Thursday, August 18, 2011

තවත් එක බුත කතාවක්..


මේ දවස් වල බුත කතා ගොඩයි. මේක තමා මට සිද්ද උන බුත කතාව. මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල මට වෙච්ච දෙයක් මේක.

ඔන්න දවසක් මම නයිට් එකක් කරනවා, ඩේ එන්ඩ් ප්‍රෝසෙසින්. ඕකෙදි ඉතින් කරන්නේ සිස්ටම් එකේ වර්කින්ග් ඩේ එක එන්ඩ් එක කරලා දවසේ පොලිය එහෙම ගිණුම් වලට දාන එක. ඕක සමහර දවසට මහා රෑ වෙනකම් කරන්න වෙනවා. ඉතින් දැන් රෑ 11 විතර ඇති වෙලාව. මම ඉන්න සර්වර් රූම් එකේම තමා සිසිටිවී මොනිටර් එකත් තියෙන්නේ. ඔන්න ඉතින් මම ඊ.ඕ.ඩී එක දාල නිකමට වගේ අර මොනිටර් එක දිහා බැලුව. මෙන්න කව්දෝ එකෙක් ලිසින් සෙක්ෂන් එක හරහා යනවා. ලයිට්සුත් දාල. සාමාන්යෙන් ඔය වෙලාවට ලයිට් දාන්නේ මම ඉන්න හරියේ විතරයි. අනිත් ඔක්කොම නිවල.

අප්පටසිරි! හොරෙක්වත් රිංගගෙනද කියල මමත් ඔන්න හෙමින්ම එලියට ඇවිත් ලීසිං එක දිහාට ගියා. ලයිටුත් නිවල! මොකෙක්වත් නෑ! මේ මොකද හොල්මන්ද? කියල මම අයෙත් ලීසිං එකේ වටක් කැරකිලා සර්වර් රූම් එක දිහාට අවා. එපාර අයෙ අර  සිසිටිවී මොනිටර් එකේ මොකක්වත් නෑ. හ්ම්ම්.. ඔහොම හිටිය අයෙ පය බාගයක් විතර. ඉදල ඔන්න අයෙ ප්‍රෝසෙසින් දන්න යද්දීම නිකම් බැලුව මේ  සිසිටිවී මොනිටර් එක දිහා. අන්න අයෙම ලයිට් දාල? මල පැනල මම ඕනේ කෙහෙම්මලක් කියල ගියා අයෙත් ලීසිං එකට. අනේ ලයිට් නිවල. හොල්මන්ද පොල් කොළ කිව්වලු?? ලීසිං එකේ ඉදන්ම ගත්ත සෙකුරිටි එකට කෝල් එකක්. අරන් ඇහුව මේ ලීසිං එකේ මොනාහරි එකකට කව්රුහරි ආවද කියල? මොකද එයාල හිටි අඩියේ තැන් තැන් වලට යනවා චෙක් කරන්න. එහෙම ආවේ නෑ සර්. ඇයි මොකද ප්‍රශ්නේ? කියල මගෙන් එයාල අහනවා. මම කිව්වා නෑ මම  සිසිටිවී එකේ දැන් දැක්ක එකයි. ඒ උනාට මෙතනට අවම කව්රුවත් හිටියේ නෑ කියල. හරි සර්  අපි එන්නම් කියල එයාල ෆෝන් එක තිබ්බ.

ඔන්න දැන් සෙකුරිටි කට්ටියත් ඇවිත් බලනවා මමත් ටිකක් බැලුව.. කිසි දෙයක් නෑ. කෝකටත් මට සිසිටිවී මොනිටර් එක ගැන සැකයක් තිබ්බ නිසා මම හෙමින්ම එහාට ගියා. ටිකක්  සිසිටිවී මොනිටර් එක දිහා බලන් ඉද්දි ඔන්න අයෙම කට්ටිය යනවා එනවා පේනවා. ඒපාර කස්ටමර්ස්ලත් ඉන්නවා. හ්ම්ම්ම්.. මෙන්න එතකොටම එක අයෙ නොර්මල් යන්න ගත්ත. දැන් සෙකුරිටි අයව පේනවා. මේ මොකද? මේකට මොන යක වැහිලද කියල මම බැලුව. කොහොමින් හරි මම තේරුම්ගත්ත අපේ  සිසිටිවී මැෂින් එකේ ප්‍රශ්නයක් තියනවා කියල. ඔන්න ඉතින් ඒක සෙකුරිටි එකටත් කියල වැඩේ එතනින් ක්ලෝස් කරගත්ත.

පහුවදා අවා සිසිටිවී එක බලන කොම්පැනියෙන් කිව්වා, අපේ  සිසිටිවී සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙලා දවල් වෙච්ච දේවල් සැරින් සැරේ ප්ලේ බැක් එකක් විදියට මොනිටර් එකට වැටිලා. ඔන්න ඕකයි අපේ බුත කතාව. ඉතින් කට්ටිය ඔය බුතයෝන්ට බයවෙද්දී පොඩ්ඩක් වටපිට බලලම බය උනොත් නේද හොද?

10 comments:

  1. හික් හික් හික් :P
    මං නම් බූත කතා වලට මාර බයයි..! :D

    ReplyDelete
  2. නියම කතා පෙලක්... ලස්සනයි..

    ජය...

    ReplyDelete
  3. හොද වෙලාවට හොයලා බලලා බය නේ. එකපාරටම බය උනා නම් මෙලහකට තොවිල් පවිල් කරන්න වෙනවා.

    ප.ලි. - මම් කලින් ලිපි වලට දාපු කමෙන්ට් ටික නෑ. මොකෑ අයියා ඒවට උනේ ?

    ReplyDelete
  4. හික් හික්...දැන් දැන් කොහේ බැලුවත් භූත කේස් එකක්නේ..

    ReplyDelete
  5. අපේ පුංචි රට බුත විමානයක්නේ.. ග්‍රීස් යකා අර යකා මේ යකා.. ඔහේ ඇති බුතයෙක්වත් යකෙක්වත් නැහැ. මන් එක කාලයක් තනියම ගඩාරක ජීවත් උන.. ඒ ගෙදර ඉස්සර හිටි මිනිහ එල්ලිලා මැරිලා හිටියලු මන් බුදියගත්ත කාමරේ. මන් පිටරටක රාජකාරියකට යනකොට අපේ රියදුරු කොල්ලට කියනවා තව එකෙක් එක්ක ඇවිත් ගෙයි නිදාගන්න කියල. මන් හිතන් හිටියේ ඌ කරනවා ඇති කියල අවුරුදු ගානකට පස්සෙයි මන් දන්නේ ..ඌ ගේ ඇතුලට නොගිහින් ගරාජ් එකේ පැදුරක් දාගෙන දොරත් අරගෙන නිදාගෙන තියෙන්නේ. ඊට පස්සේ වෙන නිල නිවාසයකට ගියා එතනත් හිටි මිනිහ මලාලු ගේ ඇතුලෙම බීල වැඩිවෙලා. ඉතින් මට මොකද. මන් කිවුව ඌට ඇවිත් ඔය තියෙන බෝතලයක් අරන් යන්න බැරිය පරලෝකෙදිත් බොන්න කියල..

    ReplyDelete
  6. Bunny : මේවගේ බොරු බුතයන්ටනම් බයවෙන්න එපා..

    මදුරංග මල්ලි: අනේ මල්ලි තවම අපි බ්ලොග් කෙරුවාවට අලුත් හින්ද මොඩරේෂන් එකේ හිරවෙලා. සමාවෙන්න හොදේ?

    ගයන් රූපසිංහ: බොහොම ස්තුති ගොඩවැදුනට.. අයෙත් එන්න,

    චම්මා : මල්ලි දැන් ලංකාව බුත විමානයක් වේගන එන්නේ. හික්. හික්..
    ඔන්න ඔයාගේ ලිෆ්ට් එකේ යද්දිත් බලාගෙන..

    ලංකාප්‍රිය අය්යා: ගොඩක් ස්තුති මේ පැත්තේ අවට. ඒවගේම කොමෙන්ට් එකක් විදියට අයගේ කතාව කිව්වටත්..

    ReplyDelete
  7. හික්....පණ බයේආවෙ මේක බලන්නට්....^_^

    ReplyDelete
    Replies
    1. අප්පුච්චේ.. එහෙමද? මේ ඉතින් මටම වෙච්චා නේ . අනික මුල් දවස් වල ලියපුවා.

      Delete
  8. මම බය වුණා හරියට ඔයාගෙ කතාව අහල....

    ReplyDelete