වවුලන් යොදාගෙන තනන ලද අපුරු සමුල ඝාතක
අවියක් ගැන ඔබ අසා තියනවාද? ඇමරිකානු නිෂ්පාදනයක් වූ මෙය ඔවුන් තැනුවේ
ජපානයට එරෙහිවයි.
එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ තවත්
එක හැරවුම් ලක්ෂයක් වීමට තිබුණු තැනක් ගැනයි.එහෙනම් එන්න, කියවන්න, ඉතිහාසයේ
සැඟවුණු තැන් අතරේ ඇති ඇමරිකානු වවුල් බෝම්බය ගැන.
ජපානය, 1941 දෙසැම්බර් මාසයේ 8 වැනිදා (ජපාන වේලාවෙන් ) ජපාන නාවික හමුදා ප්‍රහාරයක් ඇමරිකානු පර්ල් වරායට එල්ල වෙනවා.
විශ්මය දනවන ලෙස සිදුවන මේ ප්‍රහාරය සමගින්ම ඇමරිකාව සක්‍රීයව ජපානයට විරුද්ධව
යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ දෙවැනි ලෝක යුද්ධයේ තවත් හැරවුමක් සටහන් කරමින්.
ඇමරිකාව මුල්ම වතාවට ජපානය සමග මුහුණට මුහුණ
ගැටෙද්දී ජපාන සොල්දාදුවන් නිර්භීතව එහෙත් ඇතැම්විටක මරු පෙනී පෙනී සටන් වදිනවා.
ගරිල්ලා උපක්‍රම හා සතුරා විශ්මයට පත් කිරීමේ උපක්‍රම (Elimant of Surprise) යොදා පහර
දෙන ජපාන හමුදා ප්‍රහාර ඇමරිකානු මරණ සංඛ්‍යාව ජර්මානු පෙරමුණේ දී සිදුවූ ස්ථානීය
මරණ ප්‍රමාණය අභිබවා යන්නට සලස්වනවා.
ඒ වගේ සටන් සිදුවූ ප්‍රදේශ දෙකක් තමයි
ඔකිනාවා දුපත (Battleof Okinava) සහ ග්වන්දල් කනාල් දුපතේ සටන (Guandalcanal Campaign). මේ හේතුව
නිසා ඇමරිකාවට ජපානයේ ප්‍රධාන දුපත් ආක්‍රමණය කිරීමට යාමේදී විශාල මිලක් ගෙවන්නට
සිද්ධ වෙන බව පැහැදිලිවම පෙනුණු කරුණක්.
ප්‍රහාරයට පෙර ජපාන භුමිය (Japanese Main Land) තුල
විශාල විනාශයක් කිරීම මතින් එක්කෝ ජපාන ශක්තිය අඩපණ කරගන්නට හෝ ජපානය යටත්වීමටක
පෙළඹ වීමට යන දෙකෙන් එකකට එළඹෙන්න අවශ්‍ය කරන සාධක ඇති කිරීම ඇමරිකාවට අවශ්‍ය
වුවා.
1941
දෙසැම්බර් 7 වෙනිදා: ලිට්ල් ඇඩම්ස් (Lytle Adams)නමැති දන්ත වෛද්‍යවරයා සිය නිවාඩුව ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ
හි කාල්ස්බෑඩ් හි ගතකර තම නිවස බලා ගමන් කරනවා. ඔහුට ඒ රථ ධාවනයේ යෙදෙන අතරතුර
සිහිවන්නේ තමන් පෙරදිනවල දුටු විශාල වවුලන් සමුහය ගැනයි. එසේ සිතමින් යන විට ඔහුට
රථයේ රේඩියෝව හරහා අහන්නට ලැබෙන්නේ පර්ල් වරායට ජපානය පහරදුන් පුවතයි. එයින්
කම්පාවට පත්වන මේ හැට හැවිරිදි වෛද්‍යවරයා සැලසුම් කරන්නේ ඇමරිකාව වෙනුවෙන් අවියක්
තනා එයින් ජපානයට පහරදීමටයි.
කිසිම හමුදාමය පසුබිමක් නැති සාමාන්‍ය දන්ත
වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය ලිට්ල් මේ සඳහා සැලසුම් කරන්නේ තමන් දුටු ලක්ෂ සංඛ්‍යාත
වවුලන් යොදාගෙන ඉන්සින්ඩ්යරි වර්ගයේ බෝම්බයක් ජපානය වෙත මුදා හැරීමටයි. ඔහුගේ න්‍යාය
සරලයි.
වවුලන් පරිසරයෙන් අවශ්‍ය තරම් නොමිලේ
සොයාගන්නට පුළුවන්.
වවුලන් සිය පැටවුන් රැගෙන යන අයුරින් කුඩා
බෝම්බයක් රැගෙන යනු ඇති,
ඒ බෝම්බය රැගෙන යන වවුලන් දිවා කාලයේ නිදහස්
කළහොත් ඔවුන් වහලවල් තුරු මුදුන් සහ පාලම් වැනි ස්ථාන වල සැඟවී අඳුරට එක්ව සිටිනු
ඇති.
මේ වවුලන් ගෙනයන බෝම්බය කාල බෝම්බයක් ලෙසින්
සකස් කළහොත් එයින් ඉතා කෙටි කලක් තුල ලී වලින් සාදන ලද ජපන් නිවාස හා බොහොමයක්
ගොඩනැගිලි ගිනි ජාලා වලට පත්කළ හැකිය.
තනි පුද්ගලයෙක් ලෙස ඔහු වෙත මුදල් සහ උපකරණ
ඇතුළු සම්පත් නොමැති වීම හරහා මෙය කල නොහැක්කක් වුවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා
ගැනීම සිදු කල හැකිව තිබුනා. එහෙත් සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක් හට ඒ උදෙසා ද ඉතා
ඉහල සම්බන්ධතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා ද ඔහු අපුරු ක්‍රමයක් භාවිතා කරනවා. ඒ ඉහලම
පෙලේ සම්බන්ධතාවක්. ඒ සම්බන්ධතාව වෙන කිසිවකුත් නොව එලිනෝර් රුසවෙල්ට්, ජනාධිපති
ෆ්‍රැන්ක්ලින් රුසවෙල්ට් (Franklin Roosevelt) ගේ බිරිඳ. ඇගේ සහයෝගයද
ඇතිව ඔහු මේ සැලසුම 1942 ජනවාරි 12 වෙනිදා ධවල මන්දිරයට
ඉදිරිපත් කරනවා.
ධවල මන්දිරයේ දී මේ සැලසුම් කියවා බලන
ජනාධිපති රුසවෙල්ට් ඒ සැලසුම සිය ලේකම්වරයා මගින් විලියම් ඩොනවන් (William “Wild Bill” Donovan) හට
යවන්නේ මේ සටහනත් එක්කයි.
“ Have a look in to this Bill, this man is not
a nut case.”
මේ සටහනත් සමගින් ඇරඹෙන මේ කතාව ඇමරිකානු යුධ
සැලසුම් සේවා කාර්යාලය මගින් අනුමත වෙනවා. ඉන් පසු එය එවකට එක්සත් ජනපද යුද
හමුදාවේ සිටි ජෙනරාල් හෙන්රි ආර්නල්ඩ් (Gen. Henry Harley “Hap” Arnold) යටතේ ක්‍රියාත්මක
වෙන්නට පටන්ගන්නවා.
එලෙස ඇරඹුණු මේ ව්‍යාපෘතිය වෙත කාර්යමණ්ඩල සහ
පර්යේෂකයින් බඳවා ගන්නා අතර ඔවුන් නිව් මෙක්සිකෝ හා ටෙක්සාස් ජනපද වල වවුල් ගුහා
පීරමින් සුදුසු වවුලන් වර්ග සොයනවා. 1943 මාර්තු මාසය වන විට
වවුලන් ගණනාවක් නිරීක්ෂණය කර ඒ අතුරින් ඔවුන් තෝරාගන්නේ මෙක්සිකන් ෆ්‍රී ටේල් (Mexican Free Tail)නමැති වවුල් වර්ගයයි. මේ වවුලා අවුන්ස භාගයක් පමණ වන අතර අවුන්සයක බරක් දරාගෙන
පියාසැලීමට සමත් වනවා.
![]() |
වවුලන් රැඳවූ කුටියක් |
මෙහිදී ඔවුන් මුහුණ දෙන ලොකුම අභියෝගය වන්නේ
අවුන්සයක බරට ඉන්සින්ඩ්යරි වර්ගයේ බෝම්බයක් නිපදවා ගැනීමයි. ඒ එවකට තුබූ කුඩාම
ඉන්සින්ඩ්යරි බෝම්බයත් අවුන්ස දෙකකට එහා ප්‍රමාණයේ වීමයි. මේ ගැටලුවේදී ඔවුන්ගේ
පිහිටට එන්නේ සුප්‍රකට මිලිටරි නාපාම් බෝම්බයේ නිෂ්පාදකයා වන ලුවිස් ෆයිසර් (Louis Fieser). ඔහු
ග්රෑම් 17 (අවුන්ස 0.6) බර
නාපාම් බෝම්බයක් සහ අවුන්සයක් බර නාපාම් බෝම්බයක් මේ සඳහා ම සාදන්නේ මේ ව්‍යාපෘතිය
කොතරම් වැදගත් එකක්ද යන කියාපාමින්.
එසේ සාදන ලද බෝම්බය සැත්කමක් මගින් වවුලන්ගේ
පපුවට තබා සවි කරනු ලබන අතර වවුලන්ව ඉන් අනතුරුව උෂ්ණත්ව පාලනය මගින් නිදිගන්වනු
ලබනවා.
![]() |
බෝම්බ බැඳී වවුලෙක්. |
දැන් තිබුනේ වවුලන් බෝම්බයක් ලෙස පොලවට පතිත
කිරීමේ ක්‍රියාවයි. එහිදී සාමන්‍ය බෝම්බයකට වඩා වෙනස් ලෙස වවුලන් රැගෙන යාමට සහ
බෝම්බය තුල වන නිදිගැන්වූ වවුලන් හට පොලවට
පතිතවීමට පෙර පියාසලා යාමට හැකි වන ලෙස බෝම්බයක් සෑදීමේ අවශ්‍යතාව මතුවූ අතර එයට
පිලියමක් ලෙස විශේෂිතව සකස්කළ බෝම්බ සැලසුමක් වෛද්‍ය ලිට්ල් විසින්ම ඉදිරිපත් කළා.
එසේ සැලසුම් කල බෝම්බය තමයි ඔය පහත පින්තුරේ
පෙනෙන්නේ.
මේ බෝම්බයේ තට්ටු විසි හයක එකක වවුලන් 40 බැගින්
වවුලන් 1040 රැගෙන
යා හැකි ලෙස නිමවා තිබෙනවා. එහි වන සිදුරු වලින් උෂ්ණත්ව පාලනය සිදු කරන අතර එය
පොලවේ සිට අඩි 5000 උසක සිට
අතහරින්නට සැලසුම් කර තිබෙනවා. ඉන්පසු අඩි
1000 ක උසක
දී මේ බෝම්බය ස්වයංක්‍රීයව එහි ආවරණය ඉවත් කරගෙන
පැරෂුටයක ආධාරයෙන් පොලව බලා ගමන් කරත්දී ස්වභාවික පරිසර උෂ්ණත්වය ලැබී නිද්‍රාවෙන්
අවදිවන වවුලන් මුදා හැරීමට තට්ටු වෙන් වෙන් වශයෙන් දිග හැරී වවුලන්ට පියාසැරීමට
වේදිකාවක් ලෙස සකස්වනවා. මේ වේදිකා එකිනෙකට රැහැන් මගින් සම්බන්ධ වෙනවා. බලන්න පහත
පින්තුරය.
![]() |
දිගහැරුණු තට්ටු සහිත වවුල් බෝම්බය. |
මෙසේ මුදා හරින වවුලන් රැගෙන යන නාපාම් බෝම්බය
කාල බෝම්බයක් ලෙස සකස් කර තිබෙන අතර මුදා හැර පැය භාගයක කාලයක් තුල දී බෝම්බ ක්‍රියාත්මක
වී එකවිටම ගිනි ජාලා මැවෙන්නට පටන් ගන්නවා.
![]() |
1. වවුල් බෝම්බය සකසමින්. (ජායාරුපයේ මැද සිටින්නේ වෛද්‍ය ලිට්ල් ඇඩම්ස් ය.)
2. වවුල් බෝම්බය බිම හෙලන අවස්තාවක්.
3. කාල්ස්බෑඩ් කඳවුර ගින්නේ වෙළෙමින්.
|
මේ බෝම්බය විවිධ පරීක්ෂණ වලට බඳුන් කරමින්
සිටියදී කාල්ස්බෑඩ් හි හමුදා අතිරේක ගුවන් කඳවුරු මුලස්ථානය මිනිත්තු කීපයක් තුලදී
ගින්නෙන් වැසී යනවා. ඒ අත්වැරදීමකින් බෝම්බ සවිකරන ලද වවුලන් කිහිපදෙනෙකු පලායාම
නිසා. ඒ සිද්ධිය සමගින් මදක් පසුබාන මේ ව්‍යාපෘතිය එතැනින් පසු 1943 අගෝස්තු
මාසයේ දී ඇමරිකානු නාවික හමුදාව යටතට ගැනෙනවා. ඒ සමගින්ම ඔවුන් එය එක්ස් රේ ව්‍යාපෘතිය (Project X-Ray) ලෙස නම්කරන අතර එම වසරේම දෙසැම්බර් මාසයේ
දී ව්‍යාපෘතිය ඇමරිකානු මැරීන් හමුදාව වෙත පවරනවා.
ඔවුන් මේ සමගම මේ ව්‍යාපෘතිය කැලිෆෝනියාවට
ගෙන යනු ලබන අතර ඩග්වේ අත්හදා බැලීමේ මධ්‍යස්ථානයේදී ජපාන පන්නයේ ගම්මානයක
ආකෘතියක් වෙත මුල් වරට මේ අවිය යොදා පහර දෙනවා. එහිදී අති සාර්ථකව ප්‍රතිඵල පෙන්වන
මේ අවිය ගැන ජාතික ආරක්ෂක පර්යේෂණ කමිටුව සතු වාර්තා වල මෙසේ සඳහන් වනවා.
“It
was concluded that X-Ray is an effective weapon.” “Expressed in another way,
the regular bombs would give probably 167 to 400 fires per bomb load where
X-Ray would give 3,625 to 4,748 fires”.
කරුණු මෙසේ වුවත් මේ ව්‍යාපෘතිය 1944
පෙබරවාරි 16 වැනිදා
නාවුක අද්මිරාල් අර්නස්ට් ජේ කිංග් (Fleet Admiral Ernest J King) ගේ අණින්
නැවතීම සිදුවන්නේ ඒ ව්‍යාපෘතිය 1945 මැද වනතුරුම යුද්ධය සඳහා සුදානම් කල නොහැකි
බව පැවසුණු නිසාවෙනි. නමුත් ඒ වන විට ද ඇමරිකාව තමන්ගේ ජපාන සතුරා වෙත පහර දීමට
දැවැන්ත අවියක් තනා අවසන්ව තිබුණු අතර එය ද මේ ව්‍යාපෘතිය උපන්ගෙයිම නවතාලන්නට එක
හේතුවක් වුනා. ඒ වෙන කිසිවක් නොව න්‍යෂ්ටික බෝම්බයයි.
අවසානයේ න්‍යෂ්ටික බෝම්බය හෙළු පසු වෛද්‍ය
ඇඩම්ස් මෙවැන්නක් පවසා තිබුනා.
“Think of thousands of fires breaking out simultaneously over a circle of
forty miles in diameter for every bomb dropped.”
“Japan could have been
devastated, yet with small loss of life”
(හිතන්න බිම හෙලන සෑම බෝම්බයකටම
හැතැප්ම හතලිහක ප්‍රදේශයක් තුළ දහස්ගණන් ගිනි ජාලා එකවිටම පැනනගින හැටි. මේ තරම්ම
ජීවිත විනාශ නොකරම ජපානය භීතියට පත්කරන්නට තිබුණා.)
ලිපියේ මුලාශ්‍ර :
අන්තර් ජාලය | විකීපීඩියා අඩවිය | හිස්ටරි චැනලය විකාශය කල වවුල් බෝම්බය ගැන වැඩසටහන.
කලකට පස්සේ වෙලකට බැහැලා තියෙන්නේ :D
ReplyDeleteනිව් මෙක්සිකෝවේ ප්‍රථම වරට පරමාණු බෝම්බය අත්හදා බලපු අවස්ථාවේ ඒක රදවා තිබුණු වානේ කුළුණ වාෂ්ප වුණු බවත් කිලෝ මීටර් ගණනාවක් දුරට වැලි වීදුරු බවට පත්වුණු බවත් අහලා තියෙනවා
Deleteමේ ටිකේ වැඩ එක්ක මේක ටික ටික ලිය ලියා හිටියේ. :) ඔන්න ඉතින් දැන් මේ දැම්මේ.
Deleteඔව් පරමාණු බෝම්බෙ නිසා එහෙම දෙයක් වුනා තමයි. ඒ ගැනත් ගොඩක් කතා තියනවා. ඒවා කියන්න කලින් බලන්න හොඳ ෆිල්ම් ටිකක් තියනවා. මට දැන් නම්ටික මතක් වෙන්නේ නෑ, ඒත් මම ඒ ටික මේ කමෙන්ට් එකටම එකතු කරන්නම් ඒ කතා කියන්න කලින්.
ජපානයට ගහපු බෝම්බ ගැන මේච්චර කරුණු ගොඩක් මං දැනගෙන හිටියේ නෑනේ.ගොඩක් ස්තූතියි මේ ලිපිය දැම්මට.
ReplyDeleteඇත්තෙන්ම ධම්මික මේ බෝම්බයෙන් ජපානෙට ගැහුවේ නෑ. ගහන්න හැදුවා විතරයි. මේ බෝම්බෙ වෙනුවට තමයි ඔවුන් න්‍යෂ්ටික බෝම්බය ජපානයට හෙලන්නේ.
Deleteබොහොම ස්තුතියි ඇවිත් කමෙන්ට් කරලා ගියාට.
මේක නම් අහලවත් තිබුන කතාවක් නෙමේ ක්සැන්ඩර්.. මාරම සංකල්පයක් ඒක.. ඕකෙ වැඩි දියුණු වුන අවස්තාව වෙන්ඩ ඇති නේද මිනිස් බෝම්බ..
ReplyDeleteගොඩක් ස්තූතියි මේ ගැන හොයලා වැදගත් ලිපියක් පලකළාට..
කොහොමද දත් දොස්තරගේ මොලේ නේද?
Deleteමම හිතන්නෙත් එහෙමයි සෙන්නා. මොකද ප්‍රභාකරන් කියන්නෙත් යුධ සැලසුම් ගොඩක් අධ්‍යයනය කරපු කෙනෙක් මම අහලා තියන විදියට. ඉතින් මිනිහට මේක මගහැරෙන්න නැතුව ඇති.
බොහොම ස්තුතියි මේ දිහා ඇවිත් ගියාට.
මිනිස් බෝමබ ප්‍රබාකරන්ගෙ සංකල්පයක් නෙමේ නේද.. ඕගොල්ලොම දවසක් කියපු විදිහට ජපන්නුමයි නේද ඕක ඉස්සෙල්ලම කළේ අර නැව් වල ෆනල් වලට පැනලා..
Deleteඒ කමිකාසේ පයිලට් ලා නේ. එයාලගේ ඇඟේ නෙවෙයි නේ බෝම්බ තිබ්බේ. ප්ලේන් එක නේ බෝම්බෙ. නමුත් ප්‍රභාගේ නිර්මාණය කෙලින්ම බඩේ බෝම්බෙ බැඳගෙන යාම. අන්න එතනයි වෙනස.
Deleteඑහෙමද ? ඒකත් මම නොදැන හිටි දෙයක් තමා ඉතින්.. එහෙනම් ඒකෙ පේටන්ට් එක ප්‍රබාට තමයි යන්නෙ.. :-)
Deleteඅල්කයිඩා නෙවෙයිද ප්‍රභාකරන්ට කලින් ඒ දේ කලේ.
Deleteනෑ. අල්කයිඩා ඒක ඉගනගත්තේ ප්‍රභාගෙන්. ඒ හින්ද නේ අපේ හමුදාව ඇමරිකන් හමුදාවට මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ හොයාගන්න විදිය හා ඒ අයගෙන් ආරක්ෂා වෙන විදිය කියලා දුන්නේ.
Deleteහොද වෙලාවට වවුල්ලු ටික බේරුනේ..
ReplyDeleteජපානේ ආක්‍රමනය කරන එකේ වීඩියෝ තීනවා මං ලග
කොහේ බේරෙන්නද? ටෙස්ට් වලට ගත්ත වවුලෝ??
Deleteමම බලපු හොඳම ෆිල්ම් කීපයෙන් එකක් වෙච්ච ලෙටර්ස් ෆ්‍රොම් ඉවොජිමා ජපානයට පහර දීම ගැන ලස්සන විස්තරයක් දෙනවා.
කවදා කාපු ටකරන්ද? :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒකත් හරි..
Deleteස්තුතියි රජෝ.. අන්න කොස්කොල ඔටුන්න එල්ලගත්තා.. :)
හනේ මන්දා..
ReplyDeleteඇයි එහෙම කියන්නේ?
Deleteහෙට උදේට නිවී හැනහිල්ලෙ බලන්නම්..
ReplyDeleteහරි. එහෙමනම් ගිහින් ආයේ එන්නකෝ. බොහොම ස්තුතියි.. මම මේ ඒ පැත්තේ ඉඳලා ආපු ගමන්. හරී මේ දවස්වල ලියන්නේ මගේ ආසම බයිබල් කතාව. :)
Deleteඅපොයි පව් වවුල්ලු ටික...
ReplyDeleteඔන්න සත්ව හිංසාව ගැන අපිට බණ කියන අයගේ පැටිකිරිය.. :-)
Deleteවැදගත් විස්තරයක්. මෙහෙම බෝම්බයක් ගැන මම ඇහුවමයි. නියම අදහසක්. ඇත්තටම දොස්තර පසුව කරපු ප්‍රකාශයත් එක්ක බලනකොට මේ ව්‍යාපෘතිය සාර්ථක උනානම් හොඳයි කියලා හිතෙනවා.
ReplyDeleteඔය ව්‍යාපෘතිය සාර්තක වුනා නම් වෙන්ඩ පුලුවන් මහ භායානක දෙයක් තිබුනා.. මොකක්ද දන්නවද ඒ.. ? පුලුවන් නම් හිතන්ඩ.. ?
Deleteපරමාණු බෝම්බයෙන් උනාටත් වඩා විනාශයක්? ම්හු හිතාගන්න බෑ.
Delete(වවුල්ලු මැරෙන එකද :)
අපෝ නෑ ඒක ඊටත් වඩා විශාල විනාශයක්.... මොකක්ද දන්නවද.. හෙහ් හෙහ්.. මගෙ බ්ලොග් එකේ එක ලිපියක් නැතුව යන එක... :-)
Deleteස්තුතියි සයුරි. මේ ඇත්තටම ඉතිහාසයේ සැඟවී ගිය කතාවක්. දොස්තර ඇඩම්ස් කියන කතාවෙ ගන්න ගොඩක් දේවල් තියනවා. ඒ හින්දයි මම ඒ කතාවෙන්ම ලිපිය ඉවර කලේ.
Deleteසෙන්නා : අපොයි කුරුන්දේ ලිපියක් කියන්නේ සෙල්ලමක් ද? :-)
@සෙන්නා...අලේ ඔව්මයි නේ :)
Deleteඉඳල ඉඳල දැම්ම නේද බෝම්බයක්? ආයෙමත් කියවන්න ඕනෙ හෙට..හැම දාම වගේ දෙපාරක් කියෙව්වාම තමා මට තේරුම් වෙන්නෙ....
ReplyDeleteමේ දවස් වල කට්ටිය දාන ඒවගේ හැටියට මේ මොකක්ද? :-)
Deleteදැන් ඉතින් වින්චැට් කිරිල්ලිට කමෙන්ට් කරන්න කලිනුත් දෙපාරක් බලන්න වෙනවා ප්‍රොෆයිල් අයිඩී එක මොකක්ද කියලා.
ඇත්තමයි අයියේ.. මම මේ ගැනනම් ඇහුවෙම අදමයි.. තව පාරක් කියවන්නම ඕන..
ReplyDeleteඅහලා නැති දෙයක් කාලෙකින් හරි ගෙන එන්න ලැබුණාට ගොඩක් සතුටුයි. :) බොහොම ස්තුතියි මල්ලි.
Deleteවවුල් බෝම්බය ගැන ඇහුවෙ අදයි. ඒත් මට හිතෙනව වර්තමාන පොකුරු බෝම්බය වවුල් බෝම්බයේ වැඩි දියුණු කල අවස්තාව කියල. ඒකෙන් වෙන්නෙත් ඔයදේමනේ.
ReplyDeleteදැනුමට දෙයක් එකතු කළානම් ඒක මට සතුටක්. සමහර විටක පොකුරු බෝම්බයේ මුලත් මේ දේ ම වෙන්න පුළුවනි. ස්තුතියි රාජ්.
Deleteමමත් මේ වවුල්ලු ගැන ඇහුවමයි,නියම ලිපියක්....බලනකොට ඇමරිකන් කාරයත් පුදුම වැඩ තමයි කරන්නේ, වවුලෙකුට වත් ඉන්න අරින්නේ නැහැ.... මේ වගෙම වැඩක් ඇමරිකාව වියට්නාම් යුද්දේදි ඩොල්‍ෆින් මාලු යොදාගෙන ඇමරිකානු නැව් වලට බොම්ම්බ අලවන්න(ස්ටික් බොම්බ්) එන වියට්කොංග් මැරින් බටයන්ගෙ අතපය කඩා ඉවත් කරල තියෙනව, එත් පසුව වියට්නාම් පිහිනුම් භටයන් කුඩා මාලු වර්ගයකට බොම්බ සවිකර ඩොල්‍ෆින් ප්‍රහාරක මසුන්ට ආහාරයට දිමෙන් පුහුනු ඩොල්‍ෆින් මසුන් පුපුරා මියයැමෙන් එම විය්‍යාපෘතිය අත් හැර දමල තියෙනව
ReplyDeleteඇමරිකාව විතරක් නෙවෙයි ගොඩක් අය කරලා තියන සැලසුම් පුදුමාකාරයි. රැඳිලා ඉන්නකෝ තව කතා කීපයක් මග එනවා.
Deleteමමත් ඔය ඩොල්ෆින් කතාව නම් අහලා තියනවා. නමුත් සත්‍ය තත්වය දන්නේ නෑ. බොහොම ස්තුතියි තොරතුරට.
ඇහුවමයි මේ කතාව.. ඩොක්. ඇඩම්ස්ගෙ කතාවත් වටිනවා .. යුද්ධෙ විනාශකාරී බව සාධාරනීකරනය කරන්න නෙවෙයි.. ඒත් බිය වද්දන එක හොඳයි ජීවිත විනාශෙට වඩා...
ReplyDeleteඩොක් ඇඩම්ස් ටිකක් මානුෂිය විදියට හිතන කෙනෙක් වෙන්න ඇති. ඒ හින්දයි මම හිතන්නේ ඔය වගේ කතාවක් කියන්න ඇත්තේ.
Deleteඅලුත් සංකල්පයක්... සතුරා හිතන්නෙ නැති මේ නව නිර්මාණයකින් ඔවුන් අන්දමන්ද කරන්න හිතන්න ඇති.. වියට්නාමයේදී ඇමරිකන් හමුදාවත් සෑහෙන්න බැට කන්නෙ සම්මත ක්‍රම වලට පරිභාහිරව වියට්නාම සෙබලුන් එල්ලකල ප්‍රහාර නිසා... වටිනා හෙළිදරව්වක් ක්සැන්ඩර්...
ReplyDeleteඑකම දේ මේ බෝම්බ උගුලෙන් ගැලවෙන්න නම් වවුල්ලු එන්නේ නැති විදියට මොකක් හරි කරගන්න එක. ඒත් මේ බෝම්බය සජීවී ව සතුරන් මතට හෙලා නෑ. එහෙමනම් බලාගන්න තිබුනා මෙහි නියම හැසිරීම.
Deleteහිතුවොත් කරන්න වැඩ ඕනි තරම්. කෝ අපිට ඔය වගේ ප්ලෑනක් එලි බහින්නෑ නොවැ සල්ලි ටිකක් හොයන්න.
ReplyDeleteමේ ව්‍යාපෘතියට ගිය මුදල මිලියන දෙකක්. 1940 දශකයේ ඇමරිකානු ඩොලර් මිලියනයක් කියන්නේ කොච්චර වටිනාකමක් ඇති දෙයක් වෙන්න ඇතිද?
Deleteකොටින්ගේ මිනිස් බෝම්බ වගේ පවු වවුලෝ ටික
ReplyDeleteඇත්තෙන්ම ඔව්. සත්ව හිංසාවක් මේක එක අතකට.
Deleteආ .... මේ බ්ලොග් එක මතක් වෙල තියෙන්නෙ. :)
ReplyDeleteවවුල් බෝම්බයක් ගැන මමත් ඇහැව්වමයි. ස්තූතියි ක්සැන්ඩර් විස්තර ටිකට. මිනී කන වවුලන් විසින් විනාශ කරන නගරයක් ගැන (ටිකක් පච) ෆිල්ම් එකක් නම් හුඟ කාලෙකට කලින් බැලුව මතකයි.
බ්ලොග් නම් අමතක වෙලා තිබ්බේ නෑ. කුඩුවේ ඉන්නකොට කල්පනා කලෙත් කලින් ලිව්ව පෝස්ට් එක ගැන. :)
Deleteබොහොම සතුටුයි දැනුමට යමක් එක්කරන දෙයක් දෙන්න ලැබුණට. :) ඒ එක්කම ස්තුතියි හොයලා බැලුවටත්.
මෙහෙම බෝම්බයක් ගැන ඇහුවමයි..
ReplyDeleteඒකත් මරු සංකල්පයක් !!!
ඒක නෙමේ කාලෙකට පස්සේ හරි කමන් නෑ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ.
ඇත්තටම මල්ලි, මේ නම් නියමෙටම සැඟවුණු කතාවක්. බොහොම සන්තෝසයි දැනුමට අලුතෙන් දෙයක් එකතු කරන්න ලැබුණාට.
Deleteවෙච්ච කරදර එක්ක බ්ලොග් එක ගැන හිතන්නත් බය තිබ්බා.. :)
මේ වවුල් බෝම්බ ව්‍යාපෘතිය අත්හැර දැමීමට තවත් හේතුවක් වුනේ ඉක්මනින්ම ජපානයට 'රිටන් එකක්' දෙන්ඩ ඇමරිකාවට තිබුන හදිසිය නිසයි. ජපන්නු පර්ල් වරායට බෝම්බ දැමීම ලෝකයම හොල්ලපු (ඇමරිකාව පැත්තෙන් බැලුවොත්, නින්දිත, පාහර, අසමජ්ජාති,) ප්‍රහාරයක් වුනා. ඉතා බරපතළ හානියක් වුනා ඇමරිකාවට. යුද්ධයේ පවතින එක් මූලධර්මයක් තමයි විශ්මයජනක බව රැක ගනිමින් ක්‍රියාකිරීම. (යුද්ධයක් සඳහා හේතුවන මූලධර්ම 10 ක් තියනවා. එය ටිකක් දීර්ඝව විස්තර කලයුතු දෙයක්. රහසිගත දෙයක් නෙවෙයි) ජපානය එය අකුරටම පිළිපදිමින් පර්ල් වරායට ගැහුවා නැති වෙන්නම. එවකට ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් ගේ කනට ගැහුවා හා සමාන වුනා මේ ප්‍රහාරය. ඒ නිසයි ඔවුන් වවුල් ව්‍යාපෘතියට වඩා අතියින් භයානක පරමාණු බෝම්බයෙන් පිළිතුරු දුන්නේ. හැබැයි ජපානයත් දැනගන්න ඕනේ ලොකු මිනිහෙකුට ගැහුවොත් ලොකු රිටන් එකක් එනවා කියලා. අන්තිමට වුනේ අහිංසක ජපන් වැසියන් ලක්ෂ ගණනක් නිරපරාදේ මියගිය එක විතරයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔය තියෙන්නේ මම බලාගෙන හිටපු කමෙන්ට් එක. බොහොම ස්තුතියි විචාරකතුමාගේ මේ දීර්ඝ කමෙන්ට් එකට.
Deleteමෙතනින් මම දැකපු දේවල් දෙකක් තියනවා. එකක් තමා ජපානය පර්ල් වරයට පහර දුන්නේ සතුරා මදකට අඩපණ කරන්න කියලා. ඒත් එතනින් ඒ අරමුණ කොයිතරම් ඉටුවුනාද කියලා නම් මම දන්නේ නෑ. ඒ එතන සිදුවූ ප්‍රහාරයේ දී පර්ල් වරායේ ටෝර්පිඩෝ ගබඩාව, ඉන්ධන ගබඩා සහ ප්‍රධාන පාලන ගොඩනැගිල්ල යනාදියට කිසිඳු ප්‍රහාරයක් එල්ල නොවීම නිසා. ඒ කරුණ එක්කම ඔබතුමාට පුලුවන්ද මේ ගැන පහදන්න?
නොදැන සිටි කරුණු ගොඩක් දැන ගත්තා
ReplyDeleteඑහෙමනම් ඒ ගැන මට ගොඩක් සතුටුයි.
Deleteබොහොම ස්තුතියි.
ජපානය පර්ල් වරායට පහර දුන්නේ සතුරා අඩපන කිරීම කෙසේ වෙතත් ජපන් අධිරාජයාගේ මහන්තත්තකම සහ උද්දච්ච කමත් පෙන්වීමටයි. හිරෝහිතෝ අධිරාජයා වෙත ඇමෙරිකානු ජනාධිපති ලිපියක් යොමුකලා සාමය පිළිබඳව නැවතත් සිතාබලන ලෙස. එහෙත් ඒ ලිපියට පිළිතුරක් ලැබුනේ නැහැ. 1941 දෙසැම්බර් මස 6 වැනිදා ඇමෙරිකානු ඔත්තු බලන ගුවන්විදුලි පණිවිඩ ජාලයකට ලැබුනා කොටස් 14 කින් යුත් ජපන් රහස් ගුවන්විදුලි පණිවිඩයක්. ඒ පණිවිඩය ඇමරිකාව තේරුම ගත්තේ ආසියාවේ දකුණු ප්‍රදේශයේ තැනකට ප්‍රහාරයක් එල්ලවෙමට ඉඩ තිබෙන ලෙසටයි. නමුත් නොසිතූ පරිදි 1941 දෙසැම්බර් 7 වැනිදා උදේ පර්ල් වරායට ජපන් ප්‍රහාරය එල්ල වුනා. පර්ල් වරායේ ටෝර්පිඩෝ ගබඩාව හා ඉන්දන ගබඩා නිකම් සොච්චමක් විතරයි. මෙන්න හානියේ තරම.
ReplyDeleteප්‍රධාන යුද නැව් 4 ක් ගිල්ලුවා.
තවත් ප්‍රධාන යුද නැව් 3 ක් සම්පූර්ණයෙන් අකර්මන්‍ය කෙරුනා.
නැව් වල තිබුණු ගුවන්යානා 188 ක් සම්පූර්ණයෙන් විනාශ කලා 155 කට බරපතල හානි කලා.
ඇමරිකන් නාවික/යුද භටයන් 2042 දෙනෙක් මරුවා. 1247 ක් බරපතල තුවාල ලැබුවා.
කුඩා සබ්මැරීන් සහ ප්‍රහාරක යාත්‍රා 50 කට ආසන්න සංඛ්‍යාව ගිල්ලුවා/හානිකලා.
ඇත්ත වශයෙන්ම මුලදී ඇමරිකාව මේ යුද්දය මග හරිමින් සිටියේ. ඇමරිකාවට එතරම් තර්ජනයක් තිබුනෙත් නැහැ. ඇමරිකාව හිතුවේ මැදිහත් කරුවකු ලෙස ක්‍රියාකර කාගෙනුත් ලකුණු දමාගන්නයි. නමුත් එය වැරදී ගියා. තම රටේ ගෞරවය වෙනුවෙන් පරමාණු බෝම්බ පාවිච්චි කරන තත්වයට ඇමරිකාව පත්වුනා.
පර්ල් වරායට සිදුවූ හානිය මේ ලින්ක් එකෙන් බලන්න.
http://ww2db.com/photo.php?source=all&color=all&list=search&foreigntype=B&foreigntype_id=17
අසමි දකිමි සොයමි ලියන විචාරක
බොහොමත්ම ස්තුතියි විචාරක තුමා මේ කමෙන්ට් එකට. හිරෝහිතෝ අධිරාජ්‍යයා නිකම් ඉල්ලගෙන කාපු පරිප්පුවක් බවයි මට මේ කමෙන්ට් එක කියවපුවාම තේරුනේ. ඒත් ඔහුගේ පාර්ශවය විසින් කරන ලද සටන මෝඩ එහෙත් නිර්භීත සටනක් යනු මගේ හැගීමයි.
Deleteනිර්භීතයි. ඇත්ත වශයෙන්ම නිර්භීතයි.ඒ නිසයි ඔවුන්ට කමිකාසේ වගේ ප්‍රහාර කරන්න පුළුවන් වුනේ. නමුත් ඔවුන් ලෝක යුද තත්වය පිලිබඳ නිසි තක්සේරුවකින් තොරව සටනට අවතීර්ණ වුනා කියලයි හිතෙන්නේ.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ක්සැන්ඩර් ආපහු ඇවිල්ලා!
ReplyDeleteමමත් මේක අහලා තිබ්බෙ නෑ. ඔයවගෙ අතහැරලා දාපු ව්‍යාපෘති හුඟක් තිබිලා තියෙනවා නේද?
බලු බෝම්බත් පාවිච්චි කරලා තියෙනවා නේද යුද්ධ වලදි ?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ක්සැන්ඩර් නෙවේ. Alexander Cage!
Deleteඅයියය් මල්ලී වත්ද?
අම්මපා මාත් දැන්නේ දැක්කේ මේ අලුත් නම. ඒයි වහාම කියනවා කෝ අපේ ක්සැන්ඩර්? නැත්නම් එවනවා මෙන්න මේ මරාගෙන මැරෙන බෝම්බය.
Deletehttp://jangun.wordpress.com/2012/03/11/%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8-%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/
අසමි දකිමි සොයමි ලියන විචාරක
අනේ.. මම බ්ලොග් ගලකට වත් මොකවත් කරන්නේ නැති අහිංසකයා.. මේ ගුගල් + දාගත්තා නේ බ්ලොග් එකට. දැන් තමයි දැක්කේ. පරණ විදියට ක්සැන්ඩර් | Xander කියලා කොටන්න බෑ ඒකෙ. මම මොකක්ද එකක් උල්ලංඝනය කරනවා ලු.
Deleteඔව් ඩුඩ්. මේ ටිකේ මම කියව කියවා වෙලාව තිබ්බ විදියට ලිව්ව පෝස්ට් එක තමා මේ. බලු බෝම්බයක් ගැනනම් අහලා නෑ. ඒත් හොයලා බලන්න හිතෙනවා.
Deleteබොහොම ස්තුතියි ඔක්කොටම
ඇත්තමයි! රාජ් කියනකං දැක්කෙ නෑ බං. නිකොලස් කේජ් මතන් වුනා.
Deleteඅර බලු බෝම්බෙ බල්ලට බැඳලා අතාරිනවලු. බල්ලා ඔය වාහන යටට ගිහින් නිදා ගත්තම රිමෝට් එකෙන් දෙනවලු වැඩේ. WW2 වල Panzer Platoon කියලා ජර්මන් ඇහෙන් බලපු කතා සීරීසෙකක් තියෙනවා. Swen Hassel ලිව්වෙ. කුණු හබ්බ විමානයයි. නමුත් ලස්සන කතා. මට මතක ඒ පොතකත් ඕවගෙ කතාවක් තිබ්බා වගෙ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
අනේ මේ ගුගල් කාරයා මට සර්නෙම් එකක් දාන්න කියලා මල වදේ.. ඉතින් ඔය දැම්මේ.. :) එකයි මේ.
Deleteබොහොම ස්තුතියි ඩුඩ් ඔත්තුවට. ජර්මන් ගොලායත් එකට අදහස එන්න ඇත්තේ එහෙනම් ඒකෙන් වෙන්න ඇති.
ක්සැන්ඩර් | Xander
මෙහෙම එකක් මම නිකමටවත් අහල තිබුනේ නැහැනෙ..ඇත්තටම ආසාවෙන් කියෙව්වේ.වටිනා ලිපියක්!
ReplyDeleteබොහොම ස්තුතියි හිරුහිමාවී. දැනුමට යමක් දෙන්න ලැබුනා නම් ගොඩක් සතුටුයි.
Deleteකාලෙකට පස්සේ නියම ලිපියක්.
ReplyDeleteමේ වගේ එකක් මම ඇහුවේ පළවෙනි වතාවට නියමයි අයියා විශ්වාස කරන්නත් බැහැ.
බොහොම ස්තුතියි නිශාන්. දැනුමට දෙයක් දෙන්න ලැබුනට ගොඩක් සන්තෝසයි.
Deleteඒකත් එහෙමයි ඈ....
ReplyDeleteආයෙත් අහලා.. ඒක එහෙමමයි උනේ. :)
Deleteමේකනම් මම දැනගෙන හිටියේ නැහැ. එත මම ලඟදි බැලුව ප්ප්‍රෝග්‍රෑම් එකක තිබුනා ජපාන දුපතක ඇමරිකානු යුධ ආයුධවල සුන් බුන්. ප්ලේන් වැටුණු විදියටම තවම තියෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි මචං කමෙන්ට් එකට.. අලුතෙන් දෙයක් දෙන්න ලැබුනට සන්තෝසයි. ඔය ප්‍රෝග්‍රෑම් එක ගැනත් ඔත්තුවක් දෙන්න හැකිද?
Deleteක්සැන්ඩර් | Xander
මට එහෙම මතක නැහැ නම ට්‍රැවල් චැනල් එකේ දුන්නේ.
Deleteබලු බැල්මට පිස්සු අදහසක් වගේ පෙනුනත් දියත් කළා නම් මහා විනාශයක් ගෙනෙන සැලැස්මක්. අර වඳුරාගේ නැට්ටට ගිනි තියලා ඉන්දියන් වඳුරෝ අපේ රටට කලේ ඒ වගේ එකක්නේ..
ReplyDeleteඅන්න හරි. හරියටම හරි ලංකාප්‍රිය අයියේ.. ඔය කතාව කියවලා ද මන්දා මේ වැඩේ කරලා තියෙන්නේ.
Deleteදොස්තර හැදුවේ මිනිස් ජිවිත පුළුවන් තරම් බේරලා ජපානය බය ගන්වන්න. ඒත් ඇමරිකාව කලේ දශක ගණනාවක් බලපාන න්‍යෂ්ටික බෝම්බය අතහැරපු එක. මොන තරම් පවක්ද?
ReplyDeleteඒ කතාව නම් හරි. දොස්තරට ඕනේ උනේ මිනිස්සු නොමරා යුද්ධේ විකල්ප තැනකට අරගෙන යන්න. මිනිස් ජීවිත විනාශය ගොඩක් අඩු කරගන්න. දොස්තරගේ අවසාන ප්‍රකාශයේ හරය ඒ ටිකයි. ඒත් ඇමරිකාවට ඕනේ උනේ පුළුවන් තරම් මරලා පරම්පරා ගානක් කැළල හිටින්න වැඩක් දෙන්න. අදටත් එහෙ මිනිස්සු ඒ හින්දා විඳවනවා ලු.
Deleteමම හිතන්නේ ඇමරිකාව හදන්න ඇත්තේ ජපානය නැගිටින්නේ නැතිම වෙන්න දෙන්න වෙන්න ඇති. ඒත් කරගන්න බැරිම උනෙත් ඒකමයි.
ඇමරිකාවේ ප්‍රතිපත්ති අදටත් එහෙමම තමයි. ඔබ දන්නවද චීනාගේ T 56 තුවක්කුවෙන් වෙඩි තිබ්බම මැරෙනවා වැඩියි තුවාල වෙනවාට වඩා. මොකද T 56 පතරොම (7.62 x 39) එතරම් මාරාන්තිකයි. නමුත් ඇමරිකන් කාරයාගේ M 16 තුවක්කුවෙන් වෙඩි තැබුවම තුවාල වන ප්‍රමාණය වැඩියි මැරෙනවාට වඩා. M 16 පතරොම (5.56 x 31) කුඩා නිසා එහෙම වන්නේ. ඉතින් මොකක්ද කාරණේ.
Deleteමරුන මිනිහා මැරුණා ඊටපස්සේ අපට අමතකයි. තුවාල වෙලා ආබාධිත වෙලා විඳවන අය හැමදාම දකින්න ලැබෙනකොට කවුරුවත් යුද්දෙට බැඳෙන්නේ නැහැ. කොහොමද ඇමරිකන් කාරයාගේ ටිකිරි මොලේ?
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඒකත් හැබෑව බැලුවාම නේද? මේ ඇමරිකන්කාරයෝ නං මහා නරුම ජාතියක් අප්පා. (ඒ වුනාට අද ඉන්න එවුන් 100ක් ගෙන් ((මමත් ඇතුළුව)) ඇහුවොත් මොන පාස්පෝට් එකකටද වැඩියෙන්ම කැමති කියල උන්ගෙන් 70ක් විතර වත් කියන්නේ ඇමරිකන් පාස්පෝට් එකක් හොඳයි කියල.)
Deleteමේක හෙන වැදගත් සිද්ධියක්නේ .. හෙට උදේට ආයෙමත් කියවන්න ඕනේ නිදහසේ...
ReplyDeleteබොහොම ස්තුතියි. මට සමාවෙන්න රිප්ලයි කලින් කරන්න බැරි වීම ගැන.
Deleteයුද්ද වලට අපේ මිනිස්සු යොදවන කාලයයි සල්ලියි දැක්කම ඇත්තටම ඔලුව කොලොප්පන් වෙනවා ....
ReplyDeleteහරවත් ලිපියක් පලකලාට මගේ ආචාරය ....!!!!
බොහොම ස්තුතියි රොබින්. යුද්ධය කොහොමත් නාස්තිකාර දෙයක්. එත් වක්‍රව එයිනුත් දෙයක් සිද්ධ වෙනවා කියලත් මට හිතෙනවා.
Deleteහොඳ ලිපියක්.. මම මේ ගැන මෙලෝ භූතයක් දැනගෙන හිටියේ නෑ. ලෝක යුද්ධය ගැන අම්බානකට කියවලා තිබුනට මේ වගේ දේවල් මම දන්නෙම නැති තරම්. ඒ ගැන මගේ අවධානය යොමු කෙරෙව්වට පින්!
ReplyDeleteමෙහි අවසානයට තියෙන නිගමනය ගැන නම් මම එකඟ නෑ. අද්මිරාල් කිංග් මේ ව්‍යාපෘතිය 1944 දී නැවැත්තුවා නම් ඊට වෙන හේතුවක් තියෙන්න ඕනේ. මොකද, 1945 ජූලි 16 වනදා පලවෙනි අත්හදා බැලීම වෙනකල් න්‍යෂ්ටික බෝම්බය හරි යයිද කියලා දැනගෙන හිටියේ නෑ නේ.
කොහොම උනත් ගිනි බෝම්බවලින් තමයි ජපනා වැටුනේ. ඒ වුනත් ඔවුන් යටත් වෙන්නට සූදානම් වුනේ නෑ. නගර පිටින් ගිනි ගෙන විනාශ වෙද්දී ඔවුන් සටන අත ඇරියේ නෑ. සමහරවිට අද්මිරාල් කිංග් මෙන්න මේ තත්ත්වය තේරුම්ගෙන ව්‍යාපෘතිය නවත්වන්න ඇති.
බොහොම ස්තුතියි.. සමාවෙන්න ප්‍රමාදය ගැන. අවසාන නිගමනය ගැන නම් මමත් පැහැදිලිව දන්නේ නෑ. ඒ ගැන විවිධ මතවාද තියනවා. අපැහැදිලි හේතුවක් විදියට තමයි ගොඩක් දෙනා කියන්නේ. ඒත් විකිපීඩියාවේ තියෙන්නේ න්‍යෂ්ටික බෝම්බය නිසා නතර වුන බවක්.
Deleteඒ නිසා මමත් ඔබ එක්ක එකඟ වෙනවා මෙතැනදී.
ඇත්තටම ඉතා වටිනා ලිපියක්.න්‍යෂ්ටික බෝම්බයෙන් නිසා සැඟවුණු මේ වගේ බෝම්බයක් යුධ කටයුතු වලදී සෑහෙන්න වැදගත් වෙයි නේද? අඩු වියදමකින් හදා ගන්න පුළුවන් වීමත්, පුපුරා යන ඉසව්ව කලින් අනුමාන කරන්න නොහැකිවීමත් බෝම්බයේ වාසියක් සහ භයානක විදිහටයි මම දකින්නේ.දිගටම මේ වගේ විස්තර ලියන්න.ජය!!!
ReplyDeleteබොහොම ස්තුතියි. මේ බෝම්බය තැනුවේ ජපානය බිය වැද්දන අරමුණින්. ඒ නිසා ඒ විදිය හොඳයි නේද? අනුමාන කරන්න බෑ නේ කොහේ කොහොම ගිනි ගනී ද කියලා.
Deleteමොකද සද්ද වහල. ලියන්න අදහසක් නැත්ද?
ReplyDeleteලියන්න ඕනේ. මේ ටිකේ බරටම වැඩ වැටිලා ලියන්න තියා කියවන නිදහසත් අඩු වෙලා.
Deleteමම මේ ගැන අහලාවත් තිබුන් නැ
ReplyDeleteඑහෙම නම් ඉතින් බොහොම සතුටුයි කියල දෙන්න ලැබුනට..
Deleteවවුල් බෝම්බය ගැන ඇහුවමයි මේ..බොහොම වැදගත් ලිපියක්..දෙවන ලෝක යුද්ධය සම්බන්ධ රසවත් කතා ගොඩාක් තියෙනවා..ඔය න්‍යෂ්ටික බෝම්බය හදන්න සැලසුම් කරපු එක ගැන හෙම..වෙලාවක් තිබුනොත් ඒ ගැනත් හොයලා ලියන්න..
ReplyDeleteකතා නම් බොහෝයි.. එත් වෙලාව බොහොම කෙටියි. :) නැවත ලියන්න වෙයි දෝ සැකයි.
Deleteබොහොම ස්තුතියි මේ පැත්තේ අවට, ඒ එක්කම සතුටුයි දැනුමක් ලැබුණා නම්.
නැද්ද මචන් අළුත් යමක් ?
ReplyDeleteලියන්න වෙලාවක් නෑ මචං. පොඩ්ඩක් ඉන්නවා ඉතින් මේ ටිකේ..
Deleteවවුල් බෝම්බය සාර්ථක උනා නම් ජපානය පැත්තෙන් හොඳයි කියල හිතෙනවා. පරමාණු බෝම්බය එන්නේ නෑනේ එහෙනම්. තවමත් ජපානයේ පරමාණු බෝම්බයේ විෂ ශරීර ගත උනු අය ඉන්නවා කියන්නේ ඇත්තක් ද.. පරම්පරාගතව ජාන මගින් ඇවිත්.??
ReplyDeleteඒ ගැන තමයි වෛද්‍ය ලිට්ල් අවසානයේදී කියන්නෙත්. පරමාණු බෝම්බය හින්දා විකිරණශීලී බලපෑමට යටත් වෙච්ච මිනිස්සු අදටත් ඉන්නවා කියන එක නම් ඇත්ත. ඒත් ජානමය බලපෑම නම් දන්නේ නෑ.
Deleteමෑතකදී කියවූ බොහොම සිත ඇදගන්නාසුළු ලිපියක්. නමුත් අවසානය මේ අයුරින් විසදුන එක නම් මුළු ලෝකයේම පවක් නේද? ඇත්ත වවුලන් 1040ක් කියන්නේ පවු. ඒත් න්‍යෂ්ඨික බෝම්බයෙන් නැති වුන ලක්ෂ ගාණත් එක්ක බැලුවහම මේක සාර්‍තක වුනා නම් හොදයි කියල හිතුනා.
ReplyDeleteගොඩක් දෙනා දරන මතය ඔබේ මතයට සමානයි. ඒත් මගේ මතය ටිකක් විතර වෙනස්. වවුලෙක් වුනත් මිනිහෙක් වුනත් මරණයට ලක් කරන එක නම් හරි දෙයක් නෙවෙයි.
Deleteඒ කොහොම වුනත් අන්තිමේ අර තරම් විශාල ජීවිත විනාශ වෙද්දී නම් මම කියන්නෙත් මේ උපාය හොඳයි න්‍යෂ්ටික පිපිරුමකට වඩා.
බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.
එකෙන්ම සුපිරි ලිපියක්
ReplyDelete