Thursday, September 8, 2011

සිංහල බ්ලොග් වල අලුත්ම පිස්සෝ



මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න කුණුහරප ලියපු කොමෙන්ට් එකක් දාල. ඇනො කෙනෙක්. අනේ මන් දන්නේ නෑ මේ පිස්සන්ට මොනවාද කරන්න ඕනේ කියන එක. මගේ බ්ලොග් එක බලන්නේ ටික දෙනෙක් උනාට ඒකට සහෝදරියන් කීපදෙනෙක් එනවා. බොහෝ වැදගත් මහත්වරු එනවා. තව ෆලෝ නොකර බලන අය ගැන මම දන්නේ නෑ. ඒ අයගේ වයස තරාතිරම මම දන්නෙත් නෑ. ඉතින් මේ පාක ප්‍රජාව වෙනුවෙන් මගේ බ්ලොග් ඒක පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඒක මගේ වගකීමක්.

කොහෙවත් යන පිස්සෙක් අද මගේ බ්ලොග් එකට රිංගල මගේ පොස්ට් එකක් කියවල මට බැනල ගිහින්. මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට හිතෙන දේවල්. ඒක හරි නැතිනම් සභ්‍ය විදියට කියන්න තිබ්බ නේද? සිංහල බ්ලොග් වලට මම අලුත් උනාට මම බ්ලොග් ලියන්නේ 2009 විතර ඉඳල. ඒ කාලේ ඉඳල අද වෙනකම් මට ආව පලවෙනි කුණුහරුප කොමෙන්ට් එක තම අද මේ ආවේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්න මම දන්නේ නා එත් මම ඔහොම ඒවාට සැලෙන්නේත් නා. අනෝ ඔයාට මම කියන්නේ ප්‍රවේසම් වෙන්න, මොකද කොට්ටෝරුව කොටුවෙන්නේ කෙහෙල්ගහට කොටපු දාට..



7 comments:

  1. satha pahakata salenna epa,muladi ohoma irisiyaa kaarao godak enava....lol

    ReplyDelete
  2. ඔය දේවල් ගනන් ගන්න එපා අයියා,මානසික අසහනකාරයෝ කොහෙද නැත්තේ..අයියා ලියන විදියට දිගටම අයියා ලියන්න :)

    ReplyDelete
  3. ඔහොමතමයි ලියන්න ගත්තම .. ගල් මල් දෙකම දකින්න වෙනවා. අපි ඉතින් බර නොගන්න ගල් පාරවල් ආපහු ඒ අයට යාවි..

    ReplyDelete
  4. අනිව සැලෙන්න එපා.එක එකාට ඕන විදියට අපිට ඉන්න බෑනේ...
    තව දහිරිය අරන් ලියන්න...

    ReplyDelete
  5. ඔයාල හැමෝටම බොහොමත් ස්තුති මේ වෙලාවේ මෙහෙට ආවට... මට ඕනෙම කොමෙන්ට් එකක් අවුලක් නෑ එත් මේ පිස්සු කුණුහරප කාරයෝ කරපු වැඩේ තමයි දිරවන්නේ නැත්තේ. එහෙම කියල මම කොමෙන්ට් මොඩරේට් කරන්නවත් ඇනොනිමස් අයින්කරන්නෙවත් නෑ. මොකද එහෙම කරපුදාට උන් දිනුම් මම පරාදයි. අයෙමත්.. ඔයාල හැමෝටම ස්තුති.

    ReplyDelete
  6. අපෝ ඔය ඇනොලගේ ක‍රදරේ කාලෙකට ඉස්සර ගන සැරේටම තිබ්බා. කොහෙන් හරි පැනලා එන මානසික ලෙඩ්ඩු.
    අයියට කරන්න තියෙන හොදම වැඩේ තමයි කමෙන්ට් මොඩරේශන් ඇක්ටිවු කරන එක. නැත්නම් මේ වගේ දෙවල් වලින් අපි ලියපු දෙයක් රස විඳින හොද ඇනෝලටත් කමෙන්ට් එකක් දාන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  7. මදුරංග මල්ලි.. මම එත් මොකද බැලුව මේ පරක්කුව .. මට තියන සීන් අස්සේ ඔය මොඩරේෂන් එක බලන්න අමතක වෙනවා අප්පා.. මතකද ඔයාගෙයි ලන්කප්රිය අය්යගෙයි කොමෙන්ට් ටිකක් හැලිලා තිබ්බ? ඒ ඔය කෙහෙම්මල මම පාවිච්චි කරාම. අර රෙස්ලින්ගේ කේස් එක එහෙම තිබ්බේ මම සිංහල බ්ලොග් වලට ආවම කාලේ,. සැලෙන්නේ නෑ මල්ලි ඔය ඇනෝ පිස්සෝ හින්ද. හොඳ ඇනෝලට කොහොමත් මගේ බ්ලොග් එක ඇරලා තියෙන්නේ.

    ReplyDelete