Monday, July 18, 2011

පොඩි වැඩක්.......

මේ දවස් වල අපේ ආයතනේ ලොක්කෝ ටිකට නැවිෂන් ට්‍රේනින්. ඉතින් මට හෙල්ලිල්ලක් න.  මට වෙච්ච පොඩි සීන් එකක් කියන්න හිතුනා පොඩ්ඩක් වෙනසකට එක්ක.

ඔන්න අපි දවසක් මීගමුවේ යාලුවෙක් ගේ ගෙදර යනවා ත්‍රීවීල් එකක. ඔන්න ඉතින් දැන් අපි රෑ නවයට දහයට විතර වගේ මේ යන්නෙත්. දන්නවනේ කොලු කාලේ ඕව අවේලාවල් නෙවේ නේ. ඉතින් දැන් හැටට දෙකක් විතර අඩු ස්පීඩ් එකක යනකොට හන්දියේ ඉන්නවා පොලිස් ඩබලක්. දකින්නත් කලින් මුන් දෙන්න දැම්ම අත.

හෝව් හෝව්... බ්රේක් එක ගැහුවත් ටිකක් එහින් තමා වීල් එක නතර උනේ. කොහෙද ඕය් යන්නේ? මහා රෑ මොකද මෙච්චර තදියම අහ්? කියල අහගෙනම පොලිස් මාමල කඩාගෙන පැන්න එතනට. පිස්සු හැදෙනවා අපි 6 ත්‍රීවීල් එක ඇතුලේ. ඕය් තමුසෙලා බස් එකක් අරන් යන්න ඕනේ සෙනගක් නේ මේ පටවන් යන්නේ? ගන්නවා ගන්නවා ලයිසන් එක කෝ මේකේ ඉන්ෂුරන්ස්? කොහෙද මේ යන්නේ? කියනවා බලන්න? තමුසෙලට චෝදනා කීයකට ලියන්න පුලුවන්ද දන්නවද? අහ්?  අප්පේ ප්‍රශ්න ගොඩ... ඒ අස්සේ එකෙක් කියනවා මචන් 500 දීපන් කියන්න වගේ හදන්නේ කියල. 

එලියට පැන්න ගමන් වගේ (බහින්න ඉඩ තිබ්බේ නෑ කකුල් දගර නයි වගේ තිබ්බේ) එක හුස්මට මම කිව්වා "අනේ සොරි සාජන් මහත්තයෝ (හිටියේ කොස්සෝ දෙන්නෙක්. දන්නවනේ සාජන් කිව්ව ගමන් කට්ටිය යන උඩ) අපි මේ ලග මළගෙදරක යනගමන් මේ අපේ ලොකුඅප්පච්චි නැතිවෙලා ඒකයි. කට්ටිය ආවේ මගේ උදව්වට" කියල. "කව්ද අර හන්දියේ ඉන්න අහවල් මහත්තයාගේ මළගෙදරද  යන්නේ?" ඔන්න අර රාලහාමි ටිකක් සැර බාල කරලා ඇහුව. "අහ් මේ ඔව් ඔව් ... අනේ සාජන් මහත්තයත් අදුරනවද? ඒ තමා අපේ ලොකුඅප්පච්චි.. අනේ බලන්නකෝ වෙච්ච දේ" කියල මම කියාගෙන ගියා. (දෙය්යෝ දෙනකොට දෙන්නේ බෝනස් එක්කමලු. මගේ හිත කියනවා)  "හ්ම්ම්.. ඒ මහත්තය ඩිපෝවේ ඉන්න දවස්වල අපිට සැහෙන උදව්කරා.. ෂා.. ඇයි තමුසෙලා මට කලින් කිව්වේ නැත්තේ? හා හා යනවල යනවල.. අපිත් මේ එහෙ එන්න ඉන්නේ තව ටිකකින්" කියල "උපාලි ඔන්න ඔය කට්ටියට යන්න දෙනවා මේ මම දන්නා කට්ටියක් අර මළගෙදර යන්නේ" කියල කියපි..

ආයේ ඉතින් නයි කියන්නේ මුචලින්ද කෙනෙක්ම කෑවම කොහේ ගොඩ ඊමක් ද? මම ඒ හරිය ගැන දන්නා ඉටිගෙඩියක් තිබ්බේ නෑ. මගේ වෙලාවට කව්දෝ ඒ ඉස්සරහ හන්දිය ලග පරලෝ ගිහින්. අනේ ඉතින් ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න අපිටික යාන්තන් ගොඩ ගියා. එහෙමනම් අපි යන්නම් සාජන් මහත්තය. කියල අපි ආයේ අමාරුවෙන් වීල් එකට රින්ගගත්ත. මේ මේ.. සුදු මහත්තයට කියන්න අහවල් රාලහාමි එනවා කිව්ව කියල හරිද? හරි හරි රාලහාමි..

4 comments:

  1. ක්සැන්ඩර් ලොකුඅප්පච්චි දැනගත්ත නම් ඉන්න නෙවයි ඔන්න්..:P

    ReplyDelete
  2. නැත්නම් පන්සීයක් තමයි අනිවා ..කොහොමහරි බේරිලා ගියානේ.. නීතිය හික් !

    ReplyDelete
  3. වීල් එක දැක්කම සාජන් මහත්තයාගේ මල පිපෙන්න ඇති නේ.
    එහෙම් පිටින්ම කුට්ටියක් නේ.
    අන්තිමට කියපු දේ හන්දා ඒ මනුස්සයාට එපා වෙන්න ඇති !!!!

    ReplyDelete
  4. @ චතු මිතු : ලොකුඅප්පච්චි දැනගත්තනම් :-) හික්ස්....
    @ ලංකාප්‍රිය අය්යා : මිනිහ වේලි වේලි ඉදල ඇත්තේ ෂුවර් එකටම.
    @ මදුරංග: මිනිහ කිව්වා ගොඩක් දේවල් ලියන්න බෑ

    ReplyDelete