අද ශ්‍රී ලංකාවට අවශ්‍ය
වන්නේ මතවාදී වෙනසකි.අද පවතින්නේ බොහොම පරිහානියට පත්වූ සමාජ ක්‍රමයක් බව රටේ තරුණ
රැල්ල දෙස බැලීමෙන් තේරුම් ගත හැක. පලදාවක් නැති දෑ ගැන බොහෝ ප්‍රබෝධමත්ව කතා බහ
කරන ඔවුහු සාහිත්‍ය,කලාව,රසාස්වාදය ගැන මෙලෝ
හසරක් නොදනිති. තර්කයට ඔබින දෑ වටිනා දෑ සමග දැනුම ඔවුහු ළඟ නැත්තේමය. හුදෙක් හර
සුන් අරුත් විරහිත දෑ පසුපස පන්නන සමාජය තුල විචාර බුද්ධිය යනු හුදෙක් කට වචනයටම
සීමා වුවක් බව පසක් කරයි.
බොහෝ තරුණ කොටස් අද දින
අලවි වන්නේ වෙළඳපල අලවි වන භාණ්ඩ හා සේවා පරදවා ය. ඔවුන් අලවි වන්නේ දේශපාලන කණ්ඩායම් මත අතකොලු ලෙසය. තරුණ ජවය
අවිය කොටගෙන සියලු දේශපාලකයින් අද ආගම්, ජාතින් භේද කරවමින් සිය දේශපාලන අභිමතාර්ථ සපුරාගැනීමට
අහිංසක තරුණ පරපුර බිලිගනිමින් සිටීම ඉතා ඛේදනීය වන අතර එයින් මිදීමට තරුණ පරපුර
ශක්තිමත් නොවීම දුර්භායකි.
ඒ සඳහා හේතු ලෙස, අධ්‍යාපනය
පිරිහීම සහ අඩපන කිරීම කාලයක සිට දේශපාලන උවමනා මත සිදුකිරීම නිසා වූ අතුරුපලයක්
ලෙස මට හැඟෙයි. ඉතිහාසය නොදත් සාහිත්‍යය කලාව සහ රසය නොදන්නා තැනකට පත්කළ
පරපුරකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද යන්න ද ගැටළුවකි.
පන්සල / පල්ලිය හුදෙක් දේශනා වලට
මිස ආධ්‍යාත්මය දියුණු කිරීමට උදව් වන ස්ථාන නොවීම මගින් තව දුරටත් මේ පරිහානිය
සීග්‍ර කිරීමක් සිද්ධ වේ. ආගමික නායකයින් සියලුම දෙනා තමන්ගේ ආගම දේශනා මගින්
කියාදීම පමණක් නොව ආගම තුල වන හරය ඉතා සරලව කියන්නේ නම් මේ විනාශය මීට වඩා යම්තාක්
දුරකට හෝ අඩු කරගත හැකිව තිබුණු අතර තවමත් ඒ සඳහා ප්‍රමාදයක් මම නම් දකින්නේ නැත.
කැමැත්තෝ සිතත්වා.. දකිත්වා..
අප්පොච්චියේ.......................මෙන්න ආයෙත් ක්සැන්ඩර් තුමා බ්ලොග් ලේකෙට ගොඩ බැහැලා.
ReplyDeleteමටනම් හිතෙන්නේ බලාගෙන ඉඳලා තවත් ඉවසන්ඩම බැරිතැන තමයි මේ පෝස්ට් එක ලියලා තියෙන්නේ.
ඇත්ත, සම්පූර්ණ ඇත්ත. මමත් එකඟයි. ඔබ මෙහි කියා ඇති කරුණු මාත් මීටපෙර විවිධ අවස්ථා වලදී කියා තිබෙනවා. නමුත් එයට ප්‍රතිචාර වශයෙන් ලැබෙන්නේ අපහාස උපහාස පමණයි. ඒ තරමට අනවබෝධය වර්ධනය වෙලා.
ස්වාධීන චින්තනය මිනිසුන් තුල වර්ධනය නොවුණොත්, මහා විනාශයක් තමා වෙන්නේ.
මේක දාල යන්නේ නෑ විචාරකතුමා.. කොහේ ගියත් කියවනවා. ලියන්න නිදහස ඉස්සර වගේ අඩුයි. ඒත් කොහොමහරි කිව්වත් වගේ බැරිම තැන තමා මේ ලියන්න හිතුවේ..
Deleteසැන්ඩර් මල්ලි වෙල්කම් බැක් වේවා.. හැපි නිව් ඉයරයක් වේවා..
ReplyDeleteහදන්න නං වෙන ක්‍රමයක් ඕන.. මේ විදියට බෑ..
තැන්ක්යූ වේවා.. ඇන්ඩ් සේම් ටු යූත් වේවා.. :)
Deleteවෙන ක්‍රමයක් කිව්වේ?
මකල ගන්න ඕන බං.. හැක්
Deleteහුඟ කාලෙකින් ....
ReplyDeleteමේ යන විදියට ක්‍රමය නම් වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි බං, තව වලපල්ලටම යනව මිස.
මඩු වලිගෙන් තලනව වගේ ක්ෂණික විසඳුම් නම් අත්හදාබලන්ට පුළුවන් වෙයි සමහරවිට. :)
සෑහෙන කාලෙකින්, අවුරුද්දකට මාස හතරයි අඩු.
Deleteමේ යන විදියට නං මේකේ වෙනසක් දකින්න අමාරු බව ඇත්ත මචං ඒත් මේ විදිය වෙනස් කරන්න කට්ටියට එලියට එන්න නං වෙලාව හරි. නැත්තං ඉතින් අනාගතේ දෙයියන්ටම පෙනේවි. මොකද ඉතින් මේ අපේ රටේ ඉන්න එවුන් අවුලවන්න මහා ලොකු දේවල් ඕනේ නෑ නේ. හැම මගුලම මේකෙම තියනකොට.
අැති යන්තං අැවිත් :D
ReplyDeleteආවා ආවා.. ක්සැන්ඩරයා ආයෙම ආව.. :D
Deleteඋඹලා එකෙක්වත් මාව දාල ගිහින් නෑ නෙව.. මාර සතුටක් තියෙන්නේ ආපහු කට්ටිය දැක්කම.. ඔව් ඇත්තටම අවුරුද්දකට කිට්ටුයි මම ආපහු ලියන එක ලියන්න අරගෙන නේද? ලිව්වා තැන් තැන්වල ඒත් බලාගෙන ඉඳල ඉඳල බැරිමතැන ඕන්න ආපහු මෙතනම ලිව්වා..
ReplyDeleteහප්පේ ක්සැන්ඩරේ.. කොහෙද මකබෑවෙලා උන්නේ.. ආපහු දැකීම හෙනම සතුටක්...
ReplyDeleteවෙනස් කරන්න ගිහින් නාගෙන නොවැ ඉන්නේ....
ඉස්තුතියි කිව්වා ඕන්න.. අටෝ රාශියක් වැඩ මැද්දේ ලියන්න තියා මලවන්නවත් වෙලාවක් නැතුව උන්නේ බං. ඒත් බැරිම තැනක ඕන්න රිංගල ලිව්වා එක.
Deleteවෙනස මාරයි රට හමාරයි. එකම දේ දුකයි ලංකාව ගැන දැක්කම. මොකද මේ ලෝකේ කොහේ හිටියත් අපේ හිත තාම ලාංකිකයි මචං..
/පන්සල / පල්ලිය හුදෙක් දේශනා වලට මිස ආධ්‍යාත්මය දියුණු කිරීමට උදව් වන ස්ථාන නොවීම /
ReplyDeleteපල්ලිය නං මංදා, පංසල නං එළවන්නෙ, ලෝකෙ ලොකුම බුදුපිළිමෙ හදාගෙන පංසල ප්‍රසිද්ධ කරගෙන, ආධාර දඩයං කිරීමයි, සිල් ගන්න එන උදවියගෙන් සල්ලි කඩාගන්න එකයි, ආවාස ගේ මන්දිරයක් කරගන්න එකයි පස්සෙ තමා.
"චරථ භික්ඛවෙ බහුජන හිතාය බහුජන සුඛාය..." කියල තියෙන්නෙ දේවදත්තලුනෙ.
කතාවේ ඇත්තකුත් තියනවා ඩ්රැකී, මොකද සමහර සිද්ධස්ථාන වලට ගියාම හාමුදුරුවෝ බලන්නේ කීයක් ගන්නද කියල. එහෙම නැති තැනුත් නැතුවාම නෙවෙයි. ඉතිං කෝකටත් විසඳුම බෞද්ධ අධ්‍යාපනය කියලයි මම නං හිතන්නේ. චීවරේ පොරෝගෙන උන්නාන්සේලා දහම් කියන දේ පාලි ගාථාවකට ලඝු කරන එකට මම නං විරුද්ධයි. බොහොමයක් උන්නාන්සේලා පන්සලට වැඩම කරලා තියෙන්නේ සසරින් එතර වෙන්න නෙවේ. කතරින් එතර වෙන්න.
Deleteපල්ලිය පැත්තෙන් වුනත් කියන්න ඕනේ දේවල් තියනවා. නබි තුමාවෙත පැමිණි එක මනුස්සයෙක් එතුමාගේ ගෙදර නවාතැන් ගෙන පසුදා යද්දී ගේ වසුරු හෙලා ගිහින් තියනවා. ඒ දැකපු නබි තුමා ගේ පිරිසිඳු කරනවා ලු කිසිවක් නොකියාම. මේ දේ දැකපු තව කෙනෙක් එතුමාගෙන් අහල තියනවා ඔය ආපු එකා අල්ලාගෙන ගේ සුද්ධ කරගත්ත නං හොඳ නැද්ද? ඉන්න දුන්න තැනට මෙහෙම කරන එක හරිද කියල. නබි තුමා කියල තියනවා මම ඒ මනුස්සයාට නවාතැන් දුන්නට වැසිකිලිය පෙන්නන්න බැරිවුනා කියල. ජේසු තමා කී එක දෙයක් තමා එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික්කරන්න කියල.. බුදුන් වහන්සේ කිව්වේ නහි වේරේන වේරානි කියල. කෝ ඉතින් එකක්වත් වෙනවද? මම දන්නවා මම මේ බඹරේ දිහාට ගලක් ගහනවා කියල කෙනෙක් දකීවි. ඒත් මට පේන දේ නොකියා කොහොමද?
ඔය එක එක කැරලි වලින් මිනිස්සු හිතන පතන දේවල් බලෙන්ම වගේ වෙනස් කරලා. අන්න ඒකත් එක ප්‍රශ්ණයක්
ReplyDeleteක්සැස්න්ඩර් අයියා ආයෙම ලියන්න ගත්ත එක හොදයි. දිගටම ලියමු.
බොහොම ස්තුතියි මල්ලි.
Deleteකැරලි වලට වඩා ඔතන තියෙන්නේ නිතරම දකින දේ ඇහෙන දේ මගින් මිනිස්සු සිතන්නට පෙළඹවීම. කොටින්ම කිව්වොත් ගොබෙල්ස් තියරිය. බොරුවක් නිතරම කීම මගින් ඒ බොරුව සත්‍යයක් සේ පිළිගැනීමට මිනිසුන් පෙළඹේ යන්න.
පන්සල කි්යන්නෙ අද වෙනකොට ගිිහි සමාජයට වඩා ලෞකිකරණය වෙච්ච ආයතනයක් මචෝ.. නිවන් යනවා නම් ඇත්තටම හාමුදුරුවරුන්ට කලින් නිවන් යන්න ඕනෙ අපි. මොකද ආර්ථික පීඩනේ පතුලටම වැටිලා ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ අය නම් ගෙවන්නේ බොහෝම සුභර ජීවිතයක්...
ReplyDeleteවැඩේ කියන්නේ ඔය දේ දකින්නේ කීයෙන් කී දෙනාද? නමුත් ගිහි අපිට පන්සලේ හාමුදුරුවෝ ගැන කරන්න තියෙන්නේ පාත්‍රයට දන් නොබෙදීමයි උන් තැනින් නැගිට ගරු නොකිරීමයි විතරයි. අනිත් දේ පාපයක් නේ. ඒ නිසා ඉතින් මොනවා කරන්නද කියල ඉන්නයි තියෙන්නේ.
Deleteමේ ව්‍යාප්තවාදයට තියෙනෙන් එකම විසඳුමයි. රජය තරයේ කියා සිටින්න ඕනේ එක පවුලක ඉන්න පුළුවන් එක දරුවයි. එයට වඩා වැඩියෙන් හැදුවොත් රජයෙන් කිසිම දෙයක් ඒ යට දෙන්නේ නෑ. අඩුම ගානේ උප්පැන්නේ වත්. විදේශිකයින් විදියට තමයි ඉන්න වෙන්නේ කියලා. එතොට මේ ප්‍රශ්න තුරන් වේවි. මේ වගේ නේපාලය කරලා තියෙනව මම දන්නා තරමින්. ජනගහන ප්‍රතිශතයට ඔවුන් ඒ කාලෙම නීති දාගෙන.
ReplyDeleteචීනය මම දන්නා පරිදි මේ එක පවුලයි එක දරුවයි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කල ඒ වගේම ඒ නිසා ජාත්‍යන්තරය ඉදිරියේ ඉතාම දරුණු විවේචන වලට ලක්වූ රටක්. නමුත් 2016 ජනවාරියේ සිට ඔවුන් දරුවන් දෙදෙනෙකු සඳහා නීති වෙනස් කරලා තියෙනවා. ව්‍යාප්තවාදය නතර කරන්න ලංකාවේ ඒ වගේ දෙයක් නොවේවි. මොකද ආණ්ඩු සියල්ල බලය උදෙසා සුළු (පොතේ පරිදි) ජාතීන්ගේ අවශ්‍යතා සපුරාලන අවස්ථාවක මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේ ද යන්න ගැටළුවක් මෙන්ම ප්‍රතිපත්ති සැකසීමද ගැටළුවක් වන්නට ඉඩ තිබේ.
Delete