මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.
ඉතින් අවුරුද්දේ මුලදීම මම මේ හදන්නේ මගේ පිටසක්වල ජීවයක් ගැන කියවෙන කතා මාලාවේ 3 වැනි කොටස විදුලි භාවිතය ගැන කතා කරන්න. ඉතින් ඔයාල අද මේ අඩවියට ආවානම් මෙන්න මේ සබැඳි දිගේ ගිහින් මේ කතාවේ මුල් කොටස් කියවන්න පුළුවන්.
අද ලෝකේ විදුලිය කියන දේ නැතුවම බැරි දෙයක් වෙලා. කොච්චර නැතුවම බැරිද කියනවනම් සමහර රටවල විදුලිය නැති උනාම මිනිස්සු අවුල් වෙන තත්වෙට පත්වෙනවා. විදුලි සෝපාන කාර්යාල සාප්පු ආදී මෙකී නොකී හැම දෙයක්ම උඩුයටිකුරු කරන්න මේ විදුලියට පුළුවන්. ඉතින් මේ අපුරු බලය අතීත මුතුන් මිත්තන් දැකල තිබ්බේ අකුණු හරහා විතරක් කියන එක තමා අද බොහෝ දෙන පිළිගන්න මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය විදුලි කෝෂ හැටියට ගබඩා කරගන්න පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 ඉතාලියානු ජාතික ඇලෙක්සැන්ඩර් වෝල්ටා හොයාගත්ත බැටරියත් එක්කයි. ඒක 1836 දී ඩැනියෙල් සෙල් විසින් තවත් දියුණු කරලා තියනවා. ඔය විදුලියෙන් එලිය නිපදවාගන්න පටන්ගත්තේත් ඊට සමගාමීවයි. මේ විදුලි බල්බ නිපදවන්න ගොඩක් අය උත්සාහ කරත් මුලින්ම අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් මහත්මයාවයි. එත් මේ යට කලින් කවුරුත් ඔය විදුලිය ගැන දැනන් හිටියෙවත් පාවිච්චි කලේ වත් නැද්ද?
මේක කියවන ඔයාලගෙන් ගොඩක් දෙනෙක් බැග්ඩෑඩ් බැටරිය ගැන අහල නැතුව ඇති. 1936 බැග්ඩෑඩයේ කුජුට් රබු කියන ගමෙන් හමුවුනු මේ පහත තියන මැටි භාජනය හා ලෝහ පතුරු ක්‍රිස්තු පූර්ව යුගයේ පාවිච්චි කරන ලද බැටරියක කොටස්. මේවා අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 250 ක් වත් පැරණි කොටස් බවට විද්‍යාඥයන් මත පල කරනවා.
අම්ලමය දියරයකට ලෝහ එනම් තඹ කූරක් වටා වූ යකඩ ආවරණයක් දැමීමෙන් නිපදවාගන්න කුඩා ප්‍රමාණයේ විදුලියක් මේ බැටරි වලින් ලැබිල තියනවා. ඉතින් මේ වගේ බැටරි වල බලය නිපදවන්න ඒ කාලේ විනාකිරි, මිදී යුෂ වගේ අම්ල භාවිතා කරන්න ඇති කියල විද්‍යාඥයන් විශ්වාසය පල කරනවා. මේ පහලින් තියෙන්නේ ඒ සරල ඇටවුම.
එහෙමනම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා කරේ නැවත සොයාගැනීමක් ද? බැටරියේ මුලාරම්භය වසර 2000 කටත් එහා අතීතේ සිදුවූවක්ද?
ඉතින් මෙයාකාර බැටරි ගණනාවක් සරල අටවුමක් මගින් එකතු කරගෙන මොනවාද කරන්න පුළුවන් කියන එක ගැන අදත් හරියාකාර මතයක් ප්‍රකාශ වෙලා නෑ. ඒ කොහොම වුනත් අපේ මුතුන් මිත්තෝ ජනප්‍රිය මතයට අනුව කියන විදියට ගිනි දල්වන්න ගිනිගල් හොයමින් දර අතුල්ලමින් ඉඳල නෑ නේද?
ඔයගොල්ලන් කවුරුහරි ඊජිප්තුවේ සංචාරය කරලා තියනවද? පිරමීඩ වලට? එහෙමනම් ඔයාල අනිවාර්යෙන් ඒවා ඇතුලේ තියන පටු බිංග දිගේ යන්න ඇති. ඉතින් ඒ යනකොට විස්තර කරන්නන් කියන්නේ ඒ පිරමීඩ මුල්ම කාලේ එලිය කරේ පන්දම් එළියෙන් කියල. ඒ කතා අහන ඔබ යන්තම් වත් ඔලුව උස්සල බලල නැතිද ඒ පිරමීඩ බිංග වල කොට වහලවල් දිහාවේ? එහෙම බලල බලාපොරොත්තු වෙන්නේ ඒ වහල වල බැඳුනු කළු පාට දැලි තට්ටුව දකින්න නම් ඒ බලාපොරොත්තුව හරි යන්නේ නෑ. ඒ මොකද ඒවාගේ දැලි පොදක්වත් නෑ. ඉතින් එහෙනම් කොහොමද පිරමීඩ එලිය කරේ? හදන කාලේ උනත් මේවා එලිය කරන්න පන්දම් යොදවපු බවක් පෙනෙන්න නැත්තේ කිසිම චිත්‍රයකවත් දැලි හෝ දැලි මිශ්‍ර තෙල් අංශු දකින්න නැති හින්දයි. හොඳයි ඉතින් දැන් ඔයාල හිතනවා ඇති එහෙනම් පස්සේ කාලෙක මේ පිරමීඩ වල චිත්‍ර, සීලිම් එහෙම පිහදාන්න ඇති කියල. එත් ඒ තරම් පිරිසිදුව තියෙන්න පිහිදාන්න? එත් ඒ පුරාතනයේ විදුලි බල්බ තිබුනානම්?
ඉතින් ලයිට් බල්බයක් ගැන ඉතිහාසේ තියන සාක්ෂි හොයන්න අපි ඊළඟට යන්නේ ඊජිප්තුවට. ඊජිප්තුවේ පිරමීඩ වල තියන චිත්‍ර අතර කොහොමත් අපුරු චිත්‍ර තියනවා. ගුවන් යාන හෙලිකොප්ටර වගේම මේ පහත තියන චිත්‍රෙත් ගොඩක් දෙනාගේ ඇසට අසුවුන එකක්. ඊජිප්තුවේ දෙන්ද්‍රා හි හාතෝර් දේවාලයේ තියන මේ පහලින් ඇති චිත්‍රෙ ගැන පිටසක්වල ජීවය ගැන මත පළකරපු, ඒ වගේම චැරියට්ස් ඔෆ් ගොඩ්ස් පොත ලියපු එරිච් වොන් ඩැනිකන් කියන්නේ මේ චිත්‍රෙ පෙන්වන්නේ විදුලි බල්බයන් දෙකක් කියලයි. එත් මේ චිත්‍රෙ ගැන අරුත් දක්වන විද්වතුන් නම් කියන්නේ මේ චිත්‍රයේ නෙළුම් මල් දෙකකින් එන නාග රූප දෙකක් දැක්වෙනවා කියලයි.
ඉතින් ඒ කොහොම වෙතත් ඔයාල පරිස්සමෙන් බැලුවොත් බල්බයේ අග ඉඳල මේ හැම එකක්ම යම්කිසි බෝතලයක් වැනි දේකට සම්බන්ධ කරලා තියනවා දකින්න පුළුවන්. එහෙනම් ඒ සම්බන්ධය යා වෙන්නේ අර මුලින් දැක්ක වැනිම වූ ප්‍රමාණයෙන් විශාල බැග්ඩෑඩ් බැටරි සමුහයකටද ? එරිච් වොන් ඩනිකන් කියන පරිදි ඔහු මේ ඇත හදාබැලීම කරලා තියනවා. එත් ඔහු කියන්නේ නෑ ඔහු බල්බය දල්වන්න කොයිතරම් විදුලියක් භාවිතා කරාද කියල. ඒ ගැන නම් මට ඇති වන්නේ සැකයක්. එත් අපි ගල් යුගයේ යයි කියන, ලීවරයේ ප්‍රාථමික මට්ටම විතරක් දන්නා බව කියන ආදී මානවය විදුලිය ගැන මේ තරම් දනුමතිව මේ තරම් දෙයක් කළා නම් ඔවුන්ට විදුලිය ස්ථාවර කරන එක ඒ තරම් දෙයක් නොවෙන්න ඇති නේද?
මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එරිච් වොන් ඩනිකන් අත්හදා බැලීම කරන විදිය..
හිතන්න... අද ලෝකය මොනතරම් දියුණුද? ඒත් ඒක එහෙමමද?
කෝ වීඩියෝව ?
ReplyDeleteකෝ වීඩියෝ එක?
ReplyDeleteහැම වෙලාවෙම හිතේ හොල්මන් කරන අදහසක් තමයි, අදට වඩා දියුණු අතීතයක් පට තිබ්බාය කියන එක.. ඒකට සාක්ෂි ඕනි තරම් තියෙනවා..ඔබ කියන්නෙත් එහෙහ්ම තිබුනු ප්‍රබලම සාක්ෂි තමයි..
ReplyDeleteඅර රන්මසු උයනෙ තියන එකත් දාන්න :)
ReplyDeleteමේ ගැන කොච්චර හෙව්වත් ඇති වෙන්නෙ නෑ. ඔන්න කෙප්ලර් බී එකේ කස්ටිය එක්ක සෙට් වෙලාවත් මේ ගැන වැඩිදුර හොයා ගන්න පුලුවන් උනොත් මරු
ReplyDeleteමීටර් සියගණන් උසට මිනිස් දෑතින් ගෙනයා නොහැකි විසල ගල් පරුවත ගෙනිච්චේ කොහොමද තාක්ෂනය ළදරු වියේ තිබුනා නම් ? දැන් වගේම මිනිස්සු තමුන් විනාශකරගන්න දේත් ඔය විදිහටම හදාගන්න ඇති.. ඊට පස්සේ ආපහු මුලට ඇවිත් ආයිත් අලුතින් සොයාගන්නවා පරණ තාක්ෂනය..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !!
සෑහෙන්ඩ බොන්ඩ වෙනව මේ ගැන කතා කොරන්ඩ
ReplyDeleteවීඩියෝ එක නෑ....
ReplyDeleteබලාගෙන ගියහම බැරරිය හොයාගෙන තියෙන්නේ ආදි කාලේ නේ. වෝල්ටා ඒක ප්‍රතිනිර්මාණය කලා විතරමද දන්නේ නෑ.
මේක කියෙව්වම මට මතක් උනේ අපිත් පොඩි කාලේ දෙහි ගෙඩියට තබ පතුරුයි සින්ක් පතුරුයි ගහලා බැරටි හදලා ලයිට් පත්තු කලා. සෑහන දෙහි ගෙඩි ගොඩක් ඕනේ. (ඒක වෙනම කතාවක්.) ඒත් කොහොමහරි බැටරි හැදුවා
@ වීඩියෝව ගැන අහපු හැමෝටම :
ReplyDeleteසමාවෙන්න ඕනේ ඔය හැමෝම, හදිස්සියේ පොස්ට් කරේ. වීඩියෝ එකේ ලින්ක් එක ඔබන්න අමතක වෙලා. ඔන්න වරද හදල තියෙන්නේ.
@ පොඩි මෑන්:
ඔන්න වරද හැදුවා. ස්තුති සහෝ..
@ මහිම මදුරංග :
ස්තුති සහෝ.. දැන් වැරැද්ද හදල තියෙන්නේ.
@ Weni :
ඔය කියන දේට මම සීයට සීයක්ම එකඟයි. ඒ එක්කම මම පල්ලහ කොමෙන්ට් කරලා තියන සරත් ලංකා ප්‍රිය අයිය කියනවා වගේ ඒ මිනිස්සු ඒ තාක්ෂනෙන්ම තමන්ගේ විනාසෙත් හදාගත්ත කියන කතාවට ඒ වගේම එකඟයි. රැඳිලා ඉන්නකෝ.. ඒ ගැනත් මම ඉස්සරහට ලියන්නම්.
@ තනියා..
ඔය කියන්නේ ස්ටාර් ගේට් එක ගැන නම් මට ඒක ගැන කරුණු ලැබෙනවා මදි. විස්තර තියනවනම් යන පාරට ලින්ක් එකක් දෙනවද?
@ බුද්ධි
මොකක්ද කෙප්ලර් බී කියන්නේ?
@ සරත් ලංකාප්‍රිය අයියා:
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත්.. සැහෙන කාලෙකින් අයියා මේ පැත්තේ ආවේ. දැකීමත් සතුටක් මගේ බ්ලොග් ගුරුතුමා. අයියා කියන කාරණේට සීයට සීයක් මම එකඟයි. කතාවක් තියනවා රාම රාවන යුද්ධෙදි න්‍යෂ්ටික අවි භාවිතා කරා කියල. සාධකත් ලැබෙමින් තියනවා. ඉතින් එහෙම වෙනකොට හිතෙන්නේ නැතිද අද අපි මේ යන්නෙත් එතනටමයි කියල?
@ Observer
ඔන්න ඉතින්... අර යුඑෆ්ඕ එකේ කතාව දැම්මම මං එත් සැහෙන සන්තෝස උනා.. කොහේ.. ගිහින් බැලින්නම් ඒ ඔබාස් ප්‍රයිඩ් ඇන්ඩ් ජෝය් නේ.. ඉතින් එහෙම කරල මෙහෙම කියන එක හරිද මං අහන්නේ?
@ මධුරංග
ඔන්න ඉතින් වැරැද්ද හැදුවා. දැන් වීඩියෝ එක පේනවා. ඉතින් මල්ලිලා ඔහොම දෙහි බැටරි දුසිමකින් එක බල්බ් එකක් පත්තු කරානම් අර වගේ එව්වා දුසිමකින් ලොකු කරන්ට් එකක් ගන්න එකම මහා දෙයක් නෙවෙයි නේ? නේද?
කෙප්ලර් බී
ReplyDelete14. පෘථිවියට සමාන ග‍්‍රහලොවක්
ආලෝක වර්ෂ 600කට ඈතින් පිහිටි ග‍්‍රහලොවක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි ඇතැයි නාසා ආයතනය ප‍්‍රකාශ කළේ දෙසැම්බර් 3 වැනිදාය. එම ග‍්‍රහලොව ‘කෙප්ලර් 22 බී’ යනුවෙන් නම් කෙරුණි. නාසා විද්‍යාඥයන් ප‍්‍රකාශ කළ අන්දමට ‘කෙප්ලර් 22 බී’ ග‍්‍රහලොවේ, මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් 72ක් පමණය. එම උෂ්ණත්වය අපේ පොළොවේ වසන්ත කාලයේ උෂ්ණත්වයට සමානය. ‘කෙප්ලර් 22බී’ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ක් දුරිනි. බයි. ‘කෙප්ලර් 22බී’ ග‍්‍රහලොව ගැන මුලින්ම තාරකා විද්‍යාඥයන්ට තොරතුරු ලැබී ඇත්තේ 2009 වසරේදීය. පෘථිවියට වඩා ප‍්‍රමාණයෙන් විශාල වූ මෙම ග‍්‍රහලෝකය අපගේ සූර්යයාට වඩා ප‍්‍රමාණයෙන් කුඩා තරුවක් වටා භ‍්‍රමණය වෙන බව ඔවුහු පවසති. ‘කෙප්ලර් 22බී’ භ‍්‍රමණය වන කුඩා තාරකාව ‘ජී5’ යනුවෙන් නම් කොට ඇත. ස්කන්ධය හා අරය අපේ සූර්යයට වඩා ප‍්‍රමාණයෙන් මඳක් කුඩාය. මේ හේතුව නිසා මේ තරුව සූර්යයට වඩා දීප්තියෙන් ද අඩුය.
උපුටා ගත්තෙ මල් කැකුලු බ්ලොග් අඩවියෙන් (http://www.malkakulu.com/2012/01/blog-post_03.html)
රන්මසු උයනේ නේද තාරකා උයන සම්බන්ධ දෙයක් තියෙන්නේ ?
ReplyDeleteකොහොම උනත් මේ දේවල් කියෙව්වම හිතෙන දේ තමයි දැන් නෙවෙයි වැඩකරුවෝ ඉදලා තියෙන්නේ ඉස්සර නේ කියන ඒක..
මේ සම්බන්ධව විද්‍යාඥයින් කරපු පර්යේෂණ ගොඩක් තියෙන වීඩියෝ සීරියස් එකක්ම(4.7GB) මගේ ගාව තියෙනවා
ReplyDeleteලංකාවට ආවට හමුවෙන්න පුළුවන් කමක් ලැබුනොත් මං ඒ ටික උඹට දෙන්නම්
ඒක ගොඩක් වැදගත් වෙයි මේ වගේ ලිපි ලියන කෙනෙකුට
ඒකේ තියෙන කරුණු වලින් ඔප්පු කරන්න හදන කරුණු කාරණා මොනවා උනත් ඉස්සර කාලේ තිබ්බ ලොකු තාක්ෂණයක් ඒ මගින් ගවේෂණය කරනවා
ගුවන් යානා තාක්ෂනය, ගෘහ නිර්මාණ තාක්ෂනය, වැනි බොහෝ දෑ...
@ බුද්ධි
ReplyDeleteස්තුතියි.. මේ මම නොදැන හිටිය දෙයක්.. කියවල බලන්න ඕනේ මේ ගැන..
@ ChammA
ඔව් ඔව්.. රන්මසු උයනේ ස්ටාර් ගේට් එකක් තියන බවක් කියනවා එත් පැහැදිලිවම නෙවෙයි.
@ලොකු පුතා
ස්තුති සහෝ.. ලංකාවට අවොත් කොහොමහරි එන්නම් හම්බවෙන්න..
මේ බැටරි කේස් එක ගැන මම මීට කලින් අහලා තිබුනේ නෑ වීඩියෝව දැක්කම නම් පිස්සු වගේ... ලංකාවේ තිබුනු විශාලම චෛත්‍ය තුනේ පිහිටුමත් ඊජිප්තුවේ පිරමීඩ තුනේ පිහිටුමත් එක සමාන වෙච්චි එකත් පිරමීඩයෙන් වගේම චෛත්‍යය හදද්දි භාවිත කරපු ක්‍රම වේද සමාන නිසාත් නිකමට හිතන්න බැරිද තාක්ෂණික ඥාණය එකම තැනකින් ලැබෙන්න ඇත්තේ කියලා.... සමහරවිට සහෝදර ජන කොට්ඨාස වෙන්නත් බැරිද?? මේ වගේ ඓතිහාසික උමං මාර්ග සංකීර්ණ වැඩි හරියක්ම තියෙන්නෙත් ඊජිප්තුව හා ලංකාව අතර නේද.... මෙතන මොකාක් හරි සම්බන්ධයක් නැතිවෙන්න බෑ... මම එදා කියපු එකට අයියා කියලා තිබ්බනේ අහසින් ආ සිංහ මිනිස්සු ගැනත් කතාව ඊජිප්තුවේ තිබ්බේ කියලත්... මේක ගුප්ත වෙන තරමටම කුතුහලේ වැඩියි.
ReplyDeleteකතාවක් තියනවා අහල තියනවද මන්දා ලංකාවේ සිංහ මිනිසුන් අහසින් විත් තාක්ෂනය දුන්නු විස්තරයක් එන? බැබිලෝනියන් පියාඹන සිංහ රූපය ගැන මෙතැනදී ගොඩක් දෙනා කියන දෙයක්. ඒ වගේ විස්තර එක්ක ඔබට හිතෙන්නේ නැද්ද අර කතා වලින් කියවෙන දේ ඔය රාවණා කාලේ වගේ දිවෙන කතාවක් කියල?
Deleteමගෙත් විශ්වාසය නම් අද දියුණුයි කියල කියන අපිට වඩා දියුණු තාක්ෂණයක් එදා තියෙන්න ඇති කියන එක. මොකක් හෝ හේතුවක් නිසා ඒව විනාශ වෙලා..
ReplyDeleteමොකක් හරි හේතුවක් කියල කියන්නේ මම නං හිතන්නේ යුද්ධ කෝලාහල මැදින් එද්දී දැනුම විනාශ වෙන්න ඇති කියන දේ සහ වැරදි පුද්ගලයින්ට දැනුම යයි කියන සැකය මත විනාශ කළා ය කියන දේත්. නමුත් මොකක් හරි වෙලා නම් තියන පාටයි..
Deleteathithaye mechara diyunawak thibbanam ai a diyunuwa newath oyanna une.. ai aluth karanna une.. ai a diyunuwa wradanaya wemin wartamanya wenakal nawe........????
ReplyDeleteපොඩ්ඩක් හිතන්න, ලෝකය මත තියන තාක්ෂනය අද රැකගන්න කොච්චර දේවල් කරනවද? උදාහරණයකට න්‍යෂ්ටික තාක්ෂණය? අපිට අඩුගානේ තෙල් ටිකක් හාරන්න තාක්ෂණය ගන්න බැරිව නේද ඉන්නේ? එහෙනම් එදාත් මේ තාක්ෂණය සතුරා අතට පත්වේවි කියල විනාශ කළා ද දන්නේ නෑ නේද?
Delete