Sunday, September 11, 2011

ලංකාව හා බංකොලොත් ටෙලි නාට්‍ය කලාව සහ සබැඳි අතුරු කතා..


ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ටෙලිවලින් බාගයක් රබර් නැත්තන් ඉලාස්ටික් කතා... දැන් ඒවාට කියන්නේ මෙගා. පිස්සු හැදෙනවා. ඉතින් මෙව්වා ඉලාස්ටික් රබර් වෙන්න කතාව ඇතුලට අර කියන එව්වා දානවා ප්‍රධාන චරිතේ උස්සන්න කප්පම් ඉල්ලන්න වගේ සීන් එක්ක..

සමහර ටෙලිනාට්‍ය උපරිම ඉන්දියානු කොපි කියන එක බැලු බැල්මටම පෙන්න තියන කාරණයක්. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ කියනවා වගේ කාලකන්නි ගෑනු හත්දෙනෙක් සතියට ඉන්නවා.. ඒ කතාව නම් සහතිකයි. ඇයි ඉතින් හැමදාම යන්නේ ජීවිතේ තියන හැම කරදරයක්ම විඳින ගෑනියක්ගේ කතාවක් නේ. මෙව්වගේ පෙන්නන දේවල් අපේ දරුවෝ ග්‍රහණය කරනවා ඉතාමත් ඉක්මනට. ඒවගේම තමයි සමහර ගෙවල්වල ඔන්න කට්ටිය දුවනවා ප්‍රවීණ බලන්න, ඊටපස්සේ තව කෙහෙම්මලක් ඊටත් පස්සේ තව එකක් විදියට.. මේකේ ලීඩ් එක ගන්නේ ගෙදර අම්මා. මම දන්නා ගෙදරක් තියනව, එයාලට ඔය ටෙලිනාට්‍ය යන වෙලාවට ට්ව් එකයි සලේ ඉඳන් ඉන්න පුටුයි තියල මුළු ගෙදරම අරන්ගියත් ගානක් නෑ.

ට්ව් එකේ තව සීන් එකක් තමයි ඔය වැඩියෙන් හිට්ස් තියන ටෙලියක් යන වෙලාවට ඔන්න ඇඩ් දානවා හිටු කියල මැදට. අනේ දෙය්යනේ කතාව බලන්න වෙන්නේ කොලේකුත් තියාගෙන. ඇයි අර මගින් නවත්තල ඇඩ් එහෙම දාල අයෙ පටන්ගත්තාම නවත්තපු තැන මතක්වෙන්න සීන් එක ලියල තියාගන්න.

මේකේ තියන කනගාටුම දේ එක නෙවෙයි. දැන් රූපවහිනි වල යන්නේ මෙගා ස්ටාර් සිඟින් ස්ටාර් වගේ රියලිටි. අර ඉස්සර වගේ කාලෙයි අරන්ගම් පොන්මාලෙයි පොලොන්දු, මනෝහාරී චාර්ට් ෂෝ වගේ ඒවා අද නෑ. ඒවගේම රූපවාහිනියෙ කාලයක් විකාශය උන ඩිස්කවරි චැනල් එක වගේ දේවල් වලින් වෙච්ච මෙහෙය ඉතාම අපුරුයි. ඒවගේ දේවල් අද සිද්ද වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටනම් මහා ම මහා ප්‍රහේලිකාවක්. ඔයාලට මතකනම් ආර්ථික විද්‍යාව ලස්සනට කාටුන් වලින් උගන්නපු ගණු දෙනු කියන වැඩසටහන කොයිතරම් ලස්සනට ආකර්ශනීය විදියට ඒ දේ කරාද? අටපට්ටම විතරයි අද දරුවන්ට බලන්න තියන එකම දේ. ඉස්සර පොඩ්ඩන්ට රසාර, දොස්තර හොඳ හිත, පිස්සු පුසා වගේ කාටුන් ගියා. ඒවා රසාස්වාදනය මොට කරන දේවල් නෙවෙයි. පුංචි ඇත්පැටවා වගේ සිනමා, සුරඟන කතා කරලිය වගේ වැඩසටහන් දරුවන්ට තිබ්බ දේවල්.  අද දරුවන්ට රූපවාහිනිය කියන්නේ බාල කඩචෝරු විකුණන පිස්සන් කොටුවක් වෙලා හමාරයි.. ඉගනගන්න දරුවන්ට දෙයක් දෙන්න සල්ලි වියදම් කරනවට වඩා මිනිස්සුන්ව විකුනන්න මාර්කට් හදන තැනක් බවට මේ නාලිකා අද පත්වෙලා. දේශපාලන වට්ටෝරුවේ තවත් එක උපාංගයක් බවට පත්වෙලා.

මට අන්තිමට හිතෙන්නේ මෙහෙමයි. මමනම් මගේ එකෙක්ව ට්ව් එකට හුරු කරන්නේ නැතුව ඊටවඩා අන්තර්ජාලයට යන්න යොමු කරනවා. ඒක දාහෙන් සම්පතයි. දැන් ඔයාල හිතාවි මේ  මොන පිස්සු කතාවක්ද කියල... නෑ...... ටෙලි නිලියෝ ගණිකාවෝ වෙච්ච රටක ළමය ඉන්ටර්නෙට් එකට යද්දී එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ඕනේ කරන එකම දේ කොම්පියුටරේ සාලෙන් හරි නිතර පේන තැනකින් හරි තියන ඒක විතරයි. අනික මම ඇත්තම කිව්වොත් කව්රු කොහොම වැට බැන්දත් නියම වයසට ආවම ළමයි කුතුහලේට කොහොමත් ඔය නිල් දේවල් බලන එක කාටවත් නවත්තන්න වෙන්නේ නෑ. 

8 comments:

  1. අටපට්ටමෙත් දැන් ගන්න දෙයක් නෑ. ෆන් වීඩියෝ ටිකක් අන්තර්ජාලයෙන් හරි වෙනත් විදේශීය නාලිකාවකින් හරි අරගෙන දිගට හරහට දානවා. වැඩසටහන එක තැන පල් වෙනවා.

    ReplyDelete
  2. ඇයි අර ඉස්සර ගියේ කලා හරබ කියලා පොඩ් විනාඩ් 5 විතර වැඩසටහනක් ඒවා එහෙමත් දැන් යන්නේ නැහැ නේ..

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ ඒ ගැනනං. තව අවුරුදු ගානකින් පස්සෙ ලංකාවෙ මිනිස්සුන්ට මොනවා වෙලා තියෙයිද දන්නෙ නෑ

    ReplyDelete
  4. අපේ ළමයි උපදින්නේ අන්තර්ජාලය ටැප් එකෙන් වතුර එනවා වගේ සාමාන්‍ය දෙයක් ලෙස හැඳිනගෙන . උන්ව එකෙන් වෙන් කරන්න හදන එක හරියට නාන්නේ නැතුව ඉන්න කියනව වගේ . වතුර නියම රස්නෙන් නාන්න මග පෙන්වනවා මිසක ටැප් එක වහන එක ප්‍රායෝගික නැහැ . අන්තර්ජාලය ළමයින්ට දෙන්න ඕන . හැබැයි ඒකෙ නරක පැත්ත ගැන අවබෝදයක් එක්ක .

    ReplyDelete
  5. @ විසිතුරු :
    ඔව් ඔව් .. එත් අඩුමගානේ එහෙමවත් යනවා. ඒකත් මේ තියන පිස්සුවල හැටියට ලොකු දෙයක් නේද? හැබැයි ඉතින් අර පහුගිය කාලේ මයිටවෙක්ද මොකෙක්ද පෙන්නුව එකේදී මම දැක්ක එකේදී කරපු දැනුවත්කිරීම හරිම මන්දගාමී එකක් බව.. ඒ සත ගැන ඔයිටවඩා දෙයක් දෙන්න තිබ්බ ඒ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට.

    @ චම්ම:
    මමත් අසාවෙන් බලපු හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඒක. තව මතකද ඔය මොඩල් එකේම එකක් ගිය පොඩ්ඩන්ට දෙක්කිරුක්කන කියන ජපන් ඒක? ගොන්ටයි නොපොයි ඉන්නේ ?
    මෙන්න එකට ලින්ක් එක http://www.youtube.com/watch?v=Q6F8SfibLCc මතක්වෙයිද කියල බලන්න

    @ බ්ලොග් ගඩොල් :
    මොනව වෙන්නද සහෝ.. අපේ උන් මොට්ට වේවි මොකද මතකයට වගේම තීරණ ගන්න, සමාජයේ ජීවත් වෙන්න අපේ උන්ට හරියට පුරුද්දක් නැතුව යාවි.. අන්තිමට පවුල් අවුල් වල ඉඳල හැමදේම එකම වහලක් යටට ඒවි

    @ බින්දී
    කතාව නම් හරියට හරි සහෝදරි... ඔයාගේ වෙලාවට මට මසුරන් හොයන්න විදියක් නෑ නේ. සැටිපිකට් ඇත්ත..

    ReplyDelete
  6. අර කිව්වත් වගේ දැන් ටීවී එකක් දැම්මම බලන්න තියෙන බොලඳ ප්‍රේම කතා ගොඩක්. මට නම් එපා වෙලා තියෙන්නේ. අර කතාවක් තියෙන්නේ මීදුමක නමක් තියෙන අන්න ඒකේ කොල්ලව මතක් වෙනකොට බනින්නමයි හිතෙන්නේ.ඇයි දෙයියනේ ඒ කොල්ලට පිරිමි කමක් නැද්ද අච්චර කෙල්ලගේ තාත්තගේ කෙනෙහිලි කම් මැද්දේ කෙල්ල වෙනුවෙන් දුක් විඳින්න.

    ReplyDelete
  7. ඔව්ව මහා සින්තටික් කතා මල්ලි. ඔහොම උන් ඉන්නවා කියල මමනම් හීනෙන්වත් හිතන්නේ නෑ. කොහෙද ඉතින් මෙව්වගෙ තියන එව්වා ගැන කතා කරන්න කවුරුවත් නෑ නේ අද ලංකාවේ. මතකද ඔෂින්? කොච්චර ලස්සන කතාවක්ද එක? බෝඩිම? අදටත් බලල හිනාවෙන්න පුළුවන්. සබද පබිලිස්? ඔන්න එදා මෙදා තිබ්බ මගේ හිත ගියපු නාට්ටි... ඉස්සර රූපවාහිනිය හෙන වැදගත් එව්වා විතරයි කරේ. දැන් එකත් ටික ටික වාණිජ කරණය වෙලා.

    ReplyDelete
  8. දේශපාලනීකරණය හින්ද ආංඩුවේ නාලිකා කොටුද.. සල්ලි හම්බකරන කෙටි ක්‍රමය නිසා පුද්ගලික නාලිකා වලට කෙල වෙලා. අන්තිමට ඔක්කොම විහිලු තහළු තමයි..

    ReplyDelete