. ඉතින් ටිකට් ටික දීල අපි දැන් මල්වත්ත ඇතුලට අව.
"අඩේ.. මේ.. කොහෙද බං එල පොට් එකක් තියෙන්නේ?" පුබුදුවා කට්ලට් එකක් ඔබන ගමන් අහනවා. " තෝ ඕක තියල හිටු.." ඒ අස්සෙන් ඇහුනු ගෝරනාඩුවට ඌට කට්ලට් එක ඉස්ස්මොල්ලේ ගියාද මන්ද... ඔහොම අපි ඉතින් මල්වත්තේ අහු වුනු පලවෙනි පාරෙන්ම යනවා.. ලොකු පිට්ටනිය අයිනේ තියන තල් ගස් අස්සෙන් ගඟ දිහාට යනගමන් ඔන්න හර්ෂ මල්ලිට සබැ ප්‍රශ්නයක්.  

" තෙල් බෙදන්නේ අහවල් එකකටද? කොයි කෝප්ප?"  

"හරි හරි බං, එක අවුලක් කරගන්න ඕනේ නෑ. ස්ප්‍රයිට් එක එක්කනේ තියෙන්නේ. ඔහොමම අරන් කටේ හලගමු.. "

යෝජනාව ඒකමතිකව සභා සම්මත වෙද්දී අපි ඉතින් ගමනේ යමින් ගමන් හෙමින් හෙමින් එක එකා ස්ප්‍රයිට් බෝතලෙන් ටික ටික කටේ හලාගන්න පටන්ගත්ත. ඉතින් මල්වත්තේ ලොකු පිට්ටනියට එහායින් තියන තණකොළ බිස්සේ අද ගහපු ලොකු පයිනස් ගස් යට කට්ටියම වාඩි වෙලා ස්ප්‍රයිට් වල ගිල්ලපු නැටුම් තෙල් රස බලනගමන් ආගිය කතා කියමින් උන්න. ඒ අතරේ පුබුදුවා බයිට් එක ඩයට් එක කරගෙන.බොනවට වැඩියෙන් කනවා.

ඔහොම ෆන් එකේ ඉන්න අපි දිහාට අපිටත් නොදනී තව ඇස් හතරක් යොමුවෙලා තිබිල.. එකපාරම මෙන්න පොලිසියෙන් පැන්නා වගේ මල්වත්තේ සිකුරුටි කාරයෝ දෙන්නෙක් එතනට කඩං පාත් උනා.
" මේ මේ .. එකෙක්වත් දුවන්න එපා. කන් පලනවා තොපිලගේ." කෝ දෙනවා මෙහාට ඔය බෝතලේ.." එකෙක් බෝතලේ උදුරාගත්ත. අන්තිම පොඩ්ඩ තිබ්බ ඒ බෝතලේ නහයට තියල ඉව කරපු ඒ මිනිහ ඒ ගමන්ම ඒ බෝතලෙන් ටිකක් කටට හලගන්නත් අමතක කරේ නෑ.
"මම කිව්වේ සිල්වා මුන් බොනවා කියල. මේ.. මේකේ අරක්කු.." " තොපි දන්නවද මේක ඇතුලේ බොන්න බෑ කියල? ඇඃ ?" කතා කරපියව්.." ඒ සද්දේ එක්කම ඩොකා වෙනස් වුනු හැටි මට පෙනුන.

" තමුසෙලා දන්නවද අපි කවුද කියල? " ඩොකා සිංහයා වගේ ඇහුව.. ඒ සද්දෙට සික්කෝ දෙන්න ටිකක් විතර පසු බැස්ස. ඩොකා එක දැකල තවත් දිරිමත් උනා.

" අපි අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රිගේ පුතයි යාලුවෝ ටිකයි. " මේ ඉන්නේ ඒ පුතා.." මේකා ඒ ටික කිව්වේ පුබුදුවා පෙන්නන ගමන්. පුබුදුවා දියෙන් ගොඩ දැම්ම එකා වගේ. 

"ඔව් අන්කල්, දන්නේ නැතිනම් එයාගෙන් අහල දැනගන්නෙකයි ඇත්තේ.." හර්ෂයත් දැන් ෆුල් සප් එක.

ඒ අස්සේ පුබුදුවා කියනවා "මචං තාත්තල එහෙම දැනගත්තොත්.." කියල. ඌ ඒ ටික කිව්වේ ඇත්තටම උගේ තාත්ත මෙහෙම කේස් එකක් උන බව දැනගත්තොත් කියල කියන්න අපි සහ සුද්දෙන් දැනන් හිටියත් සිකුරුටි අංකල්ල හිතුවේ වෙනින්ම විදියකින්. පයිනස් ගස් යට ඉඳන් වවුල් කැලේ පිවිසුම කිට්ටුවෙන් ඉඳගෙන බිබී හිටපු අපේ සංග්‍රාමයේ උච්චතම අවස්ථාව ඔය අතරේ එළඹෙමින් පැවතුනා.

"හඃ.. හිතුව මදි හිටපියව් තොපි අරන් ගිහින් දාන්න පේරාදෙණියේ පොලිස් කූඩුවෙ." ඔය අතරේ පහු බැහැපු සික්ක අංකල් කෙනෙක් කිව්වේ මේ ජවනිකාවේ ඊළඟ මොහොතට මුල්ගල් තියමින්.

"මචං නිලංග, ගනිං මචං ඇමති අංකල්ට කෝල් එකක්. අරන් කියපන් මේ සිද්දිය." ඩොකා ඒ බෙරිහන් දුන්නේ පුබුදුවාට. ඌ එකපාර ටියුබ් ලයිට් උනත් ඒ වෙලාවේ කරදරයක් නැතුව පත්තු වුනේ අපේ වෙලාවට. ඔක්කොටොම වැඩියේ ඌට නිලංග කියලත්.. මොකද උගේ නමේ නිලංගයක් ගෑවිලාවත් නෑ.

බුවා සාක්කුවෙන් ඇදල ගත්ත අලුත්ම නොකියා 3220 ෆෝන් එක, ඒ දවස් වල ඒක ලංකාවෙත් නෑ. උගේ කසියා ඌට රට ඉඳන් ගෙනාව භාණ්ඩයක්. සික්ක අන්කලුත් ඒ දැකල හොල්මන් උනේ ෆෝන් එක අඳුරගත්ත හින්දද නැතිනම් වෙන මොකටද කියල අදත් මට මීටර් නෑ, ගත්තු ගමන් ඌ ඩයල් කරලා තියෙන්නේ අපේ වජිරයාට.

පුබුදුවා: "මේ අහවල් ඇමතිතුමාගේ ගෙදරද?"
වජිරයා : "මොන මගුලක් කියවනවද බං"
පුබුදුවා : "අඃ හරි හරි ආන්ටි අංකල් ඉන්නවද? මම මේ නිලංග කතාකරන්නේ." 
වජිරයා: "මෙහෙ ඇති නිලන්ගයෙක් නෑ බං.. පිස්සුද යකෝ? තොට ඩෝප් ද?"
පුබුදුවා: "නැද්ද ආන්ටි? එකනේ මේ බලන්නකෝ අපිට පොඩි කරදරයක්. ආන්ටි ගාව තියනවද පේරාදෙණියේ .අයි.සී ගේ නම්බර් එක?" 
වජිර:  #*$@$!! මු හොද දෙකක් කියල ෆෝන් එක තියල. පුබුදුවා ඒත් ඔහේ කියවනවා.
" නෑ ආන්ටි මේ කට්ටියක් අපිව අල්ලගන ඉන්නේ. නෑ නෑ බයවෙන්න දෙයක් නෑ. ඕකේ ආන්ටි ඩබල් සෙවන් ටු ෆෝ ඩබල් ෆයිව් ඩබල් ෆෝ"
"තැන්කියු ආන්ටි. නෑ නෑ ලොකු දෙයක් නෙවෙයි ආන්ටි."
"ඕකේ ආන්ටි.. බායි."

ෆෝන් එක තිබ්බ ඒකා ආයෙම විනාඩියක් දෙකක් විතර ඒක ඔබ ඔබා ඉඳල කාටදෝ ඩයල් කරනවා. ඇමතුම අපහු වජිරයට. ඔය සීන් එක අපි වගේම සික්කෝ අංකල්ලා දෙන්නත් කටවල් අරන් බලන් ඉන්නවා. අපිට පුදුම මු  මෙහෙම එකපාර වැඩ දාන්නේ කොහොමද කියල. සික්ක අංකල්ල හිතන්නේ මු සිරා බුවෙක් කියල.

"මේ පේරාදෙණියේ  .අයි.සී ද?"
"තොට අමු කැවිලද යකෝ? මොකද තොපි මාවම බයිට් කරන්නේ?"
"අහ් හරි හරි . මම මේ කතාකරන්නේ අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රි ගේ පුතා."
"බූරුවෝ මම මේ කෙල්ල එනකම් ඉන්නේ. තොට මරු විකල්ලෙන්ද?"
"අඃ ඇත්තද? මැඩම් මේ දැන් කතාකලා?" "එකනේ."
"තියාපිය යකෝ ෆෝන් එක. තොගේ බිල තාත්තා ගෙව්වට මගේ බිල මම ගෙවන්න ඕනේ. $#@#%^$" ඌ ආයෙම කට් කළා. ඒ දවස් වල ඉන්කමින් ෆ්‍රී නෑ මට මතක විදියට.
"මේ මේකයි  .අයි.සී මහත්තයා, මේ අපිව මල්වත්තේ සෙකියුරිටි එක අල්ලගත්ත. ඒකයි. නෑ.. නෑ.. බීල කියල. "
"නෑ නෑ එන්න කලබල වෙන්න ඕනේ නෑ. මේ ඉන්න එක්කෙනෙක්ට කතා කරලා කිව්වොත් ඇති."
"හරි හරි මහත්තය කළබල වෙන්න එපා. අපිට කරදරයක් නෑ." ඕනේ නෑ ඕනේ නෑ. එන්න ඕනෙකමක් නෑ. අපිට ආරක්ෂාව තියනවා. නෑ.. නෑ...

ඔය කතාව යන අතරේ සික්ක අංකල් කෙනෙක් හිමීට අපි ලඟට කිට්ටු කරා.
" අනේ මහත්තයෝ.. අපිට සමාවෙන්න අපි අහිංසක මිනිස්සු.. මේ දේවල් ගණන් ගන්න එපා. අපි කාල ඉන්නේ මේ රස්සාවේ ඉන්න හින්ද නේ මහත්තයෝ.. ඕක අල්ලලා දාන්න කියන්න. මහත්තුරු ඒකරලා යන්න. අපි කරදර කරන්නේ නෑ."
"කොහෙද මේ සිල්වාට කිව්වා ඇහුවේ නෑ නේ. මේ බුරුව දාගත්තොත් දාගන්නේ ලෙඩක්මයි, අනේ මහත්තයෝ.. අපි දුප්පත් මිනිස්සු මහත්තයෝ.. සිල්වා... මේ මහත්තුරුන්ට ඉන්න දීල අපි යමු."

අපේ පුබුදුවා ෆෝන් එකත් දික්කරන් ඒ අස්සේ කෑගහනවා  " ඒයි කොහෙද යන්න හදන්නේ, මේ  .අයි.සී මහත්තයාට කතාකරනවා.. "

අනේ සර් ඕනේ නෑ සර්.. සර් කියන්න ප්‍රශ්නේ ඉවරයි කියල.. සර්ලා මෙතන බොන්නකෝ කමක් නෑ. ඕනෙනම් අර පහල කැලේ තියනවා හට් එකක්.. ඒකට යන්න.. අපි නේ ඉන්නේ අපි කාටවත් එන්න දෙන්නැතුව ඉන්නම් ඒ පැත්තට. සිංහනාද කරපු සිල්වා සිකුරුටි අංකල් බින්දුවටම වැටිලා. පවු අහිංසක මනුස්සය. රස්සාව බේරගන්න නේ. 

පුබුදුවා ආයෙම ෆෝන් එක අරන් කනේ ගහගන " .අයි.සී  මහත්තයා එන්න කලබල වෙන්න එපා. අපි යනින් ගමන් ඒ පැත්තේ ඇවිත් යන්නම්කො. අඃ ගෙදර යන්නද? නෑ නෑ කාර් එකේ ආවේ. තැන්ක්යූ.. හරි එහෙමනම් අපි තියන්නම් තැන්ක්යූ වෙරි මච්.

ඌ ෆෝන් එක සාක්කුවේ දාගත්තා. මෙච්චර වෙලා කට පියාගෙන හිටිය ඇබා සික්ක අන්කල්ලට දැහැමින් සෙමින් වදාරනවා.. " පේනවනේ, නිකම් අත පුච්චගන්න එපා. දැන් දන්නවනේ මේගොල්ල කවුද කියල. මෙන්න මේකා තියාගන යනවල යන්න. මේ පැත්තට කවුරුත් එවනවා එහෙම නෙවෙයි." රුපියල් සීයක් සික්ක අන්කල්ගේ මිට මොලවපු ඌ අපහු අපේ දිහාට එද්දී අනික් සික්ක අන්කල්ගේ මුණේ තිබ්බ ඉස්පාසුව කෑදරකම මිශ්‍ර බැල්ම අඳුරගන්න මට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

කට්ටියම අයෙත් වට වෙලා ඉතුරු බෝතලේට වැඩ දෙන ගමන් මං කරේ වජිරයාට කෝල් කරපු එක. " අඩෝ මොකද තොපි අද මාව බයිට් ඒකට ගත්තද?" වජිරයා මං මොනවත් කියන්නත් කලින්ම දමල ඇරියේ ඌත මේ ප්‍රෙහෙලිකාව තනියෙන් කොහොමටත් තේරුම් ගන්න බැරි හින්දයි. "හරි හරි හෙට ක්ලාස් එකේදී සෙට් වෙයන්කෝ, සිද්දිය කියන්න. පොඩි සීන් එකක් බං. උඹ අවුලක් නෑ නේ?" " පිස්සුද බං? ඒ.. මොකද්ද  බං කියපන්කො මොකද සීන් එක?" "හරි හරි හෙට වරෙන්.." මං ෆෝන් එක කට් කළා..ඌටත් ඕනේ නැති චීත්තයක් නෑ.

කොහොමින් හරි ආගිය කතා ඉවර වෙලා අරිෂ්ඨ බඳුන් දෙකකට වැඩ සලස්සපු අපේ සෙට් එක ලංකා පොකුණ ගාවින් තියන පාර දිගේ මහා උණ පඳුර ගාවින් ඇදුනේ ගෙදරවල් වලට යන බලාපොරොත්තුවෙන්. වටේට හීනි ගොම්මන් අඳුර මැදින් අදුන අපේ සෙට් එක ඉස්සරහට එකපාරම මතුවුනේ සිල්වා සික්ක අංකල්..

" ආ මහත්තුරු යන්නද? හොඳයි මහත්තයෝ ගිහින් එන්න.. ආයේ අවොත් හම්බවෙමුකෝ එහෙනම්.." පුස් පැටියෙක් වගේ කියල දාපු සිල්වා අංකල් හනිකට පාරෙන් ඉඩ දෙන ගමන් පැත්තකට ඇදුනා. අපිත් ඉතින් හෙමින් සැරේ එතනින් ඇදුනේ ආයේ කවදාහරි ආවොත් ඉල්ලන් කෑමක් සෙට් වෙයිදෝ කියන සිතුවිල්ලත් ඇතුව. 

Friday, October 21, 2011

අලුත් කොල්ලා...

මේ කතාව මතක් උනේ දුමියගේ කට කහන කතාවල මෙන්න මේ පොස්ට් එක කියවන්න ගිහිල්ල.
ඉස්සර මං එක්තරා ඉන්ස්ටිටියුට් එකක ඉගනගත්ත කිව්වනේ. ඉතින් එහෙ මං ඉගනගන්න කාලේ මට ස්ට්‍රක්ට්ච්ර්ඩ් ප්‍රෝග්‍රෑම් මෙතර්ඩ්ස් කියන සබ්ජෙක්ට් එක ඉගැන්නුවේ ඒකට ඉන්න හොඳම ගුරුවරයා.. ඒ තමා අපේ විකුම් සර්. විකුම් සර් කියන්නේ ඇවිදින ඩේටාබේස් එකක් වගේ. එස්කිව්එල් වගේ එව්වා යද්දී එද්දී සාක්කු වලිනුත් වැක්කෙරෙනවා. හරි එකෙන් මේකෙන් කතාව පිට පනිනවා.

මම එතකොට ඔය  ඉන්ස්ටිටියුට් ඒකට ගිහින් මාස 5 වත් නැතුව ඇති එත් ඒ වෙනකම්ම ඔය මහප්‍රාණ ජීවියා මගේ ඇහැට දැකල තිබ්බේ නෑ. මං ඉතින් කොල්ලෝ කියන එව්වයින් හිතන් හිටියේ හෙන මහත බඩක් තියන කන්නාඩි දාන මැදි වයසේ පොරක් වෙන්න ඇති කියල. අයි ඉතින් එහෙම සයිස් එකේ දැනුමක් තියන එකෙක්ට කෙට්ටු බඩක් පිහිටන්නේ කොහොමද දවස තිස්සෙම කොම්පියුටරේ ලගිද්දී? ඒ මදිවට විකුම් සර් මාස්ටර්සුත් කරලා ලු. එහෙනම් ඇස් දෙකට සැහෙන්න මහන්සි වෙන්න එපැයි. අනික වයස කිව්වෙත් 30 වගේ. ඔන්න ඔහොමයි මං ඉතින් මගේ ෂර්ලොක් හෝම්ස් තියරිය හදාගත්තේ.

දැන් අපේ බැච් එකේ උන්ගේ වාරේ ස්ට්‍රක්ට්ච්ර්ඩ් ප්‍රෝග්‍රෑම් මෙතර්ඩ්ස් ඉගනගන්න. ඉතින් කට්ටියම ඔන්න අදාළ දවසේ ලෙක්චර් රූම් එකේ වාඩිවෙලා එහෙම ඉන්නවා. මමත් ඉතින් ෆුල් ආතල් පිට කදේකුත් දමාන ඉන්නවා මගේ අති ජාත මිත්‍රයෝ එක්ක. අපේ බැච් එක එක්ක එදාම අලුත් ජුනියර් බැච් එකක් එකතු කරලා තිබ්බා. ඉන්ස්ටිටියුට් එකේ උන්ගේ මුල්ම වාරේ ඒක. ඒ හින්ද අපි උන්ව ඒ තරම් අඳුරන්නෙත් නෑ. ඔය අස්සේ මට පෙනුන තව අලුත් කොල්ලෙක් එනවා. ඩෙනිමක් ගහල, ජර්සියක් වගේ ස්පෝර්ට්ස් ටී එකක ඇඳලා, පොත් තුන හතරක් අතකින් එල්ලගෙන මු දැන් කඩාගෙන එනවා. ඒ වෙද්දී  පන්තිය පටන්ගන්න විනාඩි කීපයයි තිබ්බේ. මගේ එක්ක මු දුර තියාම හිනාවක් එහෙමත් දාගෙන දොර ඇරගෙන පන්තිය ඇතුලට අවා.ඒ ක්ෂණිකව ඉතින් මමත් වටපිට බලල මුට ඉන්න තැනක් තියේද කියල බැලුවේ අර ඌ පොඩ්ඩක් මනුස්සකමක් පෙන්නුව හින්ද.

ම්හ්... මුළු පන්තියේම ඉඳගන්න තැනක් කියල තිබ්බේ මට එහාපැත්තෙ තිබ්බ පුටුව විතරයි.. අනේ මං ඉතින් මේ අලුත් කොල්ලට ඔලුවෙන් එතන පෙන්නුව. මු දැක්කේ නෑ වගේ මොනවාද හොයනවා. මං අයෙත් අතින් මුට පුටුව පෙන්නුව. ඒ පාර ඌ හිනාවෙලා වයිට් බෝඩ් එක මකන්න තියාගත්තා. ඒ කරලා මගෙන් නම ඇහුව. මුගේ ආච්චිට.. බලපියකෝ මේක ගියා උඩ කියල හිතෙන් හිතන ගමන් මං මුට නම කිව්වා. ඒ එක්කම මං කල්පනා කරේ මේ ඒපාර මොන නැටුමකට නටන්නද මු හදන්නේ කියල. මෙන්න බොලේ මේක එකපාරම කියපි

ගුඩ් ඊවිනින්ග්, මං තමයි විකුම්, ඔයාලගේ එස්.පි.එම් ලෙක්චරර්..

හුටා........ මට එවෙලේ හිතුන පොලව පලාගෙන පලාගෙන යන්න.. කෙල්ලෝ ඔක්කොම දැක්ක බොලව් මං මේකට ඉඳගන්න පෙන්නනවා.. අප්පුච්චේ........

ඒ විතරක් නම් මදැයි.. එදා ඉඳල හැම දවසකම මු පන්තියට ආව ගමන් කරන්නේ මාව හොයන එක. මං දැක්කම අඃ ඕකේ. සීම්ස් යු ආර් දෙයාර්. වෙල්.. ලෙට්ස් ස්ටාර්ට් ටුඩේස් ලෙසන්. කියල පාඩම පටන්ගන්නවා. එකත් හරි කියමුකෝ.. මගේ නම පොරට මාරුවට කටපාඩම්. එක හින්ද අහන තරමක් ප්‍රශ්න නම කියලම මගෙන්ම තමා අහන්නේ... අය්යෝ..................... කොල්ලෙක්ට ඉඩ හොයල දෙන්න ගිහින් මං කරගත්ත විනාසයක්...

Wednesday, October 19, 2011

ආඃ.. ඔය මහත්තයා ලෝයර් ද?

දවසක් මමයි මගේ යාලුවෝ දෙතුන් දෙනෙකුයි සෙට් වෙලා ඉතින් 8 රෑ විතර ගෙදර යනවා. දෙන්නෙක් බයික් එකක ගියා මමයි තව ගම්පහ එකෙකුයි උගේ කාර් එකේ ගියා. මං ඉතින් කොටුවට යන එක නේ. ඕනේ එකක එල්ලුනා මං ගියා. බිව්වට එහෙමට බිව්වෙත් නෑ. නැත්තෙත් නෑ. මගේ යාලුවාගේ කාර් එකේ උගේ අයියගේ ලෝයර් පාස් එකක්ද මොකද්ද මගුලක් ගහල තිබ්බා.

අපි දෙන්න ඉතින් කතාවකුත් දාගෙන ඔහේ යනවා. ගෝල් රෝඩ් එක දිගේ කොල්ලුපිටිය දිහාට. එතනින් ගිහින් ගෝල්ෆේස් දානවද නැද්ද කියල හිත හිත ගිහින් අන්තිමේ අනිත් පාරේ යමන් බන් කියල මු වාහනේ ගංගාරාම පන්සල දිහාට හරෝගත්ත. අපි ලිබර්ටිය පාස් කරනකොටම වගේ මම දැක්ක ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා. එත් ට්‍රැෆික් උන් නෙවේ.

මචෝ පොලිසියෙන් ඉන්නවා එත් බාප්පල නෙවේ. අවුලක් නෑ බං යමන්කෝ.. ඌ කණ පාත්කරන ගමන් කියනවා.

එකපාරම මෙන්න එකෙක් පැන්නගමන් දැම්ම අත.. අපේ එකත් චුට්ටක් ඉස්සරහට ඇදිල ගිහින් වාහනේ නවත්තගත්තා.

පොඩි පෙනුමක් තියන කොට පොලිස් පොඩ්ඩෙක් රේන්කෝට් එකකුත් දාගෙන වාහනේට කිට්ටු කරා.. මම වාහනේ මගේ පැත්තේ ජනේලේ පාත් කරලා කතා කරන්න පටන් ගත්ත.. 

මහත්තෙලා කොහේ ඉඳලද එන්නේ?  මේ ළඟ ඉඳල රාලහාමි. අර අහවල් තැන. එතන.
හා හා.. මහත්තයල බීලද? ඔව් රාලහාමි මං නම් බීල ඉන්නේ.
එතකොට අර මහත්තය? එයා බීල නෑ ඒකනේ එළවන්නේ.
හ්ම්ම්.. හරි ඔය එලවන මහත්තය ගමු බලන්න ලයිසන් ඉන්සුරන්ස් එහෙම ( අනේ අම්මෝ.. මේක ඒ පැත්තටනම් යවන්න එපා.. මගේ හිත කියවනවා. අපේ එකත් කට වහගෙන ලයිසන් ඉන්සුරන්ස් දුන්න බලපන් කියල මගේ ජනේලෙන්. අප්පේ ඇති යන්තං)
මහත්තය මේකේ ආදායම් බලපත්‍ර දින ඉවර වෙලා නේද? ඒ පාර මගේ යාලුවා කියනවා. අද අයිය ගියා ඕක ගන්න රාලහාමි. හෙට වෙද්දී හරි.
දැන් මහත්තයද ලෝයර්? රාලහාමි ස්ටිකර් එකයි මගේ දිහයි බලනගමන් අහනවා. ආඃ ඔව් ඔව් රාලහාමි.. 
දැන් මේකේ වැරදි දෙකයි.. ම්ම් .. මහත්තය ලෝයර් කෙනෙක් හින්ද ලියන්නත් බෑ.. එත් මෙව්වා නොලියත් බෑ..
මොනවාද රාලහාමි වැරදි දෙක? හරි අදායම් බලපත්‍ර දවස නම් වැරදි. ඊට අමතරව තව මොනවාද? නෑ අර මහත්තයත් බීල නේද ඉන්නේ? (මේකාගේ නහය සෙන්සරයක්ද මන්ද) ආඃ නෑ නෑ සමහර විට රාලහාමිට ඔය මගේ ලඟින් දැනෙන්න ඇති අරක්කු සුවඳ..
හ්ම්ම්.. හරි හරි.. මහත්තය ලෝයර් කෙනෙක් කිව්වනේ නේද? (යකෝ මේ හදන්නේ ලයිසන් එක ඉල්ලන්නද? පිස්සුනම් කෙලින්න එපා..) එහෙම එකේ මට මෙව්වා ලියන්නත් බෑ.. හ්ම්ම්.. කමක් නෑ.. කමක් නෑ.. එහෙනම් පරිස්සමට ගිහින් එන්නකෝ මහත්තය..

කිව්වා පරක්කුව විතරයි.. අපි පිටත් උනා.

අම්මෝ.. මේ පිස්සා ආයේ බොන්න වැඩක් නේ කරේ.. ශික්.. වෙරි සේරම හිඳුනා බං.. එහෙමනං මචං යනගමන් බියර් එකක්වත් කෙළිමු බං.. 

Monday, October 17, 2011

කොටුවේ ක්‍රිකට් මැච් සහ ඔෆිස් එකේ බිග් මැච්.. II


මේ කතාවේ දෙවැනි කොටස,. සමාවෙන්න කතාවේ මේ කොටස දාන්න පරක්කු වීම සම්බන්ධයෙන්. ඉතින් කවුරුහරි මුල් කොටස බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න.

ඔන්න ඉතින් අපේ කට්ටිය නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ ඇවිද්ද ගමන වගේ ඇවිදිනවා කොල්ලුපිටිය හන්දිය දිහාවට.. යනගමන් කවි සින්දු කරන්නත් සින්දු කවි කරන්නත් එක එකාට මඩ ගහන්න එහෙමත් අපේ උන් සැදී පැහැදී හිටිය.. කොල්ලුපිටිය හන්දිය කිට්ටුවෙදීම ඔන්න අපේ එකෙක් අදෝනාව ගහන්න පටන් ගත්ත.. 

අනේ මචං පොඩිකාලේ ගියායින් පස්සේ ගෝල්ෆේස් ගිහින්ම නෑ බං අපේ ගෙවල් කොළඹ උනාට.. අනේ යං බං ගෝල්ෆේස්... යමල්ලකෝ.. මේකට බීල වැඩිවෙලාද මන්ද.
සත්තු වත්ත දැකලත් නැද්ද උඹ තාම? වරෙන් වඩාන ගිහින් පෙන්නන්න.. මෙන්න මෙහෙ යමන් බං. කොහොමත් එහෙන් නේ යන්නේ.. ඔහොම කොහොමහරි අපි ගෝල්ෆේස් හොටෙල් එකේ අන්තිම කෙළවර නැත්තන් ගෝල්ෆේස් පිට්ටනිය පාමුලටම වගේ කිසිම බාදාවකින් තොරව ඇවිදන් (වගේ ) ගියා. එතන ඉන්නවා කොස්සෙක්..

ඕයි කොහෙද තමුසෙලා මේ කෑගහගහ යන්න හදන්නේ? දන්නේ නැද්ද මේ හරියේ යන්න බෑ කියල? කොහොමද ඕයි මෙතනට ආවේ? ආවේනම් පයින් රාලහාමි. ඇයි පයින් යන්නත් ලයිසන් ඕනෙද? අප්පොච්චියේ මුං ඒපාර පොලිස්කාරයාගෙන් ගේම ඉල්ලනවා. 
අනේ රාලහාමි අපිට ගෝල්ෆේස් එක මැදින් කොටුවට යන්න දෙන්නකෝ.. ගියේම නෑ මතක ඇති කාලෙක.. ආයේ ඉතින් අපි මේක මැදින් ගියාම මොකද වෙන්නේ?

 අපේ එකා උගේ අදෝනාව පටන්ගත්තා.

මේ මේ සෙට් එකම දානවා අල්ලලා වෙරි බහිනකම් ඇතුලට...

ඔය අස්සේ අපි දැක්ක කොහෙන්ද ආමි කාරයෙක් එනවා. 
මොකද කට්ටිය? මචං අපි මේ පාටියක් ඉවරවෙලා එන ගමන්,. අපිට ගෝල්ෆේස් එක මැද්දෙන් යන්න ඕනේ කොටුවට.. මම ශේප් එකේ කිව්වා. මොකද ඒක මැදින්ම? දැන් 12 පැනල. ඒ පාර වහල. මෙහෙන් යන්න පුළුවන්. හ්ම්.. කට්ටියම සද්ද නවත්තල මේ පාරේ යනවල.. අපි පුස් පැටව් වගේ හීන් සීරුවේ එතනින් ලිස්සල ගියා.. අයෙත් ඉතින් කතා බස් එකට ගොඩවෙලා අපි ලෑල්ලට පාගල විනාඩි 20න් විතර කොම්පඥ්ඥ වීදියට ලග උනා.

ඔය අතරේ අපේ එකෙක්ගේ ඇහැක් බෝලෙක වැදිලා.. පාරේ බිම නිදාගන්න තරමට නැවිලා පෙරලිලා කොහොමහරි ඕක ඉතින් අපි ගත්ත... දැන් ගත්ත වෙලේ ඉඳල කට්ටියටම ක්‍රිකට් ගහන්න ඕනෙලු.. මේ මහා රෑ හොයපන්කෝ ක්‍රිකට් ගහන්න තැනක්. කතා බස් එකේම දැන් කොටුවේ ටෙලිකොම් පහුකරන් අපි යනවා. මං එතනින් යන්න ඕනේ තරුණ බෞද්ධ සංගමේ බිල්ඩිමට. එකෙත් හතරවෙනි තට්ටුවේ මගේ බෝඩිම.

මොකද බං දැන් කරන්නේ? මං එහෙනම් මෙතනින් මාරු වෙනවා..
යමං ස්ටේෂමට.. එතන පට්ට පිච් එක මචං.. ගහමු ක්‍රිකට්..  අරි අහ් .. ඒක පට්ට...  තව කොහෙන්ද එකෙක් කියවනවා.. ඕන දේකට පොල් අරක්කු කිව්වලු..  අපේ උන් කොහෙන්ද කඩ බක්කියක් අස්සෙන් ලෑලි කෑලි දෙකක් උස්සන් එනවා.. මං ලාවට දැක්ක.. මොන කෙහෙම්මලක්ද කියල ඔන්න ඉතින් කට්ටියම කොටුව ස්ටේෂන් චාරිකාව පටන්ගත්ත.. ඇවිදලා දැන් ටිකක් වෙරිත් හිඳිලා තිබ්බේ ඒ වෙද්දී. කොටුවේ ස්ටේෂන් එකේ බල්ලෙක්වත් නෑ. ආමි එකේ කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටිය. ඒ ඇරුනම එකෙක්වත් නෑ. ඒ වෙලාවේ.

අපිත් ඉතින් ලෑලි කෑලි ටික තියල විකට් එක හදල දෙකේ දෙකේ ජොයිස් පොල්ලක් බැට් එකට අරන් ඔන්න ක්‍රිකට් ගහන්නයි මේ සුදානම .. ආමි එකේ හිටියෙත් අපේ වයසේ වගේ කොල්ලෝ.. උනුත් ආබාධයක් නෑ..
ඔන්න පලවෙනි බොලේ දැම්ම..

කොටුව හරහා වේගවත් හතරේ පහරක් සමග කඩුල්ල මතට ක්‍රීඩකයා ඇද වැටුනා.. දැවියාමක් සටහන් වෙනවා.. මීළඟ ක්‍රීඩකයා.. පිටියට පිවිසුණා.. ඔව් පන්දු යවන අන්තයෙන් දැවැන්ත පන්දුවක්.. පහර දී දිවයනවා.. යනවා. යනවා.. යකෝ.. ඔතනින් එහා පේමන්ට් එක.. ඇදවැටුනා...ඔව් දෙවන ක්‍රීඩකයා පේමන්ට් එකේ හැපී ඇදවැටුනා.. ප්‍රථමාධාර කණ්ඩායම හමුදා ආධාර මැද දිවයනවා.. දැන් පීටියට පිවිසෙන්නේ අපේ ලාබාලම ක්‍රීඩකයා.. පසුගිය වාරයේ ලකුණු ලැබීම කෙසේ වෙතත් කණ්ඩායමේ තේ බෙදා ඉතා පළපුරුදු මේ ක්‍රීඩකයා.. බඩුම තමා.. අති දැවැන්ත හයේ පහරක්.. පන්දුව නෝ බෝල් ලෙස සටහන් වෙනවා.. කෝ බං මේ බොලේ? දැන් ඉතින් මේ කළුවරේ හොයපන්කෝ..

ආමි එකේ කොල්ලොන්ගේ ටෝච් පාරවල් කොටුවේ ඒ මේ අත ගැහුවත් අයෙත් අපිට ඒ බොලේ දකින්න හම්බුනේ නෑ.. එකත් හොඳට ගියා.. පාන්දර 2 ට කිට්ටුයි වෙලාව. කොහොමින්හරි එතනින් අව 190 කට්ටියගෙන් බාගයක් ගොඩ කරලා ඉතුරු උන්ව එයාර්පෝර්ට් බස් එකකට දාල මං තුමා තනියෙන් අපහු බෝඩිමට පිටත් උනා.. 

පහුවදා උදේ අපි අයෙත් වැඩ. උදේ 10 විතර අපි කීප දෙනෙක්ට අපේ ජි. එම් ඔෆිස් එකට එන්න කියල පණිවිඩයක් ලැබුණ.. මමත් ඇතුළුව.. පණිවිඩේ විදියට මමත් ගියා.. යද්දී අපේ උන් 3 දෙනෙක් විතර ඇතුලේ ඉන්නවා. තට්ට HR මැනේජර් කාරයත් ඉන්නවා. මමත් ගියා. ජිඑම්ට ග්රීට් කරලා එහෙම පැත්තක ඉඳගත්ත.

ජිඑම් කතාව පටන්ගත්ත. අපිට පැමිණිල්ලක් තියනවා. තමුන්ලා ඊයේ රෑ බීල අපේ මිස්ට සමරවික්‍රමගේ වාහනේ හුළං ඇරියාය එකේ සීරුම් ඇතිකරාය කියල.. ඇත්තද? අපේ එකෙක්වත් කතා නෑ. මට එකපාර මීටර් උනා දැන් කතා නොකරොත් වරද ඔළුවට වැටෙනවා ඒක හින්ද කියන දෙයක් කියන්නම වෙනවා කොහොම උනත් දෙකෙන් එකනේ. එක්කෝ පරිප්පු.. එක්කෝ සෙරෙප්පු.. සර්, අපි ඊයේ බිව්වා. ඒක ඇත්ත. එත් ඔහොම කියන දෙයක් උනේ නෑ. කවුද දැක්කේ අපි හුළං අරිනවා?

දැක්කේ මම. මිස්ට සමරවික්‍රම විතරද දැක්කේ? මිස්ට සමරවික්‍රමට ඔප්පු කරන්න පුලුවන්ද අපි තමා ඒක කරේ කියල? සර්, මිස්ට සමරවික්‍රම අපේ එක්ක පුද්ගලික තරහක් තියනවද දන්නේ නෑ. එත් අපිට බෑ එයා කිව්වා පලියට මෙහෙම බොරුවක් පිළිගන්න. කැමරා සාක්ෂියක් හරි, බෑන්ක් සෙකියුරිටි හරි කියනවනම් අපි වරද පිළිගන්නම්. මොකද අපි බීල නිකමටවත් මෙහෙට ආවේ නෑ. අනික අපි යද්දී රෑ 12 පහුවෙලා. ඉතින් ඒ වෙලාවේ මිස්ට සමරවික්‍රම නෑ නේ බැංකුව අහලක? මිස්ට සමරවික්‍රමට කවුරුහරි බොරුවක් කියල. අනික සර් සීරුම් තිබ්බනම් පෙන්නන්න කියන්න එකක් හරි.

හ්ම්.. සමරවික්‍රම මොකද කියන්නේ? සර් මං විතරයි මේක දැක්කේ. කාර් ඒක තිබ්බේ පාරේ එහා පැත්තේ. මම අහවල් හෝටලේ පාටියක් ඉවරවෙලා එද්දී මේ කට්ටිය තමයි හුළං ඇරලා දිව්වේ. වෙන සාක්ෂි තියනවද සමරවික්‍රම ළඟ? නෑ සර්. 

හරි. මේක ඔප්පු කරන්න බෑ. මේ අය කරා කියල. නමුත් ඒ අය පිලිගන්නවා මත්පැන් බිව්වා කියල. සමහර විට සමරවික්‍රම දකින්න ඇත්තේ මේ ගොල්ල මෙතන පහු කරන යනවා වෙන්න ඇති. හ්ම්ම්.. කොහොම උනත් අදට මම මේක අතහරිනවා. දැන් මේ සිද්ධිය අරගෙන පුද්ගලික තරහ තියාගන්නේ නැතුව අතට අත දීල සමාදාන වෙලා අපහු රාජකාරිය පටන්ගන්න.. 

අපි ඉතින් අතට අත දීල සොරි ෆෝ ද මිස් අන්ඩස්ටැන්ඩින් කියල අපහු ගියා..  සමරේට හුළනුත් නෑ. හික්..

දැන්නම් මතක් වෙද්දී ඒක සුන්දර මතකයක් විතරයි.. එත් එදා බලන්න තිබ්බා.. වෙලාවට එදා හිටිය ග්‍රහය හොඳයි..

Monday, October 10, 2011

කොටුවේ ක්‍රිකට් මැච් සහ ඔෆිස් එකේ බිග් මැච්.. I


ඔයගොල්ල කවදාහරි පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ ක්‍රිකට් ගහල තියනවද? මහා රෑ 12 විතර? 2009 අවුරුද්දේ එක දවසක තමා මේ සිද්දිය උනේ. හරී හරි ..කතාවෙන් කතාවෙන් මේපාර කියන්නේ නම් ඉතින් එච්චර හොඳ කතාවක් නෙවෙයි.. ඔන්න ඉතින් මේ කියන්නේ බීල ගත්තු ආතල් ගැන.

මම කියල තිබුනනේ මම බැංකුවක වැඩ කර කියල. ඔය කාලේ සැහෙන්න බීමවල් වලට සෙට් උනා. මගේ බොස් එක්ක අපේ ඩිපාට්මන්ට් එකේ උන් පස් හය දෙනාම මාසෙකට හමාරකට සැරයක් සෙට් වීමට අමතරව මගේ මිත්‍ර සංගමේ එක්ක සතියට සැරයක් විතර එහෙන් මෙහෙන් වෙන හදිසි සෙට්වීමවල් එහෙමත් සිද්ද උනා. හදිසි සෙට්වීම් වලටම අපිට කියපු පොට් එකක් තිබ්බ. කොල්ලුපිටියේ මූද අයිනේ තිබ්බ මේ ස්පොට් ඒක අපේ එවුන් ගොඩක් දෙනෙක් දන්න තැනක්. ඉතින් ඔතන අපි නිතර වගේ සෙට් වෙන හින්ද හරියට අපි හිටියේ අයිතිකාරයාගේ යාලුවෝ වගේ. වැඩ කරන කොල්ලෝ ටිකත් අපිව හොඳට දන්නවා. මෙම්බර්ෂිප් අරන් වගේ තමා ඉතින් ඒ කාලේ. කොහොමින් හරි දවසක් අපේ එකෙක්ගේ මොකද්ද පාටියක් තිබ්බා. පාටියක් කිව්වට එකේ ඉවෙන්ට් එක මොකක්ද කියල නම් අපි දන්නේ නෑ. ඌ කිව්වා අපි ගියා.. ඔන්න ඉතින් එදා හවස 3 විතර මටත් කෝල් එකක් අවා

මචන් ක්සැන්ඩර් අන්න අද හදිසි සෙට්වීමක් සෙට් කරා.. උඹ එනවනේ? හ්ම්ම්.. ඉඳපන් බලන්න.. හරි මචන් එල කිරි කීයටද? පහට වරෙන් අපේ සෙට් එකම යනවා.. පරක්කු උනොත් පල්ලෙහට බැහැපන් හරි.. දන්නවනේ අපේ ස්පොට් එකේ තමා තියෙන්නේ.. ඔන්න එහෙනම් උඹ එන්න ඕනේ..

හා හා. එල එල.. මම එන්නම්..

අපිට බොන්න චාන්ස් ආවාට එහෙමට බොන්න බෑ. ඩේ එන්ඩ් එකක් එහෙම තිබ්බොත් බීල හමාරයි. එහෙම දාට කරන්නේ වෙන එකෙක්ව අල්ලලා තියල එන්න ට්‍රයි එකෙක් දෙන එක. හදිස්සියට අපි හිටපු ගමන් ඉතින් ඩේ එන්ඩ් එහෙම වෙනස් කරගන්නවා කතා කරලා. බීල කරන්නත් බැරි කමනම් නෑ මට නම්.  හැබැයි ඉතින් ඕකට නියමෙට දස්සය කියල ප්‍රසිද්ධ වෙලා හිටියෙනම් අපේ අතුල අය්යා.. පොරට ඉතින් නාලාගිරිට වගේ ඕකත් කජ්ජක්ද කිව්වලු. මටත් ඉතින් ඒක කජ්ජක් නුනට ප්‍රසිද්ධ කරන්න ගියේ නෑ අද වෙනකම්. මොකද මම ඒ කාලේ ඕව කිව්වනම් රස්සාව නැතිවෙන්නත් ඕක එක හේතුවක් එහෙනම්. ඉතින් ඔන්න කියපු වෙලාවටම වගේ මමත් ඔෆිස් එකේ කාඩ් එකත් ගහගෙන ඔෆිස් එකේ පඩිපෙළ දිගේ පල්ලෙහට බහිද්දීම වගේ ඔතන අපේ උන් ටික දුමකුත් පත්තු කරගෙන ඉන්නවා. 

මේ උඹ යන්නේ නැද්ද?
උඹත් යනවද? එහෙනම් ඉතින් යමල්ලා බං..  මේ... මොකද්ද බන් සීන් ඒක?
දන්නේ නෑ බන් ඌ අද උදේම කතා කරේ. මගේ හිතේ උට හොඳ කොමිෂන් එකක් වත් වැඩ කරන්න ඇති..
එහෙමද?..

ඔන්න ඉතින් අපි කට්ටිය දැන් හෙමින් හෙමින් පාර දිගේ අදාළ ස්පොට් එකට සේන්දු උනා.

අද එහෙනම් බ්ලැක් ලේබල්..? කියපල්ලකෝ?
ඔන්න ඔහේ ගනින් බන්.. බ්ලැක් හොඳයි..

අපි ඉතින් ඔන්න එක එකා මේ මධු විතෙන් සප්පායම් වෙනවා. නිකම්ම නෙවේ. ස්පොට් එකේ කොල්ලෝ දෙන්න හදපු කඩල එකෙයි චිකන් ඩෙවල් එකෙයි රස බලන ගමන්.. විතක් මධු පෙරා ගෙනල්ලා.. සින්දුවෙන් පටන්ගෙන නැගල යන සාජ්ජයක් වෙන්න වැඩි වෙලා ගතවෙන්නේ නෑ. ඔන්න ඉතින් බෝතල් එකා දෙක හිස්වෙද්දී අපිත් දැන් පදමකට ඇවිල්ල.. දැන් ගෙවල් වලට යන්න වෙලාව. අමාරුවෙන් ගහගත්තු ෆෝන් එකේ කණාමැදිරි එළියෙන් දැක්ක හැටියට දැන් නම් 12 පහුවෙලා විනාඩි 2ක් විතර වගේ.. 

මචන්ලා.. හරි එහෙනම්.. දැන් යමල්ල.. බාර් එකත් වහල බං.. එහෙනම්.. කොහොමද උඹ යන්නේ.. කැබ් එකක් කතා කරමුද? ඔන්න ඔය වෙලාවේ අපේ ගිහාන් කෑගහනවා..

අඩෝ.. එකෙක්වත් කැබ් වල යන්න ඕනේ නෑ. අපි ඔක්කොමල්ල කොටුවට ගිහින් යං. හැබැයි කොටුවට යනකම් පයින් යන්න ඕනේ.. ලෑස්තිද?

ආයේ මොනවාද කට්ටියම පවනට සැලෙනා ගානට වැදිලා හිටියට එක පයින් යන්න රෙඩි. යමල්ලා.. ඔන්න ඉතින් දැන් ගමනේ යා.. දැන් නම් බැංකුව ලගින් යන්නේ.. ඔය යන අතරේ අපේ එකෙක් දැක්ක අපේ HR මැනේජර්ගේ චුට්ටන් බට්ටිත්තන් කාර් කට්ට...

අඩෝ..... මචන් මේ.. අද අරුට ගේමක් දෙමු... අරිමු ඕකගේ රෝද පහේම හුලන්...
කොහෙද බං රෝද පහක්? එකේ හතරයි බං තියෙන්නේ.. ඒ අස්සේ එකෙක් කියනවා
ආ එකත් ෂුවර් නෑ බං, ඕකා කුණා, සමහරවිට රෝද තුනෙන් දුවනවා ඇති... තව එකෙක්.. 

මේ මචන්ලා.. ස්පෙයාර්  වීල් එකෙත් හුලන් අරිමු.... උට හෙට කාර් එක උස්සන් දුවන්න,.. කියල ඔන්න අපේ උන් පාර පැනල අනිත් පැත්තට ගිහින් කාර් එකේ හුලන් අරින්න දැන් ෆුල් සෙට් වෙලා.. මෙන්න සුපුරුදු කළුවරේ අඩ අඳුරේ හඬ පායනවා ඈතින්... අපේ මැනේජර් බුවා එනවා..පොරගේ තට්ටේට රෑ තරු වල එලිය වැටිලා දිලිසෙනවා.. මොන *** කරනවද බං මු.. මේ මහා රෑ? දුවපල්ලා... දුවපල්ලා... ඕකා දැක්කොත් සොරි තමා.. ඌත් කොහෙහරි සැටමෝල් වෙන්න ඇති බං..  කස්ටිය දුවන්න ඉගිල්ලුන. ඉගිල්ලුනට දුවන්න කකුල් වලට බෑ බෑ වගේ.. අපිට නිකම් පාවෙලා වගේ යනවා දැනුන.. ඒ අස්සේ එකෙක් පාර තදද බලන්න පාරට පත බැවිල.. ඌ මගේ හිතේ හඳේ ගුරුත්වාකර්ශනයට අහුවෙන්න ඇති. කොහොමින් හරි ඌවත් වත්තම් කරගෙන අපි අපහු කොල්ලුපිටියේ හන්දිය දිහාට පාගනවා.. 

අනේ ඉතින් දැන් නම් පොස්ට් එක මාගලක් වගේ දිග වෙන්නයි යන්නේ.. ඉතුරු ටික ඊළඟ පොස්ට් එකේ දාන්නම්.. කොහොමද අපි අධිඅරක්ෂක කලාප මැද්දෙන් කොටුවට ගිහින් ක්‍රිකට් ගැහුව හැටි සහ පසු දා උදේ පාටිය ගැන.

Tuesday, September 27, 2011

ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - II


මේ පොස්ට් එක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් කියවල එන්න. ඉතින් කලින් පොස්ට් එකේ කිව්වනේ කොහොමද අපි පන්තියෙන් පැනල කොරිඩෝර් දිගේ ගිය හැටි කියල. ඔන්න ඉතින් වැඩිය අතුරු අන්තරා නැතිව අපි 8 සෙක්ෂන් එකෙන් එලියට යන දොරට කිට්ටු උනා. දොරක් කිව්වට මේකේ තියෙන්නේ අර ස්ටේෂන් වල තියන දැල් දැල් යකඩ දොරක්.. මේ දොරෙන් එළියේ දකුණු පැත්තට වෙන්න ප්‍රයිමරි සෙක්ෂන් එක. ඉස්සරහ නැටුම් කාමරේ. ඒ අතරේ  එලියට පැනල දකුණු අත පැත්තට දුවගෙන ගිහින් කන්ද නගින්න තියෙන්නේ. මේ දොරෙන් එලියට යන්න තියෙන්නේ අර කිව්ව මහා කානුව උඩින් තියන පාලමකින් එගොඩ වෙලා.

හරි.. එකෙක්වත් නෑ කියල සිග්නල් එක අවා. කට්ටියම ඉස්සරහ තිබ්බ දොරෙන් පැනල එතන තිබ්බ පොඩි පිට්ටනිය හරහා දුවගෙන ගිහින් උඩට යන පාරේ දුවන්න ගත්ත.. ඒ එක්කම පිටිපස්සෙන් සද්දයක් අවා දුවපන් දුවපන්.. ඔන්න පොලිසියෙන් එලවනවා කියල. ශිෂ්‍ය නායකයෝ සෙට් එක අපිව දැකල ටීම් එකක් ඩිප්ලෝයි කරලා අපිව අල්ලන් එන්න. උන් ටික ඒ හරියට එද්දී අපි කන්දේ බාගයක් නැගල. අපි ඒ ආව ගැම්මෙන්ම වැටෙන් රිංගලා කැලේට පැනගත්ත. වැට කිව්වට කටු කම්බි වැටක් තම තිබුනේ. එකේ එක තැනක කම්බි ටික කපල ගිනිසීරියා කණුවක ගැටගහල පොඩි ගේට්ටුවක් හදල තිබ්බේ. ඔන්න හිතාගන්න එක කොච්චර ප්‍රසිද්ධ පාරක්ද කියල. ඉතින් එතන කලේ වැවෙන්න දෙන එක අපි නිතරම කරපු දෙයක්. මොකා කිව්වත් සුද්ද කරන්නේ නෑ එතන නම්. ඔන්න ඉතින් එතනින් පැනල මාන කැලේ මැදට රින්ගගත්ත. මාන පඳුරු අඩි 4 ක් විතර උසයි ඔය හරියේ. අපි ඉතින් ඕක මැදින් යනවා.. අයෙමත් අර මිෂන් එකක ආමි එකේ සෙට් එකක් යනවා වගේ.. ඔලුව හරිය විතරයි පෙන්නේ.ඔතනින් ගියාම හරි විදියට වැටෙන්න ඕනේ අඩවි වන එක ලගට. 

යනවා යනවා අඩවි වන ඔෆිස් එක පෙන්න නෑ. එත් දැන් දකුණු අත පැත්තේ ගෙයක් පේනවා පල්ලමට වෙන්න.  දැන් ඉතින් පාරට යන්න නේ ඕනේ. ඉතින් ඔන්න ඔහේ ඕනේ එකක් කියල ගියා ඒ පැත්තට. ඒ වෙද්දී මාන කැලේ ඉවරයි. දැන් තියෙන්නේ තණකොළ නැති පයිනස් ගස් කැලේ. අප්පට සිරි.. පොලිසියේ දෙන්නෙක් පේනවා.. ටිකක් දුරට වෙන්න. ලස්සනම වැඩේ කියන්නේ උන්ටත් අපිව පේනවා. එත් ගස් අස්සෙන් දුවන හින්ද හිතාගන්න බැරිවෙන්න ඇති මොකද්ද වෙන්නේ කියල. ඉතින් අපි සෙට් එකේ උන් ගස් වලට මුවා වේවි කොහොම හරි එතනින් මාරු උනා. යනගමන් අර ගෙදර දිහත් බලන්න අමතක කරේ නෑ. අප්පා.. එකේ ගහල තියනවා දිස්ත්‍රික් මහාධිකරණ නිල නිවස කියල,.. මදැයි කොලා.. පොඩ්ඩෙන් නම් කේස් එක උසාවි..

ඔයින් මෙයින් අපි ඉතින් පාරට අවා. හරියටම කඳුරට සේවේ ඉස්සරහට කට්ටිය කඩන් වැටුනේ.. දැන් ඉතින් කලිසම් වල තිබ්බ මඩ වල් කොළ, ආදී නොයෙකුත් එව්වා ගසා බසා දාල ඉතින් පල්ලහට බහින්නයි සුදානම. කොහොමද මචන් බේරුනා බේරිල්ල නේද? කියා කියා කස්ටිය පුරසාරම කියව කියව දැන් එනවා, ලඟම කෙල්ලන්ගේ ඉස්කෝලේ පුෂ්පදානේ.. කොල්ලනේ කලිසම් වල මඩ එහෙම සුද්ද කරගනිල්ල.. ඔන්න එකෙක් කෑගහනවා.. ඉතින් අපි පුෂ්පදනේ ඉස්සරහින් ජයග්‍රාහීව යනවා ගේට්ටු කණු ඇතුලේ ඉඳන් හුල්ලන කෙල්ලන්ගේ ඉරිෂියාවට ගොදුරු වේවි.. 


එතනින් පල්ලහට එද්දිම වගේ මම දැක්ක තව සෙට් එකක් එනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක පැත්තේ පාරෙන්. උන් එන විදියටනම් පැන්න වෙන්න බෑ. එහෙන් පැන්නොත් අනිවා යන්නේ රේල් පාරේ.. රේල් පාර තරං අධි ආරක්ෂක කලාපයක් මුළු නුවරම නැතුව ඇති පනින එවුන්ට.. කෙලින්ම කාටත් නොපෙනී ගුඩ්ෂෙඩ් හරි ටවර් එකට හරි යන්න පුළුවන් ඊසිම පාර ඒක. ඉතින් මම ඇහුව මල්ලි කොහෙද ඔයගොල්ලෝ මෙහෙ කරන්නේ? 


ඇයි අය්යා දන්නේ නැද්ද? ඉස්කෝලේ ඇරියනේ කලින්? අපි ගෙදර යනවා... අය්යෝ........ මට එතන ඉඳගෙන වහ කන්න හිතුනා........ අපි පැය එක හමාරක් විතර කට්ට කාල පැන්නේ මේකටද බොලවූ?


Sunday, September 25, 2011

ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - I

මගේ පරණ අතීතේ අයෙමත් අවුස්සපු කතාවක් පිණිබිඳු මෙන්න මේ පොස්ට් එකේ දාල තිබ්බා. ඉතින් ඔය කතාව කියෙවනකොට මට මතක් උනේ මගේ පරණ ඉස්කෝලෙන් පනින කතා වස්තුව.

මේ මම 10 පන්තියේ ඉන්න දවස්වල. අපේ ඉස්කෝලේ තියෙන්නේ නුවර ටවුමේ තියන උසම තැනක. සුමංගල කිව්වම දන්නා අය දන්නවා ඇති නේ? අපේ ඉස්කෝලේ පිටිපස්සේ තියෙන්නේ බහිරව කන්ද. එක පැත්තකට වෙන්න ඉස්සරහ වට ගාව ඉඳල වගේ තියෙන්නේ පොලිස් නිල සුනඛ අංශය. අනිත් පැත්තෙන් බුදු පිළිමය එක්ක අඩවි වන කාර්යාලය. හැබැයි මේක තියෙන්නේ ඉස්කෝලේ පැත්තකින් පිටිපස්සට වෙන්න. පොලිස් නිල සුනඛ අංශේ ඉවර වෙනවත් එක්කම ලොකු උස කන්ද. හරියටම ඉස්සරහින් සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රථමික අංශයේ පිට්ටනිය. ඔන්න ඔහොමයි පිහිටීම තිබ්බේ.

දන්නවනේ 10 වසරේ ඉන්නකොට ඉතින් ආයේ ඔය වගේ වැඩක් කියන්නේ එක මාරම පොර සීන් එකක්. පනින්න දන්නා එවුනුයි නොදන්නා එවුනුයි කියන්නේ නිකම් අර හඳට ගිහින් ඇවිත් ඉන්න උන් එක්ක නිකම් උන් ඉන්නවා වගේ ආතල් වීර ක්‍රියාවක් කරපු උන් අවා වගේ, නැත්තන් අද වගේ සුපර් ස්ටාර්ල අවා වගේ තමා. ඉතින් අපිත් ඔන්න ඉස්සරලාම පනින්න සෙට් උනා. දැන් ඉතින් අර පොත් බෑග් එක අරන් යන්නත් ඕනේ. පනින්නත් ඕනේ. මාට්ටු නොවී ගෙදර යන්නත් ඕනේ. ඔන්න තත්වේ. අපි ඉතින් නිකම් ඉන්නගමන් පනින්න පුළුවන් තැන් ගැන පොඩ්ඩක් ඇහැ ගහල බලන එක පුරුද්දක් කරගත්තේ පනින්න තියන ඕනේ කමට වඩා පොර වෙන්න තියන ඕනේ කමට. ඉතින් එදා අපි තෝරාගත්තේ බහිරව කන්දෙන් පනින මහා මෙහෙයුම.

ඉතින් දැන් තැන් තෝරලා කට්ටිය 3 දෙනෙක් ලැස්ති උනා මේ මහා වීර ක්‍රියාව කරන්න. අපේ හෝල් එක තිබ්බේ ඉස්කෝලේ දකුණු පැත්තට වෙන්න. එහෙට කිට්ටුව පනින්න තැන් දෙකයි තිබ්බේ, එකක් සිල්වෙස්ටර් එකේ පිට්ටනිය මැදින්. අනික බහිරව කන්දේ කැලේ මැදින්. අපිට වැඩිම කිට්ටු බෝඩර් එක උනේ බුදුපිලිමේ පැත්ත. ඒකට යන්නත් නැටුම් හෝල් එක ඒ අතර තියන හිස් බිම් තීරුව පනින්න ඕනේ. ඒ පැන්නත් කන්ද දිගේ නගින එක හෙනම අමාරුයි, වෙන මොනවත් නෙවෙයි පාර තිබ්බට උඩට යනකම් යන්නේ මොකාද කියල අපේ බිල්ඩින් එකේ තුන් වෙනි තට්ටුවට යනකම් පේනවා. ඉතින් එකත් පන්නන්න ඕනේ. එතන 6 පන්තියේ හෝල් එක. ඊට පල්ලෙහා 7 අන්තිමට 8. 8 උන්ට නම් පෙන්නේ හිස් ඉඩ ටික පනින එක විතරයි. එත් ඉතින් සර් කෙනෙක් දැක්කොත් ජල ගුටි සමග පරිප්පු නේ..

කොහොම හරි මේ සීන් එක අමි එකේ මිෂන් එකක් තරමටම අමාරුයි. ඉතින් ඔන්න අපි ඇහැ දාගෙන ඉන්නවා පනින්න දවසක් එනකම්. අනේ එක දවසක ඔන්න ඉස්කෝලේ ගුරු රැස්වීමක්. එදාට ඉතින් 12.30 ඔක්කොම සර්ල ටීචල යනවා ඒකට. ආයේ ඉවර වෙන්නේ 1.30 ට ඒ කියන්නේ ඉස්කෝලේ අරිනකොට. ඉතින් ශිෂ්‍ය නායකයෝ තමා පන්ති බලාගන්නේ. අප්පා එදාට උන්ගේ ගණන්..

එදා හවස 11 වෙද්දීම අපි නිව්ස් එක දන්නවා අද රැස්වීම කියල. ඉතින් බඩුම තමා..කට්ටිය සෙට් වෙලා යන්න. මල කෙලියයි.. කොල්ලෝ 10 පනින්න සෙට් වෙලා. කට්ටියක් සිල්වෙස්ටර් එකේ පිට්ටනියට යන ලොකු කානුවෙන් පනින්න යනවා. කානුව කිව්වට හිතන්න එපා මේක මහා ජරා කුණු කානුවක් කියල. හොඳට සුද්ද කරලා තියන අඩි 6 විතර ගැඹුර අඩි 3 විතර පළල කොන්ක්‍රීට් කරලා බිත්ති මැදපු අගලක් එක. එකේ තමයි ඉස්කෝලේ ඔක්කොම වැහි වතුර ගලාගන යන්නේ. ඒකට පනින එකත් වෙනමම ගේමක් තමයි. අපි සෙට් වෙලා හිටියේ බහිරව කන්දෙන් පනින්න. අපේ පාරේ තියෙන්නේ කැලේ මැදින් ගිහින් කඳුරට සේවේ අයිනෙන් ඇවිත් පාරට එන්න. එන පාරේම බාලිකා පාසල තියන හින්ද එක තව ආතල්. ඉතින් දැන් ඔන්න අපි සෙට් දෙකම සෙට් වෙනවා හරියට හඳට යන උන් වැඩේට සෙට් වෙනවා වගේ. පොත් වැඩි උන් ඒවා පන්තියේ හංගනවා. සමහරු යාලුවන්ගේ මලු වල ඔබනවා. සමහරු කබඩ් ඩෙස්ක් අස්සේ දානවා. එක විකාරයයි. ඔක්කොම සෙල්ලම් ඉන්ටර්වල් එකේ කරන්නත් වෙනවනේ. නැත්තන් පනින්න වෙන්නේ නා. මොකද ශිෂ්‍ය නායකයෝ 12.10 විතර වෙද්දී එනවා. උන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි.

ඔන්න වෙලාව අවා, 12.20 එනවුන්ස්මන්ට් එක දුන්න ඔක්කොම ගුරුවරුන්ට. අපේ හිටිය සරුත් පැවරුමක් එහෙම දීල යන්න ගියා. ගීය ගමන්ම අපේ ඔත්තු බලන එකාගේ හස්ත සන්යාවෙන් අපි සෙට් එක බිල්ඩිමේ කොරිඩෝර් එකට පැනගත්ත..දැන් ඉතින් පොත් මලු අතේ අරගෙන පොඩි කොට බිත්ති වලට මුවා වෙවී අපි දැන් ඉදිරියටම යනවා.. හරියට අර කිලිනොච්චි අල්ලන්න හමුදාවෙන් යනවා වගේ. එකම දේ අපි වෙපන් අරන් යන්නේ නෑ .. නමුත් ගමන එකයි. හැංගි හැංගි. සෙට් එක දෙකට කැඩිලා එක සෙට් එකක් පස්සෙන් එන තර්ජන බලන ගමන් ඉස්සරහින් යන උන්ගේ හස්ත සන්යා වලට ඉස්සරහට යනවා. අනිත් උන් ඉස්සරහ තත්වේ අනුව පාරවල් හදාගෙන ඉස්සරහට යනවා.

කතාව තව දුර යනවා.. හිතුවට වඩා පොස්ට් එක දිග වෙන්න යන්නේ.. එක හින්ද ඉතුරු ටික ඊලග පොස්ට් එකේ දාන්නම්.

Monday, September 12, 2011

අතීත මතකයක්,..


මේ ඇවිත් 2006 අවුරුද්දේදී වෙච්ච කතාවක්. මම ලංකාවේ නම් දරාපු එක පරිගණක ආයතනයක උගන්නනවා මේ කියන කාලේ වෙනකොට. 2005 ඉඳල 2006 අන්තිම ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ වෙනකම් මම මේ ආයතනයේ ඉගැන්නුවා. මෙතන මට කවදාවත් අමතක නොවෙන තැනක්. ඒ වගේම කතා ගොඩක්...

ඔන්න ඔය කියන දවස්වල මට වයස 21 විතර ඇති. මම එහෙ පන්ති කීපයක්ම කරා.. පොඩිම පොඩ්ඩන්ට උගන්නන එක ඉඳලම ඉහ නිකට පැහිච්ච මගේ ගුරුවරුන්ගේ වයසේම තවත් ගුරුවරුන්ට මම උගැන්නුව එහෙදි. ඔයාල ගුරුවරු නම් දන්නවා ඇති පරිගණක ආශ්‍රිත ඉගෙනුම (CAL) කියල එකක් අධ්‍යාපන අමත්‍යන්සයෙන් කරා. ද්විතික අධ්‍යාපනය නව්‍යකරණ ව්‍යාපෘතිය (සෙම්ප්) කියල එකක් යටතේ. ඕකෙදි දිස්ත්‍රික්කයේ තියන ඉස්කෝල වල ඉන්න ගුරුවරු ලගම තියන පුහුණු මධ්‍යස්ථාන වලට යවනවා දවස් 18 ක් පුහුණුවෙන්න. මේකේ විෂයන්ට තියෙන්නේ වර්ඩ්, එක්සෙල්, පවර් පොයින්ට්, ඇක්සෙස්, හාඩ්වෙයාර් සොෆ්ට්වෙයා, නෙට්ව්ර්කින්ග් ඉන්ටෙර්නෙට් ඊමේල් එක්ක තව පොඩි පොඩි දේවල් ටිකක්. පොත්ම 7 ක් තියනවා උගන්නන්න. දවස්  18 න්  උගන්නන්න හම්බවෙන්නේ දවස් 16. ඉතුරු දෙකේදී එයාල තමන් ඉගනගත්ත දෙයින් මොනාහරි විෂයානුබද්ධ ක්‍රියාකාරකමක් කරලා පෙන්නන්න ඕනේ. ඕක ඉතින් පවර් පොයින්ට් තමා..
ඔන්න ඉතින් කතාවේ පසුබිම විස්තර කරානේ.. ඉතින් අපි කතාවට බහිමුකො.. ඔන්න ඉතින් 2006 අවුරුද්දේ මම මගේ දෙවැනි කැල් බැච් එකත් ඔන්න අවා. බොහොම වයසක් තියන ගුරුවරු වගේම තරුණ ගුරුවරු ගුරුවරියොත් ඒ අතරේ හිටියා. ඕනෙම පන්තියක් මට එකයි. එකට අපේ ආයතනේ ලොක්ක ආවත් ඒ මට එක ස්ටුඩන්ට් කෙනෙක් විතරයි. මම ඉතින් පලවෙනි දවසෙම කිව්වා කට්ටියටම ඔයාල අපේ ආයතනයට සාදරයෙන් පිලිගන්නවා. ඒවගේම මගේ පන්තියට. මෙතන ඉඳන් දවස් 18 අපිට එකට වැඩ කරන්න වෙනවා. මම දන්නා දේ උපරිමෙන්ම ඔයාලට කියල දෙන්නත්,  එකේදී ඔයාලට තියන ඕනෙම විෂය ප්‍රශ්නයක් මම විසදන්න උදව් කරන්නත් බැඳිලා ඉන්නවා. ඒවගේම මතක ඇතුව ඔයාලගේ ඔය ජංගම දුරකථන එක්කෝ ඔෆ් කරන්න නැතිනම් සයිලන්ස් දාන්න ඊට පස්සේ අවශ්‍යමනම් පන්තියෙන් එලියට ගිහින් එක පාවිච්චි කරන්න, මොකද මේ පන්තියේ මොබයිල් පාවිච්චි කරන්න බෑ." ඔන්න මගේ ආරම්භක කතාව. සරලයි නේද?
ඉතින් මම පන්තිය පටන්ගන්නවා. කිසිම දවසක මම ඒ ගුරුවරුන්ට මට සර් කියන්න නම් දෙන්නේ නෑ. යි දෙය්යනේ මොන හිතකින් එහෙම කියන්නද? එයාල සමහරු මගේ ගුරුවරු වයසේ. සමහරු අපේ අම්මලාගේ අප්පච්චිලගේ වයසේ. ඒ නැතත් එයාල ගුරුවරු නේද? ඉතින් පන්තිය කරගෙන යන අතර වාරේ මම කවදාවත් බනින්නේ නෑ එයාලට. හිත රිද්දන්නේ නෑ. කොහොමත් වයසක ගුරුවරුන්ට මේක මහාම අමුතු ගැජට් එකක්නේ. මව්ස් එක අල්ලන්න පොඩි ෂෝර්ට් කට් කියන්න එහෙම ඉතින් මුල දවස් දෙක වියදම් වෙනවා එයාල එක්ක.
දෙවැනි දවසේ ඉඳල ඉතින් අර කියපු සබ්ජෙක්ට් තම උගන්නන්නේ. එකේදී ඉතින් ගොඩක් ගුරුවරු පොඩි ළමයි වගේ වෙනවා. ඇත්තනේ. එයාලගෙන් සමහරු (මම වැඩකරපු දිස්ත්‍රික්කේ හා ඒ අව ගුරුවරු ඉන්න පළාත් වල) පරිගණක කියන එක දැකල දන්නවා උනාට වඩා කරලා නෑ කවදාවත්ම. සමහරු මේ මැෂිමට අස කරලා එක උනන්දුවෙන් ඉගෙනගන්නවා. සමහරු ඔන්න ඔහේ ඕනේ එකක් කියල නිකම් ඉන්නවා. සමහර අයට පුදුම අදහස් එන්නේ. දවසක් එක විදුහල්පති කෙනෙක් එයාගේ මුළු ඉස්කෝලෙම දත්ත ඇක්සෙස් ඩේටබේස් එකකට දාගන්න ප්ලෑන් හැදුව. තව දවසක් ඉතින් මමයි මගේ සහයට හිටිය ක්‍රිෂාන්ත් (ඔව් ක්‍රිෂාන්ත් ටැමිල්) එකතුවෙලා පන්තිය කොහොම හරි ඇදගෙන යනවා. කිසි කෙනෙක් මිස් කරන්නේ නැතුව. එකේදී අපි කවදාවත් එකම දේ සියපාරක් ඇහුවත් ළඟටම ගිහින් කියල දුන්න.

ඔන්න ඉතින් අන්තිම දවස උදා උනා පන්තියේ, එදා ඉතින් අර ගුරුවරු කරපු වඩා බලන්න අධ්‍යාපනේ අධ්‍යක්ෂක කෙනෙක් එනවා. ඉතින් එයටයි අපේ ආයතනේ අයටයි ගුරුවරු පොඩි සංග්‍රහයක් සූදානං කරනවා අන්තිමට පෙන්නන එකේ අඩු පාඩු හදනවා.. දාහක් වැඩ. ඉතින් අපිත් සැහෙන්න උදව් කරනවා එයාලට ඒවා හදාගන්න. ඉන්ටෙර්නෙට් එකෙන් ඩේට ගන්නවා ඒවා හදල ස්ලයිඩ් හදනවා.. එයාල කරපු වැඩ ඔක්කොම සීඩී කරනවා.. වැඩනං කොතෙකුත්.

ඔහොම ගිහින් ඉතින් එදා හවස එක එක ගුරුවරුන්ගේ ප්‍රසන්ටේෂන් දෙන වෙලාවත් ආවා. එක එක්කනා තමන්ට පුළුවන් උපරිම වැඩ ටික දාල අපි කියල දුන්න ඒවත් එකතු කරගෙන එක කරනවා දකින එකනම් ඇත්තටම හිතට හරි සන්තෝසයක් එන වෙලාවක්. එක ඉවර උනාම ඔන්න තේ පැන් සංග්‍රහය පටන් ගත්ත. එකේදී ඔන්න ඉතින් ආයතනයටයි උගන්නපු මටයි එයාල ස්තුති කර. එකේදී මම අර කියපු එක ගුරුවරයෙක් කියනවා "අපිට නම් ළමයෙක් කියල දුන්න එක අහන්නේ නැතිව පිස්සු නටනකොට ඌට දෙකක් දෙන්නම තමයි හිතෙන්නේ. නැතිනම් බනින්නම හිතෙන්නේ. එත් අපිටත් පුදුමයි අපි කරපු වැඩ වලදී මෙච්චර ආවේගශීලී තරුණ වයසේ ඉන්න මේ අපේ ගුරුතුමා අපිට කවදාවත් බැන්නේ නෑ හැමදාම හිනාවෙලා ඇවිත් අපි එකපාරට සියපාරක් ඇහුවත් අපිට ඒක කියල දුන්නේ කිසිම කහටක් නැතුව.. අද ඉඳල මමත් මම උගන්නන ඉතුරු කාලේදී ඒ දේ ඒ විදියට කරන්න හිතාගත්ත. මොකද මම අද දකිනවා එකේ ප්‍රයෝගික සත්‍යතාව මේ ගුරුවරුන්ගේ දියුණුව දැක්කම" කියල. ඊටපස්සේ එයාල යනවේලාව අවා. ඉතින් ඒවෙලාවේ එයාල කරපු ආශිර්වාද මට හිතෙන්නේ අදටත් මගේ එක්ක තියනවා.

මට මගේ ජීවිතේ එකත් හොඳ අත්දැකීමක්. පුංචි උංගේ ඉඳල උපාධියට යන අයට උගන්නන්න වගේම තවත් විවිධාකාර දේවල් කරන්න මට එතන තෝතැන්නක් උනා. අදනම් එතන ඒ ආයතනය නෑ. නමුත් අපි හිටපු ඒ කාලේ අපේ ස්ටාෆ් හිටිය ඔක්කොමලගේම ජීවිතවල ලස්සන කාලයක් උනා..

  මේ කතාව මතක් උනේ මට සංජුගේ සයිබර් සමාගමට ගොඩ වැදුනට පස්සේ තිබ්බ මෙන්න මේ පොස්ට් එක දැකල. http://sanjuishere.blogspot.com/2011/08/blog-post.html  

Friday, September 2, 2011

බෝම්බ කතාවක්..


මම මේ කියන්නේ 2008 අවුරුද්දේ එක සඳුදා දවසක් ගැන. එදා මම උදේ 5.30 නුවර ඉදල එන ඔෆිස් කෝච්චියේ කොළඹ එනවා වැඩට යන්න. ඔන්න ඉතින් එදත් මම සුපුරුදු පෙට්ටියේ මගේ සුපුරුදු ආසනේට ගියා. අපේ පෙට්ටියේ හිටිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරක් දරන අය්ය කෙනෙක්. අපි මෙයාට ජගත් කියමුකෝ. මෙයා ටිකක් සද්දේ දාගන ඇහැ ගහගන ඉන්න කෙනෙක් වටපිටාවට. ඔය නුපුරුදු අය නුපුරුදු මලු එහෙම දැක්කම ටිකක් සද්දේ උස් කරලා අපේ කොම්පාර්ට්මන්ට් එකෙන් අහන්න මේ අය්ය පසුබට වෙන්නේ නෑ. කොහොමත් කෝච්චියේ යද්දී කට්ටිය ටික දවසකින් අඳුරගන්න හින්ද ඒක එච්චර දෙයක් නෙවෙයි.

ඉතින් ඔය කියන දවසේ සඳුදා කෝච්චිය රඹුක්කන පහු කරලා ටිකක් දුර ගියා විතරයි ඔන්න මහා සද්දයක් අවා කාගෙද මේ බෑග් එක.. කෝ අයිතිකාරයා ඉන්නවද?.. කියල ජගත් අය්යාගෙන්. ඔන්න එකපාරම සෙනග අස්සෙන් මීයෙක් වගේ පොරක් කෑගහන්න ගත්ත මගේ මගේ කියල.. හා හා හරි හරි කියල ජගත් අය්ය පොරව නෝට් කරගත්ත. ඔන්න ඉතින් දැන් කෝච්චිය වේයන්ගොඩ එහෙම පහු කරගෙන යනවා.. දෙපැත්තේ තියෙන්නේ වෙල් යායවල් ගුරු පාරවල් එහෙම. ඔය අස්සේ ජගත් අය්ය හොයනවා අර මල්ලේ අය්තිකාරයව. "කෝ දැන් මේ මල්ල ගේනවා මනුස්සයා?".. "ඉන්නවනම් පොඩ්ඩක් කියන්න." "දන්නවනේ අද රට?"... " කෝ දැන්?".." සිරිල් මල්ලි ඔයපැත්තේ ඉන්නවද බලන්න මේ මනුස්සයා?" "සුරංග. කොහේද බන් මේ යකා ගියේ?" ජගත් අය්ය දැන් මේ මනුස්සයව හොයන්නේ හරියට මු වැටිච්ච ඉදිකට්ටක් කියල හිතාගෙන වගේ. සාක්කු වල විතරයි බලන්නේ නැත්තේ. 

කොහොමින් හරි විනාඩි 10 විතර ඔය ජවනිකාව යනවා. දැන් මේක ගෙනාව මනුස්සයා නෑ. රිදී පාට බ්‍රීෆ් කේස් එකක් මේක. කට්ටිය දැන් බයවෙලා මේක බෝම්බයක්ද දන්නේ නෑ. මොකද කොටි එන්නේ ලේබල් ගහගෙන යෑ කියා කියා වැඩේ නියමෙට බවලත් අය අතර නැඟල යනවා. පිරිමි සෙට් එකම අරුට දෙකක් දෙන හැටියි බෑග් එක විසි කරන හැටියි කතා වෙනවා. අපේ ජගත් අය්යට ඔය අස්සේ අම්බ මල. "මේ පරය අපිව වල කජ්ජ ගස්සන්න මෙතන මේ මගුලක් ගෙනත්" කියල පොර මෙන්න එකපාරම බ්‍රීෆ් කේස් එක ජනෙලෙකින් එලියට විසි කරා.  හරි දැන් බඩුම තම කට්ටිය කතා නෑ සද්ද වහල කටවල් අරන් ජගත් අය්ය දිහා බලාගෙන ඉන්නවා. හරියට පොර මේ දැන් පුපුරන්න හදන බෝම්බයක් දතින් අල්ලලා විසිකරා වගේ.

ඔය මගුල් ඔක්කොම අස්සේ කෝච්චිය ඇවිත් ගම්පහ හරියෙන් නවත්තව්වා. මෙන්න අර මීය වගේ එකා කොහෙන්ද ඇවිත් අහනවා "මගේ බෑග් එක කෝ?".. "කෝ මෙතන තිබ්බ සිල්ව බ්‍රීෆ් කේස් එක?" කියකියා. කට්ටිය මුනෙන් මුණ බලාගන්නවා මිසක් උත්තර නෑ. ඔන්න ජගත් අය්ය නැගිට්ට.. "දන්නේ නැද්ද කාලේ හැටි?..කොහේද ඔලුවක් නැති වැඩ කරනවා. තැන් තැන් වල බෑග් දාල යන කාලයක්ද මේ? මේ තමුන්නාන්සේ ඔය මල්ල යනතැනක අරන්ගියනම් නේද හොඳ ? කව්ද දන්නේ ඕක මොකද්ද කියල? 
මී පුරවැසියා : මොකද්ද කියන්නේ? ඒක මගේ ඔෆිස් බෑග් එක. දැන් කොහේද මෙතන තිබ්බ ඒක?
ජගත් අය්ය: කොහේද කාටවත් නොකිය ගියේ? මම ඒක විසි කරා මොකද අහල අහල එකෙක්වත් එන්නේ නැතුවම කව්ද දන්නේ ඔහේ කොටියෙක්ද මේක බෝම්බයක්ද කියල? අපිට කියන්නේ ඔහේලවගේ මිනිස්සු මලු දාල ගියාම ඒවා පරිස්සම් කරගෙන ඉන්න කියලද ඒවා බෝම්බ උනත්?
මී පුරවැසියා : විසිකරා? තමුසේ මොන හයියකටද ඕක විසිකරේ? පිස්සු හරකෙක්. මගේ ඔක්කොම ඔෆිස් ඩොකියුමන්ට් ඒක ඇතුලේ. අනික මගේ ලැප්ටොප් ඒක?? බූරුව.. 
ජගත් අය්යට උපරිම මල දැන්.. බූරුව? මමද ඕයි බූරුව? පිස්සෙක් වගේ තැන්තැන්වල බෑග් දාල යනවා මදිවට කියවන්නත් එනවා. ඕක තමුසේ කොටියෙක් වෙලා මේක බෝම්බයක් උනා නම්? මොකද එතකොට කියන්නේ? මහත්තය ඕකේ ඔච්චර වටින දේවල් තිබ්බනම් ඔහේ දැනගන්න ඕනේ නේද ඕක පරිස්සමට තියාගන්න?
මී පුරවැසියා : කෙහෙම්මලක් කියවනවා. මම වතුර එකක් ගන්න කලින් ස්ටේෂමෙන් බැස්සම කෝච්චිය අද්දන්න ගත්ත. පස්සේ පෙට්ටියක යන්තම් එල්ලිලා එන්න හදනකොට මැද දොරක් වහල. එන්න බැරුව මම දැන් මේ එනගමන්. අපිත් මේ ආසාවට යනවා නෙවෙයි. මනුස්සයෙක්ට හදිස්සියක් උනාමවත් බලන්න දන්නේ නෑ.
ඔය කතාව අහගෙන හිටිය අපේ සෙට් එකට හොදට තදවෙලා අපේ උන්ටික අර මිනිහව කන්න පටන්ගත්තේ බවලත් සෙට් එකේ පුර්ණ අනුග්‍රහය යටතේ. පිස්සෙක් වගේ බෑග් තැන්තැන් වල තියල එනව මෙතන නීති කතා කරන්න. එක්ක එනවා තමුසෙගෙ ලෝයර්. අපිත් හොද ලොයර්ල තමයි හරිද? වගේ කතා කියකියා..

අන්තිමේ කොහොමහරි අර මනුස්සයා ඉස්සරහ ස්ටේෂන් එකෙන් බැහැල ගියා බෑග් එක හොයන්න. අපි ගියා වැඩට. හැබැයි එදත් එදයි ආයේ නෙවෙයි මම අර මීයා වගේ මනුස්සයා දැක්කේ කෝච්චියේ. දෙපැත්තම සාධාරණයි. නමුත් මට හිතෙන්නෙම අපේ ජගත් අය්ය හරි කියල. මොකද කව්ද දන්නේ එක බෝම්බයක් උනා නම්?

Thursday, August 18, 2011

තවත් එක බුත කතාවක්..


මේ දවස් වල බුත කතා ගොඩයි. මේක තමා මට සිද්ද උන බුත කතාව. මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල මට වෙච්ච දෙයක් මේක.

ඔන්න දවසක් මම නයිට් එකක් කරනවා, ඩේ එන්ඩ් ප්‍රෝසෙසින්. ඕකෙදි ඉතින් කරන්නේ සිස්ටම් එකේ වර්කින්ග් ඩේ එක එන්ඩ් එක කරලා දවසේ පොලිය එහෙම ගිණුම් වලට දාන එක. ඕක සමහර දවසට මහා රෑ වෙනකම් කරන්න වෙනවා. ඉතින් දැන් රෑ 11 විතර ඇති වෙලාව. මම ඉන්න සර්වර් රූම් එකේම තමා සිසිටිවී මොනිටර් එකත් තියෙන්නේ. ඔන්න ඉතින් මම ඊ.ඕ.ඩී එක දාල නිකමට වගේ අර මොනිටර් එක දිහා බැලුව. මෙන්න කව්දෝ එකෙක් ලිසින් සෙක්ෂන් එක හරහා යනවා. ලයිට්සුත් දාල. සාමාන්යෙන් ඔය වෙලාවට ලයිට් දාන්නේ මම ඉන්න හරියේ විතරයි. අනිත් ඔක්කොම නිවල.

අප්පටසිරි! හොරෙක්වත් රිංගගෙනද කියල මමත් ඔන්න හෙමින්ම එලියට ඇවිත් ලීසිං එක දිහාට ගියා. ලයිටුත් නිවල! මොකෙක්වත් නෑ! මේ මොකද හොල්මන්ද? කියල මම අයෙත් ලීසිං එකේ වටක් කැරකිලා සර්වර් රූම් එක දිහාට අවා. එපාර අයෙ අර  සිසිටිවී මොනිටර් එකේ මොකක්වත් නෑ. හ්ම්ම්.. ඔහොම හිටිය අයෙ පය බාගයක් විතර. ඉදල ඔන්න අයෙ ප්‍රෝසෙසින් දන්න යද්දීම නිකම් බැලුව මේ  සිසිටිවී මොනිටර් එක දිහා. අන්න අයෙම ලයිට් දාල? මල පැනල මම ඕනේ කෙහෙම්මලක් කියල ගියා අයෙත් ලීසිං එකට. අනේ ලයිට් නිවල. හොල්මන්ද පොල් කොළ කිව්වලු?? ලීසිං එකේ ඉදන්ම ගත්ත සෙකුරිටි එකට කෝල් එකක්. අරන් ඇහුව මේ ලීසිං එකේ මොනාහරි එකකට කව්රුහරි ආවද කියල? මොකද එයාල හිටි අඩියේ තැන් තැන් වලට යනවා චෙක් කරන්න. එහෙම ආවේ නෑ සර්. ඇයි මොකද ප්‍රශ්නේ? කියල මගෙන් එයාල අහනවා. මම කිව්වා නෑ මම  සිසිටිවී එකේ දැන් දැක්ක එකයි. ඒ උනාට මෙතනට අවම කව්රුවත් හිටියේ නෑ කියල. හරි සර්  අපි එන්නම් කියල එයාල ෆෝන් එක තිබ්බ.

ඔන්න දැන් සෙකුරිටි කට්ටියත් ඇවිත් බලනවා මමත් ටිකක් බැලුව.. කිසි දෙයක් නෑ. කෝකටත් මට සිසිටිවී මොනිටර් එක ගැන සැකයක් තිබ්බ නිසා මම හෙමින්ම එහාට ගියා. ටිකක්  සිසිටිවී මොනිටර් එක දිහා බලන් ඉද්දි ඔන්න අයෙම කට්ටිය යනවා එනවා පේනවා. ඒපාර කස්ටමර්ස්ලත් ඉන්නවා. හ්ම්ම්ම්.. මෙන්න එතකොටම එක අයෙ නොර්මල් යන්න ගත්ත. දැන් සෙකුරිටි අයව පේනවා. මේ මොකද? මේකට මොන යක වැහිලද කියල මම බැලුව. කොහොමින් හරි මම තේරුම්ගත්ත අපේ  සිසිටිවී මැෂින් එකේ ප්‍රශ්නයක් තියනවා කියල. ඔන්න ඉතින් ඒක සෙකුරිටි එකටත් කියල වැඩේ එතනින් ක්ලෝස් කරගත්ත.

පහුවදා අවා සිසිටිවී එක බලන කොම්පැනියෙන් කිව්වා, අපේ  සිසිටිවී සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙලා දවල් වෙච්ච දේවල් සැරින් සැරේ ප්ලේ බැක් එකක් විදියට මොනිටර් එකට වැටිලා. ඔන්න ඕකයි අපේ බුත කතාව. ඉතින් කට්ටිය ඔය බුතයෝන්ට බයවෙද්දී පොඩ්ඩක් වටපිට බලලම බය උනොත් නේද හොද?

Wednesday, July 20, 2011

අනේ අපි කොයිතරම් වාසනාවන්තද නේද?

ඉස්සර ඔයාලට මතකද යනවා පොල් අතු කරත්ත? පාරේ දිගටම දිග කරත්ත වල පොල් අතු පටවන් කරත්ත දෙකක් තුනක් පෙලට යනවා? ලන්තෑරුමක් එහෙමත් එකේ තියනවා. කොහේහරි වෙලක හරි කරත්ත මඩුවක හරි ගොන් දෙන්න ගැට ගහල උන්ට පුන්නකු තණකොළ දීල, පාරේ අය්නෙන් කරත්තේ නවත්තල කරත්ත කාරයෝ දෙන්න නාගෙන එහෙම ඔන්න ඇවිත් කරත්ත බක්කියෙන් ගත්ත අඩුම කුඩුම ලිප තියල රැට කන්න මොනවා හරි හදාගෙන සප්පායම් වෙනවා. පස්සේ ලන්තෑරුම් එලිය අඩු කරගෙන අර කරත්ත බක්කියට වෙලා නිදාගන්නවා. දැකල තියනවද ඔයාල?

තව ඉස්සර ගියා භුමි තෙල් කරත්තේ කියල එකක්. ලංකා කියල ලොකුවට පැත්තේ ගහල පිටිපස්සෙන් සිපෙට්කෝ ලකුණ ගහල රතුපාට ටැංකියක් එක්ක යන කරත්තේ? ඒක නම් දැකල ඇති මොකද කොල තිබ්බ ඒවා මෑතක් වෙනකම්ම. දැන් නම් මම මේ කියන එව්වා බලන්න වෙන්නේ කටුගේක තමා. මට එතකොට තමා හිතෙන්නේ මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි කියල. මේ මගේ ජීවිතේ පලවෙනි හෙවත් මුල් කොටසේ දේවල්. තව ඔයාල අහල තියනවද හානකොට කියන හීයේ කවි? ඉස්සර අපේ ගෙදර ඉස්සරහ තිබ්බේ වෙල් යාය. පාරෙන් එහාපැත්තෙ වෙල්. අපේ ගෙදරට අල්ලපු වැටේ හිටියේ උක්කුන් අප්පච්චි ලොකුඅත්තා. මනුස්සය අද අපි අතරේ නෑ. හීපද කියන්න එය තරම් දක්ෂයෙක් හිටියේ නෑ  ඒ පළාතටම. වෙලට අමුඩ ලේන්සුව ගහගෙන හරක් බාන දක්කාගෙන බහින උක්කුන් අප්පච්චි ලොකුඅත්තා අඩහැරේ පාන්නේ අහල ගම හතටම ඇහෙන්න. ඉස්සර නුවර එලිය පාරේ යන සුද්දෝ මේ අඩහැරේට කොච්චර වශී උනාද කිව්වොත් පාරේ නවත්තල බලාගෙන ඉන්නවා. අපේ ගෙදර ඉස්සරහත් තිබ්බ කමතක්. දැකල තියනවද කමතේ කොළ පාගනවා? කමතේ බිම යන්තරයක් ඇදල මැද වළක් හාරලා එකේ හක් ගෙඩියි දෑකැත්ත වගේ ඒවා තියල පුද පූජා කරලා ගොයම් මඩවනවා? කමතේ හරක් හිටියේ නෑ අම්බරුවෝ හිටියේ වී තිබ්බේ නෑ බැත තිබ්බේ. කමත තිබ්බ තැනට අද ගෙදරක් ඇවිල්ල.

තව මතකද සමනල්ලු සිරිපාදේ යනවා? සුදු සමනල්ලු කහ සමනල්ලු පාට පාට සමනල්ලු රෑන් පිටින් හැම වත්තකම පිරිලා. මට මතකයි අම්මල අත්තම්මල කියනවා "ඔන්න සමනල්ලු සිරිපාදේ යනවා. ඔය පුතේ උන් යන්නේ බුදුහාමුදුරුවෝ වදින්න" කියල. "ඉතින් ඇයි අත්තම්මේ උන් මැරෙන්නේ නැද්ද?" "නෑ පුතේ උන් සිරිපාදේ වැදලා තමයි මැරෙන්නේ." මට මතක් වෙද්දීත් කදුළු එනවා. අපිත් අර සමනල්ලු අල්ලන්නෙවත් නැතුව බලන ඉන්නවා උන් බුදුන් වදින්න යන හැටි. 

අද කෝ මේ කිසිදෙයක්? ගමක ඉන්න පොඩි එකෙක් සමනලයෙක් දැන් දකින්නේ පින්තුරෙකින් හරි ටීවී එකෙන් හරි එහෙමත් නැත්තන් ඉන්ටෙර්නෙට් එකෙන් විතරයි. කරත්ත ගැන නං කතා කරන්න ඕනේ නෑ. අද කව්ද පොල් අතු වහලෙට හෙවිල්ලන්නේ? ඊටත් මොකටද කරත්ත? ලොරියක් බැරිනම් ලොරි බාග කාල් එහෙමත් තියන එකේ? ඉස්සර නං ගෙයක් හදනකොට ගහන පැළලි වලට හරි පොල් අතු ගත්ත. දැන් එකත් ඉටි කොළ. ඉස්සර අපි පරිසරේ එක්ක කොච්චර හිටියද නේද? හැමදේම අපි කරන්න ගියේ පරිසරයට හානියක් නොවෙන්න පරිසරය එක්ක බද්ධව. මතකද ඉස්සර අපේ අම්මල ඉදුල් වතුර කොරහ ගහකට හැලුව? මොකද එකේ තියන හැමදෙයක්ම පොහොර වෙනවා ගහට. මේවා කරේ දැනගෙන නෙවෙයි. ඒත් දැන්?

පොලිතින් ප්ලාස්ටික් කදු වලට කවද හරි අපි යටවෙන සයිස් එකක් තියෙන්නේ දැන් මේ යනවිදියට.ගොවිතැන් කරන්න දාන පොහොර වලට වස විස දානවා. ඒ වස විස කාලා අපි ලෙඩ වෙනවා. ඒ විතරක් නං මදැයි සතා සීපාවා ගහ කොළ ඔක්කොම. අද සමනල්ලු දකින්න නැත්තේ එකයි ඒවගේම මතකද ගේ කුරුල්ලෝ? කොහෙද උන් අද? ගොයම් පාන්නේ යන්තරෙන් අද. කමත් නෑ. අපේ පොඩි උන්ට නටන්න අද වෙල් යායක් ඉතුරු වෙලා නෑ. කිරිවදින ගොයම් ගහක් උදුරන් වී ඇටේක රහ බලන්න අද පොඩි උන්ට වරම් නෑ. කාටද මේ දේවල් කියන්නේ? අපේ පොඩි උන් දකින්නේ යන්තර පිරුන ලෝකයක්. අන්තිමට උන්ට නොදැනී උන් යන්තර වෙනවා. හිතල දෙයක් ලියන්න කියන්න වගේම චිත්‍රයක් අදින්න තියන හැකියාව මොට්ට වෙන්න මේවා හේතුවක් වෙනවා.

අනේ අපි කොයිතරම් වාසනාවන්තද නේද?