ක්රෝම් අපලය යනු ගුගල් ක්රෝම් හරහා සිංහල කියවීම /
ලිවීම සිදු කරන සියල්ලන්ටම පොදුවේ ඇති ගැටළුවකි. එනම් සිංහල අකුරු නිසියාකාරව
නොපෙනීම නැතිනම් font rendering නිසියාකාරව නොවීම.
සිංහල බ්ලොග්කරුවෙක් / කමෙන්ට් කරන්නෙක් / පාඨකයෙක් විදියට ඔබටත් ක්රෝම් අපලය තිබේද? එසේ නම් අපි
සියල්ලෝම එකතුවී ඒ ගැන ගුගල්ට කියමුද?
ගුගල් ක්රෝම් යනු මේ වන විට වැඩියෙන්ම භාවිතා වන
අන්තර්ජාල පිවිසුම් මෙවලමක් වී හමාරය. එකක් එහි වේගවත්බව නිසාත් භාවිතයේ පහසුව
නිසාත් බොහෝ දෙන මෙය වත්මනේ භාවිතා කරයි. (මේ ගැන නං ගොඩක් විවේචන ඇත. ඇත්තෙන්ම
එහි වේගය පරිඝනකයේ මතකය කා දමන්නක් වුවද නව සංස්කරණය සහ වේගය ගැන පැවසීමේදී එය
වැඩිදියුණු කර තිබෙනු දැකිය හැකි අතරම මතක භාවිතය ද මදක් අඩු වී ඇත..)
නව සංස්කරණයක් පැමිණීම ඔස්සේ ගුගල් ක්රෝම් ද සිංහල
බ්ලොග් ලියන කියවන සැමට කොකා පෙන්වමින් යන කාලයක අපේ එකමුතුව පෙන්වා මේ අඩුව නිවැරදි කරගන්නට උත්සාහයක් නොදරන්නේ ඇයි ද මට
සිතේ. ඒ නිසා මේ පෝස්ටුව මගේ බ්ලොග් කටුවේ එල්වීමට මට සිතිනි.
හරි, අටුවා ටීකා ටිප්පනි ඉවරයි කරන්න ඕනේ මෙච්චරයි, ක්රෝම්
එකේ දකුණු පස ඇති මෙන්න මේ වගේ
බොත්තම වෙත යන්න. එය ක්ලික් කල පසු ලැබෙන මෙනුවේ
අවසාන තේරීමට කලින් එක (අන්තිම එකේ සිට එකක් ඉහලට) තෝරන්න. ඔව්, හෙල්ප් (Help) කියල
තියන එක තමා, J. එහි තේරීම් තුනක් තිබෙන
අතර අවසාන තෝරාගැනීම කරන්න(Report an Issue) , නැතිනම් කෙටි පාර Alt + Shift + I
මේ ඔස්සේ ඔබට මේ දෝෂය ගැන ගුගල්ට කීමට හැකියාවක් ඇත.
ඉතිං අපි ගුගල්ට එහෙමවත් කියල හැදෙන්න කියමු නේද?
අනේ වැඩක් නෑ බන් දන්න හැම විදිහකින්ම කියලා තියෙන්නේ.. ඌ හැදෙන එකෙක් නෙමේ... අන්තිමට අර නීමෝ පෙන්නපු පරකින් ගිහින් පරන වර්ශන් එකක් දාගත්තා.. ඒකෙ අර අවුල නෑ....
ReplyDeleteවැඩේ අතාරින්න නරකයි, මම නං ෆීඩ් බැක් එක නාවොත් තව කරන්න පුළුවන් හැම විදියටම කරනවා. ෆේස් බුක් එකේ මැසේජ් දාල හරි ට්විටර් ලියල හරි එකෙක් හරි උත්තර දෙනකං මම නවත්තන්නේ නෑ මචං..
Deleteඔය පුරස්නේ ගැන අපිත් ලිව්වෝ මේකේ නිමෝ කියලා තියන විසඳුම ටක්කෙටම හරි. කොරලා බලන්ටකෝ.
ReplyDeleteපරණ ඒකට වැඩ කරනවා විචාරකතුමා ඒත් කම්පැනි පොලිසි එක අලුත් වර්ෂන් අප්ඩේට් කරලා ඉන්න ඕනේ කියන එක හින්දා මට ඕක මෙහෙ කරන්න බෑ. ගෙදර එකේ ක්රෝම් නෑ. ඒ මදිවට ඒකෙන් බ්ලොග් ලියන්නත් බෑ සිංහල ඉන්පුට් නැති හින්දා. ඒ හින්දා මේක කොහොමහරි හදාගන්න ඕනේ. මම නං සටන අතාරින්නෙ නෑ. එකෙක් හරි රිප්ලයි කරනකං මම සටනේ.
Deleteමම මේ කමෙන්ට් එක දාලා ටිකකට පස්සේ ක්රෝම් එකෙන් අප්ඩේට් එකක් තියනවා කියලා පෙන්නුවා. (අර ඔබ පෙන්නලා තියන හරස් ඉරි සහිත බොත්තම තැඹිලි පාට වෙනවා අප්ඩේට් එකක් තියනවා නම්) මම ඒක ගණන් ගන්නේ නැතුව හිටියා. අද උදේ බලනකොට, ඒ බොත්තම ආපහු කළුපාටට තියනවා. මට හිතෙන්නේ මේ ප්රශ්නයට ගූගල් ලොක්කෝ විසඳුමක් දෙනතුරු, අපිට වරින් වර ක්රෝම් එක අන්ඉන්ස්ටෝල් කර, නැවත ඉන්ස්ටෝල් කරන්න වෙයි වගේ.
Deleteඅද වන විට තත්වය: ගුගල් ක්රෝම් ෆේස්බුක් පිටුව වෙත තත්වය වාර්තා කළා. මැසේජ් යවන්න විදියක් නෑ. බලමු මොකද කියන්නේ කියල. අප්ඩේට් කරමින් ඉන්න බෑ..
Deleteපරණ සංස්කාරනයක් දැම්මා මමනම්. හැබැයි එකත් ගොඩක් කල් බැරි වෙයි Google එකෙන් පැරණි ඒවා නිකන් ම මොකක් ද කරලා වැඩ කරන්නේ නැති විදියට හදනවා මාස ගානක් ගියාට පස්සේ. ඔබ කියනවා වගේ ඔකොම එකතු වෙලා රිපෝට් කොලොත් සමහර විට Google එකෙන් මේ ගැන බලයි. http://www.anusha.info/2016/02/google-chrome_20.html
ReplyDeleteබොහොම සතුටුයි ඔබේ ධනාත්මක ප්රතිචාරයට. ඒ එක්කම සාදරයෙන් පිලිගන්නවා මෙහෙට. ඔව්, කට්ටියම එකතුවෙලා එකම දවසේ කිව්වොත් මොකක්හරි කරන්න බැරිවෙන්නේ නෑ. කොච්චර වුනත් යුසර්ස් ලා දහයක් පහලවක් උනත් උන්ට වටින වෙලාව නේ :)
Deleteදැං ඉතිං ඕක රිපෝට් කරන්න ක්රෝම් දාගන්න එපැයි. අපි ඉතිං සදා නරියත් එක්ක තමයි. ඇත්තම කියන්න පාවිච්චි කරපු දවස් ටිකට මට ඕක ගිනි නරිය වගේ අල්ලල ගියේ නෑ.
ReplyDeleteගිණි නරියා හොදයි, හැබැයි සමහර ඔප්ෂන් වලදී වැඩක් නෑ.
Deleteගියා කරා..........
ReplyDeleteබොරු නං කියන්න එපා කුරුට්ටෝ. ඕකේ අනික් පැත්ත නේද වෙන්න ඕනේ?
Deleteස්තුතියි කුරුටු..
Deleteමටත් මතක් වුනේ විචාරකගෙ ලිපිය. අර ප්රසන්න වගේ මාත් කවදත් පාවිච්චිය ෆයර්ෆොක්ස් නිසා ඔය ප්රශ්ණෙ ගැන දන්නෙත් විචාරක කිව්වට පස්සෙ. ඉතිං බග්ස් නැතිකරපු අලුත් වර්ෂන් එකක් එනකල් automatic updates disable කරොත්?
ReplyDeleteවැඩේ නං හොදයි නමුත් ඔටෝ අප්ඩේට් නැති කළා නං හදපු වර්ෂන් එක එන්නෙත් නැති වෙයි නේද?
Deleteරිපෝට් කරා
ReplyDeleteස්තුතියි ඇනේ..
Deleteමම ඔපෙරා පාවිච්චි කරන්නේ. ඌටත් ඔය ලෙඩේ...
ReplyDeleteමම ලෙඩේ එක්ක ජීවත් වෙන්න හුරු උනා, වෙන බ්රවුසර් එකකට යන්න කම්මැලියි...
හැබැයි මේ ලෙඩේ Internet Explorer එකේ නැහැ...
මට හෙන කම්මැලියි ඒක පාවිච්චි කරන්න...
අම්මෝ.. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් කියන්නේ ලෝක ලෙඩෙක්, ඊට හොදයි ක්රෝම් කොහොමත්. මමත් ඉන්නේ ලෙඩේ එක්ක, ඒත් හැමදාම හරියන්නේ නෑ නේ..
Deleteස්තුතියි :)
ReplyDeleteඔන්න මමත් කළා.
ReplyDeleteස්තුතියි සුදීක..
Deleteම්, මාත් opera පාවිච්චි කරන්නෙ.... ශේප් වගේනෙ O.o
ReplyDeleteශේප් ම නෑ. සමහර අකුරු පේන්නේ කැඩිලා
Deleteගුගල් කාරයට තේරෙයිද බං අපි කියන අප්රබංස.. හැක් ඊළග වර්ෂන් එකේදි ඕක හරියාවි.. ඒත් කල් ගියා වැඩියි..
ReplyDeleteයෙලා යෙලා .. ඌ ඒක හරි තේරුම් ගනී බං..
Deleteඕං මාත් රිපෝට් කළා. ඒ මදිවට කිව්ව, අපි හැමෝම දැං ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවය කියලත්. එතකොටවත් මුං හැදෙයිනෙ.
ReplyDeleteස්තුතියි ඩ්රැකී, ඔව් ක්රෝම් කාරයාට හිතන්න දෙන්න වෙනවා ටිකක්..
Deletereport කරා
ReplyDeleteතවම ගුගල් මේ ප්රශ්නය විසඳලා නෑ. ඒත් කියන්න තියන හැමවිදියටම කියන්න ඕනේ. ආරංචි විදියට නං ගුගල් මේ ප්රශ්නය ඇන්ඩ්රොයිඩ් දක්වාම ගෙනිහින් තියනවා. ඒ කියන්නේ අලුත් ඇන්ඩ්රොයිඩ් අප්ඩේට් එක එක්ක සිංහල වැඩ කරන්නේ නෑ.
Deleteරිපෝර්ට් කරාට තාම වැඩක් උනේ නැති හැඩයි .. සිංහල පාවිච්චි කරන ප්රතිශතය අනෙකුත් භාෂා එක්ක ගත්තාම ඉතාම සුළු අගයක් නිසාද මන්ද..
ReplyDeleteඒ ගැන නං මමත් කල්පනා කරනවා. ක්රෝම් නැතුව ගිණි නරියම දාගත්තානං ඉවරයි නේද හිතෙනවා වෙලාවකට
Deleteමොකක් ද තියෙන අව්ල . මට නං හොඳට පේනව සිංහල
ReplyDelete