Monday, September 12, 2011

අතීත මතකයක්,..


මේ ඇවිත් 2006 අවුරුද්දේදී වෙච්ච කතාවක්. මම ලංකාවේ නම් දරාපු එක පරිගණක ආයතනයක උගන්නනවා මේ කියන කාලේ වෙනකොට. 2005 ඉඳල 2006 අන්තිම ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ වෙනකම් මම මේ ආයතනයේ ඉගැන්නුවා. මෙතන මට කවදාවත් අමතක නොවෙන තැනක්. ඒ වගේම කතා ගොඩක්...

ඔන්න ඔය කියන දවස්වල මට වයස 21 විතර ඇති. මම එහෙ පන්ති කීපයක්ම කරා.. පොඩිම පොඩ්ඩන්ට උගන්නන එක ඉඳලම ඉහ නිකට පැහිච්ච මගේ ගුරුවරුන්ගේ වයසේම තවත් ගුරුවරුන්ට මම උගැන්නුව එහෙදි. ඔයාල ගුරුවරු නම් දන්නවා ඇති පරිගණක ආශ්‍රිත ඉගෙනුම (CAL) කියල එකක් අධ්‍යාපන අමත්‍යන්සයෙන් කරා. ද්විතික අධ්‍යාපනය නව්‍යකරණ ව්‍යාපෘතිය (සෙම්ප්) කියල එකක් යටතේ. ඕකෙදි දිස්ත්‍රික්කයේ තියන ඉස්කෝල වල ඉන්න ගුරුවරු ලගම තියන පුහුණු මධ්‍යස්ථාන වලට යවනවා දවස් 18 ක් පුහුණුවෙන්න. මේකේ විෂයන්ට තියෙන්නේ වර්ඩ්, එක්සෙල්, පවර් පොයින්ට්, ඇක්සෙස්, හාඩ්වෙයාර් සොෆ්ට්වෙයා, නෙට්ව්ර්කින්ග් ඉන්ටෙර්නෙට් ඊමේල් එක්ක තව පොඩි පොඩි දේවල් ටිකක්. පොත්ම 7 ක් තියනවා උගන්නන්න. දවස්  18 න්  උගන්නන්න හම්බවෙන්නේ දවස් 16. ඉතුරු දෙකේදී එයාල තමන් ඉගනගත්ත දෙයින් මොනාහරි විෂයානුබද්ධ ක්‍රියාකාරකමක් කරලා පෙන්නන්න ඕනේ. ඕක ඉතින් පවර් පොයින්ට් තමා..
ඔන්න ඉතින් කතාවේ පසුබිම විස්තර කරානේ.. ඉතින් අපි කතාවට බහිමුකො.. ඔන්න ඉතින් 2006 අවුරුද්දේ මම මගේ දෙවැනි කැල් බැච් එකත් ඔන්න අවා. බොහොම වයසක් තියන ගුරුවරු වගේම තරුණ ගුරුවරු ගුරුවරියොත් ඒ අතරේ හිටියා. ඕනෙම පන්තියක් මට එකයි. එකට අපේ ආයතනේ ලොක්ක ආවත් ඒ මට එක ස්ටුඩන්ට් කෙනෙක් විතරයි. මම ඉතින් පලවෙනි දවසෙම කිව්වා කට්ටියටම ඔයාල අපේ ආයතනයට සාදරයෙන් පිලිගන්නවා. ඒවගේම මගේ පන්තියට. මෙතන ඉඳන් දවස් 18 අපිට එකට වැඩ කරන්න වෙනවා. මම දන්නා දේ උපරිමෙන්ම ඔයාලට කියල දෙන්නත්,  එකේදී ඔයාලට තියන ඕනෙම විෂය ප්‍රශ්නයක් මම විසදන්න උදව් කරන්නත් බැඳිලා ඉන්නවා. ඒවගේම මතක ඇතුව ඔයාලගේ ඔය ජංගම දුරකථන එක්කෝ ඔෆ් කරන්න නැතිනම් සයිලන්ස් දාන්න ඊට පස්සේ අවශ්‍යමනම් පන්තියෙන් එලියට ගිහින් එක පාවිච්චි කරන්න, මොකද මේ පන්තියේ මොබයිල් පාවිච්චි කරන්න බෑ." ඔන්න මගේ ආරම්භක කතාව. සරලයි නේද?
ඉතින් මම පන්තිය පටන්ගන්නවා. කිසිම දවසක මම ඒ ගුරුවරුන්ට මට සර් කියන්න නම් දෙන්නේ නෑ. යි දෙය්යනේ මොන හිතකින් එහෙම කියන්නද? එයාල සමහරු මගේ ගුරුවරු වයසේ. සමහරු අපේ අම්මලාගේ අප්පච්චිලගේ වයසේ. ඒ නැතත් එයාල ගුරුවරු නේද? ඉතින් පන්තිය කරගෙන යන අතර වාරේ මම කවදාවත් බනින්නේ නෑ එයාලට. හිත රිද්දන්නේ නෑ. කොහොමත් වයසක ගුරුවරුන්ට මේක මහාම අමුතු ගැජට් එකක්නේ. මව්ස් එක අල්ලන්න පොඩි ෂෝර්ට් කට් කියන්න එහෙම ඉතින් මුල දවස් දෙක වියදම් වෙනවා එයාල එක්ක.
දෙවැනි දවසේ ඉඳල ඉතින් අර කියපු සබ්ජෙක්ට් තම උගන්නන්නේ. එකේදී ඉතින් ගොඩක් ගුරුවරු පොඩි ළමයි වගේ වෙනවා. ඇත්තනේ. එයාලගෙන් සමහරු (මම වැඩකරපු දිස්ත්‍රික්කේ හා ඒ අව ගුරුවරු ඉන්න පළාත් වල) පරිගණක කියන එක දැකල දන්නවා උනාට වඩා කරලා නෑ කවදාවත්ම. සමහරු මේ මැෂිමට අස කරලා එක උනන්දුවෙන් ඉගෙනගන්නවා. සමහරු ඔන්න ඔහේ ඕනේ එකක් කියල නිකම් ඉන්නවා. සමහර අයට පුදුම අදහස් එන්නේ. දවසක් එක විදුහල්පති කෙනෙක් එයාගේ මුළු ඉස්කෝලෙම දත්ත ඇක්සෙස් ඩේටබේස් එකකට දාගන්න ප්ලෑන් හැදුව. තව දවසක් ඉතින් මමයි මගේ සහයට හිටිය ක්‍රිෂාන්ත් (ඔව් ක්‍රිෂාන්ත් ටැමිල්) එකතුවෙලා පන්තිය කොහොම හරි ඇදගෙන යනවා. කිසි කෙනෙක් මිස් කරන්නේ නැතුව. එකේදී අපි කවදාවත් එකම දේ සියපාරක් ඇහුවත් ළඟටම ගිහින් කියල දුන්න.

ඔන්න ඉතින් අන්තිම දවස උදා උනා පන්තියේ, එදා ඉතින් අර ගුරුවරු කරපු වඩා බලන්න අධ්‍යාපනේ අධ්‍යක්ෂක කෙනෙක් එනවා. ඉතින් එයටයි අපේ ආයතනේ අයටයි ගුරුවරු පොඩි සංග්‍රහයක් සූදානං කරනවා අන්තිමට පෙන්නන එකේ අඩු පාඩු හදනවා.. දාහක් වැඩ. ඉතින් අපිත් සැහෙන්න උදව් කරනවා එයාලට ඒවා හදාගන්න. ඉන්ටෙර්නෙට් එකෙන් ඩේට ගන්නවා ඒවා හදල ස්ලයිඩ් හදනවා.. එයාල කරපු වැඩ ඔක්කොම සීඩී කරනවා.. වැඩනං කොතෙකුත්.

ඔහොම ගිහින් ඉතින් එදා හවස එක එක ගුරුවරුන්ගේ ප්‍රසන්ටේෂන් දෙන වෙලාවත් ආවා. එක එක්කනා තමන්ට පුළුවන් උපරිම වැඩ ටික දාල අපි කියල දුන්න ඒවත් එකතු කරගෙන එක කරනවා දකින එකනම් ඇත්තටම හිතට හරි සන්තෝසයක් එන වෙලාවක්. එක ඉවර උනාම ඔන්න තේ පැන් සංග්‍රහය පටන් ගත්ත. එකේදී ඔන්න ඉතින් ආයතනයටයි උගන්නපු මටයි එයාල ස්තුති කර. එකේදී මම අර කියපු එක ගුරුවරයෙක් කියනවා "අපිට නම් ළමයෙක් කියල දුන්න එක අහන්නේ නැතිව පිස්සු නටනකොට ඌට දෙකක් දෙන්නම තමයි හිතෙන්නේ. නැතිනම් බනින්නම හිතෙන්නේ. එත් අපිටත් පුදුමයි අපි කරපු වැඩ වලදී මෙච්චර ආවේගශීලී තරුණ වයසේ ඉන්න මේ අපේ ගුරුතුමා අපිට කවදාවත් බැන්නේ නෑ හැමදාම හිනාවෙලා ඇවිත් අපි එකපාරට සියපාරක් ඇහුවත් අපිට ඒක කියල දුන්නේ කිසිම කහටක් නැතුව.. අද ඉඳල මමත් මම උගන්නන ඉතුරු කාලේදී ඒ දේ ඒ විදියට කරන්න හිතාගත්ත. මොකද මම අද දකිනවා එකේ ප්‍රයෝගික සත්‍යතාව මේ ගුරුවරුන්ගේ දියුණුව දැක්කම" කියල. ඊටපස්සේ එයාල යනවේලාව අවා. ඉතින් ඒවෙලාවේ එයාල කරපු ආශිර්වාද මට හිතෙන්නේ අදටත් මගේ එක්ක තියනවා.

මට මගේ ජීවිතේ එකත් හොඳ අත්දැකීමක්. පුංචි උංගේ ඉඳල උපාධියට යන අයට උගන්නන්න වගේම තවත් විවිධාකාර දේවල් කරන්න මට එතන තෝතැන්නක් උනා. අදනම් එතන ඒ ආයතනය නෑ. නමුත් අපි හිටපු ඒ කාලේ අපේ ස්ටාෆ් හිටිය ඔක්කොමලගේම ජීවිතවල ලස්සන කාලයක් උනා..

  මේ කතාව මතක් උනේ මට සංජුගේ සයිබර් සමාගමට ගොඩ වැදුනට පස්සේ තිබ්බ මෙන්න මේ පොස්ට් එක දැකල. http://sanjuishere.blogspot.com/2011/08/blog-post.html  

5 comments:

  1. බොහොම පින් සිදුවෙන වැඩක්.. ඒ වගේම තමයි ගුරුවරුන්ට උගන්නන්නේ කොහොමද කියල කියා දුන්න එකත් වැදගත්.. හුඟක් ගුරුවරු උගන්නන්නේ බුද්ධිය වැඩි අයට විතරයි.. බැරි එකා අතපසු වෙලා යන්න හරිනවා. බැරි එකාව මඩවනවා. ඌට තවත් ඉගෙනීම එපා කරවනවා.

    ReplyDelete
  2. @ ලංකාප්‍රිය අය්යා : ඔව් අය්යා.. ඒක නම් ඇත්ත.. එපා එකාව එපාම කරවනවා. අනික මට තේරෙනවා ඒ පින මට ගොඩක් පලදෙනවා.

    ReplyDelete
  3. ෂා......මේක හරි වටින කතාවක් ක්සැන්ඩර්

    ReplyDelete
  4. බොහොම ස්තුති ඔබා අය්යේ.. අහිංසකව නිහතමානිව පිළිගන්නවා..

    ReplyDelete
  5. ගුරුවරුන්ට උගන්වන එක තමා එපාම කරපු වැඩේ. ඊටත් වඩා වැඩිහිටියන්ට උගන්වන්න හරි අමාරුයි.

    ReplyDelete