Wednesday, March 18, 2015

ජායාරුපකරණය 6 :: පසු සැකසුම් කළාව.


ගොඩක් දවසකින්. කොළමේ නම මාරු කරන්න හිතිලා තියෙන්නේ මටත් දැන්. ක්සැන්ඩරයාගේ යල මහ කොලම කියල දැම්මනං හොඳයි නේද? මොනවා කරන්නද, රාජකාරි බහුල නිසා වැඩිම කාලයක් යොදවන්නේ ඒ වැඩට.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසු සැකසුම් ශිල්පය ගැන පොඩි දේවල් ටිකක්. ඉතිං මොකද්ද මේ පසු සැකසුම කියන්නේ? පසු සැකසුම එහෙමත් නැතිනම් පොස්ට් ප්‍රොසෙසින් විදියට හඳුන්වන කළාව ජායාරුපකරණයට ගසට පොත්තක් සේ බැඳී තිබෙන කලාවක් නැතිනම් කාර්යයන් ගණනාවක එකතුවක්. මේ කළාව ජායාරුපයකට කැමරාවෙන් පමණක් කල නොහැකි එනමුත් එයට අවශ්‍ය, තවත් අගයක් එකතුවන, යම් වෙනස්කම්, අඩුපාඩු මගහැරවීම් වැනි බොහෝ දෑ සිදු කරන පරාසයක ගමන් කරනවා.


මුල්ම කාලයේ දී සේයා පටල මගින් ජායාරුප ගන්නා කාලයේ දී අඳුරු කාමරයක සිට සිදු කල මේ පසු සැකසුම් කළාව  අද වන විට ඩිජිටල් තාක්ෂණය හරහා  ඩිජිටල් සේයාරූ ගැනීමත් සමගින්ම පරිඝණකය වෙත ලඟා විට තිබෙනවා. ඒ අනුව පරිඝණක උපාංග මෙන්ම මෘදුකාංග ද මේ කළාව වෙනුවෙන් අද වන විට සැකසී තියනවා.


ඇඩෝබි සමාගම තමයි වෙළඳපල දැනට සිටින ඩිජිටල් ඩාක් රූම් හෙවත් ඩිජිටල් අඳුරු කාමර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන්නේ. ඩිජිටල් අඳුරු කාමරයක් යනු තවත් එක (හෝ කිහිපයක් වූ) පරිඝණක මෘදුකාංගයක් (හෝ කීපයක්) වන අතර ඒ මෘදුකාංගයන් හරහා ඔබට සැබෑ ලොවේ දී අඳුරු කාමරයක පටල සේදීමේ සිට සේයාරූ මුද්‍රණය දක්වා සිදු කල සියලු කාර්යයන් සහ තවත් බොහෝ දෑ සිදුකීරීමට අවස්ථාව සලසා දෙනවා. ඔවුන් විසින් නිර්මිත ඇඩෝබි ෆොටෝෂොප් සහ ඇඩෝබ් ලයිට්රුම් මේ මෘදුකාංග අතරින් ලොව ප්‍රධාන වෙනවා. මේ මෘදුකාංග දෙක හරහා ම සේයාරූ වල පසු සැකසුම් කල හැකි අතර ඇඩෝබි සමාගමේ කැමරා රෝ නම් මෘදුකාංගය (ෆොටෝෂොප් සමගින් භාවිතා කල හැකි) මගින් බොහොමයක් ලයිට්රුම් සෙටින්ග්ස් භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. මේ මෘදුකාංග දෙක දෙකක් ලෙසටත් (වෙන වෙනමමත්) එකක් ලෙසටත් (එක මෘදුකාංගයක සිට අනිකට මාරු වෙමින්) භාවිතා කල හැකි ලෙස නිමවා ඇති අතර බොහෝමයක් දෙනා ඒ මෘදුකාංග දෙක වෙන වෙනම භාවිතා කරනවා. මෙම මෘදුකාංග හරහා සේයාරූ වල තීව්‍රතාව, දෝෂ නිරාකරණය, වර්ණ ගැලපුම්, ආලෝක පාලනය, රාමු සැකසීම වෙබ් ගත කිරීමේ පහසුකම් වැනි සැකසුම් රාශියක් භාවිතා කිරීමට ඒවා කරන්නා වෙත ලබා දී තිබෙනවා.

Adobe Lightroom මෘදුකාංගය

Adobe Photoshop මෘදුකාංගය


ඊට අමතරව බොහොමයක් වෘත්තිමය ජායාරුප ශිල්පීන් මේ මෘදුකාංග සමගින් ප්ලගින්ස්, එහෙමත් නැතිනම් මේ මෘදුකාංග සමගින් එක්ව භාවිතා කල යුතු/හැකි වෙනත් මෘදුකාංග ද සේයාරූ පසු සැකසුම් සඳහා භාවිතා කරනවා. ඒ අතරින් ගූගල් සමාගම විසින් නිර්මිත නික් ටුල්ස් නම් මෘදුකාංග කට්ටලය ප්‍රධාන තැනක් ගන්නවා. තවද ටොපෑස් මෘදුකාංග කට්ටලය, මැක්ෆුන් කට්ටලය යනාදී මෘදුකාංග මේ කර්තව්‍යය සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. මේවා බොහෝවිට විශේෂිත යෙදවුම් සඳහා භාවිතා කරනු ලබනවා.


ඩිජිටල් ඩාර්ක් රූම් එකක් බොහෝවිටම එක පරිඝණකයක් ප්‍රින්ටරයක් සමගින් සෑදී ඇති අතර මේ සඳහා ද විශේෂිත උපකරණ සහිත තිර කීපයක් ඇති වැනි විශේෂිත පරිඝණක භාවිතා කරන අවස්ථා ද දකින්නට පුළුවන්. මේ පරිඝණක සඳහා වෘත්තිමය ජායාරුප ශිල්පීන් ඇපල් පරිඝණක වෙත ඉතා කැමැත්තක් දක්වන අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අය ද මේ අතර නැතිවා ම නොවේ.


හොඳයි, එහෙනම් දැනට තවත් පින්තුර ටිකක් ගන්නකම් මම අදට සමුගන්නවා. නැවතත් ලයිට්රුම් ගැන ලිපි පෙළක් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුව. එහෙනම් ආයුබෝවන්.

මෙන්න ඔබට දෝහා නගරය සැන්දෑ කලට දිස්වන අයුරු පෙන්වන මගේ තවත් සේයාරුවක්. මේ සේයාරුව ගත්තේ දෝහා වල තුන්වන උසම කුළුනේ නැගෙනහිර අන්තයේ සිට. මේ සඳහා විශේෂ ස්තුතිය මගේ පාසල් මිත්‍රයා ඉම්රාන් ඛාන් වෙත තිලිණ කරන්න කැමතියි,.


කැමති අය මෙතනින් එකතුවෙන්න මගේ සේයාරූ පිටුව එක්ක.

දෝහා නගරය, 2014 දෙසැම්බර් 20 වැනි දින සවස දිස්වූ අයුරු.

14 comments:

  1. බුදු අම්මෝ..............................අම්මම්මෝ.........................මගේ බ්ලොග් ලිස්ට් එකේ තියන හින්දා හොඳයි. නැත්තං කොහොමද මේක දකින්නේ. කම්මැලියා කම්මැලියා, බොරුවට නිදහසට කාරනා කියන්න එපා.

    මම යාළුවෙකුගෙන් ඉල්ලගෙන ෆොටෝෂොප් CS 6, CC, Lightroom 4 කියන දේවල් මගේ පරිගණකයේ දාගත්ත. නමුත් හරිම කනගාටුයි කියන්න මට තනිව කරන්න පුළුවන් බොහොම සීමිත දේවල් පමණයි. බොහෝ දේවල් මතකයේ තියාගන්න බැහැ. මගේ වයස නිසා වෙන්නැති. මට ලොකු දුකක් ඇතිවුනා අනේ මේවා ටිකක් ජවසම්පන්න කාලේදී ඉගෙනගන්න තිබුනානම් කියලා.

    ReplyDelete
    Replies
    1. ඕව කඩාල්ලලම තමයි ඉගෙන ගන්න ඕන විචා.

      Delete
    2. මම වෘත්තීය ග්‍රැෆික් කරුවෙක්..විචාරක තුමා ඉල්ලන්න උදව්වක් අවශ්‍ය උනාම...

      Delete
    3. නිදහසට කාරනා නැත තුමනි..

      ඔබතුමා ඔහොම කිව්වට Joe Buissink කියන ශිල්පියාට දැනට වයස 60ක් වෙනවා. හොලිවුඩ් වල බොහොමයක් දෙනා විවාහ ජායාරුප ගන්න තෝරාගන්නේ ඔහුව. ඉතිං ඔය වයස වයසක් ද? ටිකක් බලන්න යූ ටියුබ් එකේ සහ www.joebuissink.com එකේ. ඔහු ක්ෂේත්‍රයට එද්දී වයස 40ක් කියල ඔහුම කියනවා..

      Delete
  2. බොහොම පිං. ඉක්මනට ඉතුරු ටික දාමු එහෙනං ඈ.....

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනට ලියන්න උත්සාහ කරනවා. මොකද මේ වසන්තය හැමදාම නෑ. වැඩ එන්න ගත්තම ඉවරයක් නෑ.. :)

      Delete
  3. හම්බෝ මාර වැඩේ ඕයි.. කැමරා කේස් එකක් දැකක් නිසා උඹේ නමවත් බැලුනේ නැහැ බං.. හැක්... ජය වේවා. නිතර වරෙං

    ReplyDelete
    Replies
    1. නිතර එන්න හිතාගන හිටියට ලොක්ක හිතන්නේ වෙන එකක් මයේ හිතේ.. :) බොහොම ස්තුතියි දේශා..

      Delete
  4. තමුන්ම නම මාරු කරන්න හිතු එකේ අපි මොනවා කියන්නද ?

    ReplyDelete
  5. හැක්.. නියමයි. නම මාරු කරන්න ඕන නෑ නිතර ලිව්වනං.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.. :D නම මාරු කරන්න හිතෙන්නේ ලියන්න වෙලාව දකිනකොට.. :)

      Delete
  6. ෆොටෝ එක නියමෙට තියනවා ගොයියො...වෙලාවක මේ වගේ බර්ජ් කලීෆා වල ෆොටෝ එකක් අරගෙන දාන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා. බර්ජ් කලීෆා තියෙන්නේ ඩුබායි වල නිසා ඉතිං ඒ ගැන තවම හිතනවා විතරයි. ඩුබායි වලට අඩියක් හරි තිබ්බොත් අනිවා ගන්න එක නං ගන්නවා ෆොටෝ ටිකක් මොන කට්ට හරි කාලා. එතකං බලන්න Daniel Cheong ගේ සේයාරූ.. හරිම අපුරුයි.

      Delete