Showing posts with label forign employees. Show all posts
Showing posts with label forign employees. Show all posts

Wednesday, July 13, 2011

කටාරා ...

ගල් තොප්පියේ සුදට
බූට් වල කළු පාට
පේන්නෑ
දුවිල්ල....
ගන සැරේ එකපාර
පායනා ගිනි අව්ව
පාට ගිය
නිල් පාට
සුදු කරලා.......  
වැලි කතර
ගිනියම්ය
එත් නුබ හදනවා
පාරවල්.......
ද බින්දු වගුරමින්
උන්ට
සැප වාහනෙන්
යන්න...
හෙට දවස හීනයෙන්
පුතුගේ රුව
හිත දරන් ගෙදර
යන්න එන දවස
ඇගිලි
මදි
ගනින්නට.........

Thursday, July 7, 2011

කටාරයේ සිට කොළ කැද බීවෙමි


 ලංකාවේ ඉදන් අවට පස්සේ මේ අව්වේ කර වෙද්දී කොළ කැද ටිකක් කටට වැටෙනවා කියන්නෙත් අර අමා වතුරද මොකද්ද ටිකක් කටේ තොලේ ගැඋනා වාගේ තමා. ඉතින් අද ඒ වාසනාව උදා උනා අපේ එක සහෝදරියකට පින් සිද්ද වෙන්න. හ්ම්ම්.. මගේ කෙල්ලත් දැන් ඉතින් මට කොළ කැද හදල දෙනවා නම්... කොහෙද ඉතින් එහෙම දෙයක් වෙන්න නම් ලංකාවේ ඉන්න එපායෑ...

රුපියල් සත එකතු කරන ලෝකෙක ඉගෙන මේ වගේ දේවල් කල්පනා කරන එකත් ඇත්තට විහිළුවක් වෙලාවකට. මුචා ගේ බ්ලොග් එකේ කිව්වා වගේ හෙම දේවල්ම වෙන්නේ සල්ලි මත. ගෙදර ගියාම බත ඉදෙන තැන  ඉදලම ගෙදර ගෑනි එක්ක රෑ නිදි වදින්නත් මේ සල්ලි කියන දේ ඕන වෙනවා. මුචාගේ බසවෙන්ම කිව්වොත් ගෑනි බර බරයක් නැතුව ඉන්න සල්ලි හේතුවක්ම වෙනවා.

සමාවෙන්න මගේ බසව ගැන නමුත් සිංහල බසව කතා කරනකොට මේවගේ දේවල් කියන්නේ සාමාන්‍ය දේවල්. අද දවසේ ඉන්න සිංහල උගත්තු මේකට මොනවා කිව්වත් මේ තමා අපේ බාසාව. හරි ඉතින් සල්ලි කියන්නේ අද අපේ අගේ ලේ නහර වල දුවන දෙයක් බවට පත්වෙලා තියන එකක්. සල්ලි නිසා නෙවේ නම් අද මම මේ කාන්තාරෙක ඉදගෙන කොළ කැද ගෙන කතාවක් කියයි යෑ... සල්ලි අද දෙය්යන්ගේ මල්ලි වෙලා. එක නැති එකට දෙය්යන්ගේම පිහිට තමා ලැබෙන්නේ. ලංකාවට ගියපු වෙලාවේ සල්ලි වල තියන බලේ මට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් උනේ මගේ pocket එක හිස් වේගන යන හැටි දැනිල. අපිටනම් ඇත්තට අඩුම ගානේ ටිකක් හරි පුළුවන් ඔරොත්තු දෙන්න නමුත් මට දුක ලංකාවේ ඉන්න අහිංසක එවුන් ගැන. එදා වෙලා කන්න නැතුව දුක් විදින හැටි බලන්න දුක හිතෙනවා.

රට යුද්දෙට පස්සේ නම් ගොඩක් ලස්සනට හැදිලා තියනවා. කොලඹ ලස්සන කියල වැඩක් නෑ. ඒ අතරේ හැබැයි පොඩි අඩුවකුත් තිබ්බ චෙච්ක් පොඉන්ට් වල නම් හෙ හෙ හෙහ්... ඒ උනාට රටේ අර්ථිකේ නම් අනිත් පැත්තට යන බවක් තමා පේන්න තියෙන්නේ. අනේ ඉතින් එකත් හරි යනවනම් අපිටත් කොළ කැද ටිකක් බොන්න ලංකාවට යන්න තිබ්බා නේද?