Showing posts with label Fun and Fun only.... Show all posts
Showing posts with label Fun and Fun only.... Show all posts

Thursday, February 9, 2012

දන්නවද අපි කවුද කියල?

මේ දවස් වල තියන කාර්ය බහුලකම හින්දම වැඩිය බ්ලොග් එක ලියන්න වෙන්නෙත් නෑ. එත් එහෙම උනත් කියවන එක අතාරින්නෙත් නෑ. ඔහොමින් යන ගමන් ඔන්න අද ඉඩක් ආව කතාවක් ලියාගන්න පුළුවන් වෙන සයිස් එකේ.



ඉතින් මේ කියන කතාව සිද්ද උනේ 2004 අවුරුද්දේ දවසක. එදා අපේ කොල්ලෝ කට්ටිය එක්ක මමත් ගියා අපේ පරිඝනක ආයතනයේ මහා ක්‍රිකට් තරගයට. මැච් එක තිබ්බේ ගැටඹේ ග්‍රවුන්ඩ් එකේ. පැත්තක හට් ගහල තව පැත්තක් මැච් ගහනවා. සෙල්ලම් කිරිල්ල කොහොම වෙතත් එදා කට්ටිය සමහරු මල් කඩන මෙහෙයුම් වල එහෙම යෙදිලා මදි නොකියන්න මහන්සි වුන දවසක්. එදා අපිට තිබ්බේ ස්ටාෆ් එකයි අපියි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එක. කොහොමින් හරි ඉතින් හවස 2- 3 වෙද්දී අපේ බැච් එකයි ස්ටාෆ් එකයි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එකෙන් අපි දිනුවා. දිනුවා කිව්වට දිනුවම නෙවෙයි ස්ටාෆ් එක හින්ද හොර ලකුණු ගානකින් පැරදුණා..

" ෂී... බං.. මෙහෙම ගහල හරි යන්නේ නෑ. යමන් තෙල් ටිකක් දාගෙන එන්න. දෙන්නම් එතකොට ඇට්ටි හැලෙන්න." ඔන්න එතනට අපේ හර්ෂයා කඩං පාත් උනා. "කොහෙන්ද බං තෙල්? ඒ මදිවට ඊළඟ මැච් එකත් අපි. මචං හතර විතර වෙද්දී එන්නත් ඕනේ." පුබුදුවා බරේ දානවා.  කොහේදෝ හිටපු ඇබා ඒ අස්සේ දුවගෙන ආවා.. " කවුද මේ තෙල් ගහන්න යන්නේ? අඩෝ මේ මමත් එනවා.." "හරි බං, දැන් කොහෙද යන්නේ?" අතුරු පැණය මගෙන්. " මචං මෙතන ඉඳල හරියන්නේ නෑ. ඩොකා ගේ කාර් එක අරන් මෙහෙමම යමු පේරාදෙණියට. ගිහින් වයිට් එකක් අරන් යමල්ල කට්ටියම මල් වත්තට." "එල.." 

ඩොකා කියන්නේ අපේ බැච් එකේ හිටිය එකෙක්. පොරගේ අම්මා ඩොකෙක්. ඒ කිව්වේ දොස්තර නෝනා කෙනෙක්. අම්මා ඩොක්ටර් හින්ද මූට අපි කියන්නේ ඩොකා. ඉතින් ඌ එන්නේ කාර් එකක. ඒ දවස්වල අපිට තිබ්බ එක නිල රථයක් තමයි ඩොකාගේ කාර් එක. ඉතින් ඩොකා චැනල් කරලා ඌගේ කාර් එකේ හයදෙනෙක්ට කිට්ටුවෙන්න පටවල ඔන්න කට්ටිය ඇද්ද පේරාදෙණියට.

" හරි එහෙනම් දාමු කලෙක්ෂන් එක." ඇබා කලෙක්ෂන් එක බාරගත්තා. කට්ටිය සීය පනහ එහෙම දමල දැන් ඉතින් බෝතල් දෙකකුත් ගත්තා. ඔන්න එකපාර මට මීටර් උනා මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේද කියල. "මචංලා.... මේ.... මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේ බං." 
"මගුලක් කතා කරනවා. එහෙනම් උඹ කියන්නේ මේක කටේ හලන්නේ කොහේ ඉඳන් කියලද?" ඩොකා මල පැනල ඇහුව විදියට මං හිතන්නේ ගණ දෙය්යොත් නැගිට්ට වෙන්න ඇති.
"හරි  බං ඕක ස්ප්‍රයිට් බෝතලේකට කවලම් කරන් අරන් යං," මම ආයෙම කියල දැම්මේ ගණ දෙය්යෝ දුන්න ටොකු පාරක් වැදිලා වෙන්න ඇති.
"අන්න අයිඩියා එක..." " පොඩි මෑන්, මචං ගෙනෙන් මෙගා බෝතලයක්." පොඩි මෑන් කිව්වට ඌ තම සෙට් එකේම දැවැන්තයා. ඌව ඔබල ඒ කාර් එකට නැග්ගට පොඩ්ඩෙන් අපිට ගිනස් රෙකෝඩ් එකකුත් සෙට් වෙනවා.

කට්ටියම මෙගා ස්ප්‍රයිට් බෝතලයක් අරන් ඒකන් බාගයකට ටිකක් වැඩියෙන් හලලා අර සැර තෙල් ටික ඇබින්දක් අහක යන්නේ නැතුව පිරෙව්වේ ඒ එක බින්දුවක් උනත් සෑහෙන වටින බව අද්දකීමෙන්ම දන්නා හින්ද.
ඔහොම සෑහෙන්න මහන්සි වෙලා පුරවපු මැජික් අරිෂ්ඨ බෝතල් දෙකකුත් තව එතන බේකරියෙන් ගත්ත කට්ලට් ඇතුළු අඩුම කුඩුම මල්ලයි අරගෙන අපි සෙට් එක ආයේ ඇවිත් කෙලින්ම නැවතුනේ මල්වත්තේ ගේට්ටුව අයිනේ.

"හරි මං ටිකට් ගන්නම්." හර්ෂයා දිව්වා.

ඌ ටිකක් වෙලාවකින් ටිකට් ටිකත් අරන් එද්දී අපි ගේට්ටුව ගාවට ඇවිත් ඉවරයි. ඉතින් ටිකට් ටික දීල අපි දැන් මල්වත්ත ඇතුලට අව.
"අඩේ.. මේ.. කොහෙද බං එල පොට් එකක් තියෙන්නේ?" පුබුදුවා කට්ලට් එකක් ඔබන ගමන් අහනවා. " තෝ ඕක තියල හිටු.." ඒ අස්සෙන් ඇහුනු ගෝරනාඩුවට ඌට කට්ලට් එක ඉස්ස්මොල්ලේ ගියාද මන්ද... ඔහොම අපි ඉතින් මල්වත්තේ අහු වුනු පලවෙනි පාරෙන්ම යනවා.. ලොකු පිට්ටනිය අයිනේ තියන තල් ගස් අස්සෙන් ගඟ දිහාට යනගමන් ඔන්න හර්ෂ මල්ලිට සබැ ප්‍රශ්නයක්.  

" තෙල් බෙදන්නේ අහවල් එකකටද? කොයි කෝප්ප?"  

"හරි හරි බං, එක අවුලක් කරගන්න ඕනේ නෑ. ස්ප්‍රයිට් එක එක්කනේ තියෙන්නේ. ඔහොමම අරන් කටේ හලගමු.. "

යෝජනාව ඒකමතිකව සභා සම්මත වෙද්දී අපි ඉතින් ගමනේ යමින් ගමන් හෙමින් හෙමින් එක එකා ස්ප්‍රයිට් බෝතලෙන් ටික ටික කටේ හලාගන්න පටන්ගත්ත. ඉතින් මල්වත්තේ ලොකු පිට්ටනියට එහායින් තියන තණකොළ බිස්සේ අද ගහපු ලොකු පයිනස් ගස් යට කට්ටියම වාඩි වෙලා ස්ප්‍රයිට් වල ගිල්ලපු නැටුම් තෙල් රස බලනගමන් ආගිය කතා කියමින් උන්න. ඒ අතරේ පුබුදුවා බයිට් එක ඩයට් එක කරගෙන.බොනවට වැඩියෙන් කනවා.

ඔහොම ෆන් එකේ ඉන්න අපි දිහාට අපිටත් නොදනී තව ඇස් හතරක් යොමුවෙලා තිබිල.. එකපාරම මෙන්න පොලිසියෙන් පැන්නා වගේ මල්වත්තේ සිකුරුටි කාරයෝ දෙන්නෙක් එතනට කඩං පාත් උනා.
" මේ මේ .. එකෙක්වත් දුවන්න එපා. කන් පලනවා තොපිලගේ." කෝ දෙනවා මෙහාට ඔය බෝතලේ.." එකෙක් බෝතලේ උදුරාගත්ත. අන්තිම පොඩ්ඩ තිබ්බ ඒ බෝතලේ නහයට තියල ඉව කරපු ඒ මිනිහ ඒ ගමන්ම ඒ බෝතලෙන් ටිකක් කටට හලගන්නත් අමතක කරේ නෑ.
"මම කිව්වේ සිල්වා මුන් බොනවා කියල. මේ.. මේකේ අරක්කු.." " තොපි දන්නවද මේක ඇතුලේ බොන්න බෑ කියල? ඇඃ ?" කතා කරපියව්.." ඒ සද්දේ එක්කම ඩොකා වෙනස් වුනු හැටි මට පෙනුන.

" තමුසෙලා දන්නවද අපි කවුද කියල? " ඩොකා සිංහයා වගේ ඇහුව.. ඒ සද්දෙට සික්කෝ දෙන්න ටිකක් විතර පසු බැස්ස. ඩොකා එක දැකල තවත් දිරිමත් උනා.

" අපි අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රිගේ පුතයි යාලුවෝ ටිකයි. " මේ ඉන්නේ ඒ පුතා.." මේකා ඒ ටික කිව්වේ පුබුදුවා පෙන්නන ගමන්. පුබුදුවා දියෙන් ගොඩ දැම්ම එකා වගේ. 

"ඔව් අන්කල්, දන්නේ නැතිනම් එයාගෙන් අහල දැනගන්නෙකයි ඇත්තේ.." හර්ෂයත් දැන් ෆුල් සප් එක.

ඒ අස්සේ පුබුදුවා කියනවා "මචං තාත්තල එහෙම දැනගත්තොත්.." කියල. ඌ ඒ ටික කිව්වේ ඇත්තටම උගේ තාත්ත මෙහෙම කේස් එකක් උන බව දැනගත්තොත් කියල කියන්න අපි සහ සුද්දෙන් දැනන් හිටියත් සිකුරුටි අංකල්ල හිතුවේ වෙනින්ම විදියකින්. පයිනස් ගස් යට ඉඳන් වවුල් කැලේ පිවිසුම කිට්ටුවෙන් ඉඳගෙන බිබී හිටපු අපේ සංග්‍රාමයේ උච්චතම අවස්ථාව ඔය අතරේ එළඹෙමින් පැවතුනා.

"හඃ.. හිතුව මදි හිටපියව් තොපි අරන් ගිහින් දාන්න පේරාදෙණියේ පොලිස් කූඩුවෙ." ඔය අතරේ පහු බැහැපු සික්ක අංකල් කෙනෙක් කිව්වේ මේ ජවනිකාවේ ඊළඟ මොහොතට මුල්ගල් තියමින්.

"මචං නිලංග, ගනිං මචං ඇමති අංකල්ට කෝල් එකක්. අරන් කියපන් මේ සිද්දිය." ඩොකා ඒ බෙරිහන් දුන්නේ පුබුදුවාට. ඌ එකපාර ටියුබ් ලයිට් උනත් ඒ වෙලාවේ කරදරයක් නැතුව පත්තු වුනේ අපේ වෙලාවට. ඔක්කොටොම වැඩියේ ඌට නිලංග කියලත්.. මොකද උගේ නමේ නිලංගයක් ගෑවිලාවත් නෑ.

බුවා සාක්කුවෙන් ඇදල ගත්ත අලුත්ම නොකියා 3220 ෆෝන් එක, ඒ දවස් වල ඒක ලංකාවෙත් නෑ. උගේ කසියා ඌට රට ඉඳන් ගෙනාව භාණ්ඩයක්. සික්ක අන්කලුත් ඒ දැකල හොල්මන් උනේ ෆෝන් එක අඳුරගත්ත හින්දද නැතිනම් වෙන මොකටද කියල අදත් මට මීටර් නෑ, ගත්තු ගමන් ඌ ඩයල් කරලා තියෙන්නේ අපේ වජිරයාට.

පුබුදුවා: "මේ අහවල් ඇමතිතුමාගේ ගෙදරද?"
වජිරයා : "මොන මගුලක් කියවනවද බං"
පුබුදුවා : "අඃ හරි හරි ආන්ටි අංකල් ඉන්නවද? මම මේ නිලංග කතාකරන්නේ." 
වජිරයා: "මෙහෙ ඇති නිලන්ගයෙක් නෑ බං.. පිස්සුද යකෝ? තොට ඩෝප් ද?"
පුබුදුවා: "නැද්ද ආන්ටි? එකනේ මේ බලන්නකෝ අපිට පොඩි කරදරයක්. ආන්ටි ගාව තියනවද පේරාදෙණියේ .අයි.සී ගේ නම්බර් එක?" 
වජිර:  #*$@$!! මු හොද දෙකක් කියල ෆෝන් එක තියල. පුබුදුවා ඒත් ඔහේ කියවනවා.
" නෑ ආන්ටි මේ කට්ටියක් අපිව අල්ලගන ඉන්නේ. නෑ නෑ බයවෙන්න දෙයක් නෑ. ඕකේ ආන්ටි ඩබල් සෙවන් ටු ෆෝ ඩබල් ෆයිව් ඩබල් ෆෝ"
"තැන්කියු ආන්ටි. නෑ නෑ ලොකු දෙයක් නෙවෙයි ආන්ටි."
"ඕකේ ආන්ටි.. බායි."

ෆෝන් එක තිබ්බ ඒකා ආයෙම විනාඩියක් දෙකක් විතර ඒක ඔබ ඔබා ඉඳල කාටදෝ ඩයල් කරනවා. ඇමතුම අපහු වජිරයට. ඔය සීන් එක අපි වගේම සික්කෝ අංකල්ලා දෙන්නත් කටවල් අරන් බලන් ඉන්නවා. අපිට පුදුම මු  මෙහෙම එකපාර වැඩ දාන්නේ කොහොමද කියල. සික්ක අංකල්ල හිතන්නේ මු සිරා බුවෙක් කියල.

"මේ පේරාදෙණියේ  .අයි.සී ද?"
"තොට අමු කැවිලද යකෝ? මොකද තොපි මාවම බයිට් කරන්නේ?"
"අහ් හරි හරි . මම මේ කතාකරන්නේ අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රි ගේ පුතා."
"බූරුවෝ මම මේ කෙල්ල එනකම් ඉන්නේ. තොට මරු විකල්ලෙන්ද?"
"අඃ ඇත්තද? මැඩම් මේ දැන් කතාකලා?" "එකනේ."
"තියාපිය යකෝ ෆෝන් එක. තොගේ බිල තාත්තා ගෙව්වට මගේ බිල මම ගෙවන්න ඕනේ. $#@#%^$" ඌ ආයෙම කට් කළා. ඒ දවස් වල ඉන්කමින් ෆ්‍රී නෑ මට මතක විදියට.
"මේ මේකයි  .අයි.සී මහත්තයා, මේ අපිව මල්වත්තේ සෙකියුරිටි එක අල්ලගත්ත. ඒකයි. නෑ.. නෑ.. බීල කියල. "
"නෑ නෑ එන්න කලබල වෙන්න ඕනේ නෑ. මේ ඉන්න එක්කෙනෙක්ට කතා කරලා කිව්වොත් ඇති."
"හරි හරි මහත්තය කළබල වෙන්න එපා. අපිට කරදරයක් නෑ." ඕනේ නෑ ඕනේ නෑ. එන්න ඕනෙකමක් නෑ. අපිට ආරක්ෂාව තියනවා. නෑ.. නෑ...

ඔය කතාව යන අතරේ සික්ක අංකල් කෙනෙක් හිමීට අපි ලඟට කිට්ටු කරා.
" අනේ මහත්තයෝ.. අපිට සමාවෙන්න අපි අහිංසක මිනිස්සු.. මේ දේවල් ගණන් ගන්න එපා. අපි කාල ඉන්නේ මේ රස්සාවේ ඉන්න හින්ද නේ මහත්තයෝ.. ඕක අල්ලලා දාන්න කියන්න. මහත්තුරු ඒකරලා යන්න. අපි කරදර කරන්නේ නෑ."
"කොහෙද මේ සිල්වාට කිව්වා ඇහුවේ නෑ නේ. මේ බුරුව දාගත්තොත් දාගන්නේ ලෙඩක්මයි, අනේ මහත්තයෝ.. අපි දුප්පත් මිනිස්සු මහත්තයෝ.. සිල්වා... මේ මහත්තුරුන්ට ඉන්න දීල අපි යමු."

අපේ පුබුදුවා ෆෝන් එකත් දික්කරන් ඒ අස්සේ කෑගහනවා  " ඒයි කොහෙද යන්න හදන්නේ, මේ  .අයි.සී මහත්තයාට කතාකරනවා.. "

අනේ සර් ඕනේ නෑ සර්.. සර් කියන්න ප්‍රශ්නේ ඉවරයි කියල.. සර්ලා මෙතන බොන්නකෝ කමක් නෑ. ඕනෙනම් අර පහල කැලේ තියනවා හට් එකක්.. ඒකට යන්න.. අපි නේ ඉන්නේ අපි කාටවත් එන්න දෙන්නැතුව ඉන්නම් ඒ පැත්තට. සිංහනාද කරපු සිල්වා සිකුරුටි අංකල් බින්දුවටම වැටිලා. පවු අහිංසක මනුස්සය. රස්සාව බේරගන්න නේ. 

පුබුදුවා ආයෙම ෆෝන් එක අරන් කනේ ගහගන " .අයි.සී  මහත්තයා එන්න කලබල වෙන්න එපා. අපි යනින් ගමන් ඒ පැත්තේ ඇවිත් යන්නම්කො. අඃ ගෙදර යන්නද? නෑ නෑ කාර් එකේ ආවේ. තැන්ක්යූ.. හරි එහෙමනම් අපි තියන්නම් තැන්ක්යූ වෙරි මච්.

ඌ ෆෝන් එක සාක්කුවේ දාගත්තා. මෙච්චර වෙලා කට පියාගෙන හිටිය ඇබා සික්ක අන්කල්ලට දැහැමින් සෙමින් වදාරනවා.. " පේනවනේ, නිකම් අත පුච්චගන්න එපා. දැන් දන්නවනේ මේගොල්ල කවුද කියල. මෙන්න මේකා තියාගන යනවල යන්න. මේ පැත්තට කවුරුත් එවනවා එහෙම නෙවෙයි." රුපියල් සීයක් සික්ක අන්කල්ගේ මිට මොලවපු ඌ අපහු අපේ දිහාට එද්දී අනික් සික්ක අන්කල්ගේ මුණේ තිබ්බ ඉස්පාසුව කෑදරකම මිශ්‍ර බැල්ම අඳුරගන්න මට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

කට්ටියම අයෙත් වට වෙලා ඉතුරු බෝතලේට වැඩ දෙන ගමන් මං කරේ වජිරයාට කෝල් කරපු එක. " අඩෝ මොකද තොපි අද මාව බයිට් ඒකට ගත්තද?" වජිරයා මං මොනවත් කියන්නත් කලින්ම දමල ඇරියේ ඌත මේ ප්‍රෙහෙලිකාව තනියෙන් කොහොමටත් තේරුම් ගන්න බැරි හින්දයි. "හරි හරි හෙට ක්ලාස් එකේදී සෙට් වෙයන්කෝ, සිද්දිය කියන්න. පොඩි සීන් එකක් බං. උඹ අවුලක් නෑ නේ?" " පිස්සුද බං? ඒ.. මොකද්ද  බං කියපන්කො මොකද සීන් එක?" "හරි හරි හෙට වරෙන්.." මං ෆෝන් එක කට් කළා..ඌටත් ඕනේ නැති චීත්තයක් නෑ.

කොහොමින් හරි ආගිය කතා ඉවර වෙලා අරිෂ්ඨ බඳුන් දෙකකට වැඩ සලස්සපු අපේ සෙට් එක ලංකා පොකුණ ගාවින් තියන පාර දිගේ මහා උණ පඳුර ගාවින් ඇදුනේ ගෙදරවල් වලට යන බලාපොරොත්තුවෙන්. වටේට හීනි ගොම්මන් අඳුර මැදින් අදුන අපේ සෙට් එක ඉස්සරහට එකපාරම මතුවුනේ සිල්වා සික්ක අංකල්..

" ආ මහත්තුරු යන්නද? හොඳයි මහත්තයෝ ගිහින් එන්න.. ආයේ අවොත් හම්බවෙමුකෝ එහෙනම්.." පුස් පැටියෙක් වගේ කියල දාපු සිල්වා අංකල් හනිකට පාරෙන් ඉඩ දෙන ගමන් පැත්තකට ඇදුනා. අපිත් ඉතින් හෙමින් සැරේ එතනින් ඇදුනේ ආයේ කවදාහරි ආවොත් ඉල්ලන් කෑමක් සෙට් වෙයිදෝ කියන සිතුවිල්ලත් ඇතුව. 

Friday, October 28, 2011

වීකෙන්ඩ් ස්පෙෂල්

ඔන්න පලවෙනි එක ඊජිප්ෂන් කතාවක්..දවසක් ඊජිප්ෂන් එකෙක් උගේ ගේ ඉස්සරහ පත බෝඩ් එකක් ගහල නෝ බාර්කින් කියල. උගේ ගේ ඉස්සරහ ඒ එකමඩේෂන් එකේ උන් ඔක්කොම වාහන පාක් කරනවලු ටිකක් හෙවන හින්ද. ඕක ගහල දවස් දෙකකින් විතර මෙන්න මු පරල වෙලා වගේ ලංකාවේ එකෙක්ටයි ඉන්දියන් එකෙක්ටයි බනින්න තියාගෙන උන් වාහනේ පාක් කරලා යන්න හදද්දිම වගේ. 

හියර් නෝ බාර්කින් වයි යු බාර්ක්?  ඊජිප්ෂන් එකා අහනවා..  නෝ බාර්කින්?  ඕකේ.. නව් හූ බාර්ක්ඩ් ? යු ආර් ද වන් හූ බාර්ක් ඇට් අස්... ඉන්දියන් එකයි අපේ එකයි ගේම අතාරින්න ලෑස්ති නෑ

අයි නෝ බාර්ක්. සී අයි රයිට් නෝ බාර්ක්. යු බාර්ක් කාර් හියර්.. හියර් නෝ බාර්ක්... නෝ... බාර්ක් ඌ කෑගහනවා.. අපේ එකාට එක පාරම මීටර් වෙලා මු මේ කියන්නේ කාර් එක පාර්ක් කරන්න එපා කියල නේද කියල. ඌ අහල යු ඩෝන්ට් වෝන්ට් අස් ටු පාර්ක් හියර් ? යස් යස් නෝ බාර්ක් හියර්.. ඒ පාර ඊජිප්ෂන් කාරය කියනවලු..

මොකද දන්නවද සීන් එක.. අරාබි බාෂාවේ පී අකුර නෑ, තියෙන්නේ බී.. ඌ ඉතින් දන්නා අරාබි විදියටම නොදන්නා කඩ්ඩෙන් නෝ පාර්කින් කියල ලියල.

ඔන්න මේක පිලිපින් කතාවක්...මට මේ ලඟදි උන දෙයක් මේක. අපේ ඔෆිස් එකේ එකියක් කෑමක් හදාගෙන ඇවිත් ඒ මොකද්ද කියල ඇහුවාම කියනවා දිස් ඉස් ඉන්කාන්.. ඉන්කාන්.. දිස් ඉස් බ්‍රසිල් ෆූඩ් කියල. . මං හිතුවෙම මේ කෑමේ නම ඉන්කාන් කියල,.. කොයිකටත් මං තව ටිකක් විස්තර අහන්න ගත්ත..... එකී කියල තියෙන්නේ ඉන් කෑන්, ඉන් කෑන්.. කියල.. බැලින්නං මේ කෑන් කරපු කෑම ජාතියක් නේ.

තවත් කතා එමටය.. මතක් වන පිළිවෙලට දාන්නං  

Thursday, October 27, 2011

ඔෆිස් එකේ රස කතා..


අද පොස්ට් එක වෙන් වෙන්නේ ලේබනානියෙක් ගැන කියන්න. මං මේ පොස්ට් එකේදී උගේ ඇත්තම නම පාවිච්චි කරන්නේ ඌ කවදාවත් බ්ලොග් කියවන්නෙත් නැති ඒ වගේම කියෙව්වත් මේකට මේක මලාට තේරෙන්නෙත් නැති හින්ද..

අපේ කතා නායකයා තමා බෂීර්. මිනිහ අපේ බේකරියේ පේස්ට්‍රි චෙෆ්. පොර ලෙබනන් වල හෙන ලොකු හෝටල් වල වැඩ කරලාලු  ඇවිත් තියෙන්නේ. ඒ උනාට කඩ්ඩ නම් සුපිරිම කඩ්ඩක්...  ඔන්න දවසක් මුට කවුදෝ කස්ටමර් කෙනෙක් කේක් එකක් හදන්න ඕඩර් එක දීල ගිහින් ළමයාගේ උපන්දිනේට. කොල්ල ඉල්ලලා තියෙන්නේ තද රතු ෆෙරාරි කාර් එකක් කේක් එක හැටියට. ඔන්න ඉතින් අපේ මෑනුත් වැඩේ පටන්ගෙන දැන් කේක් එක එහෙම හදල ගානට කපල කොටලා වටේ අයිසින් කරන්න සෙට් වෙනවලු.. ඔය අස්සේ බේකරියේ ඇසිස්ටන්ට් පේස්ට්‍රි චෙෆ් ඔතනට සෙට් වෙලා. ඌ ජේම්ස් කියල මීගමුවේ කොල්ලෙක්.. ඌ අහල චෙෆ් ඩු යු නීඩ් එනි හෙල්ප් කියල?

අපේ චෙෆා දැන් ජේම්ස්ට කියනවලු..       යු.. යු.. පුට් රෙඩ්,. නොට් රෙඩ්.. රෙඩ් රෙඩ් රෙඩ් කියල.. 

ජෙමා ඇඩ්රස් නැතුව කල්පනා කරනවලු මොනවාද මුට මේ ඕනේ කියල ...මොනාද දන්නවද මු කියල තියෙන්නේ?

මේ කාර් එකට තද රතු පාට දාපන් කියල..  (යු -මේ | යු - කාර් එක | පුට් රෙඩ් - රතු පාට දාපන් | නොට් රෙඩ් - රතු නෙවේ | රෙඩ් රෙඩ් රෙඩ් - තද රතු..)

ඔන්න තවත් දවසක් අපේ චෙෆා කේක් පෙට්ටි ඕඩර් කරන්න වෙයර්හවුස් එකට කතා කරලා. මෙහෙ කේක් පෙට්ටි ස්මෝල් මීඩියම් ලාජ් කියල සයිස් තුනකින් තියෙන්නේ. ඉතින් ඌට ඔය සයිස් ඔක්කොමත් දැන් ඕනෙලු . ඉතින් මු දැන් වෙයර්හ්ව්ස් එකට කෝල් කරලා කියනවලු..

නලින්, යු සෙන්ඩ් ස්මෝල්, බිග් ,බිග් බිග් බිග්, ටුඩේ මෝල්

හරිනේ.. අපේ නලියා ෆුල් මෝල් වෙලා පැයබාගයක් විතර කල්පනා කරනවලු මොකද්ද කරන්නේ.. මොනවාද දැන් ඌ යවන්න ඕනේ කියල. අනිතිමට පොර හැම සයිස් එකක්ම යවල වැඩිනම් යේ එවයි නේ කියල..

මොකද දන්නවද සීන් එක?
මු මීඩියම් එකට කියන්නේ බිග්.. ඉතින් ආයේ එතනින් එහාටත් සයිස් තියනකොට කියාගන්නත් එපායේ.. ඒ හරියට මූ කියල තියෙන්නේ බිග්  බිග්  බිග්  කියල..

Tuesday, October 25, 2011

බයිසිකල් හදිය...

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්......අනික හෙන දිග ගමනක් ....

ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහා පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු.....කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු. පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඉතින් පාර අයිනෙන් ඇන බාගෙන ඉන්නවලු..

ඔහොම පැයක් විතර ඉන්නකොට ඔන්න බොලේ පිඹගෙන එනවලු රතු පාට Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ. වෙන වාහනෙකුත් නැතිව කරන්න දේකුත් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස්.. සස් .. ගාල බ්‍රේක් පාරක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"
"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෑක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....

මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ..... ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද?? යමන් මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල රේස් කරන් ඇද්දුවේ නැතෑ.....


ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."වේගේ වැඩී .වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල එක සීරුවට... අත කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ... ඌ BMW එක පස්සේ ඔරේ තියල  පාගනවලු.
 
ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු


" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...." 

(මේක මං ඊයකින් උපුටාගෙන සුළු සාරාංශයක් කරන ලදී. සියලු හිමිකම් මේක ඔරිජිනල් ලියපු එකාගේය)

Monday, July 18, 2011

පොඩි වැඩක්.......

මේ දවස් වල අපේ ආයතනේ ලොක්කෝ ටිකට නැවිෂන් ට්‍රේනින්. ඉතින් මට හෙල්ලිල්ලක් න.  මට වෙච්ච පොඩි සීන් එකක් කියන්න හිතුනා පොඩ්ඩක් වෙනසකට එක්ක.

ඔන්න අපි දවසක් මීගමුවේ යාලුවෙක් ගේ ගෙදර යනවා ත්‍රීවීල් එකක. ඔන්න ඉතින් දැන් අපි රෑ නවයට දහයට විතර වගේ මේ යන්නෙත්. දන්නවනේ කොලු කාලේ ඕව අවේලාවල් නෙවේ නේ. ඉතින් දැන් හැටට දෙකක් විතර අඩු ස්පීඩ් එකක යනකොට හන්දියේ ඉන්නවා පොලිස් ඩබලක්. දකින්නත් කලින් මුන් දෙන්න දැම්ම අත.

හෝව් හෝව්... බ්රේක් එක ගැහුවත් ටිකක් එහින් තමා වීල් එක නතර උනේ. කොහෙද ඕය් යන්නේ? මහා රෑ මොකද මෙච්චර තදියම අහ්? කියල අහගෙනම පොලිස් මාමල කඩාගෙන පැන්න එතනට. පිස්සු හැදෙනවා අපි 6 ත්‍රීවීල් එක ඇතුලේ. ඕය් තමුසෙලා බස් එකක් අරන් යන්න ඕනේ සෙනගක් නේ මේ පටවන් යන්නේ? ගන්නවා ගන්නවා ලයිසන් එක කෝ මේකේ ඉන්ෂුරන්ස්? කොහෙද මේ යන්නේ? කියනවා බලන්න? තමුසෙලට චෝදනා කීයකට ලියන්න පුලුවන්ද දන්නවද? අහ්?  අප්පේ ප්‍රශ්න ගොඩ... ඒ අස්සේ එකෙක් කියනවා මචන් 500 දීපන් කියන්න වගේ හදන්නේ කියල. 

එලියට පැන්න ගමන් වගේ (බහින්න ඉඩ තිබ්බේ නෑ කකුල් දගර නයි වගේ තිබ්බේ) එක හුස්මට මම කිව්වා "අනේ සොරි සාජන් මහත්තයෝ (හිටියේ කොස්සෝ දෙන්නෙක්. දන්නවනේ සාජන් කිව්ව ගමන් කට්ටිය යන උඩ) අපි මේ ලග මළගෙදරක යනගමන් මේ අපේ ලොකුඅප්පච්චි නැතිවෙලා ඒකයි. කට්ටිය ආවේ මගේ උදව්වට" කියල. "කව්ද අර හන්දියේ ඉන්න අහවල් මහත්තයාගේ මළගෙදරද  යන්නේ?" ඔන්න අර රාලහාමි ටිකක් සැර බාල කරලා ඇහුව. "අහ් මේ ඔව් ඔව් ... අනේ සාජන් මහත්තයත් අදුරනවද? ඒ තමා අපේ ලොකුඅප්පච්චි.. අනේ බලන්නකෝ වෙච්ච දේ" කියල මම කියාගෙන ගියා. (දෙය්යෝ දෙනකොට දෙන්නේ බෝනස් එක්කමලු. මගේ හිත කියනවා)  "හ්ම්ම්.. ඒ මහත්තය ඩිපෝවේ ඉන්න දවස්වල අපිට සැහෙන උදව්කරා.. ෂා.. ඇයි තමුසෙලා මට කලින් කිව්වේ නැත්තේ? හා හා යනවල යනවල.. අපිත් මේ එහෙ එන්න ඉන්නේ තව ටිකකින්" කියල "උපාලි ඔන්න ඔය කට්ටියට යන්න දෙනවා මේ මම දන්නා කට්ටියක් අර මළගෙදර යන්නේ" කියල කියපි..

ආයේ ඉතින් නයි කියන්නේ මුචලින්ද කෙනෙක්ම කෑවම කොහේ ගොඩ ඊමක් ද? මම ඒ හරිය ගැන දන්නා ඉටිගෙඩියක් තිබ්බේ නෑ. මගේ වෙලාවට කව්දෝ ඒ ඉස්සරහ හන්දිය ලග පරලෝ ගිහින්. අනේ ඉතින් ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න අපිටික යාන්තන් ගොඩ ගියා. එහෙමනම් අපි යන්නම් සාජන් මහත්තය. කියල අපි ආයේ අමාරුවෙන් වීල් එකට රින්ගගත්ත. මේ මේ.. සුදු මහත්තයට කියන්න අහවල් රාලහාමි එනවා කිව්ව කියල හරිද? හරි හරි රාලහාමි..