Saturday, January 24, 2015

ජායාරුපකරණය - 5 :: කොහොමද හොඳ පින්තූර ගන්නේ?

දැන් ඉතිං සෑහෙන දවසක් වුණා නේද මම ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න අරගෙන. කී දෙනෙක් කැමරා එහෙම අරගෙන ඉන්නවද?? ඈ.. කවුරුත්ම නොගත්තු කෙනෙක් නැද්ද?? අන්න හොඳයි.. එහෙනං අද බලමු කොහොමද හරියටම ෆොටෝ එකක් ගන්නේ, මොනවාද මුලිකාංග වන්නේ කියල.

ඇතැම් ජායාරුප දැක්කම අපේ නෙත් පිනා යනවා නේද? ඇතැම් ඒවා ඇත්තෙන්ම සේයාරුවක් විතරක් වෙනවා නේද? මේ වෙනස වෙන්නේ කොහොමද? අන්න ඒ ගැන ටිකක් කතා කරන්න තමා මම අද හදන්නේ. සේයාරුවක් හොඳ එකක් වන්නට බලපාන්නේ මිනිසාගේ ඇස කියන දේ කොහොමද පිනවන්නේ කියන කාරණය. එතැනදී වර්ණ හැඩතල සහ රූප කියන දේ ප්‍රධාන වෙනවා.

මුලින්ම, මානව රූප සහ සත්ව රූප ගැන බලමු. මානව සහ සත්ව රූප කියන දේ වෙත මිනිස් ඇස ඉතා ඉක්මනින්ම ඇදිල යනවා. ඒ කියන්නේ මිනිස් ඇස හරිම සංවේදී මේ සේයාරූ වලට. එතැනදී මානව රූපයක් හෝ සත්ව රූපයක් ගත්තම අපි පුළුවන් හැමවෙලාවකම (බොහෝවිටම සමීප රූප වලදී.) ඒ රුපයේ ඇස්වෙත අපේ ෆෝකස් එක එහෙම නැතිනම් අපේ අවධානය යොමුවෙන විදියට ගන්න ඕනේ. එතැනදී අපි ඒ ඇස්වල ඇති ශාප්නස් එහෙමත් නැතිනම් තීව්ර බව ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඇතැම් වෘත්තිමය ශිල්පීන් ඇස පසු සැකසුම් මගින් තීව්ර බව වෙනස් කරනවා වගේම වර්ණ පවා එකතු කරනවා මේ ඇසේ තීව්ර බව ලබාගන්න.

දෙවනුව භුමි දර්ශන වලදී අපි මොකද කරන්න ඕනේ? අපේ ඇස්දෙක රුපය වෙත හෝ අපිට අවශ්‍ය දිසාව වෙත රැගෙන යන්න නම් අපි භාවිතා කරන්න ඕනේ දේවල් තියනවා. ඒවා අතුරින් රේඛා සහ හැඩතල කියන්නේ ඉතාම වටිනා දේවල්. රේඛාවන් විදියට අපිට ගන්න පුළුවන් බොහෝ දේ ස්වභාවිකව හෝ මිනිසා විසින් නිර්මිත දේ තුල තියනවා. උදාහරණයක් ලෙස නුවර දළදා මාලිගාවේ වලාකුළු බැම්ම එක්තරා ආකාරයක රේඛාවක්. මේ රේඛාව දිගේ ගමන්ගන්නා ඇස අපිට අවශ්‍ය ස්ථානයක ඇති දෙයක් වෙත යොමු කරන්න පුළුවන්.උදාහරණයකට මාර්ගයක් ගන්න. මාර්ගය කෙළවර වන ස්ථානයේ ඇති ගොඩනැගිල්ල අපි සේයාරුවට නගන්නේ නම් අපිට මාර්ගය සමගින් එය කරන්න පුළුවන්. එවිට මාර්ගය රේඛාවක් වී ඇස වෙත ගොඩනැගිල්ලට පාර කියනවා. මේ දේට අපි ජායාරුපකරණයේදී ලීඩ් ලයින් එකක් එහෙමත් නැතිනම් ඇස ගෙනයන මාර්ගයක් විදියට හඳුන්වනවා. හැඩතල කියන්නෙත් ඒ වගේම දෙයක්. හැඩතල වලදී ඇස බොහෝවිටම සමමිතිය කියන දේ ඔස්සේ ගමන් කරනවා. මේ ඇසුරෙන් තමයි ඔරලෝසු වල 10:10 ලෙස වෙලාව සටහන් කර සේයාරූ තියෙන්නේ. එතැනදී අපිට ඔරලෝසු මුහුණතේ සමමිතික හැඩතල මගින් බෝහොකොටම නිෂ්පාදනයේ වර්ගය ඔසවා පෙන්වනවා.

දැන් බලමු තවත් දෙයක් ගැන. ඒ තමයි පසුබිම සහ පෙර බිම කියන සංකල්ප දෙක. අපිට සේයාරුවට නගන්න අවශ්‍ය දේ අපි ගත්තොත් ඒ හැම එකකම පසු හා පෙර බිමක් දකින්නට තියනවා. මානව රුපයක් ගත්තොත් එතැනදී පසුබිම විදියට ඒ පුද්ගලයා ඉන්න භුමිය දකින්න පුළුවන්. පෙර බිම විදියට පුද්ගලයා හෝ වෙනත් වස්තුවක් හෝ තිබෙන්න පුළුවන්. මේ සංකල්පයේ දී අපි හැමවිටම වාගේ පසුබිමේ සහ පෙරබිමේ දී ඇති වස්තුන් වෙත අවධානය යොමුවන විදිය ගැන සලකා බලනවා. උදාහරණයකට මානව රුපයක් මල් වත්තකදී ගන්නේ ය සිතන්න. මල් ගොමුවක් පසුපස සිටිනා කෙනෙක් සහ ඒ පසුපසින් වන ගස් වැනි දෑ ඔබට සිතන්න මම යෝජනා කරනවා. දැන් ඔබ ගන්නා සේයාරුවේ මල් වෙත ඔබේ කැමරාවේ තීව්‍රතාව යොමු කොට පුද්ගලයා මදක් හෝ බොඳවූ ස්වභාවයෙන් යුතුවත් පසුබිම තවත් බොඳ වූ ස්වභාවයෙනුත් දිස්වන්නේ නම් ඔබ ඒ සේයාරුව ගැන නැවත සිතනවා නේද?

වර්ණ. වර්ණ සහ හැඩතල යනු ජායාරුප වලදී නිතරම දකින්න තියන දෙයක්. එතැනදී වර්ණයන් තද හෝ වඩා තීව්ර වන විට දී ඇස  හැඩතල වලින් වර්ණ වෙත ද වර්ණයක් වඩා ලා පැහැයන් හෝ අඩු වශයෙන් තීව්ර වන විට දී වඩාත් ඇස වර්ණ වලින් හැඩතල වෙත ද ගමන් ගනු ලබයි.

ඉතිං මේ කතා කලේ සේයාරුවක් තැනෙන මුලිකාංග ටිකක් ගැන. පුංචි ඇඩ් එකකුත් දාන්නං කෝ මේ ගමන් ම. ඔන්න මගේ ම සේයාරූ පිටුවක් තියනවා මුණුපොතේ. කැමති කෙනෙක් ඉන්නවා නං එතනට ඇවිත් මගේ එක්ක එකතුවෙලා සේයාරූ රසවිඳින්න පුළුවනි. එහෙනම් නැවත හමුවෙමු. එතකං ඔබට මෙන්න දෝහා නගරයෙන් මතක සටහනක්.



Sleeping in Peace - Doha from the Parcel one - The Pearl.

18 comments:

  1. ස්තුතියි. ඡායාරූපකරණය ගැන දිගටම ලියන්න.

    ReplyDelete
  2. බොහොම ආසාවෙන් කියෙව්වා. මමත් මෙව්වා පිස්සෙක්නේ. ඊයේ පෙරේදත් අත්හදා බැලීම් ටිකක් කළා slave unit flasher එකක් ආධාරයෙන්.

    පොඩි ඉල්ලීමක් කරන්නද. පින්තූරූ කියා වචනයක් හදන්න බැහැ. පින්තූර තමා නිවැරදි වචනය. එහෙම හදමුද?

    ReplyDelete
    Replies
    1. මට තවම ස්ලෙව් යුනිට් එකක් නෑ. ගන්න ඕනේ. ඔබතුමාගේ අත්හදා බැලීම් ටික දම්ම නං බලන්න නරකද ඉගනගන්න කෙනෙක් ට වුනත් වටිනවා ඇති නේ.

      ඔබතුමාට බොහොම ස්තුතියි මගේ වරද පෙන්වූවාට. ඇත්තටම අද තමයි ඔය වරද මම දැනගත්තේ. බොහොම ස්තුතියි නැවතත්. ඔන්න වරද හදලම තමයි ආවේ.

      Delete
  3. පිං සිද්ද වෙනව! :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද ඒ? ස්තුතියි ඇවිල්ල කියවලා යන එකට.

      Delete
  4. අදත් වැදගත් විස්තරයක්..

    දැන් අයියා මේ ගැනම විතරද ලියන්නේ???

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් මලය මේ පැත්තේ ඇවිත් ගියාට. දැන් ටිකක් විතර මේ පැත්තෙන් ලිපි පලවේවි. වැඩේ කියන්නේ දැන් කොළමේ නම් මාරු කරන්න කාලේ හරි වගේ :)

      Delete
  5. ක්සැන්ඩරයගෙ නියම නමත් අද තමයි දැනගත්තෙ..බොලාගෙ ෆොටෝ ඇල්ලිල්ල නරක නෑ...හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. :D බොහොම ස්තුතියි සිරා..

      Delete
  6. ඉතාම වැදගත්. බලලා දවස් කීපයක් වුණා. මගේ ෆෝන් ඒකෙන් DSLR Quality ෆොටෝ ගන්න පුළුවන් කියලා තියෙනවා. ටිකක් වැඩ ඉගෙන ගත්තා youtube එකෙන්. ඒත් මේ වගේ මූලික සිද්ධාන්ත දන්නේ නැතිව අඳුරේ අත පත ගාලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදීක.

      Delete
  7. මට මේ blog එක set උනේ ඊයෙ. එක හුස්මට ඔක්කෝම ටික කියෙව්වා. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.
    මට ඔයාගෙන් දැනගන්න දේවල් ටිකක් තියෙනවා.
    මෙහෙ camera ගනන් නේද (කටාර්- මමත් ඉන්නෙ මෙහෙ.)
    කැමරාවක් ගන්නවා නම් කොහෙන්ද ගන්න හොඳ, කියලා කියන්න පුලුවන්ද.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පිළිතුරු ප්‍රමාද වීම ගැන. මෙහෙ කැමරා ගන්න නම් ඉතිං ලුලු එකේ ඉඳලම තියනවා නේ. නමුත් මිල නම් ටිකක් වැඩියි. මොනවගේ කැමරාවක් ද ගන්න බලන්නේ, ඒ එක්කම මොනවද කරන්න බලාපොරොත්තුව කියල කියන්න පුළුවන් නම් මට ඒ ගැන කියන්න පුළුවනි.

      Delete
    2. මම තාම මේ විෂයට අළුත් නිසා ගන්න හිතාගෙන ඉන්නෙ Nikon D3300 එකක්. මම හිතුවෙ මේකෙන් study කරන ගමන් හොඳ lenses ටිකක් එකතු කරගෙන වැඩෙ අල්ලලා යනවනම් වෙන එකකට මාරු වෙන්න.

      Delete
    3. මම නම මාරු කරා.Rawanaකියන එක දැන් ad එකක් වෙලනෙ. ඒකයි. ඒක නිසා අපහසුතාවක් ඇතිවුනා නම් සමාවෙන්න.

      Delete
    4. සමාවෙන්න ඕනේ මගෙන් පිළිතුරු ප්‍රමාද වීම ගැන, ඇත්තම කිව්වොත් ඔබ කියන කැමරා එක හොඳයි. ඔව්. ලෙන්ස් තමයි අවශ්‍ය. හොඳ ෆුල්ෆ්‍රේම් ලෙන්ස් වලට ආයෝජනය කරන්න. ඔබට ඒ ලෙන්ස් දිගුකලක් භාවිතා කරන්නත් ඒ එක්කම හොඳ තත්වයේ පින්තුරු ගන්නත් භාවිතා කරන්න පුළුවනි.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete