Sunday, May 6, 2012

සැම්සුන්ග් S II ෆෝන් එකට අයිස්ක්‍රීම් සැන්ඩ්විච් අප්ඩේට් කරමු.


මගේ බ්ලොගේ ටෙක්නිකල් බ්ලොග් එකක් නම් නෙවෙයි. ඒත් මම හිතුවා මේ ගැන ලියන්න ඕනේ කියල. ඔන්න එහෙනම් මගේ පලවෙනි ටෙක්නිකල් ලිපිය. මම හිතන්නේ මේ කතාව ගැන තියන පලවෙනි සිංහල ලිපියත් මේක කියලයි.

අද අපි කතා කරන්නේ සැම්සුන්ග්  S II  ෆෝන් එකක් අලුත් ඕ එස් එකට අප්ඩේට් කරන විදිය ගැන. සැම්සුන්ග් ගැලැක්සි S II එකක් තියන කෙනෙක් නම් ඔයාල දන්නා දෙයක් තමයි එකේ තියන ඕඑස් එක ඇන්ඩ්‍රෝයිඩ් 2.3.3 ජින්ජර්බ්‍රෙඩ් කියන වර්ෂන් එක කියලා. ඇන්ඩ්‍රෝයිඩ් 4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වර්ෂන් එක දැනට තියන නවතම වර්ෂන් එක උනත සැම්සුන්ග් සමාගම මේ වසරේ අප්‍රේල් මාසේ වෙනකම් තමන්ගේ වැඩිම ජනප්‍රියත්වයක් තිබුණු 2011 වසරේ හි හොඳම ස්මාර්ට්ෆෝන් එක බවට පත් වුනු S II ෆෝන් එකට ඒ වර්ෂන් එක රිලීස් කරේ නෑ. රිලීස් කලත් ඒ කලේ යුරෝපා රටවලට. අපේ රටවල තියන ෆර්ම්වෙයාර් වලට (ඕඑස් වලට) අප්ඩේට් වෙන්න නම් තව කාලයක් යාවි. ඒත් මේ අලුත් ඕඑස් එකට මිනිසුන්ගේ තියන කැමැත්ත කොච්චරද කියනවානම් ඒ වෙනුවෙන් තමන්ගේ ෆෝන් ස්කින් කරගන්නට (හැඩගන්වන්නට) බොහෝ දෙනා පෙලඹුණා.

හරි එහෙනම් කතා ඇති, බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඉස්සරලාම ඔයාලට ඔරිජිනල් ෆර්ම්වෙයාර් එක එහෙමත් නැතිනම් ඕඑස් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මමනම් පාවිච්චි කලේ මෙන්න මේ ලින්ක් එකේ තියන  වෙබ් එකේ තියන ඔෆීෂියල් ෆර්ම්වෙයාර් එක.  මේ ෆර්ම්වෙයාර් එක මෙගාබයිට් 384.4 වෙනවා. මේ ඕපන් යුරෝප් කියන වර්ෂන් එක. ඊ ලඟට ඕනේ වෙන්නේ ඔඩින් කියන සොෆ්ට්වෙයාර් එක. ඔඩින් ඩවුන්ලෝඩ් කරන්න මෙතනින් පුළුවන්. මේ දෙකට අමතරව ඔයාලගේ සැම්සුන්ග් S II ෆෝන් එක එක්ක ලැබුන ඔරිජිනල් කේබල් එක ඕනේ කරනවා. මොකද ඒ කේබල් එක usb 2.0 කේබල් එකක් නිසා. වෙළඳපොලේ තියන කේබල් බොහෝ වෙලාවට USB 1.0 තාක්ෂණයේ පරණ කේබල්. ඒත් බැලුවට වෙනසක් වෙන්නේ නෑ. නමුත් දත්ත හුවමාරුවේදී විශේෂයෙන් මේ වගේ වෙලාවට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ එක්කම මතක ඇතුව ඔයාලගේ ෆෝන් ඒක සීයට 75 වත් චාජ් කරගෙන තියාගන්න මේ වැඩේ කරන්න ඉස්සරලා.

හරි මම දන්නවා දැන් ප්‍රශ්න කීපයක් ඇති ඔයාලට මෙන්න මේ වගේ.
1. මේ වර්ෂන් ඒක දාපුවාම මගේ වොරන්ටි ඒක නැතිවෙයිද? නෑ, මොකද මේ ඔරිජිනල් සැම්සුන්ග් සොෆ්ට්වෙයාර් එකක්. 
2. මේ වැඩේ කරන්න ගිහින් මගේ ෆෝන් ඒක ලොක් වෙයිද? අපහු හදන්න බැරි වෙන්න සවුත්තු වෙයිද? මේ කියලා තියන විදියට කලොත් එහෙම වෙන්නේ නම් නෑ. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
3. මගේ කන්ටැක්ට්ස් ඒ වගේම අනික් ඩේටා එහෙම නැති වෙයිද? මගේ ෆෝන් එක අප්ඩේට් කරද්දී නම් මට එහෙම උනේ නෑ. ඒත් ඔබට අවශ්‍යනම් සැම්සුන්ග් kies භාවිතා කරලා ඒ දේවල් බැකප් කරගන්නත් පුළුවන්. ඒත් මතක ඇතුව සැම්සුන්ග් kies , ෆර්ම්වෙයාර් අප්ඩේට් එකට කලින් ඕෆ් කරලා දාන්න. 

හරි එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටන් ගමු.
පටන් ගන්න ඉස්සරවෙලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත සැම්සුන්ග් ඔරිජිනල් ෆර්ම්වෙයාර් එක අන්සිප් කරගන්න. ඒක පස්සේ පහසුවක් වෙයි.

දැන් ඉතින් අප්ඩේට් කරන්නයි යන්නේ. එහෙනම් ඉස්සරලම ඔයාලගේ ෆෝන් එක ඕෆ්  කරගන්න. ඉන් පස්සේ වොලියුම් ඩවුන් එකත් එක්ක හෝම් කී එක ප්‍රෙස් කරගෙන පවර් කී ඒක ඔබන්න.  එතකොට ඔයාලට දකින්න වෙන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. මෙතැනදී කියන්නේ ඔයාලට කස්ටම් ඕඑස් එකක් ඉන්ස්ටෝල් කරන්න නම් වොලියුම් අප් කී එක ඔබන්න කියලා. බයවෙන්න එපා. ඔබන්න වොලියුම් අප් කී එක. දැන් ඔයාලට පහත දෙවැනි ස්ක්‍රීන් එක පෙනේවි.

මේ තියෙන්නේ ෆෝන් එකේ වොලියුම් ඩවුන්, හෝම් සහ පවර් කී එකවිට එබුවාම එන ස්ක්‍රීන් එක.



මේ ස්ක්‍රීන් එක එන්නේ වොලියුම් අප් කී එක එබුවාම. දැන් ඩවුන්ලෝඩ් කරන්න සුදානම්


ඔන්න දැන් ෆෝන් එක ඔහොමම තියල අර  සැම්සුන්ග් යුඑස්බී කේබල් එක පරිගණකෙට සවිකරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරපු ඔඩින් සොෆ්ට්වෙයාර් එක රන් කරන්න. දැන් ෆෝන් එක යුඑස්බී කේබල් එකට සවි කරගන්න, දැන් ඔයාලට පහල ස්ක්‍රීන් එක දකින්න පුළුවන්.



ඔඩින් ස්ක්‍රීන් එක ෆෝන් එක කනෙක්ට් කලාට පස්සේ

වැඩේ හරියට උනා නම් මේ වගේ කහ පාට කොටුවක් ඔඩින් ස්ක්‍රීන් එකේ  පෙනේවි.

දැන් අර ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගත්ත සොෆ්ට්වෙයාර් එක එහෙමත් නැතිනම් .tar ෆයිල් එක ඔඩින් සොෆ්ට්වෙයාර් එකේ PDA කියන බටන් එක ප්‍රෙස් කරලා බ්‍රවුස් කරගන්න. ඊට පස්සේ ඔඩින් සොෆ්ට්වෙයාර් එකේ ඔප්ෂන්ස් කියන තැන තියන ඔටෝ රීබූට් සහ එෆ්.රීසෙට්  ටයිම් කියන ඔප්ෂන් දෙක විතරක් ටික් වෙලා නැතිනම් ටික් කරන්න. (ඉහත පින්තුරයේ පරිදි ) අනිත් දේවල් එලෙසම තියන්න. වෙනසක් කරන්න එපා. 
එහෙනම් ඔන්න ස්ටාර්ට් බොත්තම ඔබන්න. ඔන්න එහෙනම් අලුත් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙන්න පටන්ගත්තා. (මතක ඇතුව යුපීඑස් එකකට ඔබේ පරිඝනකය  සම්බන්ධ කර මේ කොටසට යන්න.)

අප්ඩේට් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙන අතරේ
හරි එහෙනම් දැන් ෆෝන් එකේ පේනවා ඇති නේද  ඩවුන්ලෝඩින් කියලා වැටිලා තියන කොටසට පහලින් පොඩි ප්‍රෝග්‍රෙස් බාර් එකක් රන් වෙනවා? හරි එහෙමනම් කියන්නේ ඔබේ ස්මාර්ට් ෆෝන් එක දැන් අප්ඩේට් වෙමින් පවතිනවා කියලයි. මේ තියන වීඩියෝ එක මම මගේ ෆෝන් එක අප්ඩේට් කරද්දී ගත්තු එකක්. ඒකෙදි ඔයාලට බලන්න පුළුවන් මේ ප්‍රොසෙස් එකේ අන්තිම කොටස. මුල් කොටස ගත්තු වීඩියෝ එක සවුත්තු වෙලා.


පසු වදනක්..
එස් එල් ටී එකේ ස්පීඩ් එක හින්දා වීඩියෝව අප්ලෝඩ් කිරීමට තවමත් නොහැකියි. හය්යෝ සල්ලි...



34 comments:

  1. පෙම්වතිය නම් ස්මාර්ට් ෆෝන් කට්ටක් අරගත්තා ...ඒකට වැඩක් දෙන්නත් හිතයි ..

    ReplyDelete
    Replies
    1. අනේ අම්මා.... මලේ මෙන්න වැන්දා... කෙල්ලගේ ෆෝන් එකේ කෙලියක් ගිහින් මටනම් ගුටි කන්න බෑ බං..

      Delete
    2. එහෙම කොහොමද ? අයිස්කිරිං දුන්නානම් දැන් ඉතින් එවුව කාපුවාම වෙන සයිඩ් ඉෆෙක්ට්ස් වලටත් වග කියාපං අයියා !!

      Delete
    3. එහෙනම් කන්න කලින් කියපං මම ටිකට් එක වෙනස් කරගන්න....

      Delete
  2. මන් ගත්ත Samsung S II ෆෝන් එක ඔර්ජිනලි ආවෙ යුරෝප් වලින් නිසාද මන්දා Samsung Kies software හරහා මට වලට අප්ග්‍රේඩ් කර ගන්න පුළුවන් උනා ගිය සතියෙ මුලදිම..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි, යුරෝප් වලට kies එකෙන් අප්ඩේට් රිලීස් කරා අප්‍රේල් මුල් සතියේ. මේ තියෙන්නේ ඒ වර්ෂන් එකම තමයි. අපිට කොයින්ද ඉතින් බූල් බල්ලෝ? අපේ ෆෝන් අරාබි වර්ෂන් එක නේ. වර්ෂන් එකේ රට හරියටම බලන්න පුළුවන් වෙනි බේස් බෑන්ඩ් වර්ෂන් කියල තියන තැන (සෙටින්ග්ස් වල අබවුට් ෆෝන් කියන ඔප්ෂන් එකේ ) තියන අන්තිම අකුරු හතරෙන්. මෙන්න මේ සයිට් එකේ බලන්නකෝ http://www.sammobile.com/

      Delete
    2. වෙනි අයියා එදා සයිබර උත්සවේදි පෝං ඇඩ් එක දැම්ම නොවැ.. ;)

      Delete
  3. අෆොයි.. ඔවුව ඉතින් ගැටවුන්ගේ ගැටිස්සියන්ගේ එව්වනේ . මේ වයසක අපිට මොකටෙයි..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා අය්යේ අර ඔබා මාමා එහෙම පදින කාර් එක බලන්නකෝ.. ඔන්න පොරවල්.. යන්ග් ඇට් හාට්

      Delete
  4. වටිනා ලිපියක් ,තෑන්ක්යු වේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ වේවා මේ පැත්තට ඇවිත් කොමෙන්ට් එකක් දාල ගියාට..

      Delete
  5. මම නොකියා වලට ඇබ්බැහි වෙලා හන්දා සැම්සුන් නම් පාවිච්චියක් නෑ.
    ඒත් මේක වටින අය ඇති !! ඒ නිසා ඒ අයට වැදගත් ලිපියක් !

    ReplyDelete
    Replies
    1. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඇන්ඩ්රොයිඩ් නේ, ඒ එක්කම මේ ඕඑස් එකේ අපිට මාර වැදගත් දේවල් කරන්න පුළුවන්. ටැබ් එකක නම් රවුට් සිමියුලේෂන් හිට රන් කරන්න පුළුවන්. ෆෝන් එකේ දැනටත් මම ටීම් වීවර් පාවිච්චි කරනවා. මටනම් එක හරිම වටිනවා. ඕනෙම තැනක ඉඳන් අර්ජන්ට් කෝල් එකකට ඇටෙන්ඩ් වෙන්න්න පුළුවන් මට එක හින්ද.

      Delete
  6. මොනව කිව්වද කියල ආතක් පාතක් නෑ

    ReplyDelete
    Replies
    1. අෆොයි.. ඔන්න ඉතින් ඔබා මාමා උදේම ඇවිත් කියන කතා... :D බලන්නකෝ මම ලංකාප්‍රිය අයියට කිව්වා විතරයි ඔබා මාම පොඩ්ඩක් අප් කරලා..

      Delete
    2. කාර් පැද්දට බොලේ කොම්පීටර්, මොබයිල් ෆෝන්, මට UFO වගේ

      Delete
  7. මේක තනිකර බොරුවක් නේ.
    ලංකාවට SGS II Ice cream Sandwich දුන්නේ යුරෝප් වලට දෙන්න කලින්.
    මම ඒක original විදියටම දා ගත්ත නිසා කියන්නේ.
    ඕන නම් ගූගල් කරල බලන්න

    http://www.sammobile.com/firmware/

    ReplyDelete
    Replies
    1. මේකේ කොතනකවත් බොරුවක් නම් මම කියල නෑ සහෝදරයා. මම අපේ රටවල කියල අදහස් කලේ කටාර් රට. මොකද මම දැන් ඉන්නේ එහෙ නිසා. ඉතින් මේ රටේ තියන ෆර්ම්වෙයාර් අප්ඩේට් වෙන්න නම් ඉතින් තව දවස් යයි. ඒ නැතත් සිංගප්පුරුව පැත්තේ තවම අප්ඩේට් වෙලා නෑ කියල තමයි මම දන්නේ. ඉතින් මම මේ පොස්ට් එක ලිව්වේ එහෙම අප්ඩේට් උනේ නැති කෙනෙක්ට ඉක්මනින් අලුත් ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරගන්න විදිය කියන්න.

      ස්තුතියි මේ පැත්තේ ආවට. ඒ වගේම කොමෙන්ට් එකටත්, තව දෙයක්, අර වෙනිට කියල තියන කොමෙන්ට් එකත් බැලුවනම්..

      Delete
    2. ඔහ් මම ඒක කියෙව්වෙ නැහැ. සොරි වෙන්න ඕන ඒකට.

      Delete
    3. ගණන්ගන්න එපා සහෝ.. දිගටම මේ පැත්තේ එන්නකෝ එහෙනම්

      Delete
  8. ඉස්සෙල්ලම දැං සනීපද? අඬු කඩාගෙන හිටියා කියලා කිව්වනෙ.

    අනික ඕක HUAWEI ස්මාට් ෆෝන් වලටත් වැඩ කරයිද, ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් ආව?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ්. දැන් නම් අත ගොඩක් හොඳයි. නැහැ. මේ ෆර්ම්වෙයාර් එක සැම්සුන් SII එකටම රිලීස් කරපු එකක්. ෆෝන් එකේ විස්තර ටිකක් දෙනවනම් හොයල බලල කිව්ව හැකි ඒ ගැන.

      Delete
  9. මට නම් තාම ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට එන්න බැරි උනා...අදහසක් තියෙනවා එකක් ගන්න ලගදීම...මේ ලිපිය පැහැදිලිව සරලව ලියලා තියෙන හින්දා ඕ එස් එක දාගන්න බැරිව දුක් වෙවී හිටපු කෙනෙක්ට මාර වටිනවා..අපේ රටවල් වලට මෙව්වා එනකොට යුරෝපයේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හදන එකකුත් නැතිවේවි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමිල්. ලංකාවෙත් දැන් මේ ෆෝන් තියනවා, එත් ගාන සැරයි.

      Delete
  10. අපිට කොහෙද පුසෝ මාලු...කිව්වලු..අපිට උනත් සැහෙන්න කියවලා තේරුම් ගන්න පුළුවන් ලිපියක්..කවදා හරි ස්මාර්ට් ෆෝන් එකක් ගත්තම අපහු මේක කියවලා පොදක් හිතලා බලන්න ඕන...:)

    ReplyDelete
    Replies
    1. එදාට වෙන වර්ෂන් එකක් තිබ්බොත් කියන්න. උදව් කරන්නම්,

      Delete
  11. මගේ U8180 huawei දුරකතනය අප්ඩේට් කරගන්න බැරදෝ.. :(((

    ReplyDelete
    Replies
    1. මේ දුරකතනයේ තියෙන්නේ ඇන්ඩ්රොයිඩ් ෆ්රෝයෝ කියන වර්ෂන් එක. ඒ සඳහා නිල වශයෙන් නම් තවමත් ඇන්ඩ්රොයිඩ් 4.xx ලබා දීල නෑ. දැනට ඇන්ඩ්රොයිඩ් 4.XX සංස්කරණය ලබා දෙන්නේ ඇන්ඩ්රොයිඩ් ජින්ජර්බ්රෙඩ් කියන වර්ෂන් එකට විතරයි. එත් විවිධ අය විවිධ කස්ටම් රොම් ( තමන් විසින් නිපදවූ ඕඑස් ) නම් භාවිතා කරනවා. ඒ ඕඑස් එකක්නම් මේ ක්‍රමයට අප්ඩේට් කරගන්න පුළුවන් උනත් ඒවාගේ විවිධ දෝෂ තියනවා.
      මෙහි තියෙන්නේ එවැන්නක්.
      http://forum.xda-developers.com/showthread.php?p=24650434#post24650434

      Delete
  12. lg optimus lte version ekata ena android new edition eka install karaganna hati wisthara ekka comment ekak widiyata daana puluwanda? nathnam yanna site ekak hari kiyanna detail thiyena. thanks!!!!

    ReplyDelete
    Replies
    1. මේ ෆෝන් එකට දැනටමත් ඔරිජිනල් අයිස්ක්‍රීම් සැන්විච් වර්ෂන් එකක් බොහෝවිට රිලීස් වී තිබෙන්න පුළුවන්, ඒ නිසා ඔබට wifi සම්බන්ධයක් / හෝ HSDPA මගින් වන දත්ත තියනවා නම් මෙන්න මේ දේ කරලා බලන්න.
      About Phone > Update ඔප්ෂන් එක පාවිච්චි කරලා බලන්න.
      නැතිනම් මේ ලින්ක් එකේ තියන විදියට ෆෝන් එකට ඇන්ඩ්රොයිඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
      http://androidadvices.com/update-lg-optimus-lte-lu6200-official-ics-android-404-firmware/2/

      Delete
    2. bohoma sthuthi kiwwata. dan dakke rep eka. parakku welaa tnx kalaata sorry ah

      Delete
    3. ඔබට උදව්කරන්න ලැබීම සතුටක්.

      Delete
  13. godak isthuthi meeka kiyala dunnata aiya.. mama meeka kara.. wade saarthakai. sathuta kiyaganna baa. eeka nisa kiyanna yanne naha mama.. mama witharai danne meeka upgrade karaganna dangalapu tharamak :D hikz

    ReplyDelete
  14. machan mage 4n ekata jelly bean update karanna kramayak thiyenawanam step by step post ekak dannako mage 4n eka LG Optimus L5 E 612 ,icecream sandw plz machan loku udawwak

    ReplyDelete