Wednesday, July 13, 2011

කටාරා ...

ගල් තොප්පියේ සුදට
බූට් වල කළු පාට
පේන්නෑ
දුවිල්ල....
ගන සැරේ එකපාර
පායනා ගිනි අව්ව
පාට ගිය
නිල් පාට
සුදු කරලා.......  
වැලි කතර
ගිනියම්ය
එත් නුබ හදනවා
පාරවල්.......
ද බින්දු වගුරමින්
උන්ට
සැප වාහනෙන්
යන්න...
හෙට දවස හීනයෙන්
පුතුගේ රුව
හිත දරන් ගෙදර
යන්න එන දවස
ඇගිලි
මදි
ගනින්නට.........

8 comments:

  1. කොයි රටේ උනත් ඔහොම දාහිය වගුරවන අය හන්දා තමයි අපි මේ වගේ ලස්සන පාරවල් වල යන්නේ. ලස්සන ගොඩනැගිලි දකින්නේ. මේ කවිය කියවපු හැටියේ මට ටී එම් ජයරත්න මහත්තයාගේ ගීයක් මතක් උනා.

    "පොලොව කොටන තැන පාර හදන තැන
    ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ ....."

    ප.ලි. - ක්සැන්ඩර් කියන්නේ අලුත් බ්ලොග් ලියන්නෙක්ද ? ඔන්න එහෙනම් මාත් කියවන්න සෙට් උනා. ෆලෝ පාරක් දාලම යන්නම්. ආයෙම මේ පැත්තේ එන්නම්කෝ !!!!

    ReplyDelete
  2. ඔයා හරි මදුරංග. මට ඒ වෙලාවේ ටී. එම්. ව මතක් උනා ඔය විදියටම. ඔව් මම අලුතෙන් බ්ලොග් ලියන්න පටන්ගත්තේ... බොහොම ස්තුති අවට වගේම කොමෙන්ට්ස් වලටත්

    ReplyDelete
  3. හැම දේම හදන්නේ පුංචි මිනිස්සු ඒ වගේම පාලනේ කරන හොර ගෙඩියන් එතෙන්ට ගෙනියන්නෙත් ඒ ගොල්ලමයි..

    ReplyDelete
  4. @ සරත් ලංකාප්‍රිය අය්ය : මිටි තැනින් නේ කවදත් වතුර බහින්නේ නේද?

    ReplyDelete
  5. මාත් මේ පැත්තෙ ඇවිල්ල ගියෝ....

    ReplyDelete
  6. ඔන්න අපිත් මේ පැත්තේ ආවෝ... දිගටම ලියන්න ජය...

    ReplyDelete
  7. ඔබ්සවර් අය්ය.. ගොඩක් ස්තුති ඇවිත් ගියාට.

    ReplyDelete
  8. ප්‍රර්ථනා... බොහොම ස්තුති....

    ReplyDelete