![]() |
Picture by Google Search. All rights are on original photographer/website. |
පුරා
තෙවසර වෙහෙසිලා මා
තැනුවෙමි
දෙවොලක්
තනා
මලසුන් පුදන්නට එහි
තැබුවෙමි
එක පුදසුනක්
තනා
එ දෙවොල තබන්නට එහි
වෙහෙසවුවෙමි
දෙව් රුවක්
තබා
දෙව්රුව පුදන්නට එහි
පැමිණි
විට මා එක දිනක්
දෙවිඳු
පැනගොස්
දෙවොල
පාළුය
මලසුනේ
ඇත
මල්
ටිකක්...
මළා...
ReplyDeleteමලා නෙවෙන්නං ..
Deleteකව්රු එක්කද බලහං නැත්නං සුදු වෑන් එකක් ආවද බලහං.. ඉක්මන් කරහං.. ජනවාරි වෙනකොට මානව හිමිකම් යමං.. හැක්
ReplyDeleteරතුපාට බයික් එකක් ලූ ආවේ නාකි හම්පඩ චීනෙක් එක්ක.. මොන මානව හිමිකම් ද බොල චීන්නු එක්ක?
Deleteටයිටලේ දැක්කම හිතුවෙ තොවිල් නටන්න හදනව වත් ද කියල. :D පස්සෙ දේශපාලනික කයියක් වගෙත් පෙණුනා. ඒ විතරක් නම් මදෑ... ආයෙත් හිතුන බ්ලොග් එකට අවුරුදු තුනක් වෙලා ද කියල. ඒකත් පහු වෙලා නෙ. ප්රවර්ගයෙන් ගොඩ ගියා. :)
ReplyDeleteකාලෙකට පස්සෙ නේද.. ක්සැන්ඩර් අයියා දකින්න ලැබීම සතුටක්..!
හඃ හඃ හඃ... ඔයින් ගියා මදැයි.. මං ඉතිං ෆුල් බිසී වුණාම මේකට මොනාහරි කොටනවා. හැමදාම මොනාහරි ලියන්න යනවා නං ඔන්න හෙනහුරෙක් පාත්වුණා වගේ මට ඔෆිස් එකෙන් වැඩක් සෙට් වෙනවා ආයේ මාසයක් දෙකක් වත් මේ දිහා බලන්න බැරි වෙන්න. ඉතිං මේ ඉඳල හිටලා ලියන කතා කවි තමා.
Deleteඅවුරුදු ගණන් හිට්ස් ගනන් සමරන්න මං ඉතිං මේක කියනවා කියල යෑ එක හැටියකට. :)
චන්දන දැකීමට ලැබීමත් ඇත්තටම බොහොම සතුටක් මටත්..
දෙවිඳු නැතිනම් දෙවොලේන් ඇති පලේ කීම. ?
ReplyDeleteඅන්න එතනයි ප්රශ්නේ.. දෙවිඳු නැතිවද දෙවොල තව ඇත, දිනක දෙවිඳුන් වඩිති සිතමින...
Deleteඅප්පේ....................................දේවාලේ ඔලුවට කඩාවැටිලා හරි ඔය ආපහු බ්ලොග් එකට පණ ඇවිත් තියෙන්නේ. හරිම සතුටුයි ඒ ගැන. හරිම තරහයි අපේ පැත්තේ ආවේ නැති එකට.
ReplyDeleteඔය කියන්නේ ලංකාවේ තියන ඔයාටම අයිති දේවාලේ ගැනද?
තරහා අවසර විචාරකතුමා හදිස්සියේ ම එන්න සිද්ධ වුණා ඒ නිසයි එන්නම් කියලත් එන්න බැරිවුනේ. මේ වතාවේ එහෙ එන්නම දවසක් යොදාගෙන හිටියත් වැඩේ කරන්න බැරිවුණු එක ගැන නම් මටත් ගොඩක් කණගාටුයි.
Deleteහඃ හඃ.. මගේ දේවාලේ ගැන නෙවෙයි විචාරකතුමා මේ මගේ යාළුවෙක්ට වුනු ඇබැද්දියක් දැකල හිතට ආව වචන පේලියක්.. අපේ දේවාලේ දැන් බොහොම කලබල තැනක් :D
මමත් උන්නෙ තොවිල් කයියක්ද කියාලා..
ReplyDelete"පුරා තෙවසර වෙහෙසිලා මා - තැනුවෙමී දේවාලයක්
තනා මලසුන් පුදන්නට එහි - තැබුවෙමී එක පුදසුනක්
තනා එ දෙවොල තබන්නට එහි - වෙහෙසවුවෙමි දෙව් රුවක්
තබා දෙව්රුව පුදන්නට එහි - පැමිණි විට මා එක දිනක්
දෙවිඳු පැනගොස් දෙවොල පාළුය - මලසුනේ ඇත මල් ටිකක්..."
මම බැලුව හුරු ආකෘතියකට ගන්න
පළවෙනි දෙවෙනි "මි" යනු "මී" යනු කරා
"දෙවොල" දේවාලයක් කරා
ඒත් බෑ!!
මේක අමුතු ආකෘතියක්!
මරු!
තෙවසර කීවේ දැන් ෆයිනල් ඉයර් එකේද මන්ද ;-)
මගෙ හද මඬල මල් යහනකි ප්රභාවතී - නුඹෙ හද මඬල කටු යහනකි ප්රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී - මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී
මතක් වුණා!!
මේක ටිකක් අමුවෙන් වගේ ගත්තු ආකෘතියක් තමයි තිස්ස.. මොකද මේ තේ එකක් බොන ගමන් ඇදිල ආපු කතාවක් පාදක කරගෙන ඒ ක්ෂණිකව ලියවුනු එකක්.
Deleteෆයිනල් ඉයර් එකේ නෙවෙයි... දැන් වැඩේ ෆයිනල් වෙලා.. :)
බොහොම ස්තුතියි ඔබට..
අනේ අම්මේ...ක්සැන්ඩරයා ආයෙම ලිපියක් ලියලා තියෙන්නෙ අගෝස්තු මාසෙට පස්සෙ...මේ මාස ගාන බොලා දෙවියව හොයන්න ගියාද...දිගටම ලිව්වොත් හොදා...නැත්තං අපි නරක මිනිස්සු කියනවා නෙමෙයි...අරිද ?
ReplyDeleteමමත් ආසයි බං දිගටම ලියන්න. කොහෙද ඉතිං අපේ බොසා හෙනහුරා වෙලා මාව කන්නම බලා ඉන්නවා නෙව.. නිකං විනාඩියක් ඉන්න නෑ මේ ටිකේ.. :) කොහොමත් මං ලියන එක නං නවත්තන්නේ නෑ. ස්ලෝ මෝෂන් හරි වැඩේ වෙයි.
Deleteඅපේ දේවාලත් ඔහොම තමා අයියෙ!
ReplyDeleteඑහෙනං ඉතිං දෙයියා එනකං බලා ඉන්න එකයි ඇත්තේ බීඩි මිටියක් පත්තු කරගෙන..
Delete