Saturday, July 14, 2012
පැය 3 ක් සිරගත වුයෙමි.
මේකත් සත්‍ය සිදුවීමක්. වෙලා දැනට දවස් 3 යි.
ඔන්න ඉතින් ආයෙමත් නමෝ විත්තියෙන් කටාර් රටට පැය ගැහුවේ පහුගිය 11 වෙනිදා දවල් වෙලා. ආපහු ආවට පස්සේ ඔෆිසියටත් ගිහින් එහෙම හවස් අතේ අපි නැවතිලා හිටිය විලා එකට ගිහින් කට්ටිය එක්ක පොඩි කදයක් හෙම දාල ඉඳලා මම නින්දක් ගැහුවේ කලින් දවසේ ටිකට් එක ඇවිත් බඩුත් අහුරන් එනකොටම රෑ වෙලා තිබිලා පහුවෙනිදා උදේ පාන්දර ගුවන්ගත වෙන්න එන්න තිබුණු එකේ මහන්සියත් එක්ක.
රෑ 10 විතර වෙද්දී නැගිටපු මම ආපහු කට්ටිය එක්ක කදයක් දාලා තේ එකක් බොන්න ලැහැස්ති උනා. තේ එකත් හදලා ටිකක් බොන අතරේ මොකක්දෝ මන්දා හේතුවකට "උදේ ගාගන්න හෙයා ජෙල් එකක් ගන්න බකාලෙට (කඩේට) යන්න ඕනේ" කියලා අපේ එකෙක් කිව්වා. මමත් හෙයා ක්‍රීම් එක දාලා ඇවිත් නිසා මටත් එකක් ගන්න හිතාගෙන එක පයින්ම " හරි මචන් යමු " කියලා නැගිටලා සල්ලිත් අරගෙන බාගෙට බීපු තේ එකත් තියලා කඩේට යන්න පිටත් වුනා.
අපි ඉන්න විලා එක ඉස්සරහ ම කාපට් පාර, පාරට පස්සේ විශාල කාන්තාරයක්. කිලෝමීටර් බාගෙක විතර. ඊට පස්සේ තමයි ඔය කඩවල් එහෙම තියන කොටස තියෙන්නේ. කඩවල් කරන්නේ කේරල කාරයෝ. අපි ඉන්න හරියේ තියෙන්නේ ගෙවල් විතරයි. ඒ ටිකේම කඩවල් නෑ. මොකද අජ්නබී විදියට (පිටදේශ වලින් ආපු) අය විදියට ඉන්නේ අපි විතරක් නිසා. කටාරියෝ සුද්දෝ එහෙම කඩේ යන්නේ නෑ නේ අපි වගේ.
ඉතින් කඩේ යන්න පිටත් වෙලා ටිකක් දුර කාන්තාරේ දිගේ යද්දී මට මතක්වුනා "ඈ.. වීසා කොපිය ගෙනාවේ නෑ නේද" කියලා. ඒ මතක් වෙලා මම මගේ යාලුවට කිව්වා "මචෝ, පොලිසියෙන් නිකම් හරි ආවා නම් සොරි තමා, වීසා කොපිය ගෙනත් නෑ බං "කියලා. මේ රටේ නීතියේ හැටියට වීසා කොපිය හරි පතාකා එක හරි නැතුව පාරේ හිටගෙන හරි ඉන්නවා කියන්නේ කොයි මොහොතේ හරි පොලිසියෙන්ම ටොපි ලැබෙන වැඩක්. නීතිය දැනගෙන උනත් ඒ වෙලාවේ නිදිමතේ ම ඉඳල මමත් පුරුද්දට වගේ පර්ස් ඒකත් අරගෙන ඇවිත් මොකද ඉස්සර පතාකා එක තියෙන්නේ පර්ස් එක ඇතුලේ නේ.
මේ ටික කියලා ඉවර කරගන්න හම්බවුනේ නෑ එකපාරම "සලාම් අලෙයිකුම්" කියලා වාහනයක් නවත්තලා සලාම් දුන්නා. "හුටා!!!" ඒ අල්ෆසා පොලිසියෙන්. අල්ෆසා කියන්නේ කටාර් වල තියන බේරෙන්න අමාරුම පොලිසියක්. මේ නමේ තේරුම බය කරන්නෝ කියන එක. (The Scaries). ජීප් එකේම ඉඳගෙන පොලිස්කාරයෝ දෙන්නෙක් අපි දෙන්නාගෙන් ෆී පතාකා? කියලා ඇහුවා. ඒ කියන්නේ පතාකා තියනවා ද කියලා. මම කිව්වා මම බිස්නස් වීසා වලින් අද ආවේ, වීසා කොපිය විලා එකේ. ගිහින් ගෙනත් දෙන්නම් කියලා. (මේ විලා එකට පාර පනින දුර) මොන, එකපාරම වාහනෙන් බැහැපු පොලිස්කාරයෙක් අපි දෙන්නව වාහනේට දමාගත්තා. දමාගෙන දැන් ඉතින් යනවා. ඒ යන අතරේ අපි කිව්වා උන්ට කතාව. උන් අහන්නෙම නැතුව. ජීප් එකේ තව එකෙක් ඉන්නවා. ඒත් අයිඩී නැතුව ඉඳල.
මෙහෙම යනගමන් ජීප් එකට තව 3 දෙනෙක් නංගා ගත්තා. ඒත් අයි ඩී කාඩ් නැතුව ඉඳලා. ඒ අතරට කේරල ජාතිකයින් දෙදෙනෙක්, නේපාල ජාතිකයින් දෙදෙනෙක් ඇතුලත් උනා. පස්සේ මේ ජීප් එක හයාත් ප්ලාසා කියන ෂොපින් ක්ම්ප්ලෙක්ස් එක ලඟට ගිහින් නතර කළා. ඊට පස්සේ තවත් ජීප් එකක් ගෙන්නාගෙන අපි 6 දෙනා තුන්දෙනා බැගින් වෙන් කරලා පොලිසියට අරගෙන ගියා. පොලිසියේදී අපිව ටිකක් වෙලා එළියෙන් තියාගෙන හිටියා. ඔය අතරේ අපෙන් ප්‍රශ්න කළා ඇයි මේ අරගෙන ආවේ සහ හැඳුනුම්පත් කොහෙද කියලා. ඔතනදි මම ඒ පොලිස් නිලධාරියාට පැහැදිලි කළා මම ආවේ බිස්නස් වීසා වලින් බවත් ඇවිත් තවමත් පැය විසිහතරක් නැති බවත්. ඔහු මාව පසෙකට කැඳවා මගේ පාස්පෝට් අංකය ඔස්සේ පරික්ෂා කර මාව නිදොස් කර නිදහස් කල අතර මාව වෙනම රඳවා තිබ්බා. ඒත් ටිකකින් අපිව අත්අඩංගුවට ගත්තු නිලධාරියා ඇවිත් අපිව රිමාන්ඩ් කළා. වෙනම රඳවා හිටිය මමත් ඒ අතරටම ගෙනියන්න ඔහු කටයුතු කළා. දුරකථන ඇමතුමක් ගන්න ඉල්ලුවත් අපිට ඒ අවස්තාව ලබාදෙන්නත් ඔවුන් අකමැති උනා. කොහොම හරි අතේ මොබයිල් එකවත් නැතුව අපි දැන් හිරගත වෙලා.
හිර කූඩුවේ දී අපි නේපාලියා ගේ මොබයිල් එක ඉල්ලුවත් ඌ ඒක දෙන්න බෑ කිව්වා. ඒත් එතන කුඩු කේස් එකකට ගෙනාව ඉන්දියන් කාරයෙක් උගේ මොබයිල් එක දුන්නේ දෙවියෙක් වගේ. මොකද අපි අත්අඩංගුවට ගත්තු බව කවුරුත් දන්නේ නෑ. එතැනින් අපේ ආයතනයට කතා කරලා අපේ වීසා සහ පතාකා ගෙන්වා ගත්තා. එතනදිත් අපිට පැය 3 රැඳී ඉන්න උනේ පොලිසිය දුර නිසා නෙවෙයි. පොලිසිය අලුතෙන් ම හදා විවෘත කර තුබූ නිසා ඒ ගැන කිසිවෙක් දැනගෙන නොසිටීම තමයි ප්රශ්නය වෙලා තිබුනේ. ඒත් තත්වය නරකම අතට යන්නට තිබුනේ පාන්දර 3 වෙනකොට කිසි කෙනෙක් අපිව බේරාගන්න ආවේ නැති නම් ඔවුන් අපිව හිරගෙදරට මාරු කර දින කීපයකින් නඩු ඇසීමට යවන්නට සුදානම් වූ නිසයි.
නොදන්නා විදෙස් රටක මේවගේ දෙයක් උනාම මොකක්ද වෙන්නේ කියලා කියන්නවත් නොදන්නා කෙනෙක්ට මොනතරම් පීඩනයක් ඇති වෙයිද? රටට පයගපු මුල්ම දවස උනා නම්? ඔන්න අරාබියේ නීතිය. පහුගිය දින වල හඬ නැගුවා සවුදියේ කෙනෙකු බුදුන් වැන්දාට දඬුවම් කළා කියා. ඒත් මේ තමයි ඒ රටවල තත්වය. සල්ලි හොයන්න එන අය මේ ගැන දැනුවත් වී එනවා නම් ගොඩක් කරදර අඩු කරගන්න පුළුවනි. ඒ වගේම මතක තබාගන්න. ඔබ කටාරයට පය තැබූ මොහොතේ සිටම ඔබේ අනන්‍යතාව සහතික කරන්න පුළුවන් ලියවිල්ලක් රැගෙන යන්න. ඒ එක්කම ඔබේ වීසා හෝ හැඳුනුම්පත (කටාර් රාජ්‍යයෙන් නිකුත් කරන) ඔබ සතුව නැතිනම් පළමුව වහාම ඔබේ අනුග්‍රාහක ආයතනය දැනුවත් කරන්න.
මුලින් දැනුවත් වී පසුව හඬ නගමු.
බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලද්දකි.
syndi.buzzradio.lk
ප්‍රවර්ගය
කාලීන,
වීකෙන්ඩ් ස්පෙෂල්
Subscribe to:
Post Comments (Atom)
ඒකට අපේ රටේ ඔය කිසිම ප්‍රශ්නයක් නෑනෙ.....මේව ගැන මෙහෙම දාන එක හොඳයි....
ReplyDeleteඅපේ රටේ කිව්වේ ලංකාවේද? ඇත්තටම මෙහෙම පල කරන්නේ මේ දේ දැකල තව කෙනෙක්ටවත් වැඩක් වෙයි කියලා හිතලා.
Deleteස්තුතියි කමෙන්ට් එකට.
පුදුමයි!!! ඔබ දැන් ප්‍රශ්නෙ විසදගත්තනේ. කොහොම හරි ඒ මදෑ.
ReplyDeleteනීතිය කාටත් එක නම් ඒ තමයි විය යුත්තේ. මම දන්නේ නැහැ අරාබි රටවල් ගැන. නමුත් මම දන්න බොහෝ රටවලත් තත්ත්වය සමානයි. ඒත් ඇයි අපට බැරි? නීතියේ සමානත්වය බිඳ වැටීම අපේ රටට මහ ශාපයක් වෙලා නේද?
ඇත්තෙන්ම ඔව්. මෙතන ගැටළුවකට තිබුණේ භාෂාව මම හිතන්නේ. ස්තුතියි ඔබට
Deleteඅරාබි රටවල නීතිය නම් 90% ම කාටත් එකම ලෙස ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ නම් ඔය දේ කරන්න බැරි අපේ දේශපාලකයෝ හින්දා. අනේ මන්දා. කවදා හොඳ කරන්නද කියලා.
නෑ අය්යා මෙහෙ ලෝකල්ස් ලා ඕන තරං නීති කඩනවා ..හුඟක්ම මාර්ග නීති.. පස්සෙ උන් ෆයින් රිමුව් කරගන්නවා..
Deleteලෝකල්ස් ලා ඉන්නේ බොහොම පොඩ්ඩ නේ. ඒකයි උඩ 90% කියලා දැම්මේ :-)
Deleteකණගාටුයි ක්සැන්ඩර් ඔයාට මුහුණදෙන්න සිදුවුණ සිදුවීම ගැන.
ReplyDeleteමට නම් හිතෙන්නෙ ඔය සුළු වැරදි සම්බන්ධයෙන් කොයි රටේ වුනත් නීතිය ටිකක් නම්‍යශීලී වෙන්න ඕන කියල. ඔය සුළු සුළු වැරදි මහා ලොකුවට අරගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න යෑමෙන් තවත් අපරාධකරුවෙක් බිහිවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.
ගොඩක් ස්තුතියි DDT
Deleteඇත්ත. මොකද එදා අපිට දුරකථන ඇමතුමක් ගන්න අවස්තාව දුන්න නම් හෝ අපි සමගින් එක නිලධාරියෙක් ගිහින් අපේ හැඳුනුම්පත බැලුවා නම් මේ වගේ කරදරයක් වෙන්නේ නෑ. ඒත් මේ රටවල එහෙම වෙන්නෙම නැති තරම්.
අනේ අම්මෝ. . . . . මටනම් රත්තරන් දුන්නත් මැද පෙරදිග රස්සා එපා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මොනවා කරන්නද විචාරක මහත්තයෝ? ලංකාවට අපිව අගේ නෑ නේ. ඉතිං අපිට තියන එකම විකල්පය මේ. බුද්ධි ගලනය නවත්තනකම් අපි ඒවි.
Deleteනෑ, නෑ, මම කිව්වේ වෙන රටවල් කමක් නැහැ මැද පෙරදිගනම් එපා කියලා. මොකද ඔය 'වර්ගයාගේ' පැවැත්ම මට හරිම පිළිකුල් .
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබතුමා මෙතන කියන දේ මට තේරෙනවා. ඒත් මෙතන ඒ ගැන කතා නොකර ඉන්නම්. :-)
Deleteමාත් කටාර් වල වැඩ කළා අවුරුදු 5, සාමානයෙන් මැද පෙරදිග තියෙන හොද රටක් තමයි කටාර් කියන්නේ.
ReplyDeleteමම අවුරුදු 5 ම 10 වීල් එකක් ඩ්‍රයිව් කළා. ලයිසන් නැතිව. අවුලක් ගියේ නෑ. කොම්පැනිය ලොකු එකක් හින්දා අපිව බලව්වේ නෑ.
මගේ උපදෙස තමයි කටාර් වගේ රටක සේවයට යනවා නම් හොද නමක් තියෙන, ඒ රටේ ඉන්න ප්‍රභලයෙක්ට අයිති කම්පැනි එකක් බලලා වැඩට යන්න. එතකොට ප්‍රශ්න ඇති වෙනවා ගොඩක් අඩුයි.
හැබැයි ඉතින් එහම යනවා නම් ලංකාවේ තියෙන වැදගත් නමක් තියෙන ඒජන්සියක් හරහාම යන්ඩ ඕනි. මොකද සමහර ඒජන්සි වලින් යවනවා කොහේ හරි කාන්තාරයක් මැද තියෙන කෑම්ප් වලට. හරියට ෆෝන් සිග්නල් වත් නැති.ඒවාට යන්ඩ එපා.
රණතුංග
ස්තුතියි රණතුංග මහත්මයා කමෙන්ට් එකට. ඇත්තෙන්ම වටිනා විස්තරයක්. මේ ටික මගේ ලිපියේ තියන අඩුපාඩුවක් මකාලනවා.
Deleteමම වැඩ කරන්නේ නම් අලි බින් අලි සතු කම්පැනි එකක. ඒ මීට වසර 3 කට කලින් ඉඳලා. කලින් වතාවකත් අපිව මේ වගේම පිටදී පොලිසියෙන් නතර කලත් (ඒ මීට වසර 3 කට කලින්) වීසා කොපියක්වත් නැතුව ඉඳලත් අපිට යන්න දුන්නා අපි ඇවිත් දින කීපයක් කියලා කිව්වාම. ඒත් මේ වතාවේ ඒ දේ උනේ නෑ. මටනම් හිතෙන්නේ එතන උනේ භාෂා ප්‍රශ්නයක් කියලයි. මොකද මේ වතාවේ ආව පොලිස්කාරයින් හරිහමන් විදියට ඉංග්‍රීසි කතා කලේ නෑ. ඒත් කලින් වතාවේ ඒ ආපු අය බොහොම පැහැදිලිව ඉංග්‍රීසි බස හැසිරවූ මහත්වරු.
නැහැ. සියළු අරාබි රටවල් විදේශිකයන්ට තම අනන්‍යතාව පෙන්වන්න සාධක රැගෙන යාම අනිවාර්ය කලා මට මතක විදියට දැනට මාස දෙකක විතර ඉඳලා. මමත් කටාර් අවුරුදු 3ක් හිටියා. එක වතාවක් වත් පොලිසිය මාව පරීක්ෂා කරල නැහැ. හැබැයි මම රැකියාවට ගියේ කටාර් ගුවන් සේවා සමාගමේ.
Deleteඅන්න ඒකනෙ... අන්න ඒකනේ... ආං නියම පොලිස් මහත්තුරු! පස්ස පැත්තට බැටන් පොල්ලෙනුත් දෙකක් දීලයි එවන්ඩ තිබ්බෙ......! නිදිමත නැතිවෙන්ඩත් එක්කලා!:D
ReplyDeleteනිදිමතක් තිබ්බෙම නෑ.. :-D නිදිමත ගියා කූඩුවට දාලා තුනට කලින් වීසා කොපිය දෙන්න කිව්වාම. නැතිනම් තට්ටේ ගාලා හිරේ!!
Deleteහොද ලිපියක් අයියේ.......
ReplyDeleteස්තුතියි මලයා. දැන් නිවාඩු හින්දා බ්ලොගේ මතක්වෙලා නේද?
Deleteසිදුවීම ගැන කනගාටුයි - ඒත් නීතිය ගැන සතුටුයි.
ReplyDeleteමේ අවුරුදු 4 හමාරක සිරගතවීමක් ගැන ප්‍රහාරය
නීතිය ගැන සතුටුයි නම් තමයි ඒත් පොලිසිය මීට වඩා දැනුවත් විය යුතුයි. රටට ආ වහා විදේශිකයන් රටේ නීති දැනගන්නේ කෙසේද යන්න ඔවුන් සාමාන්‍ය බුද්ධියෙන් විමසිය යුතුව තියනවා.
Deleteහවසට ගිහින් ලිපිය බලන්නම්.
ස්තුතිය් සුමිත් ඔබේ කමෙන්ට් එකට ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා ඔබව.
කමක් නෑ කටාර් වල හරි පොලිස් කූඩුවේ ලැග්ගනෙ.ඒකට මෙහේ.මෙච්චර කාලයක් හිටිය, එක කොච්චියෙක් ජීවිතේට පාස්පෝට් එකක් ඉල්ලගෙන නෑ.
ReplyDeleteඅනිවා!!! :-) කූඩුවේ හිටිය කුඩු කාරයා පොලිසියෙන් ගේම ඉල්ලුවත් උන් අත වත් තිබ්බේ නෑ. ඒකට ලංකාවේ. ඔසියේ එහෙනම් හොඳා වගේ?
Deleteස්තුතියි මේ දිහාවේ ආවට.
අර කිව්වත් වගේ එකපාරටම ඔය විදිහේ එකක් උනොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි.එතකොට නම් හිතෙනවා මොනව උනත් ලංකාව හොඳයි කියලා
ReplyDeleteසහතික ඇත්ත. ඒත් කලින් මෙහෙම තිබ්බේ නෑ. අපේ එවුන් කිසිම දෙයක් නැතුව දෝහා පුරා කරක්ගහලා ඇවිත් තියනවා. ඒත් දැන් ඉන්දියන් බංගාලි එහෙම පැනලා ඉන්න හින්දයි මේ තරම් තදින් පරික්ෂා කරන්නේ.
Deleteඉස්සෙල්ලම යන කෙනෙකුට ඔයවගේ දෙයක් උනානම්? නීතිය එකලෙස ක්‍රියාත්මක වෙනව නම් දැඩි නීති තිබුනත් කමක් නෑ කියල හිතෙනව.
ReplyDeleteමුල්ම වතාවේ නම් සැහෙන්න බය උනා. මේ වතාවේ ටිකක් බය අඩුවුනත් බය උනේ නෑ කියන්නේ නෑ. මොකද අපිව අල්ලගත්තා කවුරුත් දන්නේ නෑ. ඒ මදිවට එකෙක්වත් ෆෝන් එකක්වත් දෙන්නෙත් නෑ. ගෙවල් වල ඉන්න උන්ගේ මුණු මැවෙන එක කොහොම උනත් බේරගන්න එන එවුන්ට කියන්න විදියක් නැතුව අපි සැහෙන්න තැවුණ.
Deleteඅර ලංකාවේ පාස්පෝර්ට් එකේ මුල් පිටුව පෙරලලා බැලුවම ලියල තියන එකට ප්‍රංශ සහ අරාබි බාශාවෙනුත් දැම්මනම් හොදයි කියලයි මම හිතන්නේ. කොහොම නමුත් විදේශ රටකට ගියාම එලියට යනවිට තමන්ගේ පාස්පෝර්ට් එක හෝ එම රටින් තමන්ට නිකුත්කළ හැදුනුම්පත තමන් ලග තිබිය යුතුමය. මේවගේ දේවල් දැමීමෙන් හුග දෙනෙක් දැනුවත් වේවි.
ReplyDeleteඇත්තෙන්ම සහෝ. ගොඩක් ස්තුතියි. ඇත්තෙන්ම මේ දේවල් රටෙන් පිටවෙද්දී දැනුවත් කරන්න ඕනේ. ඒ විදියේ දැනුවත් කිරීමක් මෙහෙ වෙන්නේ නෑ නේ. අඩුම ගානේ මේ රටේ සරමක් ඇඳගෙන පාරේ ඉන්න එක උනත් එක විදියක අසභ්‍ය හැසිරීමක්.
Deleteනීතිය අකුරට
ReplyDeleteඅපේ රටෙ වගේ සල්ලි කියක් හරි පෙන්නලා බැලුවේ නැද්ද?
සල්ලි? මෙහෙ පොලිසියට ගෙවන පඩි වල හැටියට කීයක් කියලා දෙන්නද?
Deleteඅඩේ උඹ ගියාද?.
ReplyDeleteසිද්දිය ගැන කනගාටුයි. එත උඹ කිවුවා වගේ පලවෙනි සැරේම රට කියපු කෙනෙකුට මේ තත්වය අත් වුනානම් එයාගේ මානසිකත්වට කොහොම බල පාවිද?
ආයේ ගියා මචං.
Deleteබොහොම ස්තුතියි. පලවෙනි පාරම මෙහෙම වුනා නම් අනිවා රට එපා වෙනවා. එන්නම හදයි කොහොම හරි. ඒත් එන්න පුළුවන් තැනක හිටියොත් හරි. සමහර කම්පැනි එවන්නේ නෑ නේ ගිවිසුම් කාලය යනකම්ම.
අපොයි උඹ ආයෙ ආවද ? ඉස්සෙල්ලම ඒ ගැන මාගේ බලවත් කණගාටුව පිළිගනින්.
ReplyDeleteඋඹ කලින් ඉඳලා ගියානම් ඇයි ආයෙ බිස්නව් වීසා වලින් ආවේ ? කලින් වතාවෙ කැන්සල් කරලද ගියේ..?
විලා එකක නම් ඉන්නෙ ටිකක් හරි ජීවිතයක් ඇති කියලා හිතනවා.. මටනම් මහල් නිවාසෙක කාමරේකට කොටුවෙලා ඉඳලා ඇති වෙලා බන්.. හීනෙන්වත් නොහිතපු කරුම ජීවිතයක්..
මෙහෙ පොලීසියත් ඔහොම තමයි.. මුකුත් නැත්නම් උන් හිතන්නෙ අපි ගල් වෙච්ච උන් කියලා.. උන් දන්නෑ අපි මේ වගේ රටවල ගල් වෙන්ඩ වැරදිලාවත් නොහිතන විත්තිය. එහෙම දන්නවනම් උන් අපිට වීසා නැතුව මේවට එන්ඩ දෙනවා.. හෙක් හෙක් :-)
ස්තුතියි මචං. ;-)
Deleteකලින් ගියේ කැන්සල්. ඒත් ටික කාලෙකින් පරණ තැනින්ම ආයේ කතා කළා. ඉතිං වීසා හදනකම් බිස්නස් වීසා.
විලා එකේ නම් ටිකක්හරි ජීවිතේ තියනවා තමයි. අපේ එවුන් ඉන්නවා සිංහලෙන් කතා බහ කරන්න එහෙම. ඒත් සමහර අපේ උන්ට වඩා පිල්ලෝ හොඳයි හිතෙනවා.
*/ මෙහෙ පොලීසියත් ඔහොම තමයි.. මුකුත් නැත්නම් උන් හිතන්නෙ අපි ගල් වෙච්ච උන් කියලා.. උන් දන්නෑ අපි මේ වගේ රටවල ගල් වෙන්ඩ වැරදිලාවත් නොහිතන විත්තිය. එහෙම දන්නවනම් උන් අපිට වීසා නැතුව මේවට එන්ඩ දෙනවා.. හෙක් හෙක් :-) /*
මේ ටික නම් සහතික ඇත්ත මචං. මොකද අපි ඔටුවොද මෙහෙ ගල්වෙන්න?
අම්බෝ මම නම් පාරක හිඟා කෑවත් කවදාවත් පිටරටකට නම් යන්නේ නෑ.
ReplyDeleteකොටින්ම සිංහල අකුරක් ඇහෙන්නේ දකින්නේ නැතී රටක ජීවත් වෙන්න බෑ. අනිත් එක අපිට අපේ කම කියලා දෙයක් පිටරටක දැනෙන්නේ නෑ.
මම නම් කියන්නේ ටික කාලයක් ඉදලා මෙහෙන් රස්සාවක් හොයාගත්තා නම් හරි කියලා.
//කොටින්ම සිංහල අකුරක් ඇහෙන්නේ දකින්නේ නැතී රටක ජීවත් වෙන්න බෑ. අනිත් එක අපිට අපේ කම කියලා දෙයක් පිටරටක දැනෙන්නේ නෑ.//
Delete+++++++++++++++++++++++++++++++
ටික කාලයකට තමයි මල්ලි එන්නේ, එත් ලංකාවේ වියදමත්, ඇතිවෙන අනෙකුත් ප්‍රශ්න දිහා බැලුවම ආයේ අන්න හිතෙනවා. අනිත් එක ආදායමේ වෙනස, කොහොම අතාරින්නද ?
Delete(උගත් පළපුරුදු අයට නම් නිවාස දීමන සහිතව පඩි හොඳයි නමුත් සාමන්‍ය රැකියා කරන අයට නම් එච්චර හොඳ නෑ - ටික කාලයක් තමයි හොඳ )
මටනම් රට යන උණ තිබ්බා. අනික මෙතනින් මම ගොඩක් දේ ඉගනගත්තා. රස්සාව නිදහසේ කරන්න පුළුවන් ඒ වගේම ගොඩක් වටිනාකමක් ගන්න පුළුවන් තැනක ඉන්න මම කැමති උනා. ලංකාවට ඇවිත් මම සෙට්ල් වෙලා හිටියත් ආපහු එන්න තීරණේ කරන්න බලපෑවේ ඔය කියන සාධක. ලංකාවේ ආයතන 5 ක අවුරුදු 6 හිටියත් මේ වගේ තැනක් මට සෙට් උනෙම නෑ.
Deleteනොදන්නා අයට ඇත්තටම හොඳ පණිවිඩයක් සහෝ..
ReplyDeleteස්තුතියි සහෝදරි. අපිට මේ දේවල් ලංකාවේදී කියල දෙන්න කෙනෙක් නෑ නේ. ඉතිං එන්න ඉන්න ඇවිත් ඉන්න ඔක්කොටම එක්ක මෙහෙම හරි කියන්න හිතුවේ ඒකයි.
Deleteඅනේ මන්දා... මෙහේ පොලීසියනම් ඔච්චරම දරුණුත් නැහැ වගේ
ReplyDeleteලංකාවේද? එහෙනම් ලහිරු ලංකාවේ පොලිසියට අහුවෙලා නෑ වගේ. :-)
Deleteතමන්ගේ රටේ මෙහෙම එකක් උනත් කොච්චර අපහසුතාවට පත් වෙනවද. පිට රටක එහෙම එකක් උනාම ඉතින් කියල වැඩක් නෑ.
ReplyDeleteසහතික ඇත්ත. කියන්න කෙනෙක් නැතුව දන්නා කියන අය නැතුව ඉස්සරලාම ආව කෙනෙක් නම් තත්වේ තවත් දරුණු වෙනවා.
Deleteමමනම් හිතන්නේ මේක හොඳ අත්දැකීමක්. තමන්ට වැරදෙන දේ වලින් ආයෙත් ඒ වගේ වරදක් නොවන තැනට වැඩ කරන්න පුලුවන්.
ReplyDeleteඇත්තෙන්ම. දැන් නම් මේ සිද්ධිය එක්ක අපේ ගොඩක් දෙනා හැදිලා. ස්තුතියි.
Deleteෂික් මම පොඩ්ඩක් පරක්කු වෙච්ච ටිකට ක්සැන්ඩරයා හිරෙත් ගිහින් ඇවිත්. ඇත්තෙන්ම මම හිතුවෙ ක්සැන්ඩරයා ඔහේ ඉඳලා ලංකාවට ගිහින් සෙට්ල් වෙලා ඉන්නෙ කියලා. හරි. කොහොම හරි ගොඩ ගියානෙ අතක් පයක් නොකැඩී. ඒකම මදෑ.
ReplyDeleteඔය තියෙන්නෙ භාෂා ප්‍රශ්නෙ තමයි නේ? ඇත්තෙන්ම අර උඩ කෙන්ජි කිව්වා වගෙ පාස්පෝට් එකේ විස්තර තව භාෂා කිහිපයකින්ගැහුවා නම් තමයි හරි, ඇත්තටම ඕවා දෙමලෙන් ගහන එකේ තේරුම මොකක්ද? ඔය මැද පෙරදිග පාස්පෝට් වලට වත් අඩුම වශයෙන් අරාබියෙන්ගහන්න පුලුවන්නෙ ඔය බිස්කට් පැකට් එකේ ඉඳලා හැම එකේම ගහන එක..
henryblogwalker the Dude
ඒකනේ :-) ලංකාවේ සෙට්ල් වෙන්න තමයි මමත් උත්සාහ කලේ. ඒත් නිසි වටිනාකම නොලැබීම ගැන කලකිරීමකුත් තිබුණා. කොහොමත් කොහෙත් වැඩ කරන නිසා තව ටිකක් කල් විදේශයකම ඉඳලා එන්න හිත තිබුන නිසා ආපහු ආවා.
Deleteපාස්පෝට් එකේ ගහන එක වගේම ඩුඩ් අපේ අයව දැනුවත් කරන්නත් උත්සාහ ගත්තනම් හොඳයි. විශේෂයෙන් මැදපෙරදිග යන අයව. මොකද මේ ළඟදිත් සවුදි රටේ මනුස්සයෙක් බුදුන් වැඳලා අල්ලගත්තා කියලා විශාල මතවාදයක් රටපුරා පැතුරුනා නේද? ඒ වගේ දේවල් ජාතිවාදය අවුස්සන මහා ගැටුම වන්නට නොදී මේ වගේ සුළු දැනුවත් කිරීමකින් වළක්වාගන්න අපේ රජයන්ට කවදා මොලේ පෑදෙයි ද දන්නේ නෑ.
ඔයින් ගියා මදැයි....
ReplyDeleteමම මේ උණ විකාරෙන් ඇවිත් මේක දැම්මෙ...දේශගුනය වෙනස් වෙලා..මූදුවතුර වැඩි වෙලා මම ලෙඩෙක් දැන්....:D
ඇති නේන්නම්.
Deleteමේ කතාව මම මෙහෙදී ඇහුවාම කියන්නේ මෙහෙම,
" රෑ යද්දී පොලිසියෙන් ඇවිත් ඉන්විටේෂන් දෙන්න බැරිවුනා කියලා අපිව එක්කගියා නේ පොලිසියක් ඕපන් කරන්න, එතැනදී කූඩුවේ කට්ටිය මදි කියලා ඇතුලට දැම්මනේ සෙරමනිය ඉවර වෙනකං. කොහේ.. යන්න බෑ කියද්දී එක්ක ගියේ.. වී අයි පී කට්ටිය මදි කියලා.. "
දුක හිනාවට හරවාගෙන ඉන්නවා. මොනවා කරන්නත් ලංකාවේ සල්ලි ඕනේ නේ. ඒ වගේම රටේ දී අපිට වටිනාකම ගෙවන්නෙත් නෑ නේ. :-) ඉතිං එන්න වුනා ආයෙම.
ලෙඩෙක්? ඔයා නයි නේ අරින්නේ, ඕකත් නයෙක් වෙන්න ඇති :-P
ඔව් අනේ මේකට කියන්නෙ ''බටහිර පොෂ් උන'' කියල[නයා]......මට ඔය නිකම් බාල වර්ගයේ උන හැදෙන්නෙ නැහැනෙ....හොඳම එකෙන් තමා ලෙඩක් උනත් හැදෙන්නෙ..[නයා..ගහපිය..ගහපිය]
Deleteඅප්පා.. එහෙමත් එකක්ද? අර මනමාලියක් බලන්න ගිය එකෙක් කිව්වේ මුට කැස්ස? පිස්සුද කාසේ කාසේ.. වැලිසර මාසයක් හිටියා කියලා. ඒ වගේ වෙන්ට ඇති...[නයා ගැහුවා නේ.]
Deleteබලාගෙන යද්දි ඉතාලිය හොදයි නේ.. මෙහේ ඔහොම එක පාර චෙක් කරන්නේ නෑ.. අවුලක් උනොත් තමා කොනක ඉදන් හොයන්නේ.. ඒත් ඩිකියුමන්ට් ඒ වෙලේ ලග නෑ කියලා අත් අඩංගුවට ගන්නවා නම් අඩුයි..
ReplyDeleteඑහෙමද? අපිට කොහෙන්ද ඉතිං බූල් බල්ලෝ කිව්වලු... මෙහෙ එව්වා නෑ. ඔය මම කියල තියෙන්නේ. :-) ස්තුතියි මල්ලි කමෙන්ට් එකට.
Deleteමුලින්ම මේ සිද්ධිය පිළිබද මාගේ බලවත් කණගාටුව... මටත් ඔය දේශයට එන්න රැකියාවක් ලැබුනත්.. අරාබීන්ගෙ ඔය වගේ ගති ගුණ නිසා මම ආවෙ නෑ... අරාබි රටක සේවය කරන එක මොන වගේ අත්දැකීමක්ද ක්සැන්ඩර් ?
ReplyDeleteබොහොම ස්තුතියි සිරා.. කටාර් ඇත්තෙන්ම සවුදියට වඩා සිය දහස්ගුණයක් හොඳයි. කටාර් ජාතිකයින් බොහොම දෙනා හොඳ අධ්‍යාපනයක් ලද මහත්වරු. මම මේ කියන්නේ වගකීමෙන්. ඒ වගේම අත්දැකීමෙන්. ඔවුන්ගෙන් බොහෝ දෙනාට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරුවන්න පුළුවන්.
Deleteඒත් අරාබි භාෂාව ගැන දැනුමක් නම් ටිකක් හරි තියන තරමට හොඳයි. ඒ වගේම රටකට එනවා නම් නීති රීති ගැනත් දැනුවත් වෙලා එන එක වටිනවා. මේ රටවල් වලදී අපිට ගොඩක් ආගන්තුක නීති තියනවා. ඒත් හොඳ රස්සාවකට හොඳ ආයතනයකට එන කෙනෙක්ට කටාර් වලදී ප්‍රශ්න ඉතාම අඩුයි. ඒ ගැනත් කියන්නම ඕනේ.
දැලිපිහියෙං කිරි කනවා වගේ වැඩක් නේ මැදපෙරදිග යනවා කියන්නේ..
ReplyDeleteවැදගත් ලිපියක් අයියේ..
අර දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තමයි මැදපෙරදිග. බයවෙන්න තරම්ම දෙයක් නෑ. යකා කියන තරම්ම කළුත් නෑ නේ. මම මේ දේ ලියන්න තීරණය කලේ මේ දවස් වල යන රැල්ල එක්ක නියම මැදපෙරදිග තත්වය පැහැදිලි කරන්න එක්කම, නීතිය ගැනත් යම්කිසි අවබෝධයක් ලබා දෙන්නයි.
Deleteසියළුම අවයව එක්ක ආපහු එන්න ලැබුනු එක ගැන සතුටුයි අයියේ.... මට නම් කොයිතරම් සල්ලි ලැබුනත් ඔහොම රටකට යන්න කිසිම ආසාවක් නෑ.... හැකි ඉක්මනින් අයියගෙත් සේරම වැඩ කටයුතු ඉවර කරගෙන ලංකාවේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි. මේ වතාවේ නම් ජීවිතේ ගොඩක් දේ කැපකරලා මේ ආවේ ආපහු වතාවක් නොයන්නම හිතාගෙන. ලංකාවේදී ලැබුණු සමහර අත්දැකීම් එක්ක මේ තීරණේ ගන්නම සිද්ධ වුනා.
Deleteප්‍රර්ථනාවට බොහොමත්ම පිං මලයා.
මොකක් . . ආයේ ලංකාවට නොයන්නම හිතාගෙන ද උඹ කටාර් ආවේ?
Deleteඑහෙනම් ඩුබායි වරෙන් . . මෙහේ ජීවිතේ නම් හෙන ජොලි බන් . ..
ඩුබායි එන්න හිත තිබුණට හරියට මොකක්වත් සෙට් උනේ නෑ. නැත්නම් එහෙ තමයි නතර වෙන්නේ. :-) ලංකාවට යන්නේ නිවාඩුවකට විතරක් කියන තීරණේ තමයි දැන් නම් තියෙන්නේ. ඒත් දෝහා ඉඳීම ෂුවර් නෑ, කොයි සිංහයාත් පවුලට බයයි නේ දුකා අයියේ.. ඉතින් මම කියලා මොකෝ..
Deleteඅපොයි අපොයි කොහොමත් ඔය මැදපෙරදිග රටවල් ගැන මගේ තියෙන්නේ එච්චර පැහැදිලි අදහසක් නං නෙමෙයි.යන්ඩ බලාපොරොත්තුවකුත් නෑ.උඹ ආයෙ එද්දි පුළුවන්නං ඔහෙ ගෙවල්වල කඹුරන ලංකාවෙ ගෑනු ටිකදෙනෙක්වත් පන්නගෙන වරෙං.
ReplyDeleteමෙහෙමයි, මැදපෙරදිග කිව්වාම අපේ මිනිස්සු අතර තියන ඉමේජ් එකට සම්පුර්ණයෙන්ම වගේ වගකියන්න ඕනේ සවුදි රටේ ඉඳලා දුක්විඳලා එන අය ගැන තියන කතා. මොකද අපි දකින ලෝකය තීරණය වෙන්නේ එක්කෝ අපි දකින දෙයින් නැතිනම් අපිට දකින්න අහන්න තියන දේ වලින්.
Deleteඇත්තෙන්ම කටාර් නම් ඒ අතින් හොඳම රටක් කියලා බය නැතුවම කියන්න පුළුවන්. ඒත් ඉතින් ඉන්දියන් කාරයෝ එහෙම කරන මරි වැඩ නිසා අපිත් උන් වගේ මුන්ට පෙනුනොත් ටිකක් වැඩේ අවුල්. ඒත් මෙහෙ සවුදි තරම්ම අමාරු නෑ. මෙහෙ ඔය ගෑනු අයටත් හොඳ ජීවිත තියනවා. අපේ විලා එකට එහාගෙදර ඉන්න කටාරියා ළඟ වැඩ කරන්නෙත් කුරුණෑගල ඇන්ටි කෙනෙක්. නිවාඩු ගිහින් ගිහින් එනවා. හොඳට සලකනවලු ඒ පවුලේ අය.
සෙල්ලම් නෙමේ වගේ මැද පෙරදිග පය ගහලා ඉන්න එක. දැන් අතුරු ආන්තරාවක් නැති එක ගැන සතුටුයි.
ReplyDelete…
…"මුලින් දැනුවත් වී පසුව හඬ නගමු"
…
…ඒත් වෙන්නේ හඬ නගමු හඬ නගමු දැණුවත් වීමක් අවශ්‍ය නැත කියන එකනේ :D
ඇත්තටම අපි ගොඩ දෙනා හිතන්නේ මැදපෙරදිග කිව්වාම සල්ලි කඳවල් කියලා. ඒත් ඒ සල්ලි හොයන්නේ මේ තරම් අමාරුවෙන් කියලා දන්නේ දන්නෝ විතරයි. :-) ඒත් මෙහෙ නම් ඒ තරම්ම අමාරුවක් නෑ. පොඩි දේකට තියෙන්නේ ටියුනිසියන් මිනිස්සු පොලිසියේ ඉන්න එක. උන්ට මෙලෝ හසරක් නෑ. :-) ඒත් කටාරින් හරිම හොඳයි.
Deleteහෆ්ෆටසිරි
ReplyDeleteඔන්න වෙන දේවල් වල මහත. :-)
Deleteඑක එක රටවල නීති වලට අනුගත වෙලා ඒ රටවල ජීවත් වෙන්න ඕනා මොනවා කරන්නද වහල් සේවෙට අවාම .. වවුලගේ ගෙදර මගුලට ගියා නම් එල්ලිලා හිටු කිවුවලු..
ReplyDeleteමොනවා කරන්නද අයියේ.. අර කිව්වා වගේ අපි මේ ඉන්නේ වවුලාගේ මගුල් ගෙදර.. :-)
Deleteමැද පෙරදිග එහෙම යනවනම් මේවා ගැන දැනුවත් වෙලා මිසක් යන්න හොඳ නෑ.අන්තිමට වෙන්නේ පොඩි දේටත් ජීවිතෙන් වන්දි ගෙවන්න තමයි.
ReplyDeleteරට යන්න නම් මමත් ගොඩක් ආසයි.ඒත් මැද පෙරදිග යන්න අදහසක් ඇවිත් නෑ තාම.දැනගන්න දෙයක් අපතේ යන්නේ නෑ නේ.
බොහොම ස්තුතියි සහෝ :))
මැද පෙරදිග තියන නීති වැඩිම රට වෙන්නේ සවුදිය. එහෙදි නම් සමහර විට අපිට පොඩි දෙයක් වෙන දෙයක් වුනත් විශාල වරදක් වෙන්න ඉඩ තියනවා. ඒත් ඊට සාපේක්ෂව ඩුබායි නීති රීති ගොඩක් ලිහිල් රටක්. කටාර්, මේ දෙකටම මැදි රටක්.
Deleteබොහොම ස්තුතියි කමෙන්ට් එකට. :-)
අහද්දිත් සීතලයි වගේ! .....
ReplyDeleteමම මට හිතෙන දේ කියන්නං. තරහ නං වෙන්නෙපා!
තද නීති හොඳයි! හැබැයි ඔය මැදපෙරදිග රටවල් නං මටත් එච්චර අල්ලන්නෑ!
මේ දවස්වල නම් මෙහෙ හරිම සීතලයි :-) 42c විතර වගේ.
Deleteකොහෙත්ම තරහ වෙන්න දෙයක් නෑ. මමත් වැඩිය කැමති නෑ තමයි. ඒත් ඉතින් රස්සාවත් කරන්න එපායේ. ලංකාවේදී අපිට වටිනාකමක් නැතිම ගානයි නේ.
ගොඩදවසකින් මේ පැත්තට ආවේ
ReplyDeleteඒකට මොකෝ.. :-) එහෙම හරි අපිවත් මතක්වෙනවා නේ.
Deleteමම නම් ඉස්සර දෝහා හිටි කාලේ අතේ අයි.ඩී. එකක් පාස්පෝට් කොපියක් මෙලෝ දෙයක් නැතුව ශෝටකුත් ගහගෙන හතර අතේ යනවා .. කවදාවත් පොලෝසියෙන් නතර කරලා අහලා අනෙ . . මගේ අහිංසක මූන දැක්කම මූ චාටර් පොරක් නෙමේ කියලා හිතෙනවා ඇති . . හික් හික්
ReplyDeleteමම ඩයල් ශේප් බුවා කියලා මගේ යාලුවෝ කියනවා නිතරම . .
ඒත් දැන් දෝහාවල තත්වය ඉස්සරවගේ නෙමේ වගේ . . මේ පොස්ට් එක හොඳයි . . ගොඩක් අය මේකෙන් දැනුවත් වේවි . .. .
මමත් ඉස්සර එහෙම තමයි. ඒ පුරුද්දට ගිහින් නේ මේපාරත් ටොක්ක කන්නම උනේ. :-)
Deleteවිලාජියෝ මෝල් එක ගිනිගත්ත දවසේ ඉඳලා දෝහා ගොඩක් වෙනස්. ගොඩක්ම. එක අතකට එහෙම නතුවත් බෑ. ඉන්දියන් කාරයෝ බංගාලි එහෙම මෙහෙදී ගල්වෙන විදියට උන් අපි දිහත් බලන්නේ.
බොහොම ස්තුතියි දුකා අයියේ..
හප්පා මාර සීන් එක නේ...වෙලාවට ෆොන් එකක් හම්බුනේ කෝල් එකක් දෙන්න....
ReplyDeleteඅනිවා. නැත්නං හිරේ තැපලා උසාවිත් ගිහින් එන්න වෙන්නේ. මට කොහොම වෙතත් අලුත් එකෙක්ට වුනා නම් රට එපාවෙන්න ඒ ටිකම ඇති.
ReplyDeleteකෝ .... ලියාන්ඩ අනේ ලියාන්ඩ.
ReplyDeleteඅද ලියනවා... මේ ටිකේම වැඩ කඳු ගැහිලා.. පමාවට සමාව!!!
Deleteඊයෙ මහා රෑ වෙනකනුත් බලා හිටියා... කෝ... අපරාදෙ නින්ද?
Deleteබාලගිරි දෝෂෙද මන්ද.
Deleteසමාව භාජනේ කොරහල්ලා... රවුටර් එක මහ රෑ කෙලවී ගිය නිසා ලියන්න බැරිවුනේ. මේ එන්නෙත් ෆෝන් එකන්. කොහෙද ෆෝන් එකෙන් ලියන්න බෑ නේ. ඉතින් දැන් මේ කියුටෙල් ඒකෙ උන් එනකම් ඉන්නේ. රාමදාන් හින්දා පැය 6 වැඩ මෙහෙ. ඉතින් එන්නේ කොහේ...
Deleteඒකනෙ මොනදෙ උනත් උපන් රට හොඳ
ReplyDeleteඒකත් හරි.. ඒත් ඉතින් :)
Deleteමම නම් මේ ආවමයි. අර ඉන්දියන් කාරයා ෆෝන් එක දුන්නේ නැත්නම් තමා වැඩේ.. නේ ?
ReplyDeleteඉන්දියන් කාරයා ඒක දුන්නේ නැතිනම් අද එක්කෝ මම ලංකාවේ. නැත්තං තවම හිරේ.. :) එතනින් මම කිව්වේ කොයිතරම් නරකයි කියල වුනත් හිතන මිනිස්සු අතරේ හොඳ එවුන් ඉන්නවා.. ඒ ගැන ප්‍රායෝගික උදාහරණයක් ඔය. ඒ මනුස්සයාව මම කවදාවත් අමතක කරන්නේ නෑ.
Deleteඔහොම බේරිලා ආවා මදැයි! සමහර රටවල ඔහොම වාහනවල දාගෙන අරං ගිය අය තාම ආපහු ඇවිල්ලා නෑ.
ReplyDeleteතව පොඩ්ඩෙන් එන්න වෙන්නේ නෑ මටත් අරගෙන ගියපු විදියට නම්. සීට් බෙල්ට් එකක්වත් නැතුව උන් ජීප් එක පැද්දේ නිකං ඔටුවා පිටේ යනවා වගේ.
Delete