Thursday, January 26, 2012

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

24 ක් අදහස් කියල..:

  1. දැම්ම වගේ නෙමේ බන් ඕක තෝරා ගන්නේ හරහට මුන්ට කියනවට වඩා හොඳය් කට ගලක අතුල්ලා ගන්නවා නම්. හෙට උඹට ඉන්න හම්බ වෙන එකක් නෑ.පතුරුගහ්න්නේ නැද්ද බලපන් පොස්ට් එක.විචාරයක් නෑ බන් ,තරහක් තියාගෙන ඉඳීවි .මෙහෙ දැන් වෙනස් බන් එදා හිටිය මිනිස්සු මෙහෙ දැන් නම් නෑ,මිනිස්සු හොයන එක දැන් අලි(කකුල් හතරේ අලි ගැන කිව්වේ) හොයනවා වගේ වැඩක්,හි හි ,එකෙක් එකක් දානකොට ඒක කැපෙන්න දහයක් දමල තියෙය් හෙට..හරි වැරැද්ද වැඩක් නෑ මෙහෙට ඕන කපන් ඉහලට යන්න,ඉරිසියාව වැහි වැහැල.kavada hadeyda danne naa ban.

    ReplyDelete
  2. උඹට ලංකාවට අපහු එජස්ට් වෙන්න වෙයි වගේ .. අවුලක් නෑ..ගල් මුල් සේම මල් ද එකසේ තුටින් බාරගන්නවා. මේ තියෙන්නේ මට පෙන ලෝකේ. ඉතින් වෙන එකෙක්ට ඒ ලෝකේ වෙන විදියකට පෙන්න තියන අවස්ථා වැඩි. ඒ ඒ සමාජ පරිසර තත්ත්ව වල ගැලපීමෙන් නේ ලෝකය දකින්නේ. ස්තුති මචන් මේ මහා රෑ අවට..

    ReplyDelete
  3. එකඟයි සහෝදරයා. ඔය කියන වලි හැම එකකටම සහභාගි වෙච්ච එකෙක් මම. ඒත් මම මගේඅ ධ්‍යාපනයට මුල් තැන දුන්න. මගේ එක්ක හිටපු වුන්ට හිතාගන්නවත් ඇරි තැනක මම ඉන්නවා. මගේ අත්දැකීමට අනුව බොරදියේ මාලුබාපු එකෙක් තමයි අද ඔය නංගිලා මල්ලිලාගේ ඇමති වෙලා ඉන්නෙත්. එකතේක එදා අපි දෙකට බෙදන් බිලා තියනවා. නමුත් අද වුන්ගේ ක්‍රියාව. ඒක එදාම මම තේරුම් ගත්තා. ඒ නිසා නංගියේ මල්ලියේ මේ ලිපිය හරියටම හරි කවදා හරි. උඹලට උඹලා විතරයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ කවදත් කරෙත් කරන්නෙත් අතකොලු පාවිච්චි කරන එක. ඉතින් ඒ අතකොලුවක් වෙලා ඕනේ නැති දේටයි එපා දේටයි කඩේ ගියාම පාඩු වෙන්න ඉඩ තියෙන්නේ තමන්ටමයි. ජීවිතේ මුල ඉන්න උන්ට ජීවිතෙන් පදම් වෙච්ච කෙනෙක් කියන්න ඕනේ කතාව ඔබතුම ඇවිත් කිව්වට බොහොම ස්තුති

      Delete
  4. පහුගිය කාලේ සටන් වලට නායක්ත්වේ දීපු අය අද පාර්ලිමේන්තුවේ ඉඳන් ඒ කාලේ විදිහටම සටන් කරන කොලු කෙල්ලන්ට ගහනවා. ඔහොම පටන් ගත්තු නායකයෝ ඔක්කොම අද ඉන්නේ කොහෙද ? අවංක නායකත්වයක් කියන්නේ හීනයක්.. මමත් කට්ට කාපු එකෙක් තමයි.. වෙදනා හරි.. බොරදියේ මාළු බානවා. අන්තිමට දාස් ගානක් අහිංසක කොල්ලෝ කෙල්ලෝ දංගෙඩියට දක්කනවා. ඇත්ත තිත්තයි.. එත් ලියන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලංකාප්‍රිය අයියේ.. ඔයාල ජීවිතේ මහා දුරක් ගියපු පරිනත අය. ඉතින් තවත් කතා මොකටද? මේ ටික හොඳටම ඇති.

      Delete
  5. මුලින්ම කොමෙන්ට් කල කෙනා කිව්ව වගේ, පෝස්ට් එක වෙනස් අය, වෙනස් විදියට, තේරුම් ගනී. ඒ වුනාට බ්ලොග් එකක් ලියන්නෙ තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්නනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මමත් එකඟයි ඔබා අය්යේ. මේ මට ලෝකේ පේන විදිය. එත් තව කෙනෙක්ට එක තවත් විදියකට පෙන්න පුළුවන්. ඒ එයාල ජීවිතේ දකින විදිය. එත් මගේ යුතුකම මම දකින දේ කියන එක.

      Delete
    2. සැටිපිකේට් ට්රු

      Delete
  6. anith ewa gana nam hariyata danne na.eth rajarata medical faculty awula nam sadaranai kiyala hithenawa.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේවට අහු කරගන්නේ එයාලගේ තියන තරුණ ජවය නිසා. සාධාරණ අවස්ථා තියෙන්න පුළුවන්. එත් පටු දේශපාලන වාසි ගන්න ශිෂ්‍යයෝ උසි ගන්නපු අවස්ථා ඊට වඩා වැඩි.

      Delete
  7. මමත් උඹ වගේම කැම්පස් නොගිහින් ප්‍රයිවට් ඉඟෙන ගෙන අද තැනක ඉන්න එකෙක්. ඒක නිසා කැම්පස් ඇතුලෙ තියෙන ඇත්ත තත්වෙ නම් මම දන්නෙ නෑ. ඒත්, උඹේ මේ පෝස්ට් එකත් එක්ක මම එකඟයි..

    ReplyDelete
    Replies
    1. 20000 දෙන කැම්පස් යනකොට ඉගනගන්න අසා වුනත් කැම්පස් යන්න අකමැති එහෙමත් නැතිනම් යන්න බැරි උන්ටත් යන්න තැනක් තියෙන්න ඕනේ. රටක් උනාම බුද්ධිමතුන් වැඩිවෙන තරමට තම රටේ පැවැත්ම තහවුරු වෙන්නේ. ගොඩක් රටවල ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ ගත්තාම උන්ට ඩිග්‍රී එකකට වඩා සමහර විට කොලිෆිකේෂන් තියෙන්න පුළුවන්. ගොඩක් උන් මාස්ටසුත් කරපු උන්. ඉතින් අයි අපේ රටේ ඒවාට ඉඩක් හදනවට අකමැති? සල්ලි තියන එකා කොහොමත් කොහෙන්හරි ඌට ඕනේ දේ කරගනී. වෙන්න ඕනේ උන්ට තරගයක් දෙන්න අනිත් උන් ලෑස්ති වෙන එක නේද?

      Delete
    2. ඇත්ත මච0. මම එකඟයි..

      Delete
  8. ඔය ශිෂ්‍ය අරගල දිහා ටිකක් සාධාරණව බලන්න බැරිද ?

    මට නම් හිතෙන්නේ ඔය ශිෂ්‍යයන්ට බනින වැඩිදෙනෙකු එහෙම කරන්නේ පවත්නා තත්වය සාධාරණව අවබෝධ කරගන්නේ නැතිව, මතුපිටින් විතරක් ඒගැන හිතන නිසා කියලයි.

    එහෙම නැතිනම් ශිෂ්‍යයන් කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක්වත් ඇහුම්කන් දීලා බලලා නැතිනිසයි. හැබැයි ITN සහ ජාතික රූපවාහිණී විතරක් බලන අයට නම් මේක අදාල නැහැ. මොකද ඒ අයගේ මොලයේ සමබරව හිතන කොටස් freeze වෙලා නොවැ ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. සාධාරණ හේතු මතින් කරන අරගල දිහා නම් සාධාරණව බලන්න පුළුවන්. එත් අර ශිෂ්‍ය සංගමේක සභාපති කෙනෙක්ම ටීවී එකේ කිව්වේ අපි කැම්පස් එක විසිදාහට අමතරව එන්න බැරිවෙච්ච උන් ගැනත් හිතන්න ඕනේ නැතිනම් එක කුහක කමක් කියල. අනික සහෝ මම එක චැනල් එකක් විතරක් නෙවෙයි වෙලාව ලැබුනාම හැම චැනල් එකක්ම බලනවා. ඒ හැම එකකම ඔය කතාව යනවා අඩු වැඩියෙන්. අද ලංකාවේ ශිෂ්‍යයෝ කියන්නේ උන්ට කවුරුහරි පාඩම් කරවපු දෙයක්. චීවරේ ඇඳගෙන බැරියර් පෙරලනවා දැක්කම, එකෙක් දෙන්නෙක් ගේ ඕනේ කම් වලට බලහත්කාරයෙන් පිකට් වලට ගෙනියනවා කියල දැනගත්තාම තව ඉතින් මොනවා කියන්නද?

      Delete
  9. Mr.Loku ayya(මේක මගේ අන්වර්ථ නම,දිගටම මම මේ නමින් ඉන්නවා )
    මේක දැම්මහම සමහරුන්ට තරහත් යය්.එත් කියන්නම එපය්.මම දන්නා කෙනෙක් පේරාදෙණිය කැම්පස් එකට ලියුමක් දැම්ම මාස්ටර්ස් එක කරන්න අහල.මිනිහට එවපු රෙප්ල්ය් එක තමා එයා ගත්ත යු.කේ . ඩිප්ලෝම එක පිළිගන්නේ නැහැ කියන එක,පස්සේ මිනිහ යු.කේ. වලට කිව්වා මාස්ටර්ස් කරන්න ඕන කියල,මිනිහට ස්කොල් එකක් එක්කම චාන්ස් එක ලැබුන.ඌ ඉතින් ඉගෙනගත්තට පස්සේ ලංකාව පැත්ත වත් හැරිලා බලය් ද බන් ?..වැඩ කාරයෝ ඔක්කොටම ඩිග්රි නෑ,ඩිග්රි කාරයෝ වැඩිහරියකට වැඩ බෑ.බලපන් ගල්ෆ් එකේ වැඩියක් ඉන්නෙම ඩිප්ලෝමා කාරයෝ,උන් ඉංජිනේරුවෝ වගේ ජොබ කරනකොට,අපේරටේ උපාධි කාරයෝ කැනඩා ගිහින් පිගන් හෝදනවා(වගකීමෙන් කියන්නේ හොඳේ)..ඇය්, උන්ට ගල්ෆ් එන්න බැරි..හි හි .වැඩ බන් වැඩ,හැමෝටම වැඩ කරන්න බෑ .කය්යය් සොබනෙය් විතරය්.ඩිප්ලෝමා කාරයෙක් දැක්කම ඉරිසියාවේ පැලෙනවා..එතකොට එතන තියෙන සාධාරණත්වය මොකක්ද ?රට ගිහින් වැඩ කරන්න හැමෝටම බෑ,බය එවුන් ටික ආණ්ඩුවට යනවා.කොන්ත්‍රාත් තමා ඉතින් මොන වැඩ ද.ඔය පාරේ යන අයගෙන් කීයෙන් කීයක් පස්සේ හැසිරෙන්නේ සල්ලි දීල අරගත්තු කට්ටියට වඩා ඔලුවෙන්.පොලවේ පයගහල ඉන්නේ නැති එවුන් කොච්චර ඉන්නවද.අනික බන් ඕක ඔච්චර අරගල කරන්න දෙයක් නෙමේ නේ,ඔච්චර සාධාරණ දෙයක් නම් හිටිය එවුන්ට පුළුවන් නේ වැඩ නවත්තන්න.ඔය ලංකාවේ ඉන්න දොස්තරලා ටික එකතු වෙලා එක දවසක් ඉස්ට්‍රයික් එකක් කොරා නම් ආණ්ඩුව අහන්නේ නැද්ද??.මොලේ තියෙන එවුන් නම් ඕක පිළිගන්න එපය්.පිකට් එකෙන් පස්සේ බෝතල් දෙන්න නම් සීනියර් අය්යල ඕන තරම්.එක අය්ය කෙනෙක් එනවද ඕකට උදව් කරන්න.ඉස්සරහ යන්නේ ජුන්ඩෝ.ගැහුවොත් උන්ට අරුන් ඔක්කොම දුවල වලිගෙවත් නෑ.තව කොච්චර දේවල් තියෙනවද කියන්න.අහගන්න ඕන නම් දෙනවා තර්ක, බිඳිනවා මගේ එව්වා මඩ ගහන්නේ නැතුව බලමු නියම ප්‍රශ්නේ දිහා.

    ReplyDelete
    Replies
    1. Mr Loku Ayya
      ගල්ෆ් ජීවිතේ ගෙවන කෙනෙක් විදියට මම ඔයා කියන කතාවේ යම් ඇත්තක් දකිනවා. දොස්තරලා ගැන නර්ස්ල ගැන කියනවනම් ඒ වැඩ වර්ජන වලට මගේ කිසිම කැමැත්තක් නෑ. අසරණ වුන කෙනෙක් විකුණන් කෑම සාධාරණ නෑ. එත් උන්ට ඉල්ලීම් දිනාගන්න වෙන විකල්පෙකුත් නෑ. නමුත් ප්‍රශ්නේ බහුතර දොස්තර නර්ස් වැඩ වර්ජන සර්ව සාධාරණ ඒවා නොවන එක. ඇත්ත සහෝ.. බෝතල් දෙන්න ඉන්න එවුන් ගුටි කන්න එන්නේ නෑ. වෙනකක් තියා කාපු එකා බලන්නවත් උන් නෑ. එත් මේවා කවදා උන්ට ඇහෙයිද? ඔයා බෝතල් දෙන අය්යල තමයි පස්සේ කාලෙක තෙල් බෙදල පුරුද්දට අලුත් නංගිලා මල්ලිලා කඩේ යවල ඒ අයගේ දේශපාලන පටු අරමුණු මුදුන් පමුනුවගන්නේ.

      Delete
  10. ඇත්ත කතාව..
    අපි කඩේ යනව..
    ඒක ඇත්ත...!!!!!
    :((((
    ඒත් යන උන්ට ඒක තේරෙන්නේ නෑ..
    ‍රැග් එකෙන් උන්ගේ මනස සම්පූර්නයෙන් වෙනස් කරල..!!

    ReplyDelete
    Replies
    1. රැග් එකෙන් විතරක් නෙවෙයි.. තෙල් බෙදිල්ල කරන්නෙත් ඔය කඩේ යන සෙට් එකේ බ්‍රේන් වොෂ් කරන්න. එහෙම බැරි වෙච්ච එවුන්ට තමා රැග් මුවාවෙන් ප්‍රචණ්ඩත්වය මුදාහැරලා බලෙන් කරවගන්න හදන්නේ. ඊටත් තෙලෙන් තමා පන්ති බේදය ඇති කරන්නේ. මේවා හිතල බුද්ධිමත් අය විදියට තීරණයක් අරන් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මේවට යන්නේ නැතුව ඉන්න දවස වෙනකම් එයාලට හෙටක් නෑ. ඒ හෙට එයාල අතේමයි තියෙන්නේ. ගන්නවද විසිකරනවද කියල එයාලමයි තීරණය කරන්න ඕනේ. එත් 10 දෙනෙක් මේ විදියට තේරුම් අරන් තව 10 ගානේ තේරුම් කලොත් මේක අපහසු දෙයකුත් නෙවෙයි.

      Delete
  11. බලන් කඩ තුරා හැර දෑසේ කියලා කිව්වට කවද එහෙම වෙයිද අයියේ..

    ReplyDelete
    Replies
    1. කවද වෙයිද කියන එකනම් මටත් සැකයි. එත් අනේ අර අහිංසක දෙමාපියන්ට අයෙමත් 88-89 කාලේ වගේ දුකක් නොදී ඉන්න පුළුවන් නම් එච්චරයි.

      Delete
  12. සහතික ඇත්ත , ඉල්ලීම් දිනා ගන්න සටන් කරනවා , අඩු ගානේ ලැබිලා තියෙන පහසු කම් ටිකවත් නිදහසේ බුක්ති විදින්නට දෙන්නේ නැහැ රැග් කියලා , බත් පත කන්න දෙන්නේ නැහැ , නේවසිකගරේ ඉන්න දෙන්නේ නැහැ රැග් වුනේ නැතිනම් , රැග් වෙන්න අකමැති කමට වසරකට 400/= දීල කැම්පස් නේවාසිකාගාරේ ඉන්නේ නැතිව මාසෙට 3000/= දීලා එළියේ නතර වෙන්න ඕනේ තව බස් ගාස්තු ගෙවලා කැම්පස් එන්න ඕනේ , මේ අත් දැකීමෙන්ම ලියන්නේ , තව බොහෝ දේ ඇත .

    ReplyDelete
    Replies
    1. කුවා, ඔබේ කතාව සමග එකඟ වෙමි. විශ්වවිද්‍යාලයට එන හැමෝම රැග කන්න කැමති උන් නෙවෙයි. පිට ඉඳන් එන්නේ පිට ඉඳන් එන්න සල්ලිය බාගෙ තියන උං ම නෙවෙයි. එත් නැති බැරිකම තදකරන් ඇතුලේ ඉන්න බැරි කමට පිට ඉන්නවා. සමහරු එත් ඔය ඔක්කොම කාගන කැම්පස් බෝඩිමේ ඉන්නේ උන්ට එහෙමවත් පිට ඉන්න බැරි හින්ද. එහෙම නැතුව උන්ට විප්ලව කරන්න අසාවකටම නෙවෙයි. එකෙන් මම කියන්නේ නෑ විප්ලව කරන අස උං නෑ කියල. කොහොමින් හරි තෙල් බෙදන අය්යලා අක්කලා ඒක පෙන්නන්නේ නෑ. එයාල මවන සුරංගනා ලෝක ඇතුලේ නෑ. උන්ට ඕනේ මේ දේවල් වලින් තව එකෙක් හරි මරාගන්න මොකද එහෙම උනාම තමයි උන්ට දේශපාලනික වශයෙන් කෑගහන හේතු හම්බවෙන්නේ. සිම්පති වෝට්ස් වලින් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙන්නේ. රජයවල් පිහිටවන්න පුළුවන් වෙන්නේ. ඒක මේ තෙලෙන් පදම් වෙන අලුත් මල්ලිලට නංගිලට තේරෙන්නේ නෑ. එයාල හිතන්නේ අපිත් දැන් ශිෂ්‍ය දේශපාලනයේ පොරවල් කියල. එහෙම කියල හිතන් අර ඉන්න අනිත් උන්ව මඩවනවා.

      Delete