Wednesday, February 15, 2012

කටාර්... රට තොට විත්ති.

කටාර් ගැන කලින් පින්තුර එක්ක දාපු විස්තරේට එකතු කලේ ඒ පින්තුර ආශ්‍රිත කරුණු විතරයි, ඒ පොස්ට් ආව කොමෙන්ට් ටිකකට උත්තර දෙන්නත්  ඒ එක්කම රට ගැන මම දන්නා කරුණු කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතල මම මේ පොස්ට් එක ලියන්න තීරණය කළා.

කටාර් කියන්නේ මැදපෙරදිග මුස්ලිම් රටක්. භූගෝලීය පිහිටීම අතින් කුඩා අර්ධද්වීපයක් විදියට කටාර් රාජ්‍ය සවුදි දේශසීමාවෙන් වෙන් වෙනවා. කටරයට යාබදව සවුදියත් දෙපසින් එක්සත් එමරාති රාජධානියත් බහරේනයත් පිහිටා තියනවා. මේ රටේ ප්‍රධානම කර්මාන්තය ගෑස්. ලෝකේ ගෑස් අවශ්‍යතාවෙන් සීයට 77 සපයන්න 2010 ඔවුන් සමත් වෙලා තියනවා. ඊට අමතරව තෙල් ආශ්‍රිත අනිකුත් කර්මාන්ත මේ රටේ ජීවනාලිය වෙනවා. ශ්‍රී ලාංකිකයින් සීයට 5% වෙසෙන මෙහි කටාර් ජාතිකයන් ලක්ෂ තුනක් පමණ සිටිනවා.

රාජකීය පවුලක් කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති රජයේ වත්මන් රජතුමා එහෙමත් නැතිනම් එමීර් වරයා වන්නේ ෂෙයික් හමාඩ් බින් කලීෆා අලි තානි එමීර් වරයා. කටාරය දියුණු කිරීමේ බොහෝ පියවර මේ එමීර් වරයා යටතේ සිදු කර තියනවා. ඒ එක්කම කටාරය ලොවට ඔසවා තබන්නට මේ එමීර් වරයා ගත් උත්සාහය සාර්ථකම පියවර පසුගිය වසරේදී 2022 වසර සඳහා ෆීෆා කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දිනාගැනීම තුලින් දිස්වුණා. අරාබි ලෝකයේ පළමුවෙනි වතාවට පවත්වන මේ පාපන්දු උළෙල එතුමා ලද අති විශාල ජයක්. මෙවන් දේවල් එක්කම රටේ මහාමාර්ග සන්නිවේදන, ප්‍රවාහන වගේ පහසුකම් දියුණු කරන්නත් කටාර් ජාතිකයන්ට අධ්‍යාපන, සෞඛ්‍ය ආදී පහසුකම් වගේම තවත් සහන නොමිලේ හෝ සහන මිලට ලබාදෙමින් කරන සේවාව නිසා මේ එමීර් වරයා රටේ ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට ලක්වූවෙක්.
ෂෙයික් හමාඩ් බින් ඛාලිඩ් හා ෂේයිකා මූසා, 2022පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වයට පත්වී..

නීති රීති බහුල ඉස්ලාමීය ආගම අදහන රටවල් අතරින් කටාර් රාජ්‍ය සුවිශේෂයි. ඒ මේ රට සවුදි අරාබිය තරම් දරදඬු නීති වලින් ගහන නොවීම නිසයි. ඒ එක්කම සවුදියට සාපේක්ෂව මේ රටේ හැම පුරවසියෙක්ටම සාධාරණව ( කටාර් ජාතිකයන් ඇතුළුව) නීති ක්‍රියාත්මක වෙනවා. මත්පැන් භාවිතය අර්ධ ලෙස වලංගු මෙහි මත්පැන් පානය කිරීම සඳහා අවසරපත් නැතිනම් පර්මිට් ක්‍රමයක් ක්‍රියාත්මකයි. රියල් 6000 කට වැඩි වැටුපක් ලබන ඉස්ලාම් ආගමේ නොවන අයෙකුට තමන්ගේ සමාගමේ හෝ අනුග්‍රාහකයාගේ අවසරය මත මේ බලපත්‍රයක් ලබාගන්න හැකියාවක් පවතිනවා. මේ බලපත්‍රය මිලට ගැනීම් සීමාවකට යටත්. ඒ වගේම බලපත්‍ර ලාභියාට මත්පැන් වෙනකෙක්ට විකිණීමට හෝ වෙනකෙක් සමග පානය කිරීම තහනම් වනවා. ඊට අමතරව ලියාපදිංචි ඩිස්කෝ වලදී මත්පැන් ලබාගන්නත් මෙහි පුළුවන්. ඒ වගේ තැනක් තමයි රමාඩා හෝටලයේ ඇති කියුබ් ඩිස්කෝ එක. මේ ස්ථානයේ සාමාජිකත්වය රියාල් 80 ක් ගෙවා ලබාගන්න පුළුවන් අතරම ඒ තුලදී මත්පැන් ලබා ගන්නටත් ( පානයට පමණක්) හැකියාව පවතිනවා. නමුත් මෙහි ඇති එකම දේ ඒවා මිලෙන් අධික වීමයි. මත්පැන් ගැන සටහන් නිමා කරන්නට මත්තෙන් මේ ගැනත් කිව යුතුමයි, මෙහි ඕනෑම මත්පැන් වර්ගයක් නීති විරෝධිව ලබාගැනීමටත් හැකියාව තියන අතරම එවැන්නක් වැටලීමකදී හසුවුවහොත් ඔබට දැඩි දඬුවම් විඳීමටත් සිදුවන බව දත යුතු වෙනවා. වැටලීම් වලදී මත්පැන් පානය කළවුන් පවා අත්අඩංගුවට ගත හැකියි. කෙසේ වෙතත් ඔබ බලපත්‍ර ලාභියෙක් නම් හෝ කියුබ් හී සාමාජිකයෙකු නම් හා එහිදී මත්පැන් පානය කල බවට ඒ වැටලීම කල දිනට අදාළ රිසිට්පතක් තිබේනම් එයින් නිදහස් වීමේ හැකියාවක් පවතිනවා.

කියුබ් හි ඇතුලත දසුනක්.


ඉස්ලාමීය රටක් වුවත් ඉතාම නම්‍යශීලී ප්‍රතිපත්ති ඇති රටක් විදියට කටාරය හඳුන්වන්න පුළුවන්. ස්ත්‍රීන්ට සවුදි අරාබියේ මෙන් මුළු ඇඟම වැසෙන සේ අබායාව අනිවාර්යයෙන් ඇඳීමට නීතියක් මෙහි දක්නට නෑ. කෙටි ඇඳුම් ඇඳගත් ස්ත්‍රීන් මේ රටේ සුලභ දසුනක්. ඒ වගේම අනිකුත් ආගම් ඇදහීමේ නිදහසත් තියන රටක් තමයි කටාරය කියන්නේ. අබු හමුර් ප්‍රදේශයේ ඇති විශාල කතෝලික පල්ලිය මෙයට නිදසුනක්. එහි සිංහල භාෂාවෙන් පවා මෙහෙයන් පැවැත්වෙනවා. ඊට අමතරව තවත් කුඩා ප්‍රමාණයේ කතෝලික පල්ලි නිවාස කේන්ද්‍ර කරගෙන දැකගන්නට හැකියි. නත්තල් සමයේ රටේ ගොඩාක් ස්ථාන නත්තල සඳහා අලංකාර කරනු ලබනවා. ඒ එක්කම මෙහි රාමදාන් සාමය ගැනත් සඳහන් කරන්න ඕනේ. රාමදාන් සමයේදී ඉස්ලාම් භක්තිකයන් ආහාර ගන්නේ ඉරු නැගෙන්න පෙර හා ඉර බසින්න පෙරයි. සවුදි රටේදී අන්‍යාගමිකයිනුත් මේ නීතියට යටත් අතර මේ කාලය තුල අහාර පිසීමක් වුවත් අසුවුවහොත් දඬුවම් ලබන්නක් බවයි කියන්නේ. නමුත් මේ රටේ එවන් ගැටලුවක් නෑ. එකම දේ ප්‍රසිද්ධියේ ආහාර ගැනීමක් කිරීමට නොහැකි බව විතරයි.

පොදු ප්‍රවාහන මාධ්‍යක් විදියට කටාර් වල තියෙන්නේ බස් සේවාවක්. කටාර් ඇතුලේ සීමිත නගර සහ දෝහා නගරයේ සීමිත ස්ථාන ගණනකට පමණක් සීමාවූ මේ බස් සේවාව කර්වා බස් නමින් තමයි හැඳින්වෙන්නේ. බොහෝ වෙලාවට නියමිත වෙලාවට ධාවනය වන මේ බස් සේවාව ගොඩක් අවස්ථාවල අඩු ආදායම් ලබන ජනයාගේ මිතුරෙක්. වර්තමානයේදී අවම ගාස්තුව මුදලින් රියාල් 10 වන මේ බස් සේවයේ විද්‍යුත් සීසන් ටිකට් එකකින් ගමන් කරනවානම් රියාල් 2 ක මුදලක් තමයි වැය වෙන්නේ. රියදුරන් විතරක් සේවය කරන මේ බස් වල වැඩිපුර වැඩ කරන්නේ ඉන්දියානු හා ලංකික රියදුරන්. කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මොවුන්ගේ දුෂණ නිසා තමයි මේ විද්‍යුත් ටිකට් ක්‍රමය රජය 2011 වසරේදී අඩු මිලටත්, මුදලින් ටිකට් ගැනීමේදී වැඩි මිලටත් නියම කලේ. මේ කර්වා බස් කාලසටහන් මෙන්න මේ ලිපිනයෙන් ලබාගන්න පුළුවන්. ඒ එක්කම එතනින් බස් මාර්ග ගැන විස්තරයකුත් අවශ්‍යනම් ලබාගන්න පුළුවන්.

කර්වා බස් රථයක්.  

රටේ තියන නිල ටැක්සි රථ සේවාව අයත් වන්නේත් මොවසලාත් කර්වා සමගමටමයි. බොහෝවිට සුඛෝපභෝගී කාර් ඇතුලත් මේ සේවාව දෝහා නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑර දැකගන්න පුළුවන්. මීටර් මාර්ගයෙන් ගාස්තු අය කරන මේ ටැක්සි සේවාවත් කලින් කියූ ලෙසටම ඉන්දියානු හා ශ්‍රී ලාංකික බහුතරයකින් සමන්විතයි. කලින් වෙන්කළ හැකි මෙහි අවම ගාස්තුව ලෙස රියල් 10 කුත් දෝහා නගරය තුල හා නගරයෙන් පිට ලෙස ක්‍රමවේද දෙකකිනුත් ඒ ක්‍රමවේදයන් රාත්‍රී හා දහවල් ධාවනයන් ලෙසින් කොටස් දෙකකිනුත් ගාස්තු වෙනස් වීම සිදුවෙනවා. මොවුන්ගේ ඇති විශේෂත්වය වෙන්නේ ඔවුන් කාණ්ඩ 2 කට වෙන් කල හැකි වීමයි. නිල් පැහැ පටියකින් හැඳුනුම්පත ගෙලේ එල්ලගෙන සිටින රියදුරන් සහ මෙරුන් හෝ රතු පාට පටියකින් හැඳුනුම්පත ගෙලේ එල්ලගෙන සිටින රියදුරන් ලෙස එසේ වර්ග කරන්න පුළුවන්. නිල් පැහැ වර්ණයෙන් හැඳුනුම්පත් එල්ලගෙන සිටින්නේ කර්වා සමාගමේ නිත්‍ය සේවකයන්. ඔවුන් සමාගමෙන් වැටුප් ලබන අයයි. අනිකුත් අය දෛනිකව රියාල් 250 ක් ගෙවා වාහන ලබාගන්නා කරවා සමාගමට අනුයුක්ත රියදුරන්. ඔවුන් ඒ රියල් 250 ට අමතරින් මුදලක් සමාගමට ගෙවන්නේ නෑ. ඒ වගේම මොවුන්ට මාසික වැටුප් ලැබෙන්නේත් නෑ. ඉතින් මේ හේතුව නිසා මේ රතු පටි රියදුරන් සමග ගමන් යාමේදී මාර්ග ගැන අවබෝධයක් ඇතුව යාම නුවනට හුරුයි. නැතිනම් ඔවුන් ඉතාමත් කෙටි දුරකින් යා හැකි ස්ථාන පවා වටරවුම් මාර්ග ඔස්සේ ගමන් කරමින් වැඩි මුදලක් අයකර ගැනීමට මොවුන් උත්සහ කරනවා. 

කර්වා කාර් රථයක් හා එහි රියදුරෙක්

නිල නොවන ප්‍රයිවෙට් ටැක්සි මෙහි නිල නොවන අන්දමින් බහුලව තිබෙන අනිකුත් පොදු ප්‍රවාහන මාධ්‍යයයි. බහුතරයක් කේරල ජාතිකයින් ඉන්පසුව පිළිවලින් වැඩිම සුඩානි, ඊජිප්තු, නේපාලි, ඉතියෝපියානු හා පකිස්ථාන ජාතින් විසින් මේ කාර් පදවනවා. ගාස්තුව කලින් එකඟවන තරමින් ශරීරයට ගුණ මේ සේවාව මා දන්නා තරමින් නීති විරෝධී එකක්. ඒ වුනත් බහුලවම මේ සේවය ,මේ රටේ ව්‍යාප්තවී තිබෙනවා. මොවුන් එකම ස්ථානයකට යාමට විවිධ ගණන් අය කරන අතර ඔබට පළපුරුද්දෙන් මොවුන් හා ගනුදෙනු කිරීමට සිදුවේ. නීති විරෝධී මත්පැන් ගනුදෙනු සඳහා මොවුන් බොහෝ දෙනා සම්මාදම් වන බව මම අත්දැකීමෙන් දන්නා දෙයක්.

අදට මම මේ විස්තරෙත් එක්ක සමුගන්නයි හදන්නේ. මාගලක් වගේ පොස්ට් එකක් කියවන්නත් එපා වෙනවනේ නේද?

36 comments:

  1. Good post machan. Got to know some new things. Thanks.

    ReplyDelete
    Replies
    1. Thanks a lot mate. It's my pleasure if you got something new.

      Delete
  2. එක්සත් අරාබි එමිර් රාජ්‍යයත් ඕකම තමා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි Senna & Nautilus. මේ අය එක්සත් අරාබි එමීර් රට කොපි කරමින් තමයි එයාලගේ රට හදන්නේ.

      Delete
  3. බොහොම ස්තුතියි විස්තරවලට.. මම ඊයෙ පෙරේදා මෙහෙට ආපු කෙනෙක්. බොහෝ දේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි... ඔබට ප්‍රයෝජනවත් උනානම්, යමක් දැනගත්තානම් එක මගේ සතුටක්.

      Delete
  4. මම ඊ මේල් එකකින් ඔය 2022 ලෝක කුසලානේ තියන්න සංවිදානය කරන ක්‍රීඩා පිටි දැක්කා.. තිබුනෙ නම් සැලසුම් වල පින්තූර වගයක්.. ඒවා ඇත්තටම හදන ඒවද?

    ReplyDelete
    Replies
    1. ස්ටේඩියම් 3 දැනටමත් හදල තියනවා. අනික් ඒවගේ සමහර ස්ටේඩියම් වල වැඩ දැනටත් පටන්ගෙන තියෙන්නේ.

      Delete
  5. ලැජ්ජයි ලැජ්ජයි අපේ අයියලා එහෙත් ගිහින් අපේ රටේ වගේම හොර වැඩ කරනවානේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ... කියල වැඩක් නෑ....

      Delete
    2. කතා කරලා වැඩක් නෑ. ඒත් ලංකාවේ බහුතරය හොඳයි. පගාව ගන්න එහෙම අපේ අය නම් දරාපු අය්යල.

      Delete
  6. බොහොම ස්තුතියි විස්තරේට... ගොඩක් දේවල් දැනගත්තෙ අදමයි... තව විස්තර දාන්න පොටෝ ටිකකුත් එක්කම....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. තව විස්තර එක්ක අයෙමත් ලියන්නම්කො.

      Delete
  7. අදයි ආවෙ ආපු ගමන් කටාර් ගැන දැන ගත්තා.......ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඔයාටත් ජය වේවා..!!!

      Delete
  8. හරිම වටිනවා බන්,ඔයාට ගොඩක් පින් ඔය කරන වැඩේ ට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මොනවා කරන්නද? උඹල අපි කාපු කට්ටෙන් එකෙක්හරි බේරෙයි නේ.

      Delete
  9. මම ත් කාලයක් කටාර් වල වැඩ කලා. . . 2000 ජුනි මාසයේ සිට 2005 නජවාරි 15 දා තෙක් . . .

    ආපහු ඔය පැත්තේ රැකියාවකට එන්නත් හිතේ තියෙනවා . .

    දැන් ඉස්සරට වඩා ගොඩක් දියුනු වෙලා තියෙනවා කියලා ඔයාගේ ලිපිය කියෙව්වාම හිතුනා . .

    බොහොම වැදගත් ලිපියක් . .

    ස්තූතියි . . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා. ඔව් දැන් නම් කටාර් අධි වේගයෙන් දියුණු වෙනවා. ඒත් එක්කම ජීවන වියදමත් 5.2% ඉහල ගිහින්ලු. මම නම් ඉතින් ඒ හැටි කාලයක් මෙහෙ හිටියේ නෑ. ඒත් හිටපු ටිකේ කාපු කට්ට කියල වැඩක් නෑ.

      Delete
  10. ආගමික නිදහස තියෙනවා කියල සද්ද කරන්න එපා, 5% ක් ලංකාවෙ අයත් ඉන්නව කිව්වම පන්සලකුත් පිහිටුවන්න බැරි නෑ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. මෙහෙ පන්සලකුත් තියනවා. ඒ වුනත් ඉතින් එක එච්චරම ලොකු නම් නෑ. අනික 5% වැඩියෙන්ම ඉන්නේ මුස්ලිම් අයයි දෙමල අයයි. සිංහල අය ඉන්නේ ඊළඟට. එකෙනුත් වැඩි දෙනා කතෝලික.

      Delete
  11. ආසාවෙන් කියෙව්වා!රට ගැන මෙච්චර දැනගෙන හිටියේ නෑ!

    ReplyDelete
  12. මැදපෙරදිග රටවල් ගැන නම් මගේ ඒ තරම් වැඩි මනාපයක් නෑ . ඒක නිසා ඉතින් ඒ රටවල් ගැන වැඩිය තොරතුරු හොයාබලන්ඩ ගියෙත් නෑ ඒත් මේ ලිපියයි රූප ටිකයි නම් කියෙවුවා . වැදගත් විස්තරයක් .. බොහොම ස්තූතියි !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳරු.. වැඩ කන්දරා අස්සේ මේ පැත්තටත් ගොඩ වැදුනට.

      Delete
  13. මේවා නම් දැනගෙන හිටියේ නෑ. මේ පෝස්ට් එකෙන් තමා ඒකත් දැනගත්තේ.

    ReplyDelete
  14. මම dukhan වල ඉන්නේ ..ලොකු දෙයක් කර්වා බස් රූට්‌ එකේ වෙලාව දැම්ම එක.. ඔයාගේ බ්ලොග් එක අදයි හම්බුනේ ......

    ReplyDelete
  15. ෂා.. ලස්සන පැත්තක් නේ.. මම නම් ඉන්නේ කලීෆා ස්ටේඩියම් එක ළඟ. ස්තුතියි මේ පැත්තට ආවට.

    ReplyDelete
  16. කටාර් කිව්වම ඉස්සර මතක් වෙන්නෙම පැන්සල් කටර් එක....මස්කට් කිව්වම ලංකට් එක.....හික් හික් .....ලස්සන විස්තරයක් සහෝ.....

    ReplyDelete
    Replies
    1. මාර දේවල් නේ මතක් වෙන්නේ.. හික්.. ස්තුතියි සහෝ..

      Delete
  17. 03 things I have to mention after reading this article.

    01.Theres no such a salary scale to obtain a liquor permit even those who gets QR.2000/-also can apply ,provided a letter from the sponsor or the company where he works.
    02.for all the christian denominations they have provided a vast area of land to built their churches,Roman catholic church is the first to built a church in this compound.security is provided by the govt., itself for the smooth functioning of their religious activities.
    03.01 Buddhist shrine is situated in Srilankan embassy & during Vesak lot of Srilankans are conducting their cultural activities such as " Vesak thoran" " Dansal" in their respective labour accommadations.

    ReplyDelete
    Replies
    1. Thank you verymuch for your valuable comment.

      01. This information was given to me by one of my friends working at the so called "Depot". I will verify this again.
      02. I agree with you in this about abu hamour. But also I have visited some so called churches based on houses by myself around Doha.
      03. My work place is next to the Embassy and yes I agree that there is a shrine. But this is not so big or like a temple in Sri Lanka as compared to the catholic churches. this is my point I have mentioned. About the thorans and dansals I also agree with you.

      Delete
  18. එක්සැන්ඩරයාගේ කොළමට මුලින්ම ආවේ අදයි ඕං... ඒකත් වටිනා ලිපියක්... හිමීට ඉතුරු ටිකත් කියවගෙන යන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුද්ධි. සාදරයෙන් පිලිගන්නවා මේ දිහාට.

      Delete