ජීවත් වෙන රට ගැන අයෙමත් පින්තුර ටිකක් දාන්න හිතුනා,. පහුගිය දවස් කීපයක් ඇවිදපු වෙලාවේ මේ පින්තුර ගත්තේ. කටාර් වල ඕල්ඩ් සූක් එකෙන් පටන්ගත්ත චාරිකාව අවසාන කරේ පර්ල් කතාර් වලින්.
මෙහෙ ඕල්ඩ් සූක් කියන්නේ තවමත් පරණ විදියට තියන ගොඩනැගිලි වලින් වගේම පරණ විදියට බඩු විකුණන වෙළෙන්දන්ගෙන් පිරුණු ප්‍රදේශයක්. තවමත් ඔටුවන් විකිණීමේ සිට කුරුල්ලන්, අරාබි කෑම, පාපිසි බුමුතුරුණු වගේ දේවල් එක්ක ශීෂා විකුනන්නත් මේ ඕල්ඩ් සූක් එක ප්‍රසිද්ධියක් උසුලනවා. ශීෂා පානය කරන්න මේ කඩවල් වල පාරේ ඉදිරිපස පුටු මේස දමා අලංකාරව පවත්වාගෙන යනවා. රාත්‍රියට ගෑස් ලාම්පු එලිය ඇතුව මෙහි කරන වෙලදාමත් හරිම චමත්කාර ජනකයි. මෙහි තියන පින්තුරය ඕල්ඩ් සූක් හි ප්‍රධාන වීදියේ ශීෂා කඩවල් ආසන්නයේ ඉඳන් ගත්තු එකක්.
කටාර් කෞතුකාගරය අසන්න වටරවුමේ පිහිටා තියන මේ විශාල මුතු බෙල්ලා, කටාරයේ අතීත වෙළදාම සංකේතවත් කරන්නක්. මුතු කිමිදීමට ප්‍රසිද්ධියක් උසුලපු කටාරය 1970 දශකය වන විට කෘතීම මුතු නිසා මුතු වෙළදාම අතහැර පුර්ණකාලිනවම තෙල් හා ගෑස් අලවියට යොමු වුණා. ඊට පෙර ධීවර හා මුතු කිමිදීම රටේ වෙළදාම වී තිබුණා.
කටාර් පාලනය කරන එමීර් වරයා හමාඩ් බින් ඛලීෆා අල් තානි ජීවත් වන මාලිගාව තමයි මේ දැක්වෙන්නේ. මේ රජතුමා රටවැසියන් ගොඩක් ආදරය කරන කෙනෙක්. 2022 පා පන්දු ලෝක කුසලානය අරාබියට හිමිකරගන්න සමත්වූ එතුමාට පාපන්දු පිස්සන් වී සිටින කටාර් වැසියන් සලකන්නේ ඉතාමත් භක්තියෙන්. ඒ වගේම එතුමාගේ සංවර්ධන සැලැස්මවල් යටතේ ඔවුන් අද ඉතාම ධනවත් ජාතියක් බවට පත්වෙලා ඉන්නවා.
වෙස්ට් බේ.. එහෙමත් නැතිනම් කටාර් වල නවතම ඉදිකිරීම් ඇතුළු සියල්ල සිදුවන ඩවුන් ටවුන් ඒරියා එක. මේ කොටසේ සියලුම නැතත් බොහොමයක් රජයේ ආයතන, බැංකු ආදියේ ප්‍රධාන කාර්යාලත් බොහොමයක් රටවල් වල තානාපති කාර්යාලත් පිහිටා තියනවා. ඒ එක්කම මෙහි පිහිටි සිටි සෙන්ටර් ගොඩනැගිල්ල තුල සාප්පු සංකීර්ණ, සිනමාහල්, අවන්හල් ආදියද වෙනවා. මේ ඒ වෙස්ට් බේ ඒරිය එක කොර්නිච් හි සිට පෙනෙන අයුරු.
පර්ල් කතාර් කියන්නේ කලපු බිමක් ගොඩකරලා ඒ මත ඉදිකරන ලද නගරයක්. මේ නගරය කටාර් රාජධානිය ඇතුලේ තියන කුඩා රටක් වගේ. තවමත් මුළුමනින්ම වැඩ අවසන් නැති මේ නගරයේ දැනට 25000 කට කිට්ටු ප්‍රමාණයක් පදිංචි වී ඉන්නවා. සිනමා ශාලා, සුපිරි වෙළඳ සල්, බැංකු, දුරකථන සමාගම්, ඉතාම වටිනාකමින් වැඩි භාණ්ඩ විකුණන ලොව ප්‍රමුක පෙලේ ආයතන මේ තුල ස්ථාපිතයි.පර්ල් කතාර් කියන නම මේ නගරයට දීල තියෙන්නේ හේතු දෙකක් ඇතිව. එකක් තමයි මේ කලපුව කටාර් රාජ්‍ය මුතු කිමිදීම කරන සමයේ ඉතාම විශිෂ්ට මුතු සපයපු භූමියක්. ඒ හේතුවෙන් එය සිහිවන්නටත් ඒ එක්කම, මේ දිවයින් සියල්ල මුතු වැලක් සේ පෙනෙන නිසාත් මේ නම භාවිතා කරලා තියනවා. ආරක්ෂක විධිවිධාන සඳහා වෙනම ආරක්ෂක බලකායක්, ඇතුළුවීම සඳහා අවසර පත් ක්‍රමයකුත් ක්‍රියාත්මක මෙහි පිවිසීම දැනටනම් ඕනෑම කෙනෙකුට නිදහසේ කිරීමට හැකි වාතාවරණයක් තියනවා.
පහල මම ගූගල් මැප්ස් ආධාරයෙන් පෙන්වා තියෙන්නේ, මම මේ පින්තුර ගත්තු ස්ථානයන්.
 |
ඇඬෙනවා තනි ඇහැට .... ඒත් මම පෞද්ගලිකව මැද පෙරදිග රටවලට කැමති නැ
ReplyDeleteස්තුතියි.. මොනවා කරන්නද සහෝ.. ලංකාවේ අපිට නිසි අගයක් නැති උනාම..
Deleteබොහොම අසාවෙන් කියෙව්වා~
ReplyDeleteස්තුතියි සහෝදරයා..
Deleteස්තූතියි.... අබු ඩාබියත් බොහෝ දුරට ඔය වගේමයි.. තෙලේ බලේ..
ReplyDeleteස්තුතියි ඔබටත්.. ඔව්වොව් .. තෙල් තෙල්.. ලංකාවත් කවදාහරි මෙහෙම උනොත් ...........
Deleteඋනොත් හොඳයි.. වෙයිද කියලා සැකයි...
ReplyDeleteහිතන්නත් බෑ.. අපේ දේශපාලක උත්තමයෝ ඉන්නකම්.
Deleteඅවුරුදු දහයකට විතර කලින් මාත් ඔහෙ හිටිය. දැන්නං සේරම වෙනස් වෙලා වගේ. ඒ කාලෙ කෝනිච් එකේ ඉඳන් වෙට් බේ පැත්ත බැළුවම පෙනුනෙ ෂෙරටන් එක විතරයි ලොකුවට. දැන් ඒක හොයාගන්නත් මාර ට්‍රයක් දෙන්න වෙලා!
ReplyDeleteදැන් මෙහෙම හරි හෙව්ව හැකි. හෙටානිද්ද තව තව බිල්ඩින් හැදෙනවා. හතු පිපෙනවා වගේ. දැන් මුළු ඕල්ඩ් දෝහා සිටි එකම කඩනවා. අලුත් බිල්ඩින් හදන්න.
Deleteඅඩේ මාරම දියුණු නගරයක් නේ !
ReplyDeleteවෙලාවක යන්න ආස හිතෙනවා.
අපේ මාමත් කාලයක් කටාර් වල හිටියා.
ඒක නෙමෙයි ඒ අරාබි සිංදු වලත් අමුතු ගතියක් තියෙනවා. එහෙම සිංදු ගැනත් පෝස්ට් එකක් දාමුද ?
ගොඩක් දියුණුයි. ඒත් සමහර තැන වලින් බලද්දී ලංකාව රත්තරන් කියල හිතෙන වෙලාවල් තියනවා. උදාහරණයක් විදියට සේවා සැපයීම්, පාරිභෝගික සේවා වගේ. ඉස්සරහට ලියන්න බලමු මල්ලිගේ ඉල්ලීමත්.
Deleteප්රජාතන්ත්රවාදී නිදහස තියනවද , අපි මේ බ්ලොග් වලින් මහින්ද මහත්තයට හිතේ හැටියට බනිනව වගේ රජතුමාට බනින්න පුලුවන්ද , අල්ලට විරුද්ධ මොකුත් ලියන්න පුලුවන්ද ? ...ආදී , සවුදිය වගේද නැත්නම් ඊට හොඳද ?
Deleteමාත් ආරාබි සින්දු වලට කැමතියි , අලුත් සින්දු ගායකයො ගැන ලියන්න පුලුවන් නම් හොඳයි
රජතුමාට බනින්න දෙයක් නෑ නේ? හිතන්න, එක කටාරියෙක්ට පඩිය විතරක් කටාර් රියාල් 50000 අඩුවෙන්ම ගෙවනවා ආණ්ඩුවේ රස්සාවක් කරනවානම්. රස්සාව කිව්වට එහෙමට ලොකු දෙයක් කරන්න නෑ. ගොඩක් වෙලාවට නිකම් එහෙමත් නැතිනම් පොඩි දෙයක් කරන්නේ. උදේ 7 ඇවිත් 1 යනවා. ඉස්කෝල වලට ළමයි ගන්නේ නිකම්. වැඩිදුර ඉගනගන්නවට රජය ගෙවනවා, ගේ ළඟටම බස් එක එනවා බස් එකේ යනවනම්. ( ඒ ඉතින් එහෙමත් එකෙක්) අනිත් සේරම ඉතින් හොඳ විදියට තියනවනේ. ඇයි ඉතින් උන් බනින්නේ? ඊජිප්තුවේ, බහරේනයේ කැරලි ඇතිවුනාම මෙහෙ මිනිස්සුන්ගෙන් අදහස් විමසපු බටහිර මාධ්‍යට මිනිස්සු කිව්වේ ඔය ටික. ඒ නැතත්, 2022 ෆිෆා ලෝක කුසලානේ ගත්ත එකම ඇති මේ මිනිස්සුන්ට සන්තෝස වෙන්න. ආගම අදහන්න නම් කිසිම තහනමක් නෑ. ගොඩක් නිදහස් රටක්. සලා ( ආගම කියන වෙලාවට) වෙලාවටත් ඕනේ කෙනෙක්ට නිදහසේ ඉන්න ඉඩ තියනවා. රාමසාන් කාලේ උනත් ඕනෙම අන්යාගමිකයෙක්ට කාම කෑමේ නිදහස තියනවා. නමුත් ප්‍රසිද්ධියේ නෙවෙයි. ඉතින් ඒ වගේම තමයි අරක්කු උනත්. මෙහෙ රමාඩා හෝටලයේ තියන ඩිස්කෝ එකෙන් බලපත්‍ර නැතුවත් පඩිය රියාල් 6000 කට එහායින් ගන්න අයකුට නම් අදාළ සමාගමේ හෝ අනුග්‍රාහකයාගේ අවසරය මත බලපත්රයකටත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ රට සවුදියට වඩා නම් 100% වෙනස්.
Deleteබලමු ඉස්සරහට වෙලාව තියන විදියට බුවාගේත් මධුරන්ගගේත් ඉල්ලීම ඉටු කරලා දෙන්න.
බනින්න ඕනි නැති වෙන්න පුලුවන් මම අදහස් කලේ ඕනි කෙනෙකුට එහෙම වීවේචනයක් කරන්න ඉඩ කඩක් තියනවද කියන එක . ඊලඟට තව දෙයක් මොකක්ද අර කන්න පුලුවන් ප්‍රසිද්ධියේ නෙවෙයි සීන් එක මට ඒක පැහැදිලි නැ , තව එක දෙයක් අන්තර්ජාල වාරණය පැත්තෙන් කොහොමද ?
Deleteඑහේ කට්ටිය ආගමට ගන්න සිද්ධි එහෙමත් තියෙනවද , ඒ කිව්වේ මෙහෙන් යන අයට වැඩි පඩි දීලා එයාලගේ ආගමට ගන්නවා වගේ ඒවා..
Delete@ බුවා & ChammA
Deleteමම වෙනම පොස්ට් එකක් මේ ගැන ලියන්නම්. ගොඩක් විස්තර තියනවා. කොමෙන්ට් එකක කියන්න බෑ.
සහෝ අර එමීර් ජීවත් වන මාලිගාව කියලා දාලා තියෙන පින්තුරේ .ගැන නම් මට පොඩි අවුලක් තියෙනවා .මම හිතන්නේ එමීර් ඉන්නේ ඔතන නෙමෙයි කියලා ..මගේ දැනීමේ හැටියට සහෝ..නමුත් ලිපියට බොහොම ස්තුතී ...
ReplyDeleteතහවුරු කරලා කියන්නා නම් මටත් බෑ,. මොකද එක එක තැන් වල මාලිගා තියනවනේ. ඒත් මේ තමයි නිල වශයෙන් එමීර් ඉන්නවයි සැලකෙන තැන. ස්තුතියි අවට සහෝ.
Deleteඅපේ රට ඔය වගේ වෙන්න කොච්චර් කල් යයිද...
ReplyDeleteදේශපාලක උත්තමයෝ ටික නැතිනම් ඒ හැටි දවසක් යන්නේ නෑ, එත් මේ වගේ රට ආදරේ (බොරුවට නෙවෙයි) නියම දූරදර්ශී නායකයෝ ඉන්න ඕනේ.
Deleteනියමයි.. අර ඉස්සෙල්ම තියෙන බෝට්ටුවේ ලයිට් ටික තමයි නියම..
ReplyDeleteමරු බෝට්ටු එනවා දිනේෂ්. සමහර ලොකු සේල් බෝට්ටු ඇමරිකාවේ ලියාපදිංචි ඒවා. සමහර ඒවා බ්‍රසීලේ එහෙම. එච්චර දුරක් අවා කියන එකත් එක වෙලාවකට පුදුමයි.
Deleteලස්සන පින්තූර ටිකක්! :)
ReplyDeleteස්තුතියි අලියෝ....
Deleteඅපිත් ඉතින් අසල්වාසියො නෙ, මෙහාට වඩා පොඩ්ඩයි වෙනස්. ඉස්සරහට ලංකාවත් ඔහොම වෙයි නේ?
ReplyDeleteහරි ඉන්නේත් මේ ළඟ පාතද? ලංකාව මෙහෙම වෙයිද කියල මගේ නම් හිතේ කොනක පොඩි සැකයක් තියනවා. මොකද ඉතින් රටට ගොඩක් ආදරේ දේශපාලකයෝනේ අපේ රටේ ඉන්නේ. වංචා නැති දුෂණ නැති අයනේ..
Deleteඅර ලංකාවේ ඉන්න කෙලි පොඩ්ඩට ඔවුව අතින් අල්ලාගෙන ගිහින් පෙන්නන්න හරි ආසා ඇති නේද ?
ReplyDeleteමොනවා කියනවද ලංකාප්‍රිය අයියා .. එයත් මේක කියවන හින්ද ඉතින් මෙහෙමවත් පෙන්නනවා දැනට.
Deleteවිස්තරේ සහ ෆොටෝ ටික කදිමයි..අපි කොහෙද ඉතින් කටාර් එන්නෙ ?
ReplyDeleteස්තුතියි. ඔය වචන තමයි ඉතින් මෙහෙම ලියන්න දිරි දෙන්නේ. කියන්න බෑ වෙනි .. කවුද දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියල? කොහොමද තෙල් හම්බුනාම සිරි දෙස්හෙත් මෙහෙම උනොත්? ආයිස්අම්මා.. කාටද ආඩම්බර?
Deleteපුළුවන් වුනොත් ඔය පැත්තෙ රවුමක් යන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ, බැක් පැකර් හොස්ටල් එහෙම නැද්ද අපිට නවතින්න හෙහ්..හෙහ්..
ReplyDeleteඑන්න එන්න.. හෝටල් නම් තියේ ඉටිකිරිස් වගේ.. බැක් පැකර් හොස්ටල් නම් නැත.. මොකද ඉතින් මේ කාන්තාරේ ඇවිදින්න එක්කෝ පිස්සෝ වෙන්න ඕනේ නැත්තන් ඒත් පිස්සු වෙන්න ඕනේ.
Deleteඑළ එළ විස්තරේ.... කටාර් එයාවේස් එකේ ගියාට ඔහේ ඇවිල්ලා නෑනේ..දැං දැනගත්තා විස්තර ටිකක්....
ReplyDeleteස්තුතියි.. කටාර් එයාර්වේස් එකේ නම් ඉතින් සර්විස් හොඳයි. තව විස්තර මග එනවෝ..
Delete:-)
ReplyDeleteබොහොම ස්තුතියි ආවට.
Deleteඑල පින්තූර ටික ලස්සනයි
ReplyDeleteස්තුතියි නිපුණ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රදීප්. ඔව්. ඔබ නිවැරදියි. එමීර් ජීවත් වෙන්නේ එමීර් දිවාන් හි වුනත් මෙතන නෙවෙයි. මමත් මේ මෑතක් වනතුරු ඒ ගැන හිතාගන හිටියේ එහෙම. හේතුව දිවාන් යනු මාලිගය නිසා. නමුත් ඔබ කියන දේ නිවැරදියි. එමීර් ඉන්නේ දුකාන් පාරේ තියන එමීරි ගාඩ් බලඇණි මුලස්ථානය අසල.
Delete