දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක
දෙවැන්නයි මේ. කලින් අපි
කතා කලේ හිට්ලර් ගැන වූ සැඟවුණු තතු සහ හිට්ලර් පසුපසින් වූ අදිසි හස්තයන් ගැන. ඒ එක්කම
හිට්ලර්ගේ මරණය ගැන අපි කතා කළා. ඔහු සිය දිවි නසා ගත්තා ද එසේ නැතිනම් ඔහු පලා ගියාද කියලයි එහිදී අපි කතා කලේ. මේ පහල තියන ලින්ක් වලින් ඒ ලිපි ටික
කියවන්න පුළුවන්.
අතිශය බිහිසුණු හා
තාක්ෂණය අතින් විශ්මිත නිමැවුම් බිහිවූ දෙවැනි ලෝක යුද්ධය වර්ථමාන යුධබිමට පවා
සෙවනැලි ගෙන එනවා. ඒ යුධ අවි සහ යුධ ක්‍රම අදටත් වලංගුයි. දෙවැනි ලෝක යුද්ධය හමාර වීම සමගින්ම ඇමරිකාව සහ
රුසියාව විසින් හිට්ලර්ගේ යුධ උපක්‍රම, අවි ආයුධ මෙන්ම තාක්ෂණයද භාවිතා කරනවා.
අද අපි කතා කරමු
හිට්ලර්ගේ විශ්මිත ආයුධ ගැන වගේම ඒ ආයුධ වලින් වූ බලපෑම, හිට්ලර් ඇතුළු නාසින්ගේ
නොසැලකිල්ල සහ නිසි ලෙස භාවිතා නොකිරීම නිසා ඔවුන්ට සිද්ධ වූ පරාජයට ඒ තීන්දු තීරණ
හේතු වූ විදිය. එහෙනම් එන්න කියවන්න, Wunderwaffe des
Hitler
මොනවාද මේ වුන්ඩර්වෆේ දෙස් හිට්ලර් කියන්නේ?
වුන්ඩර්වෆේ
(wundarwaffe) කියන්නේ ඉංග්‍රීසියෙන් වොන්ඩර් වෙපන්ස් (wonder weapons) එහෙමත්
විශ්මිත ආයුධ කියන තේරුමයි. ඇත්තෙන්ම මේ හිට්ලර්ගේ ආයුධ ඒ කාලයේ හැටියට සහ
තාක්ෂණයේ හැටියට අතිශයින් ඉදිරියෙන් තිබු ආයුධයි. එයින් ඇතැම් ඒවා ඒ වන විටත්
යුද්ධය සඳහා සක්‍රිය දායකත්වය ලබා දුන් අතර මුලාකෘතියට පමණක් සීමාවූ ඇතැම් ඒවා හිට්ලර්ගේ සහ යුධ ආයුධ
පිළිබඳ අමාත්‍ය ඇල්බර්ට් ස්පියර් (ජර්මන්
උච්චාරණය: ශ්පියර් ) ගේ නියෝග මත නවතා ලු ඒවායි. සමහර අවස්ථා ඊට වෙනස්. මෙසේ සැලසුම් කල ඇතැම්
ආයුධ අතිශයින්ම විශාලිත වූ අතර ඒවායින් ජර්මන් ආර්ථිකයට හෝ යුද වියදම් වලට යහපතක් වුනේ නෑ.
අපි එයින් තෝරාගත් කීපයක් එකිනෙක විමසා බලන්න පටන්ගමු ගුවන් යානාවල ඉඳං.
මෙෂස්මිත් ME 262 (Messerschmitt Me 262)
දෙවැනි ලෝක යුද්ධයේදී
මිත්‍රපාර්ශවිකයින්ගේ ගුවන් භටයින් බයෙන් මෙන්ම පුදුමයෙන් ත්‍රස්ත කරන්නට සමත්වූ
ලොව පළමු ක්‍රියාන්විතයේ යෙදුනු ජෙට් ප්‍රහාරක යානය මෙෂස්මිත් ME 262 ගුවන් යානයයි. 1942 මැද භාගයේදී කරලියට පිවිසි
මේ යානාව එකල තිබුණු වේගවත්ම මිත්‍ර පාක්ෂික යානාවට වඩා කිහිප ගුණයක් වේගවත් වූවා. ඒ
එකල තිබු සියලු මිත්‍ර පාර්ශවයේ යානා වලට
වඩා පැයට සැතපුම් 100 කට එහා වේගයක්. එමන්ම ඉතාමත් සාර්ථක ප්‍රති ප්‍රහාරක
යානාවක්. (interceptor)
![]() |
මෙෂර්ස්මිත් 262 යානාවක්
|
මේ යානාව ලෝක යුද්ධයේ අග
භාගයේදී එළිදැක්වූ නිසා එය සාර්ථක නොවුණු බව කීවත් සත්‍ය තත්වය ඊට බොහෝ එහාට
විහිදුනක්. මේ යානය ප්‍රති ප්‍රහාරකයක් වීම හිට්ලර්ට එතරම් ඇල්ලුවේ නෑ. ඔහුට උවමනා
උනේ ඊට එහා ගිය ප්‍රහාරක යානයක් සහ බෝම්බ හෙලන යානාවක්. ඒ නිසාම මේ යානාව සැහැල්ලු
බෝම්බ හෙලන යානාවක් ලෙසද වෙනස් කරනවා. ඒ වුනත් ඒ වනවිටත් ජර්මනිය සතුව විශිෂ්ඨ සැහැල්ලු බෝම්බ හෙලනයක් තිබුනා. ඒ යුන්කර්ස් JU 87 යානාව (Junkers JU 87).(ජුන්කර්ස් ලෙස තිබුණත් ශබ්ද වන්නේ යුන්කර්ස් ලෙසයි,)
හිට්ලර්ගේ මේ තීන්දුව
නිසා යානයේ නිෂ්පාදනය සිද්ධ වුනේ ඉතාම සෙමින්. එය මේ යානාවල සංඛ්‍යාව පහල හෙලන්නත්
ඒ පහල හෙලීම නිසා ප්‍රහාරක කටයුතු වලදී ඉතා අල්පයක් වූ යානා භාවිතා කිරීමට වීම
නිසා ප්‍රථිපල මද වීමත් සිද්ධ වුනා. එමගින් සිද්ධ වුනේ ජර්මනිය තුලට බෝම්බ හෙළු
මිත්‍ර පාර්ශවික යානා පැමිණීම දිවා කාලයේදී හෝ නවතාලීමට නොහැකි වීමයි. එය ජර්මන්
පරාජය ඉක්මන් කරන්න එක හේතුවක් වුනේ ජර්මානු යුධ නිෂ්පාදන සිද්ධ කිරීමට නොහැකි
වීමත් කර්මාන්ත හා ඉන්ධන පිරිපහදු කටයුතු සිදු කිරීම ඉතාමත් අසීරු වීමෙන් යුද්ධයට
අවශ්‍ය අනෙකුත් සැපයුම් අඩාල වීමත් සමගින්. ඒ එක්කම අනෙකුත් ගුවන්යානා ගුවන්ගත කිරීම පවා
අසීරු වන තැනට ජර්මන් ගුවන් හමුදාව පත්වුණේ අහස මුළුමනින්ම මිත්‍ර පාර්ශවය අත්කර
ගැනීමත් සමගයි.
මේ යානය මිත්‍ර පාර්ශවයට
කොයිතරම් හිසරදයක්ද කියනවානම් ඔවුන් මේ යානයට පහර දුන්නේ එක්කෝ යානය ඉහලට ඔසවන්න
සුදානම් වන විටදී හෝ ගොඩබාන අවස්ථාවේදීයි. අහසේදී මේ යානා බිම දැමු ප්‍රමාණය ඉතා
සීමිතයි.
මේ යානයට පළමුව 1939 දී
හෙයින්කල් ආයතනය HE 178 නම් යානාවක් (ලොව පළමු ජෙට් යානාව) ගුවන්ගත කලා. 1939 නොවැම්බර්
මස පළවැනිදා එය ෆීල්ඩ් මාෂල් එහාඩ්
මිල්ච් (Erhard Milch) සහ කර්නල් ජෙනරාල් අර්නස්ට් උඩෙට් Ernst Udet ගෙන් සමන්විත රයිච් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත
සංදර්ශනයක් ඉදිරිපත් කළා. එහෙත් ඔවුන් එයින් මේ යානයේ වැදගත්කම ගැන කිසිඳු තැකීමක්
සිදුකලේ නෑ. ඒ වගේම හර්මන් ගෝරින්ග් (හිට්ලර්ගේ ලුෆ්ට්වෆා :Luftwaffe ප්‍රධානියා)
සාම්ප්‍රදායික ගුවන් යානා වලට තැන දීම නිසා මේ යානයේ වැදගත්කම තවත් අඩු වූවා.
නමුත් මෙහිදීත් ඔවුන් මදක් දුරදිග බලා එදා ඒ තීන්දු තීරණ ගත්තා නම් බොහෝ කොටම
යුද්ධයේදී ඒ තීරණය හැරවුම් ලක්ෂයක් වනවා නොඅනුමානයි.
හෝර්ටන් 229 (Horten 229)
ඉස්සරලාම පින්තුර ටිකක් බලලා ඉමු.
![]() |
ජර්මානු හෝර්ටන් 229 යානාවක දුර්ලභ ජායාරුපයක්. |
![]() |
හෝර්ටන් 229 යානා ආකෘතියක්. (නියම ආකෘතියක් නොවේ) |
පළමුවැනි පින්තුරය සහ දෙවැන්න ජර්මන් හෝර්ටන් 229 යානාවක් (දෙවැනි පින්තුරේ නියමු කුටිය හා එන්ජින් මදක් ඉදිරියට වෙන්නයි තියෙන්නේ. එත් සැබවින්ම ඒවා තටුව මත පිහිටිය යුතුයි. මේ ආකෘතියේ ඒ කොටස නිවැරදි නෑ). තුන්වැන්න ඇමරිකන් බී 2 බෝම්බ හෙලන යානාවක්. මේ දෙකම හදල තියෙන්නේ
ස්ටෙල්ත් එහෙමත් නැතිනම් රේඩාර් වලින් නොපෙනී සිටීමේ හැකියාව සහිතව ඉන්න. කොහොමද
දෙකේ වෙනස?
හෝර්ටන් 229 යානය විශාල
ලෙස නිපදවූ යානාවක් නෙවෙයි. මුලාකෘති දෙකක් පමණක් නිර්මිත මේ යානාවේ එක
මුලාකෘතියක් පරීක්ෂණ සැසියකදී (Test Flight) විනාශ වුනා. ඉතිරි මුලාකෘතිය ඔපරේෂන් පේපර්ක්ලිප් (Operation Paperclip) යටතේ ප්‍රංශයේ චියර්බොග් වරායෙන් ඇමරිකාවට නැව්ගත කළා. ඒ ජර්මනියේ අධිආරක්ෂිතව පැවතුනු කලාපයක රහසිගත
ගුවන් පථයකින් සොයාගැනීමෙන් අනතුරුව.එසේ කලේ බර්ලිනය කරා එන රුසියානු දෑත් වලින්
මේ අධි තාක්ෂණික උපකරණ රැකගැනීමටයි. රුසියානුවන් දියුණු ජර්මන් තාක්ෂනය අත්පත් කරගන්නවාට
ඇමරිකාව සතුටු වුයේ නෑ.
80% ලී භාවිතා කර නිපදවා
තිබුණු මේ යානාවට ගල්වා තිබු මැලියම් සහ සායම් වල අඟුරු අඩංගු වෙලා තියෙනවා. ඒ
රේඩාර් තරංග උරාගන්නට. යානයේ හැඩය තනි තටුවක් ලෙස නිමවීමත්, එන්ජින් සහ නියමු
කුටිය ඇතුළු සියල්ල යානය තුලම පිහිටීමත් සහ යානයේ ලෝහ කොටස් අවම වීමත් යන කාරණා නිසා මේ යානාව රේඩාර් මගින් හඳුනා නොගනීවි යන
උපකල්පණය යානය සැලසුම් කල හෝර්ටන් සහෝදරයෝ සිතුවා. 1930 දශකයේ සිට ග්ලයිඩර් භාවිතා
කරමින් සිටි ඔවුන් මේ යානාවත් ග්ලයිඩර් සැලසුමකට අනුව ඉදිරිපත් කළා.
මේ යානාව වසර 2008 දී B2
යානය නිපදවූ නොර්තොප් කෝපරේෂන් (Northrop Corporation) ආයතනය මගින් නැවත ප්‍රති නිර්මාණය කරනවා. මේ සම්බන්ධව හිස්ටරි චැනලය(The
History Channel) මගින් රූපවාහිනී වැඩසටහනක් හිට්ලර්ගේ රේඩාර් මත නොපෙනෙන ප්‍රහාරක යානය (Hitler’s Stealth Fighter) නමින් සිදු කරනවා. මේ ලින්ක් එක දිගේ ගිහින් ඔබට ඒ වැඩසටහන බලන්න පුළුවන්.
මේ යානය නිර්මාණය කලේ බ්‍රිතාන්‍ය
වෙරළබඩ රේඩාර් පද්ධතියට අභියෝග කරන්නයි. හිට්ලර්ට බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන්නට
නොහැකිවූ එක බාධාවක් වූ මේ රේඩාර් පද්ධතිය විනාශ කරන්නට හිට්ලර් බොහෝ උත්සාහ කළා. මේ
රේඩාර් පද්ධතිය ඇසුරින් බ්‍රිතාන්‍ය තම ප්‍රහාරක යානා ඉතා නිරවද්‍ය තොරතුරු වලින්
සන්නද්ධ කළා මෙන්ම ප්‍රංශ වෙරළ තීරුව ආසන්නයෙන් එන ජර්මන් යානා කඳවුර පසුකර වෙරළට
ඇතුල්වෙත්ම හඳුනාගැනීමට ද ක්‍රියාකාරී වුනා.
මේ ආකෘතිය යොදාගෙන කල
පරීක්ෂණ වලින් තහවුරු වුයේ මේ යානයට එවකට බ්‍රිතාන්‍යය භාවිතා කල රේඩාර් පද්ධති
වලින් අනාවරණය වීමට ඇති දුර සාම්ප්‍රදායික යානා වල දුරෙන් 20% බවයි. එනම් අනාවරණය
කරගන්නා ලක්ෂයේ සිට විනාඩි නවයකින් ගමන් කල හැකි දුරක්.
එවකට ලුෆ්ට්වාෆා යානා බ්‍රිතාන්‍ය
රේඩාර් පද්ධතියට හසු නොවීමට ඉතා පහලින් පියාසර කළා. (මතකද LTTE ගුවන් යානා? ඒවාත්
පහතින් නේ පියාසර කලේ) ඒ පොලවේ සිට අඩි 50 ක පමණ උසකින්. මේ යානාවත් ඒ ක්‍රම
අනුගමනය කළා නම් යානය රේඩාර් තිරයේ දිස්වන්නේ රේඩාර් කලාපයට විනාඩි දෙක හමාරක
දුරකදී. කොහොමද වැඩේ?
ජෙට් එන්ජින් යොදාගන්න
නිසා යානයේ වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතරම එවකට තිබු පිස්ටන් එන්ජින් වලින් ධාවනය
කල මිත්‍ර පාර්ශවයේ වේගවත්ම යානාවට වඩා වේගවත් නිසා ඔවුන්ට කිසිවක් කල කියාගත හැකි
වන්නේ නෑ. ඔවුන්ගේ ගුවන් යානා ගුවනට ඔසවන විටත් මේ යානය පහරදී අවසන්ව නැවත හැරී
ගොස් තිබෙන්නට බැරි නෑ.
අරාඩෝ AR 234 (Arado Ar 234)
![]() | |||||
අරාඩෝ AR 234 මුල්ම යානා වලින් එකක්. (මේ යානාවේ රෝද වෙනුවට තිබුනේ ස්කිඩ්ස් ) |
අරාඩෝ AR 234 යානාව හිට්ලර්ගේ තවත් එක විශ්ම
අවියක් වූ ගුවන් යානාවක්. ජෙට් එන්ජින්
දෙකකින් බලගැන්වුණු මේ යානාව මුලිකවම හිට්ලර් යෙදෙව්වේ සතුරු භුමි අධ්‍යයන (reconnaissance) කටයුතු වලටයි. පසුව එය
බෝම්බ හෙලන යානාවක් ලෙස ඉතා සුළු අවස්ථා ගණනකදී භාවිතා කර තියනවා. එබැවින් මේ යානාව ලෝකයේ ප්‍රථම බෝම්බ හෙලන යානාව බවට පත්කර තිබෙනවා.
ජෙට් බලගැන්වූ මේ යානාව
1944 දී බ්‍රිතාන්‍යට ඉහලින් ගමන්කළ අවසාන ජර්මානු යානාවයි. 1944 සැප්තැම්බර් මස
දී හඳුන්වාදුන් මේ යානාව බෝම්බ හෙලනයක් ලෙස සීමිත මෙහෙයුම් ගණනක යෙදුනත් එයින්
අත්කරගත්තේ නොබිදුණු කීර්තියක්. මිත්‍ර පාර්ශවයේ යානා මගින් ගුවනේදී ප්‍රති ප්‍රහාර
එල්ල කිරීම ඉතා අපහසු යානාවක් බවට මේ යානාව එකල පත්වුණේ එහි වූ අධිවේගීබව නිසයි.
මේ යානවත් ඒ නිසා මිත්‍ර පාර්ශවයේ ප්‍රහාර වලට ලක්වුයේ බොහෝ කොටම භුමියේ රැඳී සිටින
විට හෝ ගොඩබෑම සිදු කරන විටදීයි. මෙවන් වූ සාර්ථකත්වයක් තිබුණු මේ
යානය බෝම්බ හෙලන කටයුතු වලට යෙදවීමට අකමැති වුයේ ෆීල්ඩ් මාෂල් එහාඩ්
මිල්ච් විසින් ගනු ලැබූ තීරණයක් නිසා බවට කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව
තහවුරු කොට නෑ මීට ඉහතදීත් අපි කතා කල මේ ෆීල්ඩ් මාෂල් එහාඩ් මිල්ච්
යුදෙව්වෙක් වගේම ජර්මානු ගුවන් හමුදාවේ යානා සහ අවි සැපයුම් පිලිබදව වූ
ප්‍රධානියායි.
![]() |
පසු කාලින අරාඩෝ යානාවක් ගුවන් ගත කිරීමට සූදානමින් |
යානාව යුද්ධයේ අවසාන භාගයේ
නිෂ්පාදනය කිරීම නිසා සම්පත් හිඟ වීම ආදිය මගින් නිෂ්පාදිත ප්‍රමාණය සීමා සහිත
වීමත් (යානා 210), බෝම්බ හෙලනයක් ලෙස මුල සිටම භාවිතා නොකිරීමත් මේ යානාව මගින්
ගත හැකිව තිබු සේවාව සහ යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වීම වලකාලනු ලැබුණා. එමෙන්ම
යුද්ධයේ අවසාන භාගයේදී ලුෆ්ට්වාෆා සතුවූ ගුවන් බලය ඔවුන්ගේම නොසැලකිල්ල සහ නිසි ව්‍යපෘති
සඳහා දායකත්වය ලබා නොදීම මගින් කඩා වැටී තිබුනා. මේ හේතුවෙන් මිත්‍ර පාර්ශවය
ජර්මනියේ මර්මස්ථාන වෙත දැරිය නොහැකි ගුවන් ප්‍රහාර එල්ල කරමින් ජර්මන් යුධ යාන්ත්‍රණය
පරාජයේ කෙළවරටම තල්ලු කළා.
1945 වන විට විවිධ අවි වර්ගයන් ආයුධ විශේෂ කීපයකින් සෑදීමට සැලසුම් කර තිබුනත් ඒ සියලු සැලසුම් පොත් වලට පමණක් සීමා කරන්නට යුද්ධය දැඩි වුවා. සැලසුම් කල යුධ අවි කෙසේ වෙතත් ඒ වන විටත් භාවිතයට යුධ අවි නිෂ්පාදනය මෙන්ම අනෙකුත් නිෂ්පාදනද නිපදවීම ගැටලුවක් ව තිබුනා.ජර්මනියට මේ වනවිට අවශ්‍ය වුයේ රාත්‍රී ප්‍රහාර සඳහා යෙදිය හැකි විශ්වාසවන්ත යානාවක්.
එවන් යානාවක් ජර්මනියට තිබුනාද? තිබුනා නම් ප්‍රහාර සඳහා යෙදෙව්වේ නැත්තේ ඇයි ? යන කරුණු එක්කම ලෝක ඉතිහාසයේ මුල් වරට දෙවැනි ලෝක යුද්ධයේදී භාවිතා කිරීමට සුදානම් වූ ජර්මන් න්‍යෂ්ටික ආයුධ ගැනත් අපි ඊළඟ ලිපියෙන් කියවමු.
(ලිපිය ආයෙත් දෙකට කැඩුවා. එපාවෙයි මාගල් කියවන එක කියල හිතලා. ඒකට සමාව භජනය කරන්න.)
"යුධ ආයුධ පිළිබඳ අමාත්‍ය ඇල්බර්ට් ස්පියර්"
ReplyDeleteමේ මනුස්සයාම නේද හිට්ලර්ගේ බංකරයට විෂ වායුවක් යවලා හිට්ලර්ව මරන්න ගියේ ???
අදත් පෝස්ට් එක එළය... ප්‍රශ්න කිරීම් ඉදිරියටය :D
ඇල්බට් ස්පීර් කියන්නේ මම දන්නා විදියට හිට්ලර්ට පක්ෂපාතිව අවසාන මොහොත දක්වා හිටපු කෙනෙක්. එහෙම දෙයක් දන්නවානම් කියන්නකෝ හසිත..
Deleteප්‍රශ්න කිරීම සම්බන්ධව ප්‍රණාමය.. ඒ එක්කම ප්‍රශ්න එනකම් මග බලා ඉමි.
මිනී මරන්න තාක්ශණය පාවිච්චි කරනවටනං එකෙම්ම විරුද්ධයි! :)
ReplyDeleteඅමිල ලිපියක්! :)
වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට ඔය තාක්ෂනේ භාවිතා වෙන්නෙම මරන්නම නේ ....
Deleteස්තුතියි...
දෙවැනි කොටසත් බලලම ඉමු නේද ?
ReplyDeleteඔව්. මේ ලිපියේ ඉතුරු ටික මග එනවා.
Deleteබුක් මාක් කරන්න වටිනව බං.
ReplyDeleteජයෙන් ජය සහෝ..
ස්තුති මචෝ.. වචන ටික ලොකු හයියක්..
Deleteyudda gana ahaddith aga seethala wela yanaw.
ReplyDeleteNiyamai.ilaga ekath damu.jaya wewa!
යුද්ධේ අත්දැකීම් තියනවා වගේ?
Deleteතව ටික දවසකින් දෙන්නම්. ස්තුතියි.
පුදුම විදිහට වටිනවා. බොහෝ පින් සහෝ...
ReplyDeleteස්තුතියි සහෝ.. වචන වලින් දෙන ශක්තිය ගොඩක් වටිනවා.
Deleteඇයි ඔයාව ෆලෝව් කරන්න තැනක් දාන් නැත්තේ...
ReplyDeleteදකුණු පැත්තේ උඩ කෙළවර බලන්න සහෝ. එතන තියනවනේ.. කොළම බලන්නේ කියලා තියෙන්නේ.
Deleteහිතට වදින ලිපි පෙළක්...
ReplyDeleteස්තුතියි දුපත් වැසියා..
Deleteදැන් නම් මට ශුවර් මෙයා නාසියෙක් තමා...:D:D
ReplyDeleteසමන්‍යයෙන් මම යුද්ධ ගැන ලියවෙන ලිපි බලන්න කම්මැළී..ඒවා සම්බන්ධ ෆිල්ම්ස් බලන්නෙත් නැහැ...
ඒත්..මොන හේතුවක් නිසාද මන්ද හිට්ලර් සම්බන්ධ ඕනෑම දෙයක් පුදුම උනන්දුවකින් කියවනව බලනවා....(මාත් නාසියෙක්ද නොදනිමි.)
ඔයාගෙ ලිපි හරීම වැදගත්..හරවත්..ඒ වගේම කියවන්න අමාරුත් නැහැ.....
කියවන්නව අල්ලල නවත්ව ගන්න උපාය මාර්ග යොදල ලස්සනට ලියල තියන විදියට ටිකක් ඊරිසියාව වගේ මොකක්ද මෙව්ව එකක් හිතෙනව......:D:D
අපි එහෙමයි.. කියලා ලියන්නේ.. :D
Deleteමට නම් දෙවැනි ලෝක යුද්ධේ කිව්වොත් ආයේ.. සොරි තමා. පන්නලා බලන්නේ.ගේම්ස් ෆිල්ම්ස් ඔක්කොම. හිට්ලර්ගෙයි මගෙයි එකම උපන්දිනේ. ටිකක් වැඩ උනත් එක වගේ. (ඒ කියන්නේ මමත් චිත්‍ර අඳිනවා)ඔයා හිට්ලර්ගේ නෑයෝ දැයි නොදනිමි. :D
ස්තුතියි ඇගයුමට. දැන් ඉතින් අවුරුද්දක් තිස්සේ ලියනවනේ. පදම් වෙලා. කිරිල්ලිත් ඔය ලියන්නේ නියමෙටම.. (ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියලා පාරේ ත්‍රීවීල් අය්යා කෙනෙක් කිව්වා.)
අති විශිෂ්ඨයි. හොඳින් පරිවර්තනය වී තිබෙනවා. හිට්ලර් යුරෝපයට ගහන්න සුපිරි තුවක්කුවක් හදන්න උත්සාහ කළා. ඒ ගැනත් තොරතුරු සොයා ලියන්න. මෙතනින් බලන්න. http://en.wikipedia.org/wiki/V-3_cannon මගේ පුද්ගලික පුස්තකාලයේ තිබෙනවා දෙවැනි ලෝක යුද සමයේ ජර්මානු රහස්‍ය අවි ව්‍යාපෘති ගැන ලියවුන පොතක්. මේ තිබෙන්නේ එහි පිට කවරය. ඔබේ මේ ලිපි පෙළ දිගටම පවත්වාගෙන යන්න. අප කලයුත්තේ හුදු ජොලිය බෙදනවාට වඩා දැනුම බෙදීමයි.
ReplyDeleteD:\Scanned Documents\img064.jpg
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබතුමා එහෙම කිව්වා කියන්නේ මගේ උත්සාහය එහෙනම් යම්කිසි පමණින් සාර්ථකයි. ඔබතුමා කියූ අවිය මේ ලිපි පෙලේ ඊළඟ කොටසින් එනවා.
Deleteපින්තුරේ නම් පෙන්නේ නෑ විචාරක මහත්තයෝ.. හැකි නම් මම එනවා එක්කෝ පොටෝකොපියක් හරි ගහගෙන යන්න.
ජොලිය මෙන්ම දැනුම එක සේ බෙදන්න මම හැකි හැම විටම උත්සාහ කරනවා. මේ බ්ලොගේ ඒ උත්සාහයයි.
පොතේ පිට කවරයේ ලින්ක් එක හරියට වැදිලා නැහැ. මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://jangun.files.wordpress.com/2012/06/img064.jpg
ස්තුතියි ඔබට. තවමත් මේ පොත ඇමසන් එකේ ගන්න තියනවා. පිටපතක් වෙන්කර ගන්න ඕනේ.
Deleteමෙකා ඔනවටත් වඩා දන්නවානේ.. විශිෂ්ඨයිබං පොස්ට් එක.. (Y)
ReplyDeleteඒකනේ කිව්වේ හිටපු නාසියෙක්ද කොහෙද කියලා ... :D
Deleteස්තුතියි අගය කලාට.
අදත් වැදගත් තොරතුරු ගොඩක් දැන ගත්තා.. ඉතිරියත් ලියමු අයියේ..
ReplyDeleteස්තුතියි දිනේෂ් මල්ලි.. මග එනවා ඉතුරු ටික..
Deleteනියමයි මල්ලි, සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා මේක ලියන්න....! හරිම රසවත්.....!
ReplyDeleteස්තුතියි අය්යේ. (මඩ) සහ වැඩ රාජකාරි මැද්දේ මේ පැත්තට ආවට. ලොකු හයියක් වචන ටිකම,
Deleteහිට්ලර්ගේ ව්‍යාපෘති සමකාලීන ලෝකයට කල විනාශය වගේ ලක්ෂ වාරයක විනාශයක් ඔහුගේ පිරිස් කල නව සොයාගැනීම් නිසා අද සිදුවෙනවා හෙටත් සිදුවේවි.. ඔබේ ලිපිය මම ආසාවෙන් කියවූවා. අපි ලියන සැහැල්ලු කතන්දර වගේ නෙවෙයි මේ ලිපිය ලියන්න තොරතුරු සොයන්න පරිවර්තනය කරන්න ඔබ විශාල මහන්සියක් වෙලා තියෙනවා . ඔබට ස්තුතියි..
ReplyDeleteමුලටම කිව්ව කතාව නම් 100% හරි,
Deleteසැහැල්ලු උනත් ඒ කතා ජීවිතේට පන්නරය කියන දේ ගේනවා. අත්දැකීම් බහුල කෙනෙක් තමන්ගේ අත්දැකීම් කියනවා කියන්නෙත් පොඩි දෙයක් නෙවෙයි අයියේ. මම ඉතින් තැනින් තැනින් එකතු කරපු දැනුම එක තැනකට ගේනවා. ස්තුතියි අයියේ..
සුපිරිය... නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා...මහන්සියට මාගේ ප්‍රණාමය.
ReplyDeleteමගේ ඊලඟ ලිපියත් හිට්ලගේ සුපිරි භාණඩයක් ගැන. මේ දවස්වල ඒ ගැන හීනියට අධ්‍යනය කරමින් ඉන්නෙ.
ස්තුතියි සෙන්නා.. ලිපියක් කුරුන්දට එනකම් බලා ඉන්නේ. එතකොට නතර කරපු කතාව? ඒකෙ දෙවැනි කොටසද?
Deleteදෙවෙනි කොටස දැම්මනේ ක්සැන්ඩර්. ඔයා කියෙව්වෙ නැද්ද ?
Deleteනෑ නේ. ඔය කියනකම් දැක්කේ නෑ. මේ දැන් ගියා එහෙ. කියවලා අවේ.
Deleteවිශිෂ්ඨයි සහෝ... ගොඩක් දේවල් දැනකියාගත්තා. සමහර දේවල් ගැන නම් හිතලාවත් තිබුණෙ නැහැ... ඵල ඵල!
ReplyDeleteඇත්තටම රුසියන් ඇමරිකන් බ්‍රිතාන්‍ය හමුදා වලට ඒ කාලේ හිතාගන්න බැරි දේවල් හිට්ලර්ගේ ජර්මනිය කළා. ඒත් නිසි කළමනාකරණයක් නැති හින්දම ඒ දේවල් වලින් ඔවුන්ට නිසි ඵල නෙලා ගන්න බැරි වුනා. කොහොමද බී ටු බොමර් එක?
Deleteවිශිෂ්ඨ ලිපියක්... බොහොම ස්තුතියි!
ReplyDeleteබොහොම ස්තුතියි හරි.
Deleteපිත්තු හැඩෙනව......
ReplyDeleteපිත්තු පීකුදු වෙනවා ඉස්සරහට..
Deleteපින්තූර ටික නියමයි
ReplyDeleteසෑහෙන්න මහන්සි වෙලා ඇති කරුණු හොයන්න!
තරමක් දුරට මහන්සි වෙන්න වුනා මේ ලිපි පෙළ ලියන්න. තොරතුරු වල විශ්වාසනීය බව වැදගත් නේ. ඒ නිසා ටිකක් වැඩිපුර කියවන්න වුනා. ඒත් ඒ මහන්සියට මේ දකින ප්‍රථිපල හොඳටම ඇති, හද පුරා සන්තෝස වෙන්න.
Deleteස්තුතියි කමෙන්ට් එකට.
නොම්මර එකේ ලිපියක් තව ජර්මන් Night Fighters ගැනැත් ලියන්ඩ .තව දැවැන්ත කාල තුවක්කු ............
ReplyDeleteඒ විස්තර ටික මේකේ ඊළඟ කොටසේ එනවා. විචාරක මහත්තයත් ඔන්න මේ දවස්වල මේ දේවල් ගැන ලියන්නලු ඉන්නේ. ගොඩක් තාක්ෂණික විස්තර අහගන්න පුළුවන් එතනින්.
Deleteහේල් ක්සැන්ඩර්...එළ ඈ...ආසාවෙන් කියෙව්ව අදත්...
ReplyDeleteහේල් තරුවා.. ස්තුතියි ඔන්න..
Deleteලිපිය දෙකට කඩපු එක හොදා. නැත්නම් කියවන්න ගොඩක් වෙලා යනවා !!!
ReplyDeleteඅදත් වටින විස්තරයක් !!
දැන් නම් පාඨකයා බෝරිං වෙයි කියලා ෂුවර්. :) දෙන්නම් ඒකටත් ඊළඟ එකට කලින්,.
Deleteස්තුතියි හැමදාමත් වගේ මේ දිහාවේ ඇවිත් දෙන දිරියට.
ඇත්තටම ක්සැන්ඩර් ඔයාගෙ මේ උත්සාහය පැසසුම්කටයුතුයි.
ReplyDeleteමම කලින් කිව්වා වගේ මේ ඉතිහාසයේ මමත් ආස කරන කොටසක්.
මම තවත් ආසා දෙයක් තමයි මේ යුද්ධය ලංකාවේ ජන ජීවිතයට බලපාපු හැටි කියවන්න...
henryblogwalker the Dude
ස්තුතියි ඩුඩ්, හැමදේටම.
Deleteමම කරන්නේ විසිරුණු පැතිරුණු දේවල් කීපයක් එකතු කරලා මතයක් හදන්න හදන එක. අර විචාරක තුමා කිව්වා වගේ ජෝක් කෑලි විතරක්ම නැතුව ඉඳලා හිටලා හරි වැදගත් දේකුත් දෙන්න ඕනේ. අපි බලමු, ලියන්න බැරිවන එකක් නෑ මේ යන විදියට නම්.
අදයි මේ පැත්තට ආවෙ... බොහොම දුර්ලභ වටිනා තොරතුරැ එකතුවක්.... අධ්‍යාපනික වටිනාකම ගැන සලකලා පොතක් බවට පත් කලොත් නරකද ඉදිරි දිනයක ? ජය සහෝ!
ReplyDeleteස්තුතියි සහෝ. අපි තව ටික දවසකින් බලමු. අඩුමතරමෙන් pdf එකක්වත් විදියට මේ ලිපි ටික දෙන්න.
ReplyDeleteගොඩාක් වටිනා ලිපි පෙළක්. මේ විස්තර ගැන ඇත්තමයි අදයි දැනගත්තේ.
ReplyDeleteස්තුතියි මචෝ!!
Deleteසමාවෙයන් මචං රිප්ලයි දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා. පට්ට බිසී මේ දවස් ටිකේ.
අදමයි මේවා දැනගත්තේ....එළ ඈ....
ReplyDeleteදැන් නම් පොඩ්ඩක් බිසී අඩුවෙලා වගේ? ස්තුතියි මෙහෙත් ආවට.
Deleteක්සැන්ඩර්ගෙ ලිපිය අද දැක්කෙ. මම ගොඩක් පරක්කුවෙල නේ.
ReplyDeleteමම නම් ආයුධවලට යුද්ධවලට ටිකක් අකමැතියි.ඒ වුණාට දෙවැනි ලෝක යුද්දෙ ගැන, ඒ කාලයේ දේශපාලන වටපිටාව ගැන කියවන්න කැමතියි. මෙවැනි ලිපි සම්පාදනය කරන්න සාපේක්‍ෂව වැඩියෙන් මහන්සිවෙන්න වෙනව. කරුණු එකතුකරගන්න, විශ්ලේෂණය කරන්න, ලිපිය ඩ්‍රාෆ්ට් කරන්න, දීර්ඝ ලිපි ටයිප්සෙට් කරන්න ටිකක් මහන්සිවෙන්න වෙනව. කියවන්න බලන්ඉන්න අපි වෙනුවෙන් එහෙම කැපකිරීමක් කරනවට ස්තූතියි.
පරක්කු වුනාට අවුලක් නෑ. ලේට් ඊස් බෙටර් දෑන් නෙවර් කියනවනේ සුද්දෝ.. සාදරයෙන් පිලිගන්නවා.
Deleteඔව්. තරමක මහන්සියක් නම් වෙනවා. ඒත් මේ කියවන්න ඇවිත් යන අය වගේම වචනයක් හරි කියලා යන අය දැක්කාම ඒ මහන්සිය නැති වෙනවා. තව ලියන්න හිතෙනවා එතකොට. ඉතින් ඒ ස්තුතිය ආයෙත් වතාවක් යන්නේ ඔබ හැමෝටමයි. ස්තුතියි.
මමත් ආවා ක්සැන්ඩරයාගේ කොලම බලන්න..මේ පැත්තට එන්න පරක්කු වෙච්ච එක ගැන නම් මමත් දුක් වෙනවා....
ReplyDeleteමේ පැත්තේ බලන්න දේවල් නම් එමටයි..හැබැයි දෙවනි ලෝක යුද්ධය ගැන විතරයි තාම කියෙව්වේ නම්..වටින තොරතුරු ගොඩක් දැන ගත්තා..යානා ගැන දැනගන්න ලැබුණ එකට තමයි ගොඩක් සතුටු..හෙමින් මේ පැත්තට ඇවිත් අනිත් ඒවත් බලන්නම්කෝ....
බොහොම ස්තුතියි ආවට මේ පැත්තේ.. පරක්කු වුනාට අවුලක් නෑ පැමිණීම තමයි වැදගත් වෙන්නේ.
Deleteබොහොම ස්තුතියි අගය කිරීම ගැන. ඒ කමෙන්ට් වගේම මෙහෙට යන එන ඇත්තෝ හින්දා තමයි ටිකක් මහන්සියෙන් හරි මේ පොස්ට් එකතු කරන්නේ. :)
මගෙත් ප්‍රියතම විෂයක් මේ දෙවෙනි ලෝක යුද්ධය සහ හිට්ලර් හැදෑරීම . .
ReplyDeleteනියම ලිපි ටික . . දිගටම ලියන්න
බොහොම ස්තුතියි දුකා අයියේ. තව කොටස් දෙකක් විතර එන්න තියනවා.
Deleteපරක්කු උනත් මන් ලිපි ටික ඔක්කොම එක සැරේ කියවගෙන ආවා එක හුස්මටම මන් මේක කියවන්න නම් එනවා හොදේ..
ReplyDeleteමේකේ තියන සමහර දේවල් මාත් ඉස්සර ලංකාදීප පත්තරේ අතිරේකෙකින් කියවලා තියනවා..
හුගක් අලුත් කරුණු වගයක් ඉගන ගත්තා
හිට්ලර් ගැන කියවලා දැන ගන්න ආසාව ආවේ පොඩි කාලේ කියවපු මුතුහර සගරා තොගයක් නිසා ඒකෙන් පස්සේ ටීවී දෙකේ ගියපු වාර්තා වැඩසටහකින් හුගක් දේවල් ඉගන ගත්තා..මේ කරුණු හුගක් අමතක වෙලා තිබුනේ දැන් නම් වැඩ වැඩි නිසා.. ඉතිරි කොටස් කියවන්න අනිවාර්යෙන්ම එනවා හොදේ..
හුගක් ස්තුතියි යාලු මේ වගේ වැදගත් ලිපි වලින් අපේ දැනුම වැඩි කරනවට.
ජයෙන් ජය..!!!
ඉතිරිය පුළුවන් විදියට ඉක්මනට දාමු හොදේ..:)
බොහොම ස්තුතියි. මම නම් ඉතින් මැරිච්ච නට්සියෙක් නේ. :-) හිට්ලර් කිව්වොත් හරි ලෝක යුද්දේ කිව්වොත් හරි ඉතින් ඉවරයි.
Deleteබොහොම ස්තුතියි. කමෙන්ට් එකට වගේම බ්ලොග් එකට පැව්වට. :-)
අනිත් ලිපිය දෙන්නම් දවස් දෙකකින් විතර. දැනට සම්පුර්ණ කරමින් යන්නේ.
පට්ට වටිනවා..
ReplyDeleteඅදයි කියෙව්වේ...
සිංහල විකීපීඩියා එකට දාන්නකෝ..
අපරාදේනේ
ජයවේවා සහෝ..
සමාවෙන්න රිප්ලයි පරක්කුව ගැන. බොහොම ස්තුතියි කමෙන්ට් එකට. විකිපීඩියා දාන්න නම් අදහසක් දැනට නෑ. ඒත් අපි අනාගතේ බලමු නේද?
Deleteනියමයි හ්ම්ම්..
ReplyDeleteස්තුතියි හිරුහිමාවී
Deleteඅයියා කෝ අලුත් පෝස්ට් එක ???
ReplyDeleteවිදුලිබල මණ්ඩලේ එක්ක තිබ්බ දරුණු ෆයිට් එකකින් පස්සේ ඔන්න තව ටිකකින් දානවා. ස්තුතියි මල්ලි.
Deleteපලවෙනි එකට කොමෙන්ට් කරන්න අමතක උනා. සුපිරියට යනවා. මම මේ ඉතිරියත් කියවමින්
ReplyDeleteඑල එල.. කියවන යන්න... :)
Delete