මනුස්ස සතාට වඩා තිරිසන් සත කොච්චර හිත හොදද කියල මත හිතුනේ මේ ලිපිය අයෙමත් දැක්කට පස්සේ. වදුරෙක් තමන්ට කන්න දීපු රියදුරු මහත්තයෙක් හොයාගෙන ලංකාව වටේම ඇවිද්ද කතාව මම මුලටම කියෙව්වේ මම හිතන්නේ රිවිර පත්තරෙන් කියල. අද ලංකාදීප පත්තරේ තිබුන ඒ කතාවම. මේ පාර මේ වදුරු ලොක්ක මහියංගනේ ගිහින්. කලින් සැරේ කල්මුනේ ඉදල අම්පාරට අවෙත් මෙයාම තමා.
මේ වදුරු ලොක්ක උදේම කල්මුනේ ඉදල අම්පාරට එන බස් එකක එල්ලිලා අම්පාරට එනවලු. ඒ එන අතර මගදී රියදුරු මහත්තයාගේ මුණ බලන්නත් අමතක කරන්නේ නෑ ලු. මොකද මෙයා තමන්ගේ යාළු රියදුරු මහත්තය හොයනවලු. මගින් එන වෙන බස් දැක්කම පාරේ තියන අත්තකට පැනල ඒ බස් එකට ගොඩවෙනවලු. එකෙත් අර විදියටම රියදුරු ආසනේ ලගට ගිහින් එබිලා බලන්න මෙයා අමතක කරන්නේ නෑ.
කල්මුනේ හිටපු එක මුස්ලිම් රියදුරු මහත්තයෙක් මේ වදුරු ලොක්ක පුංචි දවස් වල ඉදල කන්න බොන්න දීල තමන් එක්ක වාහනේ එක්ක යන්න පුරුදු කරගෙන තියනවා. මේ රියදුරු මහත්තය දවසක් හදවත් රෝගය හැදිලා මගදීම අන්තරා වෙලා කියල තමා ආරංචිය. ඉතින් වදුරු ලොක්ක මේක දන්නා එකක් ය? එය ඉතින් තාමත් තමන්ගේ යාළුවා කොහෙහරි බස් එක්ක ඇති කියල රට වටේ හොයනවා.
පුදුමය නේද වෙලාවකට? සමහර මිනිස් යාලුවන්ට වඩා මේ සතා ලග තියන උතුම් ගති වලට?
මෙන්න කියවන්නකෝ කතාව
http://www.lankadeepa.lk/2011/07/10/front_news/04.htm
ඕක මට මතක හැටියට අටපට්ටමේත් ගියා, දැන් ඉන්න මිනිස්සුන්ට වඩා කළගුණ සත්තුන්ගේ තියනවා ........
ReplyDeleteමමත් ඇත්තටම මිනිස්සුන්ට (බහුතරයකට) වඩා සත්තුන්ට කැමතියි... මොකද උන්ට මුල අමතකවෙන්නේ නෑ...
ReplyDeleteහරියටම අර හචිකෝ වගේ. බැලුවද ෆිල්ම් එක ? එක ඇත්ත කතාවක් ස්වාමියා මලට පස්සෙත් ඔහු එනකන් දුම්රිය ස්ථානයට හැමදාම ගිය බල්ලෙක් ගැන. එයා මරුනෙත් එහෙම බලන් ඉඳල.. එයාගේ පිළිරුව ශිබුය දුම්රිය ස්ථානයේ එළියේ අඹලා තියෙනවා..
ReplyDelete@ ලංකාප්‍රිය අය්යා: හචිකෝට ප්‍රතිමා ඇඹූවට අය්යේ මේ අහිංසක වදුරා මල දාට දානයක් දෙන්නවත් එකෙක් නැතිවේවි.
ReplyDelete@ කිඩෝ : ඇත්ත කතාව.. ගොඩක් වෙලාවට සත්තු හොඳයි.
@ පන්සල් හංදිය : බලාගෙන ගියාම මිනිස්සුන්ට සත්තුන්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා නේද?
මම හිතන්නේ පෙර ආත්ම භවයක මේ දෙන්නාගේ මොකක් නමුත් හිතවත් කමක් තියෙන්න ඇති. ඔය සරත් අයියා කියනවා වගේ හචිකෝ කතාවත් ඔහොම්මමයි
ReplyDeleteඅනේ පව්.. :( ගොඩාක් වේලාවට මිනිසුන්ට වඩා තිරිසනුන් ළග කෙලෙහි ගුණයක් තියනවා.. ලින්ක් එකේ තියෙන අකුරු නම් කියවන්න බැරියෝ.. :D
ReplyDelete