Monday, January 4, 2016

රැල්ල, තරුණ පරපුර සහ මතවාද? රට යන්නේ කොයිබටද?

ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මතවාදී වෙනසකි.අද පවතින්නේ බොහොම පරිහානියට පත්වූ සමාජ ක්‍රමයක් බව රටේ තරුණ රැල්ල දෙස බැලීමෙන් තේරුම් ගත හැක. පලදාවක් නැති දෑ ගැන බොහෝ ප්‍රබෝධමත්ව කතා බහ කරන ඔවුහු සාහිත්‍ය,කලාව,රසාස්වාදය ගැන මෙලෝ හසරක් නොදනිති. තර්කයට ඔබින දෑ වටිනා දෑ සමග දැනුම ඔවුහු ළඟ නැත්තේමය. හුදෙක් හර සුන් අරුත් විරහිත දෑ පසුපස පන්නන සමාජය තුල විචාර බුද්ධිය යනු හුදෙක් කට වචනයටම සීමා වුවක් බව පසක් කරයි.

බොහෝ තරුණ කොටස් අද දින අලවි වන්නේ වෙළඳපල අලවි වන භාණ්ඩ හා සේවා පරදවා ය. ඔවුන් අලවි වන්නේ දේශපාලන කණ්ඩායම් මත අතකොලු ලෙසය. තරුණ ජවය අවිය කොටගෙන සියලු දේශපාලකයින් අද ආගම්, ජාතින් භේද කරවමින් සිය දේශපාලන අභිමතාර්ථ සපුරාගැනීමට අහිංසක තරුණ පරපුර බිලිගනිමින් සිටීම ඉතා ඛේදනීය වන අතර එයින් මිදීමට තරුණ පරපුර ශක්තිමත් නොවීම දුර්භායකි.

ඒ සඳහා හේතු ලෙස, අධ්‍යාපනය පිරිහීම සහ අඩපන කිරීම කාලයක සිට දේශපාලන උවමනා මත සිදුකිරීම නිසා වූ අතුරුපලයක් ලෙස මට හැඟෙයි. ඉතිහාසය නොදත් සාහිත්‍යය කලාව සහ රසය නොදන්නා තැනකට පත්කළ පරපුරකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද යන්න ද ගැටළුවකි.

පන්සල / පල්ලිය හුදෙක් දේශනා වලට මිස ආධ්‍යාත්මය දියුණු කිරීමට උදව් වන ස්ථාන නොවීම මගින් තව දුරටත් මේ පරිහානිය සීග්‍ර කිරීමක් සිද්ධ වේ. ආගමික නායකයින් සියලුම දෙනා තමන්ගේ ආගම දේශනා මගින් කියාදීම පමණක් නොව ආගම තුල වන හරය ඉතා සරලව කියන්නේ නම් මේ විනාශය මීට වඩා යම්තාක් දුරකට හෝ අඩු කරගත හැකිව තිබුණු අතර තවමත් ඒ සඳහා ප්‍රමාදයක් මම නම් දකින්නේ නැත.


කැමැත්තෝ සිතත්වා.. දකිත්වා..

22 comments:

  1. අප්පොච්චියේ.......................මෙන්න ආයෙත් ක්සැන්ඩර් තුමා බ්ලොග් ලේකෙට ගොඩ බැහැලා.

    මටනම් හිතෙන්නේ බලාගෙන ඉඳලා තවත් ඉවසන්ඩම බැරිතැන තමයි මේ පෝස්ට් එක ලියලා තියෙන්නේ.

    ඇත්ත, සම්පූර්ණ ඇත්ත. මමත් එකඟයි. ඔබ මෙහි කියා ඇති කරුණු මාත් මීටපෙර විවිධ අවස්ථා වලදී කියා තිබෙනවා. නමුත් එයට ප්‍රතිචාර වශයෙන් ලැබෙන්නේ අපහාස උපහාස පමණයි. ඒ තරමට අනවබෝධය වර්ධනය වෙලා.

    ස්වාධීන චින්තනය මිනිසුන් තුල වර්ධනය නොවුණොත්, මහා විනාශයක් තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක දාල යන්නේ නෑ විචාරකතුමා.. කොහේ ගියත් කියවනවා. ලියන්න නිදහස ඉස්සර වගේ අඩුයි. ඒත් කොහොමහරි කිව්වත් වගේ බැරිම තැන තමා මේ ලියන්න හිතුවේ..

      Delete
  2. සැන්ඩර් මල්ලි වෙල්කම් බැක් වේවා.. හැපි නිව් ඉයරයක් වේවා..

    හදන්න නං වෙන ක්‍රමයක් ඕන.. මේ විදියට බෑ..

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ වේවා.. ඇන්ඩ් සේම් ටු යූත් වේවා.. :)
      වෙන ක්‍රමයක් කිව්වේ?

      Delete
    2. මකල ගන්න ඕන බං.. හැක්

      Delete
  3. හුඟ කාලෙකින් ....

    මේ යන විදියට ක්‍රමය නම් වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි බං, තව වලපල්ලටම යනව මිස.

    මඩු වලිගෙන් තලනව වගේ ක්‍ෂණික විසඳුම් නම් අත්හදාබලන්ට පුළුවන් වෙයි සමහරවිට. :)

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින්, අවුරුද්දකට මාස හතරයි අඩු.

      මේ යන විදියට නං මේකේ වෙනසක් දකින්න අමාරු බව ඇත්ත මචං ඒත් මේ විදිය වෙනස් කරන්න කට්ටියට එලියට එන්න නං වෙලාව හරි. නැත්තං ඉතින් අනාගතේ දෙයියන්ටම පෙනේවි. මොකද ඉතින් මේ අපේ රටේ ඉන්න එවුන් අවුලවන්න මහා ලොකු දේවල් ඕනේ නෑ නේ. හැම මගුලම මේකෙම තියනකොට.

      Delete
  4. අැති යන්තං අැවිත් :D

    ReplyDelete
    Replies
    1. ආවා ආවා.. ක්සැන්ඩරයා ආයෙම ආව.. :D

      Delete
  5. උඹලා එකෙක්වත් මාව දාල ගිහින් නෑ නෙව.. මාර සතුටක් තියෙන්නේ ආපහු කට්ටිය දැක්කම.. ඔව් ඇත්තටම අවුරුද්දකට කිට්ටුයි මම ආපහු ලියන එක ලියන්න අරගෙන නේද? ලිව්වා තැන් තැන්වල ඒත් බලාගෙන ඉඳල ඉඳල බැරිමතැන ඕන්න ආපහු මෙතනම ලිව්වා..

    ReplyDelete
  6. හප්පේ ක්සැන්ඩරේ.. කොහෙද මකබෑවෙලා උන්නේ.. ආපහු දැකීම හෙනම සතුටක්...

    වෙනස් කරන්න ගිහින් නාගෙන නොවැ ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි කිව්වා ඕන්න.. අටෝ රාශියක් වැඩ මැද්දේ ලියන්න තියා මලවන්නවත් වෙලාවක් නැතුව උන්නේ බං. ඒත් බැරිම තැනක ඕන්න රිංගල ලිව්වා එක.

      වෙනස මාරයි රට හමාරයි. එකම දේ දුකයි ලංකාව ගැන දැක්කම. මොකද මේ ලෝකේ කොහේ හිටියත් අපේ හිත තාම ලාංකිකයි මචං..

      Delete
  7. /පන්සල / පල්ලිය හුදෙක් දේශනා වලට මිස ආධ්‍යාත්මය දියුණු කිරීමට උදව් වන ස්ථාන නොවීම /

    පල්ලිය නං මංදා, පංසල නං එළවන්නෙ, ලෝකෙ ලොකුම බුදුපිළිමෙ හදාගෙන පංසල ප්‍රසිද්ධ කරගෙන, ආධාර දඩයං කිරීමයි, සිල් ගන්න එන උදවියගෙන් සල්ලි කඩාගන්න එකයි, ආවාස ගේ මන්දිරයක් කරගන්න එකයි පස්සෙ තමා.

    "චරථ භික්ඛවෙ බහුජන හිතාය බහුජන සුඛාය..." කියල තියෙන්නෙ දේවදත්තලුනෙ.

    ReplyDelete
    Replies
    1. කතාවේ ඇත්තකුත් තියනවා ඩ්‍රැකී, මොකද සමහර සිද්ධස්ථාන වලට ගියාම හාමුදුරුවෝ බලන්නේ කීයක් ගන්නද කියල. එහෙම නැති තැනුත් නැතුවාම නෙවෙයි. ඉතිං කෝකටත් විසඳුම බෞද්ධ අධ්‍යාපනය කියලයි මම නං හිතන්නේ. චීවරේ පොරෝගෙන උන්නාන්සේලා දහම් කියන දේ පාලි ගාථාවකට ලඝු කරන එකට මම නං විරුද්ධයි. බොහොමයක් උන්නාන්සේලා පන්සලට වැඩම කරලා තියෙන්නේ සසරින් එතර වෙන්න නෙවේ. කතරින් එතර වෙන්න.

      පල්ලිය පැත්තෙන් වුනත් කියන්න ඕනේ දේවල් තියනවා. නබි තුමාවෙත පැමිණි එක මනුස්සයෙක් එතුමාගේ ගෙදර නවාතැන් ගෙන පසුදා යද්දී ගේ වසුරු හෙලා ගිහින් තියනවා. ඒ දැකපු නබි තුමා ගේ පිරිසිඳු කරනවා ලු කිසිවක් නොකියාම. මේ දේ දැකපු තව කෙනෙක් එතුමාගෙන් අහල තියනවා ඔය ආපු එකා අල්ලාගෙන ගේ සුද්ධ කරගත්ත නං හොඳ නැද්ද? ඉන්න දුන්න තැනට මෙහෙම කරන එක හරිද කියල. නබි තුමා කියල තියනවා මම ඒ මනුස්සයාට නවාතැන් දුන්නට වැසිකිලිය පෙන්නන්න බැරිවුනා කියල. ජේසු තමා කී එක දෙයක් තමා එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික්කරන්න කියල.. බුදුන් වහන්සේ කිව්වේ නහි වේරේන වේරානි කියල. කෝ ඉතින් එකක්වත් වෙනවද? මම දන්නවා මම මේ බඹරේ දිහාට ගලක් ගහනවා කියල කෙනෙක් දකීවි. ඒත් මට පේන දේ නොකියා කොහොමද?

      Delete
  8. ඔය එක එක කැරලි වලින් මිනිස්සු හිතන පතන දේවල් බලෙන්ම වගේ වෙනස් කරලා. අන්න ඒකත් එක ප්‍රශ්ණයක්

    ක්සැස්න්ඩර් අයියා ආයෙම ලියන්න ගත්ත එක හොදයි. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි.

      කැරලි වලට වඩා ඔතන තියෙන්නේ නිතරම දකින දේ ඇහෙන දේ මගින් මිනිස්සු සිතන්නට පෙළඹවීම. කොටින්ම කිව්වොත් ගොබෙල්ස් තියරිය. බොරුවක් නිතරම කීම මගින් ඒ බොරුව සත්‍යයක් සේ පිළිගැනීමට මිනිසුන් පෙළඹේ යන්න.

      Delete
  9. පන්සල කි්යන්නෙ අද වෙනකොට ගිිහි සමාජයට වඩා ලෞකිකරණය වෙච්ච ආයතනයක් මචෝ.. නිවන් යනවා නම් ඇත්තටම හාමුදුරුවරුන්ට කලින් නිවන් යන්න ඕනෙ අපි. මොකද ආර්ථික පීඩනේ පතුලටම වැටිලා ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ අය නම් ගෙවන්නේ බොහෝම සුභර ජීවිතයක්...

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ඔය දේ දකින්නේ කීයෙන් කී දෙනාද? නමුත් ගිහි අපිට පන්සලේ හාමුදුරුවෝ ගැන කරන්න තියෙන්නේ පාත්‍රයට දන් නොබෙදීමයි උන් තැනින් නැගිට ගරු නොකිරීමයි විතරයි. අනිත් දේ පාපයක් නේ. ඒ නිසා ඉතින් මොනවා කරන්නද කියල ඉන්නයි තියෙන්නේ.

      Delete
  10. මේ ව්‍යාප්තවාදයට තියෙනෙන් එකම විසඳුමයි. රජය තරයේ කියා සිටින්න ඕනේ එක පවුලක ඉන්න පුළුවන් එක දරුවයි. එයට වඩා වැඩියෙන් හැදුවොත් රජයෙන් කිසිම දෙයක් ඒ යට දෙන්නේ නෑ. අඩුම ගානේ උප්පැන්නේ වත්. විදේශිකයින් විදියට තමයි ඉන්න වෙන්නේ කියලා. එතොට මේ ප්‍රශ්න තුරන් වේවි. මේ වගේ නේපාලය කරලා තියෙනව මම දන්නා තරමින්. ජනගහන ප්‍රතිශතයට ඔවුන් ඒ කාලෙම නීති දාගෙන.

    ReplyDelete
    Replies
    1. චීනය මම දන්නා පරිදි මේ එක පවුලයි එක දරුවයි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කල ඒ වගේම ඒ නිසා ජාත්‍යන්තරය ඉදිරියේ ඉතාම දරුණු විවේචන වලට ලක්වූ රටක්. නමුත් 2016 ජනවාරියේ සිට ඔවුන් දරුවන් දෙදෙනෙකු සඳහා නීති වෙනස් කරලා තියෙනවා. ව්‍යාප්තවාදය නතර කරන්න ලංකාවේ ඒ වගේ දෙයක් නොවේවි. මොකද ආණ්ඩු සියල්ල බලය උදෙසා සුළු (පොතේ පරිදි) ජාතීන්ගේ අවශ්‍යතා සපුරාලන අවස්ථාවක මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේ ද යන්න ගැටළුවක් මෙන්ම ප්‍රතිපත්ති සැකසීමද ගැටළුවක් වන්නට ඉඩ තිබේ.

      Delete
  11. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  12. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete